Hornet එකක් ගත්ත...උපදෙස් ඔනෙ ...

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Hornet එකක් ගත්ත...උපදෙස් ඔනෙ ...

    hornet ekak gatha.. enagine oil nan genala maru kala..wena monwda karna one.....

    Coolent balane kohomada??

    Reditore fan ekai senser ekai chek karnane kohomada???

    Thel kiyak karnwada kiyla balana lesima wdiya mokada??

    Monoshok gard rediatore gard dana weida?? Me peathe parawal nan anthimai

    Wena monwda hornet eke karana one..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    සුබ පැතුම මචෝ :cool::cool: පරිස්සමින් පදින්න

    කුලන්ට් මචන් රෙඩියේටර් එක ලග, පෙට්‍රොල් ටැන්කිය යට මූඩිය ඇරල බලන්න. අඩුනම් පුරුවන්න. තව reservoir can එකෙත් උඩ ලෙවෙල් එකට එනකන් පුරවල තියා ගන්න.කූලන්ට් නිකන් මලකඩ මික්ස් වෙලා වගේනම් මචන් සම්පූර්ණ ෆ්ලශ් කරල ආයෙ අලුතෙන් දාන්න :yes::yes:

    ෆෑන් එක චෙක් කරන්න මචන් ෆෑන් එකේ ඉදල thermo switch එකට යන වයර් එක switch එක පැත්තෙන් ගලවල ඒකෙ ඇතුලෙ ක්ලිප් එක කොහෙ හරි තැනක ග්‍රවුන්ඩ් කරන්න එතකොට ෆෑන් එක වැඩ කරන්න ඕන.
    තර්මෝ ස්විච් එකනම් මචන් ඉතින් එන්ජින් එක රත් වෙනකන් උන්නහම එක වෙලාවකදි ෆෑන් එක වැඩ කරනවනම් ස්විච් එක වැඩ. එහෙම නැත්තන්ම් ගලවල උනු වතුරෙ වගේ දාල මල්ටියෙන් තමා චෙක් කරන්න වෙන්නෙ.

    තෙල් බලන්න ඉතින් රිසව් වැටෙනකන් ඉන්දල ඊට පස්සෙ තෙල් ගහල ආයෙ රිසව් වැටෙද්දි බලන්න පුලුවන්.

    Radiator guard එකක්නම් වෙනම හයි කරන්න ඕන්නෑ. හරිනම් ඕකටම එනව .

    වෙන ඉතින් fuel system එක චෙක් කරගන්න. petcock එක එහෙම සුද්ද කරගන්න. එයා ෆිල්ටර් එකයි සබ් ෆිල්ටර් එකයිත්
    හුලන් අල්ලල සුද්ද කරගන්න. ප්ල්ග් එහෙමත් ගලවල බලන්න. ඒ අනුව ටියුන් කරනවද නැද්ද බලන්න

    ඉලෙක්ට්‍රික් පාට් එකත් චෙක් කරගන්න මල්ටියෙන්. චාජින් වැඩද අනන් මනන්.

    බ්‍රේක් ඔයිල් චෙක් කරගන්න. කැලිපර් දෙක ග්‍රීස් කරවගන්න. බ්‍රේක් පෑඩ්ස් එහෙමත් චෙක් කරන්න.තව චේන් එකෙත් ස්ලැක් එක චෙක් කරල ඔයිල් කරන්න.

    • Like
    Reactions: hardrockloverz

    Coolent mchn kola patta tynwa..

    Resave auto wetenwada bn?? Mewe petrol tap ekak ene nada??

    Welawakta asletore alan nathuwa ahuwma podak adla start wene bn? Carb tune karna weida?? Carb chek karna one monwage unamada?? Tune ekata kiyak yaida??

    Hornet eke api peadn awila newethuwma nutle karna beida??
    ?
     
    Last edited:

    කොල පාටනම් අවුලක් නෑ. එහෙනම් අඩු බලල පුරවන්න

    Reserve වැටෙනව මචන් ඉතින් පෙට්‍රොල් ලෙවල් එක අඩු වෙද්දි. මේවගෙත් පෙට්කොක් එකක් එනව අනික් ඒවල වගේම. පෙට්‍රොල් ලෙවෙල් එක අඩු වෙලා ෆ්ලෝ එක නැති වෙද්දි අතට තේරෙනව මචන් පෙට්‍රොල් නෑ කියල. එතකොට රිසර්ව් එකට දාල පැදන් ගිහින් තෙල් ගහල ආයෙ ON එකට දාන්න ඕනඉදගත්තහම වම් පැත්තෙ ටෑන්ක් එක යට ඇත්තෙ මචන් ටැප් එක

    sim

    එහෙම නවතින්න බලන එකනම් ලොකු දෙයක් නෙමේ කොල්ඩ් ස්ටාර්ට් එකේදි. මගෙ අද්දැකීමට අනුව කාබ් එක හොදට බැලන්ස්නම් ටියුන් හොදනම් මචන් මොන තත්වෙකදි උනත් සෙල්ෆ් ස්ටාර්ට් වන්ශොට් වදිනව ගොඩක් වෙලාවට. රේස් නොකර ඕනනම් කොල්ඩ් ස්ටාර්ට් එක තියල බලපන්කො රත් වෙනකන් එන්ජිම ස්ටේබල් නෑ සවුන්ඩ් එකෙන්ම කියන්න පුලුවන්. ඒත් හිටින්නෑ. ටෙම්ප්‍රෙචර් එකකට ආවට පස්සෙ බයික් එක දුවන එක තමා හොද

    ටියුන් + බැලන්ස් කරන්න එක එක ගනන් අහල තියෙනව මචන් 3000/3500/4500 වගේ.

    ස්ටාර්ට් එකේදි බොහොමයක් බයික් නියුට්‍රල් කරන්න අමරුයි හැබැයි සමහර ඒව පුලුවන්. වැඩියම දැකල තියෙන්නෙ අමාරු ඒව තමා.