Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMF ණය ලැබුණත්, ප්‍රතිපත්ති වෙනස් නොකළොත් අපි පරාදයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න

රටේ දේශපාලන ආර්ථික පරිසරයේ විශ්වසනීයත්වය සමග ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ දැන්වත් සිදු නොවන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ වෙනයම් පාර්ශ්වයකින් ණය මුදලක් ලබාගැනීම තුළ තවත් මාස කිහිපයකට ආර්ථිකය ගැට ගසා ගැනීමක් විනා, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ස්ථිරසාර විසඳුමක් නොලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අවධාරණය කරයි.

රට තුළ උද්ධමනය තවත් මාස කිහිපයක් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කරද්දී, ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම තාවකාලිකව නවතා දමමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මෙන්ම, ඉන්දියාව ඇතුළු තවත් රටවල් සහ ජාත්‍යන්තර ආයතනවලින් ණය බලාපොරොත්තුවෙන් සිටින පසුබිමක, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි මාස කිහිපය තුළ නිවැරදි මාවතක් වෙත එලැඹෙනු ඇති දැයි කියා අප කළ විමසීමකදී මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා,

"දැන් අද අපි වැටී සිටින මේ අර්බුදය වෙත, පහුගිය අවුරුදු 10ක කාලය තුළ ශ්‍රී ලංකාව රැගෙන ආ තත්ත්වයක් තමයි, තියෙන්නෙ. යුද්ධය අවසන් වූ දා සිටම අපිව මේ අර්බුදය කරා රැගෙන ගියා. අපි නිකම්ම මේ අර්බුදය කරා පැමිණියා නොවෙයි. ශ්‍රී ලංකාව, රටේ ජනතාව, ජාතියක් ලෙස, මේ සියල්ල මේ අර්බුදයට අරගෙන ගියා. එතැනදි, මේ අර්බුදය කරා රැගෙන ආ එක් ක්‍රමයක් වුණේ, වංචාව හා දූෂණයයි. අනෙක් කාරණය අපට ගෙවා ගන්න බැරි ණය ගැනීමයි. ඒ වගේම, ප්‍රධාන දේ අවශ්‍යම කරන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදු නොකිරීමයි. ඒක අපි සියලු දෙනා දැකපු දෙයක්. රටේ ආණ්ඩුවේ මූල්‍ය කටයුතු, අයවැය සහ විදේශ මූල්‍ය කටයුතු, ඒ කියන්නෙ, ගෙවුම් ශේෂය සම්බන්ධයෙන් එදා සිටම අපට මූලික ගැටලු තිබුණා. ඒවා විසඳන්න කිසිදු උත්සාහයක් අරගෙන නැහැ. එවැනි උත්සාහයක් නොගෙන, ණය ලබාගැනීම සහ වංචා දූෂණ තුළින් මේ රට මෙතැනට රැගෙන ආවා. එසේ ගෙනැවිත්, පහුගිය අවුරුදු දෙක තුළ, එනම්, 2020 මාර්තු - අප්‍රේල් මාසවල ඉඳලා අපි කොවිඩ් ප්‍රශ්නයට මුහුණ දුන්නා. එතැනදි අපට තිබුණු, සංචාරක කර්මාන්තයත්, විදේශ ප්‍රේෂණත් කඩා වැටීමෙන් අප තවත් අමාරුවේ වැටුණු ආකාරයක් දකින්න ලැබුණා."

ඉන්නවාටත් වඩා අමාරුවක වැටෙයිද?

"දැන් අපි ඒ අවුරුදු දෙක තුළත් කළ කිසිම දෙයක් නැහැ. පහුගිය අවුරුදු දෙකේදි රටේ තිබුණු මූලිකම, ඒ කිව්වෙ, රාජ්‍ය මූල්‍ය සහ විදේශ මූල්‍ය කියන කාරණා දෙක සම්බන්ධයෙන් ගත්තු කිසිම වැදගත් ක්‍රියාමාර්ගයක් නැහැ. හැබැයි අපි ණය ගත්තා. ණය අරගෙන සල්ලි අච්චු ගහලා අපි මේ ප්රශ්නය තවත් උග්‍රව මෙතැනට අරගෙන ආවා. දැන් අපි IMF එකෙන් සහ ඉන්දියාව ඇතුළුව තවත් අයගෙන් තවත් ණය බලාපොරොත්තු වෙනවා. ඉතිං මේ විදියට ණය අරගෙන තෙල් ටිකක්, ගෑස් ටිකක්, කෑම බීම ටිකක් ගෙනල්ලා, වංචා දූෂණවලටත් ඒකෙන් කොටසක් වෙන් කරගෙන අපට තවත් ටික කාලයකට ඉන්න පුළුවන් වෙයි. හැබැයි අපි ඒ මාර්ගයේම ගමන් කළොත්, තව මාස කිහිපයකින්, එහෙම නැත්නම් තව අවුරුද්දකින් මේ ඉන්නවාටත් වඩා අමාරුවක තමයි, අපිව වැටෙන්නේ."

හේනක් කොටාගෙන ඉන්න වෙයිද?

"එතකොට දැන් තියෙන මූලික දේ IMF එකට යෑමවත්, ඉන්දියාවට හෝ වෙනත් රටකට යෑමවත් නොවෙයි. අපේ රටේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වහාම සිදුකළ යුතුයි. ඒ කිව්වෙ, 2009 යුද්ධයෙන් පසුව කළ යුතුව තිබුණු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදුකළා නම්, අප අද මෙතැනට එන්නේ නැහැ. අඩුම තරමින්, කොවිඩ් ප්‍රශ්නයෙන් වැටුණු වෙලාවෙදිවත් ඒ ප්‍රතිසංස්කරණ අප ආරම්භ කළා නම්, ඒ හොඳම අවස්ථාවත් මගනොහැර සිටියා නම්, ඒත් අද මේ වැටුණු තැනට අපි එන්නේ නැහැ. ඒ අනුව, බෙල්ල ළඟටම ගිලී ඇති මේ අවස්ථාවේදීත් අපි ඒ මාර්ගයේම ගමන් කළොත්, මේ කඩා වැටීම නවතින්නෙත් නැහැ. මොකද දැනටමත් අපි බංකොලොත් වෙලා ඉන්නේ. ඒ බංකොලොත් වීමෙත් එක එක මට්ටම් තියෙනවා. ඊළඟට එන මට්ටම තමයි, නාගරික ව්‍යාපාර කියන ඒවා කිසිවක් ගෙනියන්න බැරි මට්ටමට වැටෙනවා. තෙල් නැහැ, ගෑස් නැහැ, කෑම බීම නැහැ. මුකුත්ම විදේශ ආදායමක් එන්නෙත් නැහැ. අපනයන කරන්න බැහැ. අපනයන නිෂ්පාදනයට යෙදවුම් නැහැ. ඒවා දැනටමත් ටික ටික තියෙන දේවල්. ඒ විදියට මේ ප්රශ්නය තව තවත් උග්‍ර වෙලා, ඊට පස්සේ අපි බොහොම ප්‍රාථමික විදියට හේනක් ගොවිතැනක් කරගෙන ඉන්න මට්ටමට යනවා. ඒක තමයි, ඒකෙ පහළම මට්ටම. එතනදි හැකියාවක් තියෙන අය රට හැරලා යයි. අනිත් අය එතැනට වැටෙනවා."

IMF වෙත දෙන සහතිකය කුමක්ද?

"පාලකයන් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවලට අත නොතබන තාක්කල් දිනුමක් නැහැ. අපි පරාදයි. අපි තව තවත් හිරවෙන එක තමයි, වෙන්නේ. ඒ වගේම IMF එකත් අපි ඉල්ලන පරක්කුවට සාක්කුවෙන් අරගෙන ණය ලබාදෙන එකක් නැහැ. ඒ සඳහා කොන්දේසි පණවයි. ඒ කොන්දේසිවලට එකඟ වෙන්න වෙයි. ඒ වගේම මේ ණය ලබාදෙන්නේ කොටස් වශයෙන්. කොටස් වශයෙන් දෙන්නේ ප්‍රගතිය බලලා. හැබැයි පහුගිය 16 වතාවක්ම කිසිම ප්‍රගතියක් නැතිව ඒ සල්ලි ලබාගත් බව අපි දන්නවා. ඉතින්, 'මේ පහුගිය 16 වතාවේම ඔයගොල්ලො හරියට කළේ නැහැ, මේ 17 වැනි වතාවේ ඔයගොල්ලො හරියට කරනවා කියලා, මොකක්ද අපිට දෙන සහතිකේ?' කියලා IMF එකත් නොඅසා ඉන්න විදියකුත් නැහැ."

මහ බැංකුවට විජ්ජාවක් කළ හැකිද?

"මේ අර්බුදයේදී මහ බැංකුවට තිබෙන කාර්යභාරය බොහොම පුංචි එකක්. මහ බැංකුවට තියෙන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය හදාගැනීමයි. මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නෙ මොකක්ද, පොලී අනුපාත සකස්කර ගැනීම සහ රටේ මුදල් අච්චු ගැසීම වගේ දේවල්වලට නොයා මුදල් තොගය පාලනය කර ගැනීමයි. ඔය දෙකෙන් පිට මේ අවස්ථාවේ මහ බැංකුවට කරන්න තියෙන්නෙ බොහොම අල්ප කටයුත්තක්. ඒ නිසා මහ බැංකුවේ කාර්යභාරය නොවෙයි, මෙතනදි වඩාත් වැදගත් වෙන්නේ. මහ බැංකුවට කරන්න දෙයක් නැහැ, ඇත්තටම කිව්වොත්. රටේ සමස්ත ප්‍රතිපත්ති සංශෝධනයට තමයි, වැඩි බරක් දිය යුත්තේ."

ප්‍රතිපත්ති සංශෝධනයට ගියොත් ගොඩ ආ හැකිද?

"ප්‍රතිපත්ති සංශෝධනයට ගියොත්, අපි බලාපොරොත්තු වූ ණය ලැබීමේදී දැනට තියෙන අමාරුකම් ටිකක් අඩුවෙන්න පටන් ගනීවි. ඒ සමග ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හරහා අපේ තෙල්, ගෑස්, විදුලිය ආදී දේවල් යථාතත්ත්වයට පත්වෙමින්, නිෂ්පාදන කටයුතු සඳහා ආනයන සීමාවන් සහ විදේශ විනිමය සීමාවන් ඉවත් කරද්දී රටේ ආර්ථික ප්‍රගතිය නැවත ඇතිවෙන්න පටන් ගන්නවා. එතකොට එය තවත් මාස කිහිපයක් තුළ, අවුරුද්දක් තුළ යථාතත්ත්වයට පත්වෙන්න පුළුවන්. හැබැයි එතනදිත් එක ප්‍රශ්නයක් අපට පැන නගිනවා. මොකද අපේ රටේ මිනිස්සු, ඒ කියන්නේ පාරිභෝගිකයන් සහ ආයෝජකයන් කියන අයත්, විදේශ ආයෝජකයන් කියන අයත්, මේ රට සහ මේ රටේ පාලකයන්ව කොයිතරම් දුරට විශ්වාස කරනවාද කියන දේ, මූලිකම ප්රශ්නය වෙනවා. ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පවා එතැනදි එන්නේ, දෙවැනි තැනටයි. පළමු වැනි තැනට එන්නේ, කොයිතරම් අපේ රටේ දේශපාලන ආර්ථික පරිසරය, විශ්වාස කරන්න පුළුවන්ද කියන කාරණයයි. ඒ ප්රශ්නය විසඳා ගන්නේ නැතිව ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වෙනස් වුණත් වැඩක් නැහැ. මොකද මේ කාරණය දේවදත්ත සිල්ගන්න ගියා වගේ වැඩක් නොවිය යුතුයි."

පාලකයන් පෙන්විය යුතු වෙනස කුමක්ද?

"මම හිතන්නේ, මේ ආණ්ඩුව හෝ කුමක් හෝ ආණ්ඩුවක් බලයේ සිටිනවා නම්, මීට වඩා යහපත් වූ රාජ්‍ය පාලනයක්, වංචා දූෂණවලින් තොර යහපත් පාලනයක් ක්‍රියාවෙන්ම ඔවුන්ට පෙන්වන්න සිදුවෙනවා. පහුගිය කාලය පුරාවට මේ දේවල් හැමතැනම කතාවෙන් නම් කිව්වා. නමුත් අද පාලකයන්ට මෙය ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න සිදුවෙනවා. එතකොට අපි කතා කරපු, රාජ්‍ය මූල්‍ය සහ විදේශ මූල්‍ය කියන කාරණා දේකේදි, විශේෂයෙන්ම විධායකය සහ ව්‍යවස්ථාදායකය කියන තැනින්ම වියදම් කැපීම කියන දේ ආරම්භ කළ යුතුයි. එහෙම තමයි, අපි මේවා පෙන්වන්න ඕනේ. ඒ වගේම නීතිය හා සාමය අමුතුවෙන්, අලුතින්ම පිහිටුවාගත යුතුයි. මොකද එහෙම එකක් අද රටේ නැහැ. දැන් ගත්තොත්, නීතිය කියන දේ දේශපාලන තීරණයක්. කාවද හිරේ යවන්නෙ, කාවද හිරෙන් එළියට ගන්නෙ කියන දේ, කාටද නඩු අහන්නෙ, කාටද නඩු අහන්නෙ නැත්තෙ කියන දේ දේශපාලන තීන්දුවක් බවට පත්වෙලා තියෙන්නේ. අපේ රටේ තියෙන ප්රජාතන්ත්රවාදී ආයතන පද්ධතිය, දැන් ඒ අයව අංශභාගයට ලක් කරලයි, තියෙන්නේ. ඒ නිසා ඔය කියන කාරණා ඉෂ්ඨ කරගෙන, ජනතාවගේ කර උඩින් යන නායකයන් නැතිව, ජනතාවට සේවය කරන, සේවක නායකයන් බවට ඔප්පු කරලා පෙන්වන්න පටන් ගත්තොත්, සමහර විට ඒ විශ්වාසය ටිකෙන් ටික ගොඩනැගෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ, ඒක ලෙහෙසි වැඩක් නොවෙයි. ප්‍රතිපත්ති හදනවාටත් වඩා, අද මේ විශ්වාසය ගොඩනගා ගැනීම අසීරුයි. නමුත් අපි ඒ දේ අමාරුවෙන් හෝ කළොත්, මේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලැබේවි."

Source: https://www.lankadeepa.lk/features/’’IMF-ගියත්--ණය-ලැබුණත්--ප්‍රතිපත්ති-වෙනස්-නොකළොත්-අපි-පරාදයි’’/2-611513

[QUOTE="Kolama, post: 27603211, member: 125149"] [B]කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න[/B] රටේ දේශපාලන ආර්ථික පරිසරයේ විශ්වසනීයත්වය සමග ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ දැන්වත් සිදු නොවන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හෝ වෙනයම් පාර්ශ්වයකින් ණය මුදලක් ලබාගැනීම තුළ තවත් මාස කිහිපයකට ආර්ථිකය ගැට ගසා ගැනීමක් විනා, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ස්ථිරසාර විසඳුමක් නොලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අවධාරණය කරයි. රට තුළ උද්ධමනය තවත් මාස කිහිපයක් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කරද්දී, ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම තාවකාලිකව නවතා දමමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මෙන්ම, ඉන්දියාව ඇතුළු තවත් රටවල් සහ ජාත්‍යන්තර ආයතනවලින් ණය බලාපොරොත්තුවෙන් සිටින පසුබිමක, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි මාස කිහිපය තුළ නිවැරදි මාවතක් වෙත එලැඹෙනු ඇති දැයි කියා අප කළ විමසීමකදී මහාචාර්යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා, "දැන් අද අපි වැටී සිටින මේ අර්බුදය වෙත, පහුගිය අවුරුදු 10ක කාලය තුළ ශ්‍රී ලංකාව රැගෙන ආ තත්ත්වයක් තමයි, තියෙන්නෙ. යුද්ධය අවසන් වූ දා සිටම අපිව මේ අර්බුදය කරා රැගෙන ගියා. අපි නිකම්ම මේ අර්බුදය කරා පැමිණියා නොවෙයි. ශ්‍රී ලංකාව, රටේ ජනතාව, ජාතියක් ලෙස, මේ සියල්ල මේ අර්බුදයට අරගෙන ගියා. එතැනදි, මේ අර්බුදය කරා රැගෙන ආ එක් ක්‍රමයක් වුණේ, වංචාව හා දූෂණයයි. අනෙක් කාරණය අපට ගෙවා ගන්න බැරි ණය ගැනීමයි. ඒ වගේම, ප්‍රධාන දේ අවශ්‍යම කරන ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදු නොකිරීමයි. ඒක අපි සියලු දෙනා දැකපු දෙයක්. රටේ ආණ්ඩුවේ මූල්‍ය කටයුතු, අයවැය සහ විදේශ මූල්‍ය කටයුතු, ඒ කියන්නෙ, ගෙවුම් ශේෂය සම්බන්ධයෙන් එදා සිටම අපට මූලික ගැටලු තිබුණා. ඒවා විසඳන්න කිසිදු උත්සාහයක් අරගෙන නැහැ. එවැනි උත්සාහයක් නොගෙන, ණය ලබාගැනීම සහ වංචා දූෂණ තුළින් මේ රට මෙතැනට රැගෙන ආවා. එසේ ගෙනැවිත්, පහුගිය අවුරුදු දෙක තුළ, එනම්, 2020 මාර්තු - අප්‍රේල් මාසවල ඉඳලා අපි කොවිඩ් ප්‍රශ්නයට මුහුණ දුන්නා. එතැනදි අපට තිබුණු, සංචාරක කර්මාන්තයත්, විදේශ ප්‍රේෂණත් කඩා වැටීමෙන් අප තවත් අමාරුවේ වැටුණු ආකාරයක් දකින්න ලැබුණා." [B]ඉන්නවාටත් වඩා අමාරුවක වැටෙයිද?[/B] "දැන් අපි ඒ අවුරුදු දෙක තුළත් කළ කිසිම දෙයක් නැහැ. පහුගිය අවුරුදු දෙකේදි රටේ තිබුණු මූලිකම, ඒ කිව්වෙ, රාජ්‍ය මූල්‍ය සහ විදේශ මූල්‍ය කියන කාරණා දෙක සම්බන්ධයෙන් ගත්තු කිසිම වැදගත් ක්‍රියාමාර්ගයක් නැහැ. හැබැයි අපි ණය ගත්තා. ණය අරගෙන සල්ලි අච්චු ගහලා අපි මේ ප්රශ්නය තවත් උග්‍රව මෙතැනට අරගෙන ආවා. දැන් අපි IMF එකෙන් සහ ඉන්දියාව ඇතුළුව තවත් අයගෙන් තවත් ණය බලාපොරොත්තු වෙනවා. ඉතිං [B][COLOR=rgb(184, 49, 47)]මේ විදියට ණය අරගෙන තෙල් ටිකක්, ගෑස් ටිකක්, කෑම බීම ටිකක් ගෙනල්ලා, වංචා දූෂණවලටත් ඒකෙන් කොටසක් වෙන් කරගෙන අපට තවත් ටික කාලයකට ඉන්න පුළුවන් වෙයි. හැබැයි අපි ඒ මාර්ගයේම ගමන් කළොත්, තව මාස කිහිපයකින්, එහෙම නැත්නම් තව අවුරුද්දකින් මේ ඉන්නවාටත් වඩා අමාරුවක තමයි, අපිව වැටෙන්නේ[/COLOR][/B]." [B]හේනක් කොටාගෙන ඉන්න වෙයිද?[/B] "එතකොට දැන් තියෙන මූලික දේ IMF එකට යෑමවත්, ඉන්දියාවට හෝ වෙනත් රටකට යෑමවත් නොවෙයි. අපේ රටේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වහාම සිදුකළ යුතුයි. ඒ කිව්වෙ, 2009 යුද්ධයෙන් පසුව කළ යුතුව තිබුණු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදුකළා නම්, අප අද මෙතැනට එන්නේ නැහැ. අඩුම තරමින්, කොවිඩ් ප්‍රශ්නයෙන් වැටුණු වෙලාවෙදිවත් ඒ ප්‍රතිසංස්කරණ අප ආරම්භ කළා නම්, ඒ හොඳම අවස්ථාවත් මගනොහැර සිටියා නම්, ඒත් අද මේ වැටුණු තැනට අපි එන්නේ නැහැ. ඒ අනුව, බෙල්ල ළඟටම ගිලී ඇති මේ අවස්ථාවේදීත් අපි ඒ මාර්ගයේම ගමන් කළොත්, මේ කඩා වැටීම නවතින්නෙත් නැහැ. මොකද දැනටමත් අපි බංකොලොත් වෙලා ඉන්නේ. ඒ බංකොලොත් වීමෙත් එක එක මට්ටම් තියෙනවා. ඊළඟට එන මට්ටම තමයි, නාගරික ව්‍යාපාර කියන ඒවා කිසිවක් ගෙනියන්න බැරි මට්ටමට වැටෙනවා. තෙල් නැහැ, ගෑස් නැහැ, කෑම බීම නැහැ. මුකුත්ම විදේශ ආදායමක් එන්නෙත් නැහැ. අපනයන කරන්න බැහැ. අපනයන නිෂ්පාදනයට යෙදවුම් නැහැ. ඒවා දැනටමත් ටික ටික තියෙන දේවල්. ඒ විදියට මේ ප්රශ්නය තව තවත් උග්‍ර වෙලා, ඊට පස්සේ අපි [B][COLOR=rgb(184, 49, 47)]බොහොම ප්‍රාථමික විදියට හේනක් ගොවිතැනක් කරගෙන ඉන්න මට්ටමට යනවා. ඒක තමයි, ඒකෙ පහළම මට්ටම. එතනදි හැකියාවක් තියෙන අය රට හැරලා යයි. අනිත් අය එතැනට වැටෙනවා."[/COLOR] IMF වෙත දෙන සහතිකය කුමක්ද?[/B] "පාලකයන් ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවලට අත නොතබන තාක්කල් දිනුමක් නැහැ. අපි පරාදයි. අපි තව තවත් හිරවෙන එක තමයි, වෙන්නේ. ඒ වගේම IMF එකත් අපි ඉල්ලන පරක්කුවට සාක්කුවෙන් අරගෙන ණය ලබාදෙන එකක් නැහැ. ඒ සඳහා කොන්දේසි පණවයි. ඒ කොන්දේසිවලට එකඟ වෙන්න වෙයි. ඒ වගේම මේ ණය ලබාදෙන්නේ කොටස් වශයෙන්. කොටස් වශයෙන් දෙන්නේ ප්‍රගතිය බලලා. හැබැයි පහුගිය 16 වතාවක්ම කිසිම ප්‍රගතියක් නැතිව ඒ සල්ලි ලබාගත් බව අපි දන්නවා. ඉතින්, 'මේ පහුගිය 16 වතාවේම ඔයගොල්ලො හරියට කළේ නැහැ, මේ 17 වැනි වතාවේ ඔයගොල්ලො හරියට කරනවා කියලා, මොකක්ද අපිට දෙන සහතිකේ?' කියලා IMF එකත් නොඅසා ඉන්න විදියකුත් නැහැ." [B]මහ බැංකුවට විජ්ජාවක් කළ හැකිද?[/B] "මේ අර්බුදයේදී මහ බැංකුවට තිබෙන කාර්යභාරය බොහොම පුංචි එකක්. මහ බැංකුවට තියෙන්නේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය හදාගැනීමයි. මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නෙ මොකක්ද, පොලී අනුපාත සකස්කර ගැනීම සහ රටේ මුදල් අච්චු ගැසීම වගේ දේවල්වලට නොයා මුදල් තොගය පාලනය කර ගැනීමයි. ඔය දෙකෙන් පිට මේ අවස්ථාවේ මහ බැංකුවට කරන්න තියෙන්නෙ බොහොම අල්ප කටයුත්තක්. ඒ නිසා මහ බැංකුවේ කාර්යභාරය නොවෙයි, මෙතනදි වඩාත් වැදගත් වෙන්නේ. මහ බැංකුවට කරන්න දෙයක් නැහැ, [B][COLOR=rgb(184, 49, 47)]ඇත්තටම කිව්වොත්. රටේ සමස්ත ප්‍රතිපත්ති සංශෝධනයට තමයි, වැඩි බරක් දිය යුත්තේ."[/COLOR] ප්‍රතිපත්ති සංශෝධනයට ගියොත් ගොඩ ආ හැකිද?[/B] "ප්‍රතිපත්ති සංශෝධනයට ගියොත්, අපි බලාපොරොත්තු වූ ණය ලැබීමේදී දැනට තියෙන අමාරුකම් ටිකක් අඩුවෙන්න පටන් ගනීවි. ඒ සමග ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හරහා අපේ තෙල්, ගෑස්, විදුලිය ආදී දේවල් යථාතත්ත්වයට පත්වෙමින්, නිෂ්පාදන කටයුතු සඳහා ආනයන සීමාවන් සහ විදේශ විනිමය සීමාවන් ඉවත් කරද්දී රටේ ආර්ථික ප්‍රගතිය නැවත ඇතිවෙන්න පටන් ගන්නවා. එතකොට එය තවත් මාස කිහිපයක් තුළ, අවුරුද්දක් තුළ යථාතත්ත්වයට පත්වෙන්න පුළුවන්. හැබැයි එතනදිත් එක ප්‍රශ්නයක් අපට පැන නගිනවා. මොකද අපේ රටේ මිනිස්සු, ඒ කියන්නේ පාරිභෝගිකයන් සහ ආයෝජකයන් කියන අයත්, විදේශ ආයෝජකයන් කියන අයත්, මේ රට සහ මේ රටේ පාලකයන්ව කොයිතරම් දුරට විශ්වාස කරනවාද කියන දේ, මූලිකම ප්රශ්නය වෙනවා. ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පවා එතැනදි එන්නේ, දෙවැනි තැනටයි. පළමු වැනි තැනට එන්නේ, කොයිතරම් අපේ රටේ දේශපාලන ආර්ථික පරිසරය, විශ්වාස කරන්න පුළුවන්ද කියන කාරණයයි. ඒ ප්රශ්නය විසඳා ගන්නේ නැතිව ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වෙනස් වුණත් වැඩක් නැහැ. මොකද මේ කාරණය දේවදත්ත සිල්ගන්න ගියා වගේ වැඩක් නොවිය යුතුයි." [B]පාලකයන් පෙන්විය යුතු වෙනස කුමක්ද?[/B] "මම හිතන්නේ, මේ ආණ්ඩුව හෝ කුමක් හෝ ආණ්ඩුවක් බලයේ සිටිනවා නම්, මීට වඩා යහපත් වූ රාජ්‍ය පාලනයක්, වංචා දූෂණවලින් තොර යහපත් පාලනයක් ක්‍රියාවෙන්ම ඔවුන්ට පෙන්වන්න සිදුවෙනවා. පහුගිය කාලය පුරාවට මේ දේවල් හැමතැනම කතාවෙන් නම් කිව්වා. නමුත් අද පාලකයන්ට මෙය ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න සිදුවෙනවා. එතකොට අපි කතා කරපු, රාජ්‍ය මූල්‍ය සහ විදේශ මූල්‍ය කියන කාරණා දේකේදි, විශේෂයෙන්ම විධායකය සහ ව්‍යවස්ථාදායකය කියන තැනින්ම වියදම් කැපීම කියන දේ ආරම්භ කළ යුතුයි. එහෙම තමයි, අපි මේවා පෙන්වන්න ඕනේ. ඒ වගේම නීතිය හා සාමය අමුතුවෙන්, අලුතින්ම පිහිටුවාගත යුතුයි. මොකද එහෙම එකක් අද රටේ නැහැ. දැන් ගත්තොත්, නීතිය කියන දේ දේශපාලන තීරණයක්. කාවද හිරේ යවන්නෙ, කාවද හිරෙන් එළියට ගන්නෙ කියන දේ, කාටද නඩු අහන්නෙ, කාටද නඩු අහන්නෙ නැත්තෙ කියන දේ දේශපාලන තීන්දුවක් බවට පත්වෙලා තියෙන්නේ. අපේ රටේ තියෙන ප්රජාතන්ත්රවාදී ආයතන පද්ධතිය, දැන් ඒ අයව අංශභාගයට ලක් කරලයි, තියෙන්නේ. ඒ නිසා ඔය කියන කාරණා ඉෂ්ඨ කරගෙන, ජනතාවගේ කර උඩින් යන නායකයන් නැතිව, ජනතාවට සේවය කරන, සේවක නායකයන් බවට ඔප්පු කරලා පෙන්වන්න පටන් ගත්තොත්, සමහර විට ඒ විශ්වාසය ටිකෙන් ටික ගොඩනැගෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ, ඒක ලෙහෙසි වැඩක් නොවෙයි. ප්‍රතිපත්ති හදනවාටත් වඩා, අද මේ විශ්වාසය ගොඩනගා ගැනීම අසීරුයි. නමුත් අපි ඒ දේ අමාරුවෙන් හෝ කළොත්, මේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලැබේවි." Source: [URL]https://www.lankadeepa.lk/features/%E2%80%99%E2%80%99IMF-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A--%E0%B6%AB%E0%B6%BA-%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A--%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%92%E2%80%99%E2%80%99/2-611513[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom