Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
I won't write further more.... මම තවදුරටත් නොලියම්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I won't write further more.... මම තවදුරටත් නොලියම්....

සංචරණය මගේ ජීවිතේ කොටසක්... 2012 අවුරුද්දේ මම මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ සංචරණ අත්දැකීම් පරිසර ලෝලී සහෘදයන් සමග බෙදා ගන්නටත්, එවන් අත්දැකීමක් ලබන්නට වාසනාවන්ත නොවූ උදවිය වර්චුවලි හෝ එවන් තැන් වෙත කැන්දාගෙන යන්නටත්.

නමුත් මම දැන් හැරවුම් ලක්ෂ්යයක් වෙත ළඟා වී ඇති බවකුයි මට හැඟෙන්නේ... තව දුරටත් මා අතින් සංචාරක සටහන් ලියවෙන එකක් නෑ.. ඊට හේතුව බ්ලොග් පාඨක සහෘද ඔබේ වරදක් නොවෙයි. එන්න එන්නම රටේ පාරිසරික සංචරණය ගමන් කරන මග දිහා බලා සිටීමෙන් ඇති වූ තිගැස්ම විසින් ඇති කරන ලද්දක්.

රටේ පාරිසරික වශයෙන් වැදගත් හා සංවේදී ස්ථාන වෙත සංචාර සංවිධාන කරන ෆේස්බුක් පේජ් හා වෙනත් සංවිධාන අද වැහි වැහලා. හැම සති අන්තයකම වගේ ඔවුන් සංවිධානය කරන ඉවෙන්ට්ස් දැන් දැක ගන්නට පුළුවනි. මිනිසුන් පාරිසරික සංවේදී ස්ථාන වෙත සංචාරය කිරීම යහපත් ප්රවණතාවයක් ලෙස බැලූ බැල්මට පෙනුනත් එය මහා විනාශයක පෙර නිමිත්තක් බවයි මට පෙනෙන්නේ...

මේ සංවිධානවල මූලික අරමුණ මුදල්... ඒ ගැන කිසිම තර්කයක් නෑ... ඉතින් ඔවුන් උත්සාහ කරන්නේ තම කණ්ඩායමට උපරිම සාමාජික පිරිසක් සහභාගි කර ගන්නටයි. මේ එක කණ්ඩායමක් පසුගිය දා බොගවන්තලාව හරිත කන්ද පරිශ්රයේ සංවිධානය කළ චාරිකාවට සහභාගි වූ පිරිස හැට දෙනෙක්.... මෙන්න බලන්න... https://www.facebook.com/SobasiriSL/videos/1322101881148051/

මෙවන් සංවේදී පරිසර පද්ධතියක මෙවන් විශාල පිරිසක් කඳවුරු බැඳීම කෙසේ වෙතත් නිකමට ඇවිද ගියත් ඇතිවන හානිය කොපමණදැයි සිතා බලන්න.

මේ යන හැමදෙනාම පරිසරය කෙරෙහි සංවේදී උදවිය බවට සහතික විය හැක්කේ කාටද? මෙවන් විශාල පිරිසක් පරිසරයට හානියක් නොවන සේ හැසිරීමෙන් වළක්වා ගන්නට එම කණ්ඩායමේ නායකයාට හැකියාවක් තිබේද?

මා පසුගිය වසරේ චැරියට් පාත් යද්දී එය ඉතා හුදෙකලා සුන්දර පරිසර පද්ධතියක්. නමුත් දැන් හැම සති අන්තයකම පාහේ එය ඉතා කාර්යබහුල ස්ථානයක් බවට පත් වෙලා. හැම සති අන්තයකම පාහේ චැරියට් පාත් හි සංවිධානය වන ඉවෙන්ට්ස් ගැන දැන්වීම් නිරන්තරයෙන් ෆේස්බුක්හි දක්න්නට පුළුවනි. හුදෙකලා සුන්දර ගම්මානයක් වූ මීමුරේටත්, මන්දාරම් නුවරත් අත් වී තිබෙන ඉරණම මා අමුතුවෙන් විස්තර කළ යුතු නෑ. මේ අතර ඉතා වගකීමෙන් සීමිත පිරිසක් සමග සැබෑ පරිසර චාරිකා සංවිධානය කරන අතළොස්සක් සංවිධානද තිබෙන බව කිව යුතුමයි. පෙරකී උදවිය නිසා ඔවුනුත් අපහසුතාවයට ලක්වෙලා තියෙනවා.

මේ අකටයුතුකම් නිසාම දැන් කුරුලන්ගල කඳවුරු බැඳීම තහනම්, ඇල්ල, නමුණුකුල කඳවුරු බඳින්නට සැබෑ සංචාරකයෙකුටවත් දැන් අවස්ථාව නෑ... යන තැන අනුන් දමා ආ කුණු ටිකත් එකතු කරගෙන ආ අප වැනි සංචාරකයන්ට අත් වී තිබෙන්නේ කණගාටුදායක ඉරණමක්...

මේ විනාශයට සංචාරක බ්ලොග් කරුවෙකු ලෙස මාද වගකිව යුතු බවයි මට හැඟෙන්නේ... මේ විනාශයට යම් තාක් දුරකට මාද වගකිව යුතු බව මගේ හෘදය සාක්ෂිය නගන චෝදනාවෙන් ගැලවෙන්නට මට ඉඩක් නෑ...

ඒ නිසා මම ලියන්නේ නෑ... ආයෙත් මගේ බ්ලොග් අඩවියේ සංචාරක සටහන් ලියවෙන්නේ නෑ... මා ආගිය සුන්දර තැන්වල මතකයන් මා තුළම තිබුණා වේ... ස්වභාව ධර්මය මේ අඩවිය හරහා වින්ද හැබෑ පරිසර ලෝලීන් මට සමාවෙයල්ලා....

නමුත් මා මේ අඩවිය තුළ පරිසරය සම්බන්ධ අනෙකුත් සෙසු කාරණා කතා බහ කරන්නට ඉඩහසර වෙන් කර ගන්නවා. මේ දිනවල අවුරුදු පහක් මගේ ඇඟේම කොටසක් වගේ තිබුණු කැමරාව ක්රියාවිරහිත වීම නිසා මම ඉන්නේ අශ්වයා මැරිච්ච කව්බෝයි වගේ... ආර්ථික තත්ත්වය යහපත් වී කැමරාවක් මිලදී ගත් සැණින් මා නැවතත් පරිසරය හා බැඳුණු නොයෙක් කරුණු සමගින් ඔබ හමුවට එන්නම්...

http://sobaroo.blogspot.com

[QUOTE="leodilshan, post: 21319781, member: 466762"] [b]I won't write further more.... මම තවදුරටත් නොලියම්....[/b] [SIZE="4"] [CENTER][IMG]https://4.bp.blogspot.com/-f2VFg3Wfeak/WL-HKKYZOJI/AAAAAAAAB1c/8qWmac3fPHs7C_Xu6bizuShRKpPiDEIRwCLcB/s1600/13537808_10154470894246435_5674960172685992266_n.jpg[/IMG][/CENTER] සංචරණය මගේ ජීවිතේ කොටසක්... 2012 අවුරුද්දේ මම මේ බ්ලොග් එක පටන් ගත්තේ මගේ සංචරණ අත්දැකීම් පරිසර ලෝලී සහෘදයන් සමග බෙදා ගන්නටත්, එවන් අත්දැකීමක් ලබන්නට වාසනාවන්ත නොවූ උදවිය වර්චුවලි හෝ එවන් තැන් වෙත කැන්දාගෙන යන්නටත්. නමුත් මම දැන් හැරවුම් ලක්ෂ්යයක් වෙත ළඟා වී ඇති බවකුයි මට හැඟෙන්නේ... තව දුරටත් මා අතින් සංචාරක සටහන් ලියවෙන එකක් නෑ.. ඊට හේතුව බ්ලොග් පාඨක සහෘද ඔබේ වරදක් නොවෙයි. එන්න එන්නම රටේ පාරිසරික සංචරණය ගමන් කරන මග දිහා බලා සිටීමෙන් ඇති වූ තිගැස්ම විසින් ඇති කරන ලද්දක්. රටේ පාරිසරික වශයෙන් වැදගත් හා සංවේදී ස්ථාන වෙත සංචාර සංවිධාන කරන ෆේස්බුක් පේජ් හා වෙනත් සංවිධාන අද වැහි වැහලා. හැම සති අන්තයකම වගේ ඔවුන් සංවිධානය කරන ඉවෙන්ට්ස් දැන් දැක ගන්නට පුළුවනි. මිනිසුන් පාරිසරික සංවේදී ස්ථාන වෙත සංචාරය කිරීම යහපත් ප්රවණතාවයක් ලෙස බැලූ බැල්මට පෙනුනත් එය මහා විනාශයක පෙර නිමිත්තක් බවයි මට පෙනෙන්නේ... මේ සංවිධානවල මූලික අරමුණ මුදල්... ඒ ගැන කිසිම තර්කයක් නෑ... ඉතින් ඔවුන් උත්සාහ කරන්නේ තම කණ්ඩායමට උපරිම සාමාජික පිරිසක් සහභාගි කර ගන්නටයි. මේ එක කණ්ඩායමක් පසුගිය දා බොගවන්තලාව හරිත කන්ද පරිශ්රයේ සංවිධානය කළ චාරිකාවට සහභාගි වූ පිරිස හැට දෙනෙක්.... මෙන්න බලන්න... [url]https://www.facebook.com/SobasiriSL/videos/1322101881148051/[/url] මෙවන් සංවේදී පරිසර පද්ධතියක මෙවන් විශාල පිරිසක් කඳවුරු බැඳීම කෙසේ වෙතත් නිකමට ඇවිද ගියත් ඇතිවන හානිය කොපමණදැයි සිතා බලන්න. මේ යන හැමදෙනාම පරිසරය කෙරෙහි සංවේදී උදවිය බවට සහතික විය හැක්කේ කාටද? මෙවන් විශාල පිරිසක් පරිසරයට හානියක් නොවන සේ හැසිරීමෙන් වළක්වා ගන්නට එම කණ්ඩායමේ නායකයාට හැකියාවක් තිබේද? මා පසුගිය වසරේ චැරියට් පාත් යද්දී එය ඉතා හුදෙකලා සුන්දර පරිසර පද්ධතියක්. නමුත් දැන් හැම සති අන්තයකම පාහේ එය ඉතා කාර්යබහුල ස්ථානයක් බවට පත් වෙලා. හැම සති අන්තයකම පාහේ චැරියට් පාත් හි සංවිධානය වන ඉවෙන්ට්ස් ගැන දැන්වීම් නිරන්තරයෙන් ෆේස්බුක්හි දක්න්නට පුළුවනි. හුදෙකලා සුන්දර ගම්මානයක් වූ මීමුරේටත්, මන්දාරම් නුවරත් අත් වී තිබෙන ඉරණම මා අමුතුවෙන් විස්තර කළ යුතු නෑ. මේ අතර ඉතා වගකීමෙන් සීමිත පිරිසක් සමග සැබෑ පරිසර චාරිකා සංවිධානය කරන අතළොස්සක් සංවිධානද තිබෙන බව කිව යුතුමයි. පෙරකී උදවිය නිසා ඔවුනුත් අපහසුතාවයට ලක්වෙලා තියෙනවා. මේ අකටයුතුකම් නිසාම දැන් කුරුලන්ගල කඳවුරු බැඳීම තහනම්, ඇල්ල, නමුණුකුල කඳවුරු බඳින්නට සැබෑ සංචාරකයෙකුටවත් දැන් අවස්ථාව නෑ... යන තැන අනුන් දමා ආ කුණු ටිකත් එකතු කරගෙන ආ අප වැනි සංචාරකයන්ට අත් වී තිබෙන්නේ කණගාටුදායක ඉරණමක්... මේ විනාශයට සංචාරක බ්ලොග් කරුවෙකු ලෙස මාද වගකිව යුතු බවයි මට හැඟෙන්නේ... මේ විනාශයට යම් තාක් දුරකට මාද වගකිව යුතු බව මගේ හෘදය සාක්ෂිය නගන චෝදනාවෙන් ගැලවෙන්නට මට ඉඩක් නෑ... ඒ නිසා මම ලියන්නේ නෑ... ආයෙත් මගේ බ්ලොග් අඩවියේ සංචාරක සටහන් ලියවෙන්නේ නෑ... මා ආගිය සුන්දර තැන්වල මතකයන් මා තුළම තිබුණා වේ... ස්වභාව ධර්මය මේ අඩවිය හරහා වින්ද හැබෑ පරිසර ලෝලීන් මට සමාවෙයල්ලා.... නමුත් මා මේ අඩවිය තුළ පරිසරය සම්බන්ධ අනෙකුත් සෙසු කාරණා කතා බහ කරන්නට ඉඩහසර වෙන් කර ගන්නවා. මේ දිනවල අවුරුදු පහක් මගේ ඇඟේම කොටසක් වගේ තිබුණු කැමරාව ක්රියාවිරහිත වීම නිසා මම ඉන්නේ අශ්වයා මැරිච්ච කව්බෝයි වගේ... ආර්ථික තත්ත්වය යහපත් වී කැමරාවක් මිලදී ගත් සැණින් මා නැවතත් පරිසරය හා බැඳුණු නොයෙක් කරුණු සමගින් ඔබ හමුවට එන්නම්... [url]http://sobaroo.blogspot.com[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom