Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lankawata ahimi una sanvardane: with Dubai comparrison
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූල්‍ය අර්බූදය ඇති කලේ රාජපක්ෂ පාලනය ද ?

මාර්තු 08 දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිතුමා පැවසුවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් සැඟ වූ ණය ප්‍රමාණයක් සොයා ගත් බවත් එම ණය ගෙවීම සඳහා බදු වැඩි කිරීමට සිදු වී ඇති බවයි. ආණ්ඩුවේ ඇමතිවරු එම බදු රාජපක්ෂ බදු ලෙස නම් කළා. ඒ වගේම ලංකාව දැවැන්ත ණය අර්බූදයක මෙන්ම විදේශ ණය ආපසු ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති බැවින් විදේශ මූල්‍ය අර්බූදයක ද සිර වී සිටින බව අගමැතිතුමා එදා පිලි ගත්තා.

පසුගිය වසර පහ තුල දී ග්‍රීසිය, අයිස්ලන්තය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වගේ ලංකාවත් දැවැන්ත ණය අර්බූදයක සහ විදේශ විනිමය අර්බූදයක සිර වී ඇති බව සත්‍යයක්. නමුත් එහි වගකීම රාජපක්ෂ ආණ්ඩුව මත පැටවීම සාධාරණ ද? ඒ ගැන නිගමනයකට එළැඹෙන්න ප්‍රථම ඇත්තටම සිදු වුණේ කුමක්දැයි අපි දැන් විමසා බලමු.

ලෝකය පිළිගත් මිනුම් දඬු අනුව රටක ණය බර මනින්නේ සමස්ත ණය ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස කොපමණ ද යන්න ගණනය කිරීමෙන්. ණය ලබා ගැනීම නොවේ ප්රශ්නය. ණය බරක් වීමයි ප්රශ්නය. ණයක් බරක් වන්නේ තමන්ගේ ආදායමට සරිලන ආකාරයෙන් ණය ලබා නොගත්තොත්. මගේ වාර්ෂික ආදායම ලක්ෂ 12යි. මම ලක්ෂ 12ක ණය මුදලක් ගත්තොත් මගේ ණය බර 100%යි. මිය ගිය නිසා අපි නවලෝක මුදලාලි ගමු. නවලෝක මුදලාලි ගන්නේ ලක්ෂ 12ක් නොවේ. ලක්ෂ සීයක්. දැන් මගේ ණය වගේ අටගුණයක් වැඩියි. හැබැයි එතුමාගේ වාර්ෂික ආදායම ලක්ෂ දාහක් නම් ණය බර වන්නේ 10%යි. මගේ ණය බරට වඩා එතුමා ණය බර අඩුයි මොකද ණය ආපසු ගෙවීම සඳහා එතුමාට ඉහළ ආදායමක් තිබෙන නිසා.

ඒ අනුව ණය බර 105%ක් වුණු 2003 වසර ලංකාවේ ණය බර වැඩියෙන්ම වාර්තා වුණු වසරයි. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පසුගිය ආණ්ඩු සමයයි. 2004 දී ණය බර 103%ක්. නමුත් ජනපති රාජපක්ෂ ධූරයෙන් සමු ගන්නා විට එය 76% දක්වා පහත වැටී තිබුණා. මතක තියා ගන්න ලෝකයේ ආර්ථික දැවැන්තයන් වන ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ණය බර සීඝ්රයෙන් ඉහළ ගිය සමයකයි ලංකාව සිය ණය බර සීඝ්රයෙන් පහත දමා ගැනීමට සමත් වන්නේ. එහි අරුත වන්නේ ජනපති රාජපක්ෂ ණය ගත් නමුත් එය එලදායක ලෙස යෙදූ බැවින් ණය වැඩි වීමේ වේගයට වඩා ආර්ථිකය වර්ධනය වුණු බවයි.

2009 දී කොටි ත්‍රස්තවාදය පරාජය කර ආපසු හැරී බලන විට අපට තිබුණේ වසර තිහක් එක තැන පල් වුණු රටක්. ණය බරින් මිරිකී තිබුණු ලංකාවක්. මතකනෙ තමුන්නාන්සේලා ආණ්ඩුවට සමු දුන්නේ 103%ක ණය බරක් අපට ඉතිරි කරලා. නමුත් රටේ ආදායම ඉහළ නංවන්නේ නැතුව ණය බරින් මිදීමට බෑ. රට සංවර්ධනය නොකර ආදායම ඉහළ නංවන්න බෑ. රටේ යටිතල පහසුකම් දියුණු නොකර රට සංවර්ධනය කරන්න බෑ. එබැවින් රාජපක්ෂ ආණ්ඩුව ණය ලබා ගනිමින් ඒවා මාර්ග පද්ධතිය, වාරිමාර්ග පද්ධතිය දියුණු කිරීමට යොදා ගත්තා. ඊට අමතරව කෙරවලපිටිය, නොරොච්චොලේ සහ ඉහළ කොත්මලේ වැනි විදුලි බලාගාර ඉදි කිරීමට යොදා ගත්තා. එහි ප්‍රතිඵලය වුණේ කෘෂිකර්මය, කර්මාන්ත සහ ප්‍රවාහනය දියුණු වී ආර්ථිකය පිම්මේ වර්ධනය වීමයි.

රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන වසර වන 2014 දී පවා රටේ ණය අර්බූදයක් තිබුණේ නෑ. එම වසරේ දී ණය සේවා ගෙවීම් ඒ කියන්නේ ණය වාරික සහ පොලී ගෙවීම් 2013 වසරට සාපේක්ෂව පහත වැටුණා. එම වසර තුල ඩොලරයට විනිමය අනුපාතය රුපියල් 1.45කින් ඉහළ ගිහින් තිබිය දීත් ණය සේවා ගෙවීම් රුපියල් බිලියන 1,162.9 සිට 1,076.3 දක්වා පහත වැටුණා. ඒ අනුව, 2014 දී ණය සේවා ගෙවීම් 2013ට සාපේක්ෂව රුපියල් බිලියන 87ක් අඩුයි. මම නොවේ මෙහෙම කියන්නේ. තමුන්නාන්සේලා මැණිකක් වගේ රකින අර්ජුන් මහේන්ද්‍රන් නායකත්වය දෙන ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති Public Debt Management in Sri Lanka 2014 නමැති වාර්තාවයි එහෙම කියන්නේ.

2014 දී පහත වැටුණු ණය සේවා ගෙවීම් 2016 දී බි 1,200 ඉක්වා යෑමට නියමිතයි. ඊට හේතු වූයේ වත්මන් ආණ්ඩුව අධික ලෙස ණය ගැනීමයි. 2014 අවසානයේ දී රුපියල් බිලියන 7,391ක් වූ ආණ්ඩුවේ ණය 2015 අග දී රුපියල් බිලියන 8,475ක් දක්වා ඉහළ ගියා. ආණ්ඩුවේ ණය රු බි 1,084කින් එනම් ට්රිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිහින් තිබෙනවා. ට්‍රිලියනයක් කියන්නේ සෙල්ලම් ගණනක් නොවේ. බිලියන දහසක්.

ආණ්ඩුව මෙහෙම ණය ලබා ගත් නමුත් කරපු සංවර්ධනයක් දැකීමට නෑ. අද උදේ මම මුදල් ඇමතිතුමාගෙන් ඇහුව්වා ලංකා ඉතිහාසයේ වැඩිම ණය මුදල ලබා ගත් 2015 වසරේ ආරම්භ කළ එක ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් නම් කරන්න කියලා. එතුමා එතකොට කොහෙද යන්නේ – මල්ලේ පොල් වර්ගයේ උත්තරයක් දීලා ඇඟ බේරා ගත්තා. තිත්ත ඇත්ත නම් මේ ණය කන්දරාවෙන් ආරම්භ කළ එකම සංවර්ධන ව්‍යාපෘතියක් වත් නැති බවයි. එසේ නම් මෙම දැවැන්ත ණය කන්දරාවෙන් ආණ්ඩුව කලේ කුමක්ද? ආණ්ඩුවට නඩත්තු කළ නොහැකි සහන කන්දක් ක්‍රියාත්මක කිරීමට ගොස් දැවැන්ත ලෙස ණය වූවා පමණක් නොවේ, ආර්ථිකය බිඳ දමා තිබුණු සහන ත් අද අහිමි කර තිබෙනවා.

රාජපක්ෂ ආණ්ඩුව රු 3,500ක වැටුප් වැඩි වීමක් ආණ්ඩුවේ සේවකයින්ට යෝජනා කළ විට එජාපය නිකන් හිටියේ නෑ. කෙලින්ම පොරොන්දු වුණා රු දස දහසක් වැටුප් වර්ධනයක්. අන්තිමට ඔවුන්ට කිසිම වැටුප් වැඩිවීමක් ලැබුණේ නෑ. ලැබුණේ හුදු දීමනාවක් විතරයි. රොකට් වේගයෙන් ජීවන වියදම ඉහළ ගොස් තිබෙන නිසා ඒකත් දැන් පුස්සක් වෙලා. ගොවීන් රු 35ට වී කිලෝවක් විකුණන විට එජාපය රු 50ක සහතික මිළක් පොරොන්දු වුණා. දැන් පොරොන්දු වුණු රු 50 පමණක් නොව එතෙක් ලැබුණු රු 35 ද අහිමි වී රු20ට ද වී විකිණිය නොහැකි තත්වයක් ඇති වෙලා තිබෙනවා.

ඒ වගේම මෙම ආණ්ඩුව බලයට එන විට තේ කිලෝවක් රු 70/-ටත් රබර් කිලෝවක් 280/- ටත් විකිණෙමින් තිබුණා. සංධානයට ආකර්ෂණය වී සිටින ජනතාවට තමන්ට ඇද ගන්න තේ කිලෝවට රු 90/-ක් පොරොන්දු වුණා. රබර් කිලෝවක් සඳහා රු 350/- මිළක් එජාපය පොරොන්දු වුණා. දැන් සිදු වී ඇත්තේ කුමක්ද? අද තේ සඳහා රු50ක් ලබා ගන්න බෑ. රබර් සඳහා රු 180/- ලබා ගන්න බෑ. විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහනාධාර, වැඩිහිටි සහනාධාර සහ මහපොල ශිෂ්යත්වාධාර ඉහළ නැංවීම පිළිබඳ දුන්නු පොරොන්දු වලටත් අත් වූයේ මෙවැනිම ඉරණමක්.

මෙම තත්වය යටතේ හෙලි වන තිත්ත ඇත්ත කුමක්ද? පැවැති වාතාවරණය තුල ජනතාවට ලබා දිය හැකි ඉහළම ප්රතිලාභ සෑම අංශයක දී ම ලබා දීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර ඇති බවයි. එයින් සෑහීමකට පත් නොවුණු ජනතාව වැඩි ප්රතිලාභ අපේක්ෂාවෙන් එජාපය බලයට ගෙන ඒමෙන් සිදු වුණේ “තණ්හාය ජායති සොකො“ යන බුදු වදන සිහිපත් වීමයි. බුදුන් වහන්සේ කේන්ති ගන්නේ නැති නිසා තණ්හාස ජායති සොකො කියලා දේශනා කරලා නිහඬව සිටියා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව වැඩි තණ්හාව නිසා අමාරුවේ වැටෙන්න යන බව අපි කිව්වා. අපි කෙතරම් කිව්වත් ජනතාව ඇහුව්වේ නෑ. බැරිම තැන අපි “තණ්හාය ජායති සොකො යකො“ කියලා කිව්වා. තණ්හාවෙන් කන් බිහිරි වී සිටි ජනතාවට ඒත් ඇහුනේ නෑ. ඇත්තෙන්ම ජනතාවට අත් වුණේ දිනපතා රන් බිජුව බැගින් ලබා දුන් රන් තාරාවගේ රන් බිජු සියල්ල එක විට ලබා ගැනීමට සිරුර පලා බැලූ මෝඩ මිනිසාට අත් වුණු ඉරණමයි.

ආණ්ඩුව මෙම අර්බූදයට හේතුව ලෙස චීන ආර්ථිකයේ බිඳ වැටීමක් මෙන්ම ලෝක ආර්ථික අර්බූදය හුවා දක්වන බව පේනවා. ඒක හරියට නටන්න බැරි මිනිසා පොලව ඇදයි කියනවා වගේ වැඩක්. ඇත්තෙන්ම චීනයේ දැවැන්ත ආර්ථික කඩා වැටීමක් නෑ. අධික වේගයෙන් වර්ධනය වුණු චීන ආර්ථිකය දැන් පරිනත වෙමින් වර්ධන වේගය මන්දගාමී වෙලා තිබෙනවා. ඒ අනුව 2014 දී 7.3%කින් වර්ධනය වුණු චීන ආර්ථිකය 2015 දී වර්ධනය වූයේ 6.9%කින්. ආර්ථික වර්ධන වේගය 0.4%කින් පහත වැටීම ආර්ථිකයේ කඩා වැටීමක් ලෙස කිසිසේත්ම හඳුන්වන්න බෑ.

ලෝක ආර්ථික අර්බූදයට සැබැවින්ම මුහුණ දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවයි. 2008 දී ලෝක ආර්ථික අර්බූදය ඇති වී 2009 දී උච්චස්ථානයට පැමිණියා. ඒ වන විට ලංකාව ලොව බිහිසුණුම මෙන්ම ධනවත්ම ත්‍රස්තවාදි සංවිධානය සමග යුද්ධයක සිර වී තිබුණා. එක පැත්තකින් යුද්ධය තීරණාත්මක අඩියක. අනිත් පැත්තෙන් ලෝක ආර්ථික අර්බූදය. හරියට දෙකොන දැල්වුණු විලක්කුවක් වගේ. ඒත් යුද්ධයත් ජයග්‍රාහීව අවසන් කළා. දේශීය ආර්ථිකයත් බිඳ වැටීමකට තුඩු නොදෙන අයුරින් කළමනාකරණය කර ගැනීමට රාජපක්ෂ ආණ්ඩුව සමත් වුණා. එජාපය සිය ආදර්ශය ලෙස සළකන සිංගප්පූරුව පවා 2009 දී සෘණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළා. ලංකාවේ ප්‍රධාන ගැනුම්කරුවන් වන එක්සත් ජනපදය සහ යුරෝපය සෘණ ආර්ථික වර්ධන වේගයන් වාර්තා කර තිබිය දී ලංකාව 3.5%ක වර්ධනයක් වාර්තා කළා. 2009 දී ලොව 29 වන තැනට වාර්තා වුණු ඉහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කලේ ලංකාවයි. වැඩ හැකි අයට ඇද පොලවේ ද නටන්න පුළුවන් බව ජනපති රාජපක්ෂ 2009 දී පෙන්වා දීලා තිබෙනවා.

ආර්ථිකයට දරා ගත නොහැකි සහනාධාර කන්දක් පැටවීමට අමතරව මෙම ආර්ථික බිඳ වැටීමට තවත් හේතු දෙකක් බල පා තිබෙනවා. ආණ්ඩුවට ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම දෙවන හේතුවයි. මේ ආණ්ඩුව ආයෝජකයින් ගැන පුරසාරම් දොඩපු විධිය අපට මතකයි. රාජපක්ෂලා කොමිස් ඉල්ලපු නිසා ආයෝජකයෝ එන්නේ නෑ. බටහිර ආයෝජකයෝ මුදල් කුට්ටි අතේ තියාගෙන බලා ගෙන ඉන්නවා එජාප ආණ්ඩුවක් එනතුරු ලංකාවේ ආයෝජනය කරන්න. එහෙමයි කිව්වේ. කතාව දෝලාවෙන් ගමන පයින් කියලා තේරුණේ බලයට ආවාට පස්සේ. 2015 වසර තුල විදේශීය ආයෝජකයින් මෙරට ආයෝජනය කරනවා වෙනුවට කොටස් වෙළඳපොලේ ආයෝජනය කර තිබූ රුපියල් බිලියන 4.4ක් මෙරටින් අරන් ගියා. 2015 දී කොටස් වෙළඳපොලේ විදේශ ගැනුම් සහ විකුණුම් අතර වෙනස රුපියල් බිලියන 4.4ක්.

ඇමෙරිකාව සහ යුරෝපය ද ණය ලබා ගන්නා ලොව අංක එකේ ණයහිමියා වන චීනය අමනාප කර ගැනීම තෙවන හේතුවයි. ලංකාව මුහුණ දී ඇති අර්බූදයෙන් මිදීමට අවශ්‍ය කරන ඩොලර් බිලියන කිහිපයක ණයක් ලබා දීමේ හැකියාව ඇත්තේ චීනයට විතරයි. එජාපය විපක්ෂයේ ඉන්න කාලයේ දී චීනයට හැකි උපරිමයෙන් අපහාස කළා. ලංකාව චීන කොලනියක් කරනවා කිව්වා. පගාව ගන්න ලෙහෙසි නිසා චීනයෙන් ණය ලබා ගන්නවා කිව්වා. චීන ජනපති මුල්ගල තැබූ වරාය නගර ව්‍යාපෘතිය පූර්ව දැනුම් දීමකින් තොරව නැවැත්තුවා. මේ ආණ්ඩුව සිතා මතා ලෝකයේ ධනවතා අපේ හිතවතා චීනය තරහා කර ගත්තා.

මේ ආණ්ඩුව බලාපොරොත්තු තබා සිටියේ ඇමෙරිකාව, යුරෝපය සහ ඉන්දියාව පිළිබඳවයි. නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැතිතුමා ලංකාවේ සංචාරය කරලා යහපාලනය ෂෝක් කිව්වා. හැබැයි ආධාර ලබා දුන්නේ නෑ. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ලංකාවට ඇවිත් යහපාලනය ෂෝක් කිව්වා. හැබැයි ආධාර ලබා දුන්නේ නෑ. දුන්නේ නෑ නොවේ දෙන්න නෑ. මේ රටවල් යැපෙන්නෙත් චීනයෙන්. ලෝකයේ රටක් ගොඩ ගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ චීනය සහ ජර්මනිය විතරයි. ඒ පාර අපේ ජනාධිපතිතුමා මාධ්‍ය සංදර්ශන තබමින් ජර්මනියේ සංචාරය කළා. කීය ද ලැබුණේ? යුරෝ මිලියන 18යි. ඩොලර් මිලියන 20යි. ඩොලර් මිලියන 5000ක් ඕනෑ වී ඉන්න ලංකාවට ඩොලර් මිලියන 20ක් දෙනවා.

බටහිර මත තැබූ බලාපොරොත්තු බිඳ වැටීමෙන් පස්සේ පමා වී හෝ ඔන්න දැන් චීනයේ අගය වැටහිලා තිබෙනවා. චීනය හැර වෙන සරණක් නැත කියා අගමැතිතුමා දැන් ජප කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා චීනයට සමීප වී සිටියේ ලංකාවට මුදලින් ආධාර ලබා දෙන්න පුළුවන් චීනයට විතරයි කියලා දැන් ආණ්ඩුව පිලි අරන්. දැන් සදහටම නතර කරනවා කිව්ව වරාය නගර ව්‍යාපෘතිය ආයෙත් ආරම්භ කරන්න තීරණය කරලා. තව සති දෙකකින් අපේ අගමැතිතුමා චීනයේ සංචාරය කරන්න නියමිතයි. ආර්ථික අර්බූදය හමුවේ බිඳ වැටෙන්නේ හුදෙක් මේ ආණ්ඩුව පමණක් නොවේ. අපේ ආදරණීය මව්බිමයි. ආණ්ඩුවයි රටයි අර්බූදයට යනවා බලාගෙන කාලකන්නි සතුටක් විඳීම අපිට හුරු නෑ. ඒ නිසා අපි අගමැතිතුමාගේ චීන සංචාරයට හදවතින්ම සුබ පතනවා.

[QUOTE="dasss, post: 19925367, member: 543461"] මූල්‍ය අර්බූදය ඇති කලේ රාජපක්ෂ පාලනය ද ? මාර්තු 08 දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිතුමා පැවසුවේ රාජපක්ෂ ආණ්ඩුව විසින් සැඟ වූ ණය ප්‍රමාණයක් සොයා ගත් බවත් එම ණය ගෙවීම සඳහා බදු වැඩි කිරීමට සිදු වී ඇති බවයි. ආණ්ඩුවේ ඇමතිවරු එම බදු රාජපක්ෂ බදු ලෙස නම් කළා. ඒ වගේම ලංකාව දැවැන්ත ණය අර්බූදයක මෙන්ම විදේශ ණය ආපසු ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති බැවින් විදේශ මූල්‍ය අර්බූදයක ද සිර වී සිටින බව අගමැතිතුමා එදා පිලි ගත්තා. පසුගිය වසර පහ තුල දී ග්‍රීසිය, අයිස්ලන්තය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වගේ ලංකාවත් දැවැන්ත ණය අර්බූදයක සහ විදේශ විනිමය අර්බූදයක සිර වී ඇති බව සත්‍යයක්. නමුත් එහි වගකීම රාජපක්ෂ ආණ්ඩුව මත පැටවීම සාධාරණ ද? ඒ ගැන නිගමනයකට එළැඹෙන්න ප්‍රථම ඇත්තටම සිදු වුණේ කුමක්දැයි අපි දැන් විමසා බලමු. ලෝකය පිළිගත් මිනුම් දඬු අනුව රටක ණය බර මනින්නේ සමස්ත ණය ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් ලෙස කොපමණ ද යන්න ගණනය කිරීමෙන්. ණය ලබා ගැනීම නොවේ ප්රශ්නය. ණය බරක් වීමයි ප්රශ්නය. ණයක් බරක් වන්නේ තමන්ගේ ආදායමට සරිලන ආකාරයෙන් ණය ලබා නොගත්තොත්. මගේ වාර්ෂික ආදායම ලක්ෂ 12යි. මම ලක්ෂ 12ක ණය මුදලක් ගත්තොත් මගේ ණය බර 100%යි. මිය ගිය නිසා අපි නවලෝක මුදලාලි ගමු. නවලෝක මුදලාලි ගන්නේ ලක්ෂ 12ක් නොවේ. ලක්ෂ සීයක්. දැන් මගේ ණය වගේ අටගුණයක් වැඩියි. හැබැයි එතුමාගේ වාර්ෂික ආදායම ලක්ෂ දාහක් නම් ණය බර වන්නේ 10%යි. මගේ ණය බරට වඩා එතුමා ණය බර අඩුයි මොකද ණය ආපසු ගෙවීම සඳහා එතුමාට ඉහළ ආදායමක් තිබෙන නිසා. ඒ අනුව ණය බර 105%ක් වුණු 2003 වසර ලංකාවේ ණය බර වැඩියෙන්ම වාර්තා වුණු වසරයි. ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පසුගිය ආණ්ඩු සමයයි. 2004 දී ණය බර 103%ක්. නමුත් ජනපති රාජපක්ෂ ධූරයෙන් සමු ගන්නා විට එය 76% දක්වා පහත වැටී තිබුණා. මතක තියා ගන්න ලෝකයේ ආර්ථික දැවැන්තයන් වන ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ණය බර සීඝ්රයෙන් ඉහළ ගිය සමයකයි ලංකාව සිය ණය බර සීඝ්රයෙන් පහත දමා ගැනීමට සමත් වන්නේ. එහි අරුත වන්නේ ජනපති රාජපක්ෂ ණය ගත් නමුත් එය එලදායක ලෙස යෙදූ බැවින් ණය වැඩි වීමේ වේගයට වඩා ආර්ථිකය වර්ධනය වුණු බවයි. 2009 දී කොටි ත්‍රස්තවාදය පරාජය කර ආපසු හැරී බලන විට අපට තිබුණේ වසර තිහක් එක තැන පල් වුණු රටක්. ණය බරින් මිරිකී තිබුණු ලංකාවක්. මතකනෙ තමුන්නාන්සේලා ආණ්ඩුවට සමු දුන්නේ 103%ක ණය බරක් අපට ඉතිරි කරලා. නමුත් රටේ ආදායම ඉහළ නංවන්නේ නැතුව ණය බරින් මිදීමට බෑ. රට සංවර්ධනය නොකර ආදායම ඉහළ නංවන්න බෑ. රටේ යටිතල පහසුකම් දියුණු නොකර රට සංවර්ධනය කරන්න බෑ. එබැවින් රාජපක්ෂ ආණ්ඩුව ණය ලබා ගනිමින් ඒවා මාර්ග පද්ධතිය, වාරිමාර්ග පද්ධතිය දියුණු කිරීමට යොදා ගත්තා. ඊට අමතරව කෙරවලපිටිය, නොරොච්චොලේ සහ ඉහළ කොත්මලේ වැනි විදුලි බලාගාර ඉදි කිරීමට යොදා ගත්තා. එහි ප්‍රතිඵලය වුණේ කෘෂිකර්මය, කර්මාන්ත සහ ප්‍රවාහනය දියුණු වී ආර්ථිකය පිම්මේ වර්ධනය වීමයි. රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන වසර වන 2014 දී පවා රටේ ණය අර්බූදයක් තිබුණේ නෑ. එම වසරේ දී ණය සේවා ගෙවීම් ඒ කියන්නේ ණය වාරික සහ පොලී ගෙවීම් 2013 වසරට සාපේක්ෂව පහත වැටුණා. එම වසර තුල ඩොලරයට විනිමය අනුපාතය රුපියල් 1.45කින් ඉහළ ගිහින් තිබිය දීත් ණය සේවා ගෙවීම් රුපියල් බිලියන 1,162.9 සිට 1,076.3 දක්වා පහත වැටුණා. ඒ අනුව, 2014 දී ණය සේවා ගෙවීම් 2013ට සාපේක්ෂව රුපියල් බිලියන 87ක් අඩුයි. මම නොවේ මෙහෙම කියන්නේ. තමුන්නාන්සේලා මැණිකක් වගේ රකින අර්ජුන් මහේන්ද්‍රන් නායකත්වය දෙන ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති Public Debt Management in Sri Lanka 2014 නමැති වාර්තාවයි එහෙම කියන්නේ. 2014 දී පහත වැටුණු ණය සේවා ගෙවීම් 2016 දී බි 1,200 ඉක්වා යෑමට නියමිතයි. ඊට හේතු වූයේ වත්මන් ආණ්ඩුව අධික ලෙස ණය ගැනීමයි. 2014 අවසානයේ දී රුපියල් බිලියන 7,391ක් වූ ආණ්ඩුවේ ණය 2015 අග දී රුපියල් බිලියන 8,475ක් දක්වා ඉහළ ගියා. ආණ්ඩුවේ ණය රු බි 1,084කින් එනම් ට්රිලියනයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිහින් තිබෙනවා. ට්‍රිලියනයක් කියන්නේ සෙල්ලම් ගණනක් නොවේ. බිලියන දහසක්. ආණ්ඩුව මෙහෙම ණය ලබා ගත් නමුත් කරපු සංවර්ධනයක් දැකීමට නෑ. අද උදේ මම මුදල් ඇමතිතුමාගෙන් ඇහුව්වා ලංකා ඉතිහාසයේ වැඩිම ණය මුදල ලබා ගත් 2015 වසරේ ආරම්භ කළ එක ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් නම් කරන්න කියලා. එතුමා එතකොට කොහෙද යන්නේ – මල්ලේ පොල් වර්ගයේ උත්තරයක් දීලා ඇඟ බේරා ගත්තා. තිත්ත ඇත්ත නම් මේ ණය කන්දරාවෙන් ආරම්භ කළ එකම සංවර්ධන ව්‍යාපෘතියක් වත් නැති බවයි. එසේ නම් මෙම දැවැන්ත ණය කන්දරාවෙන් ආණ්ඩුව කලේ කුමක්ද? ආණ්ඩුවට නඩත්තු කළ නොහැකි සහන කන්දක් ක්‍රියාත්මක කිරීමට ගොස් දැවැන්ත ලෙස ණය වූවා පමණක් නොවේ, ආර්ථිකය බිඳ දමා තිබුණු සහන ත් අද අහිමි කර තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩුව රු 3,500ක වැටුප් වැඩි වීමක් ආණ්ඩුවේ සේවකයින්ට යෝජනා කළ විට එජාපය නිකන් හිටියේ නෑ. කෙලින්ම පොරොන්දු වුණා රු දස දහසක් වැටුප් වර්ධනයක්. අන්තිමට ඔවුන්ට කිසිම වැටුප් වැඩිවීමක් ලැබුණේ නෑ. ලැබුණේ හුදු දීමනාවක් විතරයි. රොකට් වේගයෙන් ජීවන වියදම ඉහළ ගොස් තිබෙන නිසා ඒකත් දැන් පුස්සක් වෙලා. ගොවීන් රු 35ට වී කිලෝවක් විකුණන විට එජාපය රු 50ක සහතික මිළක් පොරොන්දු වුණා. දැන් පොරොන්දු වුණු රු 50 පමණක් නොව එතෙක් ලැබුණු රු 35 ද අහිමි වී රු20ට ද වී විකිණිය නොහැකි තත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම මෙම ආණ්ඩුව බලයට එන විට තේ කිලෝවක් රු 70/-ටත් රබර් කිලෝවක් 280/- ටත් විකිණෙමින් තිබුණා. සංධානයට ආකර්ෂණය වී සිටින ජනතාවට තමන්ට ඇද ගන්න තේ කිලෝවට රු 90/-ක් පොරොන්දු වුණා. රබර් කිලෝවක් සඳහා රු 350/- මිළක් එජාපය පොරොන්දු වුණා. දැන් සිදු වී ඇත්තේ කුමක්ද? අද තේ සඳහා රු50ක් ලබා ගන්න බෑ. රබර් සඳහා රු 180/- ලබා ගන්න බෑ. විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහනාධාර, වැඩිහිටි සහනාධාර සහ මහපොල ශිෂ්යත්වාධාර ඉහළ නැංවීම පිළිබඳ දුන්නු පොරොන්දු වලටත් අත් වූයේ මෙවැනිම ඉරණමක්. මෙම තත්වය යටතේ හෙලි වන තිත්ත ඇත්ත කුමක්ද? පැවැති වාතාවරණය තුල ජනතාවට ලබා දිය හැකි ඉහළම ප්රතිලාභ සෑම අංශයක දී ම ලබා දීමට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර ඇති බවයි. එයින් සෑහීමකට පත් නොවුණු ජනතාව වැඩි ප්රතිලාභ අපේක්ෂාවෙන් එජාපය බලයට ගෙන ඒමෙන් සිදු වුණේ “තණ්හාය ජායති සොකො“ යන බුදු වදන සිහිපත් වීමයි. බුදුන් වහන්සේ කේන්ති ගන්නේ නැති නිසා තණ්හාස ජායති සොකො කියලා දේශනා කරලා නිහඬව සිටියා. නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව වැඩි තණ්හාව නිසා අමාරුවේ වැටෙන්න යන බව අපි කිව්වා. අපි කෙතරම් කිව්වත් ජනතාව ඇහුව්වේ නෑ. බැරිම තැන අපි “තණ්හාය ජායති සොකො යකො“ කියලා කිව්වා. තණ්හාවෙන් කන් බිහිරි වී සිටි ජනතාවට ඒත් ඇහුනේ නෑ. ඇත්තෙන්ම ජනතාවට අත් වුණේ දිනපතා රන් බිජුව බැගින් ලබා දුන් රන් තාරාවගේ රන් බිජු සියල්ල එක විට ලබා ගැනීමට සිරුර පලා බැලූ මෝඩ මිනිසාට අත් වුණු ඉරණමයි. ආණ්ඩුව මෙම අර්බූදයට හේතුව ලෙස චීන ආර්ථිකයේ බිඳ වැටීමක් මෙන්ම ලෝක ආර්ථික අර්බූදය හුවා දක්වන බව පේනවා. ඒක හරියට නටන්න බැරි මිනිසා පොලව ඇදයි කියනවා වගේ වැඩක්. ඇත්තෙන්ම චීනයේ දැවැන්ත ආර්ථික කඩා වැටීමක් නෑ. අධික වේගයෙන් වර්ධනය වුණු චීන ආර්ථිකය දැන් පරිනත වෙමින් වර්ධන වේගය මන්දගාමී වෙලා තිබෙනවා. ඒ අනුව 2014 දී 7.3%කින් වර්ධනය වුණු චීන ආර්ථිකය 2015 දී වර්ධනය වූයේ 6.9%කින්. ආර්ථික වර්ධන වේගය 0.4%කින් පහත වැටීම ආර්ථිකයේ කඩා වැටීමක් ලෙස කිසිසේත්ම හඳුන්වන්න බෑ. ලෝක ආර්ථික අර්බූදයට සැබැවින්ම මුහුණ දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවයි. 2008 දී ලෝක ආර්ථික අර්බූදය ඇති වී 2009 දී උච්චස්ථානයට පැමිණියා. ඒ වන විට ලංකාව ලොව බිහිසුණුම මෙන්ම ධනවත්ම ත්‍රස්තවාදි සංවිධානය සමග යුද්ධයක සිර වී තිබුණා. එක පැත්තකින් යුද්ධය තීරණාත්මක අඩියක. අනිත් පැත්තෙන් ලෝක ආර්ථික අර්බූදය. හරියට දෙකොන දැල්වුණු විලක්කුවක් වගේ. ඒත් යුද්ධයත් ජයග්‍රාහීව අවසන් කළා. දේශීය ආර්ථිකයත් බිඳ වැටීමකට තුඩු නොදෙන අයුරින් කළමනාකරණය කර ගැනීමට රාජපක්ෂ ආණ්ඩුව සමත් වුණා. එජාපය සිය ආදර්ශය ලෙස සළකන සිංගප්පූරුව පවා 2009 දී සෘණ ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළා. ලංකාවේ ප්‍රධාන ගැනුම්කරුවන් වන එක්සත් ජනපදය සහ යුරෝපය සෘණ ආර්ථික වර්ධන වේගයන් වාර්තා කර තිබිය දී ලංකාව 3.5%ක වර්ධනයක් වාර්තා කළා. 2009 දී ලොව 29 වන තැනට වාර්තා වුණු ඉහළම ආර්ථික වර්ධන වේගය වාර්තා කලේ ලංකාවයි. වැඩ හැකි අයට ඇද පොලවේ ද නටන්න පුළුවන් බව ජනපති රාජපක්ෂ 2009 දී පෙන්වා දීලා තිබෙනවා. ආර්ථිකයට දරා ගත නොහැකි සහනාධාර කන්දක් පැටවීමට අමතරව මෙම ආර්ථික බිඳ වැටීමට තවත් හේතු දෙකක් බල පා තිබෙනවා. ආණ්ඩුවට ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම දෙවන හේතුවයි. මේ ආණ්ඩුව ආයෝජකයින් ගැන පුරසාරම් දොඩපු විධිය අපට මතකයි. රාජපක්ෂලා කොමිස් ඉල්ලපු නිසා ආයෝජකයෝ එන්නේ නෑ. බටහිර ආයෝජකයෝ මුදල් කුට්ටි අතේ තියාගෙන බලා ගෙන ඉන්නවා එජාප ආණ්ඩුවක් එනතුරු ලංකාවේ ආයෝජනය කරන්න. එහෙමයි කිව්වේ. කතාව දෝලාවෙන් ගමන පයින් කියලා තේරුණේ බලයට ආවාට පස්සේ. 2015 වසර තුල විදේශීය ආයෝජකයින් මෙරට ආයෝජනය කරනවා වෙනුවට කොටස් වෙළඳපොලේ ආයෝජනය කර තිබූ රුපියල් බිලියන 4.4ක් මෙරටින් අරන් ගියා. 2015 දී කොටස් වෙළඳපොලේ විදේශ ගැනුම් සහ විකුණුම් අතර වෙනස රුපියල් බිලියන 4.4ක්. ඇමෙරිකාව සහ යුරෝපය ද ණය ලබා ගන්නා ලොව අංක එකේ ණයහිමියා වන චීනය අමනාප කර ගැනීම තෙවන හේතුවයි. ලංකාව මුහුණ දී ඇති අර්බූදයෙන් මිදීමට අවශ්‍ය කරන ඩොලර් බිලියන කිහිපයක ණයක් ලබා දීමේ හැකියාව ඇත්තේ චීනයට විතරයි. එජාපය විපක්ෂයේ ඉන්න කාලයේ දී චීනයට හැකි උපරිමයෙන් අපහාස කළා. ලංකාව චීන කොලනියක් කරනවා කිව්වා. පගාව ගන්න ලෙහෙසි නිසා චීනයෙන් ණය ලබා ගන්නවා කිව්වා. චීන ජනපති මුල්ගල තැබූ වරාය නගර ව්‍යාපෘතිය පූර්ව දැනුම් දීමකින් තොරව නැවැත්තුවා. මේ ආණ්ඩුව සිතා මතා ලෝකයේ ධනවතා අපේ හිතවතා චීනය තරහා කර ගත්තා. මේ ආණ්ඩුව බලාපොරොත්තු තබා සිටියේ ඇමෙරිකාව, යුරෝපය සහ ඉන්දියාව පිළිබඳවයි. නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැතිතුමා ලංකාවේ සංචාරය කරලා යහපාලනය ෂෝක් කිව්වා. හැබැයි ආධාර ලබා දුන්නේ නෑ. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ලංකාවට ඇවිත් යහපාලනය ෂෝක් කිව්වා. හැබැයි ආධාර ලබා දුන්නේ නෑ. දුන්නේ නෑ නොවේ දෙන්න නෑ. මේ රටවල් යැපෙන්නෙත් චීනයෙන්. ලෝකයේ රටක් ගොඩ ගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ චීනය සහ ජර්මනිය විතරයි. ඒ පාර අපේ ජනාධිපතිතුමා මාධ්‍ය සංදර්ශන තබමින් ජර්මනියේ සංචාරය කළා. කීය ද ලැබුණේ? යුරෝ මිලියන 18යි. ඩොලර් මිලියන 20යි. ඩොලර් මිලියන 5000ක් ඕනෑ වී ඉන්න ලංකාවට ඩොලර් මිලියන 20ක් දෙනවා. බටහිර මත තැබූ බලාපොරොත්තු බිඳ වැටීමෙන් පස්සේ පමා වී හෝ ඔන්න දැන් චීනයේ අගය වැටහිලා තිබෙනවා. චීනය හැර වෙන සරණක් නැත කියා අගමැතිතුමා දැන් ජප කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා චීනයට සමීප වී සිටියේ ලංකාවට මුදලින් ආධාර ලබා දෙන්න පුළුවන් චීනයට විතරයි කියලා දැන් ආණ්ඩුව පිලි අරන්. දැන් සදහටම නතර කරනවා කිව්ව වරාය නගර ව්‍යාපෘතිය ආයෙත් ආරම්භ කරන්න තීරණය කරලා. තව සති දෙකකින් අපේ අගමැතිතුමා චීනයේ සංචාරය කරන්න නියමිතයි. ආර්ථික අර්බූදය හමුවේ බිඳ වැටෙන්නේ හුදෙක් මේ ආණ්ඩුව පමණක් නොවේ. අපේ ආදරණීය මව්බිමයි. ආණ්ඩුවයි රටයි අර්බූදයට යනවා බලාගෙන කාලකන්නි සතුටක් විඳීම අපිට හුරු නෑ. ඒ නිසා අපි අගමැතිතුමාගේ චීන සංචාරයට හදවතින්ම සුබ පතනවා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom