Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
In 20 years from now
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය ශරීරගත වී ඇතිදැයි හඳුනා ගන්නා ආකාරය සම්බන්ධයෙන් රසායන විද්‍යාඥයකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා විසින් සිදු කර ඇති පැහැදිලි කිරීමක් මෙහි දැක්වෙයි.

පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් !

සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක කරුණු කතා කරන්නට ලැබෙන අවස්ථාව බොහෝ විරලයි. නමුත් එහෙම වෙලාවක් ආවත්, නිසි ලෙස කරුණු දැනගන්න තිබෙන අවස්ථාවත් අඩුයි.

නමුත්, පිලිකා කාරක පොල්තෙල් කියන මාතෘකාව හරහා විද්‍යාත්මක කරුණු දැන් දැන් කරලියට එනවා. ඒ නිසාම සාමාන්‍ය මිනිස්සුත් මේ ඇෆ්ලටොක්සින් කියන්නෙ මොකද්ද කියලා හොයනවා.

ඇෆ්ලටොක්සින් කියන්නෙ පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක්. ලෝකයේ ඇෆ්ලටොක්සින් වර්ග 14 ක් පමණ තිබුණත් මිනිසාට සහ සතුන්ට හානිදායක වන්නේ වර්ග 4 ක් පමණයි. මෙය ප්‍රධාන වශයෙන්ම නිපදවන්නේ Aspergillus flavus සහ Aspergillus parasiticus නම් දිලීර (පුස් වර්ගය) මගින්. ඇෆ්ලටොක්සින් කියන්නේ හයිඩ්‍රොකාබන වලලු පහක් එකිනෙක බැඳී සෑදුන රසායනිකයක්. Aflatoxin B1, Aflatoxin B2, Aflatoxin G1, Aflatoxin G2, (AFB1, AFB2, AFG1, AFG2) කියලා වර්ග හතරක් තියෙනවා. මේවා නම් කරලා තියෙන්නෙ පාරජම්බුල කිරණ හමුවේ නිකුත් වන ෆ්ලොරසන්ට් ආලෝකයේ වර්ණය අනුව මේ රසායන ද්‍රව්‍ය හඳුනාගත හැකි ආකාරයට B1,B2 නිල් පාටයි, G1,G2, කොළ පාටයි. Aspergillus parasiticus විසින් B G දෙවර්ගයම නිෂ්පාදනය කරන අතර Aspergillus flavus නිෂ්පාදනය කරන්නේ B වර්ගය පමණයි.

මේ දිලීර වර්ග හැදෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන මත. විශේෂයෙන්ම ඒවා තෙත්, උණුසුම් ස්ථානයක වැඩි කාළයක් ගබඩා කිරීම නිසා මෙම දිලීර වර්ධනය වෙනවා. රටකජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්/වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර ඇට වර්ග සහ කුළුබඩු වර්ග මත වර්ධනය වනවා. ඒ නිසා තමයි කියන්නේ මේ දේවල් හොඳින් අව්වේ වියලා ගබඩා කරන්න කියලා. මේ නිසා ඇෆ්ලටොක්සින් නිසා සිදුවන හානි වැඩිපුරම දකින්නට ලැබෙන්නේ ඝර්ම කලාපීය රටවලයි.

මේ දිලීරවල හැදෙන ඇෆ්ලටොක්සින් ආහාර ද්‍රව්‍ය මත රැඳෙනවා.

ඇෆ්ලටොක්සින්වල භයානක කම තියෙන්නේ, පියවි ඇසට අවර්ණ, ගඳක් සුවඳක් රසක් තිත්තක් නැති රසායන ද්‍රව්‍යයක් නිසා. ආහාරයක ඇෆ්ලටොක්සින් තියෙනවද කියලා බලන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. එයට TLC වර්ණාලේඛන ක්‍රමවේදයන් හෝ HPLC වැනි රසායනාගාරයක පමණක් දැකිය හැකි උපකරණ හරහා පමණයි. එපමණක් නොවෙයි එය තිබේදැයි සහතික කර ගැනීමට සුපිරිසිදු ඇෆ්ලටොක්සින් සාම්පල ද අවශ්‍ය වනවා. ඒවා සුවිශේෂී තත්ත්ව යටතේ භාවිතකළ යුතු වනවා. වැරදිලාවත් ශරීරයේ තැවරුනොත් සම හරහා ඇතුල් විය හැකියි.

ශරීරයට ඇතුළු වන ඇෆ්ලටොක්සින් වැඩි වශයෙන්ම හානි කරන්නේ අක්මාවට. අක්මාවේ ඇති සයිටක්‍රෝම් P 450 මගින් ඇෆ්ලටොක්සින් සක්‍රීය කරනවා. ඉන්පසු එය අපේ සෛලවල වූ DNA හා සම්බන්ධ වනවා. එහිදී DNA නිෂ්පාදනය අවහිර කිරීම, DNA ප්‍රතිවලිත වීමට බාධා කිරීම, පිළිකා කාරක ජාන සක්‍රීය කිරීම, සෛල විභේදනය විකෘති කිරීම යන කරුණු මගින් සාමාන්‍ය සෛල පිළිකා කාරක සෛල බවට පත් කරනු ලබනවා. ඉන්පසු පිළිකා සෛල වේගයෙන් විභේදනය වෙමින් පිළිකාව ඇතිකරනු ලබනවා.

ඇෆ්ලටොක්සින් ශරීරගත වී ඇතිදැයි බැලීමට ඇති එකම මාර්ගය වන්නේ මුත්‍රා පරීක්ෂාවයි. ශරීරයේදී glutathione S-transferase නම් ප්‍රතික්‍රියා දාමය හරහා සාමාන්‍යයෙන් ජලයේ අද්‍රාව්‍ය ඇෆ්ලටොක්සින්, ජලයේ දියවිය හැකි ව්‍යුහයක් බවට පත් කරනවා. එවිට ඇෆ්ලටොක්සින් මුත්‍රා සමග පිටවනවා. නමුත් මුත්‍රා පරීක්ෂාව ඇෆ්ලටොක්සින් ශරීරගත වී පැය 24 ක් ඇතුළත කළ යුතුයි. ඇෆ්ලටොක්සින් සිරුරේ පවතින්නේ උපරිම පැය 24 ක් පමණයි. ඉන්පසු හෝ ඒ අතරතුර ශරීරය විසින් ඇෆ්ලටොක්සින් බැහැර කරනු ලබනවා.

මිනිසුන්ට ඇෆ්ලටොක්සින් විෂ වීම දෙආකාරයකට සිදු වනවා. සුළු වශයෙන් දීර්ඝ කාලයක් සිදුවන ශරීරගත වීම (chronic toxicity) සහ විශාල ප්‍රමාණයක් කෙටි කාළයක් ඇතුලත සිදුවන ශරීරගත වීම (acute toxicity) වශයෙන්.

ඇෆ්ලටොක්සින් නිසා සෑදෙන පිළිකා ප්‍රධාන වශයෙන්ම හැදෙන්නේ අක්මාව සහ වකුගඩු ආශ්‍රිතවයි. මිනිසුන්ට වඩාත්ම හානිදායක වන්නේ AFB1 වර්ගයයි. දීර්ඝකාලීන ශරීරගතවීම නිසා විශේෂයෙන්ම අක්මාවේ Hepatitis B වෛරසය මගින් හානියක සිදුවී ඇතිනම් පිළිකා සෑදීමේ ප්‍රවණතාවය වැඩියි. කුඩා දරුවන්ට දිගුකල් පවතින බඩේ අමාරු/බඩයාම, බෝවන රෝග මෙන්ම අංගවිකල/විකෘති දරුවන් ඉපදීම, මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල කිරීම ද සිදු කරනවා. මේ තත්ත්වයන් ඇෆ්ලටොක්සිකෝසිස් aflatoxicosis යනුවෙන් හඳුන්වනවා.

එකවර විශාල ප්‍රමාණයක් ශරිරගතවීම අක්මාවට හානි පැමිණීම හරහා මරණය ලඟාකරදීමට සමත් වනවා. ශරීරය කහපැහැ වීම (පිත්තාශයේ අක්රීයතාවය නිසා) අලසබව, වමනය සහ කරකැවිල්ල, මරණය යන දේ වලින් ඕනෑම දෙයක් හෝ කිහිපයක් මේ නිසා සිදු වන්න පුළුවනි. දරුවන්ට වඩා වැඩුනු පුද්ගලයින් මේ රෝගයන්ට ප්‍රතිරෝධයක් දක්වනවා. නමුත්, අවම වශයෙන් ආහාර කිලෝග්රෑමයකට ඇෆ්ලටොක්සින් මිලිග්‍රෑම් 1ක් (1 ppm) ඇති ආහාර ශරීරගතවීම ඇෆ්ලටොක්සිකෝසිස් තත්ත්වයන් ඇති කිරීමට සමත්, සති 1-3 ක් පුරා දිනකට AFB1 20–120 μg/kg ප්‍රමාණයක් ශරීරගත වීම කෙනෙකුට මරණය ලඟා කරදීමට ප්‍රමාණවත්.

සතුන්ට ද මෙය එකසේ බලපානවා. කුකුලන්ට අක්මාවේ ආබාධ, බිත්තර ඵලදාව අඩුවීම, වර්ධනය අඩුවීම, බිත්තර කටුවේ සංකූලතා ඇතිවීම, ආදිය සිදු විය හැකියි. ඌරන්ට මේ තත්ත්වය වඩාත් දරුණුයි. එහිදී ඌරන්ගේ වර්ධනයේ අඩුවීමක් දක්නට ලැබෙනවා. නමුත් ලංකාවේ මේ දෙවර්ගය ගැනම එතරම් අවධානයක් නැති නිසා, සහ මේ සතුන්ට පුස් බැඳුනු ආහාර ලබා දීමේ ප්‍රවණතාවය වැඩි නිසා, ඇෆ්ලටොක්සින් නිසා විවිධ සංකූලතා ඇති වූ කුකුළු මස් සහ ඌරු මස් අනුභවයෙන් ආහාර විෂ වීම සිදුවීමට ඉඩ තිබෙනවා.

සාමාන්‍ය මිනිසුන්ට තමන් ගන්නා ආහාරවල ඇෆ්ලටොක්සින් ඇතිදැයි කියන්න බැහැ. එය කළ හැක්කේ රසායනික පරීක්ෂා වලින්ම පමණයි. නමුත් තමන් ගන්නා ආහාරවල සුරක්ෂිතභාවය තහවුරු කරගැනීම මගින් මේ තත්ත්වයන් වලක්වා ගන්න පුළුවනි.

ආහාරමත පුස් බැඳීම වලක්වා ගන්න. මේ සඳහා ධාන්‍ය වර්ග, කුළුබඩු හොඳින් තද අව්වේ වියලා ගැනීම කළ හැකියි.

ධාන්‍ය වර්ග, කුළුබඩු තෙත් ස්ථානවල ගබඩා කරන්න එපා

ආහාරවල ඇති පුස් පිළිබඳ පරීක්ෂාවෙන් පසුවන්න. අමු ආහාර ගැනීමේදී විශේෂයෙන් පරිස්සම් වෙන්න. එසේ පුස් බැඳුන ආහාර පාවිච්චියට ගන්න හෝ සතුන්ට ලබා දෙන්න එපා.

විශ්වාසදායී වෙළඳ නාමයන් යටතේ නිෂ්පාදනය වන දේ පමණක් මිලට ගන්න. ලේබල් නොමැති ආහාර විශවීමක් සිදු වුවහොත් එය ලබා දුන්නේ කවුද යන්න හඳුනාගත නොහැකියි.

කල් ඉකුත් වූ ආහාර භාවිතයෙන් වලකින්න.

පොල්තෙල්වල වූ ඇෆ්ලටොක්සින් ඉවත් කරගන්නේ කෙසේද ?

ශ්‍රී ලාංකික මහාචාර්ය වරයෙකු වන මහාචාර්ය උපාලි සමරජීව මහතා ඇතුලු කණ්ඩායමක් කළ පර්යේෂණයක් අනුව පොල්තෙල්වල AFB1 අඩංගු විය හැකි බව පෙන්වාදී තිබෙනවා. එම අඩංගු ප්‍රමාණයෙන් 85% ක්ම තෙල්වල ද්‍රාව්‍යව තිබිය හැකි අතර, ඉතිරිය මණ්ඩිවල තැන්පත් ව තිබෙනවා. ඒ අනුව මණ්ඩි නොමැති තෙල, තැටියක සෙන්ටි මීටර එකහමාරක් පමණ ගැඹුර ඇති ප්‍රමාණයක් 10 cal/cm2 ශක්තියක් ඇති හිරු එළියට නිරාවරණය කර තැබීමෙන් AFB1 විනාශ කළ හැකි බව සොයාගෙන තිබෙනවා. මෙය සෙමෙන් ගලායන පරිදි සකස් කිරීම, නැවත නැවතත් හිරු එළියට නිරාවරණය යන ක්‍රම මගින් සිදු කළ පිරිසිදු කරගැනීමකින් අනතුරව ඇෆ්ලටොක්සින් හෝ වෙනත් ෆ්ලොරසන්ට් ආලෝකයට සංවේදී රසායනික ද්‍රව්‍ය නොතිබූ බව නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ හිරු එළියට නිරාවරණය කිරීම මගින් පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් ඉවත් කළ හැකි බවයි.

පොල්තෙල් රත් කිරීම මගින් ඇෆ්ලටොක්සින් ඉවත් කිරීම කළ නොහැකිද ?

ලංකාවේ වැඩි වශයෙන්ම භාවිතවන බැදුම් තෙල් වර්ගය වන්නේ පොල්තෙල්. පේරාදෙණිය සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් වන Nuwan B. Karunarathna, Chandima J. Fernando, D.M.S. Munasinghe, Ruchika Fernando විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඔවුන් වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 32 කින් 12 කම (වෙළඳ නාම සහිත 7 සහ රහිත 5) AFB1 පිළිවෙලින්, 2.25–72.70 μg/kg සහ 1.76–60.92 μg/kg, ප්‍රමාණ වලින් තිබූ බව සඳහන්. යුරෝපා ප්රමිතීන් අනුව ආහාරවල අඩංගු විය හැකි සම්පූර්ණ ඇෆ්ලටොක්සින් ප්‍රමාණය 4 μg/kg විය යුතු අතර AFB1 තිබිය හැක්කේ 2 μg/kg පමණයි. මේ සියළුම පොල්තෙල් වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කර තිබුණේ කොප්පරා වීම ද විශේෂත්වයක්. ඔවුන් කළ පර්යේෂණය අනුව වෙනත් එළවලු තෙල් වර්ගවල ඇෆ්ලටොක්සින් තිබී ඇත්තේ 0.8 μg/kg ප්‍රමාණයක්. මේ පර්යේෂණය එළිදැක්වී ඇත්තේ 2019 පෙබරවාරි මස. නමුත් කිසිම මාධ්‍යයකට මෙය වාර්තා වී නැහැ.

ඒ අනුව, දැන් සාකච්ඡාවට බඳුන්වන පොල්තෙල් තොගයේ ඇෆ්ලටොක්සින් තිබීම මෙන්ම, මීට පෙර ද වෙළඳපොලේ වූ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් තිබී ඇති බවත්, එය මේ කතාව කරලියට එන්නට පෙර ඒ තරම් වැදගත් නොවූ බවත් පෙනී යනවා. මෙය කරලියට පැමිණියේ මහා පරිමාණ තොගයක්ම ආනයනය කිරීම සහ එය විවාදාත්මක පාර්ශවයක් විසින් ආනයනය කිරීම නිසා බව මගේ හැඟීමයි.

පොල්තෙල් පමණක් නොවෙයි. රටකජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්/වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර ඇට වර්ග සහ කුළුබඩු වර්ග ආදී දෑ වලත් ඇෆ්ලටොක්සින් තිබිය හැකියි. මේ නිසා පුස් බැඳනු ආහාර භාවිතයෙන් වැලකීම කවදත් ගුණදායකයි.

ඇෆ්ලටොක්සින් යනු බහුවලීය සංයෝගයක් වන නිසා එහි තාප ස්ථායීතාවය අධිකයි. මේ නිසා පොල්තෙල් රත් කිරීම මගින් ඇෆ්ලටොක්සින් ඉවත් කළ නොහැකියි.

කන දේ දැනගෙන කන්න… ලංකාවෙ මිනිස්සුන්ගෙ පිළිකා තත්ත්වයන් වැඩිවීමට ප්‍රධානතම හේතුව තමන් ගන්නා ආහාරවල අඩංගු විෂ රසායන ද්‍රව්‍ය, පොහොර, පලිබෝධ නාශක, දිලීර නාශක වගේම, සකස්කළ ආහාරවල ඇති විවිධ රසායන ද්‍රව්‍ය, එසේම මෙවැනි ස්වභාවිකව හැදෙන රසායනික ද්‍රව්‍ය මේ තත්ත්වයන්ට ඍජුව වගකිව යුතුයි.

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හෝ වෙනත් වගකිවයුතු ආයතනයකින් මේ ප්රමිතීන් පාලනය නොවුනහොත්, තවත් අවුරුදු 20 ක් පමණ ගතවන විට ලංකාවේ බොහෝ දෙනෙකු පිළිකා රෝගීන් බවට පත් වීම වලක්වන්න බැහැ.

– ආචාර්ය පියල් ආරියනන්ද (රසායන විද්‍යාඥ)

[QUOTE="bravehearts, post: 26276476, member: 513648"] මේ දිනවල වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය ශරීරගත වී ඇතිදැයි හඳුනා ගන්නා ආකාරය සම්බන්ධයෙන් රසායන විද්‍යාඥයකු වන ආචාර්ය පියල් ආරියනන්ද මහතා විසින් සිදු කර ඇති පැහැදිලි කිරීමක් මෙහි දැක්වෙයි. පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් ! සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක කරුණු කතා කරන්නට ලැබෙන අවස්ථාව බොහෝ විරලයි. නමුත් එහෙම වෙලාවක් ආවත්, නිසි ලෙස කරුණු දැනගන්න තිබෙන අවස්ථාවත් අඩුයි. නමුත්, පිලිකා කාරක පොල්තෙල් කියන මාතෘකාව හරහා විද්‍යාත්මක කරුණු දැන් දැන් කරලියට එනවා. ඒ නිසාම සාමාන්‍ය මිනිස්සුත් මේ ඇෆ්ලටොක්සින් කියන්නෙ මොකද්ද කියලා හොයනවා. ඇෆ්ලටොක්සින් කියන්නෙ පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක්. ලෝකයේ ඇෆ්ලටොක්සින් වර්ග 14 ක් පමණ තිබුණත් මිනිසාට සහ සතුන්ට හානිදායක වන්නේ වර්ග 4 ක් පමණයි. මෙය ප්‍රධාන වශයෙන්ම නිපදවන්නේ Aspergillus flavus සහ Aspergillus parasiticus නම් දිලීර (පුස් වර්ගය) මගින්. ඇෆ්ලටොක්සින් කියන්නේ හයිඩ්‍රොකාබන වලලු පහක් එකිනෙක බැඳී සෑදුන රසායනිකයක්. Aflatoxin B1, Aflatoxin B2, Aflatoxin G1, Aflatoxin G2, (AFB1, AFB2, AFG1, AFG2) කියලා වර්ග හතරක් තියෙනවා. මේවා නම් කරලා තියෙන්නෙ පාරජම්බුල කිරණ හමුවේ නිකුත් වන ෆ්ලොරසන්ට් ආලෝකයේ වර්ණය අනුව මේ රසායන ද්‍රව්‍ය හඳුනාගත හැකි ආකාරයට B1,B2 නිල් පාටයි, G1,G2, කොළ පාටයි. Aspergillus parasiticus විසින් B G දෙවර්ගයම නිෂ්පාදනය කරන අතර Aspergillus flavus නිෂ්පාදනය කරන්නේ B වර්ගය පමණයි. මේ දිලීර වර්ග හැදෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන මත. විශේෂයෙන්ම ඒවා තෙත්, උණුසුම් ස්ථානයක වැඩි කාළයක් ගබඩා කිරීම නිසා මෙම දිලීර වර්ධනය වෙනවා. රටකජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්/වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර ඇට වර්ග සහ කුළුබඩු වර්ග මත වර්ධනය වනවා. ඒ නිසා තමයි කියන්නේ මේ දේවල් හොඳින් අව්වේ වියලා ගබඩා කරන්න කියලා. මේ නිසා ඇෆ්ලටොක්සින් නිසා සිදුවන හානි වැඩිපුරම දකින්නට ලැබෙන්නේ ඝර්ම කලාපීය රටවලයි. මේ දිලීරවල හැදෙන ඇෆ්ලටොක්සින් ආහාර ද්‍රව්‍ය මත රැඳෙනවා. ඇෆ්ලටොක්සින්වල භයානක කම තියෙන්නේ, පියවි ඇසට අවර්ණ, ගඳක් සුවඳක් රසක් තිත්තක් නැති රසායන ද්‍රව්‍යයක් නිසා. ආහාරයක ඇෆ්ලටොක්සින් තියෙනවද කියලා බලන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. එයට TLC වර්ණාලේඛන ක්‍රමවේදයන් හෝ HPLC වැනි රසායනාගාරයක පමණක් දැකිය හැකි උපකරණ හරහා පමණයි. එපමණක් නොවෙයි එය තිබේදැයි සහතික කර ගැනීමට සුපිරිසිදු ඇෆ්ලටොක්සින් සාම්පල ද අවශ්‍ය වනවා. ඒවා සුවිශේෂී තත්ත්ව යටතේ භාවිතකළ යුතු වනවා. වැරදිලාවත් ශරීරයේ තැවරුනොත් සම හරහා ඇතුල් විය හැකියි. ශරීරයට ඇතුළු වන ඇෆ්ලටොක්සින් වැඩි වශයෙන්ම හානි කරන්නේ අක්මාවට. අක්මාවේ ඇති සයිටක්‍රෝම් P 450 මගින් ඇෆ්ලටොක්සින් සක්‍රීය කරනවා. ඉන්පසු එය අපේ සෛලවල වූ DNA හා සම්බන්ධ වනවා. එහිදී DNA නිෂ්පාදනය අවහිර කිරීම, DNA ප්‍රතිවලිත වීමට බාධා කිරීම, පිළිකා කාරක ජාන සක්‍රීය කිරීම, සෛල විභේදනය විකෘති කිරීම යන කරුණු මගින් සාමාන්‍ය සෛල පිළිකා කාරක සෛල බවට පත් කරනු ලබනවා. ඉන්පසු පිළිකා සෛල වේගයෙන් විභේදනය වෙමින් පිළිකාව ඇතිකරනු ලබනවා. ඇෆ්ලටොක්සින් ශරීරගත වී ඇතිදැයි බැලීමට ඇති එකම මාර්ගය වන්නේ මුත්‍රා පරීක්ෂාවයි. ශරීරයේදී glutathione S-transferase නම් ප්‍රතික්‍රියා දාමය හරහා සාමාන්‍යයෙන් ජලයේ අද්‍රාව්‍ය ඇෆ්ලටොක්සින්, ජලයේ දියවිය හැකි ව්‍යුහයක් බවට පත් කරනවා. එවිට ඇෆ්ලටොක්සින් මුත්‍රා සමග පිටවනවා. නමුත් මුත්‍රා පරීක්ෂාව ඇෆ්ලටොක්සින් ශරීරගත වී පැය 24 ක් ඇතුළත කළ යුතුයි. ඇෆ්ලටොක්සින් සිරුරේ පවතින්නේ උපරිම පැය 24 ක් පමණයි. ඉන්පසු හෝ ඒ අතරතුර ශරීරය විසින් ඇෆ්ලටොක්සින් බැහැර කරනු ලබනවා. මිනිසුන්ට ඇෆ්ලටොක්සින් විෂ වීම දෙආකාරයකට සිදු වනවා. සුළු වශයෙන් දීර්ඝ කාලයක් සිදුවන ශරීරගත වීම (chronic toxicity) සහ විශාල ප්‍රමාණයක් කෙටි කාළයක් ඇතුලත සිදුවන ශරීරගත වීම (acute toxicity) වශයෙන්. ඇෆ්ලටොක්සින් නිසා සෑදෙන පිළිකා ප්‍රධාන වශයෙන්ම හැදෙන්නේ අක්මාව සහ වකුගඩු ආශ්‍රිතවයි. මිනිසුන්ට වඩාත්ම හානිදායක වන්නේ AFB1 වර්ගයයි. දීර්ඝකාලීන ශරීරගතවීම නිසා විශේෂයෙන්ම අක්මාවේ Hepatitis B වෛරසය මගින් හානියක සිදුවී ඇතිනම් පිළිකා සෑදීමේ ප්‍රවණතාවය වැඩියි. කුඩා දරුවන්ට දිගුකල් පවතින බඩේ අමාරු/බඩයාම, බෝවන රෝග මෙන්ම අංගවිකල/විකෘති දරුවන් ඉපදීම, මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල කිරීම ද සිදු කරනවා. මේ තත්ත්වයන් ඇෆ්ලටොක්සිකෝසිස් aflatoxicosis යනුවෙන් හඳුන්වනවා. එකවර විශාල ප්‍රමාණයක් ශරිරගතවීම අක්මාවට හානි පැමිණීම හරහා මරණය ලඟාකරදීමට සමත් වනවා. ශරීරය කහපැහැ වීම (පිත්තාශයේ අක්රීයතාවය නිසා) අලසබව, වමනය සහ කරකැවිල්ල, මරණය යන දේ වලින් ඕනෑම දෙයක් හෝ කිහිපයක් මේ නිසා සිදු වන්න පුළුවනි. දරුවන්ට වඩා වැඩුනු පුද්ගලයින් මේ රෝගයන්ට ප්‍රතිරෝධයක් දක්වනවා. නමුත්, අවම වශයෙන් ආහාර කිලෝග්රෑමයකට ඇෆ්ලටොක්සින් මිලිග්‍රෑම් 1ක් (1 ppm) ඇති ආහාර ශරීරගතවීම ඇෆ්ලටොක්සිකෝසිස් තත්ත්වයන් ඇති කිරීමට සමත්, සති 1-3 ක් පුරා දිනකට AFB1 20–120 μg/kg ප්‍රමාණයක් ශරීරගත වීම කෙනෙකුට මරණය ලඟා කරදීමට ප්‍රමාණවත්. සතුන්ට ද මෙය එකසේ බලපානවා. කුකුලන්ට අක්මාවේ ආබාධ, බිත්තර ඵලදාව අඩුවීම, වර්ධනය අඩුවීම, බිත්තර කටුවේ සංකූලතා ඇතිවීම, ආදිය සිදු විය හැකියි. ඌරන්ට මේ තත්ත්වය වඩාත් දරුණුයි. එහිදී ඌරන්ගේ වර්ධනයේ අඩුවීමක් දක්නට ලැබෙනවා. නමුත් ලංකාවේ මේ දෙවර්ගය ගැනම එතරම් අවධානයක් නැති නිසා, සහ මේ සතුන්ට පුස් බැඳුනු ආහාර ලබා දීමේ ප්‍රවණතාවය වැඩි නිසා, ඇෆ්ලටොක්සින් නිසා විවිධ සංකූලතා ඇති වූ කුකුළු මස් සහ ඌරු මස් අනුභවයෙන් ආහාර විෂ වීම සිදුවීමට ඉඩ තිබෙනවා. සාමාන්‍ය මිනිසුන්ට තමන් ගන්නා ආහාරවල ඇෆ්ලටොක්සින් ඇතිදැයි කියන්න බැහැ. එය කළ හැක්කේ රසායනික පරීක්ෂා වලින්ම පමණයි. නමුත් තමන් ගන්නා ආහාරවල සුරක්ෂිතභාවය තහවුරු කරගැනීම මගින් මේ තත්ත්වයන් වලක්වා ගන්න පුළුවනි. [LIST=1] [*]ආහාරමත පුස් බැඳීම වලක්වා ගන්න. මේ සඳහා ධාන්‍ය වර්ග, කුළුබඩු හොඳින් තද අව්වේ වියලා ගැනීම කළ හැකියි. [*]ධාන්‍ය වර්ග, කුළුබඩු තෙත් ස්ථානවල ගබඩා කරන්න එපා [*]ආහාරවල ඇති පුස් පිළිබඳ පරීක්ෂාවෙන් පසුවන්න. අමු ආහාර ගැනීමේදී විශේෂයෙන් පරිස්සම් වෙන්න. එසේ පුස් බැඳුන ආහාර පාවිච්චියට ගන්න හෝ සතුන්ට ලබා දෙන්න එපා. [*]විශ්වාසදායී වෙළඳ නාමයන් යටතේ නිෂ්පාදනය වන දේ පමණක් මිලට ගන්න. ලේබල් නොමැති ආහාර විශවීමක් සිදු වුවහොත් එය ලබා දුන්නේ කවුද යන්න හඳුනාගත නොහැකියි. [*]කල් ඉකුත් වූ ආහාර භාවිතයෙන් වලකින්න. [/LIST] පොල්තෙල්වල වූ ඇෆ්ලටොක්සින් ඉවත් කරගන්නේ කෙසේද ? ශ්‍රී ලාංකික මහාචාර්ය වරයෙකු වන මහාචාර්ය උපාලි සමරජීව මහතා ඇතුලු කණ්ඩායමක් කළ පර්යේෂණයක් අනුව පොල්තෙල්වල AFB1 අඩංගු විය හැකි බව පෙන්වාදී තිබෙනවා. එම අඩංගු ප්‍රමාණයෙන් 85% ක්ම තෙල්වල ද්‍රාව්‍යව තිබිය හැකි අතර, ඉතිරිය මණ්ඩිවල තැන්පත් ව තිබෙනවා. ඒ අනුව මණ්ඩි නොමැති තෙල, තැටියක සෙන්ටි මීටර එකහමාරක් පමණ ගැඹුර ඇති ප්‍රමාණයක් 10 cal/cm2 ශක්තියක් ඇති හිරු එළියට නිරාවරණය කර තැබීමෙන් AFB1 විනාශ කළ හැකි බව සොයාගෙන තිබෙනවා. මෙය සෙමෙන් ගලායන පරිදි සකස් කිරීම, නැවත නැවතත් හිරු එළියට නිරාවරණය යන ක්‍රම මගින් සිදු කළ පිරිසිදු කරගැනීමකින් අනතුරව ඇෆ්ලටොක්සින් හෝ වෙනත් ෆ්ලොරසන්ට් ආලෝකයට සංවේදී රසායනික ද්‍රව්‍ය නොතිබූ බව නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ හිරු එළියට නිරාවරණය කිරීම මගින් පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් ඉවත් කළ හැකි බවයි. පොල්තෙල් රත් කිරීම මගින් ඇෆ්ලටොක්සින් ඉවත් කිරීම කළ නොහැකිද ? ලංකාවේ වැඩි වශයෙන්ම භාවිතවන බැදුම් තෙල් වර්ගය වන්නේ පොල්තෙල්. පේරාදෙණිය සරසවියේ පර්යේෂකයින් කණ්ඩායමක් වන Nuwan B. Karunarathna, Chandima J. Fernando, D.M.S. Munasinghe, Ruchika Fernando විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඔවුන් වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 32 කින් 12 කම (වෙළඳ නාම සහිත 7 සහ රහිත 5) AFB1 පිළිවෙලින්, 2.25–72.70 μg/kg සහ 1.76–60.92 μg/kg, ප්‍රමාණ වලින් තිබූ බව සඳහන්. යුරෝපා ප්රමිතීන් අනුව ආහාරවල අඩංගු විය හැකි සම්පූර්ණ ඇෆ්ලටොක්සින් ප්‍රමාණය 4 μg/kg විය යුතු අතර AFB1 තිබිය හැක්කේ 2 μg/kg පමණයි. මේ සියළුම පොල්තෙල් වර්ග නිෂ්පාදනය සඳහා භාවිත කර තිබුණේ කොප්පරා වීම ද විශේෂත්වයක්. ඔවුන් කළ පර්යේෂණය අනුව වෙනත් එළවලු තෙල් වර්ගවල ඇෆ්ලටොක්සින් තිබී ඇත්තේ 0.8 μg/kg ප්‍රමාණයක්. මේ පර්යේෂණය එළිදැක්වී ඇත්තේ 2019 පෙබරවාරි මස. නමුත් කිසිම මාධ්‍යයකට මෙය වාර්තා වී නැහැ. ඒ අනුව, දැන් සාකච්ඡාවට බඳුන්වන පොල්තෙල් තොගයේ ඇෆ්ලටොක්සින් තිබීම මෙන්ම, මීට පෙර ද වෙළඳපොලේ වූ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් තිබී ඇති බවත්, එය මේ කතාව කරලියට එන්නට පෙර ඒ තරම් වැදගත් නොවූ බවත් පෙනී යනවා. මෙය කරලියට පැමිණියේ මහා පරිමාණ තොගයක්ම ආනයනය කිරීම සහ එය විවාදාත්මක පාර්ශවයක් විසින් ආනයනය කිරීම නිසා බව මගේ හැඟීමයි. පොල්තෙල් පමණක් නොවෙයි. රටකජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්/වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර ඇට වර්ග සහ කුළුබඩු වර්ග ආදී දෑ වලත් ඇෆ්ලටොක්සින් තිබිය හැකියි. මේ නිසා පුස් බැඳනු ආහාර භාවිතයෙන් වැලකීම කවදත් ගුණදායකයි. ඇෆ්ලටොක්සින් යනු බහුවලීය සංයෝගයක් වන නිසා එහි තාප ස්ථායීතාවය අධිකයි. මේ නිසා පොල්තෙල් රත් කිරීම මගින් ඇෆ්ලටොක්සින් ඉවත් කළ නොහැකියි. කන දේ දැනගෙන කන්න… ලංකාවෙ මිනිස්සුන්ගෙ පිළිකා තත්ත්වයන් වැඩිවීමට ප්‍රධානතම හේතුව තමන් ගන්නා ආහාරවල අඩංගු විෂ රසායන ද්‍රව්‍ය, පොහොර, පලිබෝධ නාශක, දිලීර නාශක වගේම, සකස්කළ ආහාරවල ඇති විවිධ රසායන ද්‍රව්‍ය, එසේම මෙවැනි ස්වභාවිකව හැදෙන රසායනික ද්‍රව්‍ය මේ තත්ත්වයන්ට ඍජුව වගකිව යුතුයි. පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හෝ වෙනත් වගකිවයුතු ආයතනයකින් මේ ප්රමිතීන් පාලනය නොවුනහොත්, තවත් අවුරුදු 20 ක් පමණ ගතවන විට ලංකාවේ බොහෝ දෙනෙකු පිළිකා රෝගීන් බවට පත් වීම වලක්වන්න බැහැ. – ආචාර්ය පියල් ආරියනන්ද (රසායන විද්‍යාඥ) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom