Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IRAJ හොර_ඩොකෙක් ඵක්ක පච පතුරවනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි යුද මැද ස්නායු විශේෂඥයාගේ අනුරපුර මහ සටන

භීෂණයේ හෝරාව ඉක්ම ගොසිණි. එදා තිබූ යුද භීෂණයේ ම්ලේච්ඡ කුරිරු බව දන්නේ ඒ යක්ෂයාගේ හෝරාවට සැබෑ ලෙසම මුහුණ දුන් පිරිසය. අමානුෂික ලේ පිපාසිතයන්ගේ ග්රහණයෙන් මව්බිමත් රටේ අහිංසක ජනයාත් මුදාගන්නට එදා අභීතව දිවිදුන් දහස් ගණන් රණවිරුවන් අතර පිළිම නෙලා නැති තවත් විරුවන් පිරිසක් අදිසිවම ක්‍රියාත්මක වූහ. ඒ අය රටේ අනාගය ගැන දුරදිග සිතා බලා සිය වෘත්තීය මෙහෙවර යළි කිසිදා කිසිදු අයෙක් අතින් ඉටු නොකරන තරම්ම සීරු මාරුවට ක්‍රියාත්මක කළහ. ඒ විවිධ වෘත්තීය විශේෂඥයන්ගේ සැබෑ කැපවීම නොවන්නට එදා මුළු රටම භීෂණයට පත්කළ රුදුරු යක්ෂයාගේ බන්ධනයෙන් ගැලැවී ගන්නට අපට කිසිදා අවස්ථාව සැලසෙන්නේ නැත. අපේ කථානායකයාද ඒ භීෂණයේ හෝරාව තුළ මහා ශෝකී කම්පනයෙන්, ලෙයින් කඳුළින් දහදියෙන් බිහිවූ අදිසි වීරවරයෙකි. එදා ඔහු තනිව සටනක් කළේය. ඒ ඔහුගේ “අනුරපුර සංග්‍රාමය” නොවන්නට දහස් ගණනක් තවත් ජීවිත ගණනාවක්ම ලේ පිපාසිත ත්‍රස්ත ම්ලේච්ඡත්වයේ ගොදුරු ගණනට එක්වන්නට තිබුණි. සිය හිරිමල් යොවුන් විය රටේ අනාගතය දෙස දුරදිග සිතා බලා උපායමාර්ගික ලෙස අතිශය වැදගත් වන මර්මස්ථානයක සුරක්ෂිත සංවර්ධනය වෙනුවෙන් ඔහු කැපකර තිබුණි. අද ඔහු සිය ක්ෂේත්රයේ උත්කර්ෂවත් භූමිකාවකට පණදෙන උද්යෝගිමත් ක්‍රියාධරයෙකි.

වෘත්තීය කැපවීම තුළින් ලද පන්නරය ඔහු දැමුණු, නිවුණු තියුණු සමාහිත ඵල සමාධියකට සමීප කර හමාරය. සිය කාර්යබහුල ජීවිතේ එක් නිමේෂයක ඔහු ඒ අතීත භීෂණය පිළිබඳ මතකය නැවත අවදි කළේ මෙසේය. ඔහු ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනය.

වියරැ ලේ පිපාසිතයන්ගෙන් බැට කෑ දහස් ගණනකගේ ජීවිත බේරාගන්නට සුදුසු ප්‍රමිතිගත කාර්යක්ෂම ප්‍රවීණ මහ රෝහලක මට්ටම අනුරපුර රෝහල දැන් පවතින තත්ත්වයට ගෙන එන්නට පාර කැපුණේ මේ විශේෂඥ වෛද්‍යවරයාගේ තුරුණු ශක්තියේද දායකත්වයෙනි. එදා ඒ වෙනුවෙන් ඔහු කළ කැපවීම සුවිශේෂී සටනකි. මහා ත්‍රස්තවාදි සටනක් මැද සිදුවූ තවත් සටනක් ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ එය සටහන්ව තිබේ. අනුරපුර රෝහල යක්ෂයාගේ බිලි බවට පත්වන්නට ගිය දහස් ගණනක් බේරාගන්නා ක්ෂේමභූමියක් බවට පත්කළ; ස්නායු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනයන්ගේ ‘අනුරපුර සංග්‍රාමයේ^ මෙතෙක් එළිදරව් නොකළ මතක ආවර්ජනයකි මේ.

“එදා 2003 වර්ෂය. මම පිටරට පුහුණුව ඉවරකරලා තරුණ වෛද්‍ය විශේෂඥයෙක් හැටියට අනුරාධපුරය ඉල්ලා හිටියා. ඒකට හේතුවක් තිබුණා. මුලින් මගේ පුහුණු කාලයේ මම අනුරාධපුරය, පලාලි වගේ දුගම - දුෂ්කර රෝහල්වල වැඩකරලා ඒවායේ තත්ත්වය ගැන හොඳ අවබෝධයකින් උන්නේ. මට හැඟීමක් පූර්ව දැක්මක් ඇතිවෙලා තිබුණා. මහා යුද්ධයක් ඇවිල ගියොත් මේ පළාත්වල ජනතාව සහ ඔවුන් වෙනුවෙන් සටන් කරන යුදබිමේ ඇද වැටෙන දහස් ගණනක් තරුණ අයගේ ජීවිත රැකගන්න කේන්ද්‍රස්ථානයක් හැටියට අනුරපුරයේ තිබූ වැදගත්කම ගැන. එදා මම ස්නායු ශල්‍ය විශේෂඥවරයා හැටියට යනකොට මෙතැන කිසිම පහසුකමක් නෑ. රෝහල අයිතිව තිබ්බේ පළාත් සභාවට. එහි අවම ප්‍රතිපාදන යටතේ, එය පවත්වාගෙන යාම අසීරුයි. ශල්‍යාගාර සංකීර්ණයත් වල්බිහිවෙලා තිබුණේ. සායනයක් පවත්වන්න හරිහමන් තැනක් නෑ. පුටුවක් බංකුවක් නෑ. එහෙව් එකේ ශල්‍යාගාර පවත්වාගන යාමට අවශ්‍ය තාක්ෂණික සහාය කොහෙත්ම තිබුණේ නෑ. ඒ හැකියාව ලැබුණේ රේඛීය අමාත්‍යංශයට. මට හැඟී ගියා මේ රෝහල මධ්‍යම රජයට ගැනීමේ වැදගත්කම. උපායමාර්ගිකව අතිශය වැදගත් මර්මස්ථානයක් වන මෙතැන හරියට සකස් කළොත් හදිසි අවස්ථාවකදී රෝගියෙකුගේ ජීවිතය බේරාගන්නට ලැබෙන “සර්වණමය හෝරාව තුළ” අවශ්‍ය ප්‍රථමාධාර, ප්‍රතිකාර, ශල්‍යකර්ම සිදුකර ඔවුන් බේරාගන්නට හැකි බව.

මේ නිසා අපි සටනක් කළා එය මධ්‍යම රජයට ගන්නට. තවත් බොහෝ අංශවල සහායත් ලැබුණා. බාධා රැසකුත් ආවා. කොහොම හරි අනුරාධපුරයේ විවිධ පුද්ගලයන් වෘත්තිකයන් සමාජ සංවිධාන දේශපාලකයන් හැමෝගෙම සහාය මගින් මේ ගැන ආණ්ඩුවට කියලා 2006 විතර කාලේ එය පවරාගන්න මට්ටමට ගෙන එන්න හැකිවුණා. මොකද ඒ වෙනකොට යුද්ධයක පෙර නිමිති එහෙමත් පහල වෙමින් තිබුණේ. ඒ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, රෝහල සංවර්ධනයට කාර්ය සංවර්ධන මණ්ඩලයක් පත් කළා නිහාල් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. රෝහල නියෝජනය කළේ මම. අමාත්‍යංශ නිලධාරිනුත් හිටියා. අපිට ඇමැතිවරයා හරහා ප්රතිපාදනත් ලැබුණා. ඒවා නිසි ලෙස කළමනාකරණය කරලා අනුරාධපුර රෝහල 2007 පෙබරවාරි වෙනකොට තිබුණු ශල්‍යාගාර 3ට අමතරව නව ශල්‍යාගාර ඇතිකළා. දැඩි සත්කාර ඒකකයට තවත් ඇඳක් එක්කළා ස්නායු ශල්‍යාගාරයක් සහ ඒකකයක් ඇඳන් තුනක් සහිත සමග සහිත ශල්‍ය තවත් ඇඳන් 4ක් සහිත අර්ධ ශල්යාගාරයකුත් හදාගත්තා. විශේෂයෙන්ම හදිසි ප්‍රතිකාර ඒකකය සියලු නවීන පහසුකම් සහිතව ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දිය හැකි විධිමත් පුහුණුවක්, ක්‍රමවත් ක්‍රියාත්මක පටිපාටියක් සහිත තැනක් කළා. ලංකාවේ පළමු වතාවට රෝගියකුට ගිලන් රථය තුළදීම ස්වසන ආධාරක යන්ත්‍ර පහසුකම් සහිතව, දැඩි සත්කාර ඒකකයේ ඇති වාතාවරණය යටතේම වෙනත් තැනකට ගෙන යාමට හැකි ආකාරයට ගිලන් රථ අලුත් කරලා සකස් කර ගත්තා. ඒ විදිහේ ගිලන් රථ 2ක් හදාගත්තා. ඒ වෙනකොට නැගෙනහිර යුද කැළඹීම ආරම්භ වෙලා. අපි එකතුවෙලා රෝහලට ඇතුළුවන තැන තිබෙන පහසුකම් වැඩිකරලා එහි තදබදයක් නැතිව ඉක්මණින් රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වටපිටාවක් ඇතිකළා. මිලියන 900ක පමණ වියදමක් මේ සඳහා යන්න ඇති.

ඒ විදිහට පහසුකම් සකස් කරන අතරේ රෝහලේ අනෙකුත් සියලුම කාර්ය මණ්ඩලය ඒකරාශී කරගන හදිසි තත්ත්වයක් යටතේ ක්‍රමවත්ව වැඩ බෙදාගෙන සාමූහිකව ක්‍රියාත්මක වෙන ආකාරය ගැන පුහුණුවීමේ මෙහෙයුම් ආරම්භ කළා.

යුද්ධයකදී අසරණ වෙච්ච රෝගීන් එන්නේ එක්කෙනා දෙන්නා නෙවෙයි. විවිධ සංකූලතා සහිත පිරිස තොග ගණනින් එන්නේ. එතකොට සම්ප්‍රදායික ක්‍රමවේදය යටතේ මේ අය ඉක්මණින් නිසි ප්‍රතිකාරවලට යොමුකරන්න අමාරුයි. ඒ සඳහා කාර්යක්ෂම ක්රමානුකූල පුහුණුවක් ලත් ක්‍රමවේදයක් අවශ්‍යයි.

ඔන්න ඔය කාලේ “හමුදා භටයන්” වැඩියෙන් ගේන්න වුණා. හමුදා වාට්ටුවක් තිබුණාට පහසුකම් අඩුයි. ඒ වගේම රෝහලේ හිටිය සේවකයෝ සංඛ්‍යාව අඩුයි. හෙද හෙදියන්ගේ තාක්ෂණික නිලධාරීණ්ගේ සිට විශේෂඥ වෛද්‍යවරුන් දක්වා ලොකු අඩුවක් තිබුණා. මේ අඩුපාඩු සකසාගන්න අපිට හමුදාවෙනුත් උදව් ගන්න වුණා. මොකද යුද්ධයක් තිබූ සමයක්නේ. එතැනදී ජගත් ජයසූරිය මහත්මයා සහ එවකට ආරක්ෂක ලේකම්වරයා රෝහල අවට රජයේ ගොඩනැගිලි නිදහස් කරලා ඒවාට ආරක්ෂාව ලබාදීලා ඉඩකඩ ලබා දුන්නා. අලුතෙන් රෝහලට සේවාව සඳහා එන අයට පහසුව සලසන්න. අලුතෙන් මට මතක හැටියට අමාත්‍යංශය මගින් හෙදියන් 150ක් පමණත් වෛද්‍යවරු 65ක් විතර ආවා. වෙන කිසිම රෝහලකට නොලැබුණ ප්‍රමාණයක් ආවා. ඒවාට විරෝධයන් බාධාවනුත් ආ අවස්ථා තිබුණා. නමුත් අවශ්‍ය පහසුකම් සියල්ල හදාගන්න කාගේ කාගේත් උනන්දුව, දායකත්වය මත හැකියාව ලැබුණා. ඔන්න ඔය කාලේ වෙනකොට යුද්ධය අතිශය බැරූරැම් මට්ටමට ආවා. 2007 පොසොන් පෝයදා කැබිතිගොල්ලෑව බෝම්බ ප්‍රහාරයෙන් තුවාල වෙච්ච පිරිස උස්සාගන වැල නොකැඩී එන්න ගන්නේ ඔන්න ඔය අතර තමා. එදා එතැන ප්‍රහාරය වූ තැන 55ක් මියගිහිල්ලා තිබුණා. අපි රෝහලේ සුපුරැදු පරිදි හැමදාම එලාම් එකක් ගහලා හදිසි අවස්ථාවක ක්‍රියාකරන ආකාරය ගැන පෙරපුහුණුවක් පවත්වනවා. එදා එලාම් එක ගහලා පුහුණුව අරඹනවා වෙනුවට අපිට කෙලින්ම රෝගීන්, තුවාලකරුවන් බාරගෙන ප්‍රායෝගික යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි ලබපු පෙර පුහුණුවේ වැදගත්කම මෙතැනදි ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා අප වෙත ගෙන ආ රෝගීන් 64 දෙනාගෙන් අසාධ්‍ය හතර දෙනෙක්ගේ පමණයි ජීවිත නැතිවුණේ. අපේ පුහුණුව නිසා අනෙක් අය ඔක්කොම බේරාගත්තා.

අපේ ශල්‍යාගාර 4ම දිවා රාත්‍රී නැතිව ඒ දවස්වල වැඩ. දැඩි සත්කාර ඒකකයත් එහෙමයි. හැමෝම පුදුම කැපවීමකින් වැඩකළේ. රෝහල තුළ වෙනම පුහුණුව ලත් මෙහෙයුමක් ක්‍රියාන්විත සංග්‍රාමයක් තිබුණේ. ඒ කාලේ හමුදා භටයින් වැල නොකැඩී ගෙනෙනවා. ඒ අතරම දෙමළ අයත් ගේනවා. ඔවුන් අතර සටන්කාමීනුත් හිටියා. කොහොම හරි ඒ හැමෝටම වෙනසක් නැතිව අපි ප්‍රතිකාර කරලා ජීවිත බේරාදුන්නා. කොහොම හරි අවසන් කාලය එනවිට වසර 2ක් විතර කාලයකදී ඒ කියන්නේ 2009 මැයි 29 වෙනකොට අපි හමුදා භටයින් 17,500කට ප්‍රතිකාර කරලා තිබුණා. කලාතුරකින් තමා අපි කොළඹට රෝගියෙක් යැව්වේ. අපේ පුහුණුව නිසා ක්රමික සංග්‍රාමික පෙලගැස්ම සහ විනය නිසා මේ අයගේ ජීවිත ගණනාවක් බේරාගන්න හැකිවුණා. හමුදා - සිවිල්, සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් මේ කාලේ තිබ්බේ නෑ. කාටත් පොදුවේ උපරිම උපකාර ප්‍රතිකාර සිදුකළා. අපේ හමුදාව එහිදී ලොකු මානුෂික හැඟීමකින් කටයුතු කළේ. ද්‍රවිඩ වැසියන්ට උපකාරී වුණේ හමුදාවමයි. තුවාල වූ ද්‍රවිඩ වැසියන් රෝහල්වලට ගෙනාවේ නැවත ඔවුන්ගේ පළාත්වලට යැව්වේ හමුදාවයි. අපරාදේ කියන්න බෑ අපි ඉල්ලීමක් කළ සැණින් හදිසි ලෙඩුන් පමා නොකර කොළඹ යවන එක පවා ඔවුන් කිසිදු බලපෑමකින් තොරව ආරක්ෂාව යොදා සිදුකළා. මගේ ඒකකයටම ගෙනා බොහෝමයක් දෙමළ තරුණ අය හිටියා. ඔවුන්ගේ බංකර්වලින් වැටිලා කොන්ද කැඩිලා එහෙම. ඒ අය නිසැකවම ත්‍රස්තවාදී කල්ලියට අයත් අය වුණාට ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කරන්න හමුදාව මානුෂිකව ක්‍රියාකළා. අපේ කාර්ය මණ්ඩලවලත් අය කිසිම වෙනසක් පෙන්නුවේ නෑ. මේ අය හමුදාවෙන් ගෙනැල්ලා ප්‍රතිකාර ලබාදීලා නැවත ඔවුන්ගේ ගම්පළාත්වලටම යැව්වා.

මට මතකයි එක් ගැහැණු ළමයෙක් ආවා. එයාගේ භාරකාරයන් කවුරුත් නැහැ. එයා ත්රස්තවාදයට සම්බන්ධ කෙනෙක් කියලා අඳුනගත්තා. හමුදාවෙන් තමා ප්‍රතිකාර සඳහා යොමුකළේ. අම්මා තාත්තා කවුරැත් නෑ. හමුදාව තමා අම්මා තාත්තා වුණේ. පුදුකුඩුඉරිප්පුවල රෝහලෙන් තමා අපට එව්වේ. කොන්ද කැඩිලා. අපි ඇයට ප්‍රතිකාර කරලා සම්පූර්ණයෙන් සුවකළා. පස්සේ ඇයගේ ගම් පළාතටම ගියා.

හරි අපූරු සිද්ධියකට මුහුණ දුන්න තරුණ සටන්කාරයෙකුත් ඒ කාලේ ආවා. එයා තමා එල්.ටී.ටී.ඊ. එකේ මෝටාර්, රොකට් විදින්න ඉලක්කය ලබාදෙන ‘සිග්නල්’ කාරයා. ඔන්න දැන් එයා තල්ගහකට නැගලා හමුදාවට ගහන්න ඉලක්කය ගැන කියනවා. ඔය අතරේ එයාගේ තල්ගහට ගස් දෙකක් එහාට වෙඩිල්ලක් වැදුණා. ඊළඟ මොහොතේ තවත් මෙහායින් තිබ්බ තල් ගහත් කුඩු පට්ටම් වුණා. දැන් මෙයාගේ පහළ හිටපු කට්ටිය කෑගහන්න වුණා.

“ඔයාව ඉලක්කයට අහුවෙලා. ඔය ගහන්නේ ඔයාටයි. බහින්න” කියලා. ඒ කියනකොටම ඊළඟට රොකට්ටුව තමන් දිහාට එනවා මෙයා දැක්කා. ඉතින් මොකද කළේ. ජීවිතේ බේරාගන්න හිතාන ගහෙන් පැන්නා. කොන්ද කැඩිලා අපි ළඟට හමුදාවෙන් ප්‍රතිකාර සඳහා ගෙනෙන කොටත් මිනිහා හිනාවෙවී හිටියේ. සිද්ධිය ත්‍රාසජනක වුණාට තමන්ගේ ජීවිතේ ගැලවුණු එක ගැන. අපි එයාව ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට ගෙනාවා.

ඔය කාලේම ස්නායු ශල්‍යාගාරය තුළදී මගේ අතින් ඔලුවේ කටු ඉවත් කරලා ශල්‍යකර්ම කරපු හමුදාභටයන් ගණන 950කට වැඩියි. හිතාගන්නත් බෑ නේද? එතරම් සංඛ්‍යාවක්! මේ පළාතේ සාමාන්‍ය ජනතාවත් අපිට හරියට උදව් කළා. ඒ ඔවුන්ගේ සහ පවුල්වල උදවියට ජීවිත තර්ජන තිබියදීම තමා. ඒ අයගේ ළමයි බලාගත්තේ වෙනත් උදවිය. ඒ අය මෙහේ ඩියුටි කරන අතරේ. හැමතිස්සේම බයෙන් චකිතයෙන් තමා හිටියේ. ඒ කාලේ මම කොළඹ ආවේ කෝච්චියෙන්. කෝච්චියට නැගලා ඕන දෙයක් වෙද්දෙන් කියලා ඇස් පියාගන්නවා. ඇයි ඉතින් කියන්න බෑනේ. අවිනිශ්චිත තත්ත්වයක්. දඹුලු බෝම්බයෙන් පස්සේ තමයි කෝච්චි ගමන නවත්වන්න වුණේ. ඊටපස්සේ මගේ වාහනේ යන්න ගත්තා. නමුත් ඉතින් බොහෝ වෙලාවට ගෙදර යන්න වෙන්නේ නෑ. වාහනේ නිවාඩු යනකොට අතරමගට යනකොට ඇමතුමක් එනවා. හමුදා භටයන් තුවාලවෙලා ගේනවා කියලා. ඉතින් ආපසු යනවා. බ්‍රිගේඩියර් ජානක පෙරේරා මියගිය මොහොතේ මම ඖෂධ වගයක් ගන්න කොළඹ අමාත්‍යංශයට ඇවිත් හිටියේ. සිද්ධිය ආරංචි වුණාට යන්න විදිහක් නෑ. පස්සේ ගුවන් මගින් තමා යන්න වුණේ.

මට තවමත් අමතක කරන්න බැරි ඉතාමත් ශෝචනීය සිද්ධියක් තියෙනවා. ඒක හරිම තදින් හිතට වැදුණු සිද්ධියක්. යුද්ධයේ භීෂණය සහ එදා තිබූ යථාර්ථය මිනිස්සු එයට මුහුණ දුන්න ආකාරය එහි සැඟවී තිබූ කෘර ඛේදවාචකය මේ හැමදෙයක්ම ඒ සිද්ධිය තුළ තියෙනවා.

එදා අපි ළඟට ගෙනාවා ඉතාමත් ලාබාල සෙබළ තරුණයෙක්ව. ගේනකොටත් එයාගේ මොළය මියගිහිල්ලා. එතකොට වයසක මහත්මයෙක් අපේ අයගේ ආධාරය මත එතැනට ඇවිත් උන්නා. ඒ මනුස්සයාගේ ඇස් පේන්නේ නෑ. ඉතින් දැන් මට තමයි ඔහුට මේ තරුණයාගේ යථා තත්ත්වය කියන්න සිද්ධ වුණේ. ඔහු ඒ තරුණයාගේ තාත්තා. මං විස්තර ඇහුවාම ඔහු කිව්වා.... “මහත්තයෝ මේ මගේ බාලපුතා. කලින් වැඩිමල් පුත්තු 3 දෙනෙක් යුද්දෙන් මියගියා කියලා.” මං ඇහුවා කෝ බිරිඳ කියලා. එතකොට කිව්වා එයාට වකුගඩු රෝගය හැදිලා හොඳටම අසාධ්‍ය වෙලා රෝහලේ ඉන්නේ කියලා. මෙන්න මේක තමයි යුද්ධයේ එදා තිබුණ ඇත්ත තත්ත්වය. යුද්ධයට ඇත්තටම මුහුණ දුන්න මිනිස්සුන්ගේ හැබෑ තත්ත්වය. මං එයාට බාල පුතාට සිද්ධවෙලා තියෙන දේ කියනකොට අර අන්ධ ඇස් දෙකෙනුත් කඳුළු ගඟක් වගේ ගලා එන්න ගත්තා. මං හරිම වේදනාවකට පත්වූ මොහොතක්. මේක තමා යථාර්ථය. ඔය වගේ මිනිස්සු පොළොව එක්ක හැපිලා කුඹුරු ගොවිතැන් කරලා ජීවිතයට කර්කෂ ලෙස මුහුණ දීපු මිනිස්සුන්ගේ දරුවන් තමා ඔය යුද්ධයෙන් අහිමි වුණේ. ඒ අය නියම රණවිරුවෝ. මේ මිනිස්සුන්ට දැන් එක එක විදිහට විවේචනාත්මකව සමහරු කතා කරනවා ඇහෙනකොට අපිට දැනෙන්නේ හරිම කනගාටුවක්. ඔවුන්ගේ කැපවීම තුට්ටුවට දාලා කතා කරන එක හරිම නින්දිතයි. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. මේ වගේ විනාශයක් නැවත සිදු නොවෙන්න ආරක්ෂාව තහවුරු කරගත යුතුයි. ඒක වගකීමක්.

ප්රභාකරන්ගේ මරණයට ඉස්සෙල්ලා දවසේ රෝගීන් ගණනාවක් ගෙනාවා. ඒ සමග ආවා භානු කියන කොටි නායකයාගේ බිරිඳ සහ දරුවාත්. දරුවාගේ මොළයට ලෝහ කෑල්ලක් ගිහිල්ලා. මම අතිශය දුෂ්කර ශල්‍යකර්ම තුනක් එක දිගට පැය 12 කටත් වඩා සිදුකරලා ඒ දරුවාගේ ජීවිතේ බේරලා දුන්නා. එයා සුවවෙලා හරි සතුටෙන් හිටියා. පස්සේ ඒ අය එංගලන්තයට හෝ වෙනත් රටකට ගිය බව ආරංචි වුණා. ඉතින් මේ අය ගෙනාවෙත් නැවත ආරක්ෂිතව යැවුවේත් හමුදාවෙන්ම තමා. ඒ යන එන අතර ඔවුන්ව ආරක්ෂා කළේත් තමන්ට උණ්ඩයක් වදින්න පුළුවන් බව දන්නා රණවිරුවෝ තමා. එදා ඔවුන්ගේ ආරක්ෂාවට හමුදාවේ 30ක් වෙනම හිටියා.

මිනිස්සු තොග ගණනින් භාරවෙන දවසේ හරිම කුරිරු සිද්ධියක් ගැන අහන්න ලැබුණා. හමුදාවේ තරුණයෙක් ගෙනාවා ඔහුට වෙඩි වැදිලා අසාධ්‍යයි. මේ අය තමා, බාරවෙන්න එන සිවිල් වැසියන් පිළිගන්න හිටි අය. එයාගේ ප්‍රධානියා කැප්ටන් සුනුවිසුණු වෙන්න බෝම්බයක් වැදිලා. එතැන හිටි අනෙක් අයටත් බරපතලයි. යාන්තම් කතා කරගන්න හැකි තරමට බේරුණේ මෙයා විතරයි. එයා අඬ අඬා කියනවා “අපේ සර් අපිට ඉස්සරහට යන්න නොදී එයා ඉස්සරහට ගියා. ඒ නිසයි එයා නැතිවුණේ කියලා” බාරවෙන්න එන සිවිල් වැසියන්ටත් මුවාවෙලා ඇවිත් ම්ලේච්ඡ අමානුෂික ප්‍රහාර ඒ කාලේ එල්ල කළේ ඒ විදිහටයි. ඒක තමා එදා ඇත්තටම සිද්ධ වෙච්ච දේ. ඔය අතර අපිට ආවා රසායණික අවිවලින් ප්‍රහාරයට ලක්වුණු අයත්. ලොකු ගෑස් එකක් වැදුණා කියලා හුස්ම ගන්න බැරිවුණු අය ඒ අතර උන්නේ. ඒ වනවිටත් අපි අනුරාධපුර රෝහලේ එබඳු රසායනික ප්‍රහාරවලට පවා මුහුණ දෙන්න සූදානම්ව ඒකකයක් හදලයි තිබුණේ. ඒ වගේ ලොකු උපක්රමික සංග්රාමයකයි අපිත් යෙදුණේ. රෝහල තුළ තිබුණෙත් ලොකු සටනක් කියලා කියන්න පුළුවන් ඒ නිසයි.

එදා 19 සඳුදා. මම කොළඹ ඉඳලා අනුරාධපුරේ යන දවසක තමා ‘ආරංචිය^ ආවේ. එතකොට වාරියපොල හරියේ. මිනිස්සුන්ගේ මුහුණුවල පුදුම සැහැල්ලුවක් ලොකු බරක් බිමින් තිබ්බා වගේ සංහිඳියාවක් තිබුණේ. දෙමළ අයගේත් තිබුණේ එහෙම ප්‍රතිචාරයක්. ඒ තමා ප්රභාකරන්ගේ මරණය. ඉන්පස්සේ තොග පිටින් භාරවෙන්න වුණා 50,000ක් 60,000ක් විතර එදාම කඳවුරුවලට ආවා. එල්.ටී.ටී.ඊ. අයත් හය හත්දාහක් ඒ අතර උන්නා. අපි කඳවුරු කරා ගිහින් ඒ අයගේ තුවාලවලටත් ප්‍රතිකාර කළා. ත්රස්තවාදීන් බව දැන දැනත්, මානුෂිකව සලකලා උපකාර කළා.

භීෂණයේ හෝරාව එදා නිමාවුණේ එසේය. එහෙත් භීෂණය නැවත හිස ඔසොවන්නට ඉඩ නොදී ආරක්ෂාව සහිත සාමයක් පවත්වාගෙන යාම දැන් අප සතු වගකීමකි. විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැනි වෘත්තිකයන් හමුදා සෙබළ වීරයන් මහා සංග්‍රාමයක කොටස්කරුවන් ලෙස ලෙයින්, කඳුළින්, දහදියෙන් දිනාදුන් සාමයට නිසි වටිනාකමක් ලැබෙන්නේ එවිටය.

► සුගත් පී. කුලතුංගආරච්චි

සේයාරුව - සුමුදු හේවාපතිරණ

Deshaya

උපුටා ගැනීම : හදගැස්මෙන්

[QUOTE="olu bakka, post: 25233541, member: 369164"] [SIZE="4"]කොටි යුද මැද ස්නායු විශේෂඥයාගේ අනුරපුර මහ සටන භීෂණයේ හෝරාව ඉක්ම ගොසිණි. එදා තිබූ යුද භීෂණයේ ම්ලේච්ඡ කුරිරු බව දන්නේ ඒ යක්ෂයාගේ හෝරාවට සැබෑ ලෙසම මුහුණ දුන් පිරිසය. අමානුෂික ලේ පිපාසිතයන්ගේ ග්රහණයෙන් මව්බිමත් රටේ අහිංසක ජනයාත් මුදාගන්නට එදා අභීතව දිවිදුන් දහස් ගණන් රණවිරුවන් අතර පිළිම නෙලා නැති තවත් විරුවන් පිරිසක් අදිසිවම ක්‍රියාත්මක වූහ. ඒ අය රටේ අනාගය ගැන දුරදිග සිතා බලා සිය වෘත්තීය මෙහෙවර යළි කිසිදා කිසිදු අයෙක් අතින් ඉටු නොකරන තරම්ම සීරු මාරුවට ක්‍රියාත්මක කළහ. ඒ විවිධ වෘත්තීය විශේෂඥයන්ගේ සැබෑ කැපවීම නොවන්නට එදා මුළු රටම භීෂණයට පත්කළ රුදුරු යක්ෂයාගේ බන්ධනයෙන් ගැලැවී ගන්නට අපට කිසිදා අවස්ථාව සැලසෙන්නේ නැත. අපේ කථානායකයාද ඒ භීෂණයේ හෝරාව තුළ මහා ශෝකී කම්පනයෙන්, ලෙයින් කඳුළින් දහදියෙන් බිහිවූ අදිසි වීරවරයෙකි. එදා ඔහු තනිව සටනක් කළේය. ඒ ඔහුගේ “අනුරපුර සංග්‍රාමය” නොවන්නට දහස් ගණනක් තවත් ජීවිත ගණනාවක්ම ලේ පිපාසිත ත්‍රස්ත ම්ලේච්ඡත්වයේ ගොදුරු ගණනට එක්වන්නට තිබුණි. සිය හිරිමල් යොවුන් විය රටේ අනාගතය දෙස දුරදිග සිතා බලා උපායමාර්ගික ලෙස අතිශය වැදගත් වන මර්මස්ථානයක සුරක්ෂිත සංවර්ධනය වෙනුවෙන් ඔහු කැපකර තිබුණි. අද ඔහු සිය ක්ෂේත්රයේ උත්කර්ෂවත් භූමිකාවකට පණදෙන උද්යෝගිමත් ක්‍රියාධරයෙකි. වෘත්තීය කැපවීම තුළින් ලද පන්නරය ඔහු දැමුණු, නිවුණු තියුණු සමාහිත ඵල සමාධියකට සමීප කර හමාරය. සිය කාර්යබහුල ජීවිතේ එක් නිමේෂයක ඔහු ඒ අතීත භීෂණය පිළිබඳ මතකය නැවත අවදි කළේ මෙසේය. ඔහු ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනය. වියරැ ලේ පිපාසිතයන්ගෙන් බැට කෑ දහස් ගණනකගේ ජීවිත බේරාගන්නට සුදුසු ප්‍රමිතිගත කාර්යක්ෂම ප්‍රවීණ මහ රෝහලක මට්ටම අනුරපුර රෝහල දැන් පවතින තත්ත්වයට ගෙන එන්නට පාර කැපුණේ මේ විශේෂඥ වෛද්‍යවරයාගේ තුරුණු ශක්තියේද දායකත්වයෙනි. එදා ඒ වෙනුවෙන් ඔහු කළ කැපවීම සුවිශේෂී සටනකි. මහා ත්‍රස්තවාදි සටනක් මැද සිදුවූ තවත් සටනක් ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ එය සටහන්ව තිබේ. අනුරපුර රෝහල යක්ෂයාගේ බිලි බවට පත්වන්නට ගිය දහස් ගණනක් බේරාගන්නා ක්ෂේමභූමියක් බවට පත්කළ; ස්නායු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනයන්ගේ ‘අනුරපුර සංග්‍රාමයේ^ මෙතෙක් එළිදරව් නොකළ මතක ආවර්ජනයකි මේ. “එදා 2003 වර්ෂය. මම පිටරට පුහුණුව ඉවරකරලා තරුණ වෛද්‍ය විශේෂඥයෙක් හැටියට අනුරාධපුරය ඉල්ලා හිටියා. ඒකට හේතුවක් තිබුණා. මුලින් මගේ පුහුණු කාලයේ මම අනුරාධපුරය, පලාලි වගේ දුගම - දුෂ්කර රෝහල්වල වැඩකරලා ඒවායේ තත්ත්වය ගැන හොඳ අවබෝධයකින් උන්නේ. මට හැඟීමක් පූර්ව දැක්මක් ඇතිවෙලා තිබුණා. මහා යුද්ධයක් ඇවිල ගියොත් මේ පළාත්වල ජනතාව සහ ඔවුන් වෙනුවෙන් සටන් කරන යුදබිමේ ඇද වැටෙන දහස් ගණනක් තරුණ අයගේ ජීවිත රැකගන්න කේන්ද්‍රස්ථානයක් හැටියට අනුරපුරයේ තිබූ වැදගත්කම ගැන. එදා මම ස්නායු ශල්‍ය විශේෂඥවරයා හැටියට යනකොට මෙතැන කිසිම පහසුකමක් නෑ. රෝහල අයිතිව තිබ්බේ පළාත් සභාවට. එහි අවම ප්‍රතිපාදන යටතේ, එය පවත්වාගෙන යාම අසීරුයි. ශල්‍යාගාර සංකීර්ණයත් වල්බිහිවෙලා තිබුණේ. සායනයක් පවත්වන්න හරිහමන් තැනක් නෑ. පුටුවක් බංකුවක් නෑ. එහෙව් එකේ ශල්‍යාගාර පවත්වාගන යාමට අවශ්‍ය තාක්ෂණික සහාය කොහෙත්ම තිබුණේ නෑ. ඒ හැකියාව ලැබුණේ රේඛීය අමාත්‍යංශයට. මට හැඟී ගියා මේ රෝහල මධ්‍යම රජයට ගැනීමේ වැදගත්කම. උපායමාර්ගිකව අතිශය වැදගත් මර්මස්ථානයක් වන මෙතැන හරියට සකස් කළොත් හදිසි අවස්ථාවකදී රෝගියෙකුගේ ජීවිතය බේරාගන්නට ලැබෙන “සර්වණමය හෝරාව තුළ” අවශ්‍ය ප්‍රථමාධාර, ප්‍රතිකාර, ශල්‍යකර්ම සිදුකර ඔවුන් බේරාගන්නට හැකි බව. මේ නිසා අපි සටනක් කළා එය මධ්‍යම රජයට ගන්නට. තවත් බොහෝ අංශවල සහායත් ලැබුණා. බාධා රැසකුත් ආවා. කොහොම හරි අනුරාධපුරයේ විවිධ පුද්ගලයන් වෘත්තිකයන් සමාජ සංවිධාන දේශපාලකයන් හැමෝගෙම සහාය මගින් මේ ගැන ආණ්ඩුවට කියලා 2006 විතර කාලේ එය පවරාගන්න මට්ටමට ගෙන එන්න හැකිවුණා. මොකද ඒ වෙනකොට යුද්ධයක පෙර නිමිති එහෙමත් පහල වෙමින් තිබුණේ. ඒ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, රෝහල සංවර්ධනයට කාර්ය සංවර්ධන මණ්ඩලයක් පත් කළා නිහාල් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්. රෝහල නියෝජනය කළේ මම. අමාත්‍යංශ නිලධාරිනුත් හිටියා. අපිට ඇමැතිවරයා හරහා ප්රතිපාදනත් ලැබුණා. ඒවා නිසි ලෙස කළමනාකරණය කරලා අනුරාධපුර රෝහල 2007 පෙබරවාරි වෙනකොට තිබුණු ශල්‍යාගාර 3ට අමතරව නව ශල්‍යාගාර ඇතිකළා. දැඩි සත්කාර ඒකකයට තවත් ඇඳක් එක්කළා ස්නායු ශල්‍යාගාරයක් සහ ඒකකයක් ඇඳන් තුනක් සහිත සමග සහිත ශල්‍ය තවත් ඇඳන් 4ක් සහිත අර්ධ ශල්යාගාරයකුත් හදාගත්තා. විශේෂයෙන්ම හදිසි ප්‍රතිකාර ඒකකය සියලු නවීන පහසුකම් සහිතව ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දිය හැකි විධිමත් පුහුණුවක්, ක්‍රමවත් ක්‍රියාත්මක පටිපාටියක් සහිත තැනක් කළා. ලංකාවේ පළමු වතාවට රෝගියකුට ගිලන් රථය තුළදීම ස්වසන ආධාරක යන්ත්‍ර පහසුකම් සහිතව, දැඩි සත්කාර ඒකකයේ ඇති වාතාවරණය යටතේම වෙනත් තැනකට ගෙන යාමට හැකි ආකාරයට ගිලන් රථ අලුත් කරලා සකස් කර ගත්තා. ඒ විදිහේ ගිලන් රථ 2ක් හදාගත්තා. ඒ වෙනකොට නැගෙනහිර යුද කැළඹීම ආරම්භ වෙලා. අපි එකතුවෙලා රෝහලට ඇතුළුවන තැන තිබෙන පහසුකම් වැඩිකරලා එහි තදබදයක් නැතිව ඉක්මණින් රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වටපිටාවක් ඇතිකළා. මිලියන 900ක පමණ වියදමක් මේ සඳහා යන්න ඇති. ඒ විදිහට පහසුකම් සකස් කරන අතරේ රෝහලේ අනෙකුත් සියලුම කාර්ය මණ්ඩලය ඒකරාශී කරගන හදිසි තත්ත්වයක් යටතේ ක්‍රමවත්ව වැඩ බෙදාගෙන සාමූහිකව ක්‍රියාත්මක වෙන ආකාරය ගැන පුහුණුවීමේ මෙහෙයුම් ආරම්භ කළා. යුද්ධයකදී අසරණ වෙච්ච රෝගීන් එන්නේ එක්කෙනා දෙන්නා නෙවෙයි. විවිධ සංකූලතා සහිත පිරිස තොග ගණනින් එන්නේ. එතකොට සම්ප්‍රදායික ක්‍රමවේදය යටතේ මේ අය ඉක්මණින් නිසි ප්‍රතිකාරවලට යොමුකරන්න අමාරුයි. ඒ සඳහා කාර්යක්ෂම ක්රමානුකූල පුහුණුවක් ලත් ක්‍රමවේදයක් අවශ්‍යයි. ඔන්න ඔය කාලේ “හමුදා භටයන්” වැඩියෙන් ගේන්න වුණා. හමුදා වාට්ටුවක් තිබුණාට පහසුකම් අඩුයි. ඒ වගේම රෝහලේ හිටිය සේවකයෝ සංඛ්‍යාව අඩුයි. හෙද හෙදියන්ගේ තාක්ෂණික නිලධාරීණ්ගේ සිට විශේෂඥ වෛද්‍යවරුන් දක්වා ලොකු අඩුවක් තිබුණා. මේ අඩුපාඩු සකසාගන්න අපිට හමුදාවෙනුත් උදව් ගන්න වුණා. මොකද යුද්ධයක් තිබූ සමයක්නේ. එතැනදී ජගත් ජයසූරිය මහත්මයා සහ එවකට ආරක්ෂක ලේකම්වරයා රෝහල අවට රජයේ ගොඩනැගිලි නිදහස් කරලා ඒවාට ආරක්ෂාව ලබාදීලා ඉඩකඩ ලබා දුන්නා. අලුතෙන් රෝහලට සේවාව සඳහා එන අයට පහසුව සලසන්න. අලුතෙන් මට මතක හැටියට අමාත්‍යංශය මගින් හෙදියන් 150ක් පමණත් වෛද්‍යවරු 65ක් විතර ආවා. වෙන කිසිම රෝහලකට නොලැබුණ ප්‍රමාණයක් ආවා. ඒවාට විරෝධයන් බාධාවනුත් ආ අවස්ථා තිබුණා. නමුත් අවශ්‍ය පහසුකම් සියල්ල හදාගන්න කාගේ කාගේත් උනන්දුව, දායකත්වය මත හැකියාව ලැබුණා. ඔන්න ඔය කාලේ වෙනකොට යුද්ධය අතිශය බැරූරැම් මට්ටමට ආවා. 2007 පොසොන් පෝයදා කැබිතිගොල්ලෑව බෝම්බ ප්‍රහාරයෙන් තුවාල වෙච්ච පිරිස උස්සාගන වැල නොකැඩී එන්න ගන්නේ ඔන්න ඔය අතර තමා. එදා එතැන ප්‍රහාරය වූ තැන 55ක් මියගිහිල්ලා තිබුණා. අපි රෝහලේ සුපුරැදු පරිදි හැමදාම එලාම් එකක් ගහලා හදිසි අවස්ථාවක ක්‍රියාකරන ආකාරය ගැන පෙරපුහුණුවක් පවත්වනවා. එදා එලාම් එක ගහලා පුහුණුව අරඹනවා වෙනුවට අපිට කෙලින්ම රෝගීන්, තුවාලකරුවන් බාරගෙන ප්‍රායෝගික යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි ලබපු පෙර පුහුණුවේ වැදගත්කම මෙතැනදි ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා අප වෙත ගෙන ආ රෝගීන් 64 දෙනාගෙන් අසාධ්‍ය හතර දෙනෙක්ගේ පමණයි ජීවිත නැතිවුණේ. අපේ පුහුණුව නිසා අනෙක් අය ඔක්කොම බේරාගත්තා. අපේ ශල්‍යාගාර 4ම දිවා රාත්‍රී නැතිව ඒ දවස්වල වැඩ. දැඩි සත්කාර ඒකකයත් එහෙමයි. හැමෝම පුදුම කැපවීමකින් වැඩකළේ. රෝහල තුළ වෙනම පුහුණුව ලත් මෙහෙයුමක් ක්‍රියාන්විත සංග්‍රාමයක් තිබුණේ. ඒ කාලේ හමුදා භටයින් වැල නොකැඩී ගෙනෙනවා. ඒ අතරම දෙමළ අයත් ගේනවා. ඔවුන් අතර සටන්කාමීනුත් හිටියා. කොහොම හරි ඒ හැමෝටම වෙනසක් නැතිව අපි ප්‍රතිකාර කරලා ජීවිත බේරාදුන්නා. කොහොම හරි අවසන් කාලය එනවිට වසර 2ක් විතර කාලයකදී ඒ කියන්නේ 2009 මැයි 29 වෙනකොට අපි හමුදා භටයින් 17,500කට ප්‍රතිකාර කරලා තිබුණා. කලාතුරකින් තමා අපි කොළඹට රෝගියෙක් යැව්වේ. අපේ පුහුණුව නිසා ක්රමික සංග්‍රාමික පෙලගැස්ම සහ විනය නිසා මේ අයගේ ජීවිත ගණනාවක් බේරාගන්න හැකිවුණා. හමුදා - සිවිල්, සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් මේ කාලේ තිබ්බේ නෑ. කාටත් පොදුවේ උපරිම උපකාර ප්‍රතිකාර සිදුකළා. අපේ හමුදාව එහිදී ලොකු මානුෂික හැඟීමකින් කටයුතු කළේ. ද්‍රවිඩ වැසියන්ට උපකාරී වුණේ හමුදාවමයි. තුවාල වූ ද්‍රවිඩ වැසියන් රෝහල්වලට ගෙනාවේ නැවත ඔවුන්ගේ පළාත්වලට යැව්වේ හමුදාවයි. අපරාදේ කියන්න බෑ අපි ඉල්ලීමක් කළ සැණින් හදිසි ලෙඩුන් පමා නොකර කොළඹ යවන එක පවා ඔවුන් කිසිදු බලපෑමකින් තොරව ආරක්ෂාව යොදා සිදුකළා. මගේ ඒකකයටම ගෙනා බොහෝමයක් දෙමළ තරුණ අය හිටියා. ඔවුන්ගේ බංකර්වලින් වැටිලා කොන්ද කැඩිලා එහෙම. ඒ අය නිසැකවම ත්‍රස්තවාදී කල්ලියට අයත් අය වුණාට ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කරන්න හමුදාව මානුෂිකව ක්‍රියාකළා. අපේ කාර්ය මණ්ඩලවලත් අය කිසිම වෙනසක් පෙන්නුවේ නෑ. මේ අය හමුදාවෙන් ගෙනැල්ලා ප්‍රතිකාර ලබාදීලා නැවත ඔවුන්ගේ ගම්පළාත්වලටම යැව්වා. මට මතකයි එක් ගැහැණු ළමයෙක් ආවා. එයාගේ භාරකාරයන් කවුරුත් නැහැ. එයා ත්රස්තවාදයට සම්බන්ධ කෙනෙක් කියලා අඳුනගත්තා. හමුදාවෙන් තමා ප්‍රතිකාර සඳහා යොමුකළේ. අම්මා තාත්තා කවුරැත් නෑ. හමුදාව තමා අම්මා තාත්තා වුණේ. පුදුකුඩුඉරිප්පුවල රෝහලෙන් තමා අපට එව්වේ. කොන්ද කැඩිලා. අපි ඇයට ප්‍රතිකාර කරලා සම්පූර්ණයෙන් සුවකළා. පස්සේ ඇයගේ ගම් පළාතටම ගියා. හරි අපූරු සිද්ධියකට මුහුණ දුන්න තරුණ සටන්කාරයෙකුත් ඒ කාලේ ආවා. එයා තමා එල්.ටී.ටී.ඊ. එකේ මෝටාර්, රොකට් විදින්න ඉලක්කය ලබාදෙන ‘සිග්නල්’ කාරයා. ඔන්න දැන් එයා තල්ගහකට නැගලා හමුදාවට ගහන්න ඉලක්කය ගැන කියනවා. ඔය අතරේ එයාගේ තල්ගහට ගස් දෙකක් එහාට වෙඩිල්ලක් වැදුණා. ඊළඟ මොහොතේ තවත් මෙහායින් තිබ්බ තල් ගහත් කුඩු පට්ටම් වුණා. දැන් මෙයාගේ පහළ හිටපු කට්ටිය කෑගහන්න වුණා. “ඔයාව ඉලක්කයට අහුවෙලා. ඔය ගහන්නේ ඔයාටයි. බහින්න” කියලා. ඒ කියනකොටම ඊළඟට රොකට්ටුව තමන් දිහාට එනවා මෙයා දැක්කා. ඉතින් මොකද කළේ. ජීවිතේ බේරාගන්න හිතාන ගහෙන් පැන්නා. කොන්ද කැඩිලා අපි ළඟට හමුදාවෙන් ප්‍රතිකාර සඳහා ගෙනෙන කොටත් මිනිහා හිනාවෙවී හිටියේ. සිද්ධිය ත්‍රාසජනක වුණාට තමන්ගේ ජීවිතේ ගැලවුණු එක ගැන. අපි එයාව ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට ගෙනාවා. ඔය කාලේම ස්නායු ශල්‍යාගාරය තුළදී මගේ අතින් ඔලුවේ කටු ඉවත් කරලා ශල්‍යකර්ම කරපු හමුදාභටයන් ගණන 950කට වැඩියි. හිතාගන්නත් බෑ නේද? එතරම් සංඛ්‍යාවක්! මේ පළාතේ සාමාන්‍ය ජනතාවත් අපිට හරියට උදව් කළා. ඒ ඔවුන්ගේ සහ පවුල්වල උදවියට ජීවිත තර්ජන තිබියදීම තමා. ඒ අයගේ ළමයි බලාගත්තේ වෙනත් උදවිය. ඒ අය මෙහේ ඩියුටි කරන අතරේ. හැමතිස්සේම බයෙන් චකිතයෙන් තමා හිටියේ. ඒ කාලේ මම කොළඹ ආවේ කෝච්චියෙන්. කෝච්චියට නැගලා ඕන දෙයක් වෙද්දෙන් කියලා ඇස් පියාගන්නවා. ඇයි ඉතින් කියන්න බෑනේ. අවිනිශ්චිත තත්ත්වයක්. දඹුලු බෝම්බයෙන් පස්සේ තමයි කෝච්චි ගමන නවත්වන්න වුණේ. ඊටපස්සේ මගේ වාහනේ යන්න ගත්තා. නමුත් ඉතින් බොහෝ වෙලාවට ගෙදර යන්න වෙන්නේ නෑ. වාහනේ නිවාඩු යනකොට අතරමගට යනකොට ඇමතුමක් එනවා. හමුදා භටයන් තුවාලවෙලා ගේනවා කියලා. ඉතින් ආපසු යනවා. බ්‍රිගේඩියර් ජානක පෙරේරා මියගිය මොහොතේ මම ඖෂධ වගයක් ගන්න කොළඹ අමාත්‍යංශයට ඇවිත් හිටියේ. සිද්ධිය ආරංචි වුණාට යන්න විදිහක් නෑ. පස්සේ ගුවන් මගින් තමා යන්න වුණේ. මට තවමත් අමතක කරන්න බැරි ඉතාමත් ශෝචනීය සිද්ධියක් තියෙනවා. ඒක හරිම තදින් හිතට වැදුණු සිද්ධියක්. යුද්ධයේ භීෂණය සහ එදා තිබූ යථාර්ථය මිනිස්සු එයට මුහුණ දුන්න ආකාරය එහි සැඟවී තිබූ කෘර ඛේදවාචකය මේ හැමදෙයක්ම ඒ සිද්ධිය තුළ තියෙනවා. එදා අපි ළඟට ගෙනාවා ඉතාමත් ලාබාල සෙබළ තරුණයෙක්ව. ගේනකොටත් එයාගේ මොළය මියගිහිල්ලා. එතකොට වයසක මහත්මයෙක් අපේ අයගේ ආධාරය මත එතැනට ඇවිත් උන්නා. ඒ මනුස්සයාගේ ඇස් පේන්නේ නෑ. ඉතින් දැන් මට තමයි ඔහුට මේ තරුණයාගේ යථා තත්ත්වය කියන්න සිද්ධ වුණේ. ඔහු ඒ තරුණයාගේ තාත්තා. මං විස්තර ඇහුවාම ඔහු කිව්වා.... “මහත්තයෝ මේ මගේ බාලපුතා. කලින් වැඩිමල් පුත්තු 3 දෙනෙක් යුද්දෙන් මියගියා කියලා.” මං ඇහුවා කෝ බිරිඳ කියලා. එතකොට කිව්වා එයාට වකුගඩු රෝගය හැදිලා හොඳටම අසාධ්‍ය වෙලා රෝහලේ ඉන්නේ කියලා. මෙන්න මේක තමයි යුද්ධයේ එදා තිබුණ ඇත්ත තත්ත්වය. යුද්ධයට ඇත්තටම මුහුණ දුන්න මිනිස්සුන්ගේ හැබෑ තත්ත්වය. මං එයාට බාල පුතාට සිද්ධවෙලා තියෙන දේ කියනකොට අර අන්ධ ඇස් දෙකෙනුත් කඳුළු ගඟක් වගේ ගලා එන්න ගත්තා. මං හරිම වේදනාවකට පත්වූ මොහොතක්. මේක තමා යථාර්ථය. ඔය වගේ මිනිස්සු පොළොව එක්ක හැපිලා කුඹුරු ගොවිතැන් කරලා ජීවිතයට කර්කෂ ලෙස මුහුණ දීපු මිනිස්සුන්ගේ දරුවන් තමා ඔය යුද්ධයෙන් අහිමි වුණේ. ඒ අය නියම රණවිරුවෝ. මේ මිනිස්සුන්ට දැන් එක එක විදිහට විවේචනාත්මකව සමහරු කතා කරනවා ඇහෙනකොට අපිට දැනෙන්නේ හරිම කනගාටුවක්. ඔවුන්ගේ කැපවීම තුට්ටුවට දාලා කතා කරන එක හරිම නින්දිතයි. අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතුයි. මේ වගේ විනාශයක් නැවත සිදු නොවෙන්න ආරක්ෂාව තහවුරු කරගත යුතුයි. ඒක වගකීමක්. ප්රභාකරන්ගේ මරණයට ඉස්සෙල්ලා දවසේ රෝගීන් ගණනාවක් ගෙනාවා. ඒ සමග ආවා භානු කියන කොටි නායකයාගේ බිරිඳ සහ දරුවාත්. දරුවාගේ මොළයට ලෝහ කෑල්ලක් ගිහිල්ලා. මම අතිශය දුෂ්කර ශල්‍යකර්ම තුනක් එක දිගට පැය 12 කටත් වඩා සිදුකරලා ඒ දරුවාගේ ජීවිතේ බේරලා දුන්නා. එයා සුවවෙලා හරි සතුටෙන් හිටියා. පස්සේ ඒ අය එංගලන්තයට හෝ වෙනත් රටකට ගිය බව ආරංචි වුණා. ඉතින් මේ අය ගෙනාවෙත් නැවත ආරක්ෂිතව යැවුවේත් හමුදාවෙන්ම තමා. ඒ යන එන අතර ඔවුන්ව ආරක්ෂා කළේත් තමන්ට උණ්ඩයක් වදින්න පුළුවන් බව දන්නා රණවිරුවෝ තමා. එදා ඔවුන්ගේ ආරක්ෂාවට හමුදාවේ 30ක් වෙනම හිටියා. මිනිස්සු තොග ගණනින් භාරවෙන දවසේ හරිම කුරිරු සිද්ධියක් ගැන අහන්න ලැබුණා. හමුදාවේ තරුණයෙක් ගෙනාවා ඔහුට වෙඩි වැදිලා අසාධ්‍යයි. මේ අය තමා, බාරවෙන්න එන සිවිල් වැසියන් පිළිගන්න හිටි අය. එයාගේ ප්‍රධානියා කැප්ටන් සුනුවිසුණු වෙන්න බෝම්බයක් වැදිලා. එතැන හිටි අනෙක් අයටත් බරපතලයි. යාන්තම් කතා කරගන්න හැකි තරමට බේරුණේ මෙයා විතරයි. එයා අඬ අඬා කියනවා “අපේ සර් අපිට ඉස්සරහට යන්න නොදී එයා ඉස්සරහට ගියා. ඒ නිසයි එයා නැතිවුණේ කියලා” බාරවෙන්න එන සිවිල් වැසියන්ටත් මුවාවෙලා ඇවිත් ම්ලේච්ඡ අමානුෂික ප්‍රහාර ඒ කාලේ එල්ල කළේ ඒ විදිහටයි. ඒක තමා එදා ඇත්තටම සිද්ධ වෙච්ච දේ. ඔය අතර අපිට ආවා රසායණික අවිවලින් ප්‍රහාරයට ලක්වුණු අයත්. ලොකු ගෑස් එකක් වැදුණා කියලා හුස්ම ගන්න බැරිවුණු අය ඒ අතර උන්නේ. ඒ වනවිටත් අපි අනුරාධපුර රෝහලේ එබඳු රසායනික ප්‍රහාරවලට පවා මුහුණ දෙන්න සූදානම්ව ඒකකයක් හදලයි තිබුණේ. ඒ වගේ ලොකු උපක්රමික සංග්රාමයකයි අපිත් යෙදුණේ. රෝහල තුළ තිබුණෙත් ලොකු සටනක් කියලා කියන්න පුළුවන් ඒ නිසයි. එදා 19 සඳුදා. මම කොළඹ ඉඳලා අනුරාධපුරේ යන දවසක තමා ‘ආරංචිය^ ආවේ. එතකොට වාරියපොල හරියේ. මිනිස්සුන්ගේ මුහුණුවල පුදුම සැහැල්ලුවක් ලොකු බරක් බිමින් තිබ්බා වගේ සංහිඳියාවක් තිබුණේ. දෙමළ අයගේත් තිබුණේ එහෙම ප්‍රතිචාරයක්. ඒ තමා ප්රභාකරන්ගේ මරණය. ඉන්පස්සේ තොග පිටින් භාරවෙන්න වුණා 50,000ක් 60,000ක් විතර එදාම කඳවුරුවලට ආවා. එල්.ටී.ටී.ඊ. අයත් හය හත්දාහක් ඒ අතර උන්නා. අපි කඳවුරු කරා ගිහින් ඒ අයගේ තුවාලවලටත් ප්‍රතිකාර කළා. ත්රස්තවාදීන් බව දැන දැනත්, මානුෂිකව සලකලා උපකාර කළා. භීෂණයේ හෝරාව එදා නිමාවුණේ එසේය. එහෙත් භීෂණය නැවත හිස ඔසොවන්නට ඉඩ නොදී ආරක්ෂාව සහිත සාමයක් පවත්වාගෙන යාම දැන් අප සතු වගකීමකි. විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැනි වෘත්තිකයන් හමුදා සෙබළ වීරයන් මහා සංග්‍රාමයක කොටස්කරුවන් ලෙස ලෙයින්, කඳුළින්, දහදියෙන් දිනාදුන් සාමයට නිසි වටිනාකමක් ලැබෙන්නේ එවිටය. ► සුගත් පී. කුලතුංගආරච්චි සේයාරුව - සුමුදු හේවාපතිරණ Deshaya උපුටා ගැනීම : හදගැස්මෙන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom