IT හෙල්ප් එකක්

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මිත්‍රවරුනි...

    මේ ජරමර අස්සේ මගේ SLT fiber wifi connection එක ලැප් එකේ පෙන්නන්නේ නැහැ!
    මේක වුනේ පෙරේදා online video joiner(clideo.com) සයිට් එකකින් පොඩි වැඩක් කරන්න ගිහින් virus ආවට පස්සේ...
    ඊට පස්සේ මේවා ගැන තරමක් දන්නා යාලුවෙක්ගෙ උපදෙස් පරිදි full scan එකක් (මගේ දාල තියෙන microsoft security essentials) වලින් කරලා Disk Cleanup කරලා -'C' එකේ temporary files ඔක්කොම ඉවත් කරලා ,google chrome uninstall කරලා නැවත reinstall කරලා restart කලාට පස්සේ ලැප් එක නොර්මල් විදිහට වැඩ කරනවා.. ඒත් wifi connection එක පෙන්නන්නේ නැහැ
    ..මගේ ලැප් එක Dell i5 එකක් OS එක windows 7
    මේක ගොඩදාගන්න විදිහක් ගැන යාළුවාටත් හරිඅදහසක් නැහැ .. ලැප් එක සතියක කලින් දිනෙකට system restore වලින් ගෙනිච්චා.. වැඩක් වුනේ නැහැ ... Device manager වල network adapters uninstall කරලා reinstall කරන්න කියලත් උපදෙසක් මම ඉන්ටර්නෙට් සර්ච් කරාම තිබුනා ....ඒත් ඒක කරන්න බයයි, මගේ network adapter එක ලිස්ට් එකේ තියෙන Dell wireless එකද නැත්නම් microsoft virtual wifi miniport adapter එකද කියලා හරියට දන්නේ නැති නිසා
    අනිත් කාරණේ අපේ දුවගේ ලැප් එකේ කිසි ගැටළුවක් නැතිව SLT fiber wifi connection එක පෙන්නනවා සහ ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් නිසා මේක අපේ wifi router එකේ ගැටළුවක් නෙවි කියලා හිතෙනවා...
    මගේ ලැප් එකෙන් ඩොන්ගල් එකක් කනෙක්ට් කරලා ඉන්ටෙර්නෙට් යන්න පුළුවන් ...දැන් එලකිරියට ලොග්ඉන් වෙලා ඉන්නෙත් එහෙම Hutch කනෙක්ෂන් එකකින්

    මේ දවස්වල තියෙන තත්වේ නිසා ලැප් එක කොහේටවත් අරගෙන ගිහින් පෙන්නනත් බැහැ..එහෙම යන්න repair shop ඇරලත් නැහැ..
    මගේ අවශ්‍යතාවය SLT fiber wifi connection එක හදාගෙන ඒකෙන් ඉන්ටෙර්නෙට් යන එක..
    මේ වැඩේ ගොඩදා ගන්න උපදෙසක් දුන්නොත් ලොකු උදව්වක් !!!

     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඇඩප්ටර් එක අනින්ස්ටල්ල් කරන්න .ඔනේ නම් අහපව් රීස්ටර්ට් කරන්න ඔටෝම ඩ්‍රිවර් එක පික් කරගනී.නැත්තම් ඩොන්ගල් එක ගහල ලැප් එකෙ මොඩෙල් එකයි ඕ.එස් ගහල ඩෙල් සයිට් එකෙන් නෙට්වර්ක් ඩ්‍රයිවර් එක ඩවුන්ලොඅඩ් කරගෙන අහපව් ඉන්ස්ටල්ල් කරන්න .
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Device manager eken update karanna puluwan. Eth hariyayi kiyala hithenne nam naha.
    Lesime de format karala OS eka ayeth daganna eka. Danakota Win 10 ma daganna.
    Win 7 walata dan updates enne naha. E nisa virus wadiyi. Karadara wadiyi.