Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
inspire sinhalune
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝල්ඩින්ග්ස්හි ප්‍රධාන විධායක නිලධාරි තනතුරට ඇය පත්වීමක් ලැබීම ඉතිහාසගත වන්නෙ එවැනි තනතුරක් ලද ලංකාවේ පළමු කාන්තාව බවට ඇය පත්වීමෙනි.

කුඩා කල දුෂ්කර ළමා කාලයක් ගෙවා දමා දිරියෙන් නැගී සිටිමින් කස්තුරි විල්සන් මෙතක් ආ ගමන

පිළිබඳව සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා තිබේ.

කස්තුරි චෙල්ලරාජා විල්සන් හේමාස් හෝල්ඩින්ග්ස්හි ප්‍රධාන විධායක නිලධාරි බවට තේරී පත් වූ හැටි විමසූ විට ඇය දැක්වූයේ ඉතා සරල මෙන්ම අර්ථවත් වදන් පෙළක්ය. “මම මූලිකවම මවක්. ඉන්පසුව වෘත්තියේ නිරත වන්නියක්. සෑමවිටම මුල් තැනට පැමිණෙන්නේ පවුල” ඇය පැවසුවාය.

ඔක්තෝබර් 1වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ඇය හේමාස් හෝල්ඩිංස්හි ප්‍රධාන විධායක නිලධාරිනිය (CEO) ලෙස කටයුතු කිරීමට නියමිතය. මෙසේ කාන්තාවක් ප්‍රධාන විධායක නිලධාරි ධූරයට පත් වීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සංධිස්ථානයක් බව සඳහන්ය.

පසුගිය සතියේදී හේමාස් හෝල්ඩිංස් මගින් කස්තුරිගේ ඉස්තරම් ඡායාරූපයක්ද සමඟ මෙම පත් කිරීම පිළිබඳව මාධ්‍ය නිවේදනය නිකුත් වූ පසුව එය සමාජ මාධ්‍ය පුරාවට සංසරණය වූ අතර එය මිලියනයකට වැඩි පිරිසකගේ අවධානයට ලක් විය.

කස්තුරි ලද මෙම ජයග්‍රහණය අහඹු සිදු වීමක ප්‍රතිඵලයක් නොවේ. දියණියන් දෙදෙනෙකුට උරුමකම් කී මධ්‍යම පාන්තික පවුලක බාල දියණිය ලෙස හැදී වැඩුණු කස්තුරිගේ පියා ගණකාධිකාරවරයෙකු වූ අතර ඇයගේ මව ගුරුවරියක විය. ඔවුන්ගේ නිවස පිහිටියේ වැල්ලවත්තේය. ඇගේ පියා මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් රැකියාව සිදු කරගැනීමට නොහැකි වූ නිසා ඔහු කස්තුරිට වයස අවුරුදු 4ක් පමණ වන විට රැකියාවෙන් සමුගන්නා ලදි. ඉන්පසුව පවුලට සැපයීම සඳහා ඇගේ මව රැකියා තුනක නිරත වී තිබේ. උදෑසන පාසැලක ඉගැන්වීම, සවස විශ්වවිද්‍යාලයක ඉගැන්වීම සහ නිවසේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම ඊට අයත්ය.

“අපේ නිවසේ නිතරම රණ්ඩු ඇති වුණා” කස්තුරි පවසයි. මෙම ජීවිතය කස්තුරිට තිත්ත වූ බව කියා තිබේ. සියල්ල අමතක කරන්නට ඇය ක්‍රීඩාවට යොමු විය. ඇය ඉතා උනන්දුවෙන් දැල් පන්දු සහ පැසිපන්දු වැනි ක්‍රීඩාවල නිරත විය. ඇය ඉගෙනුම ලැබුවේ බම්බලපිටිය හෝලි ෆැමිලි කොන්වන්ට්හීය. මෙකී ක්‍රියාකාරකම් ඇසුරින් ඇය ලද පුහුණුව මෙතෙක් ආ ගමනට කදිම පිටුවහලක් විය.

පවුල තුළ මෙම ගැහැනු දැරිවියන්ටද වගකීම් තිබිණ. ඔවුන් සතුව කිකිළියන් 50ක් පමණ සිටි අතර සොයුරියන් දෙදෙනා මාරුවෙන් මාරුවට කුකුල් කූඩුව පිරිසිදු කිරීම සහ කිකිළයන්ට ආහාර දීම වැනි රාජකාරිවල නිරත විය. මෙම දිනවල ඔවුන්ගේ ආහාර වේලට නැවුම් බිත්තර එකතු විය.

අච්චාරු මිල දී ගැනීමට තම බස් වියදම කැප කළ දිනවල ඔවුන්ට පාසැල වෙත ගමන් කිරීමට නිවසේ සිට දිව යෑමට හෝ බයිසිකලය පැදගෙන යෑමට සිදු විය. රැකියාවක් සහ මුදල් නොමැති විට ඔවුන්ගේ පියා බීමතින් නොසිටි අවස්ථාවලදී ඔහු නිවස සහ දියණියන්ව රැකබලා ගත්තේය. උදෑසන ආහාරයද ඔවුන් වෙනුවෙන් පිළියෙල කළේය. දියණියන්ට පුහුණුවීම් තිබූ දිනවල ඔවුන් සඳහා දිවා ආහාරය පාසැල වෙත රැගෙන ආවේය.

ළාබාල වියේ සිටම කස්තුරි ක්‍රීඩාවෙන් උගත් පාඩමක් තිබූ බව ඇය පවසයි. එය නම්, “ඔබ යම් කාර්යයක හොඳින් නිරත වන්නේ නම්, එහි ඉතා හොඳින් නිරත වන්නේ නම් මිනිසුන්ට ඔබව වටීවි. ඔබට අවශ්‍ය දේ අනුව ඔවුන් හැඩගැසේවි.” එය තමා ලද ප්‍රගතියට හේතු වූ බව ඇගේ අදහසය.

පාසැල් ජීවිතය පිළිබඳව කතා කරන විට ඇය වැඩි වශයෙන්ම සඳහන් කරන නම් දෙකක්ය. එනම් විදුහල්පති ශ්‍රීමත් චාල්ස් කොයෙල්මෙයර් සහ ක්‍රීඩා ආචාරිනී ට්‍රික්සි ජයසූරිය මෙනවියය. අධ්‍යාපනයෙන් පසු නිරත වන වෘත්තිය කුමක්දැයි ඇය අදහස් කරගෙන සිට නැත. ඇය පන්තිකාමරය තුළදී ත්‍යාග දිනාගැනීමට සමත් වූයේ ඉංග්‍රීසි සහ ගණිත විෂයන්ට පමණක් බවත් එම නිසා ඇය ඉදිරියේදී ඉංජිනේරු වෘත්තියේ යෙදෙනු ඇතැයි අදහසක් නිරායාසයෙන්ම අන්යන් තුළ ඇති වූ බවත් ඇය සඳහන් කරයි. ඇගේ ක්‍රීඩා දක්ෂතා හේතුවෙන් නායකත්ව ගුණාංග ඇය තුළ වර්ධනය වූ අතර 11 ශ්‍රේණියේදී ඇය නියෝජ්‍ය ක්‍රීඩා නායිකාව බවටද ඉන් පසු වර්ෂයේදී ක්‍රීඩා නායිකාව බවටද පත් වී තිබේ.

උසස් පෙළ පන්තියේදීද ක්‍රීඩාවල නිරත වීම හේතුවෙන් ඇය වැඩි කාලයක් පන්තිකාමරයෙන් පිටත ගත කළ බවත් “ඇයට පාඩම් කිරීමට අවස්ථාව දෙන” මෙන් අයැදිමින් ඇගේ මව විසින් ගුරුවරුන්ට ඉල්ලීමක් යැවූ ආකාරයත් කස්තුරි සිහිපත් කරයි.

ඇය දැල්පන්දු තරුවක් බවට පත් වූ අතර උසස් පෙළ විභාගයට පෙනී සිට සතියකින් පසුව සෝමේස්වරන් ජයවික්‍රම සහ සමාගම ලෙස හැඳින්වූ වරලත් ගණකාධිකාරී සමාගමකින් ඇයට තැපැල් පතක් ලැබී තිබේ. විගණන අභ්යාසලාභිනියක් ලෙස රැකියාවක් ඇයට ඉදිරිපත් කර තිබූ අතර 1980දී විශාල මුදලක් ලෙස සැලකූ රුපියල් 200ක ආරම්භක වැටුපක් ඇයට පොරොන්දු වී තිබුණි.

මුලින්ම මෙම ආයතනයෙහි රැකියාවේ නිරත වීමේදී ඇයට අතපසු වීම් සිදු වුවද කරන සෑමදේම හොඳින් කිරීමට ඇය තුළ තිබූ කැමැත්ත නොවෙනස් වීය.

ඇගේ උසස් පෙළ ප්‍රතිඵල මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පාඨමාලාව හැදෑරීමට ඇයට වරම් ලැබුණි. ඊට පෙර මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබූ ඇගේ වැඩිමහල් සොයුරියට නවක වධය දරාගත නොහැකි වීම හේතුවෙන් සොයුරිය විශ්වවිද්‍යාලයෙන් පිට වී තිබුණි.

විශ්වවිද්‍යාලයේදී ලබන්නට සිදු වූ අත්දැකීම් ඇය විස්තර කරන්නීය. 1988-89 කාලයේදී තරුණ කැරැල්ල පැවති විට ඇය ගමන් කරන අවස්ථාවකදී ජ්‍යෙෂ්ඨයෙකු ඇයට ඇඟිල්ල දිගු කරමින් “ඔයා එන්න” කියා අඬ ගැසීය. ඔහු කතා කළේ තමාට පසුපසින් සිටි පුද්ගලයෙකුට බව සිතූ කස්තුරි පසුපස හැරී බැලීය. නමුත් ජ්‍යෙෂ්ඨයා කතා කළේ තමාට බව දැනගත් විට ඇය තුළ බියක් ඇති වී තිබේ.

“මම ආපසු හැරිලා ගෙදර ගියා” ඇය පවසයි. උත්සාහයක් දැරීමෙන් තොරව අතහැර දැමූ ජීවිතයේ මුල්ම වතාව මෙය වූ බව කස්තුරි සිහිපත් කරයි. තමා මෙසේ සිදු කිරීම තමාව ඇතුළාන්තයෙන් බිඳ හෙළූ බව ඇය පවසන්නීය.

කස්තුරිගේ මව එකල පැවති සම්ප්‍රදායෙන් බැහැරව කල්පනා කළ අයෙක් බව ඇය සඳහන් කරයි. ආර්ථිකමය නිදහසක් ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් අත්කරගන්නා ලෙස මව තමන්ව නිතරම උනන්දු කළ බවත් ඇය පැවසීය. “මවට අවශ්‍ය වුණේ නැහැ අපි මුළුතැන්ගෙයි මෙහෙකාරියන් බවට පත් වෙනවාට. ඒ නිසා උයන පිහින හෝ රෙදි සෝදන කටයුතු කරමින් පමණක් සිටිනවා දැකීම ඇයට අවශ්‍ය වූයේ නැහැ.”

වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) සුදුසුකම් පිළිබඳව කස්තුරි තම මනස යොමු කළාය. ඇගේ ප්‍රධානීන් එම පාඨමාලාව සඳහා ගෙවීම් කිරීමට එකඟ වුවද මුල් අවස්ථාවේදීම සියලුම විභාග ඇය විසින් සමත් වීම අවශ්‍ය විය. එය ඇගේ මවගේ ප්‍රාර්ථනාව වූ බැවින් ඇය මෙම අභියෝගය භාරගත්තාය. ඇගේ දින චර්යාව කාර්යබහුල විය. ඇය ජාතික දැල්පන්දු සහ පැසිපන්දු කණ්ඩායම්වල සාමාජිකාවක් ලෙස සහ 1989 සිට එම කණ්ඩායම්වල නායිකාව ලෙස තරඟ කළ බව සඳහන්ය. මේ අතරවාරයේ රාජකාරි සහ පාඩම් කිරීම්ද ඇයට තිබිණි.

“ඒ කාලේ මට සල්ලි තිබුණේ නැතත් මම ඒ කාලේට ආසයි. ආසියානු තරඟ සඳහා අප විදෙස්ගත වූ අතර පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉරානය යන රටවල් දැකබලාගත හැකි විය” ඇය පවසයි. මේ අතරේ ඇය CIMA විභාගද සමත් වී තිබේ.

අවුරුදු 22 වන විට විවාහ දිවියට එළඹි කස්තුරි වයස අවුරුදු 25 වන විට අම්රිත් සහ අශ්වින්ද් යන පුතුන් දෙදෙනාට මවක විය.

පවුල් ජීවිතය ඉතා වැදගත් ලෙස සැලකූ ඇයට ගැබිනි සමයේදීම රැකියාවෙන් ඉවත් වීමට අවශ්‍ය විය. නමුත් සෝමෙස්වරන් ජයවික්‍රම සහ සමාගම ඇයට අර්ධකාලීනව රැකියාවේ නිරත වීමට අවස්ථාව ලබා දුන් අතර දරුවන්ට හොඳ මවක් වීමට ඇයට හැකි විය. ඒ අතරවාරයේම දැල් පන්දු ක්රීඩාවලත් නිරත විය.

1999දී ඇය තම සැමියාගෙන් වෙන් වූ බවත් නැවත මව්පියන්ගේ නිවසට ගිය බවත් සඳහන්ය. ඇගේ රැකියාවේද යම් වෙනසක් සිදු වී තිබේ. සෝමේස්වරන් ජයවික්‍රම සහ සමාගමේ විගණන කළමනාකරු සහ අධ්‍යක්ෂක උපදේශක තනතුර දැරූ ඇය පසුව ඇරමෙක්ස් එයාබෝන් ලංකා සහ කොන්ෆිෆි හෝටල් සමූහයේ මූල්‍ය පාලිකාව බවට පත් වූ අතර 2002 මාර්තු මාසයේදී හේමාස් හෝල්ඩිංස් සමඟ එකතු විය. එහිදී ඇය මුලින් මූල්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ අතර පසුව හෙම් ටුවර්ස්හි (දැනට ඩයතෙල්ම් ට්‍රැවල්ස්) මූල්‍ය අධ්‍යක්ෂක තනතුර හෙබවීය.

මේ වන විට කස්තුරි, මොරිසන් පීඑල්සී, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ කැපිටල් එලායන්ස් ලිමිටඩ්හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි. ඇය ශ්‍රී ලංකා ඖෂධ ක්ෂේත්රයෙහි (SLCPI) වත්මන් සභාපතිනියද වන අතර මෙවැනි තනතුරක් හොබවන පළමු ශ්‍රී ලාංකික කාන්තාව බව සඳහන්ය.

එමෙන්ම තවත් බොහෝ කමිටුවල සාමාජිකයෙක් ලෙසද අධ්‍යක්ෂක මණ්ඩලයේද ඇය සේවය කරන බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ බලවත්ම කාන්තාවන් ලෙස සැලකෙන 12දෙනා අතරට කස්තුරිද එක් වන්නීය.

ජුලි 1 වන දින කස්තුරි හේමාස් හෝල්ඩිංග්ස්හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී තනතුර භාරගත්තාය. මේ අනුව ඇය ඉදිරි ඔක්තෝබරයේදී ප්‍රධාන විධායක නිලධාරී බවට පත් වීමට නියමිතය.

මේ වන විට ඇගේ පුතුන් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන බව කියැවේ. ඇගේ ප්‍රියතම මිතුරන් බව ඈ කියා සිටින්නේ ඇගේ පුතුන්ය. දැනටද සෑම උදෑසනකම ඔවුන් සමඟ වීඩියෝ ඇමතුම් හරහා කාලය ගත කරන බව ඇය කියා සිටියි.

ඇය ආගමට ළැදි තැනැත්තියක් බවද සඳහන්ය. නමුත් ඇය ජීවිතය දෙස හැරී බැලීමේදී එක් පසුතැවීමක් තිබෙන බව සඳහන් කරයි. තම පියා මරණයට පත් වන තුරුම ඇය ඔහුව රැකබලාගත්තද “මම තාත්තාට ආදරෙයි” එක වතාවකදු ඔහුට පැවසීමට නොහැකි වීම පිළිබඳව ඇය කනගාටු වන්නීය. දැනට ඇගේ මවවද කස්තුරි රැකබලාගනියි.

තරුණ සහ වැඩිහිටි සියල්ලන්ටම කස්තුරි පැවසුවේ මෙසේය. “ඔබ යම් දෙයක් කෙරෙහි මනස යොමු කරනවා නම් ඔබට ඕනෑම දෙයක් කළ හැකිය. එමෙන්ම සුදුසුකම් අත්කරගැනීමට බැරි තරමට ඔබ මහලු නැත.”

කස්තුරි හාවඩ් ව්‍යාපාර විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විධායක නායකත්ව වැඩසටහන හදාරා තිබෙන්නේ 48 හැවිරිදි වියේදීය.

“මට පුළුවන් වුණා නම් ඔබටත් පුළුවන්” ඇය පැවසුවේ සිනහමුසු මුහුණින්ය.

(“සන්ඩේ ටයිම්ස්” Kumudini Hettiarachchi ලිපිය ඇසුරිනි)

එස්. දහනායක

[QUOTE="hichchiputha, post: 25506356, member: 565736"] හෝල්ඩින්ග්ස්හි ප්‍රධාන විධායක නිලධාරි තනතුරට ඇය පත්වීමක් ලැබීම ඉතිහාසගත වන්නෙ එවැනි තනතුරක් ලද ලංකාවේ පළමු කාන්තාව බවට ඇය පත්වීමෙනි. කුඩා කල දුෂ්කර ළමා කාලයක් ගෙවා දමා දිරියෙන් නැගී සිටිමින් කස්තුරි විල්සන් මෙතක් ආ ගමන පිළිබඳව සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වා තිබේ. කස්තුරි චෙල්ලරාජා විල්සන් හේමාස් හෝල්ඩින්ග්ස්හි ප්‍රධාන විධායක නිලධාරි බවට තේරී පත් වූ හැටි විමසූ විට ඇය දැක්වූයේ ඉතා සරල මෙන්ම අර්ථවත් වදන් පෙළක්ය. “මම මූලිකවම මවක්. ඉන්පසුව වෘත්තියේ නිරත වන්නියක්. සෑමවිටම මුල් තැනට පැමිණෙන්නේ පවුල” ඇය පැවසුවාය. ඔක්තෝබර් 1වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ඇය හේමාස් හෝල්ඩිංස්හි ප්‍රධාන විධායක නිලධාරිනිය (CEO) ලෙස කටයුතු කිරීමට නියමිතය. මෙසේ කාන්තාවක් ප්‍රධාන විධායක නිලධාරි ධූරයට පත් වීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සංධිස්ථානයක් බව සඳහන්ය. පසුගිය සතියේදී හේමාස් හෝල්ඩිංස් මගින් කස්තුරිගේ ඉස්තරම් ඡායාරූපයක්ද සමඟ මෙම පත් කිරීම පිළිබඳව මාධ්‍ය නිවේදනය නිකුත් වූ පසුව එය සමාජ මාධ්‍ය පුරාවට සංසරණය වූ අතර එය මිලියනයකට වැඩි පිරිසකගේ අවධානයට ලක් විය. කස්තුරි ලද මෙම ජයග්‍රහණය අහඹු සිදු වීමක ප්‍රතිඵලයක් නොවේ. දියණියන් දෙදෙනෙකුට උරුමකම් කී මධ්‍යම පාන්තික පවුලක බාල දියණිය ලෙස හැදී වැඩුණු කස්තුරිගේ පියා ගණකාධිකාරවරයෙකු වූ අතර ඇයගේ මව ගුරුවරියක විය. ඔවුන්ගේ නිවස පිහිටියේ වැල්ලවත්තේය. ඇගේ පියා මත්පැන්වලට ඇබ්බැහි වීම හේතුවෙන් රැකියාව සිදු කරගැනීමට නොහැකි වූ නිසා ඔහු කස්තුරිට වයස අවුරුදු 4ක් පමණ වන විට රැකියාවෙන් සමුගන්නා ලදි. ඉන්පසුව පවුලට සැපයීම සඳහා ඇගේ මව රැකියා තුනක නිරත වී තිබේ. උදෑසන පාසැලක ඉගැන්වීම, සවස විශ්වවිද්‍යාලයක ඉගැන්වීම සහ නිවසේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම ඊට අයත්ය. “අපේ නිවසේ නිතරම රණ්ඩු ඇති වුණා” කස්තුරි පවසයි. මෙම ජීවිතය කස්තුරිට තිත්ත වූ බව කියා තිබේ. සියල්ල අමතක කරන්නට ඇය ක්‍රීඩාවට යොමු විය. ඇය ඉතා උනන්දුවෙන් දැල් පන්දු සහ පැසිපන්දු වැනි ක්‍රීඩාවල නිරත විය. ඇය ඉගෙනුම ලැබුවේ බම්බලපිටිය හෝලි ෆැමිලි කොන්වන්ට්හීය. මෙකී ක්‍රියාකාරකම් ඇසුරින් ඇය ලද පුහුණුව මෙතෙක් ආ ගමනට කදිම පිටුවහලක් විය. පවුල තුළ මෙම ගැහැනු දැරිවියන්ටද වගකීම් තිබිණ. ඔවුන් සතුව කිකිළියන් 50ක් පමණ සිටි අතර සොයුරියන් දෙදෙනා මාරුවෙන් මාරුවට කුකුල් කූඩුව පිරිසිදු කිරීම සහ කිකිළයන්ට ආහාර දීම වැනි රාජකාරිවල නිරත විය. මෙම දිනවල ඔවුන්ගේ ආහාර වේලට නැවුම් බිත්තර එකතු විය. අච්චාරු මිල දී ගැනීමට තම බස් වියදම කැප කළ දිනවල ඔවුන්ට පාසැල වෙත ගමන් කිරීමට නිවසේ සිට දිව යෑමට හෝ බයිසිකලය පැදගෙන යෑමට සිදු විය. රැකියාවක් සහ මුදල් නොමැති විට ඔවුන්ගේ පියා බීමතින් නොසිටි අවස්ථාවලදී ඔහු නිවස සහ දියණියන්ව රැකබලා ගත්තේය. උදෑසන ආහාරයද ඔවුන් වෙනුවෙන් පිළියෙල කළේය. දියණියන්ට පුහුණුවීම් තිබූ දිනවල ඔවුන් සඳහා දිවා ආහාරය පාසැල වෙත රැගෙන ආවේය. ළාබාල වියේ සිටම කස්තුරි ක්‍රීඩාවෙන් උගත් පාඩමක් තිබූ බව ඇය පවසයි. එය නම්, “ඔබ යම් කාර්යයක හොඳින් නිරත වන්නේ නම්, එහි ඉතා හොඳින් නිරත වන්නේ නම් මිනිසුන්ට ඔබව වටීවි. ඔබට අවශ්‍ය දේ අනුව ඔවුන් හැඩගැසේවි.” එය තමා ලද ප්‍රගතියට හේතු වූ බව ඇගේ අදහසය. පාසැල් ජීවිතය පිළිබඳව කතා කරන විට ඇය වැඩි වශයෙන්ම සඳහන් කරන නම් දෙකක්ය. එනම් විදුහල්පති ශ්‍රීමත් චාල්ස් කොයෙල්මෙයර් සහ ක්‍රීඩා ආචාරිනී ට්‍රික්සි ජයසූරිය මෙනවියය. අධ්‍යාපනයෙන් පසු නිරත වන වෘත්තිය කුමක්දැයි ඇය අදහස් කරගෙන සිට නැත. ඇය පන්තිකාමරය තුළදී ත්‍යාග දිනාගැනීමට සමත් වූයේ ඉංග්‍රීසි සහ ගණිත විෂයන්ට පමණක් බවත් එම නිසා ඇය ඉදිරියේදී ඉංජිනේරු වෘත්තියේ යෙදෙනු ඇතැයි අදහසක් නිරායාසයෙන්ම අන්යන් තුළ ඇති වූ බවත් ඇය සඳහන් කරයි. ඇගේ ක්‍රීඩා දක්ෂතා හේතුවෙන් නායකත්ව ගුණාංග ඇය තුළ වර්ධනය වූ අතර 11 ශ්‍රේණියේදී ඇය නියෝජ්‍ය ක්‍රීඩා නායිකාව බවටද ඉන් පසු වර්ෂයේදී ක්‍රීඩා නායිකාව බවටද පත් වී තිබේ. උසස් පෙළ පන්තියේදීද ක්‍රීඩාවල නිරත වීම හේතුවෙන් ඇය වැඩි කාලයක් පන්තිකාමරයෙන් පිටත ගත කළ බවත් “ඇයට පාඩම් කිරීමට අවස්ථාව දෙන” මෙන් අයැදිමින් ඇගේ මව විසින් ගුරුවරුන්ට ඉල්ලීමක් යැවූ ආකාරයත් කස්තුරි සිහිපත් කරයි. ඇය දැල්පන්දු තරුවක් බවට පත් වූ අතර උසස් පෙළ විභාගයට පෙනී සිට සතියකින් පසුව සෝමේස්වරන් ජයවික්‍රම සහ සමාගම ලෙස හැඳින්වූ වරලත් ගණකාධිකාරී සමාගමකින් ඇයට තැපැල් පතක් ලැබී තිබේ. විගණන අභ්යාසලාභිනියක් ලෙස රැකියාවක් ඇයට ඉදිරිපත් කර තිබූ අතර 1980දී විශාල මුදලක් ලෙස සැලකූ රුපියල් 200ක ආරම්භක වැටුපක් ඇයට පොරොන්දු වී තිබුණි. මුලින්ම මෙම ආයතනයෙහි රැකියාවේ නිරත වීමේදී ඇයට අතපසු වීම් සිදු වුවද කරන සෑමදේම හොඳින් කිරීමට ඇය තුළ තිබූ කැමැත්ත නොවෙනස් වීය. ඇගේ උසස් පෙළ ප්‍රතිඵල මගින් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පාඨමාලාව හැදෑරීමට ඇයට වරම් ලැබුණි. ඊට පෙර මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබූ ඇගේ වැඩිමහල් සොයුරියට නවක වධය දරාගත නොහැකි වීම හේතුවෙන් සොයුරිය විශ්වවිද්‍යාලයෙන් පිට වී තිබුණි. විශ්වවිද්‍යාලයේදී ලබන්නට සිදු වූ අත්දැකීම් ඇය විස්තර කරන්නීය. 1988-89 කාලයේදී තරුණ කැරැල්ල පැවති විට ඇය ගමන් කරන අවස්ථාවකදී ජ්‍යෙෂ්ඨයෙකු ඇයට ඇඟිල්ල දිගු කරමින් “ඔයා එන්න” කියා අඬ ගැසීය. ඔහු කතා කළේ තමාට පසුපසින් සිටි පුද්ගලයෙකුට බව සිතූ කස්තුරි පසුපස හැරී බැලීය. නමුත් ජ්‍යෙෂ්ඨයා කතා කළේ තමාට බව දැනගත් විට ඇය තුළ බියක් ඇති වී තිබේ. “මම ආපසු හැරිලා ගෙදර ගියා” ඇය පවසයි. උත්සාහයක් දැරීමෙන් තොරව අතහැර දැමූ ජීවිතයේ මුල්ම වතාව මෙය වූ බව කස්තුරි සිහිපත් කරයි. තමා මෙසේ සිදු කිරීම තමාව ඇතුළාන්තයෙන් බිඳ හෙළූ බව ඇය පවසන්නීය. කස්තුරිගේ මව එකල පැවති සම්ප්‍රදායෙන් බැහැරව කල්පනා කළ අයෙක් බව ඇය සඳහන් කරයි. ආර්ථිකමය නිදහසක් ලබාගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් අත්කරගන්නා ලෙස මව තමන්ව නිතරම උනන්දු කළ බවත් ඇය පැවසීය. “මවට අවශ්‍ය වුණේ නැහැ අපි මුළුතැන්ගෙයි මෙහෙකාරියන් බවට පත් වෙනවාට. ඒ නිසා උයන පිහින හෝ රෙදි සෝදන කටයුතු කරමින් පමණක් සිටිනවා දැකීම ඇයට අවශ්‍ය වූයේ නැහැ.” වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CIMA) සුදුසුකම් පිළිබඳව කස්තුරි තම මනස යොමු කළාය. ඇගේ ප්‍රධානීන් එම පාඨමාලාව සඳහා ගෙවීම් කිරීමට එකඟ වුවද මුල් අවස්ථාවේදීම සියලුම විභාග ඇය විසින් සමත් වීම අවශ්‍ය විය. එය ඇගේ මවගේ ප්‍රාර්ථනාව වූ බැවින් ඇය මෙම අභියෝගය භාරගත්තාය. ඇගේ දින චර්යාව කාර්යබහුල විය. ඇය ජාතික දැල්පන්දු සහ පැසිපන්දු කණ්ඩායම්වල සාමාජිකාවක් ලෙස සහ 1989 සිට එම කණ්ඩායම්වල නායිකාව ලෙස තරඟ කළ බව සඳහන්ය. මේ අතරවාරයේ රාජකාරි සහ පාඩම් කිරීම්ද ඇයට තිබිණි. “ඒ කාලේ මට සල්ලි තිබුණේ නැතත් මම ඒ කාලේට ආසයි. ආසියානු තරඟ සඳහා අප විදෙස්ගත වූ අතර පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉරානය යන රටවල් දැකබලාගත හැකි විය” ඇය පවසයි. මේ අතරේ ඇය CIMA විභාගද සමත් වී තිබේ. අවුරුදු 22 වන විට විවාහ දිවියට එළඹි කස්තුරි වයස අවුරුදු 25 වන විට අම්රිත් සහ අශ්වින්ද් යන පුතුන් දෙදෙනාට මවක විය. පවුල් ජීවිතය ඉතා වැදගත් ලෙස සැලකූ ඇයට ගැබිනි සමයේදීම රැකියාවෙන් ඉවත් වීමට අවශ්‍ය විය. නමුත් සෝමෙස්වරන් ජයවික්‍රම සහ සමාගම ඇයට අර්ධකාලීනව රැකියාවේ නිරත වීමට අවස්ථාව ලබා දුන් අතර දරුවන්ට හොඳ මවක් වීමට ඇයට හැකි විය. ඒ අතරවාරයේම දැල් පන්දු ක්රීඩාවලත් නිරත විය. 1999දී ඇය තම සැමියාගෙන් වෙන් වූ බවත් නැවත මව්පියන්ගේ නිවසට ගිය බවත් සඳහන්ය. ඇගේ රැකියාවේද යම් වෙනසක් සිදු වී තිබේ. සෝමේස්වරන් ජයවික්‍රම සහ සමාගමේ විගණන කළමනාකරු සහ අධ්‍යක්ෂක උපදේශක තනතුර දැරූ ඇය පසුව ඇරමෙක්ස් එයාබෝන් ලංකා සහ කොන්ෆිෆි හෝටල් සමූහයේ මූල්‍ය පාලිකාව බවට පත් වූ අතර 2002 මාර්තු මාසයේදී හේමාස් හෝල්ඩිංස් සමඟ එකතු විය. එහිදී ඇය මුලින් මූල්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ අතර පසුව හෙම් ටුවර්ස්හි (දැනට ඩයතෙල්ම් ට්‍රැවල්ස්) මූල්‍ය අධ්‍යක්ෂක තනතුර හෙබවීය. මේ වන විට කස්තුරි, මොරිසන් පීඑල්සී, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සහ කැපිටල් එලායන්ස් ලිමිටඩ්හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි. ඇය ශ්‍රී ලංකා ඖෂධ ක්ෂේත්රයෙහි (SLCPI) වත්මන් සභාපතිනියද වන අතර මෙවැනි තනතුරක් හොබවන පළමු ශ්‍රී ලාංකික කාන්තාව බව සඳහන්ය. එමෙන්ම තවත් බොහෝ කමිටුවල සාමාජිකයෙක් ලෙසද අධ්‍යක්ෂක මණ්ඩලයේද ඇය සේවය කරන බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ බලවත්ම කාන්තාවන් ලෙස සැලකෙන 12දෙනා අතරට කස්තුරිද එක් වන්නීය. ජුලි 1 වන දින කස්තුරි හේමාස් හෝල්ඩිංග්ස්හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී තනතුර භාරගත්තාය. මේ අනුව ඇය ඉදිරි ඔක්තෝබරයේදී ප්‍රධාන විධායක නිලධාරී බවට පත් වීමට නියමිතය. මේ වන විට ඇගේ පුතුන් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන බව කියැවේ. ඇගේ ප්‍රියතම මිතුරන් බව ඈ කියා සිටින්නේ ඇගේ පුතුන්ය. දැනටද සෑම උදෑසනකම ඔවුන් සමඟ වීඩියෝ ඇමතුම් හරහා කාලය ගත කරන බව ඇය කියා සිටියි. ඇය ආගමට ළැදි තැනැත්තියක් බවද සඳහන්ය. නමුත් ඇය ජීවිතය දෙස හැරී බැලීමේදී එක් පසුතැවීමක් තිබෙන බව සඳහන් කරයි. තම පියා මරණයට පත් වන තුරුම ඇය ඔහුව රැකබලාගත්තද “මම තාත්තාට ආදරෙයි” එක වතාවකදු ඔහුට පැවසීමට නොහැකි වීම පිළිබඳව ඇය කනගාටු වන්නීය. දැනට ඇගේ මවවද කස්තුරි රැකබලාගනියි. තරුණ සහ වැඩිහිටි සියල්ලන්ටම කස්තුරි පැවසුවේ මෙසේය. “ඔබ යම් දෙයක් කෙරෙහි මනස යොමු කරනවා නම් ඔබට ඕනෑම දෙයක් කළ හැකිය. එමෙන්ම සුදුසුකම් අත්කරගැනීමට බැරි තරමට ඔබ මහලු නැත.” කස්තුරි හාවඩ් ව්‍යාපාර විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විධායක නායකත්ව වැඩසටහන හදාරා තිබෙන්නේ 48 හැවිරිදි වියේදීය. “මට පුළුවන් වුණා නම් ඔබටත් පුළුවන්” ඇය පැවසුවේ සිනහමුසු මුහුණින්ය. (“සන්ඩේ ටයිම්ස්” Kumudini Hettiarachchi ලිපිය ඇසුරිනි) එස්. දහනායක [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom