Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Let's observe sil on wesak poya day(24/05/2013)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිල් සමාදන් වීම

සිල් සමාදන් වීම

බුදු දහමේ මූලික පරමාර්ථය මිනිසා යහපත් මගට යොමු කර නිවනට පැමිණ විමයි. ඒ සඳහා සීලය ප්‍රධාන වෙයි.

පන් සිල්

පන්සිල් වලින් පෙන්වා දෙන්නේ ගිහියෙකු විසින් නොකළ යුතු වැරැදි පහකි. ඒ අනුව පන්සිල් සමාදන් වීම යනුවෙන් අදහස් කරන්නේ වැරැදි පහකින් වැළැකී සිටීමට පොරොන්දු වීමය.

වැළකීම

වැළකීම යනු විරති යන්නෙන් හැගවෙන අදහසයි.

1. සම්පත්ති විරතිය

2. සමාදාන විරතිය

යනුවෙන් එය දෙවදෑරුම්ය.

සම්පත්ති විරතිය යනු පාණාතිපාතා ආදි වරදක් කරන්නට සිදු වූ අවස්ථාවක එය වරදක් යැයි තේරුම් ගෙන එයින් වැළකීමට උත්සාහ දැරීමයි. සමාදාන විරතිය නම් එම වරද නොකරන බවට පොරොන්දු වී ඇති නිසා එය කඩ කිරීමට බියෙන් වැළකී සිටීමයි.මෙම අකුසල කර්ම කළහොත් එයින් සිදුවන අයහපත් ප්‍රතිඵල බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළහ.

පන්සිල් පද

පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි

අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි

කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි

මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි

සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි

සිංහල අර්ථය

මම සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි

මම සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන්වෙමි

මම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි

මම බොරුකීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි

මම මද්‍යපානයෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන්වෙමි

අට සිල්

බෞද්ධ ජීවිතයක් ගෙන යාමට කෙනෙකුට පංචශීලය ප්‍රමාණවත් වේ. එහෙත් නිවන් මග අපේක්ෂා කරන්නේ නම් ඊට වඩා උසස් ශීලයක් ආරක්ෂා කළ යුතුය. බෞද්ධයා ආමිස පූජාවටත් ප්‍රතිපත්ති පූජාවටත් නැඹුරුය. මෙයින් ඉතා වැදගත් වන්නේ ප්‍රතිපත්ති පූජාවයි. ගිහියකුට කළ හැකි උසස්ම ප්‍රතිපත්ති පූජාව නම් පොහොය දින (උපෝෂථ දින) අටසිල් සමාදන් වීමයි. පංච ශීලයට අමතරව තවත් ශික්ෂා පද තුනක් අට සිල් වලින් දැක්වේ.

1. පාණාති පාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි

2. අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි

3. අබ්‍රහ්ම චරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි

4.මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි

5.සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි

6. විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි

7. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූ සනට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි

8. උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛා පදං සමාදියාමි

යනු මේ අටසිල් දැක්වේ.

අට සිල්වල දක්වා තිබෙන අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි යන ශික්ෂා පදය වෙනුවට පන්සිල් වල දක්වා ඇත්තේ කාමේසු විච්ඡාචාරා වේරමණී ආදි වශයෙනි. ඒ අනුව ගිහි ජීවිතයක් ගත කරන අය අයථා සේවනයෙන් වැළකිය යුතුය. පෙහෙවස් සමාදන් වන අය ස්ත්‍රී පුුරුෂ සේවනයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය. බ්රහ්මචරියා යනු එසේ වාසය කිරිමයි. බ්‍රහ්මයෝ සම්පූර්ණයෙන්ම කාම සේවනයෙන් වැළකුණහ. මෙය බ්‍රහ්මයන්ගේ හැසිරීමක් වූ බැවින් බ්රහ්මචරියා නම් විය.

අටසිල්වල හයවන ශික්ෂාපදයෙන් දක්වන්නේ විකාල භෝජනය පිළිබඳවයි. විකාලය යනු පෙරවරුවෙන් පසු කාලයයි. ඒ අනුව නොකාලයේ ආහාර ගැනීමෙන් වැළකී සිටින ලෙස මෙයින් දක්වයි. විකාලයේ ආහාර ගැනීමෙන් වැළකී සිටීම නිසා ඇතිවන ප්‍රයෝජන කිහිපයකි. විකාලයේ ආහාර සොයා ගෙන යාම අපහසුය. ඒ අනුව දවසකට ආහාර සොයා ගත යුත්තේ එක් වේලකට පමණි. එක් වේලක් ආහාර ගැනීමෙන් ශරීරය සැහැල්ලු වේ. එය භාවනා කටයුතුවලට පහසුය.

හත් වන ශික්ෂාපදය අනුව නැටුම්, ගැයුම්, වැයුම්, විහිළු දර්ශන සහ මල්, සුවඳ විලවුන් දැරීම, සැරසීම ආදියෙන් වැළකී සිටීම දක්වයි. අටසිල් සමාදන් වන ගිහියාද භික්ෂුවක මෙන් මෙදින ඒවායින් වැළකී සිටිය යුතුය. මෙය ආශාවන් මැඩ පැවැත්වීමටත් ඉන්ද්රිය සංවර කර ගැනීමටත් උපකාරවන ශික්ෂා පදයකි. අටවන ශික්ෂාපදයෙන් උස් අසුන්, මහ අසුන් පරිහරණයෙන් වැළකී සිටීම දක්වයි. මෙය සැපවත් දෙයින් වැළකී සිටීමට හුරු කිරීමකි.

සිල් සමාදන් වීමට සූදානම් වීම

සිල් සමාදන් වීමට පෙර දින හෝ එදින ස්නානය කොට පිරිසුදු වීම බෞද්ධයන්ගේ සිරිතය. සිල් සමාදන් වන අය සඳහා විශේෂ ඇඳුමක් තිබේ. මේ ඇඳුම සුදු රෙදිවලින් පිළියෙළ කර ගනී. උපාසක මහත්වරු සුදු රෙද්දක් හා කමීසයක්ද උපාසිකාවෝ සුදු රෙද්දක් සහ සුදු හැට්ටයක්ද මේ සඳහා සූදානම් කර ගනියි. මෙය සිල් ඇඳුම නමින් හැඳීන්වෙයි.

සිල් ඇඳුමට එකතුවන තවත් අංගයක් නම් උතුරු සළුවයි. ඔවුහු එක් උරයක් වැසෙන සේ උතුරු සළුව පොරවා ගනිති. මෙය කෙනෙකු පෙහෙවස් සමාදන් වී ඇති බව දක්වන සංකේතයකි.

සිල්වතුන්ගේ මෙම ඇඳුම් කට්ටලයට එකතුවන තවත් අංගයක් නම් පත්කඩයයි. පත්කඩය වන්දනාමාන කිරිමේදීත් දානය වළඳන විට උකුල මත එලා ගැනීමටත් උපකාර කරගන්නා සුදුරෙදි කැබැල්ලකි. සිල් සමාදන්වන අය අත තිබිය යුතු තවත් දෙයක් නම් නව ගුණ වැලයි. එහි ඇට එකසිට අටකි. භාවනා කරන අවස්ථාවලදී නව ගුණ වැල ප්‍රයෝජනයට ගනී. පැරැණි ගැමියන් අත රැඳී නව ගුණ වැල අද අභාවයට ගොස් ඇත.

සිල් ඉල්ලීම

සිල් සමාදන්වන අය උදෑසන විහාරස්ථානයට යන්නේ තෙල් මල් ආදිය රැගෙනය. විහාරස්ථානයට යන මේ සැදැහැතියෝ බුදුන් වැඳ තමන් අටසිල්හි පිහිටුවන ලෙස භික්ෂූන් වහන්සේ නමකට ආරාධනා කරති. ඒ මෙසේය.

“ඔකාස,අහං භන්තෙ තිසරණෙන සද්ධිං අට්ඨාංග සීලං ධම්මං යාචාමි අනනුග්ගහං කත්වා සීලං දෙථ මෙ භන්තෙ”

“අවසරයි ස්වාමිනි,

“ මම තිසරණ සමග අටසිල් ඉල්ලමි. මට අනුකම්පා කොට සිල් දුන මැනවි “

මෙහි දී භික්ෂූන් වහන්සේ විසින් පිරිස අෂ්ඨාංග ශීලයෙහි පිහිටුවති

එයින් පසුව භික්ෂූන් වහන්සේ පිරිසට කෙටි අනුශාසනාවක් පවත්වති. ඒ මෙසේය

“තිසරණෙන සද්ධිං පංචශීලං අෂ්ඨංගශීලං ධම්මං සාධුකං

සුරක්ඛිතං කත්වා අප්පමාදෙන සම්පාදෙථ”

“ තිසරණ සහිත පන්සිල් අටසිල් මනාව සුරක්ෂිත කොට රැකගෙන අප්‍රමාදිව කටයුතු කරන්න. යනුවෙනි.

චාරිත්‍ර

පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවෝ එදින විශේෂ චාරිත්‍ර අනුගමනය කරති. ඔවුහු උදෑසන බුද්ධ පූජාව පවත්වා පසුව හීල් දානය වළඳති. මෙදින ඔවුහු උස අසුන්වල වාඩි නොවෙති. පැදුරු හෝ පත්කඩ එලා බිම වාඩිවෙති. බිම වාඩිවීම උස් පහත් භේද හැර සමානාත්මතා ගුණ ධර්මය ජීවිතයට හුරු කර ගැනීමට හේතුවේ. ඔවුහු හිර අවරට යාමට පෙර දවල් දානය වළඳති. දවල් දානයෙන් පසු සවස් භාගයේදී පිළිගන්වන ලද ගිලන් පස වළඳති.

සිල් සමාදන් වු කාලය තුළ දී ඔවුහු ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡා දහම් පොත් කියැවීම, භාවනා කිරීම, පිරිත් සජ්ඣායනා කිරීම සහ වන්දනා කිරීම වැනි පින්කම් වල යෙදෙති.

සන්ධ්‍යාවෙහි ඔවුහු නැවත අෂ්ඨාංග ශීලය සමාදන් වෙති. පසු දින උදෑසන පන්සිල් සමාදන් වීමෙන් සිල් පවාරණය කරති.

ශාස්ත්‍රවේදී, අධ්‍යාපන ඩිප්ලෝමා

එන්.කරුණාරත්න

[QUOTE="hdgpure, post: 15009403, member: 56825"] [b]සිල් සමාදන් වීම[/b] [B][SIZE="4"]සිල් සමාදන් වීම බුදු දහමේ මූලික පරමාර්ථය මිනිසා යහපත් මගට යොමු කර නිවනට පැමිණ විමයි. ඒ සඳහා සීලය ප්‍රධාන වෙයි. පන් සිල් පන්සිල් වලින් පෙන්වා දෙන්නේ ගිහියෙකු විසින් නොකළ යුතු වැරැදි පහකි. ඒ අනුව පන්සිල් සමාදන් වීම යනුවෙන් අදහස් කරන්නේ වැරැදි පහකින් වැළැකී සිටීමට පොරොන්දු වීමය. වැළකීම වැළකීම යනු විරති යන්නෙන් හැගවෙන අදහසයි. 1. සම්පත්ති විරතිය 2. සමාදාන විරතිය යනුවෙන් එය දෙවදෑරුම්ය. සම්පත්ති විරතිය යනු පාණාතිපාතා ආදි වරදක් කරන්නට සිදු වූ අවස්ථාවක එය වරදක් යැයි තේරුම් ගෙන එයින් වැළකීමට උත්සාහ දැරීමයි. සමාදාන විරතිය නම් එම වරද නොකරන බවට පොරොන්දු වී ඇති නිසා එය කඩ කිරීමට බියෙන් වැළකී සිටීමයි.මෙම අකුසල කර්ම කළහොත් එයින් සිදුවන අයහපත් ප්‍රතිඵල බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළහ. පන්සිල් පද පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි සිංහල අර්ථය මම සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි මම සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන්වෙමි මම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි මම බොරුකීමෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි මම මද්‍යපානයෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන්වෙමි අට සිල් බෞද්ධ ජීවිතයක් ගෙන යාමට කෙනෙකුට පංචශීලය ප්‍රමාණවත් වේ. එහෙත් නිවන් මග අපේක්ෂා කරන්නේ නම් ඊට වඩා උසස් ශීලයක් ආරක්ෂා කළ යුතුය. බෞද්ධයා ආමිස පූජාවටත් ප්‍රතිපත්ති පූජාවටත් නැඹුරුය. මෙයින් ඉතා වැදගත් වන්නේ ප්‍රතිපත්ති පූජාවයි. ගිහියකුට කළ හැකි උසස්ම ප්‍රතිපත්ති පූජාව නම් පොහොය දින (උපෝෂථ දින) අටසිල් සමාදන් වීමයි. පංච ශීලයට අමතරව තවත් ශික්ෂා පද තුනක් අට සිල් වලින් දැක්වේ. 1. පාණාති පාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි 2. අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි 3. අබ්‍රහ්ම චරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි 4.මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි 5.සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි 6. විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි 7. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූ සනට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි 8. උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛා පදං සමාදියාමි යනු මේ අටසිල් දැක්වේ. අට සිල්වල දක්වා තිබෙන අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි යන ශික්ෂා පදය වෙනුවට පන්සිල් වල දක්වා ඇත්තේ කාමේසු විච්ඡාචාරා වේරමණී ආදි වශයෙනි. ඒ අනුව ගිහි ජීවිතයක් ගත කරන අය අයථා සේවනයෙන් වැළකිය යුතුය. පෙහෙවස් සමාදන් වන අය ස්ත්‍රී පුුරුෂ සේවනයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය. බ්රහ්මචරියා යනු එසේ වාසය කිරිමයි. බ්‍රහ්මයෝ සම්පූර්ණයෙන්ම කාම සේවනයෙන් වැළකුණහ. මෙය බ්‍රහ්මයන්ගේ හැසිරීමක් වූ බැවින් බ්රහ්මචරියා නම් විය. අටසිල්වල හයවන ශික්ෂාපදයෙන් දක්වන්නේ විකාල භෝජනය පිළිබඳවයි. විකාලය යනු පෙරවරුවෙන් පසු කාලයයි. ඒ අනුව නොකාලයේ ආහාර ගැනීමෙන් වැළකී සිටින ලෙස මෙයින් දක්වයි. විකාලයේ ආහාර ගැනීමෙන් වැළකී සිටීම නිසා ඇතිවන ප්‍රයෝජන කිහිපයකි. විකාලයේ ආහාර සොයා ගෙන යාම අපහසුය. ඒ අනුව දවසකට ආහාර සොයා ගත යුත්තේ එක් වේලකට පමණි. එක් වේලක් ආහාර ගැනීමෙන් ශරීරය සැහැල්ලු වේ. එය භාවනා කටයුතුවලට පහසුය. හත් වන ශික්ෂාපදය අනුව නැටුම්, ගැයුම්, වැයුම්, විහිළු දර්ශන සහ මල්, සුවඳ විලවුන් දැරීම, සැරසීම ආදියෙන් වැළකී සිටීම දක්වයි. අටසිල් සමාදන් වන ගිහියාද භික්ෂුවක මෙන් මෙදින ඒවායින් වැළකී සිටිය යුතුය. මෙය ආශාවන් මැඩ පැවැත්වීමටත් ඉන්ද්රිය සංවර කර ගැනීමටත් උපකාරවන ශික්ෂා පදයකි. අටවන ශික්ෂාපදයෙන් උස් අසුන්, මහ අසුන් පරිහරණයෙන් වැළකී සිටීම දක්වයි. මෙය සැපවත් දෙයින් වැළකී සිටීමට හුරු කිරීමකි. සිල් සමාදන් වීමට සූදානම් වීම සිල් සමාදන් වීමට පෙර දින හෝ එදින ස්නානය කොට පිරිසුදු වීම බෞද්ධයන්ගේ සිරිතය. සිල් සමාදන් වන අය සඳහා විශේෂ ඇඳුමක් තිබේ. මේ ඇඳුම සුදු රෙදිවලින් පිළියෙළ කර ගනී. උපාසක මහත්වරු සුදු රෙද්දක් හා කමීසයක්ද උපාසිකාවෝ සුදු රෙද්දක් සහ සුදු හැට්ටයක්ද මේ සඳහා සූදානම් කර ගනියි. මෙය සිල් ඇඳුම නමින් හැඳීන්වෙයි. සිල් ඇඳුමට එකතුවන තවත් අංගයක් නම් උතුරු සළුවයි. ඔවුහු එක් උරයක් වැසෙන සේ උතුරු සළුව පොරවා ගනිති. මෙය කෙනෙකු පෙහෙවස් සමාදන් වී ඇති බව දක්වන සංකේතයකි. සිල්වතුන්ගේ මෙම ඇඳුම් කට්ටලයට එකතුවන තවත් අංගයක් නම් පත්කඩයයි. පත්කඩය වන්දනාමාන කිරිමේදීත් දානය වළඳන විට උකුල මත එලා ගැනීමටත් උපකාර කරගන්නා සුදුරෙදි කැබැල්ලකි. සිල් සමාදන්වන අය අත තිබිය යුතු තවත් දෙයක් නම් නව ගුණ වැලයි. එහි ඇට එකසිට අටකි. භාවනා කරන අවස්ථාවලදී නව ගුණ වැල ප්‍රයෝජනයට ගනී. පැරැණි ගැමියන් අත රැඳී නව ගුණ වැල අද අභාවයට ගොස් ඇත. සිල් ඉල්ලීම සිල් සමාදන්වන අය උදෑසන විහාරස්ථානයට යන්නේ තෙල් මල් ආදිය රැගෙනය. විහාරස්ථානයට යන මේ සැදැහැතියෝ බුදුන් වැඳ තමන් අටසිල්හි පිහිටුවන ලෙස භික්ෂූන් වහන්සේ නමකට ආරාධනා කරති. ඒ මෙසේය. “ඔකාස,අහං භන්තෙ තිසරණෙන සද්ධිං අට්ඨාංග සීලං ධම්මං යාචාමි අනනුග්ගහං කත්වා සීලං දෙථ මෙ භන්තෙ” “අවසරයි ස්වාමිනි, “ මම තිසරණ සමග අටසිල් ඉල්ලමි. මට අනුකම්පා කොට සිල් දුන මැනවි “ මෙහි දී භික්ෂූන් වහන්සේ විසින් පිරිස අෂ්ඨාංග ශීලයෙහි පිහිටුවති එයින් පසුව භික්ෂූන් වහන්සේ පිරිසට කෙටි අනුශාසනාවක් පවත්වති. ඒ මෙසේය “තිසරණෙන සද්ධිං පංචශීලං අෂ්ඨංගශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කත්වා අප්පමාදෙන සම්පාදෙථ” “ තිසරණ සහිත පන්සිල් අටසිල් මනාව සුරක්ෂිත කොට රැකගෙන අප්‍රමාදිව කටයුතු කරන්න. යනුවෙනි. චාරිත්‍ර පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවෝ එදින විශේෂ චාරිත්‍ර අනුගමනය කරති. ඔවුහු උදෑසන බුද්ධ පූජාව පවත්වා පසුව හීල් දානය වළඳති. මෙදින ඔවුහු උස අසුන්වල වාඩි නොවෙති. පැදුරු හෝ පත්කඩ එලා බිම වාඩිවෙති. බිම වාඩිවීම උස් පහත් භේද හැර සමානාත්මතා ගුණ ධර්මය ජීවිතයට හුරු කර ගැනීමට හේතුවේ. ඔවුහු හිර අවරට යාමට පෙර දවල් දානය වළඳති. දවල් දානයෙන් පසු සවස් භාගයේදී පිළිගන්වන ලද ගිලන් පස වළඳති. සිල් සමාදන් වු කාලය තුළ දී ඔවුහු ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡා දහම් පොත් කියැවීම, භාවනා කිරීම, පිරිත් සජ්ඣායනා කිරීම සහ වන්දනා කිරීම වැනි පින්කම් වල යෙදෙති. සන්ධ්‍යාවෙහි ඔවුහු නැවත අෂ්ඨාංග ශීලය සමාදන් වෙති. පසු දින උදෑසන පන්සිල් සමාදන් වීමෙන් සිල් පවාරණය කරති. ශාස්ත්‍රවේදී, අධ්‍යාපන ඩිප්ලෝමා එන්.කරුණාරත්න [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom