Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Hinawenna Adath Ussan Awa Ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ මතකයට අනුව එය 1991 වර්ෂයෙහි මුල විය යුතුයි. මාස කීපයකට පෙර එනම් දෙසැම්බරයේදී මුහුණ දුන් සාමාන්‍යය පෙළ විභාගයේ ප්‍රථිඵල අපේක්ෂාවෙන් සිටි මාද මට වඩා දින තුනකින් පමණක් බාල වූ මාගේ මස්සිනා වන නැන්දාගේ ලොකු පුතා වන ලකී මල්ලීද මේ කාලය ගත කරන ලද්දේ කුණාටුවකට හසුව ගසාගෙන යන කුඩාම කුඩා පුළුන් රොදක් වන් සැහැල්ලුවකිනි. නොබෝ දිනකින්ම අපගේ ගමනාන්තය වූයේ මතුගමය. මේ ගමන සඳහා ලකී මල්ලිගේ පාසලේ මිතුරන් කිහිප දෙනෙකුද සම්භන්ධ වූයෙන් ගමන වඩාත් රසවත් එකක් වූවේය. පාසලේ "වෝටර් පෝලෝ" කණ්ඩායමේ සාමාජිකයන් වන මාගේ මස්සිනාද ඔහුගේ මිතුරන් කිහිප දෙනාද වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම "දිය කාවුන්ය". අහල පහල දකින දකින දිය පහරවල්ද, කෙනෙකුගෙන් අසා දැනගත් මතුගම නගරය වටා පිහිටි නොයෙකුත් ඇළ දොළවල්ද සොය සොයා ගොස් ඒවාට පැන නා, පිහිනා දියකෙලියේ යෙදීමට එහි ගත කෙරූ දින කිහිපයේදී මාගේ මස්සිනාද මිතුරු කැලද මොනවට වග බලා ගත්හ. යන්තම් අත පය ගසා ජලයේ නොගිලී හිටීමට තරම් පමණක් හැකියාවක් තිබූ මා ඔවුන් සමග සෑම විටම එකතු නොවූයේ ඔවුන් සමග හරි හරියට ජලයේ ඔට්ටු වීමට තරම් මා දක්ෂයෙකු නොවීමයි. එවන් විටක මතුගම වෙසෙන චමින්ද අයියාත් තවත් කොල්ලො කුරුට්ටනුත් සමග කාඩ් ක්‍රීඩාවේ හෝ කැරම් ක්‍රීඩාවේ යෙදීමටත්, බාප්පාගේ මෝටර් සයිකලය පාළු අතුරු පාරවල් පුරා පැද යාමටත් මා වඩාත් රුචි වූයෙමි.

පසලොස්වක පොහොය දිනක් වූ එදින අපගේ උදය වරුව ගෙවී ගියේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමටය. ඒ අතර අප සමග ක්‍රීඩාවේ යෙදීමට පැමින සිටි මතුගම ප්‍රදේශයේම කොල්ලෙකුගෙන් ලකී මල්ලි සහ මිතුරු කැලට ලැබුනු ඔත්තුවක් වූයේ නිවසට හැතැක්ම කිහිපයක් දුරින් පිහිටා ඇතැයි කියවුනු දිය කෙලියේ යෙදීමට කියාපු දොල පාරක්ය. සැනෙකින් ක්‍රීඩාවද නවතා දමා එම දොල සොයා ගිය ලකී මල්ලීද මිතුරු කැලද මුහුණ දුන් ඒ ත්‍රාසජනක අත්දැකීම මම මෙසේ දිග හරිමි.

දිවා ආහාරය කටකට දෙකකට ගිල දැමූ ඔවුන් දිය පාර සොයා ගියේ ඉර මුදුන් වී හෝරාවක් දෙකක් පමණ ගත වූ පසුවය. ප්‍රධාන මාවතෙන් හැරී ගොස් අතුරු පාරකින් ලඟා විය යුතු විශාලවූ රබර් වතු යායක් මැද පිහිටියාවූ එම දොල පහර පැවසූ පරිදිම ඉතා ප්‍රියජනක එකක් වීය. අහල පහලක මිනිස් පුළුටක් දකින්නට නොමැති නිස්කලංක සැන්දෑවේ ඔවුන් සිතු සිතූ ලෙස දිය ක්‍රීඩාවේ යෙදෙමින් මුළු සවස් කාලයම ගත කලහ. හතර වටින්ම රබර් ගස් වලින් වටවූ මේ දිය අගල අද්දරින් හිරු මුවා වී යෑම සඳහා වැඩි වේලාවක් නොයන්නේය. ටික වේලාවකින් දිය කෙලියේ වුවන්ට ඇසෙන්නට වූයේ තම කූඩු කරා වේගයෙන් ඉගිලී යන කෑරල්ලන්ගේ කඨෝර ශබ්ධයත් වරින් වර ඈතින් උඩු බුරුලන බල්ලෙකුගේ මූසල හඬත් පමණි.දනි පනි ගා ගොඩට විත් ලහි ලහියේ ගත වන් තෙත මාත්තු කර ඇඳුම් දවටා ගත් ඔවුන්ට පසක් වූයේ මේ වනවිටත් කෑලි කැපිය හැකි ලෙස අඳුරු වී තිබුනු මග ආපසු යෑමට උදව් දෙන කිසිම එලියක් ඔවුන් සතුව නොතිබූ බවය. යාන්තමටවත් මග සොයා ගත හැක්කේ රබර් තුරු මුදුන්වලට මුවා වී අතු පතරින් ගලා යන පසලොස්වක සඳ එළිය උදව්වෙනි.මිතුරන් පස් හය දෙනෙකුගෙන් සැදුම් ලද මිතුරු නඩය පය එසවූයේ අතුරු පාර හරහා ප්‍රධාන පාරට ඇති හැතැප්මක් පමණ වූ දුර ගෙවා දමන්නටය. පැවති දැඩි කළුවර නිසා තමන් ඉදිරියේ ගමන් කරන්නා පමනක් නොව අඩි ශබ්ධය පමණක් ඇසෙන්නාවූ තමන් පසු පසින් ඇත්තටම ඇදෙනුයේ තම මිතුරෙක්ද එසේ නොමැතිනම් වෙනත් කිසිවෙක් දැයි දැක ගැනීමටවත් පැවතියාවූ ඝන අඳුර නිසා පුළුවන්කමක් නොතිබිනි. සිත හරහා ඇදී යන්නාවූ සියුම් බිය ජනක ගුප්ත ගැඟීමද මිතුරන් වෙතින් දොඩමළු බවද අකා මකා දමා ඇත. මදකට කලින් ඉතා ඈතින් ඇසෙන්නට වූ බල්ලාගේ උඩු බිරුලෑමද දැන් දැන් ලඟ ලඟම ඇසෙනුයේ වඩාත් තිවූර හඬක් නගමිනි. ඉතා අපහසුවෙන් අතුරු මග දිගේ පැමිණි නඩයට සැනසුම් සුසුමක් හෙලුනේ මදක් ඔබ්බෙන් වූ ප්‍රධාන පාර දැකීමෙනි. පළලින් තරම්ක් විශාලවූ ප්‍රධාන මාවතද පැමිණි අතුරු පාරට වඩා වැඩි වෙනසක් නොවූයේ නගරයේ මෙන් වීදි පහන් මගින් මග දෙපස ආලෝකමත් වී නොතිබූ නියාවෙනි. එනමුත් සඳ එළිය හොඳින් පාර මතට වැටී දිලිසෙන නිසාද අතුරු පාර මෙන් මාවත උඩින් වසාගත් උඩු වියනක් නොතිබූ බැවිනුත් මිතුරු නඩය දැන් පය ඔසවන්නේනම් පෙරට වඩා පහසුවෙන්ය. එනමුත් සියළුදෙනා තුලින්ම දොඩමළු බව සැඟව ගොස් ඇත්තේ සියළු දෙනාම කතාවී කතා නොකර සිටීමට ගිවිස ගත්තා යැයි සිතෙන පරිද්දෙන්ය. සියල්ලන්ගේම සිත් නොපුරුදු ගුප්තමය සියුම් බියකින් වෙලා ගෙනය. එතරම්ම රෑ බෝ වී නොතිබේ යැයි සිතුනද කිසිවෙකු අතත් ඔරලෝසුවක් නොතිබුනේ දිය පාර සොයා යෑමේ හදිස්සියෙන් ගෙදරින් එළියට බැස්සද නෑමට අවශ්‍ය අඳුම් සහ පිස දා ගැනීම තුවා පමණක් මිස වෙන යමක් රැගෙන නොපැමිණි නිසාය.

ප්‍රධාන මගෙහි මද දුරක් පැමිනි මිතුරු කැල දුටුවේ පසෙකින් පිහිටි කුඩා තේ කඩයකි. චිමිනි ලාම්පු කිහිපකින් පමණක් එලිය ලබා තිබූ කඩයට මිතුරන් සියල්ල ගොඩ වූයේ සැනසුම් සුසුම් හෙලමින් වුවද තමන්ගේ හිත් ගැස්සී ඇතැයි අනෙකුන්ට නොපෙන්වීමටද සියලු දෙනාම වග බලා ගත්තහ. මෙතෙක් වේලා දිය කෙලියෙන් සහ ඇවිදවිත් හෙම්බත් වී උන් සියළුදෙනාම කඩය පුරා නෙත්හෙළුවේ දැනෙන්නාවූ සියුම් බඩ ගින්න නිවා ගැනීමට සුදුස්සක් ඇත්දැයි විපරම් කිරීමටය. පරන වීදුරු කබඩයක දමා තිබූ විස්කිරිඤ්ඤං කිහිපයක් පමණක් තිබුනෙන් සියළු දෙනාම එය බෙදාගෙන කෑවහ. මිනිත්තු කිහිපයක් කඩයේ රැඳෙමින් මුදලාලි විසින් සාදා දුන් කහට වීදුරු කිහිපයෙනුත් බඩ පුරවාගත් අප මිතුරු කැලට මුදලාලි පැවසුවේ "කොල්ලනේ ගොම්මන් වෙන්න කලියෙන් විජහට ගෙදර පලයල්ලා . . !" කියාය. එසේ පවසන විට ඔහුගේ මුහුනේ වූ බැරෑරුම් බව කුමක් නිසා හට ගත්තාදැයි ඔවුනට හැඟුනේ නැත.

විස්කිරිඤ්ඤයට සහ කහට වීදුරුවට පින්සිදු වෙන්නට ලැබුවාවූ ප්‍රබෝධවත් බව බව සමගින් මිතුරන් නැවත මාවතට පිවිස සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන්නට වූහ.දැන් දැන් නඩය පසු කරන්නේ පලාතේ වූ සුසාන භූමිය තිබෙන ප්රදේශයයි. එදින සවස ආදාහනය කරන ලද චිතකයක ගිණිදැල් බුර බුරා අහස් කුසට නැගෙනුයේ අවට පලාතේම අඳුර මකා දමමිනි. කනත්ත පසු කර සැතපුම් කාලක් පමණ ගමන් ගත් පසු එකෙකුට පසක් වූයේ තමන්ගේ ඇඳුම් බෑගය කඩයේ දමා පැමිණි බවය. ඔහු හට දෙස් දෙවොල් තබමින් සියළු දෙනාම නැවත හැරී කඩය තිබූ දෙසට පිය මනින්න වූහ. එසේ ආපසු යෑමට ලැබුනේ පියවර කිහිපයක් පමණි. පාරට වන් සඳ එළියෙන් දුටු දෙයින් සියළු දෙනාගේම රෝම කූප කෙලින් විනි. ඔවුන් ගමන් කරමින් උන් තැනට බඹ කිහිපයක් දුරින් පාර අද්දර වූ ලියැද්දෙන් එක් වරම පාරට පැන්නේ සුදු වතින් ගත වසාගත් කාන්තාවකි. කුදු වූ ශරීරයකින් හෙබි ඇයගේ මුව දැකීමෙන් සියළුදෙනාගේම කෙල සිඳී ගියේ එක් වරමය. ලේ පැහැයෙන් දිලිසෙන ඒ මුව දිස් වූයේ වැටෙනා සඳ එළියෙනි. ඇඳ සිටි සුදු පාට අඳුමේ තැනින් තැන රතු පැල්ලම්ද පැහැදිලිවම දැක ගැනීමට පිලිවන් විය. සැනෙකින් ආපසු හැරුනු ඔවුන් සියළුම විරිය ගෙන හැල්මේ දුවන්නට පටන් ගති. එසේ කොපමණ වෙලාවක් දිව්වාදැයි නොහැගුනු ඔවුන් දිවිම නැවත්තූවේ ඉතාම තදින් හති වැටී තව දුරටත් පය එසවීමට නොහැකි වූ විටදීය. තාර පාරේ තැනින් තැන ඉඳ ගත් සියළු දෙනා හති අරින්නට වූයේ එකිනෙකාගේ බියපත් මූනු දෙස බලමින්ය. දිව ආ පාර දෙසට නෙත් යොමු කරමින් ඔවුන් උන්නේ ලද්දාවූ දැඩි කම්පණය දරා ගනිමින්ය. තවමත් තමන් පසු කරගෙන ආ ඈත වංගුව වරින් වර එළිය කෙරෙන්නේ කනත්තේ ගිණි ගෙන දැවෙනා චිතකයෙනි. ඉන්පසු දකින්නට ලැබෙන දර්ශණය කිසි දින කිසිවෙක් හැබැහින් දකින්න නොලද දෙයකි. ඈත වංගුවෙන් පාවී ඉදිරියට ඇදී එන්නේ පාරට වන් සුදු ඇඳි ගැහැණියයි. පාරට වඩා අඩි කිහිපයක් උඩින්, යමෙකු ඇවිදිනවාට වඩා වේගයෙන් පාවෙමින් ඔවුන් වෙතට ඈ ඇදී එයි.

ඉතිරි වී තිබූ සියළුම ශක්තිය පා යුග වලට යෙදවූ මිතුරු කැල පසු පස නොබලාම ඉතිරි හැතැප්ම කිහිපයද ගෙවා දමා අප උන් නිවසට ලඟා වන විට කිසි වෙකුටත් කතා කිරීමට හැකියාවක් නොතිබුනි. චමින්ද අයියා සහ තවත් කොල්ලන් කිහිප දෙනෙකුත් සමග කාඩ් ක්‍රීඩාවේ යෙදී සිටි මට දැක ගැනීම හැකි වූයේ ඉස්තෝප්පුවේ තැනින් තැන වැටී හති අරින මිතුරු නඩයයි. සියළු දෙනාම බොහෝ බියවී සිටියහ. සැනකින් එතනට රොක් වූ ගෙදර සියළු දෙනා සිදු වූයේ කුමක්දැයි අසන්නට වීය. එනමුදු කිසිවෙකුත් වචනයක්වත් නොදෙඩුවේ සියළු දෙනාම දැඩිව බියපත් වී සහ හෙම්බත් වී සිටියාවෙනි.

මද වේලාවකට පසුව දකින්න ලැබෙනුයේ කළු පැහැති බයිසිකලයක් පැදගෙන වත්තට ආ දන්නා හඳුනන කොළු ගැටයකි. අප සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ඇතැම් දිනක පැමිණෙන ඔහු මේ දර්ශණය දෙස බලා හිටියේ පුදුමයෙනි.

"අයියලා මොකද මේ බය වෙලා ?" කොල්ලා අසයි.

"අයියලා අපේ ආච්චිට බය වෙලා වගේ . . ." ඔහු පවසයි.

"ඔය ගොල්ලන්ගේ ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙ අපේ ආච්චිනේ." ඔහු කියාගෙන යයි.

"උන්දැට ඔන්න හදීසියේ එළි බහින්න ඕනෙ කියලා පාර අයිනේ ලියැද්දට රිංගුවානේ, මම මේ උන්දැව පංසලේ සිල් පවාරණය කරලා ඉඳල බයිසිකලේ දාගෙන එක්කං එන ගමන්. . ."

"ඔය ගොල්ලො දුවනවා දැකලා මාත් ආච්චිව බයිසිකලේ දාගෙන ඉක්මනට පැදගෙන ආවා. ඒත් කොහෙද ඔයගොල්ලන්ව අල්ලගන්න බැරි උනා . . . මාර දිවිල්ලක්නෙ දිව්වෙ . . . පස්සෙ මම ආච්චිව ගෙදර බස්සලා මෙහෙ දුවගෙන ආවෙ මොකක් හරි අල කලංචියක් වෙලා කියලා දැනගෙන තමයි."

තවමත් අයා ගත් කටවල් වලින් යුතුව කිසිවක් නොදොඩා මිතුරු කැල ඔහු දෙස බලාගෙන සිටිති.

"ම . .මල්ලි අර ඇඳුම පුරාම රතු පාටට තිබුනේ මොනවද . . . " එකෙක් ගොත ගසමින් අසයි.

"අයියෝ අයියේ අපේ ආච්චි කොච්චරවත් කට පිරෙන්න බුලත් කෙල පුරෝගෙන ඉන්නවානෙ. උන්දෑ දන්නෙත් නෑ අඳුම පුරා බුලත් කෙල වැටෙනකං"

පාවී පාවී එනවා වගේ අඩ අඳුරේ හඳ එළියෙන් කට්ටිය දැකල තියෙන්නෙ ආච්චිව බයිසිකලේ පොල්ල උඩ තියාගෙන කොල්ලා බයිසිකලේ පැදගෙන එන එකයි.

සුපුරැදු පරිදිම මගෙ වගේ දැමිමට මම ලියපු එකක් එහෙම නෙවෙ ඔන්න. මුල් අයිති කරැට පින් දීල උබලට පෙන්නුවට මට රෙප් දීල යන්න කාරැනික වන්න.

[QUOTE="Somapaala, post: 11025929, member: 323300"] [COLOR="Blue"][SIZE="5"]මගේ මතකයට අනුව එය 1991 වර්ෂයෙහි මුල විය යුතුයි. මාස කීපයකට පෙර එනම් දෙසැම්බරයේදී මුහුණ දුන් සාමාන්‍යය පෙළ විභාගයේ ප්‍රථිඵල අපේක්ෂාවෙන් සිටි මාද මට වඩා දින තුනකින් පමණක් බාල වූ මාගේ මස්සිනා වන නැන්දාගේ ලොකු පුතා වන ලකී මල්ලීද මේ කාලය ගත කරන ලද්දේ කුණාටුවකට හසුව ගසාගෙන යන කුඩාම කුඩා පුළුන් රොදක් වන් සැහැල්ලුවකිනි. නොබෝ දිනකින්ම අපගේ ගමනාන්තය වූයේ මතුගමය. මේ ගමන සඳහා ලකී මල්ලිගේ පාසලේ මිතුරන් කිහිප දෙනෙකුද සම්භන්ධ වූයෙන් ගමන වඩාත් රසවත් එකක් වූවේය. පාසලේ "වෝටර් පෝලෝ" කණ්ඩායමේ සාමාජිකයන් වන මාගේ මස්සිනාද ඔහුගේ මිතුරන් කිහිප දෙනාද වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම "දිය කාවුන්ය". අහල පහල දකින දකින දිය පහරවල්ද, කෙනෙකුගෙන් අසා දැනගත් මතුගම නගරය වටා පිහිටි නොයෙකුත් ඇළ දොළවල්ද සොය සොයා ගොස් ඒවාට පැන නා, පිහිනා දියකෙලියේ යෙදීමට එහි ගත කෙරූ දින කිහිපයේදී මාගේ මස්සිනාද මිතුරු කැලද මොනවට වග බලා ගත්හ. යන්තම් අත පය ගසා ජලයේ නොගිලී හිටීමට තරම් පමණක් හැකියාවක් තිබූ මා ඔවුන් සමග සෑම විටම එකතු නොවූයේ ඔවුන් සමග හරි හරියට ජලයේ ඔට්ටු වීමට තරම් මා දක්ෂයෙකු නොවීමයි. එවන් විටක මතුගම වෙසෙන චමින්ද අයියාත් තවත් කොල්ලො කුරුට්ටනුත් සමග කාඩ් ක්‍රීඩාවේ හෝ කැරම් ක්‍රීඩාවේ යෙදීමටත්, බාප්පාගේ මෝටර් සයිකලය පාළු අතුරු පාරවල් පුරා පැද යාමටත් මා වඩාත් රුචි වූයෙමි. පසලොස්වක පොහොය දිනක් වූ එදින අපගේ උදය වරුව ගෙවී ගියේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමටය. ඒ අතර අප සමග ක්‍රීඩාවේ යෙදීමට පැමින සිටි මතුගම ප්‍රදේශයේම කොල්ලෙකුගෙන් ලකී මල්ලි සහ මිතුරු කැලට ලැබුනු ඔත්තුවක් වූයේ නිවසට හැතැක්ම කිහිපයක් දුරින් පිහිටා ඇතැයි කියවුනු දිය කෙලියේ යෙදීමට කියාපු දොල පාරක්ය. සැනෙකින් ක්‍රීඩාවද නවතා දමා එම දොල සොයා ගිය ලකී මල්ලීද මිතුරු කැලද මුහුණ දුන් ඒ ත්‍රාසජනක අත්දැකීම මම මෙසේ දිග හරිමි. දිවා ආහාරය කටකට දෙකකට ගිල දැමූ ඔවුන් දිය පාර සොයා ගියේ ඉර මුදුන් වී හෝරාවක් දෙකක් පමණ ගත වූ පසුවය. ප්‍රධාන මාවතෙන් හැරී ගොස් අතුරු පාරකින් ලඟා විය යුතු විශාලවූ රබර් වතු යායක් මැද පිහිටියාවූ එම දොල පහර පැවසූ පරිදිම ඉතා ප්‍රියජනක එකක් වීය. අහල පහලක මිනිස් පුළුටක් දකින්නට නොමැති නිස්කලංක සැන්දෑවේ ඔවුන් සිතු සිතූ ලෙස දිය ක්‍රීඩාවේ යෙදෙමින් මුළු සවස් කාලයම ගත කලහ. හතර වටින්ම රබර් ගස් වලින් වටවූ මේ දිය අගල අද්දරින් හිරු මුවා වී යෑම සඳහා වැඩි වේලාවක් නොයන්නේය. ටික වේලාවකින් දිය කෙලියේ වුවන්ට ඇසෙන්නට වූයේ තම කූඩු කරා වේගයෙන් ඉගිලී යන කෑරල්ලන්ගේ කඨෝර ශබ්ධයත් වරින් වර ඈතින් උඩු බුරුලන බල්ලෙකුගේ මූසල හඬත් පමණි.දනි පනි ගා ගොඩට විත් ලහි ලහියේ ගත වන් තෙත මාත්තු කර ඇඳුම් දවටා ගත් ඔවුන්ට පසක් වූයේ මේ වනවිටත් කෑලි කැපිය හැකි ලෙස අඳුරු වී තිබුනු මග ආපසු යෑමට උදව් දෙන කිසිම එලියක් ඔවුන් සතුව නොතිබූ බවය. යාන්තමටවත් මග සොයා ගත හැක්කේ රබර් තුරු මුදුන්වලට මුවා වී අතු පතරින් ගලා යන පසලොස්වක සඳ එළිය උදව්වෙනි.මිතුරන් පස් හය දෙනෙකුගෙන් සැදුම් ලද මිතුරු නඩය පය එසවූයේ අතුරු පාර හරහා ප්‍රධාන පාරට ඇති හැතැප්මක් පමණ වූ දුර ගෙවා දමන්නටය. පැවති දැඩි කළුවර නිසා තමන් ඉදිරියේ ගමන් කරන්නා පමනක් නොව අඩි ශබ්ධය පමණක් ඇසෙන්නාවූ තමන් පසු පසින් ඇත්තටම ඇදෙනුයේ තම මිතුරෙක්ද එසේ නොමැතිනම් වෙනත් කිසිවෙක් දැයි දැක ගැනීමටවත් පැවතියාවූ ඝන අඳුර නිසා පුළුවන්කමක් නොතිබිනි. සිත හරහා ඇදී යන්නාවූ සියුම් බිය ජනක ගුප්ත ගැඟීමද මිතුරන් වෙතින් දොඩමළු බවද අකා මකා දමා ඇත. මදකට කලින් ඉතා ඈතින් ඇසෙන්නට වූ බල්ලාගේ උඩු බිරුලෑමද දැන් දැන් ලඟ ලඟම ඇසෙනුයේ වඩාත් තිවූර හඬක් නගමිනි. ඉතා අපහසුවෙන් අතුරු මග දිගේ පැමිණි නඩයට සැනසුම් සුසුමක් හෙලුනේ මදක් ඔබ්බෙන් වූ ප්‍රධාන පාර දැකීමෙනි. පළලින් තරම්ක් විශාලවූ ප්‍රධාන මාවතද පැමිණි අතුරු පාරට වඩා වැඩි වෙනසක් නොවූයේ නගරයේ මෙන් වීදි පහන් මගින් මග දෙපස ආලෝකමත් වී නොතිබූ නියාවෙනි. එනමුත් සඳ එළිය හොඳින් පාර මතට වැටී දිලිසෙන නිසාද අතුරු පාර මෙන් මාවත උඩින් වසාගත් උඩු වියනක් නොතිබූ බැවිනුත් මිතුරු නඩය දැන් පය ඔසවන්නේනම් පෙරට වඩා පහසුවෙන්ය. එනමුත් සියළුදෙනා තුලින්ම දොඩමළු බව සැඟව ගොස් ඇත්තේ සියළු දෙනාම කතාවී කතා නොකර සිටීමට ගිවිස ගත්තා යැයි සිතෙන පරිද්දෙන්ය. සියල්ලන්ගේම සිත් නොපුරුදු ගුප්තමය සියුම් බියකින් වෙලා ගෙනය. එතරම්ම රෑ බෝ වී නොතිබේ යැයි සිතුනද කිසිවෙකු අතත් ඔරලෝසුවක් නොතිබුනේ දිය පාර සොයා යෑමේ හදිස්සියෙන් ගෙදරින් එළියට බැස්සද නෑමට අවශ්‍ය අඳුම් සහ පිස දා ගැනීම තුවා පමණක් මිස වෙන යමක් රැගෙන නොපැමිණි නිසාය. ප්‍රධාන මගෙහි මද දුරක් පැමිනි මිතුරු කැල දුටුවේ පසෙකින් පිහිටි කුඩා තේ කඩයකි. චිමිනි ලාම්පු කිහිපකින් පමණක් එලිය ලබා තිබූ කඩයට මිතුරන් සියල්ල ගොඩ වූයේ සැනසුම් සුසුම් හෙලමින් වුවද තමන්ගේ හිත් ගැස්සී ඇතැයි අනෙකුන්ට නොපෙන්වීමටද සියලු දෙනාම වග බලා ගත්තහ. මෙතෙක් වේලා දිය කෙලියෙන් සහ ඇවිදවිත් හෙම්බත් වී උන් සියළුදෙනාම කඩය පුරා නෙත්හෙළුවේ දැනෙන්නාවූ සියුම් බඩ ගින්න නිවා ගැනීමට සුදුස්සක් ඇත්දැයි විපරම් කිරීමටය. පරන වීදුරු කබඩයක දමා තිබූ විස්කිරිඤ්ඤං කිහිපයක් පමණක් තිබුනෙන් සියළු දෙනාම එය බෙදාගෙන කෑවහ. මිනිත්තු කිහිපයක් කඩයේ රැඳෙමින් මුදලාලි විසින් සාදා දුන් කහට වීදුරු කිහිපයෙනුත් බඩ පුරවාගත් අප මිතුරු කැලට මුදලාලි පැවසුවේ "කොල්ලනේ ගොම්මන් වෙන්න කලියෙන් විජහට ගෙදර පලයල්ලා . . !" කියාය. එසේ පවසන විට ඔහුගේ මුහුනේ වූ බැරෑරුම් බව කුමක් නිසා හට ගත්තාදැයි ඔවුනට හැඟුනේ නැත. විස්කිරිඤ්ඤයට සහ කහට වීදුරුවට පින්සිදු වෙන්නට ලැබුවාවූ ප්‍රබෝධවත් බව බව සමගින් මිතුරන් නැවත මාවතට පිවිස සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදෙන්නට වූහ.දැන් දැන් නඩය පසු කරන්නේ පලාතේ වූ සුසාන භූමිය තිබෙන ප්රදේශයයි. එදින සවස ආදාහනය කරන ලද චිතකයක ගිණිදැල් බුර බුරා අහස් කුසට නැගෙනුයේ අවට පලාතේම අඳුර මකා දමමිනි. කනත්ත පසු කර සැතපුම් කාලක් පමණ ගමන් ගත් පසු එකෙකුට පසක් වූයේ තමන්ගේ ඇඳුම් බෑගය කඩයේ දමා පැමිණි බවය. ඔහු හට දෙස් දෙවොල් තබමින් සියළු දෙනාම නැවත හැරී කඩය තිබූ දෙසට පිය මනින්න වූහ. එසේ ආපසු යෑමට ලැබුනේ පියවර කිහිපයක් පමණි. පාරට වන් සඳ එළියෙන් දුටු දෙයින් සියළු දෙනාගේම රෝම කූප කෙලින් විනි. ඔවුන් ගමන් කරමින් උන් තැනට බඹ කිහිපයක් දුරින් පාර අද්දර වූ ලියැද්දෙන් එක් වරම පාරට පැන්නේ සුදු වතින් ගත වසාගත් කාන්තාවකි. කුදු වූ ශරීරයකින් හෙබි ඇයගේ මුව දැකීමෙන් සියළුදෙනාගේම කෙල සිඳී ගියේ එක් වරමය. ලේ පැහැයෙන් දිලිසෙන ඒ මුව දිස් වූයේ වැටෙනා සඳ එළියෙනි. ඇඳ සිටි සුදු පාට අඳුමේ තැනින් තැන රතු පැල්ලම්ද පැහැදිලිවම දැක ගැනීමට පිලිවන් විය. සැනෙකින් ආපසු හැරුනු ඔවුන් සියළුම විරිය ගෙන හැල්මේ දුවන්නට පටන් ගති. එසේ කොපමණ වෙලාවක් දිව්වාදැයි නොහැගුනු ඔවුන් දිවිම නැවත්තූවේ ඉතාම තදින් හති වැටී තව දුරටත් පය එසවීමට නොහැකි වූ විටදීය. තාර පාරේ තැනින් තැන ඉඳ ගත් සියළු දෙනා හති අරින්නට වූයේ එකිනෙකාගේ බියපත් මූනු දෙස බලමින්ය. දිව ආ පාර දෙසට නෙත් යොමු කරමින් ඔවුන් උන්නේ ලද්දාවූ දැඩි කම්පණය දරා ගනිමින්ය. තවමත් තමන් පසු කරගෙන ආ ඈත වංගුව වරින් වර එළිය කෙරෙන්නේ කනත්තේ ගිණි ගෙන දැවෙනා චිතකයෙනි. ඉන්පසු දකින්නට ලැබෙන දර්ශණය කිසි දින කිසිවෙක් හැබැහින් දකින්න නොලද දෙයකි. ඈත වංගුවෙන් පාවී ඉදිරියට ඇදී එන්නේ පාරට වන් සුදු ඇඳි ගැහැණියයි. පාරට වඩා අඩි කිහිපයක් උඩින්, යමෙකු ඇවිදිනවාට වඩා වේගයෙන් පාවෙමින් ඔවුන් වෙතට ඈ ඇදී එයි. ඉතිරි වී තිබූ සියළුම ශක්තිය පා යුග වලට යෙදවූ මිතුරු කැල පසු පස නොබලාම ඉතිරි හැතැප්ම කිහිපයද ගෙවා දමා අප උන් නිවසට ලඟා වන විට කිසි වෙකුටත් කතා කිරීමට හැකියාවක් නොතිබුනි. චමින්ද අයියා සහ තවත් කොල්ලන් කිහිප දෙනෙකුත් සමග කාඩ් ක්‍රීඩාවේ යෙදී සිටි මට දැක ගැනීම හැකි වූයේ ඉස්තෝප්පුවේ තැනින් තැන වැටී හති අරින මිතුරු නඩයයි. සියළු දෙනාම බොහෝ බියවී සිටියහ. සැනකින් එතනට රොක් වූ ගෙදර සියළු දෙනා සිදු වූයේ කුමක්දැයි අසන්නට වීය. එනමුදු කිසිවෙකුත් වචනයක්වත් නොදෙඩුවේ සියළු දෙනාම දැඩිව බියපත් වී සහ හෙම්බත් වී සිටියාවෙනි. මද වේලාවකට පසුව දකින්න ලැබෙනුයේ කළු පැහැති බයිසිකලයක් පැදගෙන වත්තට ආ දන්නා හඳුනන කොළු ගැටයකි. අප සමග ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට ඇතැම් දිනක පැමිණෙන ඔහු මේ දර්ශණය දෙස බලා හිටියේ පුදුමයෙනි. "අයියලා මොකද මේ බය වෙලා ?" කොල්ලා අසයි. "අයියලා අපේ ආච්චිට බය වෙලා වගේ . . ." ඔහු පවසයි. "ඔය ගොල්ලන්ගේ ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙ අපේ ආච්චිනේ." ඔහු කියාගෙන යයි. "උන්දැට ඔන්න හදීසියේ එළි බහින්න ඕනෙ කියලා පාර අයිනේ ලියැද්දට රිංගුවානේ, මම මේ උන්දැව පංසලේ සිල් පවාරණය කරලා ඉඳල බයිසිකලේ දාගෙන එක්කං එන ගමන්. . ." "ඔය ගොල්ලො දුවනවා දැකලා මාත් ආච්චිව බයිසිකලේ දාගෙන ඉක්මනට පැදගෙන ආවා. ඒත් කොහෙද ඔයගොල්ලන්ව අල්ලගන්න බැරි උනා . . . මාර දිවිල්ලක්නෙ දිව්වෙ . . . පස්සෙ මම ආච්චිව ගෙදර බස්සලා මෙහෙ දුවගෙන ආවෙ මොකක් හරි අල කලංචියක් වෙලා කියලා දැනගෙන තමයි." තවමත් අයා ගත් කටවල් වලින් යුතුව කිසිවක් නොදොඩා මිතුරු කැල ඔහු දෙස බලාගෙන සිටිති. "ම . .මල්ලි අර ඇඳුම පුරාම රතු පාටට තිබුනේ මොනවද . . . " එකෙක් ගොත ගසමින් අසයි. "අයියෝ අයියේ අපේ ආච්චි කොච්චරවත් කට පිරෙන්න බුලත් කෙල පුරෝගෙන ඉන්නවානෙ. උන්දෑ දන්නෙත් නෑ අඳුම පුරා බුලත් කෙල වැටෙනකං" පාවී පාවී එනවා වගේ අඩ අඳුරේ හඳ එළියෙන් කට්ටිය දැකල තියෙන්නෙ ආච්චිව බයිසිකලේ පොල්ල උඩ තියාගෙන කොල්ලා බයිසිකලේ පැදගෙන එන එකයි. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]සුපුරැදු පරිදිම මගෙ වගේ දැමිමට මම ලියපු එකක් එහෙම නෙවෙ ඔන්න. මුල් අයිති කරැට පින් දීල උබලට පෙන්නුවට මට රෙප් දීල යන්න කාරැනික වන්න.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom