Les Misérables (1998) “මනුතාපය”

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Les Misérables (1998) | පාන් ගෙඩියක් කල හදියක්…

    Les-Mis%C3%A9rables-1998.jpg



    “හැම ‍කෙ‍නෙකුටම සාන්තුවරයෙකු වීමට අපහසු වුවද හැම කෙනෙකුටම සත් පුරුෂයෙකු විය හැකි විය යුතුයි. මිනිසා වරදෙහි බැ‍ඳෙදත්, දොසෙහි ඇලෙතත් එය අවබෝධ කොට ගෙන යුක්තියේ පිහිටීම ඔබට දුෂ්කර නොවේ.”

    මෙම පාඨය උපුටා ගත්තේ,ඊරියගොල්ල ශූරීන් විසින් රචිත “මනුතාපය” කෘතියෙනි. මම අද ඔයාලට ගෙනාවේ මනුතාපය කෘතිය ලියන්න පාදක වුනු,1862 දි වික්ටර් හියුගෝ විසින් රචිත “ද ලේ මිස්රාබල්” කෘතිය ඇසුරින් නිර්මාණය කෙරුනු “ද ලේ මිස්රාබල්” චිත්‍රපටියයි. ප්‍රංශ වචනයක්වු “මිස්රාබල්” යන්නෙන් දුගී දුප්පත්,අසරණ,අවාසනාවන්ත,කාලකණ්ණි,නීච යනාදි තෙරුම් ගෙනදෙයි. මෙම චිත්‍රපටිය මගින් මෙම සෑම සමාජ මට්ටමක් ගැනම මනාව පිළිබිඹු කරයි. ජෝන් වැල්ජෝන්, කියු සැනින් ඔයාලට නිතැතින්ම කතාව සිහියට නැගෙනු නොඅනුමානයි. 19 වැනි සියවසෙ ජිවත්වු මෙම චරිතය වටා ගෙතුනු කතාව කියනවනම්, මෙන්න මෙහෙමයි.

    tumblr_l901igJxqj1qc4fy4o1_500.jpg


    24601 ඒ ජෝන් වැල්ජෝන්ට සිරිගෙදරදි ඇමතු අංකයයි. වසර විස්සකට අසන්න කාලයක් සුළු වරදකට සිරබත් කෑ ඔහු,ඉන් මිදි පලායයි. ඉන්පසු ඔහු ජිවත් වෙන්නට දරන උත්සහයත්, ජිවිතය සාර්ථක කරගන්නා ආකාරයත් මෙම චිත්‍රපටය පුරාවවට ගලා යයි. එපමණක් නොව සාධාරණව ජිවත් වෙන්න උත්සහදරද්දි ඊට හරස් වෙන ඔහුගේම අතීතය, ඔහු පසු පස හබා එයි. ඒ ජෝන් පැනගිය දා පටන් ඔහුව ලුහුබදින පොලිස් පරික්ෂක ජාවට්. එපමණක නොව “කොසෙට්” මෙහි එන තවත චරිතයක්. ඇය ජෝන් හදාගත් දුවයි. පසුව ඇය සමග පෙමින් බැදෙන විප්ලවවාදි මාරියස්, ප්‍රංශ විප්ලවයෙ සාමාජිකයෙකි. සමාජය ඉදිරියෙ වංශවතෙකුසේ පෙනී සිටින ජෝන් වැල්ජෝන්, තමා සිරෙන් පැන ආ ජෝන් බව පිළිගන්නේ කෙසේද ? ප්‍රංශ විප්ලවයට මැදිවෙන තම දුවත්, ඇගේ පෙම්වතාත් ඉන් ගලවා ගැනීමට ඔහුට හැකි වෙයිද ? වසර විස්සකට ආසන්න කාලයක් හිරබත් කෑමට සිදුවන සුළු වැරැද්ද කුමක්ද ? මේ සෑම ප්‍රශ්ණයකටම පිළිතුරු හොයන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.




    IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 7.3 / 10 අගයක් ගන්නා මෙම චිත්‍රපටියෙහි ජෝන් වැල්ජෝන්ගේ චරිතයට පන පොවන්නෙ සුපිරි නළු Liam neeson ය. Bille August විසින් අධ්‍යක්ෂණය කල මෙහි, Geoffrey Rush, Uma Thurman වැනි ප්‍රවීනයන්ගෙ රංගනයෙන් ඔපවත්වු මේ චිත්‍රපටය නරඹා,ඔයලගේ අදහස්,උදහස් දැනගැනීමට කොමෙන්ට් එකකුත් දාලම යන්න.



    TORRENT LINK
    චිත්‍රපටය මෙතනින් බාගන්න
     
    Last edited: