Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Introvert 👀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනවාරි 2 දා ලෝක Introverts දිනය සමරනු ලැබුවා. ටික දවසක් පහුවෙලා වුණත් මේ ගැන කෙටියෙන් හරි යමක් බෙදාගන්න හිතුණ.

කවුද මේ Introverts කියන්නෙ? කොහොමද ඒ අයව හඳුනාගන්නෙ? මුලින්ම ඒ කාරණාව පැහැදිලි කරගම්මු. මනෝවිද්‍යාවෙදි පුද්ගල පෞරුෂයන් අනුව මිනිසුන් වර්ග දෙකකට වෙන් කරනව. ඒ Introvert සහ Extrovert විදිහට. (සිංහලෙන් අන්තරාවර්ත සහ බාහිරවර්ත විදිහට හඳුන්වනව මතක විදිහට) හරියටම ගත්තොත් මනෝවිද්‍යාවේ ප්‍රධාන ධාරාවෙන් වෙන්ව ගොඩ නැගුණු එක් අතුරු විෂයක් වුණ පුද්ගල පෞරුෂ අධ්‍යයනය (Personality psychology) කියන විෂය ක්ෂේත්රයෙයි මේ කරුණු ඇතුළත් වෙන්නෙ. Personality psychology අනුව පෞරුෂත්වය විදිහට හදුන්වන්නේ කෙනක් බාහිර සමාජය එක්ක ගැටෙනකොට ගොඩනගාගන්න පුද්ගල අනන්‍යතාවයට. Personality කියන යෙදුම එන්නෙ Persona නම් ලතින් යෙදුමෙන්. (බර්ග්මාන් ගේ Persona චිත්‍රපටය ගැන කතා කරද්දි මේ ගැන ටිකක් වැඩිපුර කතා කරා) පර්සෝනා වචනයේ තේරුම වෙස්මුහුණ යන්නයි. පෞරුෂය කෙනෙකු පිටස්තරයට පෙන්වන මවාපෑමකට සමානයි. අපේම අදහස්, සිතුවිලි, ආකල්ප, හැගීම් දැනීම්, පුරුදු කරගත් චර්යාවන් වැනි දේවල් එක්ක අපේ මේ පෞරුෂයන් නිර්මාණය වෙන්නෙ.

Introvert සහ Extrovert කියන්නෙ මේ පෞරුෂයන් වර්ගීකරණය වෙන ප්‍රධාන කොටස් දෙක. 1920 දශකයේ මනෝ විද්‍යාඥ Carl Jung තමයි මේ සංකල්පය ඉදිරිපත් කරන්නෙ. Extrovert යනුවෙන් හඳුන්වන්නෙ බාහිර සමාජයට නැඹුරු වුණ පුද්ගලයන්. මේ අය සමාජයේ මිනිසුන් අතර ගැවසෙන්න, කතාබහ කරන්න, සාමුහිකව කරන වැඩකටයුතු වලට සහභාගි වෙන්න වැඩි කැමැත්තක් දක්වනව. මිත්‍රශීලී බව සහ වැඩිපුර සමාජ ආශ්‍රය නිසා මේ අයට මිත්‍රයන් සෑහෙන්න ඉන්නව. කණ්ඩායම් ඇතුළේ මේ අය නිතරම කැපිල පේනව. තනියම එකම තැනකට වෙලා ඉන්න මේ අය කැමති නෑ.

Introvert නමින් හඳුන්වන්නෙ ආත්මය ඇතුළට නැඹුරු වුණ පුද්ගලයන්. මේ අය සමාජ ආශ්‍රය ප්‍රිය නොකරන, කතා බහ ඉතාම අඩු, හුදෙකලා නිහඬ චරිත විදිහට හඳුනාගන්න පුලුවන්. තමන්ගේ වැඩ කටයුතු කාගේවත් උදව්වක් නොලබා තමන් විසින් ම කරගන්න මේ අය කැමතියි. පොදු වැඩ වලදි ඉදිරිපත් නොවෙන ලැජ්ජාශීලි බවක් පෙන්වනව. සමාජශීලී භාවය ඉතාම අඩුයි. මොකක් හරි කාරණයක් දිහා ගැඹුරට හිත යොදවල කල්පනා කරන්න මේ අය දක්ෂයි. හුදෙකලාවේ පොතපත කියවමින් ඉන්න කැමති නිසා සාපේක්ෂව මේ අයට යම් යම් දේවල් ගැන හොඳ දැනුමක් තියනව.

වැඩිපුර මිතුරු ඇසුරක් නැතත් තෝරාගත් ටික දෙනෙක් සමඟ පමණක් ඉතාම සමීප ඇසුරක් මේ අය පවත්වා ගන්නව. සමාජයේ මේ අය 25% ත් 40% ත් අතර ප්‍රමාණයක් ඉන්න බව තමා සඳහන් වෙන්නෙ. නිහඬව හුදෙකලාව ඉන්න නිසා මේ අය ඉක්මණින් කේන්ති යන, දරුණු ගතිගුණ ඇති අය විදිහට බොහෝ අය වරදවා තේරුම් ගත්තත් සමාජ ආශ්‍රයට අකැමැත්ත මිසක් දරුණු ගති මේ අයට නැහැ. තනිව වාසය පුරුදු කරගෙන ඇති නිසා තමන් ගැන හොද ආත්ම විශ්වාසයක් මේ අයට තියනව. Extrovert අය කතාවේ දක්ෂයන් වෙද්දි Introvert අය බොහෝමයක් ලිවීමේ දක්ෂයන් බව හොයාගෙන තියනව.

පුද්ගල පෞරුෂය ගොඩනැගෙන ආකාරය ඉතාම සංකීර්ණයි. සහජයෙන් ලැබෙන ගති ස්වභාවයන්, අත්දැකීම්, පවුල් පසුබිම ඔය හැම දැයක්ම කෙනෙකුගේ පෞරුෂය ගොඩනංවන්න බලපෑම් කරනව. ඉතින් අවස්තානුකූලව මේ අන්ත දෙක අතර රැඳෙනව මිසක් ලේසියෙන් කෙනෙක් සර්ව සම්පූර්ණව මේ කොටස් දෙකෙන් එකකට අයිති වෙන්නෙ නෑ. කෙනෙකුගේ ලඟ සාපේක්ෂව වැඩිපුර තිබෙන ගති ස්වභායන් අනුව ඔහු හෝ ඇය Introvert ද නැත්නම් Extrovert ද යන කාරණය තීරණය වෙනව. බහුතරය මේ අතර මැද රැඳෙන අතරේ වැඩිපුර introvert ගති ගුණ ඇති සුලු පිරිසක් නිහඬවම සමාජයට පිටස්තරයන් විදිහට ජීවිතය ගෙවමින් ඉන්නව.

මේ introvert චරිතයකට හොඳම උදාහරණයකට ගන්න පුලුවන් කෙනෙක් මම අහල තියන පමණට ජී.බී. සේනානායක මහත්මය. ඔහු අද නිසඳැස් විදිහට හඳුන්වන නිදහස් කවියේ ආරම්භකයා වගේම සිංහල කෙටි කතා කලාවේ පුරෝගාමියෙක් විදිහටත් හඳුනාගත හැකියි. ජී.බී. සේනානායක මහත්මය ජීවත්වෙලා තිබෙන්න තමන්ගෙ සහෝදරියකගෙ නිවසේ. ඔහු කිසිම රැකියාවක් කරල නෑ. විවාහ වෙලාත් නැහැ. තමන්ගේ කුටියට වෙලා දොර ජනෙල් වසා ගෙන පොත පත කියවීම, ලිවීමේ යෙදීමයි ඔහුගෙ එකම කාර්ය වෙලා තිබෙන්නෙ. නිවසේ කෙනෙකුටවත් ඔහුව දැක ගන්න ලැබිල තියෙන්නෙ ඉතාම අඩුවෙන්. එතුමා introvert පෞරුෂයේ එක් අන්තයකට ගිය මනුෂ්‍යයෙක් විදිහට හඳුනාගන්න පුලුවන්. අනෙක් පැත්තෙන් Extrovert චරිතයක් විදිහට විජය කුමාරතුංග වගේ කෙනෙකුව අරගන්න පුලුවන්. ඔහු නිතරම මිනිස්සු අතර ගැවසෙන්න ප්‍රිය කර තිබෙනව. ජනප්‍රියත්වය නිසා යන යන තැන රසික රසිකාවියන් ඔහුව වටකරගනිද්දි ඒ හැම කෙනෙක් සමගම පුලුවන් ආකාරයට කතාබහ කරන්න ඔහු පැකිලුනේ නෑ. ඒ වගේ සමාජයේ පොදු ප්‍රශ්න වෙනුවෙන් ඔහු ප්‍රසිද්ධියේ කතා කලා. අදටත් පොදු ජනතාවගේ මිනිසෙක් විදිහට ඔහුව හඳුන්වනව.

Introverts day එකක් අන්තර්ජාතික වශයෙන් සම්මත වෙන්න ප්‍රධාන වශයෙන් බලපෑමක් කරන්නෙ 2011අවුරුද්දේ Felicitas Heyne නම් මනෝ විද්‍යාඥයකු ලියා පළකල බ්ලොග් සටහනක් නිසා. නිහඬවූවන් සැමරීම අවශ්‍ය ඇයි කියන කාරණය ඔහු පැහැදිලි කර තිබුණා. මොකද ඔවුන් මේ සමාජයේ සුලුතරයක්. වැරදියට තේරුම් ගත්ත සුලුතරයක් කිව්වොත් වඩා නිවැරදියි. මොකද ලෝකය ගොඩනැගී තිබෙන්නෙ සමාජශීලී මිනිස්සුන්ට පහසු වෙන ආකාරයට. මිනිස් පැවැත්ම සාමුහිකත්වය මුල්කරගෙන ගොඩ නැගුණ එකක්. නමුත් මිනිස් ශිෂ්ටාචාරය හැඩගන්වන්න මේ නිහඬ චින්තකයන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන්, කලා කරුවන් කර තිබෙන සේවාව අති මහත්.මේ පොදු සමාජයෙන් දුරස් වුණු, අර්ථයක් නැති ජීවිත විදිහට නිතරම වැරදියට අවබෝධ කරගන්නා ඔවුන්ව අගය කරනු ලැබීමයි introvert අය වෙනුවෙන් දිනයක් වෙන් කිරීමේ අරමුණ.

ජනවාරි 2 Introvert දිනය යෙදෙන්නේ ජනවාරි 1 මුලු ලෝකයක්ම අවුරුදු සමරන උත්කර්ෂය නිසා ඔවුන් එයට අයිති නැති බව පෙන්වීමේ සංකේතයක් විදිහට. මොකද උත්සව. සැමරීම් වලට මේ අය කොහොමත් උනන්දු නොවෙන නිසා.

ප්‍රේම සම්බන්ධතා ඇතුළෙ, රැකියාව කරන තැන්වල, පොදු ස්ථානවල මේ වැනි අය නිතරම අපහසුතාවට ලක් වෙනව. කෙනෙක් ස්වකැමැත්තෙන්ම introvert කෙනෙක් වීම තෝරාගන්නෙ නැහැ. එහෙම වුණත් ඒ ස්වභාවය නිසා ඔවුන් අපහාසයට හෝ උපහාසයට ලක්විය යුතු නෑ. එවැනි අය තේරුම් ගන්න. ඔවුන්ට ඔවුන්ගෙ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ හරින්න, ඔබේ උදව් අවශ්‍ය තැන උදව් කරන්නයි අවශ්‍ය. ඒත් සමාජශීලී නොවන බව (පමණක් නොවෙයි ඕනෑම දෙයක්) කෙනෙක් සමාජයේ අපහාස විඳීමට හේතුවක් විය යුතු නැහැ.

මේ සටහනේ අරමුණත් එවැනි අය අප අතර ඉන්නා බවත් ඔවුන් අමුතු මනුෂ්‍යන් නොව ඒ ඔවුන්ගේ ස්වභාවය බව පහදා දීමයි. සමාජය ඉදිරියේ මැවෙන පෞරුෂත්වයෙ වෙස් මුහුණු අපි විසින් කුඩා කාලයෙ පටන් පුරුදු පුහුණු කරගත් යමක් මිස අවසානයෙදි ඇතුළාන්තයෙන් අපි හැම කෙනෙකුම මනුෂ්‍යයන් බව අපි වටහාගත යුතුයි. සාමුහිකත්වය හුරු නොවීම කෙනෙකු ගේ ජීවිතයට අමතර බරක් එකතු කිරීම කණ්ගාටුදායක තත්ත්වයක්. සමාජයක් විදිහට මේ පිටස්තරයන් ගැන තියන වැරදි ආකල්ප දුරු කිරීම අවශ්‍යම දෙයක් විදිහට මම කල්පනා කරන්නෙ.

පමාවී හෝ සියලු introvert ජීවිත වෙනුවෙන් සුබපැතුමක් එක් කරන්න මේ සටහන යොදාගන්නව!

කෙනෙකුගේ ජීවිතය ඔබට වටහා ගත නොහැකි ජීවිතයක් වීම කිසිසේත් ඔවුන්ගේ වරදක් නොවේ!

Its okay to live a life that nobody can understand !

-hAsH-

.[ATTACH=full]108549[/ATTACH]

[QUOTE="rithik_putha, post: 26025039, member: 563928"] ජනවාරි 2 දා ලෝක Introverts දිනය සමරනු ලැබුවා. ටික දවසක් පහුවෙලා වුණත් මේ ගැන කෙටියෙන් හරි යමක් බෙදාගන්න හිතුණ. කවුද මේ Introverts කියන්නෙ? කොහොමද ඒ අයව හඳුනාගන්නෙ? මුලින්ම ඒ කාරණාව පැහැදිලි කරගම්මු. මනෝවිද්‍යාවෙදි පුද්ගල පෞරුෂයන් අනුව මිනිසුන් වර්ග දෙකකට වෙන් කරනව. ඒ Introvert සහ Extrovert විදිහට. (සිංහලෙන් අන්තරාවර්ත සහ බාහිරවර්ත විදිහට හඳුන්වනව මතක විදිහට) හරියටම ගත්තොත් මනෝවිද්‍යාවේ ප්‍රධාන ධාරාවෙන් වෙන්ව ගොඩ නැගුණු එක් අතුරු විෂයක් වුණ පුද්ගල පෞරුෂ අධ්‍යයනය (Personality psychology) කියන විෂය ක්ෂේත්රයෙයි මේ කරුණු ඇතුළත් වෙන්නෙ. Personality psychology අනුව පෞරුෂත්වය විදිහට හදුන්වන්නේ කෙනක් බාහිර සමාජය එක්ක ගැටෙනකොට ගොඩනගාගන්න පුද්ගල අනන්‍යතාවයට. Personality කියන යෙදුම එන්නෙ Persona නම් ලතින් යෙදුමෙන්. (බර්ග්මාන් ගේ Persona චිත්‍රපටය ගැන කතා කරද්දි මේ ගැන ටිකක් වැඩිපුර කතා කරා) පර්සෝනා වචනයේ තේරුම වෙස්මුහුණ යන්නයි. පෞරුෂය කෙනෙකු පිටස්තරයට පෙන්වන මවාපෑමකට සමානයි. අපේම අදහස්, සිතුවිලි, ආකල්ප, හැගීම් දැනීම්, පුරුදු කරගත් චර්යාවන් වැනි දේවල් එක්ක අපේ මේ පෞරුෂයන් නිර්මාණය වෙන්නෙ. Introvert සහ Extrovert කියන්නෙ මේ පෞරුෂයන් වර්ගීකරණය වෙන ප්‍රධාන කොටස් දෙක. 1920 දශකයේ මනෝ විද්‍යාඥ Carl Jung තමයි මේ සංකල්පය ඉදිරිපත් කරන්නෙ. Extrovert යනුවෙන් හඳුන්වන්නෙ බාහිර සමාජයට නැඹුරු වුණ පුද්ගලයන්. මේ අය සමාජයේ මිනිසුන් අතර ගැවසෙන්න, කතාබහ කරන්න, සාමුහිකව කරන වැඩකටයුතු වලට සහභාගි වෙන්න වැඩි කැමැත්තක් දක්වනව. මිත්‍රශීලී බව සහ වැඩිපුර සමාජ ආශ්‍රය නිසා මේ අයට මිත්‍රයන් සෑහෙන්න ඉන්නව. කණ්ඩායම් ඇතුළේ මේ අය නිතරම කැපිල පේනව. තනියම එකම තැනකට වෙලා ඉන්න මේ අය කැමති නෑ. Introvert නමින් හඳුන්වන්නෙ ආත්මය ඇතුළට නැඹුරු වුණ පුද්ගලයන්. මේ අය සමාජ ආශ්‍රය ප්‍රිය නොකරන, කතා බහ ඉතාම අඩු, හුදෙකලා නිහඬ චරිත විදිහට හඳුනාගන්න පුලුවන්. තමන්ගේ වැඩ කටයුතු කාගේවත් උදව්වක් නොලබා තමන් විසින් ම කරගන්න මේ අය කැමතියි. පොදු වැඩ වලදි ඉදිරිපත් නොවෙන ලැජ්ජාශීලි බවක් පෙන්වනව. සමාජශීලී භාවය ඉතාම අඩුයි. මොකක් හරි කාරණයක් දිහා ගැඹුරට හිත යොදවල කල්පනා කරන්න මේ අය දක්ෂයි. හුදෙකලාවේ පොතපත කියවමින් ඉන්න කැමති නිසා සාපේක්ෂව මේ අයට යම් යම් දේවල් ගැන හොඳ දැනුමක් තියනව. වැඩිපුර මිතුරු ඇසුරක් නැතත් තෝරාගත් ටික දෙනෙක් සමඟ පමණක් ඉතාම සමීප ඇසුරක් මේ අය පවත්වා ගන්නව. සමාජයේ මේ අය 25% ත් 40% ත් අතර ප්‍රමාණයක් ඉන්න බව තමා සඳහන් වෙන්නෙ. නිහඬව හුදෙකලාව ඉන්න නිසා මේ අය ඉක්මණින් කේන්ති යන, දරුණු ගතිගුණ ඇති අය විදිහට බොහෝ අය වරදවා තේරුම් ගත්තත් සමාජ ආශ්‍රයට අකැමැත්ත මිසක් දරුණු ගති මේ අයට නැහැ. තනිව වාසය පුරුදු කරගෙන ඇති නිසා තමන් ගැන හොද ආත්ම විශ්වාසයක් මේ අයට තියනව. Extrovert අය කතාවේ දක්ෂයන් වෙද්දි Introvert අය බොහෝමයක් ලිවීමේ දක්ෂයන් බව හොයාගෙන තියනව. පුද්ගල පෞරුෂය ගොඩනැගෙන ආකාරය ඉතාම සංකීර්ණයි. සහජයෙන් ලැබෙන ගති ස්වභාවයන්, අත්දැකීම්, පවුල් පසුබිම ඔය හැම දැයක්ම කෙනෙකුගේ පෞරුෂය ගොඩනංවන්න බලපෑම් කරනව. ඉතින් අවස්තානුකූලව මේ අන්ත දෙක අතර රැඳෙනව මිසක් ලේසියෙන් කෙනෙක් සර්ව සම්පූර්ණව මේ කොටස් දෙකෙන් එකකට අයිති වෙන්නෙ නෑ. කෙනෙකුගේ ලඟ සාපේක්ෂව වැඩිපුර තිබෙන ගති ස්වභායන් අනුව ඔහු හෝ ඇය Introvert ද නැත්නම් Extrovert ද යන කාරණය තීරණය වෙනව. බහුතරය මේ අතර මැද රැඳෙන අතරේ වැඩිපුර introvert ගති ගුණ ඇති සුලු පිරිසක් නිහඬවම සමාජයට පිටස්තරයන් විදිහට ජීවිතය ගෙවමින් ඉන්නව. මේ introvert චරිතයකට හොඳම උදාහරණයකට ගන්න පුලුවන් කෙනෙක් මම අහල තියන පමණට ජී.බී. සේනානායක මහත්මය. ඔහු අද නිසඳැස් විදිහට හඳුන්වන නිදහස් කවියේ ආරම්භකයා වගේම සිංහල කෙටි කතා කලාවේ පුරෝගාමියෙක් විදිහටත් හඳුනාගත හැකියි. ජී.බී. සේනානායක මහත්මය ජීවත්වෙලා තිබෙන්න තමන්ගෙ සහෝදරියකගෙ නිවසේ. ඔහු කිසිම රැකියාවක් කරල නෑ. විවාහ වෙලාත් නැහැ. තමන්ගේ කුටියට වෙලා දොර ජනෙල් වසා ගෙන පොත පත කියවීම, ලිවීමේ යෙදීමයි ඔහුගෙ එකම කාර්ය වෙලා තිබෙන්නෙ. නිවසේ කෙනෙකුටවත් ඔහුව දැක ගන්න ලැබිල තියෙන්නෙ ඉතාම අඩුවෙන්. එතුමා introvert පෞරුෂයේ එක් අන්තයකට ගිය මනුෂ්‍යයෙක් විදිහට හඳුනාගන්න පුලුවන්. අනෙක් පැත්තෙන් Extrovert චරිතයක් විදිහට විජය කුමාරතුංග වගේ කෙනෙකුව අරගන්න පුලුවන්. ඔහු නිතරම මිනිස්සු අතර ගැවසෙන්න ප්‍රිය කර තිබෙනව. ජනප්‍රියත්වය නිසා යන යන තැන රසික රසිකාවියන් ඔහුව වටකරගනිද්දි ඒ හැම කෙනෙක් සමගම පුලුවන් ආකාරයට කතාබහ කරන්න ඔහු පැකිලුනේ නෑ. ඒ වගේ සමාජයේ පොදු ප්‍රශ්න වෙනුවෙන් ඔහු ප්‍රසිද්ධියේ කතා කලා. අදටත් පොදු ජනතාවගේ මිනිසෙක් විදිහට ඔහුව හඳුන්වනව. Introverts day එකක් අන්තර්ජාතික වශයෙන් සම්මත වෙන්න ප්‍රධාන වශයෙන් බලපෑමක් කරන්නෙ 2011අවුරුද්දේ Felicitas Heyne නම් මනෝ විද්‍යාඥයකු ලියා පළකල බ්ලොග් සටහනක් නිසා. නිහඬවූවන් සැමරීම අවශ්‍ය ඇයි කියන කාරණය ඔහු පැහැදිලි කර තිබුණා. මොකද ඔවුන් මේ සමාජයේ සුලුතරයක්. වැරදියට තේරුම් ගත්ත සුලුතරයක් කිව්වොත් වඩා නිවැරදියි. මොකද ලෝකය ගොඩනැගී තිබෙන්නෙ සමාජශීලී මිනිස්සුන්ට පහසු වෙන ආකාරයට. මිනිස් පැවැත්ම සාමුහිකත්වය මුල්කරගෙන ගොඩ නැගුණ එකක්. නමුත් මිනිස් ශිෂ්ටාචාරය හැඩගන්වන්න මේ නිහඬ චින්තකයන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන්, කලා කරුවන් කර තිබෙන සේවාව අති මහත්.මේ පොදු සමාජයෙන් දුරස් වුණු, අර්ථයක් නැති ජීවිත විදිහට නිතරම වැරදියට අවබෝධ කරගන්නා ඔවුන්ව අගය කරනු ලැබීමයි introvert අය වෙනුවෙන් දිනයක් වෙන් කිරීමේ අරමුණ. ජනවාරි 2 Introvert දිනය යෙදෙන්නේ ජනවාරි 1 මුලු ලෝකයක්ම අවුරුදු සමරන උත්කර්ෂය නිසා ඔවුන් එයට අයිති නැති බව පෙන්වීමේ සංකේතයක් විදිහට. මොකද උත්සව. සැමරීම් වලට මේ අය කොහොමත් උනන්දු නොවෙන නිසා. ප්‍රේම සම්බන්ධතා ඇතුළෙ, රැකියාව කරන තැන්වල, පොදු ස්ථානවල මේ වැනි අය නිතරම අපහසුතාවට ලක් වෙනව. කෙනෙක් ස්වකැමැත්තෙන්ම introvert කෙනෙක් වීම තෝරාගන්නෙ නැහැ. එහෙම වුණත් ඒ ස්වභාවය නිසා ඔවුන් අපහාසයට හෝ උපහාසයට ලක්විය යුතු නෑ. එවැනි අය තේරුම් ගන්න. ඔවුන්ට ඔවුන්ගෙ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ හරින්න, ඔබේ උදව් අවශ්‍ය තැන උදව් කරන්නයි අවශ්‍ය. ඒත් සමාජශීලී නොවන බව (පමණක් නොවෙයි ඕනෑම දෙයක්) කෙනෙක් සමාජයේ අපහාස විඳීමට හේතුවක් විය යුතු නැහැ. මේ සටහනේ අරමුණත් එවැනි අය අප අතර ඉන්නා බවත් ඔවුන් අමුතු මනුෂ්‍යන් නොව ඒ ඔවුන්ගේ ස්වභාවය බව පහදා දීමයි. සමාජය ඉදිරියේ මැවෙන පෞරුෂත්වයෙ වෙස් මුහුණු අපි විසින් කුඩා කාලයෙ පටන් පුරුදු පුහුණු කරගත් යමක් මිස අවසානයෙදි ඇතුළාන්තයෙන් අපි හැම කෙනෙකුම මනුෂ්‍යයන් බව අපි වටහාගත යුතුයි. සාමුහිකත්වය හුරු නොවීම කෙනෙකු ගේ ජීවිතයට අමතර බරක් එකතු කිරීම කණ්ගාටුදායක තත්ත්වයක්. සමාජයක් විදිහට මේ පිටස්තරයන් ගැන තියන වැරදි ආකල්ප දුරු කිරීම අවශ්‍යම දෙයක් විදිහට මම කල්පනා කරන්නෙ. පමාවී හෝ සියලු introvert ජීවිත වෙනුවෙන් සුබපැතුමක් එක් කරන්න මේ සටහන යොදාගන්නව! කෙනෙකුගේ ජීවිතය ඔබට වටහා ගත නොහැකි ජීවිතයක් වීම කිසිසේත් ඔවුන්ගේ වරදක් නොවේ! Its okay to live a life that nobody can understand ! -hAsH- . .[ATTACH type="full"]108549[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom