Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Horescope readings 2018 - Part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7. තුලා ලග්නය

ප්‍රබල වායු බලයෙන් යුත් තුලා ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදා වන්නේ ඔබේ කේන්දරයේ දෘෂ්යාර්ධයේ ආලෝක මුදුන වූ 10 වැන්නේ රාහුගේ බලය විහිදෙමින් තිබියදීය. මෙතෙක් ඔබ තුළ යටපත් ව තිබූ වේගය ආවේගය සහ අධි ක්‍රියාකාරීත්වය මෙන්ම අණසක පැතිරවීම නිර්භීත්බව ඉස්මතු වෙයි. කේන්දරයේ උතුරු දෙස මතු නොව සමස්ත දෘෂ්යාර්ධයම රාහු සහ ගුරු විසින් පාලනය කරනු ලැබේ.ගුරු සහ රාහු අංශක 90 පිහිටීමකි. උගත්චණ්ඩියකු මෙන් ක්‍රියාකරනවා පමණක් නොව ආන්දෝලනාත්මක සහ මතභේදාත්මක සිදුවීම් නිර්මාණය කිරීමට ද යොමුවන කාලයකි. යුක්තිය උදෙසා පෞද්ගලික ලාබය නොතකා කිසියම් පොදු සමාජමය හැඟීමකින් ක්රියාකරන්නට ගනී. ඒ වෙනුවට විශාල අභියෝග සහ තර්ජන මතුව එන මුත් ඔබ ඒ කටයුතු ආපසු හරවන්නේ නැත. 7 වැන්නේ යුරේනස් යට කී තත්ත්වය අපේක්ෂාවෙන් සිටිනවා පමණක් නොව එකී තත්ත්වය නිර්මාණය කිරීමට ද ඍජුවම දායක වෙයි. මෙතෙක් ඔබ සමග සිටි බොහෝ දෙනා ඔබ වෙතින් ඉවත්ව යන අතර අලුත් පිරිස් සමීප වෙයි. හවුල් ව්‍යාපාර විවාහය කලත්‍රයා සහ සමාජ සම්බන්ධතා පිළිබඳව විපරිවර්තනයක් හටගනී. ඉදිරි වසර පුරාම ඔබේ කේන්දරයේ අදෘෂ්යාර්ධය බලවත් ය. 7 වැන්නේ යුරේනස් 5 වැන්නේ නෙප්චූන් 4 වැන්නේ කේතු සහ තුන්වැන්නේ සෙනසුරු සමඟ ප්ලූටෝ සිටී. මෙහි එක් විපාකයක් වන්නේ ඔබ බොහෝ වේලාවක් නිහඬව සහ ගුප්ත රහසිගත ඉරියව්වෙන් සැලසුම් සකස් කරන්නා සේම ඔබට එරෙහි අය ද එලෙසින් ම රහසිගත සැලසුම් සකස් කරන බවයි. එහෙත් ජය පරාජය තීරණය කරන සෙනසුරු ඉතා බලවත්ව සහ ගුණවත්ව ඔබේ කේන්දරයේ 3 වැන්නේ පිහිටන හෙයින් අවසන් ජයග්‍රහණය ඔබට ම හිමිවෙයි. 3 වැන්නේ සෙනසුරු සහ ලග්නයේ ගුරු අතර අංශක 60 අති ප්‍රබල දෘෂ්ටි සංයෝගයකි. එහෙයින් ඔබ අපරාජිතවනවා පමණක් නොව කිර්තියෙන් සහ බල පරාක්‍රමයෙන් අද්විතීය ජයග්‍රාහකයකු බවට පත්වෙයි. වසර අටකට පසුව ඔබේ ජීවිතයට උදාවන අභියෝගාත්මක සහ ස්වර්ණමය අවස්ථාවකි. ඔබේ කේන්දරයේ 3-4-5 ගිනිකොණ දකුණ සහ නිරිත යන දිසා අතර සෙනසුරු කේතු නෙප්චූන් යන ග්‍රහයන් තිදෙනා එකම අක්ෂයක පිහිටයි. මෙය දැඩි මානසික ආතතිය සහ ගුප්තමය මායා මානසිකත්වයකට තල්ලු කරනු ලබන පිහිටීමකි. එහෙයින් ශාරීරික සහ මානසික සුවතාව පිළිබඳ අභ්‍යාසයන් අත්‍යවශ්‍ය වෙයි.

ඔබේ කේන්ද්‍රයේ 1-4-7-10 යන කේන්ද්‍රස්ථාන පිළිවෙළින් ගුරු කේතු යුරේනස් රාහු යන ග්‍රහයන් වෙතින් ප්රබලව උත්තේජනය වෙයි. 1සහ 7 අක්ෂය ප්රතිපෝෂකවන අතර එහි ගුරු සහ යුරේනස් වෙයි. 1 ඔබේ ප්‍රතිරූපය වන අතර 7 ඔබේ අනෙකා හෙවත් ප්‍රතිවාදියා වෙයි. ඔබ ජීවත්වන පරිසරය කුමක් වූවත් ඔබ කරන රැකියාව කුමක් වූවත් ඔබ මේ තැන් දෙකෙහිම අලුත් බලවත් නිර්මාණාත්මක නායකත්ව භූමිකාවකට පත්වෙයි. යුක්තිය උදෙසා සටන් වදින්නකු සහ ඉන් ජය ලබන්නකු බවට පත්වෙයි. ඒ අතරම අලුත්ම සංකල්ප හෝ නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන්නකු බවට පත්වන අතර අගතිදායක බොහෝ දේවල් විනාශ කිරීමට අරගල කරන්නකු බවට ද පත්වෙයි. ඒ වෙනුවෙන් බොහෝ දේ අහිමි කර ගන්නට ද ඔබට සිදුවෙයි. ඔබේ කේන්දරයේ 4-10 ප්‍රතිපෝෂක රාශි ද්විත්වය රාහු කේතු අක්ෂයට මුළුමනින්ම යටත්වන අතර ඔබ හිතන හැටි සහ කරන හැටි එමගින් තීරණය වෙයි. 4 හිතන තැනය. 10 කරන තැනය. ඔබගේ බොහෝ ක්‍රියාකාරකම් මතභේදාත්මක තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැක්කේ මේ හෙයිනි. කේතු දේවල් හකුළුවන ග්‍රහයා යැයි සාම්ප්‍රදායික කියමනක් එන මුත් කේතු බලවත් බව අතින් දෙවැනි වන්නේ රවි ග්‍රහයාට පමණි. බලය තේජස අග්නිය සහ නිර්මල සූක්ෂ්ම ක්‍රියාකාරීත්වය අතින් ගත් කළ කේතු අසම සම ග්‍රහයෙකි. අන්න ඒ කේතු දැන් පිහිටන්නේ ඔබේ සිතිවිලි තීරණ ජනිත කරන ස්ථානයේ වන අතර එය සංයමයෙන් යුත් විප්ලවකාරී රාශියක් ද වෙයි.

සමස්තයක් වශයෙන් ගත් කළ ටොලමියානු ශක්ති බල ගණනය අනුව ඔබේ වායු +ගිනි බලය 75 % කි. ජල බලය 5 % ක් වන අතර පඨවි බලය 20 % කි. මේ ඔබේ ජීවිතයට කාලයකට පසුව උදා වූ බලවත් ග්‍රහචාරයකි. 2018 ඔබේ ජිවිතය එක් අතකින් ප්‍රදීපාගාරයක් මෙන් වෙයි. එය තනිව හුදෙකලාව හාත්පස මග පෙන්වමින් ආලෝකය විහිදුවන නමුත් ප්‍රදීපාගාරය පාමුල ඇතැම් විට ආලෝකයෙන් තොර වෙයි. තමා ගැන නොසිතා පරෝපාකාරයේ යෙදුණොත් ඔබ කිසිවකින් පරදින්නේ නැත. දෛවය විසින් ඔබෙන් අපේක්ෂා කරනු ලබන දෙය කුමක් දැයි නිසි ලෙස වටහා ගන්න.

8.වෘශ්චික ලග්නය

ජල බලයට අයත් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ අපූරූ ග්‍රහ පිහිටීමක් සමගිනි. 2 සහ 3 වැන්නේ සෙනසුරු ප්ලූටෝ කේතු ද 6 වැන්නේ යුරේනස් ද 9 වැන්නේ රාහු ද 12 වැන්නේ ගුරු ද පිහිටයි. එනම් කේන්දරයේ ඊශාන ගිනිකොණ නිරිත සහ වයඹ යන අනු දිසා හතර ප්රබලව උත්තේජනය වෙයි. ඒ අතර ම කේන්ද්‍ර අදෘෂ්යාර්ධය ප්‍රබල වෙයි. ජීවිතයේ අවරෝහණය හෝ ආපිට කැරකීම එයින් පෙන්නුම් කරන අතර සිතිවිලි අධික එහෙත් ක්‍රියාකාරකම් හීන කරවන ග්‍රහ පිහිටීමකි. ඊශානේ ගුරු තැන්පත්ව සිටින හෙයින් මේ ඔබගේ ජීවිතයේ අභ්‍යන්තර චෛතසික වෙනසකට යොමු කරවන අවස්ථාවක් මෙන් ම අතීත වැරදී නිවරදි කැර ගැනීමට දෛවයෙන් හිමිකර දී තිබෙන දුලබ අවස්ථාවක් වෙයි. 12 සහ 02 වැන්න අතර ගුරු සෙනසුරු අංශක 60 ප්‍රබල දෘෂ්ටියක් පතිත වෙත්දී ඒ ඔබගේ ලග්නයෙන් දෙපැත්ත වෙයි. මෙය ඉතාම කලාතුරකින් ඔබට ලැබෙන අමරණීය අවස්ථාවක් වෙයි. උපේක්ෂාව සහ දේවල් අත්හැරීම පිළිබඳ ප්‍රඥාව අවදි කැර ගැනීමට එමගින් ඔබට තෙරපුමක් එල්ල වන්නේ ය. ලෞකික ආශාවන් සැප සම්පත් වෙනුවට ආධ්‍යාත්මික සතුට උසස්ම ධනය වන බැව් ඔබට ඒත්තු ගැන්වෙයි. ඒ පණිවිඩය එලෙසම ග්‍රහණය කැර ගත්තේ නම් ඔබ කිසි විටෙක මේ වසරේදී කිසිවකින් පරාජය වන්නේ නැත. තැන්පත් ධනය ආගමික / වන්දනා ගමන් සඳහා වැය කිරීමට සිදුවන කාලයකි. නීතිමය ගැටලු පටලවා නොගැනීමට ඔබ පරෙස්සම් විය යුතුය. ගුරු ඔබගේ 02 සහ 05 වැන්න අධිපතියා ලෙස 12 වැන්නේ ගමන් ගැනීම රැකියාව හෝ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් හිතකර නොවේ. ඒ ආශ්රිත ක්ෂණික කඩා වැටීම් සිදුවිය හැක. 06 වැන්න වූ ඔබට පරම සතුරු ගිනි මර්මස්ථානය උත්තේජනය කරන යුරේනස් ඔබේ යටිබඩ මුත්‍රාශය ප්‍රජනක ඉන්ද්රියයන් ආශ්රිත රෝග පීඩා මෙන්ම ශරීරයේ අභ්‍යන්තර තාපය ඉස්මතු කරවයි. සමේ රෝග සහ අසාත්මිකතා මතුවිය හැකිය. 4 වැන්නේ තැන්පත් නෙප්චූන් ගුරු සහ සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ ඔබේ සිතිවිලි සහ හැඟීම් කිසියම් මායාමය ස්වරූපයකට විපරිවර්තනය වීමයි. එහි හොඳ නරක දෙකම තිබේ. රාහු කේතු අක්ෂය හැරෙන්නට අනෙක් සියලුම ග්‍රහයන් ස්ථානගතව සිටින්නේ ඔබට සතුරු ගිනි සහ වායූ රාශීන්වලය. ඔබට එරෙහිව මේ වසර පුරා නොයෙකුත් බාධා අවහිරකම් සහ අභියෝග මතුව එන බවට ඒ ප්‍රබල සංඥාවකි.

සමස්තයක් වශයෙන් ගත් කළ ටොලමියානු ශක්ති සූත්‍ර අනුව ඔබේ කේන්දරයේ 60%ක් වායූ +ගිනි බලයටත් 25 % ක් පඨවි බලයටත් 15% ක් ජල බලයටත් අයත්වෙයි. විශ්ව සංඥාවන් නිසි ලෙස වටහාගෙන ඊට අනුගත වුවහොත් ඔබ පරදින්නේ නැත. නො පරදින්නට නම් කළ යුත්තේ තරගයක් ගැටුමක් ඇති නොවන ලෙස ක්රියාකිරීමය.

9. ධනු ලග්නය

ගිනි බලයෙන් යුත් ධනු ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ ගුරු 11 වැන්නේ ද සෙනසුරු සහ ප්ලූටෝ ලග්නයේ ද කේතු 2 වැන්නේ ද නෙප්චූන් 3 වැන්නේ ද පිහිටන ග්රහචාරයකිනි. ඒ අනුව කේන්ද්‍රයේ ඊශාන නැගෙනහිර සහ ගිනිකොණ යන දිසා තුනත් ලග්නය ආශ්‍රීත නැගෙනහිර අක්ෂයත් බලවත් වී තිබේ. 11 වැන්නේ ගුරු සහ ලග්නයේ සෙනසුරු අතර වූ අංශක 60 ප්‍රබල සුබ දෘෂ්ටිය ඒ අතරින් කැපී පෙනෙයි. සංයමය පරිණතබව සහ ප්‍රඥාව එමගින් නිවේදනය කරයි. ඔරොත්තුදීම සහ අභියෝග ජයගැනීමේ ශක්තිය තීව්ර කරයි. ස්ථිර අරමුණකින් ස්ථාවර වේගයෙන් ඉලක්ක ජය ගන්නා අතර මාර්තු 06 දායින් පසුව ඒ බැව් වඩාත් ප්‍රකට වෙයි. ජීවිතයේ අරමුණු සහ රැකියාව ව්‍යාපාරය ආශ්‍රිතව පෙරළිකාර ප්රවණතා හටගනී. බොහෝ විට ඒවා යහපත් අතට පරිවර්තනය වන්නේ දැනට පවතින රැකියාව හෝ ව්‍යාපාරය අත් හරින්නට සිදුවන වාතාවරණයකයි. විදෙස්ගතවීම් ඒ අතරින් කැපී පෙනෙයි. 5 වැන්නේ යුරේනස් විසින් ප්‍රේම සම්බන්ධතා මෙන්ම රැකියාවේ ස්වභාවය විප්ලවකාරී වෙනසකට හරවන අතර 8 වැන්නේ රාහු එකී වෙනස සඳහා අනපේක්ෂිත හදිසි අවස්ථා උදාකර දෙයි. 3 වැන්නේ නෙප්චූන් ඔබගේ නිර්මාණාත්මක හැකියාව ඔප් නංවයි. එහෙත් 8 වැන්නේ රාහු ඔබේ ජිවිතයේ රිද්මය බිඳීමින් සෞඛ්‍ය තර්ජන ඉස්මතු කරවන්නේය. ලග්නයේ සෙනසුරු සහ 2 වැන්නේ කේතු අතර අංශක 45 දෘෂ්ටියක් හටගන්නා අතර එය දෙපැත්ත කැපෙන අවියකි. එකී බලය නිසි ලෙස හසුරුවා ගතහොත් අසිරිමත් ගුප්ත ශක්තියක් ඔබ තුළින් මතුවෙයි. එහෙත් එකී බලය අනිසි ලෙස අයාලේ යෑමට ඔබ විසින් ඉඩ දෙනු ලැබුවොත් එහි බලපෑම ඔබට එරෙහිව මතුව එයි. ශමනකාරක පිළියම් අත්‍යවශ්‍ය වේ.

සෙනසුරුගේ අංශක 180 දෘෂ්ටිය ද ගුරුගේ බලවත් අංශක 120 දෘෂ්ටිය ද ඔබේ කේන්දරයේ 7 වැන්න වෙත පතිත වීමෙන් එතැන නැවත ගුරු ශනි සංයෝගය හටගනී. එහි විපාකය කුමක් වෙයිද සම්මත විවාහ සංස්ථාවට එය අභියෝගයක් වන්නා සේම පරස්පරතා විවිධාකාර ලෙසින් ඉස්මතු වෙයි. අනෙක් අතින් සම්භාවනීය හෝ ආධ්‍යාත්මික හෝ නව සබඳතා නිර්මාණය කරයි. ඔබේ වයස බුද්ධිය ධනය බලය ආදී කොයි ලෙසකින් හෝ උසස් අය ජීවිතයට එක්වෙයි.

සමස්ථයක් වශයෙන් ගත් කළ ටොලමියානු ශක්ති කලාප අනුව ඔබේ කේන්ද්‍රයේ ගිනි +වායු බලය 90 %කි. ජල සහ පඨවි බලය 10 % ක් වෙයි. අධිවේගී සිදුවීම් බහුල පෙරළිකාර වසරකි.

10.මකර ලග්නය

පඨවි බලයෙන් යුතු මකර ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ 1-4-7-10 කේන්ද්‍රස්ථාන සියල්ල ම ග්‍රහයන් පිරී සිටින අතර සහ ඒවා ප්රබලව උත්තේජනය වෙමින් තිබියදීය. කේතු ලග්නයේ ද යුරේනස් 4 වැන්නේ ද රාහු 7 වැන්නේ ද ගුරු 10 වැන්නේ ද වෙයි. හැල හැප්පීම් සහ උච්චාවචනයන් බහුල කාලයක් වන මුත් ඔබට සුවිශේෂ ජයග්‍රහණ ලැබිය හැකි කාලයකි. ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ ගමන් කිරීම පිළිබඳව ඔබ අනියත භීතියක් ඇති කැරගත යුතු නොවේ. එහෙත් ආත්ම සංයමය ඇතිව දුර දක්නා නුවණින් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය වෙයි. 10 සහ 12 අතර පවතින ගුරු සෙනසුරු අංශක 60 ප්‍රබල දෘෂ්ටිය සහ ඔබේ කේන්දරයේ දෘෂ්යාර්ධයේ ආලෝක මුදුන වූ 10 වැන්නේ සිටින ගුරු විසින් ඉදිරි කාලයේදී ඔබේ ජීවිතයේ පරිපූර්ණ ප්රතිසංස්කරණයක් අරඹයි. එය මෙතෙක් නොතිබූ ගුණාත්මක පරිවර්තනයක් වන අතර රැකියාව හෝ ව්‍යාපාරය හෝ ඔබගේ ක්‍රියා කෞෂල්‍ය මුල්කොට ගෙන එකී වෙනස්වීම් සිදුවෙයි. මාර්තු මාසයෙන් පසුව එහි පූර්ව නිමිති පහළ වෙයි. ඔබේ ලග්නය මත සහ එහි දෙපස පීඩනයකි. එයින් නිවේදනය වන්නේ කුමන දේ කරන්නට ගියත් ඔබ තුළ අසහනකාරීත්වය අතීරණය සහ නොසිතු බාධක මතුව එන බවයි. කේන්දරයේ ඊශාන නැගෙනහිර සහ ගිනිකොණ දිසා ආශ්‍රිතව ඇති කරන උත්තේජනය එතරම් හිතකර නොවේ, ඒ සඳහා ශමනකාරක පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වෙයි.

ඔබගේ විවාහය කලත්‍රයා හවුල් ව්‍යාපාර සහ සමාජ සම්බන්ධතා ආදිය පිළිබඳව ඉවසිලිමත් වීම අත්‍යවශ්‍ය වන්නේ ඒ ආශ්රිත දුබලතා පෙන්නුම් කරන හෙයිනි. කල්ත්රයා සහ යුගදිවියේ තෘප්තිය හීන කරවන පිහිටීමකි. එහෙත් එය තාවකාළික පසුබෑමක් බව මතක තබා ගන්න. ඉක්මන් තීරණ ගැනීම් අවාසිදායක වෙයි. 4 වැන්නේ යුරේනස් ඔබ තුළ ජනිත කරවන උද්වේගකර කැළඹීම හේතු කොට ගෙන එය එක එල්ලේ ඔබේ රැකියාව සහ පරස්තාව යන දෙකට ම බලපෑම් කරයි.

සමස්තයක් වශයෙන් ගත් කළ ඔබේ කේන්දරයේ ගිනි-වායු /ජල -පඨවි යන ශක්ති කලාප 4 ම 25 % ක අගයක් ගනී. කිසිම අංශයකින් ශීග්‍ර වේගයක් නොපෙන්වන අතර හිතකර සහ අහිතකර විපාක යන දෙක ද මධ්‍යස්ථ වෙයි. එයින් නිවේදනය වන්නේ ඔබ හැකිතාක් සමබරව ඔබේ ජීවන රිද්මය පවත්වා ගත යුතු බවයි. ඊයේ ඔබට බරපතළ හානියක් අවාසියක් සිදු වූවා නම් ඒ පිළිබඳව කලකිරීමකට පත්විය යුතු නැති වන්නේ හෙට දිනයේදී වෙනත් හිතකර වාසියක් මගින් හානි පූරණය කරන හෙයිනි.

11. කුම්භ ලග්නය

වායූ බලයෙන් යුත් කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2018 වසර ආරම්භ වන්නේ ඔබේ කේන්ද්‍රයේ දෘෂ්යාර්ධය සහ 9 වැන්නේ ත්‍රිකෝණස්ථානය ඉතා බලවත් ව තිබියදීය. 9 වැන්නේ ගුරු ද 11 වැන්නේ සෙනසුරු ප්ලූටෝ ද 12 වැන්නේ කේතු ද පිහිටයි. ඔබේ කේන්ද්‍රයේ ඊශාන දිසාව වායූ + ගිනි බලයෙන් අති ප්රබලව උත්තේජනය වෙයි. එමගින් වේගවත් ලැබීම් සහ ඔබගේ අභ්‍යන්තර ශක්තියේ පරිමාව ඉහළ යයි. ඒ සමඟ ම 9 වැන්නේ ප්‍රබල ගුරු එකී ලාභය සහ යසස තව දුරටත් තහවුරු කරයි. එහෙත් අති ධාවනකාරී නොවීමට වග බලා ගන්න. පසුගිය කාලය පුරා තිබූ පීඩනය පරාජය සහ වේදනාව දුරුවෙයි. වසර තිහකට පසුව ඔබට උදා වූ ස්වර්ණමය අවස්ථාවක් ලෙස මේ කාලය ප්‍රයෝජනයට ගන්න. 06 වැන්නේ රාහු කේන්ද්‍රයේ අදෘෂ්යාර්ධය ද බලවත් කරමින් අරිටු දොස් නසමින් ඔබේ යහපත පිණිස ක්‍රියාත්මක වෙයි. එහෙත් 3 වැන්නේ යුරේනස් ඔබට බාධක ගෙන දෙන අතර ම 9 වැන්නේ ගුරු සහ යුරේනස් අතර හට ගන්නා අංශක 180 දෘෂ්ටිය දෙපැත්ත කැපෙන අවියකි. විප්ලවයන්ට මුල පුරයි. එහෙත් අධි තක්සේරුව මත තීරණ නොගත යුතුය. නිසි කලට නිසි පිළිවෙළට විප්ලවය දියත් කෙළේ නම් ඔබ විශිෂ්ටත්වයට පත්වෙයි. ලග්නයේ නෙප්චූන් සෙනසුරු සහ ගුරුගේ දෘෂ්ටියට ලක්වෙයි. එය එක් අතකින් පීඩනයකි. අනෙක් අතින් අපූරූ සංකල්පනා පහළ කරවයි. එහෙත් ප්‍රායෝගික තලය ඉක්මවා ගිය ෆැන්ටසි පමණ ඉක්මවා හිසට නොගත යුතුය. විශේෂයෙන්ම විවාහය කලත්‍රයා හවුල් ව්‍යාපාර ආදියෙහිදි රැවටීම් ප්‍රයෝගවලට ගොදුරු වීමේ අවදානමක් තිබේ.

සමස්තයක් වශයෙන් ගත් කළ 2018 වසරේ විජයග්රාකයා වන්නේ කුම්භ ලග්න හිමියන් ය. විවාහය හැරුණු විට අනෙක් සෑම අංශයකින් ම ඔබට විශිෂ්ට ලාබ හිමිවෙයි. කේන්ද්‍රයේ ඔබට මිතුරු වායු +ගිනි බලය 90 % කි. මාර්තු මාසයේ සිට ඔබ ජීවිත ගමනේ මෙතෙක් නොගිය සුව පහසු බලවත් තැන් කරා පිවිසෙන ගමන ආරම්භ කරයි.

12. මීන ලග්නය

2018 ඉතාම අභියෝගාත්මක වර්ෂයකි. සෙනසුරු ඔබේ ලග්නයෙන් 10 වැන්නේ ගමන් ගැනීම යහපත් නොවේ. ඔබේ රැකියාව ආශ්රිත ගැටලු මතුවිය හැක.

රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 05 වැන්නේ ගමන් කිරීම නිසා ඉහත කී පීඩාව තව දුරටත් තීව්ර වෙයි. ඔබ සතු බොහෝ දේ අහිමි විය හැකි අවදානමක් ඉස්මතුවන හෙයින් කල්පනාකාරීවන්න. ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්නට පැමිණීම ද අභාග්‍යසම්පන්න සිදුවීමකි.

යුරේනස් ඔබේ ලග්නයෙන් දෙවැන්නේ ගමන් ගැනීම ද පීඩාදායක වෙයි. සමස්තයක් වශයෙන් ගත්කළ 2018 වර්ෂය තුළ ඇති ග්‍රහ චලන සියල්ලක්ම ඔබට අවාසිදායකය. එහෙත් ඔබේ උත්සාහය සහ අවධානය මගින් එකී පීඩාවන් බොහෝ දුරට අවම කරගත හැකිය. දිනපතා අභිසම්භිධාන පිරිත සජ්ජායනා කිරීම ප්රශස්ත වෙයි.

- කේ.සී.ජේ.රත්නායක

සිළුමිණ පුවත්පතින් උපුටා ගත්තකි.

http://epaper.silumina.lk/?id=21&tday=2017/12/31

[QUOTE="pushpa600, post: 22685854, member: 27192"] 7. තුලා ලග්නය ප්‍රබල වායු බලයෙන් යුත් තුලා ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදා වන්නේ ඔබේ කේන්දරයේ දෘෂ්යාර්ධයේ ආලෝක මුදුන වූ 10 වැන්නේ රාහුගේ බලය විහිදෙමින් තිබියදීය. මෙතෙක් ඔබ තුළ යටපත් ව තිබූ වේගය ආවේගය සහ අධි ක්‍රියාකාරීත්වය මෙන්ම අණසක පැතිරවීම නිර්භීත්බව ඉස්මතු වෙයි. කේන්දරයේ උතුරු දෙස මතු නොව සමස්ත දෘෂ්යාර්ධයම රාහු සහ ගුරු විසින් පාලනය කරනු ලැබේ.ගුරු සහ රාහු අංශක 90 පිහිටීමකි. උගත්චණ්ඩියකු මෙන් ක්‍රියාකරනවා පමණක් නොව ආන්දෝලනාත්මක සහ මතභේදාත්මක සිදුවීම් නිර්මාණය කිරීමට ද යොමුවන කාලයකි. යුක්තිය උදෙසා පෞද්ගලික ලාබය නොතකා කිසියම් පොදු සමාජමය හැඟීමකින් ක්රියාකරන්නට ගනී. ඒ වෙනුවට විශාල අභියෝග සහ තර්ජන මතුව එන මුත් ඔබ ඒ කටයුතු ආපසු හරවන්නේ නැත. 7 වැන්නේ යුරේනස් යට කී තත්ත්වය අපේක්ෂාවෙන් සිටිනවා පමණක් නොව එකී තත්ත්වය නිර්මාණය කිරීමට ද ඍජුවම දායක වෙයි. මෙතෙක් ඔබ සමග සිටි බොහෝ දෙනා ඔබ වෙතින් ඉවත්ව යන අතර අලුත් පිරිස් සමීප වෙයි. හවුල් ව්‍යාපාර විවාහය කලත්‍රයා සහ සමාජ සම්බන්ධතා පිළිබඳව විපරිවර්තනයක් හටගනී. ඉදිරි වසර පුරාම ඔබේ කේන්දරයේ අදෘෂ්යාර්ධය බලවත් ය. 7 වැන්නේ යුරේනස් 5 වැන්නේ නෙප්චූන් 4 වැන්නේ කේතු සහ තුන්වැන්නේ සෙනසුරු සමඟ ප්ලූටෝ සිටී. මෙහි එක් විපාකයක් වන්නේ ඔබ බොහෝ වේලාවක් නිහඬව සහ ගුප්ත රහසිගත ඉරියව්වෙන් සැලසුම් සකස් කරන්නා සේම ඔබට එරෙහි අය ද එලෙසින් ම රහසිගත සැලසුම් සකස් කරන බවයි. එහෙත් ජය පරාජය තීරණය කරන සෙනසුරු ඉතා බලවත්ව සහ ගුණවත්ව ඔබේ කේන්දරයේ 3 වැන්නේ පිහිටන හෙයින් අවසන් ජයග්‍රහණය ඔබට ම හිමිවෙයි. 3 වැන්නේ සෙනසුරු සහ ලග්නයේ ගුරු අතර අංශක 60 අති ප්‍රබල දෘෂ්ටි සංයෝගයකි. එහෙයින් ඔබ අපරාජිතවනවා පමණක් නොව කිර්තියෙන් සහ බල පරාක්‍රමයෙන් අද්විතීය ජයග්‍රාහකයකු බවට පත්වෙයි. වසර අටකට පසුව ඔබේ ජීවිතයට උදාවන අභියෝගාත්මක සහ ස්වර්ණමය අවස්ථාවකි. ඔබේ කේන්දරයේ 3-4-5 ගිනිකොණ දකුණ සහ නිරිත යන දිසා අතර සෙනසුරු කේතු නෙප්චූන් යන ග්‍රහයන් තිදෙනා එකම අක්ෂයක පිහිටයි. මෙය දැඩි මානසික ආතතිය සහ ගුප්තමය මායා මානසිකත්වයකට තල්ලු කරනු ලබන පිහිටීමකි. එහෙයින් ශාරීරික සහ මානසික සුවතාව පිළිබඳ අභ්‍යාසයන් අත්‍යවශ්‍ය වෙයි. ඔබේ කේන්ද්‍රයේ 1-4-7-10 යන කේන්ද්‍රස්ථාන පිළිවෙළින් ගුරු කේතු යුරේනස් රාහු යන ග්‍රහයන් වෙතින් ප්රබලව උත්තේජනය වෙයි. 1සහ 7 අක්ෂය ප්රතිපෝෂකවන අතර එහි ගුරු සහ යුරේනස් වෙයි. 1 ඔබේ ප්‍රතිරූපය වන අතර 7 ඔබේ අනෙකා හෙවත් ප්‍රතිවාදියා වෙයි. ඔබ ජීවත්වන පරිසරය කුමක් වූවත් ඔබ කරන රැකියාව කුමක් වූවත් ඔබ මේ තැන් දෙකෙහිම අලුත් බලවත් නිර්මාණාත්මක නායකත්ව භූමිකාවකට පත්වෙයි. යුක්තිය උදෙසා සටන් වදින්නකු සහ ඉන් ජය ලබන්නකු බවට පත්වෙයි. ඒ අතරම අලුත්ම සංකල්ප හෝ නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කරන්නකු බවට පත්වන අතර අගතිදායක බොහෝ දේවල් විනාශ කිරීමට අරගල කරන්නකු බවට ද පත්වෙයි. ඒ වෙනුවෙන් බොහෝ දේ අහිමි කර ගන්නට ද ඔබට සිදුවෙයි. ඔබේ කේන්දරයේ 4-10 ප්‍රතිපෝෂක රාශි ද්විත්වය රාහු කේතු අක්ෂයට මුළුමනින්ම යටත්වන අතර ඔබ හිතන හැටි සහ කරන හැටි එමගින් තීරණය වෙයි. 4 හිතන තැනය. 10 කරන තැනය. ඔබගේ බොහෝ ක්‍රියාකාරකම් මතභේදාත්මක තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැක්කේ මේ හෙයිනි. කේතු දේවල් හකුළුවන ග්‍රහයා යැයි සාම්ප්‍රදායික කියමනක් එන මුත් කේතු බලවත් බව අතින් දෙවැනි වන්නේ රවි ග්‍රහයාට පමණි. බලය තේජස අග්නිය සහ නිර්මල සූක්ෂ්ම ක්‍රියාකාරීත්වය අතින් ගත් කළ කේතු අසම සම ග්‍රහයෙකි. අන්න ඒ කේතු දැන් පිහිටන්නේ ඔබේ සිතිවිලි තීරණ ජනිත කරන ස්ථානයේ වන අතර එය සංයමයෙන් යුත් විප්ලවකාරී රාශියක් ද වෙයි. සමස්තයක් වශයෙන් ගත් කළ ටොලමියානු ශක්ති බල ගණනය අනුව ඔබේ වායු +ගිනි බලය 75 % කි. ජල බලය 5 % ක් වන අතර පඨවි බලය 20 % කි. මේ ඔබේ ජීවිතයට කාලයකට පසුව උදා වූ බලවත් ග්‍රහචාරයකි. 2018 ඔබේ ජිවිතය එක් අතකින් ප්‍රදීපාගාරයක් මෙන් වෙයි. එය තනිව හුදෙකලාව හාත්පස මග පෙන්වමින් ආලෝකය විහිදුවන නමුත් ප්‍රදීපාගාරය පාමුල ඇතැම් විට ආලෝකයෙන් තොර වෙයි. තමා ගැන නොසිතා පරෝපාකාරයේ යෙදුණොත් ඔබ කිසිවකින් පරදින්නේ නැත. දෛවය විසින් ඔබෙන් අපේක්ෂා කරනු ලබන දෙය කුමක් දැයි නිසි ලෙස වටහා ගන්න. 8.වෘශ්චික ලග්නය ජල බලයට අයත් වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ අපූරූ ග්‍රහ පිහිටීමක් සමගිනි. 2 සහ 3 වැන්නේ සෙනසුරු ප්ලූටෝ කේතු ද 6 වැන්නේ යුරේනස් ද 9 වැන්නේ රාහු ද 12 වැන්නේ ගුරු ද පිහිටයි. එනම් කේන්දරයේ ඊශාන ගිනිකොණ නිරිත සහ වයඹ යන අනු දිසා හතර ප්රබලව උත්තේජනය වෙයි. ඒ අතර ම කේන්ද්‍ර අදෘෂ්යාර්ධය ප්‍රබල වෙයි. ජීවිතයේ අවරෝහණය හෝ ආපිට කැරකීම එයින් පෙන්නුම් කරන අතර සිතිවිලි අධික එහෙත් ක්‍රියාකාරකම් හීන කරවන ග්‍රහ පිහිටීමකි. ඊශානේ ගුරු තැන්පත්ව සිටින හෙයින් මේ ඔබගේ ජීවිතයේ අභ්‍යන්තර චෛතසික වෙනසකට යොමු කරවන අවස්ථාවක් මෙන් ම අතීත වැරදී නිවරදි කැර ගැනීමට දෛවයෙන් හිමිකර දී තිබෙන දුලබ අවස්ථාවක් වෙයි. 12 සහ 02 වැන්න අතර ගුරු සෙනසුරු අංශක 60 ප්‍රබල දෘෂ්ටියක් පතිත වෙත්දී ඒ ඔබගේ ලග්නයෙන් දෙපැත්ත වෙයි. මෙය ඉතාම කලාතුරකින් ඔබට ලැබෙන අමරණීය අවස්ථාවක් වෙයි. උපේක්ෂාව සහ දේවල් අත්හැරීම පිළිබඳ ප්‍රඥාව අවදි කැර ගැනීමට එමගින් ඔබට තෙරපුමක් එල්ල වන්නේ ය. ලෞකික ආශාවන් සැප සම්පත් වෙනුවට ආධ්‍යාත්මික සතුට උසස්ම ධනය වන බැව් ඔබට ඒත්තු ගැන්වෙයි. ඒ පණිවිඩය එලෙසම ග්‍රහණය කැර ගත්තේ නම් ඔබ කිසි විටෙක මේ වසරේදී කිසිවකින් පරාජය වන්නේ නැත. තැන්පත් ධනය ආගමික / වන්දනා ගමන් සඳහා වැය කිරීමට සිදුවන කාලයකි. නීතිමය ගැටලු පටලවා නොගැනීමට ඔබ පරෙස්සම් විය යුතුය. ගුරු ඔබගේ 02 සහ 05 වැන්න අධිපතියා ලෙස 12 වැන්නේ ගමන් ගැනීම රැකියාව හෝ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් හිතකර නොවේ. ඒ ආශ්රිත ක්ෂණික කඩා වැටීම් සිදුවිය හැක. 06 වැන්න වූ ඔබට පරම සතුරු ගිනි මර්මස්ථානය උත්තේජනය කරන යුරේනස් ඔබේ යටිබඩ මුත්‍රාශය ප්‍රජනක ඉන්ද්රියයන් ආශ්රිත රෝග පීඩා මෙන්ම ශරීරයේ අභ්‍යන්තර තාපය ඉස්මතු කරවයි. සමේ රෝග සහ අසාත්මිකතා මතුවිය හැකිය. 4 වැන්නේ තැන්පත් නෙප්චූන් ගුරු සහ සෙනසුරුගේ දෘෂ්ටියට ලක්වෙයි. එහි ප්‍රතිඵලය වන්නේ ඔබේ සිතිවිලි සහ හැඟීම් කිසියම් මායාමය ස්වරූපයකට විපරිවර්තනය වීමයි. එහි හොඳ නරක දෙකම තිබේ. රාහු කේතු අක්ෂය හැරෙන්නට අනෙක් සියලුම ග්‍රහයන් ස්ථානගතව සිටින්නේ ඔබට සතුරු ගිනි සහ වායූ රාශීන්වලය. ඔබට එරෙහිව මේ වසර පුරා නොයෙකුත් බාධා අවහිරකම් සහ අභියෝග මතුව එන බවට ඒ ප්‍රබල සංඥාවකි. සමස්තයක් වශයෙන් ගත් කළ ටොලමියානු ශක්ති සූත්‍ර අනුව ඔබේ කේන්දරයේ 60%ක් වායූ +ගිනි බලයටත් 25 % ක් පඨවි බලයටත් 15% ක් ජල බලයටත් අයත්වෙයි. විශ්ව සංඥාවන් නිසි ලෙස වටහාගෙන ඊට අනුගත වුවහොත් ඔබ පරදින්නේ නැත. නො පරදින්නට නම් කළ යුත්තේ තරගයක් ගැටුමක් ඇති නොවන ලෙස ක්රියාකිරීමය. 9. ධනු ලග්නය ගිනි බලයෙන් යුත් ධනු ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ ගුරු 11 වැන්නේ ද සෙනසුරු සහ ප්ලූටෝ ලග්නයේ ද කේතු 2 වැන්නේ ද නෙප්චූන් 3 වැන්නේ ද පිහිටන ග්රහචාරයකිනි. ඒ අනුව කේන්ද්‍රයේ ඊශාන නැගෙනහිර සහ ගිනිකොණ යන දිසා තුනත් ලග්නය ආශ්‍රීත නැගෙනහිර අක්ෂයත් බලවත් වී තිබේ. 11 වැන්නේ ගුරු සහ ලග්නයේ සෙනසුරු අතර වූ අංශක 60 ප්‍රබල සුබ දෘෂ්ටිය ඒ අතරින් කැපී පෙනෙයි. සංයමය පරිණතබව සහ ප්‍රඥාව එමගින් නිවේදනය කරයි. ඔරොත්තුදීම සහ අභියෝග ජයගැනීමේ ශක්තිය තීව්ර කරයි. ස්ථිර අරමුණකින් ස්ථාවර වේගයෙන් ඉලක්ක ජය ගන්නා අතර මාර්තු 06 දායින් පසුව ඒ බැව් වඩාත් ප්‍රකට වෙයි. ජීවිතයේ අරමුණු සහ රැකියාව ව්‍යාපාරය ආශ්‍රිතව පෙරළිකාර ප්රවණතා හටගනී. බොහෝ විට ඒවා යහපත් අතට පරිවර්තනය වන්නේ දැනට පවතින රැකියාව හෝ ව්‍යාපාරය අත් හරින්නට සිදුවන වාතාවරණයකයි. විදෙස්ගතවීම් ඒ අතරින් කැපී පෙනෙයි. 5 වැන්නේ යුරේනස් විසින් ප්‍රේම සම්බන්ධතා මෙන්ම රැකියාවේ ස්වභාවය විප්ලවකාරී වෙනසකට හරවන අතර 8 වැන්නේ රාහු එකී වෙනස සඳහා අනපේක්ෂිත හදිසි අවස්ථා උදාකර දෙයි. 3 වැන්නේ නෙප්චූන් ඔබගේ නිර්මාණාත්මක හැකියාව ඔප් නංවයි. එහෙත් 8 වැන්නේ රාහු ඔබේ ජිවිතයේ රිද්මය බිඳීමින් සෞඛ්‍ය තර්ජන ඉස්මතු කරවන්නේය. ලග්නයේ සෙනසුරු සහ 2 වැන්නේ කේතු අතර අංශක 45 දෘෂ්ටියක් හටගන්නා අතර එය දෙපැත්ත කැපෙන අවියකි. එකී බලය නිසි ලෙස හසුරුවා ගතහොත් අසිරිමත් ගුප්ත ශක්තියක් ඔබ තුළින් මතුවෙයි. එහෙත් එකී බලය අනිසි ලෙස අයාලේ යෑමට ඔබ විසින් ඉඩ දෙනු ලැබුවොත් එහි බලපෑම ඔබට එරෙහිව මතුව එයි. ශමනකාරක පිළියම් අත්‍යවශ්‍ය වේ. සෙනසුරුගේ අංශක 180 දෘෂ්ටිය ද ගුරුගේ බලවත් අංශක 120 දෘෂ්ටිය ද ඔබේ කේන්දරයේ 7 වැන්න වෙත පතිත වීමෙන් එතැන නැවත ගුරු ශනි සංයෝගය හටගනී. එහි විපාකය කුමක් වෙයිද සම්මත විවාහ සංස්ථාවට එය අභියෝගයක් වන්නා සේම පරස්පරතා විවිධාකාර ලෙසින් ඉස්මතු වෙයි. අනෙක් අතින් සම්භාවනීය හෝ ආධ්‍යාත්මික හෝ නව සබඳතා නිර්මාණය කරයි. ඔබේ වයස බුද්ධිය ධනය බලය ආදී කොයි ලෙසකින් හෝ උසස් අය ජීවිතයට එක්වෙයි. සමස්ථයක් වශයෙන් ගත් කළ ටොලමියානු ශක්ති කලාප අනුව ඔබේ කේන්ද්‍රයේ ගිනි +වායු බලය 90 %කි. ජල සහ පඨවි බලය 10 % ක් වෙයි. අධිවේගී සිදුවීම් බහුල පෙරළිකාර වසරකි. 10.මකර ලග්නය පඨවි බලයෙන් යුතු මකර ලග්නයෙන් උපන් ඔබට 2018 වසර උදාවන්නේ 1-4-7-10 කේන්ද්‍රස්ථාන සියල්ල ම ග්‍රහයන් පිරී සිටින අතර සහ ඒවා ප්රබලව උත්තේජනය වෙමින් තිබියදීය. කේතු ලග්නයේ ද යුරේනස් 4 වැන්නේ ද රාහු 7 වැන්නේ ද ගුරු 10 වැන්නේ ද වෙයි. හැල හැප්පීම් සහ උච්චාවචනයන් බහුල කාලයක් වන මුත් ඔබට සුවිශේෂ ජයග්‍රහණ ලැබිය හැකි කාලයකි. ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ ගමන් කිරීම පිළිබඳව ඔබ අනියත භීතියක් ඇති කැරගත යුතු නොවේ. එහෙත් ආත්ම සංයමය ඇතිව දුර දක්නා නුවණින් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය වෙයි. 10 සහ 12 අතර පවතින ගුරු සෙනසුරු අංශක 60 ප්‍රබල දෘෂ්ටිය සහ ඔබේ කේන්දරයේ දෘෂ්යාර්ධයේ ආලෝක මුදුන වූ 10 වැන්නේ සිටින ගුරු විසින් ඉදිරි කාලයේදී ඔබේ ජීවිතයේ පරිපූර්ණ ප්රතිසංස්කරණයක් අරඹයි. එය මෙතෙක් නොතිබූ ගුණාත්මක පරිවර්තනයක් වන අතර රැකියාව හෝ ව්‍යාපාරය හෝ ඔබගේ ක්‍රියා කෞෂල්‍ය මුල්කොට ගෙන එකී වෙනස්වීම් සිදුවෙයි. මාර්තු මාසයෙන් පසුව එහි පූර්ව නිමිති පහළ වෙයි. ඔබේ ලග්නය මත සහ එහි දෙපස පීඩනයකි. එයින් නිවේදනය වන්නේ කුමන දේ කරන්නට ගියත් ඔබ තුළ අසහනකාරීත්වය අතීරණය සහ නොසිතු බාධක මතුව එන බවයි. කේන්දරයේ ඊශාන නැගෙනහිර සහ ගිනිකොණ දිසා ආශ්‍රිතව ඇති කරන උත්තේජනය එතරම් හිතකර නොවේ, ඒ සඳහා ශමනකාරක පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වෙයි. ඔබගේ විවාහය කලත්‍රයා හවුල් ව්‍යාපාර සහ සමාජ සම්බන්ධතා ආදිය පිළිබඳව ඉවසිලිමත් වීම අත්‍යවශ්‍ය වන්නේ ඒ ආශ්රිත දුබලතා පෙන්නුම් කරන හෙයිනි. කල්ත්රයා සහ යුගදිවියේ තෘප්තිය හීන කරවන පිහිටීමකි. එහෙත් එය තාවකාළික පසුබෑමක් බව මතක තබා ගන්න. ඉක්මන් තීරණ ගැනීම් අවාසිදායක වෙයි. 4 වැන්නේ යුරේනස් ඔබ තුළ ජනිත කරවන උද්වේගකර කැළඹීම හේතු කොට ගෙන එය එක එල්ලේ ඔබේ රැකියාව සහ පරස්තාව යන දෙකට ම බලපෑම් කරයි. සමස්තයක් වශයෙන් ගත් කළ ඔබේ කේන්දරයේ ගිනි-වායු /ජල -පඨවි යන ශක්ති කලාප 4 ම 25 % ක අගයක් ගනී. කිසිම අංශයකින් ශීග්‍ර වේගයක් නොපෙන්වන අතර හිතකර සහ අහිතකර විපාක යන දෙක ද මධ්‍යස්ථ වෙයි. එයින් නිවේදනය වන්නේ ඔබ හැකිතාක් සමබරව ඔබේ ජීවන රිද්මය පවත්වා ගත යුතු බවයි. ඊයේ ඔබට බරපතළ හානියක් අවාසියක් සිදු වූවා නම් ඒ පිළිබඳව කලකිරීමකට පත්විය යුතු නැති වන්නේ හෙට දිනයේදී වෙනත් හිතකර වාසියක් මගින් හානි පූරණය කරන හෙයිනි. 11. කුම්භ ලග්නය වායූ බලයෙන් යුත් කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2018 වසර ආරම්භ වන්නේ ඔබේ කේන්ද්‍රයේ දෘෂ්යාර්ධය සහ 9 වැන්නේ ත්‍රිකෝණස්ථානය ඉතා බලවත් ව තිබියදීය. 9 වැන්නේ ගුරු ද 11 වැන්නේ සෙනසුරු ප්ලූටෝ ද 12 වැන්නේ කේතු ද පිහිටයි. ඔබේ කේන්ද්‍රයේ ඊශාන දිසාව වායූ + ගිනි බලයෙන් අති ප්රබලව උත්තේජනය වෙයි. එමගින් වේගවත් ලැබීම් සහ ඔබගේ අභ්‍යන්තර ශක්තියේ පරිමාව ඉහළ යයි. ඒ සමඟ ම 9 වැන්නේ ප්‍රබල ගුරු එකී ලාභය සහ යසස තව දුරටත් තහවුරු කරයි. එහෙත් අති ධාවනකාරී නොවීමට වග බලා ගන්න. පසුගිය කාලය පුරා තිබූ පීඩනය පරාජය සහ වේදනාව දුරුවෙයි. වසර තිහකට පසුව ඔබට උදා වූ ස්වර්ණමය අවස්ථාවක් ලෙස මේ කාලය ප්‍රයෝජනයට ගන්න. 06 වැන්නේ රාහු කේන්ද්‍රයේ අදෘෂ්යාර්ධය ද බලවත් කරමින් අරිටු දොස් නසමින් ඔබේ යහපත පිණිස ක්‍රියාත්මක වෙයි. එහෙත් 3 වැන්නේ යුරේනස් ඔබට බාධක ගෙන දෙන අතර ම 9 වැන්නේ ගුරු සහ යුරේනස් අතර හට ගන්නා අංශක 180 දෘෂ්ටිය දෙපැත්ත කැපෙන අවියකි. විප්ලවයන්ට මුල පුරයි. එහෙත් අධි තක්සේරුව මත තීරණ නොගත යුතුය. නිසි කලට නිසි පිළිවෙළට විප්ලවය දියත් කෙළේ නම් ඔබ විශිෂ්ටත්වයට පත්වෙයි. ලග්නයේ නෙප්චූන් සෙනසුරු සහ ගුරුගේ දෘෂ්ටියට ලක්වෙයි. එය එක් අතකින් පීඩනයකි. අනෙක් අතින් අපූරූ සංකල්පනා පහළ කරවයි. එහෙත් ප්‍රායෝගික තලය ඉක්මවා ගිය ෆැන්ටසි පමණ ඉක්මවා හිසට නොගත යුතුය. විශේෂයෙන්ම විවාහය කලත්‍රයා හවුල් ව්‍යාපාර ආදියෙහිදි රැවටීම් ප්‍රයෝගවලට ගොදුරු වීමේ අවදානමක් තිබේ. සමස්තයක් වශයෙන් ගත් කළ 2018 වසරේ විජයග්රාකයා වන්නේ කුම්භ ලග්න හිමියන් ය. විවාහය හැරුණු විට අනෙක් සෑම අංශයකින් ම ඔබට විශිෂ්ට ලාබ හිමිවෙයි. කේන්ද්‍රයේ ඔබට මිතුරු වායු +ගිනි බලය 90 % කි. මාර්තු මාසයේ සිට ඔබ ජීවිත ගමනේ මෙතෙක් නොගිය සුව පහසු බලවත් තැන් කරා පිවිසෙන ගමන ආරම්භ කරයි. 12. මීන ලග්නය 2018 ඉතාම අභියෝගාත්මක වර්ෂයකි. සෙනසුරු ඔබේ ලග්නයෙන් 10 වැන්නේ ගමන් ගැනීම යහපත් නොවේ. ඔබේ රැකියාව ආශ්රිත ගැටලු මතුවිය හැක. රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 05 වැන්නේ ගමන් කිරීම නිසා ඉහත කී පීඩාව තව දුරටත් තීව්ර වෙයි. ඔබ සතු බොහෝ දේ අහිමි විය හැකි අවදානමක් ඉස්මතුවන හෙයින් කල්පනාකාරීවන්න. ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්නට පැමිණීම ද අභාග්‍යසම්පන්න සිදුවීමකි. යුරේනස් ඔබේ ලග්නයෙන් දෙවැන්නේ ගමන් ගැනීම ද පීඩාදායක වෙයි. සමස්තයක් වශයෙන් ගත්කළ 2018 වර්ෂය තුළ ඇති ග්‍රහ චලන සියල්ලක්ම ඔබට අවාසිදායකය. එහෙත් ඔබේ උත්සාහය සහ අවධානය මගින් එකී පීඩාවන් බොහෝ දුරට අවම කරගත හැකිය. දිනපතා අභිසම්භිධාන පිරිත සජ්ජායනා කිරීම ප්රශස්ත වෙයි. - කේ.සී.ජේ.රත්නායක සිළුමිණ පුවත්පතින් උපුටා ගත්තකි. [url]http://epaper.silumina.lk/?id=21&tday=2017/12/31[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom