රෝසි සේනානායක මහත්මිය විසින් තමාගෙන් ප්‍රශ්නයක් ඇසීමට ඉදිරිපත්වීම ගැන මහත් සතුටට පත්වන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
තමාගේ වසර 19ක පාර්ලිමේන්තු ජීවිතයේ වඩාත්ම සතුටු වන දවස අද බවත් මෙවැනි රූමත් නෝනා මහත්මියක් මගෙන් ප්‍රශ්න අහනවාට ගොඩාක් සතුටුවන බවත් පැවසූ අමාත්‍යවරයා රෝසි සේනානායක මහත්මියගේ මුහුණ දිහා බලාගෙන සිටින විට වචන පැටලෙන බවද කීවේය.
කෙසේ වෙතත් එහිදී රෝසී සේනානායක මහත්මිය පැවසුවේ තම නමටවත් මතුපිට පෙනුමටවත් නොව වැදගත් ප්‍රශ්නයක් ලෙස එය තමන් ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා විසින් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය කාන්තාවක් වූ පමණින් කළ අපහාසයක් ලෙස දකින බවත් කියා සිටියේය.
අදාළ සංවාදය ඇතිවුයේ මෙසේය.
කුමාර වෙල්ගම : මම පාර්ලිමේතු ඇවිල්ල අවරුදු 19 ක් වෙනවා. අද තමයි මම ඉතාමත්ම සන්තෝස වෙන දවස. මේ වගේ රූමත් නෝනා මහත්මයෙක් මගෙන් ප්‍රශ්න අහනවට මම අද ගොඩාක් සන්තෝස වෙනවා..
රෝසි සේනානායක : බොහොම ස්තුතියි..එහෙනම් සන්තොසෙන්ම පිළිතුරු දෙමු...
කුමාර වෙල්ගම : පොඩ්ඩක් ඉන්න මාව තාම වෙව්ලනවා වගේ...දැන් මට කතාකරගන්නත් බැහැ
රෝසි සේනායක : වචන පටලවගන්න එපා..
(අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශ කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ විරෝධය එල්ලවූ වෙයි)
කුමාර වෙල්ගම : මට මෙතන මගේ හැඟීම් ප්‍රකාශ කරන්න බැහැ .. නමුත් ඔබතුමිය පාර්ලිමේතුවේ පිටතදී හමුවුනොත් මම කියන්නම්