Iphone 8 වල_අවුලක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    FB_IMG_1536112233033__1536112298_58.153.198.3.jpg

    අනෙකුත් දුරකථන සමාගම්වලට මෙන්ම කාලයෙන් කාලයට ඇතිවන විවිද තාක්ෂනික දෝශ යනු Apple සමාගමට උනත් අලුත් දෙයක් නොවෙයි නේ. ඉතින් ඔන්න නිෂ්පාදනයේදී ඇතිවූ ප්‍රශ්නයක් නිසා Iphone 8 සීමිත දුරකථන ප්‍රමානයකත් Logic board (Main Board) එකෙහි දෝෂයක් ඇති බව මේ වනවිට Apple සමාගම නිල වශයෙන් පිලිගෙන තිබෙනවා. මෙම Logic board එකෙහි ඇති දෝෂය නිසා එම Iphone 8 දුරකථන random restarts, screen freezes සහ defective startup initiations ප්‍රශ්නවලට ලක්වන අතර Apple සමාගමට අනුව 2017 සැප්තැම්බර් මාසයේ සිට 2018 මාර්තු කාලය දක්වා විකිණූ Australia, China, Hong Kong, India, Japan, Macau, New Zealand, සහ US යන රටවල සීමිත Iphone 8 දුරකථන ප්‍රමානයක් මෙම දෝෂයට ගොදුරු වී ඇති බවට සැලකේ. 😲

    Apple සමාගමේ පරීක්ශන වලට අනුව Iphone 8 දුරකථනයේ මෙම දෝෂයට එකම විසදුම Logic board එක replace කිරීම වන අතර Apple සමාගම මේ වනවිට මෙම Iphone 8 දුරකථන සදහා Free Repair Program එකක්ද ආරම්භ කර තිබෙනවා... 😬😟

    Source :

    https://www.theverge.com/2018/8/31/...ic-board-repair-program-defective-replacement
     
    • Like
    Reactions: ArunaTelshan