- කේ.පී.ට සමාව දුන්නොත් තමා පුදුම නොවන බව ඇමති කෙහෙලිය පවසයි
කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී.ට සමාව ලබාදීමට ආණ්ඩුව තීරණය කළහොත් තමා ඒ පිළිබදව පුදුම නොවන බව මාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ දෙරණ රූපවාහිනියේ අංශක 360 වැඩසටහනට සහභාගී වෙමින් පැවසීය.

වැඩ සටහනේදී නැගුණු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ කේ.පී. ලබාදුන් තොරතුරු මත කොටි සංවිධානයේ විදේශ දේපළ ගණනාවක් හදුනාගැනීමට හැකියාව ලැබුණු බවයි. එම දේපළවල වටිනාකම සහ ඒවා ලංකාවට ගෙනවිත් තිබේදැයි විමසූ විට ඇමතිවරයා පැවසුවේ තමන්ට මේ අවස්ථාවේදී ඊට පිළිතුරු ලබා දිය නොහැකි බවයි.
කෙසේ වෙතත්, සුදුසු අවස්ථාවකදී මේ පිළිබද සම්පූර්ණ වාර්තාවක් මහජනතාවට ඉදිරිපත් කරන බව ඔහු පැවසීය.කුමාරන් පද්මනාදන්ට විශේෂ තනතුරක් ලබාදීමේ සූදානමක් ඇත්දැයි විමසූ විට මාධ්‍ය ඇමතිවරයා පැවසුවේ ඒ තීරණය ගැනීමේ හැකියාව ඇත්තේ ඉහළ බලධාරීන්ට බවයි.
රටට එරෙහිව කළ අපරාධ වෙනුවෙන් කේ.පී.ට දඩුවම් දියයුතු නොවේ දැයි නිවේදිකාව ප්‍රශ්ණ කළ විට රඹූක්වැල්ල මහතා පැවසුවේ ඔහුට තමන් තුළම ඇතිවන පශ්චාත්තාපයෙන් මේවන විටත් දඩුවම් ලැබෙමින් පවතින බවයි.
"කේ.පී. ජීවත්වුණේ රජෙක් වගේ දැන් ඔහුට ඒ සියලු වරප්‍රසාද අහිමිවෙලා. ඔහු ඔහුගේ සගයන් පාවා දෙනවා යැයි ඇතැම් අය කියන්න පුළුවන්. නමුත් අඩුම ගානේ ඔහු අප සමග සහයෝගයෙන් කටයුතු කිරීම රට වෙනුවෙන් බොහෝ දේ හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් අප සෑහීමකට පත්විය යුතුයි."
කෙහෙළිය රඹූක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.මේ ඔබේ අවධානය පිණිසයි..Comments දැමීමට සහ -Rep දීමට අවසර ඇත
But, General ta..........?? 
