Social media වලින් සමහරු තමන් සුපිරි ජීවිතයක් ගත කරනවය, සල්ලි බාගෙ තියෙනවය කියලා පෙන්නන්න කරන දේවල්වලින් ඒ අය ඇත්තටම සතුටින් ඉන්නවය කියලා අපි තීරණේ කරන්නෙ කරන්නෙ කොහොමද? Robin Williams කියන්නෙ මේ තාක් කාලෙකට බිහිවුණු ප්‍රහසන විතරක්, නෙවේ ඕනම සංකීර්ණ චරිතයක් කරන්න හැකියාවක් තිබ්බ දක්ෂ නළුවෙක්. මීඩියාවල පෙනී ඉන්න වෙලාවටත් බලන් ඉන්න කෙනෙකුට හිතුනෙත් Robin Williams කියන්නෙ බොහොම විනෝදෙන් හිටිය, හොද සැපවත් ජීවිතයක් ගත කරපු කෙනෙක් කියලා. හැබැයි Robin Willaims සෑහෙන කාලෙක ඉදලා depression වලින් පීඩා වින්දා. අන්තිමට ඔක්කොම සැප සම්පත් තිබිලත් එයත් තමන්ගේ ජීවිතේ නැති කරගන්න තැනට වැටුණෙ ඔය හේතුව නිසා. හොලිවුඩ්වල ඉන්න celebrities ලා බහුතරයක් ගත්තත් කතාව ඕකයි. ඒකයි කවුරුවත් බාහිරින් පෙන්නන දෙයින් එයා සැපවත් ජීවිතයක් ගත කරනවා කියලා හිතලා තමන්ට එහෙම නෑනෙ කියලා මානසිකව වැටෙන්න යන්න හොද නෑ කියලා කියන්නෙ. අපි හැමෝම කරන ලොකුම වැරැද්දක් ඕක. කරන්න ඕන හොදම දේ අනිත් අයත් එක්ක කම්පෙයාර් කරන්න යන්නෙ නැතුව තමන්ට තියෙන හැකියාවක් දියුණු කරගෙන ඒ පැත්තෙන් ඉස්සරහට ගිහිල්ලා ඉතිරි කාලෙ හිතේ සතුටින් ඉන්න පුළුවන් වෙන විදිහට වැඩකටයුතු කරගන්න එක. මේ වගේ එකක් දැක්කම මට මතක් වෙන්නෙම Elon Musk, Joe Rogan podcast එකේදි කියපු මේ කතාවයි. Lex Fridman ගෙ podast එකේදි කියපු කතාවයි.
Last edited:
