Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HISTORY OF MADU CHURCH-මඩු දේවස්ථානයේ ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HISTORY OF MADU CHURCH-මඩු දේවස්ථානයේ ඉතිහාසය

මඩු දේවස්ථානයේ ඉතිහාසය

16 සියවසෙන් පෘතුගීසි සමය දක්වා දිවයයි. මඩු දේවස්ථානය නමින් දැන් හැඳින්වුවද එකල එහි තැන්පත් කොට ඇති හාස්කම් පාන මරිය මව්තුමියගේ දේවමාතා පිළිරුව මුලින්ම තැන්පත් කොට තිබුණේ මන්නාරම මාන්තෙයි තොටෙහි කතෝලික දේවස්ථානයකය.

1505 දී පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගත් පසුව ඔවුහු ඒ ප්‍රදේශවල කතෝලික පල්ලි පිහිටුවා විශාල වශයෙන් පිරිස් කතෝලික ආගමට හරවා ගත්හ. මේ නිසා 1550 – 1560 වනවිට මන්නාරම නගරය අවට පමණක් කතෝලික දේවස්ථාන විසි ගණනක් තිබුණු බව පැවසේ.

මාන්තොට හෙවත් මාන්තෙයි පිහිටා තිබූ මරිය දේවමාතා දේවස්ථානය එකල ද හාස්කම් පෑ දේවස්ථානයක් විය. මාන්තෙයි පුරාණ නැව් තොටක් ව තිබුණ ද පෘතුගීසි සමය වනවිට එහි වෙළෙඳ නගරය තුරන්ව පෘතුගීසි බළකොටුවක් ඉදිකොට තිබිණි. 1558 වනවිට එහි සිටියේ කණ්ණඩි ස්වාමි නමින් හඳුන්වන පෙඩ්රෝ නම් පියතුමන් බව පැරණි පොතපතෙ හි සඳහන් වෙයි.

කෙසේ වෙතත් ලංකාවේ මුහුදුබඩ ලන්දේසින්ගේ ආක්‍රමණයට හසුව පෘතුගීසි පාලනයෙන් ගිලිහුණු පසු කතෝලික බැතිමතුන්ට හා දේවස්ථානවලට ලන්දේසීන්ගේ තාඩන පීඩන එල්ල විය.

එම තර්ජන උග්‍රවීමෙන් පසු දේවමාතා පිළිරුව හා තමන්ගේ ජීවිත ද ආරක්ෂා කරගන්නට අවශ්‍ය බැවින් මාන්තෙයි සිටි කතෝලික පියතුමන් සමඟ 20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සිංහල රජුගේ පාලන ප්‍රදේශය කරා යන්නට පිටත්වූයේ මඩුමාතා පිළිරුව ද වඩම්මාගෙනය.

මේ පිරිස ලන්දේසීන්ට හසුනොවනු පිණිස කැලෑ මාර්ගවලින් වනසතුන් ගෙන් බේරී නුවර රාජධානියට යන අතරතුර එක්තරා වනගත ප්‍රදේශයක වැවක් අද්දර නැවතුණේය. එහි සිංහල රජුට අයත් බදු එකතු කරන මධ්‍යස්ථානයක් ද විය. බදු නිලධාරියාගේ උදව් ද ඇතිව ඔවුහු එම ගමේ කුඩා පැලක දේවමාතා පිළිරුව වඩා හිඳුවා ගෙන එහි පදිංචි වූහ. එම ගම හැඳීන්වූයේ මරද මඬු නමිනි. මරද මඩු යනු කුඹුක් වැව යන අරුත ගෙන දෙයි.

වැව අද්දර කුඩා දේවස්ථානයේ මොවුන් මෙසේ සිටින අතර යාපනයේ සංකිලි රජුගෙන් බේරී පලා ආ තවත් කතෝලිකයින් 700 දෙදෙනෙක් ද මේ මාර්ගයේ අවුදින් ඔවුන්ට එකතු වූහ.

මේ පිරිසට නායකත්වය දී ඇත්තේ හෙලේනා නම් වූ පෘතුගීසි තරුණියකි. ඇය පෘතුගීසි සෙන්පතියකුගේ දියණියක බව ද කියැවේ.

මඩු ගම්මානයේ දී හෙලේනා තරුණිය එහි බදු නිලධාරියා සමඟ විවාහවීමෙන් මේ පිරිස ද එම ගම්මානයේ නැවතුනේ වනය හෙළිකොට නව ගම්මානයක් විශාල වශයෙන් තනාගනිමිනි.

බදු නිලධාරියෙකු මෙන්ම සිංහල සෙනෙවියෙකු ද වූ පුරුෂයා සමඟ විවාහ වූ පසු හෙලේනා මඩු දේවස්ථානය හොඳින් නිමවූවාය. මේ දෙදෙනා එකතුව ස්ථිර ගොඩනැඟිල්ලක් තනවා දේවමාතා පිළිරුව එහි වඩා හිඳුවා එම දේවස්ථානය මරිය මාතා නමින් කැපකළහ. මඩු දේවස්ථානයේ හෙවත් මඩු පල්ලියේ ආරම්භය එයයි.

ඉන්පසු මඩු මාතාවන් තමන්ගේ පිහිට පතා එන වන්දනාකරුවන්ට පිහිට වන්නට පටන් ගත්තාය. එකළ වනසතුන් අලින් වලසුන් ගෙන් ගහණ මේ වනගත ප්‍රදේශය හරහා යන එන වෙළෙන්දන් මගියන්ට සිදුවුණු උවදුරු වලදී මඩු මාතාවගේ පිහිට යැදීමෙන් පසු ඒවා දුරුවිය. රෝග පීඩාදිය ඇතිවූ අවස්ථාවේදී මඩු මාතාවන්ට කන්නලව් කිරීමෙන් ලද සහන වැඩිවිය. මේ නිසා මඩු පල්ලියේ යශෝරාවය ශ්‍රී ලංකාව දස දෙස පැතිරෙන්නට වූයෙන් වර්ෂයක් පාසා අගෝස්තු මස පවත්වන මඩු මංගල්ලයට දස දෙසින් වන්දනාකරුවෝ එන්නට පටන් ගත්හ.

මෙසේ ජනී ජනයා අතර ප්‍රචලිත වූ මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් මොයිස් මහතා විසින් 1823 දී මැටියෙන් වඩා විශාල මැදුරක් තැනවීය. ලංකාවට පැමිණ ජුසේවාස් පියතුමා ද මඩු දේවස්ථානය වන්දනා කළ බව පැවසේ. අපි දකින මේ මඩු දේවස්ථානය 1872 දී තනා නිමකළ එකකි. එය සෑදවීමට මුල් වූයේ 1868 දී අගරද තනතුරට පත් බොන්වින් නමැති පියතුමාය.

මඩු මංගල්‍යය

1870 ජූලි මස 2දා මඩු මංගල්‍යය ආරම්භ වීමෙන් අනතුරුව එය වර්ෂයක් පාසා නොකඩවා පැවැත්වීමට කටයුතු යොදන ලද්දේ ද බොන්වින් පියතුමා විසිනි.

මඩු මංගල්‍යය උතුරේ හා දකුණේ සාමයේ සංකේතයක් යැයි කීවොත් නිවැරැදිය. මඩු පූජා භූමිය තුළදී සිංහල දෙමළ මුස්ලිම් – කතෝලික බෞද්ධ සියලු දෙනාම සහෝදර සහෝදරියන් ලෙස භක්තියෙන් හා සමඟියෙන් වෙලී කටයුතු කළ අයුරු අතීතයේදීත් වර්තමානයේදීත් දැකිය හැකිය.

රටට යම් විපත්තියක් කරදරයක් සිදුවූ කළ බැතිමත්හු මඩු මාතාවන්ට බාරහාර වෙති. ඒවා ඒ අයුරින්ම ඉටුවෙයි. 2001 වසරේදී රටට තිර සාමය උදාවෙන්නැයි පතමින් මඩු මාතා පිළිරුව දකුණට වැඩම කරවීය. මීගමුව වත්තල එඩේරමුල්ල මොරටුව පයාගල දෙව්මැදුරු කීපයකටම වැඩම කළ මඩුමාතා පිළිරුවට රටපුරා කිතුණු බැතිමතුන්ගේ නොමඳ හරසර ලැබිණි.

නමසිය හැත්තෑවේ දශකයට පෙර මඩු වන්දනාව සඳහා ශ්‍රී ලංකාවේ සතර දෙසින්ම මහ පිරිස් ඇදෙන්නට වුණේ ආගමික භේද පංති භේද කිසිත් නොසලකමිනි. මඩු වන්දනාව සර්ව ආගමික වන්දනාවක් විය.

එකළ සෑම වසරකම අගෝස්තු 15 වැනිදා වන විට මඩු දේවස්ථාන භූමිය බැතිමතුන්ගෙන් පිරී පවතියි. මඩු වන්දනාවට බැතිමතුන් එන්නේ පවුල් පිටින් හෝ ගම්පිටින් එකතුවෙමිනි. ඈත අතීතයේ දී පයින්, ගොන් කරත්තයෙන් ආ ගමනට පසුව දුම්රියේ, බස්රියේ පිහිට පතන්නට සිදුවූයේ ගමනාගමනයේ දියුණුවත් සමඟය.

දුම්රියෙන් මඩු වන්දනාවට එන බැතිමතුන් එන්නේ තලෙයිමන්නාරම් දුම්රියේය. එකළ කොළඹ කොටුවෙන් රාත්‍රි 8 ට පිටත්වන තලෙයිමන්නාරම් දුම්රිය මඩු වන්දනාකරුවන් ගෙන් පිරී පවතින්නේ අගෝස්තු මාසයේදී ය. බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය, මාතර ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව අනුරාධපුරයේදී තලෙයිමන්නාරම් දුම්රියට ගොඩවී මැදවච්චියෙන් හැරී මන්නාරම් දුම්රිය මාර්ගයේ ගොස් මඩු දුම්රිය පලෙන් බැස එතැන් සිට ලංගම බස්රියවලින් මඩු දේවස්ථානයට යති.

LTTE ත්‍රස්තවාදය සහ මඩු දේවස්ථානය

ත්රස්තවාදීහු ඉන්පසුව මඩු මාතාවන්ගේ ගෞරවය කෙළසමින් මඩු දේවස්ථාන බිමෙහි බෝම්බ අතුරා එහි සිට හමුදාවන්ට වෙඩි තැබූහ. මඩු භූ®මිය අපවිත්‍ර කළ ඒ ත්රස්තවාදීන්ට යහතින් සිටීමට නොහැකි වූයේ මඩු මාතාවන්ගේ හාස්කමකින් විය හැකිය.

2008 අප්‍රියෙල් 25 වැනිදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු 57 වන සේනාංකයේ 572 බලසේනාව විසින් මඩු දේවස්ථානය මුළුමනින්ම ත්‍රස්ත ග්රහණයෙන් මුදාගත්තේය.

[QUOTE="hemalsilva, post: 7754447, member: 7335"] [b]HISTORY OF MADU CHURCH-මඩු දේවස්ථානයේ ඉතිහාසය[/b] [CENTER][B][SIZE="5"][COLOR="blue"]මඩු දේවස්ථානයේ ඉතිහාසය [/COLOR][/SIZE][/B] [IMG]http://www.transcurrents.com/images/Madhu_Church_TC_0226_2.jpg[/IMG] [B][SIZE="3"]16 සියවසෙන් පෘතුගීසි සමය දක්වා දිවයයි. මඩු දේවස්ථානය නමින් දැන් හැඳින්වුවද එකල එහි තැන්පත් කොට ඇති හාස්කම් පාන මරිය මව්තුමියගේ දේවමාතා පිළිරුව මුලින්ම තැන්පත් කොට තිබුණේ මන්නාරම මාන්තෙයි තොටෙහි කතෝලික දේවස්ථානයකය. 1505 දී පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගත් පසුව ඔවුහු ඒ ප්‍රදේශවල කතෝලික පල්ලි පිහිටුවා විශාල වශයෙන් පිරිස් කතෝලික ආගමට හරවා ගත්හ. මේ නිසා 1550 – 1560 වනවිට මන්නාරම නගරය අවට පමණක් කතෝලික දේවස්ථාන විසි ගණනක් තිබුණු බව පැවසේ. මාන්තොට හෙවත් මාන්තෙයි පිහිටා තිබූ මරිය දේවමාතා දේවස්ථානය එකල ද හාස්කම් පෑ දේවස්ථානයක් විය. මාන්තෙයි පුරාණ නැව් තොටක් ව තිබුණ ද පෘතුගීසි සමය වනවිට එහි වෙළෙඳ නගරය තුරන්ව පෘතුගීසි බළකොටුවක් ඉදිකොට තිබිණි. 1558 වනවිට එහි සිටියේ කණ්ණඩි ස්වාමි නමින් හඳුන්වන පෙඩ්රෝ නම් පියතුමන් බව පැරණි පොතපතෙ හි සඳහන් වෙයි. කෙසේ වෙතත් ලංකාවේ මුහුදුබඩ ලන්දේසින්ගේ ආක්‍රමණයට හසුව පෘතුගීසි පාලනයෙන් ගිලිහුණු පසු කතෝලික බැතිමතුන්ට හා දේවස්ථානවලට ලන්දේසීන්ගේ තාඩන පීඩන එල්ල විය. එම තර්ජන උග්‍රවීමෙන් පසු දේවමාතා පිළිරුව හා තමන්ගේ ජීවිත ද ආරක්ෂා කරගන්නට අවශ්‍ය බැවින් මාන්තෙයි සිටි කතෝලික පියතුමන් සමඟ 20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සිංහල රජුගේ පාලන ප්‍රදේශය කරා යන්නට පිටත්වූයේ මඩුමාතා පිළිරුව ද වඩම්මාගෙනය. මේ පිරිස ලන්දේසීන්ට හසුනොවනු පිණිස කැලෑ මාර්ගවලින් වනසතුන් ගෙන් බේරී නුවර රාජධානියට යන අතරතුර එක්තරා වනගත ප්‍රදේශයක වැවක් අද්දර නැවතුණේය. එහි සිංහල රජුට අයත් බදු එකතු කරන මධ්‍යස්ථානයක් ද විය. බදු නිලධාරියාගේ උදව් ද ඇතිව ඔවුහු එම ගමේ කුඩා පැලක දේවමාතා පිළිරුව වඩා හිඳුවා ගෙන එහි පදිංචි වූහ. එම ගම හැඳීන්වූයේ මරද මඬු නමිනි. මරද මඩු යනු කුඹුක් වැව යන අරුත ගෙන දෙයි. [IMG]http://www.asiantribune.com/files/images/madu__1.jpg[/IMG] වැව අද්දර කුඩා දේවස්ථානයේ මොවුන් මෙසේ සිටින අතර යාපනයේ සංකිලි රජුගෙන් බේරී පලා ආ තවත් කතෝලිකයින් 700 දෙදෙනෙක් ද මේ මාර්ගයේ අවුදින් ඔවුන්ට එකතු වූහ. මේ පිරිසට නායකත්වය දී ඇත්තේ හෙලේනා නම් වූ පෘතුගීසි තරුණියකි. ඇය පෘතුගීසි සෙන්පතියකුගේ දියණියක බව ද කියැවේ. මඩු ගම්මානයේ දී හෙලේනා තරුණිය එහි බදු නිලධාරියා සමඟ විවාහවීමෙන් මේ පිරිස ද එම ගම්මානයේ නැවතුනේ වනය හෙළිකොට නව ගම්මානයක් විශාල වශයෙන් තනාගනිමිනි. බදු නිලධාරියෙකු මෙන්ම සිංහල සෙනෙවියෙකු ද වූ පුරුෂයා සමඟ විවාහ වූ පසු හෙලේනා මඩු දේවස්ථානය හොඳින් නිමවූවාය. මේ දෙදෙනා එකතුව ස්ථිර ගොඩනැඟිල්ලක් තනවා දේවමාතා පිළිරුව එහි වඩා හිඳුවා එම දේවස්ථානය මරිය මාතා නමින් කැපකළහ. මඩු දේවස්ථානයේ හෙවත් මඩු පල්ලියේ ආරම්භය එයයි. ඉන්පසු මඩු මාතාවන් තමන්ගේ පිහිට පතා එන වන්දනාකරුවන්ට පිහිට වන්නට පටන් ගත්තාය. එකළ වනසතුන් අලින් වලසුන් ගෙන් ගහණ මේ වනගත ප්‍රදේශය හරහා යන එන වෙළෙන්දන් මගියන්ට සිදුවුණු උවදුරු වලදී මඩු මාතාවගේ පිහිට යැදීමෙන් පසු ඒවා දුරුවිය. රෝග පීඩාදිය ඇතිවූ අවස්ථාවේදී මඩු මාතාවන්ට කන්නලව් කිරීමෙන් ලද සහන වැඩිවිය. මේ නිසා මඩු පල්ලියේ යශෝරාවය ශ්‍රී ලංකාව දස දෙස පැතිරෙන්නට වූයෙන් වර්ෂයක් පාසා අගෝස්තු මස පවත්වන මඩු මංගල්ලයට දස දෙසින් වන්දනාකරුවෝ එන්නට පටන් ගත්හ. මෙසේ ජනී ජනයා අතර ප්‍රචලිත වූ මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් මොයිස් මහතා විසින් 1823 දී මැටියෙන් වඩා විශාල මැදුරක් තැනවීය. ලංකාවට පැමිණ ජුසේවාස් පියතුමා ද මඩු දේවස්ථානය වන්දනා කළ බව පැවසේ. අපි දකින මේ මඩු දේවස්ථානය 1872 දී තනා නිමකළ එකකි. එය සෑදවීමට මුල් වූයේ 1868 දී අගරද තනතුරට පත් බොන්වින් නමැති පියතුමාය. [/SIZE][/B] [COLOR="blue"][SIZE="5"][B]මඩු මංගල්‍යය[/B][/SIZE][/COLOR] [IMG]http://www.tamilwin.com/photos/full/2009/08/Madhu_Church1.jpg[/IMG] [B][SIZE="3"]1870 ජූලි මස 2දා මඩු මංගල්‍යය ආරම්භ වීමෙන් අනතුරුව එය වර්ෂයක් පාසා නොකඩවා පැවැත්වීමට කටයුතු යොදන ලද්දේ ද බොන්වින් පියතුමා විසිනි. මඩු මංගල්‍යය උතුරේ හා දකුණේ සාමයේ සංකේතයක් යැයි කීවොත් නිවැරැදිය. මඩු පූජා භූමිය තුළදී සිංහල දෙමළ මුස්ලිම් – කතෝලික බෞද්ධ සියලු දෙනාම සහෝදර සහෝදරියන් ලෙස භක්තියෙන් හා සමඟියෙන් වෙලී කටයුතු කළ අයුරු අතීතයේදීත් වර්තමානයේදීත් දැකිය හැකිය. රටට යම් විපත්තියක් කරදරයක් සිදුවූ කළ බැතිමත්හු මඩු මාතාවන්ට බාරහාර වෙති. ඒවා ඒ අයුරින්ම ඉටුවෙයි. 2001 වසරේදී රටට තිර සාමය උදාවෙන්නැයි පතමින් මඩු මාතා පිළිරුව දකුණට වැඩම කරවීය. මීගමුව වත්තල එඩේරමුල්ල මොරටුව පයාගල දෙව්මැදුරු කීපයකටම වැඩම කළ මඩුමාතා පිළිරුවට රටපුරා කිතුණු බැතිමතුන්ගේ නොමඳ හරසර ලැබිණි. නමසිය හැත්තෑවේ දශකයට පෙර මඩු වන්දනාව සඳහා ශ්‍රී ලංකාවේ සතර දෙසින්ම මහ පිරිස් ඇදෙන්නට වුණේ ආගමික භේද පංති භේද කිසිත් නොසලකමිනි. මඩු වන්දනාව සර්ව ආගමික වන්දනාවක් විය. එකළ සෑම වසරකම අගෝස්තු 15 වැනිදා වන විට මඩු දේවස්ථාන භූමිය බැතිමතුන්ගෙන් පිරී පවතියි. මඩු වන්දනාවට බැතිමතුන් එන්නේ පවුල් පිටින් හෝ ගම්පිටින් එකතුවෙමිනි. ඈත අතීතයේ දී පයින්, ගොන් කරත්තයෙන් ආ ගමනට පසුව දුම්රියේ, බස්රියේ පිහිට පතන්නට සිදුවූයේ ගමනාගමනයේ දියුණුවත් සමඟය. දුම්රියෙන් මඩු වන්දනාවට එන බැතිමතුන් එන්නේ තලෙයිමන්නාරම් දුම්රියේය. එකළ කොළඹ කොටුවෙන් රාත්‍රි 8 ට පිටත්වන තලෙයිමන්නාරම් දුම්රිය මඩු වන්දනාකරුවන් ගෙන් පිරී පවතින්නේ අගෝස්තු මාසයේදී ය. බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය, මාතර ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව අනුරාධපුරයේදී තලෙයිමන්නාරම් දුම්රියට ගොඩවී මැදවච්චියෙන් හැරී මන්නාරම් දුම්රිය මාර්ගයේ ගොස් මඩු දුම්රිය පලෙන් බැස එතැන් සිට ලංගම බස්රියවලින් මඩු දේවස්ථානයට යති.[/SIZE][/B] [B][SIZE="5"][COLOR="Blue"]LTTE ත්‍රස්තවාදය සහ මඩු දේවස්ථානය[/COLOR][/SIZE][/B] [IMG]http://www.dailynews.lk/2008/10/11/z_p08-Sri%20Lanka%20Army05.jpg[/IMG] [B][SIZE="3"]ත්රස්තවාදීහු ඉන්පසුව මඩු මාතාවන්ගේ ගෞරවය කෙළසමින් මඩු දේවස්ථාන බිමෙහි බෝම්බ අතුරා එහි සිට හමුදාවන්ට වෙඩි තැබූහ. මඩු භූ®මිය අපවිත්‍ර කළ ඒ ත්රස්තවාදීන්ට යහතින් සිටීමට නොහැකි වූයේ මඩු මාතාවන්ගේ හාස්කමකින් විය හැකිය. 2008 අප්‍රියෙල් 25 වැනිදා මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු 57 වන සේනාංකයේ 572 බලසේනාව විසින් මඩු දේවස්ථානය මුළුමනින්ම ත්‍රස්ත ග්රහණයෙන් මුදාගත්තේය. [/SIZE][/B] [IMG]http://cache.daylife.com/imageserve/01qPbUTg0M289/610x.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom