Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Job එක එපාවෙලාද? එහෙනම් මේක කියවන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Job එක එපාවෙලාද? එහෙනම් මේක කියවන්න.

සාමාන්‍යයෙන් ලංකාවේ ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් සේවය කරන්නේ පුද්ගලික අංශයේ. රටේ ජනගහණයෙන් මේ ශ්‍රම බලකායට අයිති පිරිස දවස පුරාම, අවුරුද්ද පුරාම මහන්සිවෙලා වැඩකරන්නේ ආර්ථිකමය ප්‍රතිලාභයක් වෙනුවෙන්.

ඒත් එහෙම හැල්මේ රස්සාවට දුවගෙන ගියාට පර්යේෂණවලින් අනාවරණය වන විදිහට ලංකාවේ වගේම ලෝකයේත් රැකියා කරන පිරිසෙන් 75%ක් විතර රැකියාව කරන්නේ අධිික පීඩනයකින්, ඒ වගේම ඒ අතරින් භාගයක් පමණ පිරිස තමන් කරන රැකියාවට ආසාවක් නෑ.

එහෙම තත්වයක් යටතෙදි මේක කියවන ඔබ පවා මේ කියවන මොහොතෙත් ඔබ කරන රැකියාව එපා වෙලා ඉන්න පුළුවන්. ඒක එහෙමනම්, මේ ලිපිය වැඩියෙන්ම වටින්නේ ඔබටයි.

සිහින රැකියාව

සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ එක එක රස්සා කරන්න හින මවනවා, අපේ අම්මලා තාත්තලා ඇතුලු ඥාති හිතමිත්‍රාදීන් අපේ හිතේ රස්සාවල් ගැන හීන හදනවා. ඒත් අපි ටිකක් ලොකු වෙද්දි අපි උත්සහ කරන්නේ අපි ඇහින් දකින කවුරුහරි කරන රස්සාවක්, නැත්නම් අපිට දැනෙන රස්සාවක් හීන රස්සාව කරගන්න. මෙහෙම කාලයක් ගතවෙලා අපි අපේ ආසාවන්, දක්ෂතාවයන් හරියට තේරුම්ගත්තම මේ සිහින රැකියාව බොහෝ විට වෙනස් වෙනවා.

ඉතින් මෙහෙම වෙනස් වෙන අපේ හීන රස්සාව හොයාගන්න එක එච්චර ලේසි නෑ. හීන රස්සාව පස්සේ අපි දුවන අතරේ ආර්ථික අමාරුකම් නිසා අපි මොකක්මහරි රස්සාවකට යන්න සමහර වෙලාවට හිත හදාගන්නවා. අපි හිතනවා ඒ රස්සාවේ ඉන්න ගමන් හීන රස්සාව හොයාගන්න. ඒත් ටික කාලෙකින් අපිට වෙන දේ තමයි හීන රස්සාව ඈතට ගිහින් අපිට ලැබුණ රස්සාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරගෙන ඉන්න වෙන එක.

මෙහෙම තැනකදි අපිට වෙන දේ බොහොම ඉක්මණට කරන රස්සාව එපා වෙන එකයි. හීන හිතේ තියාගෙන සැබෑ ලෝකේ දුක්විඳින්න වෙන එක තමයි ඒකට හේතුව.

විනෝදාංශය සහ රස්සාව

කාලයකට කලින් අන්තර්ජාලයේ ඡායාරූපයක් තිබුණු තරුණියක් වගුරු බිමක පපුව දක්වා වතුරේ ගිලෙමින් සතෙකුගේ ඡායාරූපයක් ගන්න උත්සහකරන ආකාරය පෙන්වන. ඒ ඡායාරූපයට යටින් තිබුණේ “ඔබේ විනෝදාංශය ඔබේ රස්සාව කරගන්න - එතකොට කවදාවත් ඔබට වැඩ කරන්න වෙන එකක් නෑ” කියලා.

ඒ කතාව කොච්චරනම් ඇත්තද. හිතන්න ඔබ හරිම කැමතියි කෑම හදන්න, කෑම ලස්සනට මේසේට යවන්න, අලුත් කෑම වර්ග ගැන විස්තර හොයලා ඒවා අත්හදා බලන්න. ඉතින් ඔබ කවදාහරි හෝටලයක හරි වෙනත් ආයතනයකහරි සූපවේදියෙක් වුනොතේ, නැතිනම් තවත් ඉස්සරහට ගිහින් ආහාර පර්යේෂකයෙක් නැත්නම්, ආහාර වර්ග නිෂ්පාදකයෙක් වුනොත්, ඔබ කොච්චර ආසාවෙන් ඔබේ රස්සාව කරයිද, හරියටම විනෝදාංශය රස්සාව වුනාම එහෙම තමයි.

නමුත් එහෙම කෑම හදන්න, ලස්සන කරන්න කැමති ඔබට කාර්යාලයක ලිපිගොනු එක්ක වැඩකරන්න වුනොත්, නැත්නම් ළමයින් ටිකක් ඉදිරිපිට උගන්වන්න වුනොත්, ඔබ කොච්චරනම් අපහසුතාවයට පත්වෙනවද. ඒ නිසාම ඔබේ විනෝදාංශ එක්ක ගැලපෙන රස්සාවක් ඔබ දැනටමත් කරනවනම් ඇත්තටම ඔබ ඒකා ගොඩාක් විඳනවා ඇති. එහෙම නොවන අය තමයි රස්සාව එපා වෙලා සෑහෙන්න පීඩනයකින් වැඩ කරන්නේ.

කරදරකාරයෝ

සාමාන්‍ය පිළිගැනීම තමයි ඕනම තැනක ඕනම රස්සාවක් එපා කරන කෙනෙක් ඉන්නවා කියන එක. සමහර විට බොස් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් මිත්‍ර සේවකයෙක් ඒත් නැත්නම් ගණුදෙනුකාරයෙක් හරි ඔබට ඔබේ රස්සාව එපා කරන්න පුළුවන්. සමහරවිට හිතාමතාම මේක කරන්න පුළුවන්. එතනදි කරන්න තියන හොඳම දේ තමයි ඒ අය කරදරයක් නොවන විදිහට එයාලවත් තමන්ගේ වැඩරාජකාරි පහසු කරවන මාර්ගයක් කරගන්න එක. ඒක ටිකක් අමාරුයි, ඒත් කරන්න පුළුවන්නම් මරු.

තව දෙයක් තියනවා, මානව සම්පත් පර්යේෂකයන්ට අනුව වෘත්තීයක නිරතවෙන පුද්ගලයන් තුල තිබෙන මානසික පීඩනයෙන් වැඩි කොටසක් ඔවුන් විසින්ම නිර්මාණය කරගත්ත පීඩනයන්, තමන්ම හදාගන්න සිමා, තමන්ම හදාගන්න උපකල්පන, තමන්ගේම අපිළිවෙල නිසා සිදුවෙන වැඩ වැඩිකරගැනීම් කොච්චරනම් ඔබටත් ඇතිද. ටිකක් නිවිසැනසිල්ලේ හිතන්න බලන්න. ඔව්..එහෙම තියනවා..ඒ නිසා ඒවා ටික නැතිකරගන්න පුළුවන්නම් සත්තයි ඔබට ඔය රස්සාව එපා වෙන එක 50%කින් අඩුවෙනවා.

ඉලක්ක සහ ජයග්‍රහණය

සමහර රස්සාවල ඉලක්ක තියනවා, ඒ ඉලක්ක ලඟාකරගත්තම ප්රතිලාභ හිමිවෙනවා, නැතිනම් දෝෂාරෝපන සහ දඬුවම් හිමිවෙනවා. ඇත්තටම එහෙම රස්සා ගොඩක් වටිනවා, මොකද ඉලක්කවලට බය නැති, ඒවා ලඟාකරගන්න කැමති අය ඒ වගේ රස්සාවලදි නිතරම ජයග්‍රහණය කරනවා. එහෙම ඉලක්ක වලට බය උදවිය කරන්න ඕන පස්ස ගහන එක නෙවෙයි. ඒ ඉලක්ක ලඟාකරගන්න පහසු මාර්ග හොයාගන්න එක, ඒ වගේම ඉලක්ක සාර්ථකව ජයගන්නා අය දිහා බලලා බොහෝ දේ ඉගනගන්න එක. එතකොට ඉලක්ක එක්ක තමන්ට තියන පීඩනය සහ ඒකෙන් සිද්ධවෙන රස්සාව එපාවීම නැති වෙනවා. මොකද ජයග්‍රහණ ලැබෙනවා කියන්නේ ඔබට සතුටුවෙන්න අවස්ථා ලැබෙනවා කියන එකයි.

ඒ වගේම ඉලක්ක නැති රස්සා කරන අයට පුළුවන් තමන්ටම ඉලක්ක හදාගන්න. ඒ ඉලක්ක වලට යන මාර්ග තමන්ම හදාගන්න එක.ඒකත් හරි සුන්දර වැඩක්. ඒ විතරක් මදි ඉලක්ක වලට හරියට ගමන් කරනවාද කියලා තමන්ටම මැනගන්නත් වෙනවා. එහෙම ඉලක්ක ජයගත්තම තමන්ම පුංචි සැමරීමක් කරන්න. එතකොට රස්සාවේ තියන ඒකාකාරීබව වගේම එපාවීමත් අඩුවෙනවා.

නැතුවම බැරි කෙනෙක්

සාමාන්‍යයෙන් ඔබේ ආයතනවලත් ඇති නැතිවම බැරි කෙනෙක්, හැමදේටම ඉදිරිපත් වෙන, දක්ෂතා ගණනාවක් තියන, හැමවෙලේම සතුටින් ඉන්න සහ හැමෝම එක්ක හොඳින් ඉන්න. එහෙම කෙනෙක් ඉන්නවා නේද..ඔව් අනිවාර්යයෙන්ම ඉන්න ඕන.

හැබැයි ඒ කෙනාට තමයි වැඩියෙන්ම කැපිලි ඇත්තේ, ඒ කෙනාට තමයි වැඩියෙන්ම වැඩ පවරනවා ඇත්තේ..ඒ කෙනාට තමයි නිවාඩු අඩුවෙන්ම ඇත්තේ..ඒ කෙනාටම තමයි වැඩියෙන්ම කටකතා ඇත්තේ.. හැබැයි හොඳින් බලන්න ඒ කෙනා අනිවාර්යයෙන්ම වේගයෙන් ඉදිරියට යන කෙනෙක්. ඒක සහතිකයි.

ඔබත් උත්සහ කරලා බලන්න ඒ වගේ කෙනෙක් වෙන්න. නිකන් පැත්ත ගහලා, දෙන වැඩේ විතරක් කරලා ෂේප් වෙලා එනවා වෙනුවට ආයතනයට නැතිවම බැරි කෙනෙක් වෙන්න, නිවාඩුවක් දාපු දවසට මුළු ආයතනයම සොහොන් පිටියක් වගේ වෙන තරමටම ඔබේ අඩුව දැනෙන කෙනෙක් වෙන්න බලන්න. එතකොට ගෙදර ඉන්නවට වඩා රස්සාවට යන්න ආසා හිතේවි.

ඉගනගන්න

කරන රස්සාව සම්බන්ධ හැමදේම හොඳින් අධ්‍යයනය කරන්න. තව තව සුදුසුකම් හදාගන්න. ඔබට තිබෙන්නේ සහතිකපත්‍රයක් විතරක් නම් උත්සහ කරන්න ඒක ඩිප්ලෝමාවක් කරන්න. ඒ සහතිකේ තමන්ගේ පුද්ගලික ලිපිගොනුවට දාන්න, ඒකේ කොපියක් තමන්ගේ මේසේ තමන්ට නිතර බලන්න පුළුවන් තැනකින් තියාගන්න. ඩිප්ලෝමාව කරලා නිකන් ඉන්න එපා, උත්සහ කරන්න උපාධියක් කරන්න, ඔබට පුළුවන් ඒක. එතනින් නවතින්න එපා යන්න පශ්චාත් උපාධි මට්ටමට, එක්කෝ PGD එකක්, නැත්නම් මාස්ටර් එකක්, එතනිනුත් එහාට ගිහින් PhD එකක් දක්වා යන්න.

එතකොට ඔබට අභියෝග කරන්න කිසිම කෙනෙක්ට බෑ. ඔබ ලබාගන්න අධ්‍යාපනය සහ වෘත්තීය අත්දැකීම් එක්ක හැප්පෙන්න කිසිම කෙනෙක්ට බෑ. ඔබ ඔබේ රැකියාවේ හතරමායිම් විතරක් නෙවෙයි එතනින් එහාටත් දේවල් දැනගෙන ඉන්නකොට අනෙක් අයට ඔබෙන් ඉගනගන්න වෙනවා. ඒ අයට කියලා දෙන්න පුළුවන් වෙන කෙනෙක් බවට, ඔවුන්ගේ තීරණවලට ඔබේ දැනුම අවශ්‍ය කෙනෙක් බවට ඔබ පත්වුණාම අන්න ඔබට කොච්චර සතුටුවෙන්න පුළුවන්ද. සමහර විට ආයතනය දවසින් දවස උඩට යන්නේ ඔබේ දැනුම නිසානම් කවදාවත් ඔබට රස්සාව එපා වෙනවද? කවදාවත්ම නෑ.

ඒ වගේම මතක් කරලා ඉංග්‍රීසි සහ පරිගණක දැනුම හොඳින් වර්ධනය කරගන්න. පුළුවන්නම් Multi media හෝ Graphics වගේ දෙයක් ඉගනගෙන තියන්න. කවදාවත් පාඩුවක් නෑ.

ඒ වගේ දැනුමෙන්, අත්දැකීමෙන් සන්නද්ද වෙනකොට ආයතනයට සිද්ධවෙනවා ඔබව ආයතනය තුල තියාගන්න ලොකු සටනක් කරන්න, මොකද දවසින් දවස ඔබ දැනුමෙන්, අත්දැකීමෙන් ඉහළට යද්දි අනෙක් තරඟකාරී ආයතන,විදේශ ආයතන ඔබව ඔවුන් වෙත ආකර්ශණය කරගන්න තරඟ කරනවා (මතක් කරලා Linkedin Profile එකක් හදලා තියාගන්න) එහෙම තැනකදි ඔබේ ආයතනය ඔබ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා ඔබ ආයතනය තුල තියාගන්න.

එතකොට කවදාවත් ඔබට රස්සාවනම් එපා වෙන්නේ නෑ කියලා මට සීයට ලක්ෂයක් විශ්වාසයි. බොරුනම් තවපාරක් කල්පනා කරලා බලන්න මේ කියපු ටික.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23119171, member: 421102"] [b]Job එක එපාවෙලාද? එහෙනම් මේක කියවන්න.[/b] [SIZE="4"]සාමාන්‍යයෙන් ලංකාවේ ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් සේවය කරන්නේ පුද්ගලික අංශයේ. රටේ ජනගහණයෙන් මේ ශ්‍රම බලකායට අයිති පිරිස දවස පුරාම, අවුරුද්ද පුරාම මහන්සිවෙලා වැඩකරන්නේ ආර්ථිකමය ප්‍රතිලාභයක් වෙනුවෙන්. ඒත් එහෙම හැල්මේ රස්සාවට දුවගෙන ගියාට පර්යේෂණවලින් අනාවරණය වන විදිහට ලංකාවේ වගේම ලෝකයේත් රැකියා කරන පිරිසෙන් 75%ක් විතර රැකියාව කරන්නේ අධිික පීඩනයකින්, ඒ වගේම ඒ අතරින් භාගයක් පමණ පිරිස තමන් කරන රැකියාවට ආසාවක් නෑ. එහෙම තත්වයක් යටතෙදි මේක කියවන ඔබ පවා මේ කියවන මොහොතෙත් ඔබ කරන රැකියාව එපා වෙලා ඉන්න පුළුවන්. ඒක එහෙමනම්, මේ ලිපිය වැඩියෙන්ම වටින්නේ ඔබටයි. [B]සිහින රැකියාව[/B] සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ එක එක රස්සා කරන්න හින මවනවා, අපේ අම්මලා තාත්තලා ඇතුලු ඥාති හිතමිත්‍රාදීන් අපේ හිතේ රස්සාවල් ගැන හීන හදනවා. ඒත් අපි ටිකක් ලොකු වෙද්දි අපි උත්සහ කරන්නේ අපි ඇහින් දකින කවුරුහරි කරන රස්සාවක්, නැත්නම් අපිට දැනෙන රස්සාවක් හීන රස්සාව කරගන්න. මෙහෙම කාලයක් ගතවෙලා අපි අපේ ආසාවන්, දක්ෂතාවයන් හරියට තේරුම්ගත්තම මේ සිහින රැකියාව බොහෝ විට වෙනස් වෙනවා. ඉතින් මෙහෙම වෙනස් වෙන අපේ හීන රස්සාව හොයාගන්න එක එච්චර ලේසි නෑ. හීන රස්සාව පස්සේ අපි දුවන අතරේ ආර්ථික අමාරුකම් නිසා අපි මොකක්මහරි රස්සාවකට යන්න සමහර වෙලාවට හිත හදාගන්නවා. අපි හිතනවා ඒ රස්සාවේ ඉන්න ගමන් හීන රස්සාව හොයාගන්න. ඒත් ටික කාලෙකින් අපිට වෙන දේ තමයි හීන රස්සාව ඈතට ගිහින් අපිට ලැබුණ රස්සාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කරගෙන ඉන්න වෙන එක. මෙහෙම තැනකදි අපිට වෙන දේ බොහොම ඉක්මණට කරන රස්සාව එපා වෙන එකයි. හීන හිතේ තියාගෙන සැබෑ ලෝකේ දුක්විඳින්න වෙන එක තමයි ඒකට හේතුව. [B] විනෝදාංශය සහ රස්සාව[/B] කාලයකට කලින් අන්තර්ජාලයේ ඡායාරූපයක් තිබුණු තරුණියක් වගුරු බිමක පපුව දක්වා වතුරේ ගිලෙමින් සතෙකුගේ ඡායාරූපයක් ගන්න උත්සහකරන ආකාරය පෙන්වන. ඒ ඡායාරූපයට යටින් තිබුණේ “ඔබේ විනෝදාංශය ඔබේ රස්සාව කරගන්න - එතකොට කවදාවත් ඔබට වැඩ කරන්න වෙන එකක් නෑ” කියලා. ඒ කතාව කොච්චරනම් ඇත්තද. හිතන්න ඔබ හරිම කැමතියි කෑම හදන්න, කෑම ලස්සනට මේසේට යවන්න, අලුත් කෑම වර්ග ගැන විස්තර හොයලා ඒවා අත්හදා බලන්න. ඉතින් ඔබ කවදාහරි හෝටලයක හරි වෙනත් ආයතනයකහරි සූපවේදියෙක් වුනොතේ, නැතිනම් තවත් ඉස්සරහට ගිහින් ආහාර පර්යේෂකයෙක් නැත්නම්, ආහාර වර්ග නිෂ්පාදකයෙක් වුනොත්, ඔබ කොච්චර ආසාවෙන් ඔබේ රස්සාව කරයිද, හරියටම විනෝදාංශය රස්සාව වුනාම එහෙම තමයි. නමුත් එහෙම කෑම හදන්න, ලස්සන කරන්න කැමති ඔබට කාර්යාලයක ලිපිගොනු එක්ක වැඩකරන්න වුනොත්, නැත්නම් ළමයින් ටිකක් ඉදිරිපිට උගන්වන්න වුනොත්, ඔබ කොච්චරනම් අපහසුතාවයට පත්වෙනවද. ඒ නිසාම ඔබේ විනෝදාංශ එක්ක ගැලපෙන රස්සාවක් ඔබ දැනටමත් කරනවනම් ඇත්තටම ඔබ ඒකා ගොඩාක් විඳනවා ඇති. එහෙම නොවන අය තමයි රස්සාව එපා වෙලා සෑහෙන්න පීඩනයකින් වැඩ කරන්නේ. [B]කරදරකාරයෝ[/B] සාමාන්‍ය පිළිගැනීම තමයි ඕනම තැනක ඕනම රස්සාවක් එපා කරන කෙනෙක් ඉන්නවා කියන එක. සමහර විට බොස් කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් මිත්‍ර සේවකයෙක් ඒත් නැත්නම් ගණුදෙනුකාරයෙක් හරි ඔබට ඔබේ රස්සාව එපා කරන්න පුළුවන්. සමහරවිට හිතාමතාම මේක කරන්න පුළුවන්. එතනදි කරන්න තියන හොඳම දේ තමයි ඒ අය කරදරයක් නොවන විදිහට එයාලවත් තමන්ගේ වැඩරාජකාරි පහසු කරවන මාර්ගයක් කරගන්න එක. ඒක ටිකක් අමාරුයි, ඒත් කරන්න පුළුවන්නම් මරු. තව දෙයක් තියනවා, මානව සම්පත් පර්යේෂකයන්ට අනුව වෘත්තීයක නිරතවෙන පුද්ගලයන් තුල තිබෙන මානසික පීඩනයෙන් වැඩි කොටසක් ඔවුන් විසින්ම නිර්මාණය කරගත්ත පීඩනයන්, තමන්ම හදාගන්න සිමා, තමන්ම හදාගන්න උපකල්පන, තමන්ගේම අපිළිවෙල නිසා සිදුවෙන වැඩ වැඩිකරගැනීම් කොච්චරනම් ඔබටත් ඇතිද. ටිකක් නිවිසැනසිල්ලේ හිතන්න බලන්න. ඔව්..එහෙම තියනවා..ඒ නිසා ඒවා ටික නැතිකරගන්න පුළුවන්නම් සත්තයි ඔබට ඔය රස්සාව එපා වෙන එක 50%කින් අඩුවෙනවා. [B]ඉලක්ක සහ ජයග්‍රහණය[/B] සමහර රස්සාවල ඉලක්ක තියනවා, ඒ ඉලක්ක ලඟාකරගත්තම ප්රතිලාභ හිමිවෙනවා, නැතිනම් දෝෂාරෝපන සහ දඬුවම් හිමිවෙනවා. ඇත්තටම එහෙම රස්සා ගොඩක් වටිනවා, මොකද ඉලක්කවලට බය නැති, ඒවා ලඟාකරගන්න කැමති අය ඒ වගේ රස්සාවලදි නිතරම ජයග්‍රහණය කරනවා. එහෙම ඉලක්ක වලට බය උදවිය කරන්න ඕන පස්ස ගහන එක නෙවෙයි. ඒ ඉලක්ක ලඟාකරගන්න පහසු මාර්ග හොයාගන්න එක, ඒ වගේම ඉලක්ක සාර්ථකව ජයගන්නා අය දිහා බලලා බොහෝ දේ ඉගනගන්න එක. එතකොට ඉලක්ක එක්ක තමන්ට තියන පීඩනය සහ ඒකෙන් සිද්ධවෙන රස්සාව එපාවීම නැති වෙනවා. මොකද ජයග්‍රහණ ලැබෙනවා කියන්නේ ඔබට සතුටුවෙන්න අවස්ථා ලැබෙනවා කියන එකයි. ඒ වගේම ඉලක්ක නැති රස්සා කරන අයට පුළුවන් තමන්ටම ඉලක්ක හදාගන්න. ඒ ඉලක්ක වලට යන මාර්ග තමන්ම හදාගන්න එක.ඒකත් හරි සුන්දර වැඩක්. ඒ විතරක් මදි ඉලක්ක වලට හරියට ගමන් කරනවාද කියලා තමන්ටම මැනගන්නත් වෙනවා. එහෙම ඉලක්ක ජයගත්තම තමන්ම පුංචි සැමරීමක් කරන්න. එතකොට රස්සාවේ තියන ඒකාකාරීබව වගේම එපාවීමත් අඩුවෙනවා. නැතුවම බැරි කෙනෙක් සාමාන්‍යයෙන් ඔබේ ආයතනවලත් ඇති නැතිවම බැරි කෙනෙක්, හැමදේටම ඉදිරිපත් වෙන, දක්ෂතා ගණනාවක් තියන, හැමවෙලේම සතුටින් ඉන්න සහ හැමෝම එක්ක හොඳින් ඉන්න. එහෙම කෙනෙක් ඉන්නවා නේද..ඔව් අනිවාර්යයෙන්ම ඉන්න ඕන. හැබැයි ඒ කෙනාට තමයි වැඩියෙන්ම කැපිලි ඇත්තේ, ඒ කෙනාට තමයි වැඩියෙන්ම වැඩ පවරනවා ඇත්තේ..ඒ කෙනාට තමයි නිවාඩු අඩුවෙන්ම ඇත්තේ..ඒ කෙනාටම තමයි වැඩියෙන්ම කටකතා ඇත්තේ.. හැබැයි හොඳින් බලන්න ඒ කෙනා අනිවාර්යයෙන්ම වේගයෙන් ඉදිරියට යන කෙනෙක්. ඒක සහතිකයි. ඔබත් උත්සහ කරලා බලන්න ඒ වගේ කෙනෙක් වෙන්න. නිකන් පැත්ත ගහලා, දෙන වැඩේ විතරක් කරලා ෂේප් වෙලා එනවා වෙනුවට ආයතනයට නැතිවම බැරි කෙනෙක් වෙන්න, නිවාඩුවක් දාපු දවසට මුළු ආයතනයම සොහොන් පිටියක් වගේ වෙන තරමටම ඔබේ අඩුව දැනෙන කෙනෙක් වෙන්න බලන්න. එතකොට ගෙදර ඉන්නවට වඩා රස්සාවට යන්න ආසා හිතේවි. [B]ඉගනගන්න[/B] කරන රස්සාව සම්බන්ධ හැමදේම හොඳින් අධ්‍යයනය කරන්න. තව තව සුදුසුකම් හදාගන්න. ඔබට තිබෙන්නේ සහතිකපත්‍රයක් විතරක් නම් උත්සහ කරන්න ඒක ඩිප්ලෝමාවක් කරන්න. ඒ සහතිකේ තමන්ගේ පුද්ගලික ලිපිගොනුවට දාන්න, ඒකේ කොපියක් තමන්ගේ මේසේ තමන්ට නිතර බලන්න පුළුවන් තැනකින් තියාගන්න. ඩිප්ලෝමාව කරලා නිකන් ඉන්න එපා, උත්සහ කරන්න උපාධියක් කරන්න, ඔබට පුළුවන් ඒක. එතනින් නවතින්න එපා යන්න පශ්චාත් උපාධි මට්ටමට, එක්කෝ PGD එකක්, නැත්නම් මාස්ටර් එකක්, එතනිනුත් එහාට ගිහින් PhD එකක් දක්වා යන්න. එතකොට ඔබට අභියෝග කරන්න කිසිම කෙනෙක්ට බෑ. ඔබ ලබාගන්න අධ්‍යාපනය සහ වෘත්තීය අත්දැකීම් එක්ක හැප්පෙන්න කිසිම කෙනෙක්ට බෑ. ඔබ ඔබේ රැකියාවේ හතරමායිම් විතරක් නෙවෙයි එතනින් එහාටත් දේවල් දැනගෙන ඉන්නකොට අනෙක් අයට ඔබෙන් ඉගනගන්න වෙනවා. ඒ අයට කියලා දෙන්න පුළුවන් වෙන කෙනෙක් බවට, ඔවුන්ගේ තීරණවලට ඔබේ දැනුම අවශ්‍ය කෙනෙක් බවට ඔබ පත්වුණාම අන්න ඔබට කොච්චර සතුටුවෙන්න පුළුවන්ද. සමහර විට ආයතනය දවසින් දවස උඩට යන්නේ ඔබේ දැනුම නිසානම් කවදාවත් ඔබට රස්සාව එපා වෙනවද? කවදාවත්ම නෑ. ඒ වගේම මතක් කරලා ඉංග්‍රීසි සහ පරිගණක දැනුම හොඳින් වර්ධනය කරගන්න. පුළුවන්නම් Multi media හෝ Graphics වගේ දෙයක් ඉගනගෙන තියන්න. කවදාවත් පාඩුවක් නෑ. ඒ වගේ දැනුමෙන්, අත්දැකීමෙන් සන්නද්ද වෙනකොට ආයතනයට සිද්ධවෙනවා ඔබව ආයතනය තුල තියාගන්න ලොකු සටනක් කරන්න, මොකද දවසින් දවස ඔබ දැනුමෙන්, අත්දැකීමෙන් ඉහළට යද්දි අනෙක් තරඟකාරී ආයතන,විදේශ ආයතන ඔබව ඔවුන් වෙත ආකර්ශණය කරගන්න තරඟ කරනවා (මතක් කරලා Linkedin Profile එකක් හදලා තියාගන්න) එහෙම තැනකදි ඔබේ ආයතනය ඔබ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා ඔබ ආයතනය තුල තියාගන්න. එතකොට කවදාවත් ඔබට රස්සාවනම් එපා වෙන්නේ නෑ කියලා මට සීයට ලක්ෂයක් විශ්වාසයි. බොරුනම් තවපාරක් කල්පනා කරලා බලන්න මේ කියපු ටික. උපුටා ගැනීම - [url]www.her.lk[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom