Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LTTE (Srilanka war)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'ද ඕස්ට්‍රේලියන්' පැය 24ක් ඇතුළත ආරක්ෂක ලේකම් හා කේ.පී. මුණගැසෙයි

2006 සිට 2008 දක්වා කාලය අතරතුරදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාවෙන අවි ගබඩා (අවි නැව්) විනාශ කිරීමට ඇමෙරිකාව ශ්‍රී ලංකාවට පරිපූර්ණ වශයෙන් සහයෝගය දුන් බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

යුද්ධයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් උදාවූයේ එම කොටි සැපයුම් නෞකාවන් මුහුදේ ගිල්වා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වූ අවස්ථාවේදී බවත් ලේකම්වරයා කීය.

"2006ත් 2008ත් අතර කාලයේදී එම පාවෙන ආයුධාගාර 12ක් අපි විනාශ කළා. කොහොමද මෙහෙම දෙයක් කරන්න අපට පුළුවන් වුණේ? ඇමෙරිකාව අපට ඉතා විශාල වශයෙන් උදවු කිරීමයි. මෙම නැව් මහ මුහුදේ ගමන් කරමින් තිබූ ඉසව්වලින් වැඩි කොටසක් අපට දැනුම් දෙනු ලැබුවේ ඇමෙරිකානුවන්" යැයි ලේකම්වරයා "ද ඕස්ට්‍රේලියන්" පුවත්පතේ ගේරග් ෂෙරිඩෑන් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කීය.

"එල්.ටී.ටී.ඊ.යේ අවි ආයුධවලින් බොහොමයක් ඔවුන් මිලදී ගත්තේ විවෘත වෙළෙඳපොළෙන්. ඔවුන්ගේ කාලතුවක්කු අවි බොහොමයක් උතුරු කොරියාවේ තනපු ඒවායි. එල්.ටී.ටී.ඊ.යට ගුවන් යානා විනාශ කළ හැකි මිසයිල පවා තිබුණා. ඔවුන්ගේ කාලතුවක්කු හා මෝටාර් බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒවාට පෑහුණා. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒවාටත් වඩා හොඳින් ඔවුන්ගේ ඒවා පෑහුණා. ඔවුන්ගේ කාලතුවක්කුවලින් අපේ මරණ සහ තුවාලකරුවන්ගේ සංඛ්‍යාවත් වැඩි වුණා."

ඇමෙරිකානු සන්නිවේදන තාක්ෂණය මඟින් එල්.ටී.ටී.ඊ. අවි නැව් පිහිටි ඉසව්ව සොයා ගනු ලැබීය. ඉන්පසුව ඒ ඔස්සේ නැව්වලට පහරදීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඊට පෙරාතුව ශ්‍රී ලංකාවේ සටන ගැන ඇමෙරිකානුවන් දැක්වූයේ දෙවිදියක ආකල්පයකි. ඇමෙරිකාව කිසි විටෙක කොටි සංවිධානයේ සටන යුක්ති සහගත යැයි පැවැසුවේ හෝ එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියාකලාපය හෝ අනුමත කළේ නැත. එසේ වුවත් ඔවුන් ශ්‍රී ලංකාවේ හමුදාවලට අවි ආයුධ සැපයීමට ඉදිරිපත් වූයේද නැත. සටන පැවැති මුළු කාලයම පුරා ශ්‍රී ලංකාවට අවශ්‍ය අවි ආයුධ රාශියක් ලබා ගත්තේ ඊශ්‍රායලයෙන් සහ පාකිස්තානයෙනි. ඒ රටවල් දෙකම ඇමෙරිකාවේ යුද මිත්‍රයන්. ඇතැම් විට අපට යුද අවි නොසපයන ලෙස ඇමෙරිකාව විසින් කරන ලද ආයාචනාවලට ඒ රටවල් දෙක අවනත වෙන්නත් ඇති."

'ද ඕස්ට්‍රේලියන්' පුවත්පතට ගේරග් ෂෙරිඩාන් වාර්තා කළ ප්රවෘත්ති වාර්තාවේ සම්පූර්ණ අනුවාදය මෙසේයි;

ගෝඨාභය රාජපක්ෂ සහ සෙල්වරාසා පද්මනාදන් ජන්ම වෛරක්කාරයෝ වූහ. දැන් ඔවුන් දෙදෙනා එකම පණිවුඩයක් දරා සිටිති.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ විශාලතම නගරය වන කොළඹ දී පැය 24ක් ඇතුළත දී මම මුණ ගැසුණෙමි.

පද්මනාදන් හෙවත් ඔහු ප්‍රකට වශයෙන් දන්නා පරිදි "කේ.පී.", 2009 මාස කිහිපයකට දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ මුළු මහත් නායකත්වය දැරීය. එල්.ටී.ටී.ඊ.ය යනු ලොව දරුණුතම සහ කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක් විය. ඊට පෙරාතුව ඔහු බොහෝ කාලයක් කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ දෙවැනියා වශයෙන් කටයුතු කළේය.

2009 මැයි මසදී ප්රභාකරන් මරා දමනු ලැබූ පසුව පද්මනාදන් එල්.ටී.ටී.ඊ. නායකත්වයට පත්විය. 2009 සැප්තැම්බර් මසදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාව තෙක් ඔහු එල්.ටී.ටී.ඊ.යේ නායකත්වය දැරීය.

දෙමළ කොටි පිළිබඳ ඔබ වැඩිපුර යමක් නොදන්නවා විය හැකිය. 20 වැනි ශත වර්ෂයේ දෙවැනි භාගයේදී ලොව කවර කලෙක හෝ එළිදුටු ඉතා මාරක සහ සැබැවින්ම ක්‍රියාකාරී ත්‍රස්තවාදී කණ්ඩායම ඔවුන් විය. ඔවුහු ත්‍රස්ත ක්ෂේත්රයේ නවෝත්පාදන දෙකකට මුල පිරූහ. ඒ අල් කයිඩා සංවිධානය පවා පසුව අනුකරණය කළ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් සහ ළමා හේවායන් හා ළමා ත්රස්තවාදීන්ය.

කොටි සංවිධානයේ ඒකායන අනන්‍යතාවන්ගෙන් එකක් වූයේ සයනයිඩ් කරලයි. අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවකදී දිවි හානිකර ගැනීමට ඉන් මඟ සැලසිණ. ඒ ඒ කාඩරයාට සයනයිඩ් කරලක් ලබා දෙන ලදී. ශ්‍රී ලංකා රජයට එරෙහිව 1983 සිට 2009 දක්වා දෙමළ කොටි විසින් පවත්වාගෙන ගිය දීර්ඝ යුද්ධයේදී 70,000ක් දෙනා මිය ගියහ. මෙම බිහිසුණු ආරවුල පැවැති කාලය තුළදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ඇතැම් පිරිස් නිසැකවම මානව හිමිකම් අපයෝජන සිදු කළහ. එහෙත් ශ්‍රී ලංකා රජයත්, කොටි සංවිධානයත් අතර සමස්ත වශයෙන් සදාචාරාත්මක සමානතාවක් නම් නොවීය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සැලසුම් කොට මෙහෙයවනු ලැබූ හමුදාමය මෙහෙයුමක් මඟින් දෙමළ කොටි අවසානයේදී පරාජය කරනු ලැබූහ.

දක්ෂ වෘත්තීය සෙබළකු වන ඔහු යුද හමුදාවෙන් විශ්‍රාම ලබා ඇමෙරිකාවේ පදිංචියට ගොස් සිටියේය. එහෙත් පසුව ජනාධිපතිවරණයේදී සිය සොහොයුරා මහින්ද රාජපක්ෂට උදව් කිරීම සඳහා ඔහු ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේය. 2005 සිට 2009 දක්වා "ගෝඨා" (ඔහු ප්‍රසිද්ධියේ හැඳින්වෙන්නේ ඒ නමිනි) කොටි සංවිධානයේ අවසානයේදී පරාජයට පත් කළ හමුදා මෙහෙයුම අධීක්ෂණය කළේය.

එහෙත් ඉතිහාසයේ සුවිශේෂ සරදමක් මෙන් පද්මනාදන් මා සමඟ පැවැසුවේ අත්අඩංගුවේ පසුවෙද්දී තමනට මැනවින් සලකනු සහතික කළේ ගෝඨා බවයි. තමන් පුනරුත්ථාපනය කරනු ලැබ දැනට සුළුතර දෙමළ හා සිංහල බහුතරය අතර සිදුවන ප්රතිසන්ධාන ක්‍රියාවලියේදී කිසියම් කාර්යභාරයක් ඉටු කරන තැනට තමන් පෙළගැස්වූයේ ගෝඨා බවද පද්මනාදන් මා සමඟ කීය.

සිංහල-දෙමළ බෙදීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම පලුද්දක් වේ. ඔවුහු විවිධ ආගම් අදහති. සිංහලයෝ බෞද්ධයෝද, දමිළයෝ හින්දුවරුද වෙති. ඔවුහු වෙනස් භාෂා කතා කරති. ඔවුහු ජනවාර්ගික වශයෙන් විවිධය. මේ සන්දර්භය වඩාත් සංකීර්ණ වන්නේ අසල්වාසි ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යයේ පන් කෝටියක් දෙමළ ජනතාවක් විසීම හේතු කොටගෙනය. සමහර දමිළයෝ ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර පළාත් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ප්‍රිය කරති. එසේ වුවත් දමිළයන්ගෙන් වැඩිපුර කොටසක් ජීවත් වන්නේ කොළඹ සහ දකුණේය. ඔවුහු බෙදුම්වාදයට සහයෝගය නොදක්වති. බහුතර සිංහල ජනතාව හා ශ්‍රී ලාංකික රාජ්‍යය රට දෙකඩ කිරීමට කිසි දිනෙක ඉඩ නොදෙති. එබැවින් සාමකාමීව ජීවත්වීමට දෙපාර්ශ්වයම කටයුතු කරන්නේනම් වඩාත් හොඳය.

පද්මනාදන් හමුවීම පහසු කාර්යයක් නොවීය. ඒ සඳහා දින ගණනාවක් තිස්සේ සූදානම් වෙමින් දුරකතන ඇමැතුම් රාශියක් ලබාදී මිතුරන් හා අඳුනන අයගෙන් උදව් උපකාර පැතීමට සිදුවිය. උස, එක එල්ලේ ඉදිරිය දෙස නෙත් යොමාගත් තැන්පත් පුද්ගලයෙක් කොළඹ විශාල හෝටලයක පිළිගැනුම් කුටියට පිවිසෙයි. රජය ඔහුට ශරීරාක්ෂකයන් දෙදෙනකු ලබාදී ඇත. වැඩි කලබලයක් නැති සහ වැඩි දෙනකුගේ බැල්මට හසුනොවන ස්ථානයක් අපේ සම්මුඛ සාකච්ඡාව සඳහා යොදා ගන්නැයි මට දැනුම් දී තිබිණ. වඩා හොඳ විකල්පයක් නොමැති වූයෙන් හෝටලයේ 18 වැනි මහලේ පිහිටි කුඩා කෝපි කඩයක් වෙත මම ඔහු කැඳවාගෙන ගියෙමි.

එහි කාමර දෙකක් විය. ඉන් එතරම් පිරිසක් රැඳී නොසිටි කාමරය අපි තෝරා ගතිමු. එහෙත් වැඩි වේලාවක් ගත වන්න කලින් ඔහු වෙනත් අය විසින් හඳුනාගනු ලැබූ බව මට පෙනිණ. එහි ප්‍රතිඵලය වූයේ විගස අප දෙදෙනා පමණක් එහි ඉතිරිවීමයි. ශරීරාක්ෂකයෝ දෙදෙනා පිටත රැඳී සිටියහ. හෝටල් කාර්ය මණ්ඩලය අපට කෝපි ගෙනැවිත් දී එතැනින් ලහි ලහියේ පිටව ගියහ.

පද්මනාදන්ගේ ඉංගී්රසි දැනුම නරක නැත. එහෙත් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වෙද්දී ඔහුගේ ඉංගී්රසි එතරම් හොඳ නැති බව මට පෙනී ගියේය. ඒ ඔහුගේ පෞද්ගලික ජීවිතය හෝ කොටින්ගේ වඩාත් ආන්දෝලනාත්මක උප්පරවැට්ටි කිහිපයක් හෝ ගැන මා ඔහුගෙන් ප්‍රශ්න කරද්දීය.

එල්.ටී.ටී.ඊ.ය විනාශකාරී ලෙස භාවිත කළ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් සිදු කිරීමේ සංකල්පය ඔවුන්ට ලැබුණේ කොතැනකින්ද?

"ඒක ප්‍රභාකරන්ගේම සංකල්පයක්" යැයි පද්මනාදන් උත්තර දුන්නේය. "අපි පළමුකොටම එය උපයෝගී කොට ගත්තේ 1980 ගණන්වලදීයි. ඇත්ත වශයෙන්ම කිවහොත් 1980 ගණන්වලදී සමහරුන් අපත් සමඟ වාඩිවී කතා කළා. දෙවැනි ලෝක යුද්ධයේදී ජපනුන් හැසිරුණ සැටි සහ 'කැමිකාසේ' බෝම්බ පිපිරුම්කරුවන් ගැනත් අපි සාකච්ඡා කළා. කොහොම හරි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳ අදහස ආවේ ප්රභාකරන්ගේ හිතෙන්. ඒ වගේම තමිල්නාඩුවේ ද සම්ප්රදායක් තිබෙනවා මිනිසුන් සමහර අවස්ථාවලදී විරෝධතාවක් වශයෙන් ගිනි තබාගෙන මැරෙන."

කොටි සංවිධානයට යුද අවි ආයුධ මිලදී ගැනීම භාරව සිටියේ පද්මනාදන්ය. ඔහු වසර ගණනාවක් තිස්සේ ඉන්දියාවේත් පසුව මලයාසියාවේත්, ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේත් කලක් සිංගප්පූරුවේ හා යුරෝපයේත් පදිංචිව සිටියේය.

"තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව 1980 ගණන්වලදී කාලයක් තිස්සේ අපට එක එල්ලේ ඍජු ලෙස උදවු කළා. රජීව් ගාන්ධි බලයට පත්වීමට පෙරාතුව ඉන්දීය මධ්‍යම ආණ්ඩුවද කොටි සංවිධානයට යම් සහයෝගයක් දැක්වූවා."

"ඒක නතර වුණාම යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේදී අපි සල්ලි එකතු කළා. ඕස්ට්‍රේලියාවේදීත් අපි සල්ලි එකතු කළා. නමුත් අපේ ප්‍රධාන අරමුදල් මූලාශ්‍ර වුණේ යුරෝපය සහ කැනඩාවයි."

"වරක් බටහිර රහස් තොරතුරු අංශ විශ්වාස කළේ දස ලක්ෂයක දෙමළ ඩයස්පෝරාවෙන් සහ නීති විරෝධී වෙළෙඳ ව්‍යාපාර ගණනාවකින් කොටි සංවිධානයට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 සිට මිලියන 3000 තෙක් මුදල් එකතු වූ බවයි. ඔවුන් ඒ සල්ලි බරැති සාම්ප්‍රදායික අවි ආයුධ, කාල තුවක්කු හා බරැති තුවක්කු සහ නැව් පවා මිලදී ගැනීමට යොදා ගත්තා."

"අවුරුදු ගණනාවක් රටේ උතුරු හා නැඟෙනහිර සුවිශාල භූමි ප්‍රදේශයක් කොටි සංවිධානය භාවිත කළා. ඔවුන්ට කුඩා නමුත් ප්‍රබල නාවික බළ ඇණියකුත් සහ කුඩා ගුවන් බළ ඇණියක් පවා තිබුණා."

කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් ඒ සා දියුණු තත්ත්වයකට පත්ව තිබුණේ නැහැ. පද්මනාදන් එහි මධ්‍යම සංවිධායක විය. වරක් ඔහු ශ්‍රී ලංකා රජයට පමණක් නොව ඉන්දීය බල අධිකාරීන්ට පවා ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටි පුද්ගලයෙක් විය. රජීව් ගාන්ධි ඝාතනයට ඔහු සම්බන්ධ බවට ඉන්දීය රජය පමණක් නොව ඉන්ටර්පෝල් සංවිධානයත් 'එම්.අයි. 6' බි්රතාන්ය චරපුරුෂ සංවිධානයත් 'සී.අයි.ඒ.' සංවිධානයත් සැක කළහ.

"රජීව් ගාන්ධි මරා දැමීමට තීරණය ගත්තේ ප්රභාකරන්" යැයිද පද්මනාදන් කීය. ඉන්දියාව සාම සාධක හමුදාවක් ශ්‍රී ලංකාවට එවූ පසුව කොටි සංවිධානය සහ ඉන්දීය යුද හමුදාව වෛරක්කාරයෝ වුණා.

"ප්රභාකරන් සිතුවේ ඉන්දියානුවන් ඔහු මරා දැමීමට තැත් කළ බවයි. ඒ නිසා ඊට පෙරාතුව ප්රථමකොටම ගාන්ධි මරා දැමිය යුතු යැයි ඔහු තීරණය කළා."

නිසැකවම මරාගෙන මැරෙන කොටි සාමාජිකාවක විසින් රජීව් ගාන්ධි ඝාතනය කිරීමේ සිද්ධිය හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඉන් කොටි සංවිධානයේ සැබෑ ස්වරූපය ලොවට පෙන්නුම් කෙරිණි. එමෙන්ම ඉන් ඉන්දියාව එල්.ටී.ටී.ඊ.යේ බද්ධ වෛරක්කාරයා බවට පත්විය.

එල්.ටී.ටී.ඊ.ය විසින් සිදුකරනු ලැබූ බොහෝ දේවල් වැරැදි බවට පද්මනාදන් දැන් පිළිගනී. එමෙන්ම දෙමළ ජන ප්‍රජාවට මුහුණදීමට සිදුවූ අසාධාරණකම් සහ ප්‍රකෝප කිරීම් ලැයිස්තුවක්ද ඔහු ඉදිරිපත් කළේය.

ඒ අතර සිංහලයන්ට වාසි වූ භාෂා ප්‍රතිපත්තියක් ගැනද එහි සඳහන් විය. ඔහු මේ ලැයිස්තුව ගෙනහැර දැක්වූයේ අකැමැත්තෙන් මෙනි. සැමවිටම අතීතය ගැන මතක් කිරීමෙන් වළකින ලෙස ඔහු සිය සහෘද දමිළයන්ගෙන් ඉල්ලා සිටී. ඊට හේතුව එවැනි සිතුවිලි වඩ වඩාත් ලේ වැගිරීම්වලට තුඩු දීමයි.

මා එක එල්ලේ ප්රභාකරන් ගැන විමසද්දී ඔහු ප්‍රතිචාර දැක්වූයේ යම් අකැමැත්තක් සහිතවය.

ප්රභාකරන් සිත් ඇදගන්නා පෞරුෂයක් හිමි නායකයෙක්. මට ඔහු හමුවෙද්දී ඔහු නිර්ව්‍යාජ මිත්‍රශීලී චරිතයක්. ඔහු දෙමළ සටන වෙනුවෙන් මිය යෑමට වුවත් සැමවිටම සූදානමින් සිටියා. මා 1974දී ප්‍රථම වරට ඔහු මුණගැසුණු දිනයේ පටන් ඔහු 2009දී මියගිය අවසාන දිනය දක්වා ඔහු සිය දර්ශනයෙන් හා අධිෂ්ඨානයෙන් කිසි දිනෙක වෙනස් වුණේ නැහැ.

"එහෙත් ඔහු කිසි විටෙක නම්‍යශීලී නොවුණු පුද්ගලයෙක්. වෙනස්වෙමින් පවතින ලෝකය අනුව වෙනස් වීමට ඔහු කිසි දිනෙක කැමැති වුණේ නැහැ."

"ඔහු වඩාත් නම්‍යශීලී විය යුතුව තිබුණා. තමන්ගේම ජනතාව ඔහු විසින් මරා දැමීම වැරැදියි. කාලය ගෙවීගෙන යද්දී ප්රභාකරන් වඩ වඩාත්ම ආඥාදායකයකුගේ ස්වරූපය ගත්තා" යැයිද පද්මනාදන් කීය.

පද්මනාදන් හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක සමාන ලෙස අනුසර වන තේමාවන් දෙකක් ඇත. ඒ කොටි සංවිධානයේ අවසාන පරාජය කරා ඇමෙරිකානුවන් ඉටු කළ ප්‍රධාන කාර්ය භාරයත් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙමළ ඩයස්පෝරාව විසින් දැන් ඉටුකළ යුතු කාර්යභාරය පිළිබඳ ඔවුන් දෙදෙනා තුළ ඇති එකඟත්වයත් වේ.

2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව වෙනස් අතකට හැරුණු අන්තර්ජාතික වාතාවරණය කොටි සංවිධානයේ පරාජයට හේතු වූ බවද පද්මනාදන් විශ්වාස කරයි.

මේ කතාවේ එකී කොටස කීමට අපි ගෝඨාට ඉඩ දෙමු. ගෝඨා ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකි. කොළඹ නගර මධ්‍යයේ පිහිටි ජනාධිපති කාර්යාල සංකීර්ණය අසල පිහිටි ඔහුගේ කාර්යාලය හමුදාමය පෙනුමක් විදහා දක්වයි. ඔහු තීක්ෂණය. වකේරා්ත්තියකින් තොරව අදහස් පළ කරන්නෙකි. එමෙන්ම අදාළ වස්තු විෂයට ශීඝ්‍රයෙන් ප්‍රවේශ වෙයි.

ඔහු මා සමඟ පැවැසුවේ ශ්‍රී ලංකා යුද හමුදාවට මුහුණදීමට සිදුවූ විශාලතම ගැටලුවලින් එකක් වූයේ විශාල නෞකාවල බර අවි එල්ටීටීඊය විසින් ගෙන එනු ඇති බවයි. ශ්‍රී ලංකා ජල තීර තුළ ඒ නෞකා වරායෙන් පිටත රැඳී සිටියදී කුඩා යාත්‍රා කණ්ඩායම් ඒවා වෙත ගොස් අවි ආයුධ එකතු කරගෙන එනු ඇතැයිද යුද හමුදාව සිතුවේය.

"ඔවුන්ගේ අවි ආයුධවලින් වැඩි කොටසක් මිලදී ගත්තේ විවෘත වෙළෙඳ පොළෙන්. ඔවුන්ගේ කාල තුවක්කුවලින් වැඩි කොටසක් උතුරු කොරියාවේ තැනූ ඒවායි. ඔවුන්ට ගුවන්යානා නාශක මිසයිල පවා තිබුණා. ඔවුන්ගේ කාලතුවක්කු හා මෝටාර් බොහෝ විට ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ඒවාට පෑහුණා. ඇතැම් අවස්ථාවලදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒවාටත් පවා වඩා හොඳට ඔවුන්ගේ ඒවා පෑහුණා. ඔවුන්ගේ කාල තුවක්කුවලින් අපට බොහෝ මරණ හා තුවාලකරුවන් ඇතිවුණා" යැයි රාජපක්ෂ කීය.

කොටින්ගේ සැපයුම් නෞකාවන් දියේ ගිල්වා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වීමත් සමඟ යුද්ධයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් උදා විය. "2006 සහ 2008 අතර කාලය තුළදී අපි මේ පාවෙන අවි ගබඩා 12ක් විනාශ කර දැමුවා. මෙහෙම දෙයක් කරන්නට පුළුවන් වුණේ කොහොමද? අපට ඇමෙරිකාව ඉතා විශාල ලෙස උදවු කිරීමයි. මේ නැව්වලින් බොහොමයක් යාත්‍රා කරමින් තිබූ ඉසව් අපට දැනුම් දුන්නේ ඇමෙරිකාවයි" රාජපක්ෂ කීය.

ඇමෙරිකානු චන්ද්‍රිකා තාක්ෂණය විසින් ඒ නැව් පිහිටි ඉසව් සොයා ගැනීම නිසා ඒවාට පහර දීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඊට පෙරාතුව ශ්‍රී ලංකාවේ ආරවුල පිළිබඳ ඇමෙරිකාව දෙවිධියක මතයක් දැරීය. ඔවුන් ඉතා දුරස්ථ වශයෙන් වත් කොටි සංවිධානයේ චර්යාව යුක්ති සහගත යැයි හෝ කොටි ත්රස්තවාදීන් අනුමත කළේ හෝ නැත. එහෙත් ඔවුන් ශ්‍රී ලංකාවේ හමුදාවලට අවි ආයුධ සැපයුවේද නැත. ආරවුල පැවැති මුළු කාල පරිච්ඡේදය පුරා ශ්‍රී ලංකාවට යුද අවිවලින් වැඩි කොටසක් සැපයුණේ ඊශ්‍රායලය හා පාකිස්තානයෙනි. ඒ දෙරටම ඇමෙරිකාවේ හමුදා මිතුරෝ වූහ. ශ්‍රී ලංකාවට අවි ආයුධ නොසපයන ලෙස ඇමෙරිකාව ඔවුන්ගෙන් කළ ඉල්ලීම්වලට ඇතැම් විට ඔවුන් අවනත වන්නට ද ඇත.

9/11 සිද්ධියෙන් පසුව ඇමෙරිකාවේ හා අන්තර්ජාතික රටවල චින්තනයේ පෙරළියක් සිදුවූ බව පද්මනාදන් විශ්වාස කරයි. ඉන් ගම්‍ය වූයේ කොටි සංවිධානයේ සන්නද්ධ අරගල ප්‍රවේශය තවදුරටත් වලංගු නොවන උපාය මාර්ගයක් බවයි.

"අපට මුළු ලොවටම විරුද්ධව නැඟී සිටීමට නොහැකි වුණා. එහෙත් ප්රභාකරන් සාම සාකච්ඡාවලට විරුද්ධ වුණා.

source: Mawbima

[QUOTE="djjaya, post: 15614847, member: 461202"] [SIZE=4][COLOR=Red]'ද ඕස්ට්‍රේලියන්' පැය 24ක් ඇතුළත ආරක්ෂක ලේකම් හා කේ.පී. මුණගැසෙයි[/COLOR][/SIZE] [URL="http://www.mawbima.lk/ct-admin/images/news/36197_1.jpg"] [/URL] [SIZE=4] 2006 සිට 2008 දක්වා කාලය අතරතුරදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පාවෙන අවි ගබඩා (අවි නැව්) විනාශ කිරීමට ඇමෙරිකාව ශ්‍රී ලංකාවට පරිපූර්ණ වශයෙන් සහයෝගය දුන් බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. යුද්ධයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් උදාවූයේ එම කොටි සැපයුම් නෞකාවන් මුහුදේ ගිල්වා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වූ අවස්ථාවේදී බවත් ලේකම්වරයා කීය. "2006ත් 2008ත් අතර කාලයේදී එම පාවෙන ආයුධාගාර 12ක් අපි විනාශ කළා. කොහොමද මෙහෙම දෙයක් කරන්න අපට පුළුවන් වුණේ? ඇමෙරිකාව අපට ඉතා විශාල වශයෙන් උදවු කිරීමයි. මෙම නැව් මහ මුහුදේ ගමන් කරමින් තිබූ ඉසව්වලින් වැඩි කොටසක් අපට දැනුම් දෙනු ලැබුවේ ඇමෙරිකානුවන්" යැයි ලේකම්වරයා "ද ඕස්ට්‍රේලියන්" පුවත්පතේ ගේරග් ෂෙරිඩෑන් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කීය. "එල්.ටී.ටී.ඊ.යේ අවි ආයුධවලින් බොහොමයක් ඔවුන් මිලදී ගත්තේ විවෘත වෙළෙඳපොළෙන්. ඔවුන්ගේ කාලතුවක්කු අවි බොහොමයක් උතුරු කොරියාවේ තනපු ඒවායි. එල්.ටී.ටී.ඊ.යට ගුවන් යානා විනාශ කළ හැකි මිසයිල පවා තිබුණා. ඔවුන්ගේ කාලතුවක්කු හා මෝටාර් බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒවාට පෑහුණා. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒවාටත් වඩා හොඳින් ඔවුන්ගේ ඒවා පෑහුණා. ඔවුන්ගේ කාලතුවක්කුවලින් අපේ මරණ සහ තුවාලකරුවන්ගේ සංඛ්‍යාවත් වැඩි වුණා." ඇමෙරිකානු සන්නිවේදන තාක්ෂණය මඟින් එල්.ටී.ටී.ඊ. අවි නැව් පිහිටි ඉසව්ව සොයා ගනු ලැබීය. ඉන්පසුව ඒ ඔස්සේ නැව්වලට පහරදීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඊට පෙරාතුව ශ්‍රී ලංකාවේ සටන ගැන ඇමෙරිකානුවන් දැක්වූයේ දෙවිදියක ආකල්පයකි. ඇමෙරිකාව කිසි විටෙක කොටි සංවිධානයේ සටන යුක්ති සහගත යැයි පැවැසුවේ හෝ එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියාකලාපය හෝ අනුමත කළේ නැත. එසේ වුවත් ඔවුන් ශ්‍රී ලංකාවේ හමුදාවලට අවි ආයුධ සැපයීමට ඉදිරිපත් වූයේද නැත. සටන පැවැති මුළු කාලයම පුරා ශ්‍රී ලංකාවට අවශ්‍ය අවි ආයුධ රාශියක් ලබා ගත්තේ ඊශ්‍රායලයෙන් සහ පාකිස්තානයෙනි. ඒ රටවල් දෙකම ඇමෙරිකාවේ යුද මිත්‍රයන්. ඇතැම් විට අපට යුද අවි නොසපයන ලෙස ඇමෙරිකාව විසින් කරන ලද ආයාචනාවලට ඒ රටවල් දෙක අවනත වෙන්නත් ඇති." 'ද ඕස්ට්‍රේලියන්' පුවත්පතට ගේරග් ෂෙරිඩාන් වාර්තා කළ ප්රවෘත්ති වාර්තාවේ සම්පූර්ණ අනුවාදය මෙසේයි; ගෝඨාභය රාජපක්ෂ සහ සෙල්වරාසා පද්මනාදන් ජන්ම වෛරක්කාරයෝ වූහ. දැන් ඔවුන් දෙදෙනා එකම පණිවුඩයක් දරා සිටිති. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ විශාලතම නගරය වන කොළඹ දී පැය 24ක් ඇතුළත දී මම මුණ ගැසුණෙමි. පද්මනාදන් හෙවත් ඔහු ප්‍රකට වශයෙන් දන්නා පරිදි "කේ.පී.", 2009 මාස කිහිපයකට දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ මුළු මහත් නායකත්වය දැරීය. එල්.ටී.ටී.ඊ.ය යනු ලොව දරුණුතම සහ කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක් විය. ඊට පෙරාතුව ඔහු බොහෝ කාලයක් කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ දෙවැනියා වශයෙන් කටයුතු කළේය. 2009 මැයි මසදී ප්රභාකරන් මරා දමනු ලැබූ පසුව පද්මනාදන් එල්.ටී.ටී.ඊ. නායකත්වයට පත්විය. 2009 සැප්තැම්බර් මසදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාව තෙක් ඔහු එල්.ටී.ටී.ඊ.යේ නායකත්වය දැරීය. දෙමළ කොටි පිළිබඳ ඔබ වැඩිපුර යමක් නොදන්නවා විය හැකිය. 20 වැනි ශත වර්ෂයේ දෙවැනි භාගයේදී ලොව කවර කලෙක හෝ එළිදුටු ඉතා මාරක සහ සැබැවින්ම ක්‍රියාකාරී ත්‍රස්තවාදී කණ්ඩායම ඔවුන් විය. ඔවුහු ත්‍රස්ත ක්ෂේත්රයේ නවෝත්පාදන දෙකකට මුල පිරූහ. ඒ අල් කයිඩා සංවිධානය පවා පසුව අනුකරණය කළ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් සහ ළමා හේවායන් හා ළමා ත්රස්තවාදීන්ය. කොටි සංවිධානයේ ඒකායන අනන්‍යතාවන්ගෙන් එකක් වූයේ සයනයිඩ් කරලයි. අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවකදී දිවි හානිකර ගැනීමට ඉන් මඟ සැලසිණ. ඒ ඒ කාඩරයාට සයනයිඩ් කරලක් ලබා දෙන ලදී. ශ්‍රී ලංකා රජයට එරෙහිව 1983 සිට 2009 දක්වා දෙමළ කොටි විසින් පවත්වාගෙන ගිය දීර්ඝ යුද්ධයේදී 70,000ක් දෙනා මිය ගියහ. මෙම බිහිසුණු ආරවුල පැවැති කාලය තුළදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ඇතැම් පිරිස් නිසැකවම මානව හිමිකම් අපයෝජන සිදු කළහ. එහෙත් ශ්‍රී ලංකා රජයත්, කොටි සංවිධානයත් අතර සමස්ත වශයෙන් සදාචාරාත්මක සමානතාවක් නම් නොවීය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සැලසුම් කොට මෙහෙයවනු ලැබූ හමුදාමය මෙහෙයුමක් මඟින් දෙමළ කොටි අවසානයේදී පරාජය කරනු ලැබූහ. දක්ෂ වෘත්තීය සෙබළකු වන ඔහු යුද හමුදාවෙන් විශ්‍රාම ලබා ඇමෙරිකාවේ පදිංචියට ගොස් සිටියේය. එහෙත් පසුව ජනාධිපතිවරණයේදී සිය සොහොයුරා මහින්ද රාජපක්ෂට උදව් කිරීම සඳහා ඔහු ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේය. 2005 සිට 2009 දක්වා "ගෝඨා" (ඔහු ප්‍රසිද්ධියේ හැඳින්වෙන්නේ ඒ නමිනි) කොටි සංවිධානයේ අවසානයේදී පරාජයට පත් කළ හමුදා මෙහෙයුම අධීක්ෂණය කළේය. එහෙත් ඉතිහාසයේ සුවිශේෂ සරදමක් මෙන් පද්මනාදන් මා සමඟ පැවැසුවේ අත්අඩංගුවේ පසුවෙද්දී තමනට මැනවින් සලකනු සහතික කළේ ගෝඨා බවයි. තමන් පුනරුත්ථාපනය කරනු ලැබ දැනට සුළුතර දෙමළ හා සිංහල බහුතරය අතර සිදුවන ප්රතිසන්ධාන ක්‍රියාවලියේදී කිසියම් කාර්යභාරයක් ඉටු කරන තැනට තමන් පෙළගැස්වූයේ ගෝඨා බවද පද්මනාදන් මා සමඟ කීය. සිංහල-දෙමළ බෙදීම ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම පලුද්දක් වේ. ඔවුහු විවිධ ආගම් අදහති. සිංහලයෝ බෞද්ධයෝද, දමිළයෝ හින්දුවරුද වෙති. ඔවුහු වෙනස් භාෂා කතා කරති. ඔවුහු ජනවාර්ගික වශයෙන් විවිධය. මේ සන්දර්භය වඩාත් සංකීර්ණ වන්නේ අසල්වාසි ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යයේ පන් කෝටියක් දෙමළ ජනතාවක් විසීම හේතු කොටගෙනය. සමහර දමිළයෝ ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර පළාත් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ප්‍රිය කරති. එසේ වුවත් දමිළයන්ගෙන් වැඩිපුර කොටසක් ජීවත් වන්නේ කොළඹ සහ දකුණේය. ඔවුහු බෙදුම්වාදයට සහයෝගය නොදක්වති. බහුතර සිංහල ජනතාව හා ශ්‍රී ලාංකික රාජ්‍යය රට දෙකඩ කිරීමට කිසි දිනෙක ඉඩ නොදෙති. එබැවින් සාමකාමීව ජීවත්වීමට දෙපාර්ශ්වයම කටයුතු කරන්නේනම් වඩාත් හොඳය. පද්මනාදන් හමුවීම පහසු කාර්යයක් නොවීය. ඒ සඳහා දින ගණනාවක් තිස්සේ සූදානම් වෙමින් දුරකතන ඇමැතුම් රාශියක් ලබාදී මිතුරන් හා අඳුනන අයගෙන් උදව් උපකාර පැතීමට සිදුවිය. උස, එක එල්ලේ ඉදිරිය දෙස නෙත් යොමාගත් තැන්පත් පුද්ගලයෙක් කොළඹ විශාල හෝටලයක පිළිගැනුම් කුටියට පිවිසෙයි. රජය ඔහුට ශරීරාක්ෂකයන් දෙදෙනකු ලබාදී ඇත. වැඩි කලබලයක් නැති සහ වැඩි දෙනකුගේ බැල්මට හසුනොවන ස්ථානයක් අපේ සම්මුඛ සාකච්ඡාව සඳහා යොදා ගන්නැයි මට දැනුම් දී තිබිණ. වඩා හොඳ විකල්පයක් නොමැති වූයෙන් හෝටලයේ 18 වැනි මහලේ පිහිටි කුඩා කෝපි කඩයක් වෙත මම ඔහු කැඳවාගෙන ගියෙමි. එහි කාමර දෙකක් විය. ඉන් එතරම් පිරිසක් රැඳී නොසිටි කාමරය අපි තෝරා ගතිමු. එහෙත් වැඩි වේලාවක් ගත වන්න කලින් ඔහු වෙනත් අය විසින් හඳුනාගනු ලැබූ බව මට පෙනිණ. එහි ප්‍රතිඵලය වූයේ විගස අප දෙදෙනා පමණක් එහි ඉතිරිවීමයි. ශරීරාක්ෂකයෝ දෙදෙනා පිටත රැඳී සිටියහ. හෝටල් කාර්ය මණ්ඩලය අපට කෝපි ගෙනැවිත් දී එතැනින් ලහි ලහියේ පිටව ගියහ. පද්මනාදන්ගේ ඉංගී්රසි දැනුම නරක නැත. එහෙත් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වෙද්දී ඔහුගේ ඉංගී්රසි එතරම් හොඳ නැති බව මට පෙනී ගියේය. ඒ ඔහුගේ පෞද්ගලික ජීවිතය හෝ කොටින්ගේ වඩාත් ආන්දෝලනාත්මක උප්පරවැට්ටි කිහිපයක් හෝ ගැන මා ඔහුගෙන් ප්‍රශ්න කරද්දීය. එල්.ටී.ටී.ඊ.ය විනාශකාරී ලෙස භාවිත කළ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් සිදු කිරීමේ සංකල්පය ඔවුන්ට ලැබුණේ කොතැනකින්ද? "ඒක ප්‍රභාකරන්ගේම සංකල්පයක්" යැයි පද්මනාදන් උත්තර දුන්නේය. "අපි පළමුකොටම එය උපයෝගී කොට ගත්තේ 1980 ගණන්වලදීයි. ඇත්ත වශයෙන්ම කිවහොත් 1980 ගණන්වලදී සමහරුන් අපත් සමඟ වාඩිවී කතා කළා. දෙවැනි ලෝක යුද්ධයේදී ජපනුන් හැසිරුණ සැටි සහ 'කැමිකාසේ' බෝම්බ පිපිරුම්කරුවන් ගැනත් අපි සාකච්ඡා කළා. කොහොම හරි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳ අදහස ආවේ ප්රභාකරන්ගේ හිතෙන්. ඒ වගේම තමිල්නාඩුවේ ද සම්ප්රදායක් තිබෙනවා මිනිසුන් සමහර අවස්ථාවලදී විරෝධතාවක් වශයෙන් ගිනි තබාගෙන මැරෙන." කොටි සංවිධානයට යුද අවි ආයුධ මිලදී ගැනීම භාරව සිටියේ පද්මනාදන්ය. ඔහු වසර ගණනාවක් තිස්සේ ඉන්දියාවේත් පසුව මලයාසියාවේත්, ඉන්දුනීසියාවේ සහ තායිලන්තයේත් කලක් සිංගප්පූරුවේ හා යුරෝපයේත් පදිංචිව සිටියේය. "තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව 1980 ගණන්වලදී කාලයක් තිස්සේ අපට එක එල්ලේ ඍජු ලෙස උදවු කළා. රජීව් ගාන්ධි බලයට පත්වීමට පෙරාතුව ඉන්දීය මධ්‍යම ආණ්ඩුවද කොටි සංවිධානයට යම් සහයෝගයක් දැක්වූවා." "ඒක නතර වුණාම යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේදී අපි සල්ලි එකතු කළා. ඕස්ට්‍රේලියාවේදීත් අපි සල්ලි එකතු කළා. නමුත් අපේ ප්‍රධාන අරමුදල් මූලාශ්‍ර වුණේ යුරෝපය සහ කැනඩාවයි." "වරක් බටහිර රහස් තොරතුරු අංශ විශ්වාස කළේ දස ලක්ෂයක දෙමළ ඩයස්පෝරාවෙන් සහ නීති විරෝධී වෙළෙඳ ව්‍යාපාර ගණනාවකින් කොටි සංවිධානයට වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 සිට මිලියන 3000 තෙක් මුදල් එකතු වූ බවයි. ඔවුන් ඒ සල්ලි බරැති සාම්ප්‍රදායික අවි ආයුධ, කාල තුවක්කු හා බරැති තුවක්කු සහ නැව් පවා මිලදී ගැනීමට යොදා ගත්තා." "අවුරුදු ගණනාවක් රටේ උතුරු හා නැඟෙනහිර සුවිශාල භූමි ප්‍රදේශයක් කොටි සංවිධානය භාවිත කළා. ඔවුන්ට කුඩා නමුත් ප්‍රබල නාවික බළ ඇණියකුත් සහ කුඩා ගුවන් බළ ඇණියක් පවා තිබුණා." කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් ඒ සා දියුණු තත්ත්වයකට පත්ව තිබුණේ නැහැ. පද්මනාදන් එහි මධ්‍යම සංවිධායක විය. වරක් ඔහු ශ්‍රී ලංකා රජයට පමණක් නොව ඉන්දීය බල අධිකාරීන්ට පවා ප්‍රශ්න කිරීමට අවශ්‍යව සිටි පුද්ගලයෙක් විය. රජීව් ගාන්ධි ඝාතනයට ඔහු සම්බන්ධ බවට ඉන්දීය රජය පමණක් නොව ඉන්ටර්පෝල් සංවිධානයත් 'එම්.අයි. 6' බි්රතාන්ය චරපුරුෂ සංවිධානයත් 'සී.අයි.ඒ.' සංවිධානයත් සැක කළහ. "රජීව් ගාන්ධි මරා දැමීමට තීරණය ගත්තේ ප්රභාකරන්" යැයිද පද්මනාදන් කීය. ඉන්දියාව සාම සාධක හමුදාවක් ශ්‍රී ලංකාවට එවූ පසුව කොටි සංවිධානය සහ ඉන්දීය යුද හමුදාව වෛරක්කාරයෝ වුණා. "ප්රභාකරන් සිතුවේ ඉන්දියානුවන් ඔහු මරා දැමීමට තැත් කළ බවයි. ඒ නිසා ඊට පෙරාතුව ප්රථමකොටම ගාන්ධි මරා දැමිය යුතු යැයි ඔහු තීරණය කළා." නිසැකවම මරාගෙන මැරෙන කොටි සාමාජිකාවක විසින් රජීව් ගාන්ධි ඝාතනය කිරීමේ සිද්ධිය හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඉන් කොටි සංවිධානයේ සැබෑ ස්වරූපය ලොවට පෙන්නුම් කෙරිණි. එමෙන්ම ඉන් ඉන්දියාව එල්.ටී.ටී.ඊ.යේ බද්ධ වෛරක්කාරයා බවට පත්විය. එල්.ටී.ටී.ඊ.ය විසින් සිදුකරනු ලැබූ බොහෝ දේවල් වැරැදි බවට පද්මනාදන් දැන් පිළිගනී. එමෙන්ම දෙමළ ජන ප්‍රජාවට මුහුණදීමට සිදුවූ අසාධාරණකම් සහ ප්‍රකෝප කිරීම් ලැයිස්තුවක්ද ඔහු ඉදිරිපත් කළේය. ඒ අතර සිංහලයන්ට වාසි වූ භාෂා ප්‍රතිපත්තියක් ගැනද එහි සඳහන් විය. ඔහු මේ ලැයිස්තුව ගෙනහැර දැක්වූයේ අකැමැත්තෙන් මෙනි. සැමවිටම අතීතය ගැන මතක් කිරීමෙන් වළකින ලෙස ඔහු සිය සහෘද දමිළයන්ගෙන් ඉල්ලා සිටී. ඊට හේතුව එවැනි සිතුවිලි වඩ වඩාත් ලේ වැගිරීම්වලට තුඩු දීමයි. මා එක එල්ලේ ප්රභාකරන් ගැන විමසද්දී ඔහු ප්‍රතිචාර දැක්වූයේ යම් අකැමැත්තක් සහිතවය. ප්රභාකරන් සිත් ඇදගන්නා පෞරුෂයක් හිමි නායකයෙක්. මට ඔහු හමුවෙද්දී ඔහු නිර්ව්‍යාජ මිත්‍රශීලී චරිතයක්. ඔහු දෙමළ සටන වෙනුවෙන් මිය යෑමට වුවත් සැමවිටම සූදානමින් සිටියා. මා 1974දී ප්‍රථම වරට ඔහු මුණගැසුණු දිනයේ පටන් ඔහු 2009දී මියගිය අවසාන දිනය දක්වා ඔහු සිය දර්ශනයෙන් හා අධිෂ්ඨානයෙන් කිසි දිනෙක වෙනස් වුණේ නැහැ. "එහෙත් ඔහු කිසි විටෙක නම්‍යශීලී නොවුණු පුද්ගලයෙක්. වෙනස්වෙමින් පවතින ලෝකය අනුව වෙනස් වීමට ඔහු කිසි දිනෙක කැමැති වුණේ නැහැ." "ඔහු වඩාත් නම්‍යශීලී විය යුතුව තිබුණා. තමන්ගේම ජනතාව ඔහු විසින් මරා දැමීම වැරැදියි. කාලය ගෙවීගෙන යද්දී ප්රභාකරන් වඩ වඩාත්ම ආඥාදායකයකුගේ ස්වරූපය ගත්තා" යැයිද පද්මනාදන් කීය. පද්මනාදන් හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එක සමාන ලෙස අනුසර වන තේමාවන් දෙකක් ඇත. ඒ කොටි සංවිධානයේ අවසාන පරාජය කරා ඇමෙරිකානුවන් ඉටු කළ ප්‍රධාන කාර්ය භාරයත් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙමළ ඩයස්පෝරාව විසින් දැන් ඉටුකළ යුතු කාර්යභාරය පිළිබඳ ඔවුන් දෙදෙනා තුළ ඇති එකඟත්වයත් වේ. 2001 සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව වෙනස් අතකට හැරුණු අන්තර්ජාතික වාතාවරණය කොටි සංවිධානයේ පරාජයට හේතු වූ බවද පද්මනාදන් විශ්වාස කරයි. මේ කතාවේ එකී කොටස කීමට අපි ගෝඨාට ඉඩ දෙමු. ගෝඨා ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙකි. කොළඹ නගර මධ්‍යයේ පිහිටි ජනාධිපති කාර්යාල සංකීර්ණය අසල පිහිටි ඔහුගේ කාර්යාලය හමුදාමය පෙනුමක් විදහා දක්වයි. ඔහු තීක්ෂණය. වකේරා්ත්තියකින් තොරව අදහස් පළ කරන්නෙකි. එමෙන්ම අදාළ වස්තු විෂයට ශීඝ්‍රයෙන් ප්‍රවේශ වෙයි. ඔහු මා සමඟ පැවැසුවේ ශ්‍රී ලංකා යුද හමුදාවට මුහුණදීමට සිදුවූ විශාලතම ගැටලුවලින් එකක් වූයේ විශාල නෞකාවල බර අවි එල්ටීටීඊය විසින් ගෙන එනු ඇති බවයි. ශ්‍රී ලංකා ජල තීර තුළ ඒ නෞකා වරායෙන් පිටත රැඳී සිටියදී කුඩා යාත්‍රා කණ්ඩායම් ඒවා වෙත ගොස් අවි ආයුධ එකතු කරගෙන එනු ඇතැයිද යුද හමුදාව සිතුවේය. "ඔවුන්ගේ අවි ආයුධවලින් වැඩි කොටසක් මිලදී ගත්තේ විවෘත වෙළෙඳ පොළෙන්. ඔවුන්ගේ කාල තුවක්කුවලින් වැඩි කොටසක් උතුරු කොරියාවේ තැනූ ඒවායි. ඔවුන්ට ගුවන්යානා නාශක මිසයිල පවා තිබුණා. ඔවුන්ගේ කාලතුවක්කු හා මෝටාර් බොහෝ විට ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ඒවාට පෑහුණා. ඇතැම් අවස්ථාවලදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒවාටත් පවා වඩා හොඳට ඔවුන්ගේ ඒවා පෑහුණා. ඔවුන්ගේ කාල තුවක්කුවලින් අපට බොහෝ මරණ හා තුවාලකරුවන් ඇතිවුණා" යැයි රාජපක්ෂ කීය. කොටින්ගේ සැපයුම් නෞකාවන් දියේ ගිල්වා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වීමත් සමඟ යුද්ධයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් උදා විය. "2006 සහ 2008 අතර කාලය තුළදී අපි මේ පාවෙන අවි ගබඩා 12ක් විනාශ කර දැමුවා. මෙහෙම දෙයක් කරන්නට පුළුවන් වුණේ කොහොමද? අපට ඇමෙරිකාව ඉතා විශාල ලෙස උදවු කිරීමයි. මේ නැව්වලින් බොහොමයක් යාත්‍රා කරමින් තිබූ ඉසව් අපට දැනුම් දුන්නේ ඇමෙරිකාවයි" රාජපක්ෂ කීය. ඇමෙරිකානු චන්ද්‍රිකා තාක්ෂණය විසින් ඒ නැව් පිහිටි ඉසව් සොයා ගැනීම නිසා ඒවාට පහර දීමට ශ්‍රී ලංකාවට හැකි විය. ඊට පෙරාතුව ශ්‍රී ලංකාවේ ආරවුල පිළිබඳ ඇමෙරිකාව දෙවිධියක මතයක් දැරීය. ඔවුන් ඉතා දුරස්ථ වශයෙන් වත් කොටි සංවිධානයේ චර්යාව යුක්ති සහගත යැයි හෝ කොටි ත්රස්තවාදීන් අනුමත කළේ හෝ නැත. එහෙත් ඔවුන් ශ්‍රී ලංකාවේ හමුදාවලට අවි ආයුධ සැපයුවේද නැත. ආරවුල පැවැති මුළු කාල පරිච්ඡේදය පුරා ශ්‍රී ලංකාවට යුද අවිවලින් වැඩි කොටසක් සැපයුණේ ඊශ්‍රායලය හා පාකිස්තානයෙනි. ඒ දෙරටම ඇමෙරිකාවේ හමුදා මිතුරෝ වූහ. ශ්‍රී ලංකාවට අවි ආයුධ නොසපයන ලෙස ඇමෙරිකාව ඔවුන්ගෙන් කළ ඉල්ලීම්වලට ඇතැම් විට ඔවුන් අවනත වන්නට ද ඇත. 9/11 සිද්ධියෙන් පසුව ඇමෙරිකාවේ හා අන්තර්ජාතික රටවල චින්තනයේ පෙරළියක් සිදුවූ බව පද්මනාදන් විශ්වාස කරයි. ඉන් ගම්‍ය වූයේ කොටි සංවිධානයේ සන්නද්ධ අරගල ප්‍රවේශය තවදුරටත් වලංගු නොවන උපාය මාර්ගයක් බවයි. "අපට මුළු ලොවටම විරුද්ධව නැඟී සිටීමට නොහැකි වුණා. එහෙත් ප්රභාකරන් සාම සාකච්ඡාවලට විරුද්ධ වුණා. [/SIZE] source: Mawbima [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom