Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ISIS ත්රස්තයින්ගේ “අගනුවර” මුදා ගැනීම ඇරඹේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ISIS ත්රස්තයින්ගේ “අගනුවර” මුදා ගැනීම ඇරඹේ

ISIS ත්රස්තවාදීන් සිය “අගනුවර ” ලෙස සළකනු ලබන සිරියාවේ පිහිටි රකා නගරයේ වයඹදිග ප්‍රදේශයක් මුදාගත් බව සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකායන් (Syrian Democratic Forces) පසුගිය ජූනි 11 වනදා ප්‍රකාශ කළා. මෙය ISIS ත්රස්තයන්ට එරෙහිව ක්‍රියාත්මක සටනෙහි වැදගත් සන්ධිස්ථානයක් වනවා.

මේ අනුව රකා නගරයේ අල් – රොමානියා ප්‍රදේශයේ බලය තමන් යටතට පත් වූ බව SDF සංවිධානය ප්‍රකාශ කළා. මේ අතර SDF සංවිධානය විසින් නැගෙනහිර රකා හි අල් – මෙෂ්ලෙබ් ප්‍රදේශය ද අල්ලාගත්තා. මේ අතර තවත් ප්‍රදේශ ද සංවිධානයට අහිමි වෙමින් පවතිනවා.

රකා නගරය ත්‍රස්තයින් යටතට පත් වූයේ 2013 වසරේදී යි. එතැන් පටන් ඔවුන් එය සිය “අගනුවර ” ලෙස හඳුන්වා ගත්තා. ඔවුනගේ බලාපොරොත්තුව වූයේ ඉරාකය සහ සිරියාව ඇතුලත් ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. 2014 මැද දී ඉරාකයේ විශාල බිම් ප්‍රදේශයක් ඔවුන් විසින් අල්ලාගනු ලැබුණ අතර ඉන්පසු මෙම සංවිධානය කෙරෙහි විශාල අවදානයක්ද යොමු වුණා.

සිරියාවේදී සහ ඉරාකයේදී 2015 වසරේ අවසන් කාළයේ පමණ පටන් ISIS ත්‍රස්තයින්ට එරෙහි සටන්වලින් ඔවුන් කෙමෙන් කෙමෙන් පසුබසිමින් සිටිනවා. රකා නගරයට එල්ල වන ප්‍රහාර මින් එක් අවස්ථාවක් වනවා.

අසාර්ථක පළමු උත්සාහය

2016 මාර්තු මාසයේ අග භාගයේ පළමු වතාවට පැල්මයිරා නගරය මුදාගත් පසු, සිරියානු රජයේ හමුදා විසින් රකා නගරය ඉලක්ක කරගෙන යුධ මෙහෙයුමක් ආරම්භ කළා. ඔවුනට මේ සඳහා රුසියානු හමුදා ආධාර ද ලැබුණා. සිරියානු හමුදා තබ්කා ගුවන් හමුදා කඳවුර දෙසට ගමන් කළ නමුත් ඔවුන් ව ත්‍රස්තයින් විසින් නවතා දමනු ලැබුණා.

පසු කලෙක සිරියානු හමුදා අල්ලාගත් ප්‍රදේශ හරහා පසු බස්වනු ලැබුණ අතර 2016 වසර අවසානයේදී පැල්මයිරා නගරය පවා යළිත් වතාවක් ත්‍රස්තයින් අතට පත් වුණා.

දිගු කාලීන මෙහෙයුමක්

රකා නගරය දෙසට පහර දෙන SDF සංවිධානය කුර්දි සහ අරාබි කණ්ඩායම්වලින් සමන්විතයි. එහි වැඩි පිරිස කුර්දි ජාතිකයන් වනවා. මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛතම සංවිධානයක් වන්නේ මහජන ආරක්ෂක ඒකක සංවිධානයයි (People’s Defense Units – YPG). එය කුර්දීන්ගෙන් සැදුම් ලත් සංවිධානයක්. එම සංවිධානය යටතේ විශාල කාන්තා බලකායක් ද සටන් වදිනවා. ඔවුන් සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයට මෙන් ම ත්‍රස්ත සංවිධානයට ද එරෙහි කණ්ඩායමක් වනවා. සිරියාවේ කුර්දි ජාතිකයන් වසන උතුරුදිග ප්‍රදේශ ගණනාවක් කළක පටන් ඔවුන් අත පැවතුණා. රකා නගරය පිහිටියේ එයින් දකුණුදිගට වන්නටයි.

රකා නගරය ගලවා ගැනීම සඳහා SDF විසින් ඇරඹි මෙහෙයුම හඳුන්වන්නේ “යුප්‍රටීස්හි ද්වේෂය ” (Operation Wrath of Euphrates) යන නමින්. මෙම මෙහෙයුම ආරම්භ වූයේ 2016 නොවැම්බර් මාසයේ මුල් සතියේයි. ඔවුන් මූලික අදියර තුනක් යටතේ හමුදා ප්‍රහාර එල්ල කරමින් රකා නගරය වටලෑම ක්‍රම ක්‍රමයෙන් කරගෙන ගියා. SDF සංවිධානයට ඇමරිකාව ප්රමුඛ මිත්‍ර රටවල ආධාර ලැබෙන අතර ඇමරිකානු ගුවන් හමුදා මෙහෙයුම් මෙම කලාපයේ නිතර සිදු වනවා. මේ අතර ඇමරිකානු උපදේශකයන් සිරියානු භූමියේ ද සිටිමින් SDF සංවිධානයට උපදෙස් ලබා දෙන බව සිරියානු රජය ප්‍රකාශ කර තිබෙනවා.

රකා නගරය සඳහා මහා සංග්‍රාමය

මැයි මස දෙවන සතියේදී හමුදා විසින් තබ්කා නගරය, ගුවන් හමුදා කඳවුර සහ වේල්ල ඇතුලු ප්‍රදේශය ත්‍රස්තයින් ගෙන් මුදා ගත්තා. මේ අනුව බටහිර දෙස සිට නගරයට ඇති මාර්ගය විවර කරගැනීමට SDF සංවිධානයේ හමුදා සමත් වුණා. ඒ සමඟම රකා දෙසට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට ඔවුන් සමත් වුණා.

ජූනි 6 වනදා ඔවුන් රකා නගරය සඳහා මහා සංග්‍රාමය දියත් කළ බව නිවේදනයක් මගින් ප්‍රකාශ කළා. මේ සඳහා SDF සංවිධානයට අයත් විවිධ කණ්ඩායම් සහභාගී වන බවත්, ඊට ප්‍රදේශයේ ජීවත්වන ගෝත්‍රවල නායකයන්ගේ සහය ලැබෙන බවත් එම සංවිධානය විසින් කළ නිවේදනයේ දැක්වෙනවා.

මෙම ප්‍රහාර එල්ල වන අතරතුර ඉරාකයේ මෝසුල් නගරයේදී ත්‍රස්තයින්ට එරෙහිව ක්‍රියාත්මක වන සටන් තවදුරටත් ඇදෙමින් පවතිනවා. කෙසේ නමුත් එහිදී ත්‍රස්තයින් යළි තමන්ට අහිමි වූ නගරය අල්ලා ගනු ඇතැයි සිතීමට අපහසුයි. මෝසුල් නගරයේ තමන් අල්ලාගෙන සිටින ප්‍රදේශ තවත් කොපමණ කල් අල්ලාගෙන සිටීමට ත්‍රස්තයින්ට හැකිවේද යන්න පමණක් තවම අනාවැකි පළ කළ නොහැකි ප්‍රශ්නයක් ව පවතිනවා.

මේ අතර සිරියානු රජයේ හමුදා වසර කිහිපයකට පසු පළමු වරට ඉරාක දේශසීමාවට ළඟා වුණා. මෙම වසර මුලදී පැල්මයිරා නගරය දෙවන වරට මුදා ගැනීමෙන් පසු ඔවුන් එහි සිට සිරියා – ඉරාක දේශසීමාව දෙසට හමුදා මෙහෙයවූවා. සැපයුම් මාර්ග අවහිර කිරීම එහි බලාපොරොත්තුව වුණා.

මේ අතර වසර තුනක පමණ කාළයක් ත්‍රස්තයින් විසින් සම්පූර්ණයෙන් වටලා තිබෙන ඩෙයර් එස් – සෝර් ගලවා ගැනීම සඳහා ද සිරියානු හමුදාවල අවධානය යොමුව තිබෙනවා.

රුසියාවේ ආධාර ලබන සිරියානු හමුදා ද ඇමරිකාවේ ආධාර ලබන සංවිධානය ද එකිනෙකාට ද එරෙහි වන කණ්ඩායම් දෙකක් වන නමුත් සංවිධානයට එරෙහි සටන්වලදී තම තමන් ක්‍රියාත්මක වන ප්‍රදේශවල සටන් මෙහෙයවනු දැකිය හැකියි. මෙසේ පෙරමුණු කිහිපයකින් ම පහර වැදීම නිසා සංවිධානය සිටින්නේ දැඩි අපහසුතාවයකට පත් වූ අඩියකයි.

තමන්ට එල්ල වන ප්‍රහාර හමුවේ වෙනත් ප්‍රදේශයකින් යළි මතුවීමෙන් ආරක්ෂක අංශවල අවධානය එදෙසට යොමු කරවා ගැනීමේ උපක්‍රමය මින් පෙර ද සංවිධානය විසින් ක්‍රියාවට නගා තිබෙනවා. මෙවර ද රකා දෙස සටන් උග්‍ර වන විට අලෙප්පෝ දෙසින් ඔවුන් මතු වීමේ අවදානමක් මතුව තිබෙනවා.

නිම නොවෙන යුද්ධය

2011 වසරේ ඇරඹීමෙන් පසුව සිරියානු අර්බුධය නිසා මේ වන විට එරට වැසියන් 300,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටින අතර ජනගහණයෙන් අඩකට වඩා උපන්බිමේම අනාථයන් බවට පත්වීමේ ඛේදවාචකයට මුහුණ දී සිටිනවා.

ගෝලීය බලවතුන්, මිත්‍ර පාර්ශවයන් සහ ත්රස්තවාදීන් යන මේ සියළුම දෙනා සමඟ එකවිට ගණුදෙනු කිරීමට සිරියන් රජයට සිදුවීම මෙම තත්වය උග්‍ර කිරීමට හේතු වී තිබෙන බව පැහැදිලියි.

සැලසුම් කරන පරිදි රකා නගරය මුදාගැනීමට හැකියාව ලැබුණහොත් එය ISIS ත්රස්තවාදීන් ලබන විශාලම පරාජයක් වනවා නොඅනුමානයි.

මූලාශ්‍ර

US-backed forces seize parts of Raqqa from ‘Islamic State’, DW, Kune 11, 2017

The ‘Great Battle’ for the liberation of Raqqa: Syrian Democratic Forces Statement, YPG website (ypgrojava.org), June 6, 2017.

US-backed Syrian alliance moves to liberate Raqqa from ‘Islamic State’ – DW, Feb 5, 2017

Copied from roar sinhala - Chamara sumanapala.

Link https://roar.media/sinhala/reports/saving-the-capital-from-isis/

[QUOTE="Ithika mithika, post: 21802256, member: 561429"] [b]ISIS ත්රස්තයින්ගේ “අගනුවර” මුදා ගැනීම ඇරඹේ[/b] ISIS ත්රස්තවාදීන් සිය “අගනුවර ” ලෙස සළකනු ලබන සිරියාවේ පිහිටි රකා නගරයේ වයඹදිග ප්‍රදේශයක් මුදාගත් බව සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකායන් (Syrian Democratic Forces) පසුගිය ජූනි 11 වනදා ප්‍රකාශ කළා. මෙය ISIS ත්රස්තයන්ට එරෙහිව ක්‍රියාත්මක සටනෙහි වැදගත් සන්ධිස්ථානයක් වනවා. මේ අනුව රකා නගරයේ අල් – රොමානියා ප්‍රදේශයේ බලය තමන් යටතට පත් වූ බව SDF සංවිධානය ප්‍රකාශ කළා. මේ අතර SDF සංවිධානය විසින් නැගෙනහිර රකා හි අල් – මෙෂ්ලෙබ් ප්‍රදේශය ද අල්ලාගත්තා. මේ අතර තවත් ප්‍රදේශ ද සංවිධානයට අහිමි වෙමින් පවතිනවා. රකා නගරය ත්‍රස්තයින් යටතට පත් වූයේ 2013 වසරේදී යි. එතැන් පටන් ඔවුන් එය සිය “අගනුවර ” ලෙස හඳුන්වා ගත්තා. ඔවුනගේ බලාපොරොත්තුව වූයේ ඉරාකය සහ සිරියාව ඇතුලත් ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. 2014 මැද දී ඉරාකයේ විශාල බිම් ප්‍රදේශයක් ඔවුන් විසින් අල්ලාගනු ලැබුණ අතර ඉන්පසු මෙම සංවිධානය කෙරෙහි විශාල අවදානයක්ද යොමු වුණා. සිරියාවේදී සහ ඉරාකයේදී 2015 වසරේ අවසන් කාළයේ පමණ පටන් ISIS ත්‍රස්තයින්ට එරෙහි සටන්වලින් ඔවුන් කෙමෙන් කෙමෙන් පසුබසිමින් සිටිනවා. රකා නගරයට එල්ල වන ප්‍රහාර මින් එක් අවස්ථාවක් වනවා. අසාර්ථක පළමු උත්සාහය :yes: 2016 මාර්තු මාසයේ අග භාගයේ පළමු වතාවට පැල්මයිරා නගරය මුදාගත් පසු, සිරියානු රජයේ හමුදා විසින් රකා නගරය ඉලක්ක කරගෙන යුධ මෙහෙයුමක් ආරම්භ කළා. ඔවුනට මේ සඳහා රුසියානු හමුදා ආධාර ද ලැබුණා. සිරියානු හමුදා තබ්කා ගුවන් හමුදා කඳවුර දෙසට ගමන් කළ නමුත් ඔවුන් ව ත්‍රස්තයින් විසින් නවතා දමනු ලැබුණා. පසු කලෙක සිරියානු හමුදා අල්ලාගත් ප්‍රදේශ හරහා පසු බස්වනු ලැබුණ අතර 2016 වසර අවසානයේදී පැල්මයිරා නගරය පවා යළිත් වතාවක් ත්‍රස්තයින් අතට පත් වුණා. දිගු කාලීන මෙහෙයුමක් :yes: රකා නගරය දෙසට පහර දෙන SDF සංවිධානය කුර්දි සහ අරාබි කණ්ඩායම්වලින් සමන්විතයි. එහි වැඩි පිරිස කුර්දි ජාතිකයන් වනවා. මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛතම සංවිධානයක් වන්නේ මහජන ආරක්ෂක ඒකක සංවිධානයයි (People’s Defense Units – YPG). එය කුර්දීන්ගෙන් සැදුම් ලත් සංවිධානයක්. එම සංවිධානය යටතේ විශාල කාන්තා බලකායක් ද සටන් වදිනවා. ඔවුන් සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයට මෙන් ම ත්‍රස්ත සංවිධානයට ද එරෙහි කණ්ඩායමක් වනවා. සිරියාවේ කුර්දි ජාතිකයන් වසන උතුරුදිග ප්‍රදේශ ගණනාවක් කළක පටන් ඔවුන් අත පැවතුණා. රකා නගරය පිහිටියේ එයින් දකුණුදිගට වන්නටයි. රකා නගරය ගලවා ගැනීම සඳහා SDF විසින් ඇරඹි මෙහෙයුම හඳුන්වන්නේ “යුප්‍රටීස්හි ද්වේෂය ” (Operation Wrath of Euphrates) යන නමින්. මෙම මෙහෙයුම ආරම්භ වූයේ 2016 නොවැම්බර් මාසයේ මුල් සතියේයි. ඔවුන් මූලික අදියර තුනක් යටතේ හමුදා ප්‍රහාර එල්ල කරමින් රකා නගරය වටලෑම ක්‍රම ක්‍රමයෙන් කරගෙන ගියා. SDF සංවිධානයට ඇමරිකාව ප්රමුඛ මිත්‍ර රටවල ආධාර ලැබෙන අතර ඇමරිකානු ගුවන් හමුදා මෙහෙයුම් මෙම කලාපයේ නිතර සිදු වනවා. මේ අතර ඇමරිකානු උපදේශකයන් සිරියානු භූමියේ ද සිටිමින් SDF සංවිධානයට උපදෙස් ලබා දෙන බව සිරියානු රජය ප්‍රකාශ කර තිබෙනවා. රකා නගරය සඳහා මහා සංග්‍රාමය :yes: මැයි මස දෙවන සතියේදී හමුදා විසින් තබ්කා නගරය, ගුවන් හමුදා කඳවුර සහ වේල්ල ඇතුලු ප්‍රදේශය ත්‍රස්තයින් ගෙන් මුදා ගත්තා. මේ අනුව බටහිර දෙස සිට නගරයට ඇති මාර්ගය විවර කරගැනීමට SDF සංවිධානයේ හමුදා සමත් වුණා. ඒ සමඟම රකා දෙසට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට ඔවුන් සමත් වුණා. ජූනි 6 වනදා ඔවුන් රකා නගරය සඳහා මහා සංග්‍රාමය දියත් කළ බව නිවේදනයක් මගින් ප්‍රකාශ කළා. මේ සඳහා SDF සංවිධානයට අයත් විවිධ කණ්ඩායම් සහභාගී වන බවත්, ඊට ප්‍රදේශයේ ජීවත්වන ගෝත්‍රවල නායකයන්ගේ සහය ලැබෙන බවත් එම සංවිධානය විසින් කළ නිවේදනයේ දැක්වෙනවා. මෙම ප්‍රහාර එල්ල වන අතරතුර ඉරාකයේ මෝසුල් නගරයේදී ත්‍රස්තයින්ට එරෙහිව ක්‍රියාත්මක වන සටන් තවදුරටත් ඇදෙමින් පවතිනවා. කෙසේ නමුත් එහිදී ත්‍රස්තයින් යළි තමන්ට අහිමි වූ නගරය අල්ලා ගනු ඇතැයි සිතීමට අපහසුයි. මෝසුල් නගරයේ තමන් අල්ලාගෙන සිටින ප්‍රදේශ තවත් කොපමණ කල් අල්ලාගෙන සිටීමට ත්‍රස්තයින්ට හැකිවේද යන්න පමණක් තවම අනාවැකි පළ කළ නොහැකි ප්‍රශ්නයක් ව පවතිනවා. මේ අතර සිරියානු රජයේ හමුදා වසර කිහිපයකට පසු පළමු වරට ඉරාක දේශසීමාවට ළඟා වුණා. මෙම වසර මුලදී පැල්මයිරා නගරය දෙවන වරට මුදා ගැනීමෙන් පසු ඔවුන් එහි සිට සිරියා – ඉරාක දේශසීමාව දෙසට හමුදා මෙහෙයවූවා. සැපයුම් මාර්ග අවහිර කිරීම එහි බලාපොරොත්තුව වුණා. මේ අතර වසර තුනක පමණ කාළයක් ත්‍රස්තයින් විසින් සම්පූර්ණයෙන් වටලා තිබෙන ඩෙයර් එස් – සෝර් ගලවා ගැනීම සඳහා ද සිරියානු හමුදාවල අවධානය යොමුව තිබෙනවා. රුසියාවේ ආධාර ලබන සිරියානු හමුදා ද ඇමරිකාවේ ආධාර ලබන සංවිධානය ද එකිනෙකාට ද එරෙහි වන කණ්ඩායම් දෙකක් වන නමුත් සංවිධානයට එරෙහි සටන්වලදී තම තමන් ක්‍රියාත්මක වන ප්‍රදේශවල සටන් මෙහෙයවනු දැකිය හැකියි. මෙසේ පෙරමුණු කිහිපයකින් ම පහර වැදීම නිසා සංවිධානය සිටින්නේ දැඩි අපහසුතාවයකට පත් වූ අඩියකයි. තමන්ට එල්ල වන ප්‍රහාර හමුවේ වෙනත් ප්‍රදේශයකින් යළි මතුවීමෙන් ආරක්ෂක අංශවල අවධානය එදෙසට යොමු කරවා ගැනීමේ උපක්‍රමය මින් පෙර ද සංවිධානය විසින් ක්‍රියාවට නගා තිබෙනවා. මෙවර ද රකා දෙස සටන් උග්‍ර වන විට අලෙප්පෝ දෙසින් ඔවුන් මතු වීමේ අවදානමක් මතුව තිබෙනවා. නිම නොවෙන යුද්ධය :confused: 2011 වසරේ ඇරඹීමෙන් පසුව සිරියානු අර්බුධය නිසා මේ වන විට එරට වැසියන් 300,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටින අතර ජනගහණයෙන් අඩකට වඩා උපන්බිමේම අනාථයන් බවට පත්වීමේ ඛේදවාචකයට මුහුණ දී සිටිනවා. ගෝලීය බලවතුන්, මිත්‍ර පාර්ශවයන් සහ ත්රස්තවාදීන් යන මේ සියළුම දෙනා සමඟ එකවිට ගණුදෙනු කිරීමට සිරියන් රජයට සිදුවීම මෙම තත්වය උග්‍ර කිරීමට හේතු වී තිබෙන බව පැහැදිලියි. සැලසුම් කරන පරිදි රකා නගරය මුදාගැනීමට හැකියාව ලැබුණහොත් එය ISIS ත්රස්තවාදීන් ලබන විශාලම පරාජයක් වනවා නොඅනුමානයි. :yes: මූලාශ්‍ර US-backed forces seize parts of Raqqa from ‘Islamic State’, DW, Kune 11, 2017 The ‘Great Battle’ for the liberation of Raqqa: Syrian Democratic Forces Statement, YPG website (ypgrojava.org), June 6, 2017. US-backed Syrian alliance moves to liberate Raqqa from ‘Islamic State’ – DW, Feb 5, 2017 :yes::cool::yes: Copied from roar sinhala - Chamara sumanapala. Link [url]https://roar.media/sinhala/reports/saving-the-capital-from-isis/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom