Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
i am the GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

”කොළොම්බියානු මිනිස්සු අතරේ කියමනක් තියෙනවා දෙවියෝ අපේ රට ලස්සනට මවලා තියෙනවා, ඒක අනෙක් රටවල්වලට වුණු අසාධාරණයක් කියලා. නමුත් ඒ හා සමානවම දෙවියෝ කොළොම්බියාව නමට යක්ෂයොත් ලියලා මවලා දීල තියෙනවා”.

මේ කතාව කියන්නේ හිටපු කොළොම්බියානු ජනාධිපතිවරයෙක්, සඳහන් වෙන්නේ Narcos ටෙලි වෘතාන්තයේ

https://youtu.be/Ory6b2EJ3Bk

එක අතකට කොළොම්බියාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම තැනකම හොඳ නරක මිනිස්සු විවධ තලවලින් බිහිවෙනවා. ඒකට හේතු විවිධ වෙන්න පුළුවන්.

මේ කතාව කොකේන් රජ්ජුරුවෝ විදියට කාලයක් හඳුන්වපු කොළොම්බියානු ජාතික පැබ්ලෝ එස්කොබාර් ගැන. එදා වගේම අදත් ලෝකයක් ඔහුව හදුන්වන්නේ යක්ෂයෙක් විදියට. ඒ විදියේ යක්ෂයෝ එදා වගේම අදත් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එස්කොබාර් විශේෂයි. ඇත්තටම ඔහු යක්ෂයෙක්ද ? එතකොට යක්ෂයා ඔහු විතරද? ඔහුට යක්ෂයෙක් වෙන්න මග පාදපු සිදුවීම් / පුද්ගලයෝ යක්ෂයෝ වෙන්න බැරිද?

එස්කොබාර් උපදින්නේ 1949 දී, ඔහුගේ පියා ගොවියෙක්. පොඩිකාලේ ඉඳන්ම ඔහු අධිෂ්ඨානශීලී කෙනෙක් කියලයි කියවෙන්නේ. යමක් තේරෙන කාලේ ඉඳන් ‘මම දවසක කොළොම්බියාවේ ජනාධිපති වෙනවයි’ කියන අධිෂ්ඨානයෙන් ජීවත් වුණත්, උසස් අධ්‍යාපනයක් නැති දුප්පත් ගොවියෙක්ගේ පුතෙක් ඒ ඉලක්කයට යන්නේ කොහොමද?

මුලින්ම සල්ලි හොයන්න ඕනේ, සල්ලි නැති මිනිහෙක්ට මුකුත් කරන්න බැහැ. ඔහුගේ මූලික හැඟීම වෙන්න ඇත්තේ ඒක. එහෙම කියන්න හේතුව තමයි සල්ලි හෙවීම වෙනුවෙන්ම මුලින් පොඩි පොඩි හොරකම් කරපු එස්කොබාර් පසුකාලීනව කොළොම්බියාවේ සිගරට් ජාවාරමට එකතුවීම. මේ සිගරට් ජාවාරම ඔහුට රහ වැටෙනවා වගේම හොඳ අත්දැකීමක් ලබන්නත් හේතුවනවා.

සල්ලි ගස්:

1970 දශකය මුල් භාගය වෙද්දි කොළොම්බියාවේ මරි(ජු)වානා ප්‍රචලිත වෙනවා. ඒ වගේම කොළොම්බියාව ප්රමුඛ දකුණු ඇමෙරිකානු රටවල් කීපයක ‘සල්ලි ගස්’, ඒ කියන්නේ කොකෝවා වගාව ප්‍රචලිත වීමත් එක්ක කොකෙන් නිශ්පාදනයත් ඉහළ යනවා. ඉතින් නීත්‍යානුකූල නොවන කාලීන ප්රවණතා එක්ක මුහුවෙන්න එස්කොබාර්ට තිබුණු ස්ථානොචිත ප්‍රඥාවත් එක්ක 1975 වෙද්දි කොකේන් ජාවාරම තමන්ගේ අතට ගන්නේ ඒ වෙද්දි Medellín කාටලයේ නායකයා වෙමින්. ඔහුගේ සහකරුවා වෙන්නේ ඥාති සහෝදරයෙකු වුණු Gustavo Gaviria, ඔහු එස්කොබාර්ගේ ව්‍යාපාරේ යතුර විදියටයි සැලකුනේ.

Plata o plomo:

ස්පාඤ්ඤ භාෂාවෙන් ‘Plata o plomo’ හෙවත් ”accept money or face bullets” තමයි ඔහුගේ සරල ප්‍රතිපත්තිය. සීඝ්රයෙන් ව්‍යාප්ත වුණු ඔහුගේ බලයට ප්‍රධානම හේතුව වෙන්නෙ එවකට කොළොම්බියානු හමුදාව, පොලීසිය ඇතුළු රජයේ නිළධාරීන් පවා පගාවට වඩා තමන්ගේ ජීවිතවලට තිබුණු ආදරේ. ඔවුන්ගේ පවුල්වල විස්තර පවා දැනගෙන හිටපු එස්කොබාර්ට දේවල් පාලනය කරපු එක අපහසු වුණේ නැහැ. ඔහුගේ බලපෑම්වලට ලක්වුණු නිළධාරීන්ට, විනිසුරුවරුන්ට පගාවක් අරගෙන පැත්තකට වෙන්න සිද්ධ වුණා. නැත්නම් සිද්ධ වුණේ මැරෙන්න. ඔහු කියපු කතාවක් තමයි, ‘මම සමහර වෙලාවට දෙවියෙක්. මිනිහෙක් මැරෙන්න ඕනේ කියල මම හිතනවනම් ඒ මිනිහා එදායින් පස්සේ ජීවත් වෙන්නේ නැහැ’ කියලා.

ඇමෙරිකානුවෝ:

1979 වෙද්දි ඇමෙරිකාවට කොකේන් ප්‍රවාහනය කිරීම අරඹන එස්කොබාර් 1980 මැද භාගය වෙද්දි, ඇමෙරිකාවට රහ වැටුණු කොකේන් ජාවාරමේ සියයට 80 ක් හිමි ජාවාරම්කරුවා බවට පත්වෙනවා. ඇමරිකාවට විතරක් නෙවෙයි, යුරෝපයට වගේම සමහරවිට ආසියානු රටවල්වලටත් කොකොන් යවන ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන් දායක වෙන අය තමයි Carlos Lehder, Roberto Suárez Goméz සහ George Jung කියන ජාවාරම්කරුවන්. ඇමෙරිකාවේදී උපයපු මුදල් කන්දරාව කොළොම්බියාවට ගෙන එන්න විවිධ උපක්‍රම භාවිතා කරපු ඔහුට අන්තිමේදී සල්ලිවලට මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිවෙනවා. කූලී කාර් තුනක් විතරක් තිබුණු ව්‍යාපාරයකින් එස්කොබාර් සතියකට අමෙරිකානු ඩොලර් 5 ක කොටසක් ශුද්ධ කරගන්නවා. ඉතිරි මුදල් වළ දානවා, තවත් කොටසක් සිවිලිම්වල, බිත්තිවල හංගනවා.

රොබින් හුඩ්?

එස්කොබාර්ට පොඩි කාලේ ඉඳලම ඕනේ වුණේ කොළොම්බියාවේ ජනාධිපති වෙන්නනේ. ඉතින් ඔහුට ඊළඟට කරන්නේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න එක. දුගී දුප්පත් මිනිස්සුන්ට සල්ලි බෙදන එක, නිවාස සංකීර්ණ, පාසැල්, පල්ලි, ක්‍රීඩාංගන හදල දෙන එක. ඒ පළාතේ මිනිස්සු ඔහුට සැලකුවේ දෙවියෙකුට වගේ. සමහර මාධ්‍ය පවා මුදලට ගත්තු ඔහුව, ඒ මාධ්‍යවලින් උලුප්පා තැබුවේ රොබින් හුඩ් කෙනෙක් විදියට.

1982 දී කොන්ග්රස් සභිකයෙක් (Colombian Liberal Party) විදියට තේරී පත්වෙන්න එස්කොබාර්ට අවස්ථාව උදාවෙන්නේ ඔහුගේ සමාජ සේවාවල පිහිටෙන්. නමුත් අවරුදු දෙකක් යන්නත් කලින් ඔහුට ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙනවා. හේතුව එවකට අධිකරණ ඇමතිවරයා Rodrigo Lara විසින් Medellín කාටලය සහ එස්කොබාර්ගේ නීතිවිරෝධි ජාවාරම් යම්කිසි සාක්ෂීන්ද සහිතව හෙළිකර සිටීම. ඉතින් එස්කොබාර්ගේ දේශපාලන ජීවිතේ ඉවර වෙනවා. නමුත් Lara ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා.

ගිවිසුම්:

එතැනින් එස්කොබාර්ගේ දේශපාලන ජීවිතේ ඉවර වෙනවා විතරක් නෙවෙයි, ඔහුගේ ව්‍යාපාරවලටත් කොළොම්බියානු රජයෙන් නීතිමය බාධා ඇතිවෙන්න පටන් ගන්නවා. කොළොම්බියානු නීතිය යටතේ එස්කොබාර්ට විරුද්ධව ලිපිගොනු ගොඩ ගැහෙද්දී, ඇමෙරිකානු රජයටත් එස්කොබාර්ව දැනෙන්න පටන් ගන්නවා. ඇමෙරිකාව – කොළොම්බියාව අතර ඇතිවෙන ගිවිසුම අනුව අපරාධකරුවන් සියරට (ඇමෙරිකාවට) භාරදීමේ වගන්තිය යටතේ ඇමෙරිකානු DEA අනුබද්ධ නිළධාරීන් වගේම CIA (Central Intelligence Agency of the USA) ආයතනයත් එස්කොබාර්ව අල්ලන්න සැලසුම් සකස් කරනවා. ඔහුට ජීවිතේ ආපහු හැරිලා යන්න පාරක් තිබුණේ නැහැ. පැවතීම නැත්නම් මරණය කියන විකල්ප දෙක අතරින් ඔහුගේ උත්සාහය වෙන්නේ කොහොමහරි පැවතීම.

ලිපිගොනු:

1985 අප්‍රේල් මාසේ දවසක M-19 නමින් හඳුන්වපු කොමියුනිස්ට් ගරිල්ලන් විසින් කොළොම්බියානු ශ්‍රේෂ්ඨාධිකරණය ආක්රමමණය කරමින් කැරැල්ලක් දියත් කරනවා. හේතුව මොකද්ද දන්නවද? ඇමෙරිකානු සහ කොළොම්බියානු නිළධාරීන් මහන්සිවෙලා එකතු කරපු එස්කොබාර් ඇතුළු කුඩු ජාවාරම්කරුවන්ගේ ලිපිගොනු ගිනිතියල විනාශ කරන්න. මේ වැඩේ පිටිපස්සේ හිටියෙත් එස්කොබාර් කියලයි කියන්නේ.

ඒ විතරක් නෙවෙයි හැමදාමත් කළා වගේ එස්කොබාර් තමන්ගේ ගැලවීම තහවුරු කරගන්න රජයේ උසස් නිළධාරීන්ව පගාවට යටත් කරගන්න උත්සාහ දරනවා. බැරිනම් ඝාතනය කරවනවා. මේ ඝාතන අතරින්, 1990 කොළොම්බියානු ජනාධිපතිවරණ අපේක්ෂක Luis Carlos Galán, නීතිපතිවරයෙක්, විනිසුරුවරු කීප දෙනෙකුගේ ඝාතන විශේෂ වෙනවා. Luis Carlos Galán බලයට ආවොත් තමන්ගේ වැඩකටයුතු ලේසි වෙන්නේ නැතිබව එස්කොබාර් දැනගෙන හිටියා. ඒ වගේම, ඊළග ජනාධිපති අපේක්ෂකයා වුණු Cesar Gaviria ඉලක්ක කරගෙන Avianca Flight 203 ගුවන්යානයට තියපු බෝම්බයටත් වගකියන්න ඕනේ එස්කොබාර්. කුමක් හෝ හෝඩුවාවක් මත Gaviria ගුවන් යානයේ නොහිටියත් මගීන් 107 ඉන් මිය යනවා. 1990 දී Gaviria ජනාධිපතිවරයා විදියට පත්වීම එස්කොබාර්ට සුබදායක වෙන්නේ නැහැ.

Search Bloc:

Search Bloc කියන්නේ කොළොම්බියානු ජෙනරාල්වරයෙකු වුණු Hugo Martinez යටතේ නිර්මාණය වුණු විශේෂ බලකායක්. මේ බලකායේ අරමුණු වෙන්නේ එවකට කොළොම්බියානු ගිලගෙන හිටපු කුඩු ජාවාරම්කරුවන් විනාශ කිරීම හෝ නීතියේ රැහැනට හසුකර ගැනීම. විශේෂයෙන් එස්කොබාර්ව.

තමන්ට පාඩුවේ වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න කියල එස්කොබාර් කොළොම්බියානු රජයෙන් ඉල්ලනවා. ඒ ඉල්ලීම කිසිසේත්ම සුන්දර ඉල්ලීමක් නෙමෙයි. තමන්ට තිබුණු මුදල් සහ මැර බලයෙන් පොලිස් නිළධාරීන්, හමුදා නිළධාරීන්, තෝරාගත් දේශපාලඥයින්, රජයේ නිළධාරීන්, සිවිල් සේවකයින්, ජනමාධ්‍යවේදීන් හිතුමතේ මරා දමනවා. රටේ රදළයින්ව පැහැර ගනු ලබනවා. ඔහු විසින් මරදාපු පොලිස් නිළධාරින් දහස් ගණනක්. ඒත් එක්කම ඔහු සිදුකරපු bombing campaign එකෙන් සාමාන්යා මිනිස්සු පවා මරා දැමෙන්නේ කොළොම්බියාව යුධ පිටියක් බවට පත්කරවමින්.

Cali Cartel:

Cali කාටලය කියන්නේ Medellín කාටලයේ සමකාලීන තරගකාරයෝ. එස්කොබාර්ගේ හතුරෝ. මේ වෙද්දි ඔවුන්ගේ උත්සාහය වෙන්නෙත් එස්කොබාර්ව නැතිකර දැමීම. ඒ වගේම මේ ආසන්න කාලේ දී Search Bloc විසින් එස්කොබාර්ගේ ඥාතී සහෝදරයා Gustavo Gaviria ව මරා දමනවා. ඒක එස්කොබාර්ට සිද්ධ වුණු විශාල පාඩුවක්. අනිත් පැත්තෙන් ඇමෙරිකාවේ බලපෑම්. යම්කිසි අවස්ථාවක තමන්ව නීතියේ රැහැනට අහුවුණොත් ඇමෙරිකාවේ හිර ගෙදරක ලගින්න වෙයි කියන සිතුවිල්ලට ඔහු වෛර කරනවා, ‘a grave in Colombia is better than a prison in America’ කියලයි ඔහු කියල තියෙන්නේ. නමුත් ඔහුට ඒ තරම් ඉක්මනට මැරෙන්න නම් කොහොමටවත් බලාපොරොත්තුවක් තිබිලා නැහැ. ඉතින් ඔහු කොළොම්බියානු රජයත් එක්ක ගිවිසුමකට එනවා.

La Cathedral:

Cesar Gaviria ජනාධිපතිවරයාට අවශ්යහ වෙන්නේ සාමකාමී රටක්. නමුත් එස්කොබාර්ට නිදහස දීමේ කැමැත්තකුත් ඔහු තුළ නැහැ.

එස්කොබාර් තමන් විසින් සිදුකරමින් පවතින සියළු අපරාධ සම්පූර්ණයෙන් නවත්වන පොරොන්දුව පිට රජයට යටත් වෙනවා. නමුත් තමන්ව සිර කෙරෙන ස්ථානය තමන්ට රුචි විදියට තිබෙන්නට අවශ්යායයි කියන කොන්දේසිය මත. ඉතින් ජනාධිපති Gaviria ට ඉන් එහා සුදුසු විසඳුමක් තිබුණෙත් නැති තැන, මින් ඉදිරියට කුඩු ජාවාරම්වල නොයෙදිය යුතුය යන රජයේ කොන්දේසියත් එක්ක එස්කොබාර්ගේ යටත්වීම භාරගනු ලබනවා. ඒ 1991 දී. ඊට සමාන්තරව Search Bloc බලකාය අහෝසි කිරීමත්, ඇමෙරිකානු – කොළොම්බියානු ගිවිසුම අහෝසි කිරීමත් සිදුකෙරෙනවා.

ඉතින් එස්කොබාර් අළුත් නැවතුම තමයි, La Cathedral සිරගෙදර. සිර ගෙදරක් කිව්වට මේක සුඛෝපභෝගී සිර මැදුරක්. මෙහි ආරක්ෂකයින් පවා සේවයට ගන්නේ එස්කොබාර් විසින්මයි. සිර ගෙදරක හිටියත් තමන්ගේ ජාවාරම් කටයුතු නම් ඔහු නවත්වන්නේ නැහැ.

කැසිනෝ, පාපන්දු ක්‍රීඩාංගන ඇතුළු සියළු සැප පහසුකම්වලින් යුත් මේ සිරගෙදරට හොර රහසේ එස්කොබාර්ව හමුවෙන්න Medellín කාටලයේ අනෙකුත් පාර්ශවකරුවන්, soccer ක්‍රීඩකයින්, නීතීඥයින්, රජයේ නිළධාරීන් වගේම ගණිකාවනුත් ආ ගිය බව කියැවෙනවා.

Los PEPES – PErseguidos por Pablo EScobar:

1992 වර්ෂය මැද භාගය වෙද්දී එස්කොබාර් තවදුරටත් සිය ජාවාරම් සාර්ථකව කරගෙන යන බව තහවුරු කරගන්න කොළොම්බියානු රජය, නැවතත් යුද්ධයක ඇතිකරනොගෙන එස්කොබාර්ව තමන් වෙත නතු කරගැනීමේ උපාය මාර්ගයක් ගැන හිතන්න පටන් ගන්නවා. ඒ තමයි ඔහුව වෙනත් සිර ගෙදරකට මාරු කරවීම. නමුත් රජයේ සැලසුම් ගැන ඉව වැටුණු එස්කොබාර් සිර ගෙදරින් පලා යනවා. එස්කොබාර් පැන ගියායින් පස්සේ ඔහු තමන්ගේ පවුලත් එක්ක විවිධ තැන්වල ජීවත් වුණු බවයි කියවෙන්නේ.

ඇමෙරිකානු ආරක්ෂක අංශ ගණනක (DEVGRU, Delta Force and Centra Spike) මැදිහත් වීම යටතේ Search Bloc බලකාය නැවතත් ක්‍රියාත්මක වනවා. ඔවුන් Medellín පීරමින් එස්කොබාර්ව හොයද්දී, එස්කොබාර් නැවතත් පොලිස් සහ හමුදා නිළධාරීන් මරන්න පටන් ගන්නවා. නමුත් මේ වෙද්දි Cali Cartel එක යටතේ ගොඩනැංවුණු Los PEPES කණ්ඩායම එස්කොබාර්ට විශාල තර්ජනයක් වෙනවා. Los PEPES හී අරමුණ වෙන්නේ එස්කොබාර්ව මරා දැමීම. Los PEPES විසින් 300 ක් පමණ එස්කොබාර්ගේ ආරක්ෂකයෝ, පාක්ෂිකයෝ සහ ඔහුගේ නීතිඥයා ඇතුළු පවුල අහුවෙන හැටියට මරා දමනවා වගේම Medellín කාටලයට අයත් දේපළ / රසායනාගාර පවා සොයමින් විනාශ කර දමනවා.

Los PEPES මැදිහත්වීම, කොළොම්බියානු රජයටත්, ඇමෙරිකානු ආරක්ෂක අංශවලටත් කියාපු අපූරු අවස්ථාවක් වෙනවා. මොකද එස්කොබාර් කාලෙකට කලින් කරපු මිනීමැරුම්, බෝම්බ ප්‍රහාර ආයෙමත් කරන්න ඔහුට වැඩි ඉඩක් ලැබෙන්නේ නැහැ. හැමෝගෙම අරමුණ වෙන්නේ එස්කොබාර් අල්ලන එක. අල්ලලා මරලා දාන එක.

බහින කලාව:

එස්කොබාර්ටත්, පවුලේ අයටත් ඉන්පස්සේ ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ හැංගිලා. ඔහුගේ ව්‍යාපාර පවා බංකොලොත් වෙන තත්ත්වයක් උදාවෙලා තිබුණා. තමන් හම්බ කරපු මුදල් හංගපු තැන් ඔහුට මතක තිබුණෙත් නැතිව ඇති. ඔහුගේ පුත්රංයා කියන විදියට මේ කාලේ දී ඔවුන් ජීවත් වෙලා තිබුණේ ගෙපැළවල දුක්ඛිතව. කොහොම වුණත් එස්කොබාර්ව හොයා ගන්න එක කාටවත් පහසු වුණේ නැහැ. කිසිම අපරාධයකට සම්බන්ධ නොවුණු තමන්ගේ බිරිඳ සහ දරු දෙන්නාව රටින් පිට කරවන්න එස්කොබාර් තීරණය කරනවා. ඔවුන් යන්නේ ජර්මනියට. නමුත් කුමක් හෝ හේතුවක් නිසා ජර්මනියෙන් ඔවුන්ව භාර ගන්නේ නැහැ. ඒ වෙනුවට නැවත කොළොම්බියාවට හරවා එවනු ලබනවා. Los PEPES වෙතින් තිබුණු තර්ජනයන් නිසා කොළොම්බියානු රජය ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයනු ලබනවා.

මරණය:

එස්කොබාර් La Cathedral සිරගෙදරින් පැනල ගිහින් මාස 16 කට පස්සේ, Hugo Martínez ප්රමුඛ Serach Bloc ගුවන් විදුලි සන්නිවේදන අංශය මගින් ඔහු හැංගිලා හිටපු තැන ගැන හෝඩුවාවක් සපයා ගන්නවා. ඔහු හැංගිලා ඉන්නේ Medellín වලමයි. කවදත් එස්කොබාර්ට ආදරේ කරපු මිනිස්සු සමහරවිට ඔහුට ආරක්ෂාව සපයන්නට ඇති.

දිනය 1993 දෙසැම්බර් 02 වැනිදා. එක් ආරක්ෂයෙක් පමණයි ඔහුට ඉතිරිවෙලා හිටියේ. කොළොම්බියානු ආරක්ෂක අංශ වැටලීම් හමුවේ නැවතත් පැනල යන්න උත්සාහ කරපු එස්කොබාර්ට තවදුරටත් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඔහු මියයන්නේ ඔහුගේ කණ හරහා ගිය වෙඩි පහරකින්, වවාගත් රැවුළක් සහිතව, සපත්තු දෙකක්වත් නැතිව, මුඩුක්කු නිවාස වහලයක් උඩ මියයන එස්කොබාර් එක්ක ආරක්ෂක අංශ පින්තූර ගන්නේ ජයග්‍රාහී ලීලාවෙන්. ඔහුගේ කණට වෙඩි තියපු කෙනා ගැන නම් සඳහනක් නැහැ. ඔහුගේ පවුලේ අය නම් කියන්නේ, එස්කොබාර් කවදාවත් වෙන කෙනෙකුගේ වෙඩිල්ලකින් මැරුණේ නැහැ, ඔහු අනිවාර්යෙන්ම සිය දිවි නසා ගන්න ඇති කියලයි.

ආදර කතා:

María Henao එස්කොබාර් එක්ක විවාහ වෙද්දී ඇයට අවුරුදු 15 ක් විතර. ඇය ඔහු කෙරේ ආදරයෙන් වෙළෙන්නට හේතුව ඔහුගේ දඟකාර හිනාව, බැල්ම, වශීකෘත පෙනුම සහ දුප්පතුන් කෙරෙහි ඔහුගේ හිතේ තිබුණු දයාව වැනි කාරණාත් එක්ක බවයි මරියා පසුකාලීනව ප්‍රකාශ කර තිබුණේ. මුල ඉඳන්ම ඔහු ඇයට හොඳ මහත්මයෙක් වුණාලු.

එස්කොබාර්ගේ මරණයෙන් පස්සේ ඇයට සහ දරු දෙන්නාට කුමක් වෙන්නට ඇතිද? ඇයට සැලකිය යුතු කාලයක් රජයේ ආරක්ෂාව ලැබුණත් ඇගේ උත්සාහය වෙන්නේ වෙනත් රටකට යෑම.

මරියා කියන්නේ එස්කොබාර්ගේ ජීවිත කතාවේදී හමුවෙන විශේෂ ගැහැණියක්. බිරිඳ වීම පමණක්ම නෙවෙයි. ඇය හැමදාමත් එස්කොබාර්ට උපරිම සහයෝගයක් දුන්නු, ඔහුට බොහෝම ආදරෙන් හිටපු ගැහැණියක් කියලයි කියන්නේ. එස්කොබාර් ජීවත් වෙලා හිටපු කාලේදී ඇය සහ ඔහු අතර වුණු සංවාදවල පටිගතකිරීම්, Cali කාටලයේ ඇතැම් සාමාජිකයින් තමන්ගේ බිරින්දෑවරුන්ට අහන්න සලස්වලා තියෙන්නේ මෙන්න මෙහෙමයි ගෑණියෙක් / බිරිඳක් වුණාම හැසිරෙන්න ඕනේ කියලා. ඒ විශේෂත්වයම තමයි මරියාට සහ දරු දෙදෙනාගේ ජීවිත Cali කාටලයෙන් සහ Los PEPES කණ්ඩායමෙන් රැකෙන්නට හේතු වෙන්නේ. විශේෂයෙන්ම සිය පුත්‍රයා කිසිම දවසක ඔවුන්ගෙන් පළිගන්නේ නැති බවත්, කිසිම හේතුවක් නිසා තාත්තාගේ පාරේ නොයවන බවටත් මරියා පොරොන්දු වෙනවා. අඩුම තරමේ ඒ වෙද්දීවත් අයහපතට වැඩි ආයුෂ නැහැ කියලා මරියා තේරුම් අරන් ඉන්න ඇති.

ජීවිතේ රැකුණත් එස්කොබාර්ට හිමිව තිබුණු සියළු දේපළ Cali කාටලය විසින් අයිති කර ගන්නවා. මරියා වෙනත් රටක පිළිසරණ පැතුවත් කිසිම රටකින් ඔවුන්ව භාරගන්නේ නැහැ. නමුත් 1995 දී මොසැම්බික් රාජ්‍යයටත්, ඉන්පසුව බ්රුසීලයටත් පළා යන මරියාට සහ දරු දෙදෙනාට අවසානයේදී ආජන්ටිනාවේ පදිංචි වෙන්නට අවස්ථාව ලැබෙනවා. නම් ගම් පවා වෙනස් කරගනිමින් පළාගිය මරියා සාර්ථක ඉඩකඩම් ව්‍යවසායිකාවක් වනවා. ඇගේ නියම අනන්‍යතාවය හඳුනාගන්න ආජන්ටිනා රජය ඇය සතු ආදායම් / වත්කම් නීත්‍යානුකූලද යන්න සොයාබලන තුරු ඇයව නිවාස අඩස්සියේ පවා තැබෙනවා. ඇයට නිදහස ලැබෙන්නේ ඇගේ ක්‍රියාකාරකම් නීත්‍යානුකූල බව තහවුරු කරගත් පසුවයි.

ඇගේ පුත්‍රයා Juan Sebastián Marroquín Santos අදවන විට ගෘහ නිර්මාණ ශිල්පියෙක්. 2009 දී Nicolas Entel අධ්‍යක්ෂනය කරපු Sins of My Father වාර්තාමය වැඩසටහනින් Marroquín සිය පියාගෙන් අසාධාරණයට ලක්වුණු අයගෙන් සමාව බලාපොරොත්තු වුණා. විශේෂයෙන් එස්කොබාර් ඝාතනය කරවපු Rodrigo Lara අධිකරණ ඇමතිවරයාගේ පුතුන් සිව්දෙනා, Luis Carlos Galán ජනාධිපති අපේක්ෂකයාගේ පුතුන් ඇතුළු සියළු දෙනාගෙන්. 2014 දී Pablo Escobar නම් ග්‍රන්ථය හරහා සිය පියාගේ ජීවිත කතාව විස්තර කරන Marroquín විසින් Narcos කතා මාලාවේ එන සිදුවීම් ගණනාවක්ම සත්‍යයයෙන් තොර බව ප්‍රකාශ කර සිටියා. ඒ වගේම වඩාත් මතභේදයට තුඩුදුන් කාරණාව තමයි CIA ආයතනය සිය පියාගේ ව්‍යාපාරවලට උපකාර කරමින් ප්රතිලාභ උපයාගත්තැයි කියන ප්‍රකාශය.

එක අතකට එස්කොබාර් මහ පරිමාණයෙන් ඇමෙරිකාවට කොකේන් යවන්නත්, හම්බ කරපු මුදල් ආපහු කොළොම්බියාවට ගේන්නත් ඇමෙරිකාවෙන්ම නීත්‍යානුකූල උපකාර ලැබුණයි කියන කාරණාව පහසුවෙන් බැහැර කරන්නත් බැහැ.

එස්කොබාර්ගේ අම්මා කවදාවත් තමන්ගේ පුතා අපරාධකාරයෙක් කියන කාරණාව පිළිගත්තේ නැතිලු. 2006 දී Medellín වලදී මියගිය ඇය හැමදාමත් එස්කොබාර්ගේ අම්මා වීම ගැන ආඩම්බර වුණාලු.

එහෙම නම් යක්ෂයින් බිහිවෙන්නේ හුදෙක් තමන් තුළින්ම පමණක් නෙවෙයි, ඔහු වැඩෙන පරිසරය, ආශ්‍රය, ආභාෂය වගේ පරිබාහිර කාරණා බොහෝමයක් ඊට බලපාන්නට හැකි නොවේ ද?

ගත්තේ https://nimeshathanthrimudali.wordpress.com

[QUOTE="diwarathne, post: 23035969, member: 554526"] [IMG]https://nimeshathanthrimudali.files.wordpress.com/2017/09/1.jpg[/IMG] [SIZE="4"][B]”කොළොම්බියානු මිනිස්සු අතරේ කියමනක් තියෙනවා දෙවියෝ අපේ රට ලස්සනට මවලා තියෙනවා, ඒක අනෙක් රටවල්වලට වුණු අසාධාරණයක් කියලා. නමුත් ඒ හා සමානවම දෙවියෝ කොළොම්බියාව නමට යක්ෂයොත් ලියලා මවලා දීල තියෙනවා”. මේ කතාව කියන්නේ හිටපු කොළොම්බියානු ජනාධිපතිවරයෙක්, සඳහන් වෙන්නේ Narcos ටෙලි වෘතාන්තයේ[/B] [url]https://youtu.be/Ory6b2EJ3Bk[/url] [B]එක අතකට කොළොම්බියාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම තැනකම හොඳ නරක මිනිස්සු විවධ තලවලින් බිහිවෙනවා. ඒකට හේතු විවිධ වෙන්න පුළුවන්. මේ කතාව කොකේන් රජ්ජුරුවෝ විදියට කාලයක් හඳුන්වපු කොළොම්බියානු ජාතික පැබ්ලෝ එස්කොබාර් ගැන. එදා වගේම අදත් ලෝකයක් ඔහුව හදුන්වන්නේ යක්ෂයෙක් විදියට. ඒ විදියේ යක්ෂයෝ එදා වගේම අදත් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එස්කොබාර් විශේෂයි. ඇත්තටම ඔහු යක්ෂයෙක්ද ? එතකොට යක්ෂයා ඔහු විතරද? ඔහුට යක්ෂයෙක් වෙන්න මග පාදපු සිදුවීම් / පුද්ගලයෝ යක්ෂයෝ වෙන්න බැරිද? ———————————————————————————- එස්කොබාර් උපදින්නේ 1949 දී, ඔහුගේ පියා ගොවියෙක්. පොඩිකාලේ ඉඳන්ම ඔහු අධිෂ්ඨානශීලී කෙනෙක් කියලයි කියවෙන්නේ. යමක් තේරෙන කාලේ ඉඳන් ‘මම දවසක කොළොම්බියාවේ ජනාධිපති වෙනවයි’ කියන අධිෂ්ඨානයෙන් ජීවත් වුණත්, උසස් අධ්‍යාපනයක් නැති දුප්පත් ගොවියෙක්ගේ පුතෙක් ඒ ඉලක්කයට යන්නේ කොහොමද?[/B] [B]මුලින්ම සල්ලි හොයන්න ඕනේ, සල්ලි නැති මිනිහෙක්ට මුකුත් කරන්න බැහැ. ඔහුගේ මූලික හැඟීම වෙන්න ඇත්තේ ඒක. එහෙම කියන්න හේතුව තමයි සල්ලි හෙවීම වෙනුවෙන්ම මුලින් පොඩි පොඩි හොරකම් කරපු එස්කොබාර් පසුකාලීනව කොළොම්බියාවේ සිගරට් ජාවාරමට එකතුවීම. මේ සිගරට් ජාවාරම ඔහුට රහ වැටෙනවා වගේම හොඳ අත්දැකීමක් ලබන්නත් හේතුවනවා. සල්ලි ගස්: 1970 දශකය මුල් භාගය වෙද්දි කොළොම්බියාවේ මරි(ජු)වානා ප්‍රචලිත වෙනවා. ඒ වගේම කොළොම්බියාව ප්රමුඛ දකුණු ඇමෙරිකානු රටවල් කීපයක ‘සල්ලි ගස්’, ඒ කියන්නේ කොකෝවා වගාව ප්‍රචලිත වීමත් එක්ක කොකෙන් නිශ්පාදනයත් ඉහළ යනවා. ඉතින් නීත්‍යානුකූල නොවන කාලීන ප්රවණතා එක්ක මුහුවෙන්න එස්කොබාර්ට තිබුණු ස්ථානොචිත ප්‍රඥාවත් එක්ක 1975 වෙද්දි කොකේන් ජාවාරම තමන්ගේ අතට ගන්නේ ඒ වෙද්දි Medellín කාටලයේ නායකයා වෙමින්. ඔහුගේ සහකරුවා වෙන්නේ ඥාති සහෝදරයෙකු වුණු Gustavo Gaviria, ඔහු එස්කොබාර්ගේ ව්‍යාපාරේ යතුර විදියටයි සැලකුනේ. Plata o plomo: ස්පාඤ්ඤ භාෂාවෙන් ‘Plata o plomo’ හෙවත් ”accept money or face bullets” තමයි ඔහුගේ සරල ප්‍රතිපත්තිය. සීඝ්රයෙන් ව්‍යාප්ත වුණු ඔහුගේ බලයට ප්‍රධානම හේතුව වෙන්නෙ එවකට කොළොම්බියානු හමුදාව, පොලීසිය ඇතුළු රජයේ නිළධාරීන් පවා පගාවට වඩා තමන්ගේ ජීවිතවලට තිබුණු ආදරේ. ඔවුන්ගේ පවුල්වල විස්තර පවා දැනගෙන හිටපු එස්කොබාර්ට දේවල් පාලනය කරපු එක අපහසු වුණේ නැහැ. ඔහුගේ බලපෑම්වලට ලක්වුණු නිළධාරීන්ට, විනිසුරුවරුන්ට පගාවක් අරගෙන පැත්තකට වෙන්න සිද්ධ වුණා. නැත්නම් සිද්ධ වුණේ මැරෙන්න. ඔහු කියපු කතාවක් තමයි, ‘මම සමහර වෙලාවට දෙවියෙක්. මිනිහෙක් මැරෙන්න ඕනේ කියල මම හිතනවනම් ඒ මිනිහා එදායින් පස්සේ ජීවත් වෙන්නේ නැහැ’ කියලා.[/B] [B]ඇමෙරිකානුවෝ: 1979 වෙද්දි ඇමෙරිකාවට කොකේන් ප්‍රවාහනය කිරීම අරඹන එස්කොබාර් 1980 මැද භාගය වෙද්දි, ඇමෙරිකාවට රහ වැටුණු කොකේන් ජාවාරමේ සියයට 80 ක් හිමි ජාවාරම්කරුවා බවට පත්වෙනවා. ඇමරිකාවට විතරක් නෙවෙයි, යුරෝපයට වගේම සමහරවිට ආසියානු රටවල්වලටත් කොකොන් යවන ක්‍රියාවලියට ප්‍රධාන වශයෙන් දායක වෙන අය තමයි Carlos Lehder, Roberto Suárez Goméz සහ George Jung කියන ජාවාරම්කරුවන්. ඇමෙරිකාවේදී උපයපු මුදල් කන්දරාව කොළොම්බියාවට ගෙන එන්න විවිධ උපක්‍රම භාවිතා කරපු ඔහුට අන්තිමේදී සල්ලිවලට මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිවෙනවා. කූලී කාර් තුනක් විතරක් තිබුණු ව්‍යාපාරයකින් එස්කොබාර් සතියකට අමෙරිකානු ඩොලර් 5 ක කොටසක් ශුද්ධ කරගන්නවා. ඉතිරි මුදල් වළ දානවා, තවත් කොටසක් සිවිලිම්වල, බිත්තිවල හංගනවා. රොබින් හුඩ්? එස්කොබාර්ට පොඩි කාලේ ඉඳලම ඕනේ වුණේ කොළොම්බියාවේ ජනාධිපති වෙන්නනේ. ඉතින් ඔහුට ඊළඟට කරන්නේ මිනිස්සුන්ගේ හිත දිනා ගන්න එක. දුගී දුප්පත් මිනිස්සුන්ට සල්ලි බෙදන එක, නිවාස සංකීර්ණ, පාසැල්, පල්ලි, ක්‍රීඩාංගන හදල දෙන එක. ඒ පළාතේ මිනිස්සු ඔහුට සැලකුවේ දෙවියෙකුට වගේ. සමහර මාධ්‍ය පවා මුදලට ගත්තු ඔහුව, ඒ මාධ්‍යවලින් උලුප්පා තැබුවේ රොබින් හුඩ් කෙනෙක් විදියට.[/B] [B]1982 දී කොන්ග්රස් සභිකයෙක් (Colombian Liberal Party) විදියට තේරී පත්වෙන්න එස්කොබාර්ට අවස්ථාව උදාවෙන්නේ ඔහුගේ සමාජ සේවාවල පිහිටෙන්. නමුත් අවරුදු දෙකක් යන්නත් කලින් ඔහුට ඉල්ලා අස්වෙන්න සිද්ධ වෙනවා. හේතුව එවකට අධිකරණ ඇමතිවරයා Rodrigo Lara විසින් Medellín කාටලය සහ එස්කොබාර්ගේ නීතිවිරෝධි ජාවාරම් යම්කිසි සාක්ෂීන්ද සහිතව හෙළිකර සිටීම. ඉතින් එස්කොබාර්ගේ දේශපාලන ජීවිතේ ඉවර වෙනවා. නමුත් Lara ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. ගිවිසුම්: එතැනින් එස්කොබාර්ගේ දේශපාලන ජීවිතේ ඉවර වෙනවා විතරක් නෙවෙයි, ඔහුගේ ව්‍යාපාරවලටත් කොළොම්බියානු රජයෙන් නීතිමය බාධා ඇතිවෙන්න පටන් ගන්නවා. කොළොම්බියානු නීතිය යටතේ එස්කොබාර්ට විරුද්ධව ලිපිගොනු ගොඩ ගැහෙද්දී, ඇමෙරිකානු රජයටත් එස්කොබාර්ව දැනෙන්න පටන් ගන්නවා. ඇමෙරිකාව – කොළොම්බියාව අතර ඇතිවෙන ගිවිසුම අනුව අපරාධකරුවන් සියරට (ඇමෙරිකාවට) භාරදීමේ වගන්තිය යටතේ ඇමෙරිකානු DEA අනුබද්ධ නිළධාරීන් වගේම CIA (Central Intelligence Agency of the USA) ආයතනයත් එස්කොබාර්ව අල්ලන්න සැලසුම් සකස් කරනවා. ඔහුට ජීවිතේ ආපහු හැරිලා යන්න පාරක් තිබුණේ නැහැ. පැවතීම නැත්නම් මරණය කියන විකල්ප දෙක අතරින් ඔහුගේ උත්සාහය වෙන්නේ කොහොමහරි පැවතීම. ලිපිගොනු: 1985 අප්‍රේල් මාසේ දවසක M-19 නමින් හඳුන්වපු කොමියුනිස්ට් ගරිල්ලන් විසින් කොළොම්බියානු ශ්‍රේෂ්ඨාධිකරණය ආක්රමමණය කරමින් කැරැල්ලක් දියත් කරනවා. හේතුව මොකද්ද දන්නවද? ඇමෙරිකානු සහ කොළොම්බියානු නිළධාරීන් මහන්සිවෙලා එකතු කරපු එස්කොබාර් ඇතුළු කුඩු ජාවාරම්කරුවන්ගේ ලිපිගොනු ගිනිතියල විනාශ කරන්න. මේ වැඩේ පිටිපස්සේ හිටියෙත් එස්කොබාර් කියලයි කියන්නේ.[/B] [B]ඒ විතරක් නෙවෙයි හැමදාමත් කළා වගේ එස්කොබාර් තමන්ගේ ගැලවීම තහවුරු කරගන්න රජයේ උසස් නිළධාරීන්ව පගාවට යටත් කරගන්න උත්සාහ දරනවා. බැරිනම් ඝාතනය කරවනවා. මේ ඝාතන අතරින්, 1990 කොළොම්බියානු ජනාධිපතිවරණ අපේක්ෂක Luis Carlos Galán, නීතිපතිවරයෙක්, විනිසුරුවරු කීප දෙනෙකුගේ ඝාතන විශේෂ වෙනවා. Luis Carlos Galán බලයට ආවොත් තමන්ගේ වැඩකටයුතු ලේසි වෙන්නේ නැතිබව එස්කොබාර් දැනගෙන හිටියා. ඒ වගේම, ඊළග ජනාධිපති අපේක්ෂකයා වුණු Cesar Gaviria ඉලක්ක කරගෙන Avianca Flight 203 ගුවන්යානයට තියපු බෝම්බයටත් වගකියන්න ඕනේ එස්කොබාර්. කුමක් හෝ හෝඩුවාවක් මත Gaviria ගුවන් යානයේ නොහිටියත් මගීන් 107 ඉන් මිය යනවා. 1990 දී Gaviria ජනාධිපතිවරයා විදියට පත්වීම එස්කොබාර්ට සුබදායක වෙන්නේ නැහැ. Search Bloc: Search Bloc කියන්නේ කොළොම්බියානු ජෙනරාල්වරයෙකු වුණු Hugo Martinez යටතේ නිර්මාණය වුණු විශේෂ බලකායක්. මේ බලකායේ අරමුණු වෙන්නේ එවකට කොළොම්බියානු ගිලගෙන හිටපු කුඩු ජාවාරම්කරුවන් විනාශ කිරීම හෝ නීතියේ රැහැනට හසුකර ගැනීම. විශේෂයෙන් එස්කොබාර්ව. තමන්ට පාඩුවේ වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න කියල එස්කොබාර් කොළොම්බියානු රජයෙන් ඉල්ලනවා. ඒ ඉල්ලීම කිසිසේත්ම සුන්දර ඉල්ලීමක් නෙමෙයි. තමන්ට තිබුණු මුදල් සහ මැර බලයෙන් පොලිස් නිළධාරීන්, හමුදා නිළධාරීන්, තෝරාගත් දේශපාලඥයින්, රජයේ නිළධාරීන්, සිවිල් සේවකයින්, ජනමාධ්‍යවේදීන් හිතුමතේ මරා දමනවා. රටේ රදළයින්ව පැහැර ගනු ලබනවා. ඔහු විසින් මරදාපු පොලිස් නිළධාරින් දහස් ගණනක්. ඒත් එක්කම ඔහු සිදුකරපු bombing campaign එකෙන් සාමාන්යා මිනිස්සු පවා මරා දැමෙන්නේ කොළොම්බියාව යුධ පිටියක් බවට පත්කරවමින්.[/B] [B]Cali Cartel: Cali කාටලය කියන්නේ Medellín කාටලයේ සමකාලීන තරගකාරයෝ. එස්කොබාර්ගේ හතුරෝ. මේ වෙද්දි ඔවුන්ගේ උත්සාහය වෙන්නෙත් එස්කොබාර්ව නැතිකර දැමීම. ඒ වගේම මේ ආසන්න කාලේ දී Search Bloc විසින් එස්කොබාර්ගේ ඥාතී සහෝදරයා Gustavo Gaviria ව මරා දමනවා. ඒක එස්කොබාර්ට සිද්ධ වුණු විශාල පාඩුවක්. අනිත් පැත්තෙන් ඇමෙරිකාවේ බලපෑම්. යම්කිසි අවස්ථාවක තමන්ව නීතියේ රැහැනට අහුවුණොත් ඇමෙරිකාවේ හිර ගෙදරක ලගින්න වෙයි කියන සිතුවිල්ලට ඔහු වෛර කරනවා, ‘a grave in Colombia is better than a prison in America’ කියලයි ඔහු කියල තියෙන්නේ. නමුත් ඔහුට ඒ තරම් ඉක්මනට මැරෙන්න නම් කොහොමටවත් බලාපොරොත්තුවක් තිබිලා නැහැ. ඉතින් ඔහු කොළොම්බියානු රජයත් එක්ක ගිවිසුමකට එනවා. La Cathedral: Cesar Gaviria ජනාධිපතිවරයාට අවශ්යහ වෙන්නේ සාමකාමී රටක්. නමුත් එස්කොබාර්ට නිදහස දීමේ කැමැත්තකුත් ඔහු තුළ නැහැ. එස්කොබාර් තමන් විසින් සිදුකරමින් පවතින සියළු අපරාධ සම්පූර්ණයෙන් නවත්වන පොරොන්දුව පිට රජයට යටත් වෙනවා. නමුත් තමන්ව සිර කෙරෙන ස්ථානය තමන්ට රුචි විදියට තිබෙන්නට අවශ්යායයි කියන කොන්දේසිය මත. ඉතින් ජනාධිපති Gaviria ට ඉන් එහා සුදුසු විසඳුමක් තිබුණෙත් නැති තැන, මින් ඉදිරියට කුඩු ජාවාරම්වල නොයෙදිය යුතුය යන රජයේ කොන්දේසියත් එක්ක එස්කොබාර්ගේ යටත්වීම භාරගනු ලබනවා. ඒ 1991 දී. ඊට සමාන්තරව Search Bloc බලකාය අහෝසි කිරීමත්, ඇමෙරිකානු – කොළොම්බියානු ගිවිසුම අහෝසි කිරීමත් සිදුකෙරෙනවා.[/B] [B]ඉතින් එස්කොබාර් අළුත් නැවතුම තමයි, La Cathedral සිරගෙදර. සිර ගෙදරක් කිව්වට මේක සුඛෝපභෝගී සිර මැදුරක්. මෙහි ආරක්ෂකයින් පවා සේවයට ගන්නේ එස්කොබාර් විසින්මයි. සිර ගෙදරක හිටියත් තමන්ගේ ජාවාරම් කටයුතු නම් ඔහු නවත්වන්නේ නැහැ. කැසිනෝ, පාපන්දු ක්‍රීඩාංගන ඇතුළු සියළු සැප පහසුකම්වලින් යුත් මේ සිරගෙදරට හොර රහසේ එස්කොබාර්ව හමුවෙන්න Medellín කාටලයේ අනෙකුත් පාර්ශවකරුවන්, soccer ක්‍රීඩකයින්, නීතීඥයින්, රජයේ නිළධාරීන් වගේම ගණිකාවනුත් ආ ගිය බව කියැවෙනවා. Los PEPES – PErseguidos por Pablo EScobar: 1992 වර්ෂය මැද භාගය වෙද්දී එස්කොබාර් තවදුරටත් සිය ජාවාරම් සාර්ථකව කරගෙන යන බව තහවුරු කරගන්න කොළොම්බියානු රජය, නැවතත් යුද්ධයක ඇතිකරනොගෙන එස්කොබාර්ව තමන් වෙත නතු කරගැනීමේ උපාය මාර්ගයක් ගැන හිතන්න පටන් ගන්නවා. ඒ තමයි ඔහුව වෙනත් සිර ගෙදරකට මාරු කරවීම. නමුත් රජයේ සැලසුම් ගැන ඉව වැටුණු එස්කොබාර් සිර ගෙදරින් පලා යනවා. එස්කොබාර් පැන ගියායින් පස්සේ ඔහු තමන්ගේ පවුලත් එක්ක විවිධ තැන්වල ජීවත් වුණු බවයි කියවෙන්නේ. ඇමෙරිකානු ආරක්ෂක අංශ ගණනක (DEVGRU, Delta Force and Centra Spike) මැදිහත් වීම යටතේ Search Bloc බලකාය නැවතත් ක්‍රියාත්මක වනවා. ඔවුන් Medellín පීරමින් එස්කොබාර්ව හොයද්දී, එස්කොබාර් නැවතත් පොලිස් සහ හමුදා නිළධාරීන් මරන්න පටන් ගන්නවා. නමුත් මේ වෙද්දි Cali Cartel එක යටතේ ගොඩනැංවුණු Los PEPES කණ්ඩායම එස්කොබාර්ට විශාල තර්ජනයක් වෙනවා. Los PEPES හී අරමුණ වෙන්නේ එස්කොබාර්ව මරා දැමීම. Los PEPES විසින් 300 ක් පමණ එස්කොබාර්ගේ ආරක්ෂකයෝ, පාක්ෂිකයෝ සහ ඔහුගේ නීතිඥයා ඇතුළු පවුල අහුවෙන හැටියට මරා දමනවා වගේම Medellín කාටලයට අයත් දේපළ / රසායනාගාර පවා සොයමින් විනාශ කර දමනවා.[/B] [B]Los PEPES මැදිහත්වීම, කොළොම්බියානු රජයටත්, ඇමෙරිකානු ආරක්ෂක අංශවලටත් කියාපු අපූරු අවස්ථාවක් වෙනවා. මොකද එස්කොබාර් කාලෙකට කලින් කරපු මිනීමැරුම්, බෝම්බ ප්‍රහාර ආයෙමත් කරන්න ඔහුට වැඩි ඉඩක් ලැබෙන්නේ නැහැ. හැමෝගෙම අරමුණ වෙන්නේ එස්කොබාර් අල්ලන එක. අල්ලලා මරලා දාන එක. බහින කලාව: එස්කොබාර්ටත්, පවුලේ අයටත් ඉන්පස්සේ ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ හැංගිලා. ඔහුගේ ව්‍යාපාර පවා බංකොලොත් වෙන තත්ත්වයක් උදාවෙලා තිබුණා. තමන් හම්බ කරපු මුදල් හංගපු තැන් ඔහුට මතක තිබුණෙත් නැතිව ඇති. ඔහුගේ පුත්රංයා කියන විදියට මේ කාලේ දී ඔවුන් ජීවත් වෙලා තිබුණේ ගෙපැළවල දුක්ඛිතව. කොහොම වුණත් එස්කොබාර්ව හොයා ගන්න එක කාටවත් පහසු වුණේ නැහැ. කිසිම අපරාධයකට සම්බන්ධ නොවුණු තමන්ගේ බිරිඳ සහ දරු දෙන්නාව රටින් පිට කරවන්න එස්කොබාර් තීරණය කරනවා. ඔවුන් යන්නේ ජර්මනියට. නමුත් කුමක් හෝ හේතුවක් නිසා ජර්මනියෙන් ඔවුන්ව භාර ගන්නේ නැහැ. ඒ වෙනුවට නැවත කොළොම්බියාවට හරවා එවනු ලබනවා. Los PEPES වෙතින් තිබුණු තර්ජනයන් නිසා කොළොම්බියානු රජය ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයනු ලබනවා. මරණය: එස්කොබාර් La Cathedral සිරගෙදරින් පැනල ගිහින් මාස 16 කට පස්සේ, Hugo Martínez ප්රමුඛ Serach Bloc ගුවන් විදුලි සන්නිවේදන අංශය මගින් ඔහු හැංගිලා හිටපු තැන ගැන හෝඩුවාවක් සපයා ගන්නවා. ඔහු හැංගිලා ඉන්නේ Medellín වලමයි. කවදත් එස්කොබාර්ට ආදරේ කරපු මිනිස්සු සමහරවිට ඔහුට ආරක්ෂාව සපයන්නට ඇති.[/B] [B]දිනය 1993 දෙසැම්බර් 02 වැනිදා. එක් ආරක්ෂයෙක් පමණයි ඔහුට ඉතිරිවෙලා හිටියේ. කොළොම්බියානු ආරක්ෂක අංශ වැටලීම් හමුවේ නැවතත් පැනල යන්න උත්සාහ කරපු එස්කොබාර්ට තවදුරටත් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඔහු මියයන්නේ ඔහුගේ කණ හරහා ගිය වෙඩි පහරකින්, වවාගත් රැවුළක් සහිතව, සපත්තු දෙකක්වත් නැතිව, මුඩුක්කු නිවාස වහලයක් උඩ මියයන එස්කොබාර් එක්ක ආරක්ෂක අංශ පින්තූර ගන්නේ ජයග්‍රාහී ලීලාවෙන්. ඔහුගේ කණට වෙඩි තියපු කෙනා ගැන නම් සඳහනක් නැහැ. ඔහුගේ පවුලේ අය නම් කියන්නේ, එස්කොබාර් කවදාවත් වෙන කෙනෙකුගේ වෙඩිල්ලකින් මැරුණේ නැහැ, ඔහු අනිවාර්යෙන්ම සිය දිවි නසා ගන්න ඇති කියලයි. ———————————————————————————-[/B] [B]ආදර කතා: María Henao එස්කොබාර් එක්ක විවාහ වෙද්දී ඇයට අවුරුදු 15 ක් විතර. ඇය ඔහු කෙරේ ආදරයෙන් වෙළෙන්නට හේතුව ඔහුගේ දඟකාර හිනාව, බැල්ම, වශීකෘත පෙනුම සහ දුප්පතුන් කෙරෙහි ඔහුගේ හිතේ තිබුණු දයාව වැනි කාරණාත් එක්ක බවයි මරියා පසුකාලීනව ප්‍රකාශ කර තිබුණේ. මුල ඉඳන්ම ඔහු ඇයට හොඳ මහත්මයෙක් වුණාලු. එස්කොබාර්ගේ මරණයෙන් පස්සේ ඇයට සහ දරු දෙන්නාට කුමක් වෙන්නට ඇතිද? ඇයට සැලකිය යුතු කාලයක් රජයේ ආරක්ෂාව ලැබුණත් ඇගේ උත්සාහය වෙන්නේ වෙනත් රටකට යෑම. මරියා කියන්නේ එස්කොබාර්ගේ ජීවිත කතාවේදී හමුවෙන විශේෂ ගැහැණියක්. බිරිඳ වීම පමණක්ම නෙවෙයි. ඇය හැමදාමත් එස්කොබාර්ට උපරිම සහයෝගයක් දුන්නු, ඔහුට බොහෝම ආදරෙන් හිටපු ගැහැණියක් කියලයි කියන්නේ. එස්කොබාර් ජීවත් වෙලා හිටපු කාලේදී ඇය සහ ඔහු අතර වුණු සංවාදවල පටිගතකිරීම්, Cali කාටලයේ ඇතැම් සාමාජිකයින් තමන්ගේ බිරින්දෑවරුන්ට අහන්න සලස්වලා තියෙන්නේ මෙන්න මෙහෙමයි ගෑණියෙක් / බිරිඳක් වුණාම හැසිරෙන්න ඕනේ කියලා. ඒ විශේෂත්වයම තමයි මරියාට සහ දරු දෙදෙනාගේ ජීවිත Cali කාටලයෙන් සහ Los PEPES කණ්ඩායමෙන් රැකෙන්නට හේතු වෙන්නේ. විශේෂයෙන්ම සිය පුත්‍රයා කිසිම දවසක ඔවුන්ගෙන් පළිගන්නේ නැති බවත්, කිසිම හේතුවක් නිසා තාත්තාගේ පාරේ නොයවන බවටත් මරියා පොරොන්දු වෙනවා. අඩුම තරමේ ඒ වෙද්දීවත් අයහපතට වැඩි ආයුෂ නැහැ කියලා මරියා තේරුම් අරන් ඉන්න ඇති.[/B] [B]ජීවිතේ රැකුණත් එස්කොබාර්ට හිමිව තිබුණු සියළු දේපළ Cali කාටලය විසින් අයිති කර ගන්නවා. මරියා වෙනත් රටක පිළිසරණ පැතුවත් කිසිම රටකින් ඔවුන්ව භාරගන්නේ නැහැ. නමුත් 1995 දී මොසැම්බික් රාජ්‍යයටත්, ඉන්පසුව බ්රුසීලයටත් පළා යන මරියාට සහ දරු දෙදෙනාට අවසානයේදී ආජන්ටිනාවේ පදිංචි වෙන්නට අවස්ථාව ලැබෙනවා. නම් ගම් පවා වෙනස් කරගනිමින් පළාගිය මරියා සාර්ථක ඉඩකඩම් ව්‍යවසායිකාවක් වනවා. ඇගේ නියම අනන්‍යතාවය හඳුනාගන්න ආජන්ටිනා රජය ඇය සතු ආදායම් / වත්කම් නීත්‍යානුකූලද යන්න සොයාබලන තුරු ඇයව නිවාස අඩස්සියේ පවා තැබෙනවා. ඇයට නිදහස ලැබෙන්නේ ඇගේ ක්‍රියාකාරකම් නීත්‍යානුකූල බව තහවුරු කරගත් පසුවයි. ඇගේ පුත්‍රයා Juan Sebastián Marroquín Santos අදවන විට ගෘහ නිර්මාණ ශිල්පියෙක්. 2009 දී Nicolas Entel අධ්‍යක්ෂනය කරපු Sins of My Father වාර්තාමය වැඩසටහනින් Marroquín සිය පියාගෙන් අසාධාරණයට ලක්වුණු අයගෙන් සමාව බලාපොරොත්තු වුණා. විශේෂයෙන් එස්කොබාර් ඝාතනය කරවපු Rodrigo Lara අධිකරණ ඇමතිවරයාගේ පුතුන් සිව්දෙනා, Luis Carlos Galán ජනාධිපති අපේක්ෂකයාගේ පුතුන් ඇතුළු සියළු දෙනාගෙන්. 2014 දී Pablo Escobar නම් ග්‍රන්ථය හරහා සිය පියාගේ ජීවිත කතාව විස්තර කරන Marroquín විසින් Narcos කතා මාලාවේ එන සිදුවීම් ගණනාවක්ම සත්‍යයයෙන් තොර බව ප්‍රකාශ කර සිටියා. ඒ වගේම වඩාත් මතභේදයට තුඩුදුන් කාරණාව තමයි CIA ආයතනය සිය පියාගේ ව්‍යාපාරවලට උපකාර කරමින් ප්රතිලාභ උපයාගත්තැයි කියන ප්‍රකාශය.[/B] [B]එක අතකට එස්කොබාර් මහ පරිමාණයෙන් ඇමෙරිකාවට කොකේන් යවන්නත්, හම්බ කරපු මුදල් ආපහු කොළොම්බියාවට ගේන්නත් ඇමෙරිකාවෙන්ම නීත්‍යානුකූල උපකාර ලැබුණයි කියන කාරණාව පහසුවෙන් බැහැර කරන්නත් බැහැ. එස්කොබාර්ගේ අම්මා කවදාවත් තමන්ගේ පුතා අපරාධකාරයෙක් කියන කාරණාව පිළිගත්තේ නැතිලු. 2006 දී Medellín වලදී මියගිය ඇය හැමදාමත් එස්කොබාර්ගේ අම්මා වීම ගැන ආඩම්බර වුණාලු. එහෙම නම් යක්ෂයින් බිහිවෙන්නේ හුදෙක් තමන් තුළින්ම පමණක් නෙවෙයි, ඔහු වැඩෙන පරිසරය, ආශ්‍රය, ආභාෂය වගේ පරිබාහිර කාරණා බොහෝමයක් ඊට බලපාන්නට හැකි නොවේ ද?[/B] [/SIZE] ගත්තේ [url]https://nimeshathanthrimudali.wordpress.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom