Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
:love: අනිවාර්යෙන්ම කියවිය යුතුම කතාවක්!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුමතිපාල නැවතත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබීය. දින 7 කින් සාමාන්‍ය වාට්ටුවට මාරු කෙරිණි. නැවත බන්ධනාගාරයට ගෙනයෑම සදහා වෛද්‍යවරුන් අනුමැතිය දුන්නේ තවත් මාස දෙකක් ගතවීමෙන් පසුවය. එල්ලා මැරීම සදහා වූ නඩු තීන්දුව අනුව නැවත දිනයක් නියම වනතුරු ඔහු මරණයට කැපවූ අනෙක් සිරකරුවන් මෙන් තනි සිරමැදිරියක සිටියේය. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සදහා අධිකරණ අමාත්‍යංශයේ ලිපිය ලැබීම පමා වෙමින් තිබුනේය.

හතුරන් තිදෙනාගෙන් පළි නොගෙන පරලොව නොයා යුතු යයි සිතා ගත් හිතුමතේ සිර ගෙදරින පළා යාමට සැලසුම් කළේය. මරණ දණ්ඩනයට නියමු වූ සිරකරුගේ අඩි 6 x 4 කුඩා කාමරයේ තිබුනේ සීමිත ආම්පන්න. සංඛ්‍යාවකි. කෑම බෙදන තැටිය, කෝප්පය හා මල බදුන හෙවත් පිස් පෝච්චියක්, වතුර සලාකය ලබාදුන් කුඩා බාස්කට් එකක්ද ඒ අතර විය. එම වතුර භාජනය සිර ගෙදර භාෂාවෙන් හදුන්වන ලද්දේ කොට්ටුව යන නමිනි. එය කුඩා බාල්දියක් වැන්නකි. එයට අමතරව සිරකරුගේ පරිහරණය සදහා රෙට්ටුව නමින් හැදින්වූ ඝන රෙද්දක්ද විය. සිර මැදිරියේ බිත්ති නිමවා තිබුනේ විශාල ගල් වලිනි. යම් හෙයකින් බිත්තියේ ගලක් ඉවත්කරගතහොත් ඉන් මතුවන සිදුරෙන් රිංගා සිර මැදිරියෙන් පිටවීමේ හැකියාව තිබේ.

වතුර බාස්කට් එක දෙපසින් තදකර එහි පනිට්ටු කොක්ක ගලවා ගත් ඔහු එය උල් කූරක් සේ යොදා ගනිමින් ගලවටා වූ බදාමය සූරන්නට පටන් ගත්තේය. Condemned Shell ප්‍රදේශයට රාත්‍රී කාලයේ නිලධාරීන් එන්නේ නැත. ඔහු කම්බි කොක්කේ ආධාරයෙන් ගලවට වූ බදාමය සූරාදැමීම සිරගෙය නින්දට ගිය පසු ආරම්භ කළේය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ බදාමය සවිමත් බැවිනි. දිනකට කඩල ගොට්ටක් පිරෙන්නට තරම් වූ බදාම කුඩු ප්‍රමාණයක් එකතු වූ අතර ඒවා හිස් පෝච්චියකට දමා නියමිත වෙලාවට එළියට ගෙන ගියේය. බාල්දි කොක්ක යළි තිබූ පරිද්දෙන් සවි කෙරිණි. දිවා කල අනෙකුත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවිය. ගල වටේ බදාමය සූරා දැමීමෙන් ඇති වූ කඩතොළු වැසීමට ආහාර සලාකයට ලැබුනු පාන් භාගයේ මැද කොටස හොදින් පදම් කොට පිටි ගුලියක් සේ අනා භාවිතා කෙරිණි. රාත්‍රී කාලයේ නොනවත්වාම ඔහු වැඩ කළේය. එම බරැති විශාල ගල මාස එකහමාරක් පමණ යද්දී බුරුල් විය.

පිටතට පැමිණියත් බෝගම්බර හිරගෙදර අඩි 18 ක් තරම් උස තාප්පය තරණය කිරීම ගැටළුවකි. සුමතිපාලට ලැබී තිබූ රෙට්ටුව කලක් පාවිච්චිය නිසා ඉරී තිබුනේය. ඔහු පළමු පියවර වශයෙන් නිලධාරී මහතකුට ඇවිටිලි කොට අලුත් රෙට්ටුවක් ඉල්ලා ගත්තේය. එය බෙහෙවින්ම ශක්තිමත්ය. රෙට්ටුව තීරුවලට ඉරා කඹයක් අඹරා ගත්තොත් එම කඹේ ආධාරයෙන් සිරගෙදර තාප්පය නැග පැන යා හැකිය. රෙට්ටුව තීරුවලට ඉරන්නට පහසු වන පරිදි ඇගිලි පුරුක්වලින් මැන කපන ස්ථාන ලකුණු කල සුමතිපාල කැපුම්වලට මුල පුරා රෙට්ටුව සාමාන්‍ය පරිදි බිම එළා නිදාගත්තේය.

සති තුනක් වැඩ කළ ඔහු ගල ගලවා ඇතුලට ගන්නට සමත් විය. අවට පිරිසිදු කොට නැවතත් ගල පෙර පරිද්දෙන්ම රදවා එදින වැඩ කටයුතු අවසන් කළේය. පසුදින තීරණාත්මක රාත්‍රිය එළැඹියේය. සුමතිපාල හොද ශක්තිමත් කොක්කක් තිබූ කොට්ටු බාල්දියට තමාගේ වතුර සලාකයද ගෙන හැන්දෑවේ ගනන් කිරීමෙන් පසු සිර මැදිරියට වැදුණේය. අවසන් ගනන් ගැනීම සිදු කරන නිලධාරියා මැදිරියට එබී බලන අවස්ථාවේ තද නින්දේ පසුවන ඉරියව්වක සිටි සුමතිපාල ඊළග නිමේෂයේ නැගිට වහ වහා ක්‍රියාත්මක වන්නට විය. රෙට්ටුවෙන් අඩක් තීරු තීරුවලට ඉරාගත් ඔහු ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගොතන්නට විය. විනාඩි 30 ක පමණ කාලයක් තුල අඩි 12 ක් පමණ ශක්තිමත් කඹයක් සාදා ගන්නට ඔහුට හැකි විය. බාල්දි කොක්ක පන්නා එය කඹය අගට ගැට ගැසූ ඔහු ගල ගලවා එළියට ගියේය.

නිසොල්මනේ තාප්පයට කිට්ටු කල සුමතිපාල බාල්දි කොක්ක තාප්පය මතට විසි කර සිර කරගත්තේය. අනතුරුව අඩියට දෙකට තාප්පය මුදුනට ලගා විය. බැම්මට නැග බාල්දි කොක්ක අනෙක් අතට සිරකොට කඹය පහළට දමා බිමට රූටා වැටුනේය. ඔහු සිටියේ බෝගම්බර පිටියට නුදුරින් වූ ලදු කැලෑවේය. (දැන් එය නැත) එතනින් අතුරු පාරක් සොයාගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇදුම් කීපයක් සොරාගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානය දක්වා ගියේය. නුවර සිට පැමිණි බඩු දුම්රියක් එහි නැවැත්වූ අතර එහි කෙළවර එක් මගී පෙට්ටියක් පමණක් අමුනා තිබුණේය. සුමතිපාල ගන්නෝරුවෙන් එයට නැග වනවාසලදී දුම්රියෙන් බැස හිරගෙදරදී හදුනාගත් මිතුරකුගේ නිවෙසට ගියේය. එහි දින දෙකක් ගතකොට ඔහුගෙන් මුදල් අතමාරුවක්ද කරගෙන පසුව වාද්දූව ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට ගියේය.

කුසුමා නැගණිය දූෂණය කර මරා දමන්නට හවුල් වූ කළුතර ගුරුවරයා සොයා ඔහුට දඩුවම් පමුණුවන්නට දෛවය සුමතිපාලට නියම කර තිබේ. කණිටු පාසලක විදුහල්පතිවරයකු වූ ඔහු පොලිස් පරීක්ෂකවරයාට නැගණිය ගැන ඔත්තු සපයා පසුදින මීගමුව කොච්චිකඩේට ගොස් ඇයව දූෂණය කරන්නටද සහභාගි වී තිබේ. එබැවින් ඔහුට දඩුවම් කල යුතුමය.

මිතුරාගෙන් පා පැදියක් ඉල්ලාගත් සුමතිපාල කළුතර නගරය මගහැර අතුරු පාරවල් ඔස්සේ අදාළ විදුහල්පතිවරයාගේ වංහුං සොයා බණ්ඩාරගම පාරේ සැරිසැරුවේය. දින කීපයක් ඇවෑමෙන් ඔහුට තමා සොයන ගොදුර හමුවිය. පරගස්තොටට ගොස් ගුරුවරයාගේ නිවෙස සොයාගත් සුමතිපාල එම නිවෙසින් වතුර වීදුරුවක්ද ඉල්ලාගෙන පානය කොට ආපසු පැමිණියේය.

බන්ධනාගාර මිතුරාගේ නිවසේ සතියක් නතරව සිටි සුමතිපාල ඊලග කාර්යය සදහාද කටයුතු සැලසුම් කළේය. ඔහුගේ මිතුරා ඒ දිනවල ළිදක් කපන්නට මුලපුරා තිබුනේය. ඔහු මිතුරා සමග හරි හරියට මහන්සි වී ළිද කැපුවේය. සති අන්තයේ දිනක මිතුරාගෙන් ගමන් වියදම් ඉල්ලාගත් ඔහු වනවාසල දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැග මීගමුවට ගියේය. කිසිවෙකුට නොදැනෙන්නට, නොහැගෙන්නට කොච්චිකඩේට ගොස් නැගණිය පැහැරගෙන විත් රදවාගෙන සිටි නයගරා ගෙස්ට් හවුසිය සොයා ගන්නට උත්සාහ කළේය. එය සොයා ගැනීම එතරම් අසීරු කරුණක් නොවීය. අසළ කුඩා තේ කඩයක මුදලාලි කෙනෙකු සමග කථාවට වැටුනු ඔහු දැනගත්තේ තානායමේ කෙරෙන වල්කම් පළාත පුරා ප්‍රසිද්ධ බවත්, පෙත්සම් ගැසුවද කිසිවක් නොවූ බවත්ය. තමා හිස ගසා දැමූ අයි.පී ගේ නංගි බැදපු මස්සිනාගේ ගෙස්ට් හවුසිය මෙය බව සහතිකවම දැන ගත්තේය. පසුව ඒ අසළ ගැවසී තානායමේ අයිතිකරු දැකබලා ගත්තේය. ඔහුගේ හැඩරුව නිරීක්ෂණය කොට ආපසු වනවාසලට ගියේය.

එතැන් සිට දෙවැනි දිනයේ දඩයම් ගමන අරඹන්නට තීරණය කල ඔහු මිතුරාගේ කලිසමක් සහ කමිසයක් ඉල්ලා ගත්තේය. තරමක් පැරණි ගමන් බෑගයක්ද මුදලින් රුපියල් 600 ක්ද මිතුරා සුමතිපාලට දුන්නේය. වැදගත් මගියකු ලෙස වෙස්වළාගත් සුමතිපාල වනවාසලින් පිටත්වූ දිනයේම මධ්‍යහ්නයේ කොච්චිකඩේ හන්දියෙන් බැස නයගරා ගෙස්ට් හවුස් වෙත ගියේය. රාත්‍රියේ නැවතී පසුදින උදෑසන ආපසු යාමට කාමර ගාස්තුව එකල අය කලේ රු 100 කි. සුමතිපාල එක් රැයක් පමණක් එහි නවාතැන් ගන්නා බව කීවේය.

සේවකයෙක් කාමරය පෙන්නන්නට ඔහු කැටුව ගියේය. එහි තරමක් වටිනා රන් පැහැති දොර අගුලක් දැමූ කාමරයක් තිබුණේය. සුමතිපාල ඒ කාමරේ දෙන්නැයි ඉල්ලා සිටියේය. මහත්තයා, එ්ක අපේ මුදලාලිගෙ කාමරේ, ඒක පිට අයට දෙන්නෙ නෑ. සේවකයා කීවේය. සුමතිපාල මුදලාලිගේ කාමරයට යාබද කාමරයේ නවාතැන් ගත්තේය. දිවා ආහාරයද තානායමෙන්ම ගෙන. ගමන් මල්ල එහිම තිබෙන්නට හැර කලිසමෙන් හා කමිසයෙන් සැරසී කාමරයේ යතුරද රැගෙන ආලින්දයට පැමිණියේය. ඒ වන විටත් මුදලාලි පැමිණ සිටියේ නැත. ගරාජයේ මෝටර් රථය නොවීය. කොච්චිකඩේ හන්දියට ගිය ඔහු එහිදී හලාවත බසයකට නැගුනේය.

වයික්කාල කඩමණ්ඩියේ ලංකාවේ සුප්‍රසිද්ධ පිහි වෙළෙන්දෝ සිටිති. පාර දෙපැත්තේම පිහි කඩ තිබේ. සුමතිපාල පිහි මැස්සක් ලග නතර වී සිය රාජකාරියට සරිලන පිහිය කුමක්දැයි මන්නා පිහි, වක් පිහි, දික් පිහි, මේස පිහි, මස්කඩ පිහි, මාළු කපන පිහි ආදිය අතර දෙනෙත් එහා මෙහො යැව්වේය. තරමක් දිග මිටක්ද සහිත දිලිසෙන මුවාතකින් යුතු තලයක් සහිත මන්නා පිහියක් ලග ඔහුතේ දෙනෙත නතර විය. එය මිළට ගත් ඔහු සිමෙන්ති උරයකින් එය ඔතාගෙන තානායමට යාමට පෙර දෙමළ චිත්රපටියක්ද නැරඹීය. රාත්‍රී 9.30 ට චිත්‍රපටය අවසන් විය. රාත්‍රී ආහාරය කඩයකින් ගත් ඔහු නැවත තානායමට ගියේය. තානායමේ ගරාජයේ මෝටර් රථයක් නවත්වා තිබේ. ඒ දහවල් මිදුලේ නවත්වා තිබූ තානායම් අයිතිකරුගේ මෝටර් රථය බව ඔහු හැදින ගත්තේය.

හිතුමතේ තමාගේ කාමරය හා මුදලාලිගේ කාමරය හැදිනගෙන තානායමේ වහළයට නැග උළුකැට කීපයක් ඉවත් කිරීමෙන් පසු මුදලාලිගේ කාමරයට විවෘත වන නාන කාමරයට බැස්සේය. නානකාමරයේ දොර මදක් විවර කල විට කාමරයේ දෙදෙනෙකු සිටින බව පෙනිණි. පිරිමියා නිරුවතින් ඇදේ දිගා වී සිටියේය. හිතුමතේ ඔහුට ළං වන විට ඔහු හොරෙක් හොරෙක් යයි කෑ ගැසීය. සුමතිපාල හොදින් නැවී තානායමේ අයිතිකරු කළුතර අයී. පී මහතාගේ මස්සිනා බව නිසැක ලෙස හදුනා ගත්තේය.

යකෝ මම කුසුමාවතීගේ අයියා සුමතිපාල යැයි මන්නා පිහිය ඔසවමින් සුමතිපාල ශබ්ද නගා කීවේය.

ඊලග නිමේෂයේදී මන්න පිහි පහර විදුලි වේගයෙන් තානායම්කරුගේ ගෙල මත පතිත වූයේය. කදින් වෙන්වූ හිසත් කවන්ධයත් පසෙකට ඇලවී ගියේය. තානායම්කරුගේ සිරුරට යටවී හුන් ළාබාල කෙල්ලගේ කෑ ගැසීම මැද සුමතිපාල තානායම්කරුගේ බොකුටු කොණ්ඩයෙන් අල්ලා හිස වම් අතට ගෙන කාමරයේ දොර හැර දකුණතින් ගත් මන්නා පිහියත් සමග මිදුලට පැන්නේය. ගේට්ටුවෙන් පාරටද පැනගත් සුමතිපාල සුළු වෙලාවක් තුල කොළඹ - පුත්තලම පාරේ මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේය.

ඔහු යමින් සිටියේ තෙල්වත්ත පොලිස් මුරපොල දෙසටය. පාන්දර නිසා මහා මාර්ගය පාළුවට ගොස් තිබුනි. නමුත් කිලෝමීටර් 7 ක් පමණ මග ගෙවා තෙල්වත්ත පොලිස් මුරපොළ ආසන්න වන විට මග දිගට කීප දෙනෙක් මිනිස් හිසක් හා පිහියක් අතින් ගත් අයෙකු පාරේ යන බව දැක තිබුනි. මුරපොළ අසළට ගිය ඔහු පිහිය හා හිස එහි තබා ක්ලාන්තව වැටිනි. පොලිස් නිලධාරියකු තමන් පානය කරන්නට ගෙනැවිත් තිබූ වතුර බෝතලයක් සුමතිපාලගේ හිස මත වත්කළේය. සීතල වතුර සිරුර පුරා ගලායන විට සුමතිපාල නැවත ප්‍රකෘති සිහියට පැමිණියේය.

මේ සිදුවීමෙන් පසු හිතුමතේ අනුරාධපුර බන්ධනාගාරයට යවනු ලැබිණි. ඔහුට දෙවන වර පැන යාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්නම වැඩිවීම නිසා අනුරාධපුරය බන්ධනාගාරය තුල තදබදය එන්න එන්නම වැඩි වී පහසුකම් අවම විය. එවැනි තත්වයක් තුල සිරගෙදරින් පැනයාම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ අවශ්‍යතාවයක් බවට පත්වෙමින් පැවතියේය.

ජ.වි.පෙ ට සම්බන්ධ කීප දෙනෙක් පැන යන්නට තීරණය කර පැනයන ප්‍රථම කණ්ඩායමද සංවිධානය කළහ. ජ.වි.පෙ සාමාජිකයන් සමග මරු සිරා සමීප ඇසුරක් පැවැත්වූ නිසා ඔහු ඊට සම්බන්ධ විය. හිතුමතේ මරු සිරාගේ මිතුරා නිසා ඔහු ද එයට සම්බන්ධ විය.

මරු සිරාගේ කණ්ඩායමට පැවරූ වැඩ කොටසට සුමතිපාල ද සහාය වූයේය. ඉවත දැමූ මලකෑ දිරාපත්වූ බාල්දි ගොඩක් මුල්ලක තිබිණි. ඉන් පන්නාගත් බාල්දි කොකු දිග හැර බිම උරච්චි කරමින් තුඩ මුවහත් කොට කුඩා හෙල්ලක් මෙන් සකසා පස් යට සගවා තබන්නට ඔව්හු කටයුතු කලහ. දින කීපයක් තුල උල් යකඩ කූරු 15 ක් තනා අවසන් කොට පස් යට තැන්පත් කෙරිණි.

ප්‍රහාරය ආරම්භ කිරීම සදහා ජ.වි.පෙ සාමාජික හීන් බණ්ඩා උපදෙස් දී තිබුනේ උදෑසන ප්‍රධාන දොර සම්පූර්ණයෙන් විවෘත වන වෙලාවටය. දිනය තෝරා ගැනිණි. එදින උදෑසන කෑම පෝලිමේ සිරකරුවන් වැඩි පිරිසක් සිටින අවස්ථාවක යොදවා සිටි ඔත්තුකරුවකු විසින් ප්‍රධාන දොර අරින බවට සංඥාව ලබාදෙන ලදී. 15 ක පමණ කණ්ඩායමක් ගේට්ටුව දෙසට දිව ගියහ. ඔවුන් ඇතමකු අත ඉතා තියුණු උල් සහිත හෙල්ල තිබිණි.

ජේලර්ලා පිරිසක් බැටන් පොලු ඇතැතිව ඔවුන්ට හරස් කැපූ නමුත් යකඩ උල්වලින් පෙරළා පහරදුන් විට තත්වය පාලනය වූයේය. නිල් පැහැති බන්ධනාගාර වෑන් රථයක් ප්‍රධාන දොර ඇතුලත කාර්යාලය අසල නතර කර තිබුණේය. කිසිවෙක් එය පණගැන්වීය. ආයුධ රාක්කයට කඩා පැන්න කීප දෙනෙක් අගුළු කඩා තුවක්කු හත අටක්ම බෙදා ගත්හ.

ආයුධ දුටු ජේලර්ලා පසු බැස ගියහ. වෑන් රථය පිටත්වන විට සිරකරුවෝ තිස් තුන් දෙනෙක් එහි නැග සිටියහ. මරු සිරාත් ලයනලුත් තුවක්කු ඇතැතිව පැති දොරේ එල්ලී ගමන් කළහ.

සුමතිපාල රිපීටර් තුවක්කුවක් අල්ලාගෙන සිටියේය. එක් සිරකරුවෙකු වහල මත වාඩිවී හුඩ්රැක් එක අල්ලාගෙන සිටිනු පෙනිනි. විලච්චිය පාර දෙපස මිනිස්සු දෑත් හිසේ බැද තුෂ්ණිම්භූතව බලා සිටියහ.

අනුරාධපුර සිරගෙදරින් එළියට පැමිණි වෑන් රථය විලච්චිය පාරට වැද වේගයෙන් ධාවනය වූයේය. වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගියේය. පසුව සැතපුම් 8 පමණ ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර විය. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්හ. මරු සිරා, ලයනල් සහ සුමතිපාල එදිනම සෙසු පිරිසගෙන් සමුගෙන පුලියන්කුලම කැලයට මාරු වූහ. ජ.වි.පෙ සාමාජිකයෝ ඉදිරියට ගොස් ඒ වන විටත් වනගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සමග එකතු වූහ. (සෝමපාල,ගුරුසිංහ සහ ලොකු බණ්ඩාර ඒකනායක යන ජ.වි.පෙ නායකයෝ එකල තන්තිරිමලය අවට කැලයේ කදවුරුබැද සිටියහ. පසුව ජ.වි.පෙ පිරිස් වඩා සංවිධානාත්මක ලෙස දෙවන Prison break එකක් සැලසුම් කල අතර අනුරාධපුර සිරගෙයි උන් විශාල පිරිසක් බේරා ගනු ලැබිණි)

සුමතිපාල මරු සිරාගෙන් සමු ගෙන හේන් ගොවියෙකු සේ වෙස් වළාගෙන පැමිණ ගල්ගමුවේ මිතුරකුගේ නිවසේ දින දෙකක් නතරව සිටියේ සිරගෙය කඩා පලායෑමේ කථාව යටපත් වනතුරුය.

දෙවැනි පලායෑමේ මෙහෙයුම ආරංචි වන විට සුමතිපාල කළුතර වස්කඩුවේ මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියේය. සිය පියාද මිය ගිය බව ඔහුට අසන්නට ලැබුනි. නංගීත්, අම්මාත්, තාත්තාත් ඇතුළු ඔහුගේ පවුල නැවත හමුවිය යුත්තේ මෙලොව නොව එලොවදීය. ඊට පෙර නංගිව දූෂණය කල කළුතර විදුහල්පතිවරයාත්, හලාවත ආරච්චිකට්ටුවේ මස් කඩ මුදලාලිත් සමග ගණුදෙනු බේරා ගන්නට තිබේ.

සුමතිපාලගේ මිතුරා ඔහුගේ බිරියට සුමතිපාලව හදුන්වා දුන්නේ අනුරාධපුර පළාතේ සිට පැමිණි දුර බැහැර ඤාතියෙකු හැටියටය. එබැවින් දින කීපයක් එම නිවෙසේ ගතකිරීමට අපහසුවක් නොවීය. මිතුරාගේ බයිසිකලය ඉල්ලාගත් සුමතිපාල පරගස්තොට පැත්තට බයිසිකලය පැදගෙන ගොස් කලින් දැන සිටි මංසලකුණු ඔසසේ ගොස් නංගි දූෂනය කර මරාදැමීමට සහාය වූ විදුහල්පතිවරයාගේ නිවෙස සොයා ගත්තේය. එම නිවෙස පැරැණි පන්නයේ එකකි. වත්ත තරමක් විශාලය. කෙසෙල් වගා කර තිබේ. සුමතිපාල නිවෙසට වැටුණු සුදු වැලි පාර ඔස්සේ මිදුලටම බයිසිකලය පැදගෙන ගියේය. ගුරුවරයාගේ බිරිය යැයි සිතිය හැකි කාන්තාවක් ආලින්දයට පැමිණියාය.

නෝනා කෙසෙල් කැනක් දෙකක් කපාගන්න පුලුවන්ද කියලයි බැලුවේ.

සුමතිපාල අහිංසක ලීලාවෙන් ඇසුවේය. මෙහේ කෙසෙල් කැන් නැතැයි ඇය පිළිතුරු දුන්නාය. මේ අවස්ථාවේ මෝටර් සයිකලයකින් විදුහල්පති ගුරුවරයාද එහි ආවේය. ඔහුගේ පෙනුම මනාව හිතට ගත් සුමතිපාල පිටත් විය.

පසුදින සුමතිපාල නැවත සයිකලයට නැගී පයාගල රේන්ද වාඩියකට ගියේය. එහි අයිතිකරු හිතුමතේගේ පියා හදුනන නමුත් සුමතිපාල මතක නැත. වාඩියෙන් මල් කපන පිහියක් ඉල්ලාගත් ඔහු එදින දවස ගෙවෙනතුරු එහෙ මෙහෙ රස්තියාදු වී රාත්‍රී 10 ට පමණ ගුරුවරයාගේ නිවසට ගියේය. වත්තේ කොනක සැගවී සිටි ඔහුට නින්ද ගියේය. පනිට්ටුවක් සෙලවෙන ශබ්දයෙන් ඇහැරුණු ඔහු විදුහල්පතිවරයා බාල්දියක්ද රැගෙන වැසිකිළිය දෙසට යමින් සිටිනු දුටුවේය. වැසිකිළි දොර වසාගත් පසු සුමතිපාල එක් අතකින් පිහියද ගෙන පොල් පිත්තක් බිත්තියට තබා ඒ මත නැගී කවුළුවෙන් වැසිකිළිය තුළට එබී බැලුවේය. පිහිය සහිත අතද ඇතුළට ගත්තේය.

වැසිකිළිය තුල සිටි මිනිසා ඔහුගේ හිසට වැලි සහ බදාම කැට වැටීම නිසා උඩ බැලුවේය. කුප්පි ලාම්පුවේ එළයෙන් සිහින් උඩු රැවුලක් සහිත මනමාල මුහුණ සුමතිපාල හැදිනගත්තේය.

කවුද යකෝ මේ ? විදුහල්පති කෑ ගැසුවේය.

මම තොපි මරාදාපු කුසුමාවතීගේ අයියා.... සුමතිපාල මොර දුන්නේය.

ඊළග මෙහොතේ ඇසිල්ලකින් වැසිකිළියේ දොර අරින්නට නැගී සිටි මිනිසාගේ ගෙල හරහා මල් කපන පිහිය ඇදී ගියේය. කවන්ධය වැසිකිළිය තුලම වැටුන අතර හිස වැසිකිළියෙන් පිටතට විසිවී ගියේය. සුමතිපාල එක් අතකින් කෙස්වැටියෙන් අල්ලාගත් හිසත් අනෙක් අතින් ගත් ලේ තැවරුනු පිහියත් රැගෙන දර මඩුව අසලට ගොස් සයිකලයද ගෙන එහි දමාගෙන ආ ගෝනියක් ලෙහා හිසත් පිහියත් ඒ තුලට දමා බැද ගත්තේය.

බණ්ඩාරගම ප්‍රධාන පාරට පැමිණි ඔහු කළුතර දෙසට වේගයෙන් සයිකලය පැද ගියේය. පොලිස් අධිරීවරයාගේ නිල නිවාසය අසලට එන විට වෙලාව උදෑසන 6.00 පසු වී තිබුනේය. හිතුමතේ ඒ වන විට දහදිය දමා දියබත්ව උන්නේය. අලුයම ව්‍යායාම සදහා බැහැර සක්මනෙහි යෙදුනු සහකාර පොලිස් අධිකාරී තැන අරින ලද ගේට්ටුව අතරින් නිල නිවෙසට ඇතුලු වෙමින් සිටියේය.

ඔහු පසුපසම ගේට්ටුවෙන් ඇතුළු වූ සුමතිපාල සයිකලය නවත්වා ඔන්න මහත්තයෝ මම අනිත් එකාවත් ඉවර කෙරුවා යැයි ගෝනිය ලෙහා හිස එළියට ගත්තේය.

කළුතර මිනී මැරුමේ මූලික විමර්ශන අවසන් වන තුරු කෙටි කාලයක් කළුතර බන්ධනාගාරයේ සිටි සුමතිපාල නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරිණි. වැලිකඩදී ඔහුට සිරිපාල එනම් මරු සිරා අනුරාධපුර විජයපුර වතුර ටැංකිය අසල වෙඩි වැදී වැටී සිටියදී අල්ලාගනු ලැබූ බව අසන්නට ලැබිණි. මරු සිරා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන සිටියත් ඔහු මියගියේ නැත.

සුමතිපාලගේ කැරැට්ටුව දන්නා පැරණි සිරකරුවන් අතර ඔහුට කිසියම් ගෞරවයක් හා සැලකිල්ලක් තිබුනේය.

සුමතිපාලට මෙන්ම සුපිරි වැඩකාරයන් සේ සැලකූ ඇතැම් වැඩකාරයන්ට කෑම පෝලිමේදී මස් කෑල්ලක් වැඩිපුර ලැබුනේය. එවැන්නෝ සමහර විට විවිධ හේතු දක්වමින් බන්ධනාගාර රෝහලේම සිටියහ. නමුත් සුමතිපාල සාමාන්‍ය සිරකරුවන් අතරම සිටියේය. සුමතිපාලට හිතවත්කම් දක්වන සිරුකරුවෙක් දිනක් සවස් භාගයේ ඔහු වෙත පැමිණ රහසක් කනේ තැබුවේය. ඉන් කියැවුනේ ලගදි ඇතුළට පැමිණි සිරකරුවකු සුමතිපාල ගැන විස්තරයක් තමාගෙන් ඇසූ බවත් මාසයක් පමණ කෙටි අච්චුවකට ඔහු සිරගෙට පැමිණ ඇති බැවින් ටිකක් සැලකිල්ලෙන් පසුවීම නුවණට හුරු බවත්ය.

පසුදින යහළුවා සුමතිපාලට සැක සහිත සිරකරුවා පෙන්වා දුන්නේය. ඔහු වෙනත් කිසිවකු හා කතාකරමින් සිටයදී සුමතිපාල ඔහු හොදින් නිරීක්ෂණය කර ගත්තේය. හෙතෙම ආගන්තුක තැනැත්තා පිළිබද විස්තර සොයා බැලුවේය. හෙතෙම ජා-ඇල ප්‍රදේශයේ අයෙකි. නම ලක්ෂ්මන්ය. කොන්ත්‍රාත්තුවට මිනී මරන පාතාලකාරයෙකි. නමුත් මෙවර සිරගෙයි සිටින්නේ ගංජා සමග පොලීසියට හසුවී වරද පිළිගෙන උසාවියෙන් නියම කල දඩය නොගෙවා සිරගත වීමෙනි.

එම තොරතුරු එතරම් යහපත් නැත. සමහර විට කොච්චිකඩේ ගෙස්ට් හවුස්කාරයාගේ ඥාතීන් හෝ තවමත් තමා සොයමින් සිටින ආරච්චිකට්ටුවේ ජස්ටින් මස්කඩ මුදලාලි හෝ තමා මරා දැමීම සදහා මේ පුද්ගලයා බන්ධනාගාරයට දැම්මා වෙන්නට පුළුවන. ලක්ෂ්මන් කිසිවිටෙක සුමතිපාල හා කථාබහ නොකළේය. එහෙත් නිතරම තමා පෙනෙන තෙක් මානයේ සිටීමට ඔහු වෑයම් කරන බව සුමතිපාලට ඒත්තු ගියේය. ගංජාකාරයාගේ අච්චුව අවසන් වීමට තිබුනේ තවත් දින 14 කි. ඔහු තුල නොඉවසිල්ලක් වැඩෙන බව සුමතිපාලට වැටහුණේය.බොහෝවිට සුමතිපාලගේත් ගංජා ලක්ෂ්මන්ගේත් ඇස් එකිනෙක හමුවූ අතර දෙදෙනාම වහා ඉවත බලාගත්හ. ඔහු ඉව අල්ලමින් සිටින්නේ නිසැක ලෙසම තමා නින්දට පත්වන මොහොතක් අල්ලා ගන්නට බව සුමතිපාල දැන සිටියේය. රාත්‍රී කාලයේ සුමතිපාලත් ලක්ෂ්මනුත් වැසුනේ තවත් සිරකරුවන් 40 ක් සමග විශාල ෂෙල් එකකය. බොහෝ විට සුමතිපාල නිදාගත්තේ නැත. අඩ නින්දේ නමුත් සෑම මෙහොතක්ම සෝදියෙන් පසු වූවේය. මේ පුද්ගලයාට අහේතුකව ප්‍රහාරයක් එල්ල කරන්නටත් බැරිය. පැමිණිලි කිරීම එක අතකට මදිපුංචි කමකි. අනෙක් අතට ඒ සදහා ඔප්පු කල හැකි කිසිදු සාක්ෂියක්ද නැතිය.

සුමතිපාල එන ඕනෑම තත්වයකට තමාම මුහුණ දෙන්නට තීරණය කළේය. ගංජා ලක්ෂ්මන් අත කිසිදු අවියක් හෝ පහරදිය හැකි උපකරණයක් පෙනෙන්නට නැති බවත් හිතුමතේ නිරීක්ෂනය කළේය. ලක්ෂ්මන් නිදහස් වී යන්නට තවත් තිබුනේ දින 4කි. දින තුනක්ම සුමතිපාල ඇහැක් පියෙව්වේ නැත. තමාට අතක් තිබ්බොත් අපායට යතත් ඒකාවත් අරගෙන යනවා යැයි සුමතිපාල සිතා ගත්තේය. අවසන් දින අවසන් රාත්‍රිය උදා විය.

සුමතිපාල අළුයම් යාමය පැමිණෙනතුරු අසීරු රාත්‍රිය නොනිදා පහන් කළේය. ඒ වන විටත් ඔහු දින තුනක් නිදි වරා සිටියේය. අලුයම 4 පසුවූ පසු ඔහු නින්දට පරාජය වූවේය.

සුමතිපාලගේ පියවුණු දෙනෙතට තමා වෙත වේගයෙන් පතිත වන කිසියම් ඡායාවක් දැනුනේය. විදුලි වේගයෙන් කිසිවක තියුණු තුඩක් සුමතිපාලගේ වම් ඇස අසළින් කිදා බැස්සේය. ඇසෙන් එළියට පැන්න උණුසුම් ලේ දහරාවක් මුහුණ පුරා පතිත වූවේය. දෑස් අන්ධකාරයේ ගිලී තිබියදී විදුලි වේගයෙන් නැගී සිටි සුමතිපාල එසේ නැගිටිමින්ම ඇසට කිදා බැස තිබූ යකඩ කූර තම අතින් ඉවතට ඇද තමා වෙත නැඹුරු වී සිටි මිනිසා පෙරළාගෙන ඇනගෙන ඇනගෙන ගියේය. ඔහුගේ මුහුණ ලෙයින් පෙගී තිබුණේය. ඔහු උල් පහර එල්ල කලේ කිසිවක් නොපෙනී අදුරේය. මහා ගාලගෝට්ටියකින් සෙසු සිරකරුවන් සුමතිපාල අල්ලා මේච්චල් කරන විට සුමතිපාලගෙන් පහර කෑ මිනිසා ලේ විලක මැරී සිටියේය. ඒ අන් කිසිවකු නොව ජා-ඇල ගංජා ලක්ෂ්මන්ය.

හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ සුමතිපාල ලක්ෂ්මන්ට තියුණු යකඩ උලකින් 46 වාරයක් ඇන ඇති බවය. සුමතිපාලගේ ඇස කෙළවරට එල්ල වූ පහර උඩුතල්ල දක්වා අගල් දෙකක් පමණ ඇතුලට බැස තිබුනේය. සිරගෙට පැමිණි මාරයා සුමතිපාලට කොකා පෙන්වා ලක්ෂ්මන්ව කැදවාගෙන ගොස් තිබුනේය.

කොළඹ නයනාරෝග්‍ය ශාලාවේත් ජාතික රෝහලේත් මාසයකට ආසන්න කාලයක් සුමතිපාල ප්‍රතිකාර ලැබුවේය. යකඩ කූර වම් අැසට දශම කීපයක් ඔබ්බෙන් කිදා බැස තිබූ හෙයින් ඔහුට පෙනීම සම්බන්ධ ගැටලුවකට මුහුණපාන්නට සිදු වූයේ නැත. උඩුතල්ල සිදුරු කරමින් ඇති වූ තුවාලයද ක්‍රමයෙන් සුවපත් විය. ඔහු යළිත් වැලිකඩ සිරගෙදරටම එවනු ලැබිණි.

තමා මරා දැමීම සදහා ලක්ෂ්මන් බන්ධනාගාරයට එවූයේ කවුදැයි යන ප්රශ්නය නිරාකරණය කර ගැනීමට සුමතිපාලට හැකි විය. පුත්තලම් පාරේ මස්කඩ කීපයකම හිමිකරුවකු වූ ආරච්චිකට්ටුවේ ගැස්ටන් මුදලාලි මේ සිදුවීම පසුපස සිටියේය. ගැස්ටන් කොච්චිකඩේ ගෙස්ට් හවුස් අයිතිකාරයකු වූ කළුතර පොලිස් පරීක්ෂකගේ මස්සිනාගේ මිතුරෙකි.

කුසුමාවතී වනාතවිල්ලුවට රැගෙන ගොස් ඝාතනය කරන්නට මග පෙන්වා ඇත්තේ ඔහුය. දැන් සුමතිපාල මරා දමන්නට ගොස් පොල්ල වරද්දා ගැනීම නිසා ගැස්ටන් මුදලාලිගේ ඉරණම තව දුරටත් තීන්දු වී තිබේ.

[QUOTE="Satan_at_Hell, post: 18132758, member: 517582"] [SIZE="5"][COLOR="DarkRed"]සුමතිපාල නැවතත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබීය. දින 7 කින් සාමාන්‍ය වාට්ටුවට මාරු කෙරිණි. නැවත බන්ධනාගාරයට ගෙනයෑම සදහා වෛද්‍යවරුන් අනුමැතිය දුන්නේ තවත් මාස දෙකක් ගතවීමෙන් පසුවය. එල්ලා මැරීම සදහා වූ නඩු තීන්දුව අනුව නැවත දිනයක් නියම වනතුරු ඔහු මරණයට කැපවූ අනෙක් සිරකරුවන් මෙන් තනි සිරමැදිරියක සිටියේය. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සදහා අධිකරණ අමාත්‍යංශයේ ලිපිය ලැබීම පමා වෙමින් තිබුනේය. හතුරන් තිදෙනාගෙන් පළි නොගෙන පරලොව නොයා යුතු යයි සිතා ගත් හිතුමතේ සිර ගෙදරින පළා යාමට සැලසුම් කළේය. මරණ දණ්ඩනයට නියමු වූ සිරකරුගේ අඩි 6 x 4 කුඩා කාමරයේ තිබුනේ සීමිත ආම්පන්න. සංඛ්‍යාවකි. කෑම බෙදන තැටිය, කෝප්පය හා මල බදුන හෙවත් පිස් පෝච්චියක්, වතුර සලාකය ලබාදුන් කුඩා බාස්කට් එකක්ද ඒ අතර විය. එම වතුර භාජනය සිර ගෙදර භාෂාවෙන් හදුන්වන ලද්දේ කොට්ටුව යන නමිනි. එය කුඩා බාල්දියක් වැන්නකි. එයට අමතරව සිරකරුගේ පරිහරණය සදහා රෙට්ටුව නමින් හැදින්වූ ඝන රෙද්දක්ද විය. සිර මැදිරියේ බිත්ති නිමවා තිබුනේ විශාල ගල් වලිනි. යම් හෙයකින් බිත්තියේ ගලක් ඉවත්කරගතහොත් ඉන් මතුවන සිදුරෙන් රිංගා සිර මැදිරියෙන් පිටවීමේ හැකියාව තිබේ. වතුර බාස්කට් එක දෙපසින් තදකර එහි පනිට්ටු කොක්ක ගලවා ගත් ඔහු එය උල් කූරක් සේ යොදා ගනිමින් ගලවටා වූ බදාමය සූරන්නට පටන් ගත්තේය. Condemned Shell ප්‍රදේශයට රාත්‍රී කාලයේ නිලධාරීන් එන්නේ නැත. ඔහු කම්බි කොක්කේ ආධාරයෙන් ගලවට වූ බදාමය සූරාදැමීම සිරගෙය නින්දට ගිය පසු ආරම්භ කළේය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ බදාමය සවිමත් බැවිනි. දිනකට කඩල ගොට්ටක් පිරෙන්නට තරම් වූ බදාම කුඩු ප්‍රමාණයක් එකතු වූ අතර ඒවා හිස් පෝච්චියකට දමා නියමිත වෙලාවට එළියට ගෙන ගියේය. බාල්දි කොක්ක යළි තිබූ පරිද්දෙන් සවි කෙරිණි. දිවා කල අනෙකුත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවිය. ගල වටේ බදාමය සූරා දැමීමෙන් ඇති වූ කඩතොළු වැසීමට ආහාර සලාකයට ලැබුනු පාන් භාගයේ මැද කොටස හොදින් පදම් කොට පිටි ගුලියක් සේ අනා භාවිතා කෙරිණි. රාත්‍රී කාලයේ නොනවත්වාම ඔහු වැඩ කළේය. එම බරැති විශාල ගල මාස එකහමාරක් පමණ යද්දී බුරුල් විය. පිටතට පැමිණියත් බෝගම්බර හිරගෙදර අඩි 18 ක් තරම් උස තාප්පය තරණය කිරීම ගැටළුවකි. සුමතිපාලට ලැබී තිබූ රෙට්ටුව කලක් පාවිච්චිය නිසා ඉරී තිබුනේය. ඔහු පළමු පියවර වශයෙන් නිලධාරී මහතකුට ඇවිටිලි කොට අලුත් රෙට්ටුවක් ඉල්ලා ගත්තේය. එය බෙහෙවින්ම ශක්තිමත්ය. රෙට්ටුව තීරුවලට ඉරා කඹයක් අඹරා ගත්තොත් එම කඹේ ආධාරයෙන් සිරගෙදර තාප්පය නැග පැන යා හැකිය. රෙට්ටුව තීරුවලට ඉරන්නට පහසු වන පරිදි ඇගිලි පුරුක්වලින් මැන කපන ස්ථාන ලකුණු කල සුමතිපාල කැපුම්වලට මුල පුරා රෙට්ටුව සාමාන්‍ය පරිදි බිම එළා නිදාගත්තේය. සති තුනක් වැඩ කළ ඔහු ගල ගලවා ඇතුලට ගන්නට සමත් විය. අවට පිරිසිදු කොට නැවතත් ගල පෙර පරිද්දෙන්ම රදවා එදින වැඩ කටයුතු අවසන් කළේය. පසුදින තීරණාත්මක රාත්‍රිය එළැඹියේය. සුමතිපාල හොද ශක්තිමත් කොක්කක් තිබූ කොට්ටු බාල්දියට තමාගේ වතුර සලාකයද ගෙන හැන්දෑවේ ගනන් කිරීමෙන් පසු සිර මැදිරියට වැදුණේය. අවසන් ගනන් ගැනීම සිදු කරන නිලධාරියා මැදිරියට එබී බලන අවස්ථාවේ තද නින්දේ පසුවන ඉරියව්වක සිටි සුමතිපාල ඊළග නිමේෂයේ නැගිට වහ වහා ක්‍රියාත්මක වන්නට විය. රෙට්ටුවෙන් අඩක් තීරු තීරුවලට ඉරාගත් ඔහු ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගොතන්නට විය. විනාඩි 30 ක පමණ කාලයක් තුල අඩි 12 ක් පමණ ශක්තිමත් කඹයක් සාදා ගන්නට ඔහුට හැකි විය. බාල්දි කොක්ක පන්නා එය කඹය අගට ගැට ගැසූ ඔහු ගල ගලවා එළියට ගියේය. නිසොල්මනේ තාප්පයට කිට්ටු කල සුමතිපාල බාල්දි කොක්ක තාප්පය මතට විසි කර සිර කරගත්තේය. අනතුරුව අඩියට දෙකට තාප්පය මුදුනට ලගා විය. බැම්මට නැග බාල්දි කොක්ක අනෙක් අතට සිරකොට කඹය පහළට දමා බිමට රූටා වැටුනේය. ඔහු සිටියේ බෝගම්බර පිටියට නුදුරින් වූ ලදු කැලෑවේය. (දැන් එය නැත) එතනින් අතුරු පාරක් සොයාගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇදුම් කීපයක් සොරාගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානය දක්වා ගියේය. නුවර සිට පැමිණි බඩු දුම්රියක් එහි නැවැත්වූ අතර එහි කෙළවර එක් මගී පෙට්ටියක් පමණක් අමුනා තිබුණේය. සුමතිපාල ගන්නෝරුවෙන් එයට නැග වනවාසලදී දුම්රියෙන් බැස හිරගෙදරදී හදුනාගත් මිතුරකුගේ නිවෙසට ගියේය. එහි දින දෙකක් ගතකොට ඔහුගෙන් මුදල් අතමාරුවක්ද කරගෙන පසුව වාද්දූව ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට ගියේය. කුසුමා නැගණිය දූෂණය කර මරා දමන්නට හවුල් වූ කළුතර ගුරුවරයා සොයා ඔහුට දඩුවම් පමුණුවන්නට දෛවය සුමතිපාලට නියම කර තිබේ. කණිටු පාසලක විදුහල්පතිවරයකු වූ ඔහු පොලිස් පරීක්ෂකවරයාට නැගණිය ගැන ඔත්තු සපයා පසුදින මීගමුව කොච්චිකඩේට ගොස් ඇයව දූෂණය කරන්නටද සහභාගි වී තිබේ. එබැවින් ඔහුට දඩුවම් කල යුතුමය. මිතුරාගෙන් පා පැදියක් ඉල්ලාගත් සුමතිපාල කළුතර නගරය මගහැර අතුරු පාරවල් ඔස්සේ අදාළ විදුහල්පතිවරයාගේ වංහුං සොයා බණ්ඩාරගම පාරේ සැරිසැරුවේය. දින කීපයක් ඇවෑමෙන් ඔහුට තමා සොයන ගොදුර හමුවිය. පරගස්තොටට ගොස් ගුරුවරයාගේ නිවෙස සොයාගත් සුමතිපාල එම නිවෙසින් වතුර වීදුරුවක්ද ඉල්ලාගෙන පානය කොට ආපසු පැමිණියේය. බන්ධනාගාර මිතුරාගේ නිවසේ සතියක් නතරව සිටි සුමතිපාල ඊලග කාර්යය සදහාද කටයුතු සැලසුම් කළේය. ඔහුගේ මිතුරා ඒ දිනවල ළිදක් කපන්නට මුලපුරා තිබුනේය. ඔහු මිතුරා සමග හරි හරියට මහන්සි වී ළිද කැපුවේය. සති අන්තයේ දිනක මිතුරාගෙන් ගමන් වියදම් ඉල්ලාගත් ඔහු වනවාසල දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැග මීගමුවට ගියේය. කිසිවෙකුට නොදැනෙන්නට, නොහැගෙන්නට කොච්චිකඩේට ගොස් නැගණිය පැහැරගෙන විත් රදවාගෙන සිටි නයගරා ගෙස්ට් හවුසිය සොයා ගන්නට උත්සාහ කළේය. එය සොයා ගැනීම එතරම් අසීරු කරුණක් නොවීය. අසළ කුඩා තේ කඩයක මුදලාලි කෙනෙකු සමග කථාවට වැටුනු ඔහු දැනගත්තේ තානායමේ කෙරෙන වල්කම් පළාත පුරා ප්‍රසිද්ධ බවත්, පෙත්සම් ගැසුවද කිසිවක් නොවූ බවත්ය. තමා හිස ගසා දැමූ අයි.පී ගේ නංගි බැදපු මස්සිනාගේ ගෙස්ට් හවුසිය මෙය බව සහතිකවම දැන ගත්තේය. පසුව ඒ අසළ ගැවසී තානායමේ අයිතිකරු දැකබලා ගත්තේය. ඔහුගේ හැඩරුව නිරීක්ෂණය කොට ආපසු වනවාසලට ගියේය. එතැන් සිට දෙවැනි දිනයේ දඩයම් ගමන අරඹන්නට තීරණය කල ඔහු මිතුරාගේ කලිසමක් සහ කමිසයක් ඉල්ලා ගත්තේය. තරමක් පැරණි ගමන් බෑගයක්ද මුදලින් රුපියල් 600 ක්ද මිතුරා සුමතිපාලට දුන්නේය. වැදගත් මගියකු ලෙස වෙස්වළාගත් සුමතිපාල වනවාසලින් පිටත්වූ දිනයේම මධ්‍යහ්නයේ කොච්චිකඩේ හන්දියෙන් බැස නයගරා ගෙස්ට් හවුස් වෙත ගියේය. රාත්‍රියේ නැවතී පසුදින උදෑසන ආපසු යාමට කාමර ගාස්තුව එකල අය කලේ රු 100 කි. සුමතිපාල එක් රැයක් පමණක් එහි නවාතැන් ගන්නා බව කීවේය. සේවකයෙක් කාමරය පෙන්නන්නට ඔහු කැටුව ගියේය. එහි තරමක් වටිනා රන් පැහැති දොර අගුලක් දැමූ කාමරයක් තිබුණේය. සුමතිපාල ඒ කාමරේ දෙන්නැයි ඉල්ලා සිටියේය. මහත්තයා, එ්ක අපේ මුදලාලිගෙ කාමරේ, ඒක පිට අයට දෙන්නෙ නෑ. සේවකයා කීවේය. සුමතිපාල මුදලාලිගේ කාමරයට යාබද කාමරයේ නවාතැන් ගත්තේය. දිවා ආහාරයද තානායමෙන්ම ගෙන. ගමන් මල්ල එහිම තිබෙන්නට හැර කලිසමෙන් හා කමිසයෙන් සැරසී කාමරයේ යතුරද රැගෙන ආලින්දයට පැමිණියේය. ඒ වන විටත් මුදලාලි පැමිණ සිටියේ නැත. ගරාජයේ මෝටර් රථය නොවීය. කොච්චිකඩේ හන්දියට ගිය ඔහු එහිදී හලාවත බසයකට නැගුනේය. වයික්කාල කඩමණ්ඩියේ ලංකාවේ සුප්‍රසිද්ධ පිහි වෙළෙන්දෝ සිටිති. පාර දෙපැත්තේම පිහි කඩ තිබේ. සුමතිපාල පිහි මැස්සක් ලග නතර වී සිය රාජකාරියට සරිලන පිහිය කුමක්දැයි මන්නා පිහි, වක් පිහි, දික් පිහි, මේස පිහි, මස්කඩ පිහි, මාළු කපන පිහි ආදිය අතර දෙනෙත් එහා මෙහො යැව්වේය. තරමක් දිග මිටක්ද සහිත දිලිසෙන මුවාතකින් යුතු තලයක් සහිත මන්නා පිහියක් ලග ඔහුතේ දෙනෙත නතර විය. එය මිළට ගත් ඔහු සිමෙන්ති උරයකින් එය ඔතාගෙන තානායමට යාමට පෙර දෙමළ චිත්රපටියක්ද නැරඹීය. රාත්‍රී 9.30 ට චිත්‍රපටය අවසන් විය. රාත්‍රී ආහාරය කඩයකින් ගත් ඔහු නැවත තානායමට ගියේය. තානායමේ ගරාජයේ මෝටර් රථයක් නවත්වා තිබේ. ඒ දහවල් මිදුලේ නවත්වා තිබූ තානායම් අයිතිකරුගේ මෝටර් රථය බව ඔහු හැදින ගත්තේය. හිතුමතේ තමාගේ කාමරය හා මුදලාලිගේ කාමරය හැදිනගෙන තානායමේ වහළයට නැග උළුකැට කීපයක් ඉවත් කිරීමෙන් පසු මුදලාලිගේ කාමරයට විවෘත වන නාන කාමරයට බැස්සේය. නානකාමරයේ දොර මදක් විවර කල විට කාමරයේ දෙදෙනෙකු සිටින බව පෙනිණි. පිරිමියා නිරුවතින් ඇදේ දිගා වී සිටියේය. හිතුමතේ ඔහුට ළං වන විට ඔහු හොරෙක් හොරෙක් යයි කෑ ගැසීය. සුමතිපාල හොදින් නැවී තානායමේ අයිතිකරු කළුතර අයී. පී මහතාගේ මස්සිනා බව නිසැක ලෙස හදුනා ගත්තේය. යකෝ මම කුසුමාවතීගේ අයියා සුමතිපාල යැයි මන්නා පිහිය ඔසවමින් සුමතිපාල ශබ්ද නගා කීවේය. ඊලග නිමේෂයේදී මන්න පිහි පහර විදුලි වේගයෙන් තානායම්කරුගේ ගෙල මත පතිත වූයේය. කදින් වෙන්වූ හිසත් කවන්ධයත් පසෙකට ඇලවී ගියේය. තානායම්කරුගේ සිරුරට යටවී හුන් ළාබාල කෙල්ලගේ කෑ ගැසීම මැද සුමතිපාල තානායම්කරුගේ බොකුටු කොණ්ඩයෙන් අල්ලා හිස වම් අතට ගෙන කාමරයේ දොර හැර දකුණතින් ගත් මන්නා පිහියත් සමග මිදුලට පැන්නේය. ගේට්ටුවෙන් පාරටද පැනගත් සුමතිපාල සුළු වෙලාවක් තුල කොළඹ - පුත්තලම පාරේ මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේය. ඔහු යමින් සිටියේ තෙල්වත්ත පොලිස් මුරපොල දෙසටය. පාන්දර නිසා මහා මාර්ගය පාළුවට ගොස් තිබුනි. නමුත් කිලෝමීටර් 7 ක් පමණ මග ගෙවා තෙල්වත්ත පොලිස් මුරපොළ ආසන්න වන විට මග දිගට කීප දෙනෙක් මිනිස් හිසක් හා පිහියක් අතින් ගත් අයෙකු පාරේ යන බව දැක තිබුනි. මුරපොළ අසළට ගිය ඔහු පිහිය හා හිස එහි තබා ක්ලාන්තව වැටිනි. පොලිස් නිලධාරියකු තමන් පානය කරන්නට ගෙනැවිත් තිබූ වතුර බෝතලයක් සුමතිපාලගේ හිස මත වත්කළේය. සීතල වතුර සිරුර පුරා ගලායන විට සුමතිපාල නැවත ප්‍රකෘති සිහියට පැමිණියේය. මේ සිදුවීමෙන් පසු හිතුමතේ අනුරාධපුර බන්ධනාගාරයට යවනු ලැබිණි. ඔහුට දෙවන වර පැන යාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්නම වැඩිවීම නිසා අනුරාධපුරය බන්ධනාගාරය තුල තදබදය එන්න එන්නම වැඩි වී පහසුකම් අවම විය. එවැනි තත්වයක් තුල සිරගෙදරින් පැනයාම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ අවශ්‍යතාවයක් බවට පත්වෙමින් පැවතියේය. ජ.වි.පෙ ට සම්බන්ධ කීප දෙනෙක් පැන යන්නට තීරණය කර පැනයන ප්‍රථම කණ්ඩායමද සංවිධානය කළහ. ජ.වි.පෙ සාමාජිකයන් සමග මරු සිරා සමීප ඇසුරක් පැවැත්වූ නිසා ඔහු ඊට සම්බන්ධ විය. හිතුමතේ මරු සිරාගේ මිතුරා නිසා ඔහු ද එයට සම්බන්ධ විය. මරු සිරාගේ කණ්ඩායමට පැවරූ වැඩ කොටසට සුමතිපාල ද සහාය වූයේය. ඉවත දැමූ මලකෑ දිරාපත්වූ බාල්දි ගොඩක් මුල්ලක තිබිණි. ඉන් පන්නාගත් බාල්දි කොකු දිග හැර බිම උරච්චි කරමින් තුඩ මුවහත් කොට කුඩා හෙල්ලක් මෙන් සකසා පස් යට සගවා තබන්නට ඔව්හු කටයුතු කලහ. දින කීපයක් තුල උල් යකඩ කූරු 15 ක් තනා අවසන් කොට පස් යට තැන්පත් කෙරිණි. ප්‍රහාරය ආරම්භ කිරීම සදහා ජ.වි.පෙ සාමාජික හීන් බණ්ඩා උපදෙස් දී තිබුනේ උදෑසන ප්‍රධාන දොර සම්පූර්ණයෙන් විවෘත වන වෙලාවටය. දිනය තෝරා ගැනිණි. එදින උදෑසන කෑම පෝලිමේ සිරකරුවන් වැඩි පිරිසක් සිටින අවස්ථාවක යොදවා සිටි ඔත්තුකරුවකු විසින් ප්‍රධාන දොර අරින බවට සංඥාව ලබාදෙන ලදී. 15 ක පමණ කණ්ඩායමක් ගේට්ටුව දෙසට දිව ගියහ. ඔවුන් ඇතමකු අත ඉතා තියුණු උල් සහිත හෙල්ල තිබිණි. ජේලර්ලා පිරිසක් බැටන් පොලු ඇතැතිව ඔවුන්ට හරස් කැපූ නමුත් යකඩ උල්වලින් පෙරළා පහරදුන් විට තත්වය පාලනය වූයේය. නිල් පැහැති බන්ධනාගාර වෑන් රථයක් ප්‍රධාන දොර ඇතුලත කාර්යාලය අසල නතර කර තිබුණේය. කිසිවෙක් එය පණගැන්වීය. ආයුධ රාක්කයට කඩා පැන්න කීප දෙනෙක් අගුළු කඩා තුවක්කු හත අටක්ම බෙදා ගත්හ. ආයුධ දුටු ජේලර්ලා පසු බැස ගියහ. වෑන් රථය පිටත්වන විට සිරකරුවෝ තිස් තුන් දෙනෙක් එහි නැග සිටියහ. මරු සිරාත් ලයනලුත් තුවක්කු ඇතැතිව පැති දොරේ එල්ලී ගමන් කළහ. සුමතිපාල රිපීටර් තුවක්කුවක් අල්ලාගෙන සිටියේය. එක් සිරකරුවෙකු වහල මත වාඩිවී හුඩ්රැක් එක අල්ලාගෙන සිටිනු පෙනිනි. විලච්චිය පාර දෙපස මිනිස්සු දෑත් හිසේ බැද තුෂ්ණිම්භූතව බලා සිටියහ. අනුරාධපුර සිරගෙදරින් එළියට පැමිණි වෑන් රථය විලච්චිය පාරට වැද වේගයෙන් ධාවනය වූයේය. වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගියේය. පසුව සැතපුම් 8 පමණ ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර විය. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්හ. මරු සිරා, ලයනල් සහ සුමතිපාල එදිනම සෙසු පිරිසගෙන් සමුගෙන පුලියන්කුලම කැලයට මාරු වූහ. ජ.වි.පෙ සාමාජිකයෝ ඉදිරියට ගොස් ඒ වන විටත් වනගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සමග එකතු වූහ. (සෝමපාල,ගුරුසිංහ සහ ලොකු බණ්ඩාර ඒකනායක යන ජ.වි.පෙ නායකයෝ එකල තන්තිරිමලය අවට කැලයේ කදවුරුබැද සිටියහ. පසුව ජ.වි.පෙ පිරිස් වඩා සංවිධානාත්මක ලෙස දෙවන Prison break එකක් සැලසුම් කල අතර අනුරාධපුර සිරගෙයි උන් විශාල පිරිසක් බේරා ගනු ලැබිණි) සුමතිපාල මරු සිරාගෙන් සමු ගෙන හේන් ගොවියෙකු සේ වෙස් වළාගෙන පැමිණ ගල්ගමුවේ මිතුරකුගේ නිවසේ දින දෙකක් නතරව සිටියේ සිරගෙය කඩා පලායෑමේ කථාව යටපත් වනතුරුය. දෙවැනි පලායෑමේ මෙහෙයුම ආරංචි වන විට සුමතිපාල කළුතර වස්කඩුවේ මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියේය. සිය පියාද මිය ගිය බව ඔහුට අසන්නට ලැබුනි. නංගීත්, අම්මාත්, තාත්තාත් ඇතුළු ඔහුගේ පවුල නැවත හමුවිය යුත්තේ මෙලොව නොව එලොවදීය. ඊට පෙර නංගිව දූෂණය කල කළුතර විදුහල්පතිවරයාත්, හලාවත ආරච්චිකට්ටුවේ මස් කඩ මුදලාලිත් සමග ගණුදෙනු බේරා ගන්නට තිබේ. සුමතිපාලගේ මිතුරා ඔහුගේ බිරියට සුමතිපාලව හදුන්වා දුන්නේ අනුරාධපුර පළාතේ සිට පැමිණි දුර බැහැර ඤාතියෙකු හැටියටය. එබැවින් දින කීපයක් එම නිවෙසේ ගතකිරීමට අපහසුවක් නොවීය. මිතුරාගේ බයිසිකලය ඉල්ලාගත් සුමතිපාල පරගස්තොට පැත්තට බයිසිකලය පැදගෙන ගොස් කලින් දැන සිටි මංසලකුණු ඔසසේ ගොස් නංගි දූෂනය කර මරාදැමීමට සහාය වූ විදුහල්පතිවරයාගේ නිවෙස සොයා ගත්තේය. එම නිවෙස පැරැණි පන්නයේ එකකි. වත්ත තරමක් විශාලය. කෙසෙල් වගා කර තිබේ. සුමතිපාල නිවෙසට වැටුණු සුදු වැලි පාර ඔස්සේ මිදුලටම බයිසිකලය පැදගෙන ගියේය. ගුරුවරයාගේ බිරිය යැයි සිතිය හැකි කාන්තාවක් ආලින්දයට පැමිණියාය. නෝනා කෙසෙල් කැනක් දෙකක් කපාගන්න පුලුවන්ද කියලයි බැලුවේ. සුමතිපාල අහිංසක ලීලාවෙන් ඇසුවේය. මෙහේ කෙසෙල් කැන් නැතැයි ඇය පිළිතුරු දුන්නාය. මේ අවස්ථාවේ මෝටර් සයිකලයකින් විදුහල්පති ගුරුවරයාද එහි ආවේය. ඔහුගේ පෙනුම මනාව හිතට ගත් සුමතිපාල පිටත් විය. පසුදින සුමතිපාල නැවත සයිකලයට නැගී පයාගල රේන්ද වාඩියකට ගියේය. එහි අයිතිකරු හිතුමතේගේ පියා හදුනන නමුත් සුමතිපාල මතක නැත. වාඩියෙන් මල් කපන පිහියක් ඉල්ලාගත් ඔහු එදින දවස ගෙවෙනතුරු එහෙ මෙහෙ රස්තියාදු වී රාත්‍රී 10 ට පමණ ගුරුවරයාගේ නිවසට ගියේය. වත්තේ කොනක සැගවී සිටි ඔහුට නින්ද ගියේය. පනිට්ටුවක් සෙලවෙන ශබ්දයෙන් ඇහැරුණු ඔහු විදුහල්පතිවරයා බාල්දියක්ද රැගෙන වැසිකිළිය දෙසට යමින් සිටිනු දුටුවේය. වැසිකිළි දොර වසාගත් පසු සුමතිපාල එක් අතකින් පිහියද ගෙන පොල් පිත්තක් බිත්තියට තබා ඒ මත නැගී කවුළුවෙන් වැසිකිළිය තුළට එබී බැලුවේය. පිහිය සහිත අතද ඇතුළට ගත්තේය. වැසිකිළිය තුල සිටි මිනිසා ඔහුගේ හිසට වැලි සහ බදාම කැට වැටීම නිසා උඩ බැලුවේය. කුප්පි ලාම්පුවේ එළයෙන් සිහින් උඩු රැවුලක් සහිත මනමාල මුහුණ සුමතිපාල හැදිනගත්තේය. කවුද යකෝ මේ ? විදුහල්පති කෑ ගැසුවේය. මම තොපි මරාදාපු කුසුමාවතීගේ අයියා.... සුමතිපාල මොර දුන්නේය. ඊළග මෙහොතේ ඇසිල්ලකින් වැසිකිළියේ දොර අරින්නට නැගී සිටි මිනිසාගේ ගෙල හරහා මල් කපන පිහිය ඇදී ගියේය. කවන්ධය වැසිකිළිය තුලම වැටුන අතර හිස වැසිකිළියෙන් පිටතට විසිවී ගියේය. සුමතිපාල එක් අතකින් කෙස්වැටියෙන් අල්ලාගත් හිසත් අනෙක් අතින් ගත් ලේ තැවරුනු පිහියත් රැගෙන දර මඩුව අසලට ගොස් සයිකලයද ගෙන එහි දමාගෙන ආ ගෝනියක් ලෙහා හිසත් පිහියත් ඒ තුලට දමා බැද ගත්තේය. බණ්ඩාරගම ප්‍රධාන පාරට පැමිණි ඔහු කළුතර දෙසට වේගයෙන් සයිකලය පැද ගියේය. පොලිස් අධිරීවරයාගේ නිල නිවාසය අසලට එන විට වෙලාව උදෑසන 6.00 පසු වී තිබුනේය. හිතුමතේ ඒ වන විට දහදිය දමා දියබත්ව උන්නේය. අලුයම ව්‍යායාම සදහා බැහැර සක්මනෙහි යෙදුනු සහකාර පොලිස් අධිකාරී තැන අරින ලද ගේට්ටුව අතරින් නිල නිවෙසට ඇතුලු වෙමින් සිටියේය. ඔහු පසුපසම ගේට්ටුවෙන් ඇතුළු වූ සුමතිපාල සයිකලය නවත්වා ඔන්න මහත්තයෝ මම අනිත් එකාවත් ඉවර කෙරුවා යැයි ගෝනිය ලෙහා හිස එළියට ගත්තේය. කළුතර මිනී මැරුමේ මූලික විමර්ශන අවසන් වන තුරු කෙටි කාලයක් කළුතර බන්ධනාගාරයේ සිටි සුමතිපාල නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරිණි. වැලිකඩදී ඔහුට සිරිපාල එනම් මරු සිරා අනුරාධපුර විජයපුර වතුර ටැංකිය අසල වෙඩි වැදී වැටී සිටියදී අල්ලාගනු ලැබූ බව අසන්නට ලැබිණි. මරු සිරා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන සිටියත් ඔහු මියගියේ නැත. සුමතිපාලගේ කැරැට්ටුව දන්නා පැරණි සිරකරුවන් අතර ඔහුට කිසියම් ගෞරවයක් හා සැලකිල්ලක් තිබුනේය. සුමතිපාලට මෙන්ම සුපිරි වැඩකාරයන් සේ සැලකූ ඇතැම් වැඩකාරයන්ට කෑම පෝලිමේදී මස් කෑල්ලක් වැඩිපුර ලැබුනේය. එවැන්නෝ සමහර විට විවිධ හේතු දක්වමින් බන්ධනාගාර රෝහලේම සිටියහ. නමුත් සුමතිපාල සාමාන්‍ය සිරකරුවන් අතරම සිටියේය. සුමතිපාලට හිතවත්කම් දක්වන සිරුකරුවෙක් දිනක් සවස් භාගයේ ඔහු වෙත පැමිණ රහසක් කනේ තැබුවේය. ඉන් කියැවුනේ ලගදි ඇතුළට පැමිණි සිරකරුවකු සුමතිපාල ගැන විස්තරයක් තමාගෙන් ඇසූ බවත් මාසයක් පමණ කෙටි අච්චුවකට ඔහු සිරගෙට පැමිණ ඇති බැවින් ටිකක් සැලකිල්ලෙන් පසුවීම නුවණට හුරු බවත්ය. පසුදින යහළුවා සුමතිපාලට සැක සහිත සිරකරුවා පෙන්වා දුන්නේය. ඔහු වෙනත් කිසිවකු හා කතාකරමින් සිටයදී සුමතිපාල ඔහු හොදින් නිරීක්ෂණය කර ගත්තේය. හෙතෙම ආගන්තුක තැනැත්තා පිළිබද විස්තර සොයා බැලුවේය. හෙතෙම ජා-ඇල ප්‍රදේශයේ අයෙකි. නම ලක්ෂ්මන්ය. කොන්ත්‍රාත්තුවට මිනී මරන පාතාලකාරයෙකි. නමුත් මෙවර සිරගෙයි සිටින්නේ ගංජා සමග පොලීසියට හසුවී වරද පිළිගෙන උසාවියෙන් නියම කල දඩය නොගෙවා සිරගත වීමෙනි. එම තොරතුරු එතරම් යහපත් නැත. සමහර විට කොච්චිකඩේ ගෙස්ට් හවුස්කාරයාගේ ඥාතීන් හෝ තවමත් තමා සොයමින් සිටින ආරච්චිකට්ටුවේ ජස්ටින් මස්කඩ මුදලාලි හෝ තමා මරා දැමීම සදහා මේ පුද්ගලයා බන්ධනාගාරයට දැම්මා වෙන්නට පුළුවන. ලක්ෂ්මන් කිසිවිටෙක සුමතිපාල හා කථාබහ නොකළේය. එහෙත් නිතරම තමා පෙනෙන තෙක් මානයේ සිටීමට ඔහු වෑයම් කරන බව සුමතිපාලට ඒත්තු ගියේය. ගංජාකාරයාගේ අච්චුව අවසන් වීමට තිබුනේ තවත් දින 14 කි. ඔහු තුල නොඉවසිල්ලක් වැඩෙන බව සුමතිපාලට වැටහුණේය.බොහෝවිට සුමතිපාලගේත් ගංජා ලක්ෂ්මන්ගේත් ඇස් එකිනෙක හමුවූ අතර දෙදෙනාම වහා ඉවත බලාගත්හ. ඔහු ඉව අල්ලමින් සිටින්නේ නිසැක ලෙසම තමා නින්දට පත්වන මොහොතක් අල්ලා ගන්නට බව සුමතිපාල දැන සිටියේය. රාත්‍රී කාලයේ සුමතිපාලත් ලක්ෂ්මනුත් වැසුනේ තවත් සිරකරුවන් 40 ක් සමග විශාල ෂෙල් එකකය. බොහෝ විට සුමතිපාල නිදාගත්තේ නැත. අඩ නින්දේ නමුත් සෑම මෙහොතක්ම සෝදියෙන් පසු වූවේය. මේ පුද්ගලයාට අහේතුකව ප්‍රහාරයක් එල්ල කරන්නටත් බැරිය. පැමිණිලි කිරීම එක අතකට මදිපුංචි කමකි. අනෙක් අතට ඒ සදහා ඔප්පු කල හැකි කිසිදු සාක්ෂියක්ද නැතිය. සුමතිපාල එන ඕනෑම තත්වයකට තමාම මුහුණ දෙන්නට තීරණය කළේය. ගංජා ලක්ෂ්මන් අත කිසිදු අවියක් හෝ පහරදිය හැකි උපකරණයක් පෙනෙන්නට නැති බවත් හිතුමතේ නිරීක්ෂනය කළේය. ලක්ෂ්මන් නිදහස් වී යන්නට තවත් තිබුනේ දින 4කි. දින තුනක්ම සුමතිපාල ඇහැක් පියෙව්වේ නැත. තමාට අතක් තිබ්බොත් අපායට යතත් ඒකාවත් අරගෙන යනවා යැයි සුමතිපාල සිතා ගත්තේය. අවසන් දින අවසන් රාත්‍රිය උදා විය. සුමතිපාල අළුයම් යාමය පැමිණෙනතුරු අසීරු රාත්‍රිය නොනිදා පහන් කළේය. ඒ වන විටත් ඔහු දින තුනක් නිදි වරා සිටියේය. අලුයම 4 පසුවූ පසු ඔහු නින්දට පරාජය වූවේය. සුමතිපාලගේ පියවුණු දෙනෙතට තමා වෙත වේගයෙන් පතිත වන කිසියම් ඡායාවක් දැනුනේය. විදුලි වේගයෙන් කිසිවක තියුණු තුඩක් සුමතිපාලගේ වම් ඇස අසළින් කිදා බැස්සේය. ඇසෙන් එළියට පැන්න උණුසුම් ලේ දහරාවක් මුහුණ පුරා පතිත වූවේය. දෑස් අන්ධකාරයේ ගිලී තිබියදී විදුලි වේගයෙන් නැගී සිටි සුමතිපාල එසේ නැගිටිමින්ම ඇසට කිදා බැස තිබූ යකඩ කූර තම අතින් ඉවතට ඇද තමා වෙත නැඹුරු වී සිටි මිනිසා පෙරළාගෙන ඇනගෙන ඇනගෙන ගියේය. ඔහුගේ මුහුණ ලෙයින් පෙගී තිබුණේය. ඔහු උල් පහර එල්ල කලේ කිසිවක් නොපෙනී අදුරේය. මහා ගාලගෝට්ටියකින් සෙසු සිරකරුවන් සුමතිපාල අල්ලා මේච්චල් කරන විට සුමතිපාලගෙන් පහර කෑ මිනිසා ලේ විලක මැරී සිටියේය. ඒ අන් කිසිවකු නොව ජා-ඇල ගංජා ලක්ෂ්මන්ය. හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ සුමතිපාල ලක්ෂ්මන්ට තියුණු යකඩ උලකින් 46 වාරයක් ඇන ඇති බවය. සුමතිපාලගේ ඇස කෙළවරට එල්ල වූ පහර උඩුතල්ල දක්වා අගල් දෙකක් පමණ ඇතුලට බැස තිබුනේය. සිරගෙට පැමිණි මාරයා සුමතිපාලට කොකා පෙන්වා ලක්ෂ්මන්ව කැදවාගෙන ගොස් තිබුනේය. කොළඹ නයනාරෝග්‍ය ශාලාවේත් ජාතික රෝහලේත් මාසයකට ආසන්න කාලයක් සුමතිපාල ප්‍රතිකාර ලැබුවේය. යකඩ කූර වම් අැසට දශම කීපයක් ඔබ්බෙන් කිදා බැස තිබූ හෙයින් ඔහුට පෙනීම සම්බන්ධ ගැටලුවකට මුහුණපාන්නට සිදු වූයේ නැත. උඩුතල්ල සිදුරු කරමින් ඇති වූ තුවාලයද ක්‍රමයෙන් සුවපත් විය. ඔහු යළිත් වැලිකඩ සිරගෙදරටම එවනු ලැබිණි. තමා මරා දැමීම සදහා ලක්ෂ්මන් බන්ධනාගාරයට එවූයේ කවුදැයි යන ප්රශ්නය නිරාකරණය කර ගැනීමට සුමතිපාලට හැකි විය. පුත්තලම් පාරේ මස්කඩ කීපයකම හිමිකරුවකු වූ ආරච්චිකට්ටුවේ ගැස්ටන් මුදලාලි මේ සිදුවීම පසුපස සිටියේය. ගැස්ටන් කොච්චිකඩේ ගෙස්ට් හවුස් අයිතිකාරයකු වූ කළුතර පොලිස් පරීක්ෂකගේ මස්සිනාගේ මිතුරෙකි. කුසුමාවතී වනාතවිල්ලුවට රැගෙන ගොස් ඝාතනය කරන්නට මග පෙන්වා ඇත්තේ ඔහුය. දැන් සුමතිපාල මරා දමන්නට ගොස් පොල්ල වරද්දා ගැනීම නිසා ගැස්ටන් මුදලාලිගේ ඉරණම තව දුරටත් තීන්දු වී තිබේ. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom