Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
JVP and Premkumar Gunarathnam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ වියවුලේ තවත් පැත්තක්

ජවිපෙ අභ්‍යන්තරයේ අද සිදුවෙමින් පවතින වියවුල පිළිබඳ එක එක උදවිය එක එක ප්‍රකාශ කරති. මා දකින අන්දමට මේ වියවුල ඇතිවීමට දේශපිලන, සංවිධාන හා සංස්කෘතික හේතු ගණනාවක් තිබේ. ඊට අමතරව ජවිපෙ නායකත්වයේ දුබලතාද මේ වියවුල මේ මට්ටමට වර්ධනය වීමට හේතු වී තිබේ. එහෙත් කිසිවෙකුත් ප්‍රකාශ නොකරන ඉතා තීරණාත්මක කරුණක්ද මේ වියවුල මෙසේ වර්ධනය වීමට හේතු වී ඇත. ඒ පිලිබඳව මා දන්නා කරුණු අණාවරණය කල යුතුද නැද්ද යන්න පිළිබඳව මා මෙතෙක් දෙගිඩියාවෙන් පසුවුනෙමි. එහෙත් දෙගිඩියාව අතහැර ඒ පිලිබඳ මා දන්නා කරුණු අණාවරණය කිරීම මගේ යුතුකමකැයි මම විශ්වාස කරමි. ජවිපෙ මාධ්‍ය ඒකකයේ මා සමඟ වැඩකල ජනක භික්ෂු අංශයේ කලවැල්ලේ චන්දාලෝක හිමි වැනි මගේ මනසේ අදත් ජීවත්වන යහපත් මිනිසුන් කෙරෙහි වන බැඳීම හේතු කොටගෙන මා දන්නා දේ නිරාවරණය කිරීම මා සතු වගකීමකැයි මම විශ්වාස කරමි. ජවිපෙන් එලියට ඇද වැටෙන්නට මාසයකට පමණ පෙර සෝමවංශ අමරසිංහ මහතාට පෞද්ගලිකව පැවසූ කරුණක් අද මගේ මතකයට නැෙඟ්. (ඒ බව ඔහුට මතකදැයි මම නොදනිමි.)

මගේ මාතෘකාව වූයේ අද ආන්දෝලනයකට ලක්ව ඇති ‘කුමාර මහත්තයා’ පිළිබඳවය.

මා සෝමවංශ මහතාට කීවේ ‘කුමාර සහෝදරයා ගැන නම් සැකයි’ කියාය. එසේ කියන්නේ ඇයි දැයි සෝමවංශ මහකා මගෙන් විමසූ විට මා ඔහුට කීවේ, ‘කුමාර සහෝදරයා හදන්නේ ජවිපෙ විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂය වගේ මූලධර්මවාදී පක්ෂයක් බවට පත් කරන්න. ජවිපෙ විනාශ කරන්න ඕනෑ නම් කරන්න ඕනෑ ඒක තමයි.’ යනුවෙනි. තව දුරටත් මා කියා සිටියේ ‘කුමාර සහෝදරයා බාහිර ඔත්තු සේවාවකින් හසුරුවන් කෙනෙක් කියලා මම සැක කරනවා’ කියාය. මගේ මේ අදහස සෝමවංශ මහතා පිළිගත්තේ නැත. මා ඒ ගැන ජවිපෙ වෙන කිසිවෙකු සමඟ කතා කිරීමටද ගියේ නැත.

මා ඇතුළු පිරිස ජවිපෙන් එළියට ඇද වැටුණු පසු මම තව දුරටත් කුමාර ගැන කල්පනා කලෙමි.

2005 ජනාධිපතිවරණයට පෙර, ජවිපෙ ගත යුතු පියවර සාකච්ඡ කිරීමේදී ජවිපෙ මධ්‍යම කාරක සභාව තුල මත තුනක් පැවතුනි. ‘ජවිපෙ මහින්ද රාජපක්ෂට උදව් නොකල යුතුය. තනිව ජනාධිපතිවරණයට තරඟ කල යුතුය.’ ඉන් එක් මතයකි. මෙම මතයේ ප්‍රධාන වශයෙන්ම සිටියේ ‘කුමාර’ය. ඒ මතය එදා ජයග්‍රහණය කලා නම් රටට සිදුවන්නේ කුමක්ද? එසේ වූයේනම් අද දෙමළ ඊළම බිහි වී අවසන්ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් ජය ලැබී නම් අධිරාජ්‍යවාදයට අවශ්‍ය පරිදි රට බෙදා වෙන්කර අවසන්ය. ‘කුමාර’ට අවශ්‍ය වූයේ, ජවිපෙ ස්වාධීන මාවතේ ගමන් කරවා, අධිරාජ්‍යවාදී උවමනාව ඉටුකර ගැනීමට ඉඩ සලසා ගැනීමට ඉඩ ලබාදීමද? එදා මගේ මනසේ හොල්මන් කලේ ඒ ප්‍රශ්ණයයි.

එකල ජවිපෙ අධ්‍යයන අංශය භාරව සිටියේ කුමාරය. ජවිපෙ ශිෂ්‍ය අංශය භාරව සිටියේත් කුමාරය. ‘සර්යා’ නැමැති සඟරාව මඟින් ජවිපෙ ජාතිකවාදී, අධිරාජ්‍ය විරෝධී භාවිතාවට මූලධර්මවාදී සහ බුද්ධිවාදී පටු පදනමක පිහිටා පහර දුන්නේද කුමාර මෙහෙයවූ අධ්‍යාපන අංශයය. මා එළියට ඇද දැමීමට පෙර, මා හට එරෙහි දුෂ්ඨ විවේචන ඇතැම් දිස්ත්‍රික්කවල පහල සාමාජිකයන් කරා රැුගෙන ගොස් තිබුණේද මොවුන්ය. කඩුව මුවහත් කොට මාගේ ගෙල සිඳීම සඳහා සෝමවංශගේ අතට කඩුව දුන්නේ මොවුන්ය. නිතරම මිනිසුන් එළවීමට කැමති සෝමවංශ කැමැත්තෙන්ම ගහලයාගේ ඇඳුම ඇඟලා ගත්තේය.

පක්ෂයෙන් එළියට ඇද වැටීමෙන් පසු මම තවුදරටත් මේ කුමාර ගැන සෙවුවෙමි. ඔහුගේ අතීත කරුණු දැනගැනීමට මා වත්මන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයෝගය ගෙන, 1989 සමයේ ජවිපෙ මර්දනය කරනු පිණිස කටයුතු කල විශ්‍රාමික හමුදා ප්‍රධානියෙකු හා 1989 සමයේදී සරත් ෆොන්සේකාගේ අණදීම යටතේ කන්තලේ පැවති යුධ හමුදා කඳවුරේ සේවය කල නිළධාරියෙකුද මුණගැසුණි. ඔවුන් මුණ ගැසීම සිදුවූයේ කමල් දේශප්‍රිය හෙවත් සෙනෙවි, නන්දන ගුණතිලක හා අචල ජාගොඩ යන අය සමඟය. මේ දෙදෙනා සමඟ දීර්ඝ වේලාවක් සාකච්චා කිරීමෙන් පසු අප හමුවේ දිග හැරණු තොරතුරු මෙසේය.

01. 1989දී කන්තලේ පිහිටි යුධ හමුදා කඳවුරට කුමාරව අත්අඩංගුවට ගැනීමට හැකිවිය. ඒ එම කඳවුරේ සිටි සෙබළෙකුගෙන් කල්තබා ගන්නා ආහාර ටින් සහ බෝම්බ ආදිය ලබාගැනීමට කුමාර පවත්වාගෙන ගිය සම්බන්ධතාවයක ප්රථිඵලයක් ලෙසය. අත්අඩංගුවට ගෙන පැය 1 1/2ක් ඇතුලත කුමාර හමුදාව ඉදිරියේ ජවිපෙ සියළු තොරතුරු අණාවරණය කිරීමට එකඟ විය. ඒ වන විටත් එම කඳවුරේ අත්අඩංගුවට පත්ව කිසිදු තොරතුරක් අණාරවණය නොකර සිටි තරුණ ස්වාමීන් වහන්සේ නමක් කුමාරගේ ‘පාවාදීමෙන්’ පසුව තමන් වහන්සේ දන්නා සියළු තොරතුරු හෙළිදරවු කිරීමට පටන් ගත්හ. හමුදා නිලධාරියා පැවසූ පරිදි ස්වාමීන් වහන්සේ තවමත් ජීවතුන් අතර වැඩ වෙසෙති.

02. කන්තලේ වැව ඉස්මත්තේ පැවති ජවිපෙ පුහුණු කඳවුර පෙන්වීමට හමුදාව රැගෙන ගියේ කුමාරය. ත්‍රි’මලය මුහුදු පත්ලේ වූ 2වැනි ලෝක යුද සමයේ මුහුදට දමන ලද වෙඩි බෙහෙත් ටැංකි තොගයද පෙන්වූයේ කුමාරය.

03. හමුදාවලට දුන් තොතුරුවල වැදගත්කම මත කුමාර විටින් විට කොළඹ පිහිටි ‘ඔප්ස්කොම්බයින්’ හමුදා මූලස්ථානයටද ගෙන යන ලදී. පසුව කෑගල්ලේ තැපැල් කන්තෝරුව අසල පිහිටි නිවසකට කුමාරව රැුගෙන ගොස් ඔහුලේ මව හමුවීමට අවස්ථාව ලබා දුනි.

04. කුමාරගේ තොරතුරු මත හා වෙනත් අයුරින් අත්අඩංගුවට ගත් ජවිපෙ සාමාජිකයන් මානසිකව වැට්ටවීමට කුමාර කටයුතු කලේය.

05. සරත් ෆොන්සේකා ඇතුළු සිංහ රෙජිමේන්තුවේ හමුදා ඛණ්ඩය කන්තලෙන් ඉවත් වන විට ජවිපෙ ත්‍රි’මලයේ පැවති බපය 95%ක ප්‍රමාණයට බිඳ වැට්ටවීමට හැකි වී තිබිණි. එම කඳවුර ඊළඟට භාරගත් හමුදා කණ්ඩයට පසුව කුමාරව භාර කෙරුණි.

06. ඉන් අනතුරුව කුමාර පළාලියේ පිහිටි විශේෂ කඳවුරකට ගෙන යන ලදී. ජවිපෙ මර්දනයට හමුදාවට සහාය වූ ජවිපෙ මැද පෙලේ නායකයන් 22ක් පසුව රජය මඟින් විදේශගත කිරීමට තීරණය කලේය. ඒ 1990දී පමණය. සියල්ලන්ම ජපානයට යැවීමට තීරණය කර තිබියදී කුමාර ලමණක් ඕස්ටේ්රලියාවට යැවූයේ ඔහුගේ ඉල්ලීම මතය. තම ඥාතීන් එහි සිටින බව පවසා ඔහු ඒ ඉල්ලීම සිදුකර තිබේ.

මේ කරුණුවලට අනුව, කුමාර නැවත ලංකාවට පැමිණ ඇත්තේ 1992 වසරේදීය. සෙනෙවි සහෝදරයා දැන සිටි තොරතුරු අනුවද කුමාර ගැන නැවත තොරතුරු වාර්තා වන්නේ 1992දීය. කුමාර 1989දී ත්‍රි’මලය දිස්ත්‍රික්කයේ සන්නද්ද අංශයේ නායකයා වූ බවද ආරක්සක ප්‍රධානීහු අප වෙත පැවසූහ. 1989දී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් කිසිදු සන්නද්ද අංශ දිස්ත්‍රික් නායකයෙකු අද ජීවතුන් අතර නැත. සිටින්නේ ‘කුමාර’ පමණි.

මා පක්ෂයෙන් එළියට වැටුණු පසු කුමාරගේ ගෝලයන් චීනය සමඟ වන ජවිපෙ සබඳතා අත්හැරීමට පක්ෂයට යෝජනා කර තිබේ. 1971 මර්දනයෙන් පසුව රෝහණ විජේවීර සහෝදරයා රචනා කල ‘අවස්ථාවාදයද නිර්ධන පංති ජාත්‍යන්තරවාදයද?’ යන කෘතිය නැවත මුද්‍රණය කිරීමටද යෝජනා කර තිබේ. එම කෘතිය මඟින් තදබල ලෙස විවේචනය කරන්නේ චීනයයි.

එක් අතකින්, ජවිපෙ අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදී භාවිතාවට එරෙහිව පන්ති සටනට පටු වූ භාවිතාවට ජවිපෙ කැඳවන ‘කුමාර’ අනෙක් අතින් චීනය විවේචනය කරන තැනකට ජවිපෙ රැගෙන යාමට වෙර දරා ඇත්තේ කුමන අරමුණකින්ද? උතුරේ අතුරුදහන් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පින්තූර ජවිපෙ නිල අනුමැතියකින් තොරව පක්ෂයේ මැයි දින පෙළපාලියේ රැගෙන යාමට ‘කුමාර’ලා කටයුතු කලේ ඇයි? රෝහණ විජේවීරයන් ජාතික ගැටළුව පිළිබඳව තහවුරු කරන ලද ස්ථාවරයෙන් වෙනස්ව දෙමළ පීඩිතයා දිනාගත හැකි නවතම ස්ථාවරයකට ජවිපෙ මාරු විය යුතු යයි මේ කුමාරලා යෝජනා කලේ කුසක් නිසාද?

මගේ තදබල විශ්වාසය වන්නේ කුමාර විදෙස් ඔත්තු සේවාවක පිල්ලියක් බවය. 1992දී ජවිපෙට ඇතුළු වූයේම එය දේශපාලන වශයෙන් වැනසීමටය. 1994දී සෙනෙවි අත වූ ශක්තිය කුමාර තමන් අතට ගත්තේ ඒ වෙනුවෙන්ය. ජවිපෙ ජාතිකවාදී අධිරාජ්‍ය විරෝධී ගමනට පහර දුන්නේද එහි පියවරක් ලෙස මා එළියට ඇද දමන ලද්දේද ටිල්වින්ලාගේ, අනුර දිසානායකගාලේ, සෝමවංශලාගේ ආශිර්වාදය මත ජවිපෙ වැනසීමේ ක්රියන්විතයේ කොටසක් ලෙසය.

මා ජවිපෙන් එළියට වැටුනේ 2008.04.08 දාය. එහෙත් 2007 නොවැම්බර් වලදී නලින් අපොන්සු නැමැති අප මිත්‍රයෙකු මා හට කීවේ එදා මට විශ්වාස කල නොහැකි වූ තොරතුරකි. කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය තුල සිදුවී ඇති කතාබහක තොරතුරු ඔහු මා සමඟ පැවසුවේය. එමඟින් කියවුනේ ලබන වසරේ (එනම් 2008දී) මැයි මාසයට පෙර ජවිපෙ දෙකඩ වනු ඇතැයිද, විමල් වීරවංශව එළියට දමනු ඇතැයිද ඉන්දියානු තානාපති කාර්යාලයේ ප්‍රධානීන් සාකච්චා වී ඇති බවය. එදා මා එය එතරම් විශ්වාස කලේ නැත. එහෙත් මා ජවිපෙන් එළියට ඇද දැමුනේ ඉන්දියානු තානාපති බළධාරීන් සඳහන් කල බව කියන කාල රාමුව තුලමය. එය එසේ වූයේ කෙසේද?

ජවිපෙ වත්මන් නායකත්වයේ දේශපාලන පෞර්ෂ දුබලතා හේතු කොටගෙන, එහි සාමාජිකයන්ට තම නායකත්වය පිළිබඳ කලකිරීමක් තිබේ. එහෙත් පක්ෂයට ඇති භක්තිය මත ඔවුහු එය අත්හැර නොයති. කුමාර කලේ ඒ කලකිරීම තුල සිටින සාමාජිකයාට, සුපිරිසිදු නිර්මල විප්ලවවාදී පක්ෂයක් ලබාදීමේ පොරොන්දුව මත එයින් ගලවාලීමය. එසේ ගැලවෙන්නේ ‘විප්ලවය’ වෙනුවෙන් හරි හෝ වැරදි ඕනෑම දෙයක් කිරීමට එකඟ පිරිසකි. කුමාර මේ පිරිසව රැුගෙන යනු ඇත්තේ කොතැනටද?

මා සිතන පරිදි, ජවිපෙ තුල සිටින එකම ඔත්තුකරුවා මේ කුමාර පමණක් නොවේ. ඔහුගේ අනුප්‍රාප්තික ඔත්තුකරුවෙකුද ඒ තුල සිටී. ඔහු අද සිටින්නේ කුමාර සිටින පැත්තේ නොවේ. සෝමවංශ සිටින පැත්තේය. ඔහුද කුමාර කෙනෙකි. ඔත්තුකරුවන් දෙදෙනා දෙපැත්තට වී, ජවිපෙ පළු දෙකට බෙදා, ඒ දෙක වෙන වෙනම බාහිර විදෙස් ඔත්තු සේවාවක න්‍යාය පත්‍රයට අනුව මෙහෙයවනු ලබයි. එක් පළුවකින් ‘බෙංගාසි කැරළිකරුවන්ගේ’ රාජකාරිය ඉටුකර ගැනීමට එකී ඔත්තු සේවාව උත්සාහ දරණු ඇත. අනෙක් පළුවෙන් එජාපය බලයට ගෙන ඒමට සහාය වීමේ දේශපාලන කොන්ත්‍රාත්තුව ඉටුකර ගැනීමට එකී විදේශ ඔත්තු සේවාව උත්සාහ දරණු ඇත. ඔත්තුකරුවෝ දෙන්නා එකිනෙකාට එරෙහිව දෙපැත්තේ ඉඳගෙන වෙන වෙනම ‘කෑලි’ දෙක හසුරුවනු ඇත. මේ දෙපැත්තේම සිටිනා අවංක සාමාජිකයන් මේ කිසිත් නොදැන එක්කෝ වෙනත් ආකාරයකට බාහිර විදෙස් ඔත්තු සේවයකට උවමනා පරිදි වැඩ කරනු ඇත.

තවත් දෙයක් අවසාන වශයෙන් සටහන් කල යුතුව ඇත. ජවිපෙට වැරදුනේ සන්ධාන නිසා නොවේ. ජවිපෙට හරිගියේ සන්ධාන නිසාය. වැරදුනේ සන්ධාන දේශපාලනය අත්හැරියේ වැරදි අවස්ථාවක වීම නිසාය. ගෙදර අය සමඟ අමනාප වී මහ රාත්‍රියේ පාරට බහින මුරණ්ඩු කොල්ලෙකුට සිදු වූ දේ ජවිපෙට සිදුවිය. මහ රාත්‍රියේ පාරට බැස්ස විට යන්න බසයක් වත් නැත. හෙට එළිවන තුරු පාරට වී සිටිය යතුය. හෙට එලිවන තුරු පාරට වී සිටීමේ ඉරණමට ඇද වැටුණු පසු එය විග්රහ කරගන්නේ, ගෙදරට වී සිටි එකම වැරැද්දක් කියාය. ‘කුමාරගේ තියරිය’ට ඉඩ ලැබෙන්නේ ඒ අයුරිනි.

- විමල් වීරවංශ

[QUOTE="badsectorguy, post: 11111335, member: 35400"] ජවිපෙ වියවුලේ තවත් පැත්තක් ජවිපෙ අභ්‍යන්තරයේ අද සිදුවෙමින් පවතින වියවුල පිළිබඳ එක එක උදවිය එක එක ප්‍රකාශ කරති. මා දකින අන්දමට මේ වියවුල ඇතිවීමට දේශපිලන, සංවිධාන හා සංස්කෘතික හේතු ගණනාවක් තිබේ. ඊට අමතරව ජවිපෙ නායකත්වයේ දුබලතාද මේ වියවුල මේ මට්ටමට වර්ධනය වීමට හේතු වී තිබේ. එහෙත් කිසිවෙකුත් ප්‍රකාශ නොකරන ඉතා තීරණාත්මක කරුණක්ද මේ වියවුල මෙසේ වර්ධනය වීමට හේතු වී ඇත. ඒ පිලිබඳව මා දන්නා කරුණු අණාවරණය කල යුතුද නැද්ද යන්න පිළිබඳව මා මෙතෙක් දෙගිඩියාවෙන් පසුවුනෙමි. එහෙත් දෙගිඩියාව අතහැර ඒ පිලිබඳ මා දන්නා කරුණු අණාවරණය කිරීම මගේ යුතුකමකැයි මම විශ්වාස කරමි. ජවිපෙ මාධ්‍ය ඒකකයේ මා සමඟ වැඩකල ජනක භික්ෂු අංශයේ කලවැල්ලේ චන්දාලෝක හිමි වැනි මගේ මනසේ අදත් ජීවත්වන යහපත් මිනිසුන් කෙරෙහි වන බැඳීම හේතු කොටගෙන මා දන්නා දේ නිරාවරණය කිරීම මා සතු වගකීමකැයි මම විශ්වාස කරමි. ජවිපෙන් එලියට ඇද වැටෙන්නට මාසයකට පමණ පෙර සෝමවංශ අමරසිංහ මහතාට පෞද්ගලිකව පැවසූ කරුණක් අද මගේ මතකයට නැෙඟ්. (ඒ බව ඔහුට මතකදැයි මම නොදනිමි.) මගේ මාතෘකාව වූයේ අද ආන්දෝලනයකට ලක්ව ඇති ‘කුමාර මහත්තයා’ පිළිබඳවය. මා සෝමවංශ මහතාට කීවේ ‘කුමාර සහෝදරයා ගැන නම් සැකයි’ කියාය. එසේ කියන්නේ ඇයි දැයි සෝමවංශ මහකා මගෙන් විමසූ විට මා ඔහුට කීවේ, ‘කුමාර සහෝදරයා හදන්නේ ජවිපෙ විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂය වගේ මූලධර්මවාදී පක්ෂයක් බවට පත් කරන්න. ජවිපෙ විනාශ කරන්න ඕනෑ නම් කරන්න ඕනෑ ඒක තමයි.’ යනුවෙනි. තව දුරටත් මා කියා සිටියේ ‘කුමාර සහෝදරයා බාහිර ඔත්තු සේවාවකින් හසුරුවන් කෙනෙක් කියලා මම සැක කරනවා’ කියාය. මගේ මේ අදහස සෝමවංශ මහතා පිළිගත්තේ නැත. මා ඒ ගැන ජවිපෙ වෙන කිසිවෙකු සමඟ කතා කිරීමටද ගියේ නැත. මා ඇතුළු පිරිස ජවිපෙන් එළියට ඇද වැටුණු පසු මම තව දුරටත් කුමාර ගැන කල්පනා කලෙමි. 2005 ජනාධිපතිවරණයට පෙර, ජවිපෙ ගත යුතු පියවර සාකච්ඡ කිරීමේදී ජවිපෙ මධ්‍යම කාරක සභාව තුල මත තුනක් පැවතුනි. ‘ජවිපෙ මහින්ද රාජපක්ෂට උදව් නොකල යුතුය. තනිව ජනාධිපතිවරණයට තරඟ කල යුතුය.’ ඉන් එක් මතයකි. මෙම මතයේ ප්‍රධාන වශයෙන්ම සිටියේ ‘කුමාර’ය. ඒ මතය එදා ජයග්‍රහණය කලා නම් රටට සිදුවන්නේ කුමක්ද? එසේ වූයේනම් අද දෙමළ ඊළම බිහි වී අවසන්ය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් ජය ලැබී නම් අධිරාජ්‍යවාදයට අවශ්‍ය පරිදි රට බෙදා වෙන්කර අවසන්ය. ‘කුමාර’ට අවශ්‍ය වූයේ, ජවිපෙ ස්වාධීන මාවතේ ගමන් කරවා, අධිරාජ්‍යවාදී උවමනාව ඉටුකර ගැනීමට ඉඩ සලසා ගැනීමට ඉඩ ලබාදීමද? එදා මගේ මනසේ හොල්මන් කලේ ඒ ප්‍රශ්ණයයි. එකල ජවිපෙ අධ්‍යයන අංශය භාරව සිටියේ කුමාරය. ජවිපෙ ශිෂ්‍ය අංශය භාරව සිටියේත් කුමාරය. ‘සර්යා’ නැමැති සඟරාව මඟින් ජවිපෙ ජාතිකවාදී, අධිරාජ්‍ය විරෝධී භාවිතාවට මූලධර්මවාදී සහ බුද්ධිවාදී පටු පදනමක පිහිටා පහර දුන්නේද කුමාර මෙහෙයවූ අධ්‍යාපන අංශයය. මා එළියට ඇද දැමීමට පෙර, මා හට එරෙහි දුෂ්ඨ විවේචන ඇතැම් දිස්ත්‍රික්කවල පහල සාමාජිකයන් කරා රැුගෙන ගොස් තිබුණේද මොවුන්ය. කඩුව මුවහත් කොට මාගේ ගෙල සිඳීම සඳහා සෝමවංශගේ අතට කඩුව දුන්නේ මොවුන්ය. නිතරම මිනිසුන් එළවීමට කැමති සෝමවංශ කැමැත්තෙන්ම ගහලයාගේ ඇඳුම ඇඟලා ගත්තේය. පක්ෂයෙන් එළියට ඇද වැටීමෙන් පසු මම තවුදරටත් මේ කුමාර ගැන සෙවුවෙමි. ඔහුගේ අතීත කරුණු දැනගැනීමට මා වත්මන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයෝගය ගෙන, 1989 සමයේ ජවිපෙ මර්දනය කරනු පිණිස කටයුතු කල විශ්‍රාමික හමුදා ප්‍රධානියෙකු හා 1989 සමයේදී සරත් ෆොන්සේකාගේ අණදීම යටතේ කන්තලේ පැවති යුධ හමුදා කඳවුරේ සේවය කල නිළධාරියෙකුද මුණගැසුණි. ඔවුන් මුණ ගැසීම සිදුවූයේ කමල් දේශප්‍රිය හෙවත් සෙනෙවි, නන්දන ගුණතිලක හා අචල ජාගොඩ යන අය සමඟය. මේ දෙදෙනා සමඟ දීර්ඝ වේලාවක් සාකච්චා කිරීමෙන් පසු අප හමුවේ දිග හැරණු තොරතුරු මෙසේය. 01. 1989දී කන්තලේ පිහිටි යුධ හමුදා කඳවුරට කුමාරව අත්අඩංගුවට ගැනීමට හැකිවිය. ඒ එම කඳවුරේ සිටි සෙබළෙකුගෙන් කල්තබා ගන්නා ආහාර ටින් සහ බෝම්බ ආදිය ලබාගැනීමට කුමාර පවත්වාගෙන ගිය සම්බන්ධතාවයක ප්රථිඵලයක් ලෙසය. අත්අඩංගුවට ගෙන පැය 1 1/2ක් ඇතුලත කුමාර හමුදාව ඉදිරියේ ජවිපෙ සියළු තොරතුරු අණාවරණය කිරීමට එකඟ විය. ඒ වන විටත් එම කඳවුරේ අත්අඩංගුවට පත්ව කිසිදු තොරතුරක් අණාරවණය නොකර සිටි තරුණ ස්වාමීන් වහන්සේ නමක් කුමාරගේ ‘පාවාදීමෙන්’ පසුව තමන් වහන්සේ දන්නා සියළු තොරතුරු හෙළිදරවු කිරීමට පටන් ගත්හ. හමුදා නිලධාරියා පැවසූ පරිදි ස්වාමීන් වහන්සේ තවමත් ජීවතුන් අතර වැඩ වෙසෙති. 02. කන්තලේ වැව ඉස්මත්තේ පැවති ජවිපෙ පුහුණු කඳවුර පෙන්වීමට හමුදාව රැගෙන ගියේ කුමාරය. ත්‍රි’මලය මුහුදු පත්ලේ වූ 2වැනි ලෝක යුද සමයේ මුහුදට දමන ලද වෙඩි බෙහෙත් ටැංකි තොගයද පෙන්වූයේ කුමාරය. 03. හමුදාවලට දුන් තොතුරුවල වැදගත්කම මත කුමාර විටින් විට කොළඹ පිහිටි ‘ඔප්ස්කොම්බයින්’ හමුදා මූලස්ථානයටද ගෙන යන ලදී. පසුව කෑගල්ලේ තැපැල් කන්තෝරුව අසල පිහිටි නිවසකට කුමාරව රැුගෙන ගොස් ඔහුලේ මව හමුවීමට අවස්ථාව ලබා දුනි. 04. කුමාරගේ තොරතුරු මත හා වෙනත් අයුරින් අත්අඩංගුවට ගත් ජවිපෙ සාමාජිකයන් මානසිකව වැට්ටවීමට කුමාර කටයුතු කලේය. 05. සරත් ෆොන්සේකා ඇතුළු සිංහ රෙජිමේන්තුවේ හමුදා ඛණ්ඩය කන්තලෙන් ඉවත් වන විට ජවිපෙ ත්‍රි’මලයේ පැවති බපය 95%ක ප්‍රමාණයට බිඳ වැට්ටවීමට හැකි වී තිබිණි. එම කඳවුර ඊළඟට භාරගත් හමුදා කණ්ඩයට පසුව කුමාරව භාර කෙරුණි. 06. ඉන් අනතුරුව කුමාර පළාලියේ පිහිටි විශේෂ කඳවුරකට ගෙන යන ලදී. ජවිපෙ මර්දනයට හමුදාවට සහාය වූ ජවිපෙ මැද පෙලේ නායකයන් 22ක් පසුව රජය මඟින් විදේශගත කිරීමට තීරණය කලේය. ඒ 1990දී පමණය. සියල්ලන්ම ජපානයට යැවීමට තීරණය කර තිබියදී කුමාර ලමණක් ඕස්ටේ්රලියාවට යැවූයේ ඔහුගේ ඉල්ලීම මතය. තම ඥාතීන් එහි සිටින බව පවසා ඔහු ඒ ඉල්ලීම සිදුකර තිබේ. මේ කරුණුවලට අනුව, කුමාර නැවත ලංකාවට පැමිණ ඇත්තේ 1992 වසරේදීය. සෙනෙවි සහෝදරයා දැන සිටි තොරතුරු අනුවද කුමාර ගැන නැවත තොරතුරු වාර්තා වන්නේ 1992දීය. කුමාර 1989දී ත්‍රි’මලය දිස්ත්‍රික්කයේ සන්නද්ද අංශයේ නායකයා වූ බවද ආරක්සක ප්‍රධානීහු අප වෙත පැවසූහ. 1989දී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් කිසිදු සන්නද්ද අංශ දිස්ත්‍රික් නායකයෙකු අද ජීවතුන් අතර නැත. සිටින්නේ ‘කුමාර’ පමණි. මා පක්ෂයෙන් එළියට වැටුණු පසු කුමාරගේ ගෝලයන් චීනය සමඟ වන ජවිපෙ සබඳතා අත්හැරීමට පක්ෂයට යෝජනා කර තිබේ. 1971 මර්දනයෙන් පසුව රෝහණ විජේවීර සහෝදරයා රචනා කල ‘අවස්ථාවාදයද නිර්ධන පංති ජාත්‍යන්තරවාදයද?’ යන කෘතිය නැවත මුද්‍රණය කිරීමටද යෝජනා කර තිබේ. එම කෘතිය මඟින් තදබල ලෙස විවේචනය කරන්නේ චීනයයි. එක් අතකින්, ජවිපෙ අධිරාජ්‍ය විරෝධී ජාතිකවාදී භාවිතාවට එරෙහිව පන්ති සටනට පටු වූ භාවිතාවට ජවිපෙ කැඳවන ‘කුමාර’ අනෙක් අතින් චීනය විවේචනය කරන තැනකට ජවිපෙ රැගෙන යාමට වෙර දරා ඇත්තේ කුමන අරමුණකින්ද? උතුරේ අතුරුදහන් වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ පින්තූර ජවිපෙ නිල අනුමැතියකින් තොරව පක්ෂයේ මැයි දින පෙළපාලියේ රැගෙන යාමට ‘කුමාර’ලා කටයුතු කලේ ඇයි? රෝහණ විජේවීරයන් ජාතික ගැටළුව පිළිබඳව තහවුරු කරන ලද ස්ථාවරයෙන් වෙනස්ව දෙමළ පීඩිතයා දිනාගත හැකි නවතම ස්ථාවරයකට ජවිපෙ මාරු විය යුතු යයි මේ කුමාරලා යෝජනා කලේ කුසක් නිසාද? මගේ තදබල විශ්වාසය වන්නේ කුමාර විදෙස් ඔත්තු සේවාවක පිල්ලියක් බවය. 1992දී ජවිපෙට ඇතුළු වූයේම එය දේශපාලන වශයෙන් වැනසීමටය. 1994දී සෙනෙවි අත වූ ශක්තිය කුමාර තමන් අතට ගත්තේ ඒ වෙනුවෙන්ය. ජවිපෙ ජාතිකවාදී අධිරාජ්‍ය විරෝධී ගමනට පහර දුන්නේද එහි පියවරක් ලෙස මා එළියට ඇද දමන ලද්දේද ටිල්වින්ලාගේ, අනුර දිසානායකගාලේ, සෝමවංශලාගේ ආශිර්වාදය මත ජවිපෙ වැනසීමේ ක්රියන්විතයේ කොටසක් ලෙසය. මා ජවිපෙන් එළියට වැටුනේ 2008.04.08 දාය. එහෙත් 2007 නොවැම්බර් වලදී නලින් අපොන්සු නැමැති අප මිත්‍රයෙකු මා හට කීවේ එදා මට විශ්වාස කල නොහැකි වූ තොරතුරකි. කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය තුල සිදුවී ඇති කතාබහක තොරතුරු ඔහු මා සමඟ පැවසුවේය. එමඟින් කියවුනේ ලබන වසරේ (එනම් 2008දී) මැයි මාසයට පෙර ජවිපෙ දෙකඩ වනු ඇතැයිද, විමල් වීරවංශව එළියට දමනු ඇතැයිද ඉන්දියානු තානාපති කාර්යාලයේ ප්‍රධානීන් සාකච්චා වී ඇති බවය. එදා මා එය එතරම් විශ්වාස කලේ නැත. එහෙත් මා ජවිපෙන් එළියට ඇද දැමුනේ ඉන්දියානු තානාපති බළධාරීන් සඳහන් කල බව කියන කාල රාමුව තුලමය. එය එසේ වූයේ කෙසේද? ජවිපෙ වත්මන් නායකත්වයේ දේශපාලන පෞර්ෂ දුබලතා හේතු කොටගෙන, එහි සාමාජිකයන්ට තම නායකත්වය පිළිබඳ කලකිරීමක් තිබේ. එහෙත් පක්ෂයට ඇති භක්තිය මත ඔවුහු එය අත්හැර නොයති. කුමාර කලේ ඒ කලකිරීම තුල සිටින සාමාජිකයාට, සුපිරිසිදු නිර්මල විප්ලවවාදී පක්ෂයක් ලබාදීමේ පොරොන්දුව මත එයින් ගලවාලීමය. එසේ ගැලවෙන්නේ ‘විප්ලවය’ වෙනුවෙන් හරි හෝ වැරදි ඕනෑම දෙයක් කිරීමට එකඟ පිරිසකි. කුමාර මේ පිරිසව රැුගෙන යනු ඇත්තේ කොතැනටද? මා සිතන පරිදි, ජවිපෙ තුල සිටින එකම ඔත්තුකරුවා මේ කුමාර පමණක් නොවේ. ඔහුගේ අනුප්‍රාප්තික ඔත්තුකරුවෙකුද ඒ තුල සිටී. ඔහු අද සිටින්නේ කුමාර සිටින පැත්තේ නොවේ. සෝමවංශ සිටින පැත්තේය. ඔහුද කුමාර කෙනෙකි. ඔත්තුකරුවන් දෙදෙනා දෙපැත්තට වී, ජවිපෙ පළු දෙකට බෙදා, ඒ දෙක වෙන වෙනම බාහිර විදෙස් ඔත්තු සේවාවක න්‍යාය පත්‍රයට අනුව මෙහෙයවනු ලබයි. එක් පළුවකින් ‘බෙංගාසි කැරළිකරුවන්ගේ’ රාජකාරිය ඉටුකර ගැනීමට එකී ඔත්තු සේවාව උත්සාහ දරණු ඇත. අනෙක් පළුවෙන් එජාපය බලයට ගෙන ඒමට සහාය වීමේ දේශපාලන කොන්ත්‍රාත්තුව ඉටුකර ගැනීමට එකී විදේශ ඔත්තු සේවාව උත්සාහ දරණු ඇත. ඔත්තුකරුවෝ දෙන්නා එකිනෙකාට එරෙහිව දෙපැත්තේ ඉඳගෙන වෙන වෙනම ‘කෑලි’ දෙක හසුරුවනු ඇත. මේ දෙපැත්තේම සිටිනා අවංක සාමාජිකයන් මේ කිසිත් නොදැන එක්කෝ වෙනත් ආකාරයකට බාහිර විදෙස් ඔත්තු සේවයකට උවමනා පරිදි වැඩ කරනු ඇත. තවත් දෙයක් අවසාන වශයෙන් සටහන් කල යුතුව ඇත. ජවිපෙට වැරදුනේ සන්ධාන නිසා නොවේ. ජවිපෙට හරිගියේ සන්ධාන නිසාය. වැරදුනේ සන්ධාන දේශපාලනය අත්හැරියේ වැරදි අවස්ථාවක වීම නිසාය. ගෙදර අය සමඟ අමනාප වී මහ රාත්‍රියේ පාරට බහින මුරණ්ඩු කොල්ලෙකුට සිදු වූ දේ ජවිපෙට සිදුවිය. මහ රාත්‍රියේ පාරට බැස්ස විට යන්න බසයක් වත් නැත. හෙට එළිවන තුරු පාරට වී සිටිය යතුය. හෙට එලිවන තුරු පාරට වී සිටීමේ ඉරණමට ඇද වැටුණු පසු එය විග්රහ කරගන්නේ, ගෙදරට වී සිටි එකම වැරැද්දක් කියාය. ‘කුමාරගේ තියරිය’ට ඉඩ ලැබෙන්නේ ඒ අයුරිනි. - විමල් වීරවංශ [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom