Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Luca's story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මට මගේ අම්මා ශීතකරණය ළඟ හිටගෙන බලන් හිටපු විදිය තවමත් මතකයි.” මෙසේ කියන 2018 පාපන්දු ලෝක කුසලානයේ ප්රබලතම කණ්ඩායමක් වන බෙල්ජියම් කණ්ඩායමේ ඉදිරිපෙළ ප්‍රහාරක රොමේලු ලුකාකු, මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ද ක්‍රීඩා කරන ලොව ශක්තිමත්ම ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගෙන් කෙනෙකි.

ඔහුගේ බසින්ම The Players Tribune වෙබ් අඩවිය මත පලකොට තිබූ ඔහුගේ දුෂ්කර ළමාකාලය පිළිබඳ වූ රචනය, ක්‍රීඩකයන් පමණක් නොව, දුෂ්කරතා මැද පෙලෙන සෑම කෙනෙකුම කියවිය යුත්තකි. ඔහුගේම බසින් “ඔහුගේ කතාව” මෙසේයි.

“එතකොට මට වයස අවුරුදු හයයි. එදා මං පාසල් විවේක වෙලාවෙදි කෑම කන්න ගෙදරට ආවා. අම්මගේ කෑම වට්ටෝරුව ඉතින් හැමදාම එකම තමයි. පානුයි, කිරියි. ඔබ දරුවෙකුගෙ කාලෙදි හිතන්නෙවත් නැති කෑම. ඒත් මං හිතන්නෙ ඒවා තමයි අපට මිළදී ගන්න වත්කමක් තිබුණු දේ.”

“ඉතින් තවත් දවසක මං ගෙදර ඇවිත් කුස්සියට ගියා. මං දැක්කා අම්මා හැමදාමත් වගේ කිරි පැකට් එක අතේ තියාගෙන ශීතකරණය ළඟ හිටගෙන ඉන්නවා. ඒත් මෙදා පාර ඇය මොනවහරි ඒකට එකතුකරමින් තමයි හිටියේ. අම්මා ඒක හොලවමින් හිටියා. මට තේරුණේ නෑ මොනවද සිද්ධවෙන්නේ කියලා. ඉන් පස්සෙ ඇය මගෙ දවල් කෑම මගෙ ළඟට ගෙනත් දීලා පුරුදු විදියටම හිනාවුණා. හරියටම වෙන්නෙ මොනවද කියලා මම අවබෝධ කරගත්තා.”

“ඇය කිරිවලට මිශ්‍ර කරමින් හිටියේ වතුර යි. සතියටම කිරි මිළට ගන්න අපට වත්කමක් තිබුණෙ නෑ. අපි බංකොලොත් වෙලයි හිටියේ. දුප්පත් නෙමෙයි, බංකොලොත්.”

“මගෙ තාත්තා වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක්. ඒත් ඔහු හිටියේ ඔහුගේ වෘත්තියේ අන්තිම කාලේ නිසා සල්ලි ඔක්කොම ඉවර වෙලයි තිබුණේ. පළවෙනියටම අපට නැතිවුණේ අපේ කේබල් ටී.වී. එක. ඉතින් ෆුට්බෝල් නෑ, දවසටම තරග බලන්න නෑ. සිග්නල් නෑනේ.”

“පස්සෙ මං රෑ ගෙදර එනකොට ලයිට් ඕෆ් කරලයි තිබුණේ. සමහර කාලවල් තිබුණා සති දෙක, තුන විදුලිය නැතුව ඉන්න.”

“මට නාන්න ඕන වුනත් උණු වතුර තිබුණේ නෑ (බෙල්ජියම ශීත රටකි). අම්මා මට වතුර කේතලෙන් උණුකරලා දුන්නහම මම ෂවර් එක යට ඉඳගෙන පොඩි කෝප්පෙකින් ඔලුවට උණු වතුර හලාගන්නවා.”

“අම්මා පාන් බේකරියෙන් පාන් ණයට ගන්න කාලෙකුත් තිබුණා. බේකරියේ අය මාවයි මගෙ සහෝදරයවයි දන්නවා. ඒ නිසා සඳුදට ණයට පාන් දුන්නහම සිකුරාදාට සල්ලි ගෙවන්න ඔවුන් අම්මට ඉඩ දුන්නා.”

“අපි අමාරුවෙන් ජීවත් වෙන බව මං දැනගෙන හිටියා. ඒත් අම්මා කිරිවලට වතුර එකතුකරන වෙලාවේ මං හිතුවා අපිට කිසිම දෙයක් නෑ කියලා. තේරෙනවද? ඒකයි අපේ ජීවිතේ.”

“මං වචනයක්වත් කිව්වෙ නෑ. ඇයව තවත් පීඩනයට පත්කරන්න මට ඕන වුණේ නෑ. එදා මං දවල් කෑම කෑවා. ඒත් දෙයියන්ගෙ නාමෙන්,මං එදා මටම පොරොන්දුවක් වුනා. ඒක හරියට කවුරුන්හරි ඔබව ඇහැරවනවා වගේ. මං දැනගෙන හිටියා මං කළ යුතු දේත්, මං කරන්න යන දේත්.”

“අම්මා ඒ විදියට ජීවත් වෙනවා බලන්න මට ඕන වුණේ නෑ. නෑ! නෑ! මට එයාට එහෙම වෙන්න දෙන්න ඕන වුණේ නෑ.”

“පාපන්දු ක්‍රීඩාවේ ඉන්න අය කැමතියි මානසික ශක්තිය ගැන කතා කරන්න. එහෙම නම්, ඔබට හමුවෙන ශක්තිමත්ම පාපන්දු ක්‍රීඩකයා මම වෙන්න පුළුවන්. මොකද මට මතකයි අම්මයි මල්ලියි එක්ක මම අඳුරේම ප්‍රාර්ථනා කරනවා, හිතමින්, විශ්වාස කරමින්, දනිමින්… ඒ වෙනස කරන්න පුළුවන් කියලා.”

“මගේ පොරොන්දුව මං මගෙ හිතේ තියන් හිටියේ. ඒත් එක දවසක් මං ගෙදර එද්දි මගේ අම්මා අඬමින් හිටියා. එදා මං ඇයට කිව්වා, ‘දන්නවද අම්මේ, ඕක වෙනස් වෙන්නයි යන්නේ. මම ඇන්ඩර්ලෙක්ට් (මුල් ක්‍රීඩා සමාජය) වලට ෆුට්බෝල් ගහන්න යනවා. ඒක ඉක්මනින්ම වේවි. ඒක හොඳින් සිද්ධවේවි. ඔයාට තවත් දුකෙන් ඉන්න වෙන්නෙ නෑ.”

“අවුරුදු හයේ දී මං තාත්තගෙන් ඇහුවා, ‘ප්‍රෝ (වෘත්තීය) ෆුට්බෝල් ගහන්න පටන්ගන්න පුළුවන් වයස කීයෙදීද?”

“ඔහු කිව්වා 16 දී බව. ‘හොඳයි එහෙම නම් 16 දී‘. මං මටම කියාගත්තා.”

“ඒ කාලෙ මං සෙල්ලම් කරපු හැම තරගයක්ම අවසන් මහා තරගයක්. මං පාක් එකේ සෙල්ලම් කරත් ඒක එහෙමයි, ළදරු පාසලේ සෙල්ලම් කරත් එහෙමයි, මට ඒක බරපතල දෙයක් වුනා. මං බෝලෙට ගහන හැමවෙලේම බෝලෙ ඉරෙන්න තරම් හයියෙන් තමයි ගැහුවේ. උපරිම හයියෙන්. අපිට ගේම්ස් තිබුණේ නෑ, ප්ලේස්ටේෂන්, FIFA ගේම්ස් මොකුත් නෑ, මට ඕන වුනේ මරාගෙන ෆුට්බෝල් ගහන්න.”

“මං උස යනකොට අනෙක් ළමයින්ගේ දෙමව්පියොයි, සමහර ගුරුවරුයි මාව පීඩනයට පත්කළා. ‘මේ ඔයාගෙ වයස කීයද? ඉපදුනේ මොන අවුරුද්දෙද?’ කියලා වැඩිහිටියෝ අහපු පළවෙනි වතාව මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.”

“මොකක්? මට හිතුණා.”

“මට අවුරුදු 11දී මම ලියර්ස් කනිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ සෙල්ලම් කළා. අනෙක් කණ්ඩායමේ දෙමාපියෙක් මාව ග්‍රවුන්ඩ් එකට යන එක වළක්වන්න හැදුවා. ‘මේ ළමයට වයස කීයද? එයාගෙ හැඳුනුම්පත කෝ? කොහෙන්ද එයා ආවේ?’ ඔහු ඇහුවා.”

“‘මං වෙන කොහෙන් එන්නද? මං ඈන්ට්වෝර්ප් වලින්, බෙල්ජියමේ.‘ මම හිතුවා.”

“මගේ තාත්තා එතන හිටියේ නෑ. ඔහුට කාර් එකක් තිබුණෙ නෑ මාව පිට තරගවලට ගෙනියන්න. මට මං විතරයි නිසා තනියෙන්ම නැගිටින්න සිදු වුනා. මං මගෙ බෑග් එකෙන් හැඳුනුම්පත අරගෙන හැම දෙමාපියෙක්ටම පෙන්නුවා. ඒ අය පරීක්ෂාවෙන් ඒක බලබල එකිනෙකා අතරට යවාගත්තා.”

“මගෙ ලේ රත්වුණු හැටි මට මතකයි. මං උඹලගෙ දරුවො වැඩියෙන් මරවනවා. කොහොමත් මං හිටියෙ උන්ව මරවන්න තමයි. ඒත් දැන් මම උන්ව විනාශ කරනවා. උඹලට සිද්ධවේවි අඬන බබාලව ගෙදර අරන් යන්න! මං හිතුවා.”

“මට ඕන වුනේ බෙල්ජියම් ඉතිහාසයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා වෙන්න. ඒකයි මගෙ ඉලක්කය වුනේ. හොඳ නෙමෙයි, ශ්‍රේෂ්ඨ නෙමෙයි, ‘හොඳම!‘ ගොඩක් දේවල් නිසා මං ක්‍රීඩා කළේ හරිම තරහින්. මං ඉන්න ගෙදර මීයෝ කැරකෙනවා, මට චැම්පියන්ස් ලීග් එක බලන්න නෑ, අනිත් ළමයින්ගේ දෙමාපියො මට කතා කළ විදිය!…”

“මට අවුරුදු 12 වෙද්දී, තරග 34ක දී මං ගෝල 76ක් ගැහුවා. ඒ ඔක්කොම ගැහුවේ මගෙ තාත්තගෙ බූට්ස් දෙක දාගෙන. අපේ කකුල් එක ගානට වෙද්දී අපි දෙන්න බූට්ස් දැම්මෙ බෙදාගෙන.”

“දවසක් මම මගෙ සීයට, අම්මගෙ තාත්තට කතා කළා. ඔහු මගෙ ජීවිතේ වැදගත්ම අයගෙන් කෙනෙක්. ‘මං ගෝල 76ක් ගැහුවා. ලොකු ලොකු කණ්ඩායම් මං දිහා බලාගෙනයි ඉන්නේ.‘ මම කිව්වා.”

“හැමදාම ඔහු මගේ ෆුට්බෝල් කතා අහගෙන ඉන්නවා. ඒත් මෙදා ඔහු මෙහෙම කිව්වා. ‘නියමයි රොම්, ඒත් මං වෙනුවෙන් එක දෙයක් කරන්න පුළුවන් ද? මගෙ දුවව බලාගන්න පුළුවන් ද?'”

“ඔහු මොනව කියනවද කියලා තේරුණේ නැතත්, ‘අම්මවනේ? හරි හරි අපි හොඳින් ඉන්නම්.‘ මං කිව්වා.”

“‘නෑ මට පොරොන්දු වෙන්න මගෙ දුවව හොඳින් බලාගන්න බවට පොරොන්දු වෙන්න පුළුවන් ද?'”

“ඔව් සීයෙ මං පොරොන්දු වෙනවා.”

“දින පහකට පස්සේ ඔහු මියගි යා. එදයි මට තේරුණේ ඔහු කිව්වේ මොකක්ද කියලා.”

“තවත් අවුරුදු 4ක් ඔහු ජීවත්ව හිටිය නම් කියලා හිතෙනවා. එහෙනම් ඔහුට බලන්න තිබුණා මං ඇන්ඩර්ලෙක්ට් වලට ක්‍රීඩා කරන හැටි, මං මගෙ පොරොන්දුව ඉටු කළා කියලා දකින්න.”

“මම 16 දී කරන බවට අම්මට කියූදේ කරන්න මට දවස් 11ක් ප්‍රමාද වුනා. 2009 මැයි 24, ඇන්ඩර්ලෙක්ට් වලට එරෙහිව ස්ටෑන්ඩර්ඩ් ලීග්.”

“ඒක මගෙ ජීවිතේ මාරම දවසක්. තරගවාරය පටන්ගනිද්දී මම ඇතුළට එන්න නියමිතව තිබුණේ බංකුවේ ඉඳලා තරගය මැදදී. ‘මෙහෙම බංකුවෙන් ඇවිත් කොහොමද අවුරුදු 16දී ප්‍රෝ කෙනෙක් වෙන්නේ‘ කියලා මං හිතුවා. මං කෝච් එක්ක ඔට්ටුවක් දැම්මා.”

“මට විශ්වාසෙන්ම කියන්න පුළුවන් කෝච්, මාව තරගවලට දැම්මොත් මම දෙසැම්බර් වෙද්දී ගෝල 25ක් ගහනවා.”

“ඔහුට හිනා ගියා. ඔහු හයියෙන් හිනා වුනා. ‘හැබැයි ඔබ ගෝල 25ක් නොගැහුවොත් ඉන්න වෙන්නෙ බංකුවේ.‘ ඔහු කිව්වා.”

“‘හරි, හැබැයි මං දිනුවොත් ඔබතුමා අපිව ආපහු ගෙනියන මිනි වෑන් සුද්ධ කරන්න ඕන. ආ තව දෙයක්, අපට හැමදාම පෑන් කේක් හදල දෙන්නත් ඕන.‘ මං කිව්වා. කෝච් කිව්වා ‘හා‘ කියලා. ඒක මිනිහෙකුට දාන්න පුළුවන් මෝඩම ඔට්ටුවක්. මට ගෝල 25ක් තිබුණා. අපි නත්තල් වලටත් කලින් පෑන් කේක් කෑවා.”

“ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න. ජයග්‍රහණ පිපාසය තියෙන කොලුගැටයෙක් එක්ක සෙල්ලම් දාන්න හොඳ නෑ.”

“මැයි 13, මගෙ උපන්දිනය දවසේ මම ඇන්ඩර්ලෙක්ට් ක්‍රීඩා සමාජයත් එක්ක කොන්ත්‍රාත්තු අත්සන් කළා. කෙළින්ම ගිහින් FIFA ගේම් එකයි කේබල් පැකේජ් එකයි ගත්තා. සීසන් එකත් ඉවර වෙන්න ළඟ නිසා මං ගෙදරට වෙලා විනෝදෙන් ඉන්න හිටියේ. ඒත් ඒ අවුරුද්දේ ලීග් එකේ ඇන්ඩලෙක්ට් සහ ස්ටෑන්ඩර්ඩ් ලීග් කියන කණ්ඩායම් දෙකේ ලකුණු සමවුණා. ඒ නිසා අවසන් තරග දෙකක් සෙල්ලම් කරන්න වුනා.”

“පළවෙනි එක මම ගෙදර ඉඳන් නරඹන්නෙක් හැටියට බැලුවා. දෙවැනි තරගයට කලින් දවසේ මට දුරකථන ඇමතුමක් ආවා.”

“‘හෙලෝ රොම්, මොකද කරන්නේ?'”

“‘මම පාක් එකට ගිහින් ෆුට්බෝල් ගහන්නයි යන්නේ.”‘

“‘ නෑ නෑ, බෑග් එක පැක් කරගන්න. දැන්ම!‘”

‘”ඇයි මං කරපු වරද මොකක්ද?”‘

‘”නෑ, දැන්ම පිට්ටනියට එන්න ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට ඔයාව ඕන.”‘

”’මොකක්? මම?'”

”’ඔව්, ඔයා තමයි. දැන් එන්න.”‘

“මම තාත්තගෙ කාමරයට විදගෙන ගියා. ‘තාත්තෙ නැගිටින්ඩෝ! අපි යන්න ඕන!‘”

”’ඈ? මොකක්? කොහෙද?’ ඔහු ඇහුවා.”

“ඇන්ඩර්ලෙක්ට් තාත්තෙ, ඇන්ඩර්ලෙක්ට්!”

“මම ක්‍රීඩාගාරෙ ඇතුළට දුවගෙනයි ගියේ. ‘හොඳයි පුතා, මොන අංකෙ ජර්සිය ද ඕන?’ ක්‍රීඩාගාරයේ ඇඳුම් බලන කෙනා මගෙන් ඇහුවා.”

“මං කිව්වා, ‘මට අංක 10 දෙන්න‘. මට ඒ කාලේ කිසිම බයක් තිබුණෙ නෑ.”

”’ඇකඩමියෙන් එන අය අංක 30 ඉඳන් එහාට අංකයක් ගන්න ඕන.‘ ඔහු කිව්වා.”

“හරි, තුනයි හයයි එකතුවුණහම 9යි. මට දෙන්න 36.”

“එදා රෑ හොටලේ දී ජ්‍යෙෂ්ඨ කණ්ඩායම ඉස්සරහ සිංදුවකුත් කියන්න මට සිද්ධ වුනා. මොකක් කිව්වද කියලවත් මතක නෑ. මගෙ ඔළුව කැරකි කැරකි තිබුණේ.”

“ඊළඟ දවසේ අපි මැච් එකට යන්න ටීම් බස් එකෙන් බැස්සා. අනික් හැමෝම ලේසි ඇඳුම් දාගෙන හිටියේ. මං ඇඳගෙන හිටියේ මෝඩ ට්‍රැක් සූට් එකක්. කැමරා ඔක්කොම මගෙ පැත්තට හැරුණා. ක්‍රීඩාගාරෙට එතන ඉඳන් මීටර 300ක් විතර ඇති. මං ඇතුළට අඩිය තියනකොටම මගෙ ෆෝන් එක වදදෙන්න ගත්තා. හැමෝම මාව රූපවාහිනියෙන් දැකලා තිබුණා. මිනිත්තු 3කින් විතර මැසේජස් 25ක් විතර ආවා.”

“බ්‍රෝ, ඇයි උඹ තරගෙට යන්නේ?”

“රොම්, මොකද වෙන්නේ? ඇයි උඹ ටී.වී. එකේ ඉන්නේ?”

“මම රිප්ලයි කරේ මගෙ හොඳම යාළුවට විතරයි. ‘බ්‍රෝ, මං සෙල්ලම් කරයිද කියල නම් දන්නෙ නෑ. මොනවා වෙයිද දන්නෙ නෑ. ඒත් ටී.වී. එක දිහා බලාගෙන ඉඳපන්.‘”

“63 වෙනි මිනිත්තුවෙදි මැනේජර් මාව ග්‍රවුන්ඩ් එකට දැම්මා. අවුරුදු 16යි දවස් 11දි මම ඇන්ඩර්ලෙක්ට් වෙනුවෙන් ක්‍රීඩා පිටියට බැස්සා.”

“අපි තරගෙ පැරදුනා. ඒත් මං හිටියෙ දිව්‍යලෝකෙ ගියා වගේ. මගෙ අම්මටත් සීයටත් දීපු පොරොන්දුව මං ඉෂ්ඨ කළා. ඒ වෙලාවෙ තමයි මං දැනගත්තේ අපිට හරියනවා කියලා.”

“ඊළඟ සීසන් එක එද්දී මං උසස් පන්තිවල ඉන්න ගමන් යුරෝපා ලීග් එකේ සෙල්ලම් කරමින් හිටියේ. මම ඉස්කෝලෙ යනකොට ලොකු බෑග් එකක් අරන් යනවා දවල් ගුවනින් තරගවලට යන්න. අපි ලීග් එක ලොකුවට දිනුවා වගේම මම ‘වසරේ කළු ජාතික ක්‍රීඩකයා‘ කියන ලිස්ට් එකේ දෙවනියට හිටියා. මට නිකන් පිස්සු වගේ.”

“ඒ දේවල් බලාපොරොත්තුවෙන් හිටියට එච්චර ඉක්මනින් වෙයි කියලා මං හිතුවේ නෑ. හදිසියේම මාධ්‍ය මාව ඔසවලා තැබුවා. බෙල්ජියම් කණ්ඩායමට එන්න තරම් මං හොඳයි කියලා මං හිතුවේ නෑ. මට 17යි 18යිනෙ වයස.”

“වැඩ හොඳට වෙද්දී මං පත්තර වාර්තා කියෙව්වා. ඔවුන් මට කිව්වේ ‘බෙල්ජියානු ප්‍රහාරක රොමේලු ලුකාකු‘!”

“වැඩ හොඳට නොවෙනකොට ඔවුන් මට ‘කොන්ගානු සම්භවයක් ඇති බෙල්ජියම් ප්‍රහාරක රොමේලු ලුකාකු‘ කියා කිව්වා.”

“ඔබ මා ක්‍රීඩා කරන විදියට අකමැති නම් ඒකට කමක් නැහැ. ඒත් මං උපන්නේ මෙහෙ (බෙල්ජියමේ). හැදුනෙ ඈන්ට්වෝප්, ලීග්, බ්‍රසල්ස් වල. මම ප්‍රංශ භාෂාවෙන් පටන් අරන් ඕලන්ද භාෂාවෙන් ඉවර කරාවි. ස්පාඤ්ඤ, පෘතුගීසි කෑලිත් එහෙන් මෙහෙන් දමාවි, ඒ ඉන්නා ප්‍රදේශය අනුව.”

“ඒත් මම බෙල්ජියානුවෙක්.”

රොමේලු ලුකාකු නිකන්ම නිකන් බෙල්ජියානුවෙකු නොවේ. සාර්ථක ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් අවසන් කළ සාඩම්බර බෙල්ජියානු කණ්ඩායමක සාමාජිකයෙකි. එමෙන්ම ලොව ධනවත්ම පාපන්දු කණ්ඩායමක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් හි ඉදිරිපෙළ ප්‍රහාරකයෙකි. ගෝලවලින් ක්‍රීඩා සැසි අවසන් කරන්නෙකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූවෙකි.

“මට අවුරුදු 10ක් චැම්පියන්ස් ලීග් එක බලන්න බැරි වුනා. අපට වත්කමක් නොතිබුණු නිසා. මං පාසලට යද්දී හැම ළමයෙක්ම ඒ තරග ගැන කතා කරමින් ඉද්දී මට මොනවත් තේරුණේ නැහැ. 2002 දී රියාල් මැඩ්රිඩ් – බයර්න් ලෙවර්කුසන් තරගයෙන් පස්සේ හැමෝම “වොලී, ඕ වොලී!” කිය කියා ඉද්දි මටත් සිදු වුනා මමත් ඒක දන්නවා වගේ රඟපාන්න.”

“ඊට සති දෙකකට පස්සේ පරිගණක පන්තියේ දී මම යාලුවෙකුගේ වීඩියෝ එකකින් දැක්කා සිනෙඩින් සිඩාන් ගෝල් එකක් ගහනවා. ඒ කාලෙදිම මම රොනාල්ඩෝගේ දස්කම් දකින්න යාළුවගේ ගෙදර ගියා. ආ! මට මතකයි 2002 දී මගේ සපත්තු වල හිල් තිබුණා. ඉන් අවුරුදු 12කින් පස්සේ මම ලෝක කුසලානයකට ක්‍රීඩා කරනවා.”

උත්සාහය සහ ධෛර්යය ඇත්නම් කළ හැකි දේ බොහොම ය

ලුකාකුගේ කතාව තවමත් නිමාවී නැත. ඔහුගේ නම අද සෑම පාපන්දු ලෝලියෙකුගේම කටට හුරුපුරුදු නමකි. උත්සාහය සහ ධෛර්යය ඇත්නම් කළ හැකි දේ බොහොම ය. පාපන්දු තරගයක් නැරඹීමට පවා වත්කමක් නොතිබූ ලුකාකු අද ලෝක පාපන්දු සලකුණකි. අවසන් වශයෙන් ඔහුගේ සංවේදී රචනය අවසන් වී ඇත්තේ මෙසේයි.

“මට හිතෙනවා අද මගෙ සීයට එකම එක දුරකථන ඇමතුමක් ගන්න තිබුණ නම් කියලා. ‘දැක්කද? ඔබේ දුව හොඳින්. අපේ ගෙදර තවදුරටත් මීයන් නැහැ. අපි බිම නිදියන්නෙත් නැහැ. කරදර නැහැ. අපි හොඳින් සීයේ, අපි හොඳින්‘ කියලා ඔහුට දන්වන්න…”

(උපුටා ගැනීමකි)

මෙහි පරිවර්තනයේ සියලු ගෞරව අසංක හදිරම්පල සහෘදයාට හිමි විය යුතුය

(The papare.com

[QUOTE="bravehearts, post: 23397199, member: 513648"] [COLOR="Navy"][SIZE="3"] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/36767927_958114207696310_2488059066920730624_n.png?_nc_cat=0&oh=d9399888f4fcdc46399fa540f1a5e955&oe=5BEAABED[/IMG] “මට මගේ අම්මා ශීතකරණය ළඟ හිටගෙන බලන් හිටපු විදිය තවමත් මතකයි.” මෙසේ කියන 2018 පාපන්දු ලෝක කුසලානයේ ප්රබලතම කණ්ඩායමක් වන බෙල්ජියම් කණ්ඩායමේ ඉදිරිපෙළ ප්‍රහාරක රොමේලු ලුකාකු, මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ද ක්‍රීඩා කරන ලොව ශක්තිමත්ම ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගෙන් කෙනෙකි. ඔහුගේ බසින්ම The Players Tribune වෙබ් අඩවිය මත පලකොට තිබූ ඔහුගේ දුෂ්කර ළමාකාලය පිළිබඳ වූ රචනය, ක්‍රීඩකයන් පමණක් නොව, දුෂ්කරතා මැද පෙලෙන සෑම කෙනෙකුම කියවිය යුත්තකි. ඔහුගේම බසින් “ඔහුගේ කතාව” මෙසේයි. “එතකොට මට වයස අවුරුදු හයයි. එදා මං පාසල් විවේක වෙලාවෙදි කෑම කන්න ගෙදරට ආවා. අම්මගේ කෑම වට්ටෝරුව ඉතින් හැමදාම එකම තමයි. පානුයි, කිරියි. ඔබ දරුවෙකුගෙ කාලෙදි හිතන්නෙවත් නැති කෑම. ඒත් මං හිතන්නෙ ඒවා තමයි අපට මිළදී ගන්න වත්කමක් තිබුණු දේ.” “ඉතින් තවත් දවසක මං ගෙදර ඇවිත් කුස්සියට ගියා. මං දැක්කා අම්මා හැමදාමත් වගේ කිරි පැකට් එක අතේ තියාගෙන ශීතකරණය ළඟ හිටගෙන ඉන්නවා. ඒත් මෙදා පාර ඇය මොනවහරි ඒකට එකතුකරමින් තමයි හිටියේ. අම්මා ඒක හොලවමින් හිටියා. මට තේරුණේ නෑ මොනවද සිද්ධවෙන්නේ කියලා. ඉන් පස්සෙ ඇය මගෙ දවල් කෑම මගෙ ළඟට ගෙනත් දීලා පුරුදු විදියටම හිනාවුණා. හරියටම වෙන්නෙ මොනවද කියලා මම අවබෝධ කරගත්තා.” “ඇය කිරිවලට මිශ්‍ර කරමින් හිටියේ වතුර යි. සතියටම කිරි මිළට ගන්න අපට වත්කමක් තිබුණෙ නෑ. අපි බංකොලොත් වෙලයි හිටියේ. දුප්පත් නෙමෙයි, බංකොලොත්.” “මගෙ තාත්තා වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක්. ඒත් ඔහු හිටියේ ඔහුගේ වෘත්තියේ අන්තිම කාලේ නිසා සල්ලි ඔක්කොම ඉවර වෙලයි තිබුණේ. පළවෙනියටම අපට නැතිවුණේ අපේ කේබල් ටී.වී. එක. ඉතින් ෆුට්බෝල් නෑ, දවසටම තරග බලන්න නෑ. සිග්නල් නෑනේ.” “පස්සෙ මං රෑ ගෙදර එනකොට ලයිට් ඕෆ් කරලයි තිබුණේ. සමහර කාලවල් තිබුණා සති දෙක, තුන විදුලිය නැතුව ඉන්න.” “මට නාන්න ඕන වුනත් උණු වතුර තිබුණේ නෑ (බෙල්ජියම ශීත රටකි). අම්මා මට වතුර කේතලෙන් උණුකරලා දුන්නහම මම ෂවර් එක යට ඉඳගෙන පොඩි කෝප්පෙකින් ඔලුවට උණු වතුර හලාගන්නවා.” “අම්මා පාන් බේකරියෙන් පාන් ණයට ගන්න කාලෙකුත් තිබුණා. බේකරියේ අය මාවයි මගෙ සහෝදරයවයි දන්නවා. ඒ නිසා සඳුදට ණයට පාන් දුන්නහම සිකුරාදාට සල්ලි ගෙවන්න ඔවුන් අම්මට ඉඩ දුන්නා.” “අපි අමාරුවෙන් ජීවත් වෙන බව මං දැනගෙන හිටියා. ඒත් අම්මා කිරිවලට වතුර එකතුකරන වෙලාවේ මං හිතුවා අපිට කිසිම දෙයක් නෑ කියලා. තේරෙනවද? ඒකයි අපේ ජීවිතේ.” “මං වචනයක්වත් කිව්වෙ නෑ. ඇයව තවත් පීඩනයට පත්කරන්න මට ඕන වුණේ නෑ. එදා මං දවල් කෑම කෑවා. ඒත් දෙයියන්ගෙ නාමෙන්,මං එදා මටම පොරොන්දුවක් වුනා. ඒක හරියට කවුරුන්හරි ඔබව ඇහැරවනවා වගේ. මං දැනගෙන හිටියා මං කළ යුතු දේත්, මං කරන්න යන දේත්.” “අම්මා ඒ විදියට ජීවත් වෙනවා බලන්න මට ඕන වුණේ නෑ. නෑ! නෑ! මට එයාට එහෙම වෙන්න දෙන්න ඕන වුණේ නෑ.” “පාපන්දු ක්‍රීඩාවේ ඉන්න අය කැමතියි මානසික ශක්තිය ගැන කතා කරන්න. එහෙම නම්, ඔබට හමුවෙන ශක්තිමත්ම පාපන්දු ක්‍රීඩකයා මම වෙන්න පුළුවන්. මොකද මට මතකයි අම්මයි මල්ලියි එක්ක මම අඳුරේම ප්‍රාර්ථනා කරනවා, හිතමින්, විශ්වාස කරමින්, දනිමින්… ඒ වෙනස කරන්න පුළුවන් කියලා.” “මගේ පොරොන්දුව මං මගෙ හිතේ තියන් හිටියේ. ඒත් එක දවසක් මං ගෙදර එද්දි මගේ අම්මා අඬමින් හිටියා. එදා මං ඇයට කිව්වා, ‘දන්නවද අම්මේ, ඕක වෙනස් වෙන්නයි යන්නේ. මම ඇන්ඩර්ලෙක්ට් (මුල් ක්‍රීඩා සමාජය) වලට ෆුට්බෝල් ගහන්න යනවා. ඒක ඉක්මනින්ම වේවි. ඒක හොඳින් සිද්ධවේවි. ඔයාට තවත් දුකෙන් ඉන්න වෙන්නෙ නෑ.” “අවුරුදු හයේ දී මං තාත්තගෙන් ඇහුවා, ‘ප්‍රෝ (වෘත්තීය) ෆුට්බෝල් ගහන්න පටන්ගන්න පුළුවන් වයස කීයෙදීද?” “ඔහු කිව්වා 16 දී බව. ‘හොඳයි එහෙම නම් 16 දී‘. මං මටම කියාගත්තා.” “ඒ කාලෙ මං සෙල්ලම් කරපු හැම තරගයක්ම අවසන් මහා තරගයක්. මං පාක් එකේ සෙල්ලම් කරත් ඒක එහෙමයි, ළදරු පාසලේ සෙල්ලම් කරත් එහෙමයි, මට ඒක බරපතල දෙයක් වුනා. මං බෝලෙට ගහන හැමවෙලේම බෝලෙ ඉරෙන්න තරම් හයියෙන් තමයි ගැහුවේ. උපරිම හයියෙන්. අපිට ගේම්ස් තිබුණේ නෑ, ප්ලේස්ටේෂන්, FIFA ගේම්ස් මොකුත් නෑ, මට ඕන වුනේ මරාගෙන ෆුට්බෝල් ගහන්න.” “මං උස යනකොට අනෙක් ළමයින්ගේ දෙමව්පියොයි, සමහර ගුරුවරුයි මාව පීඩනයට පත්කළා. ‘මේ ඔයාගෙ වයස කීයද? ඉපදුනේ මොන අවුරුද්දෙද?’ කියලා වැඩිහිටියෝ අහපු පළවෙනි වතාව මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.” “මොකක්? මට හිතුණා.” “මට අවුරුදු 11දී මම ලියර්ස් කනිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ සෙල්ලම් කළා. අනෙක් කණ්ඩායමේ දෙමාපියෙක් මාව ග්‍රවුන්ඩ් එකට යන එක වළක්වන්න හැදුවා. ‘මේ ළමයට වයස කීයද? එයාගෙ හැඳුනුම්පත කෝ? කොහෙන්ද එයා ආවේ?’ ඔහු ඇහුවා.” “‘මං වෙන කොහෙන් එන්නද? මං ඈන්ට්වෝර්ප් වලින්, බෙල්ජියමේ.‘ මම හිතුවා.” “මගේ තාත්තා එතන හිටියේ නෑ. ඔහුට කාර් එකක් තිබුණෙ නෑ මාව පිට තරගවලට ගෙනියන්න. මට මං විතරයි නිසා තනියෙන්ම නැගිටින්න සිදු වුනා. මං මගෙ බෑග් එකෙන් හැඳුනුම්පත අරගෙන හැම දෙමාපියෙක්ටම පෙන්නුවා. ඒ අය පරීක්ෂාවෙන් ඒක බලබල එකිනෙකා අතරට යවාගත්තා.” “මගෙ ලේ රත්වුණු හැටි මට මතකයි. මං උඹලගෙ දරුවො වැඩියෙන් මරවනවා. කොහොමත් මං හිටියෙ උන්ව මරවන්න තමයි. ඒත් දැන් මම උන්ව විනාශ කරනවා. උඹලට සිද්ධවේවි අඬන බබාලව ගෙදර අරන් යන්න! මං හිතුවා.” “මට ඕන වුනේ බෙල්ජියම් ඉතිහාසයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා වෙන්න. ඒකයි මගෙ ඉලක්කය වුනේ. හොඳ නෙමෙයි, ශ්‍රේෂ්ඨ නෙමෙයි, ‘හොඳම!‘ ගොඩක් දේවල් නිසා මං ක්‍රීඩා කළේ හරිම තරහින්. මං ඉන්න ගෙදර මීයෝ කැරකෙනවා, මට චැම්පියන්ස් ලීග් එක බලන්න නෑ, අනිත් ළමයින්ගේ දෙමාපියො මට කතා කළ විදිය!…” “මට අවුරුදු 12 වෙද්දී, තරග 34ක දී මං ගෝල 76ක් ගැහුවා. ඒ ඔක්කොම ගැහුවේ මගෙ තාත්තගෙ බූට්ස් දෙක දාගෙන. අපේ කකුල් එක ගානට වෙද්දී අපි දෙන්න බූට්ස් දැම්මෙ බෙදාගෙන.” “දවසක් මම මගෙ සීයට, අම්මගෙ තාත්තට කතා කළා. ඔහු මගෙ ජීවිතේ වැදගත්ම අයගෙන් කෙනෙක්. ‘මං ගෝල 76ක් ගැහුවා. ලොකු ලොකු කණ්ඩායම් මං දිහා බලාගෙනයි ඉන්නේ.‘ මම කිව්වා.” “හැමදාම ඔහු මගේ ෆුට්බෝල් කතා අහගෙන ඉන්නවා. ඒත් මෙදා ඔහු මෙහෙම කිව්වා. ‘නියමයි රොම්, ඒත් මං වෙනුවෙන් එක දෙයක් කරන්න පුළුවන් ද? මගෙ දුවව බලාගන්න පුළුවන් ද?'” “ඔහු මොනව කියනවද කියලා තේරුණේ නැතත්, ‘අම්මවනේ? හරි හරි අපි හොඳින් ඉන්නම්.‘ මං කිව්වා.” “‘නෑ මට පොරොන්දු වෙන්න මගෙ දුවව හොඳින් බලාගන්න බවට පොරොන්දු වෙන්න පුළුවන් ද?'” “ඔව් සීයෙ මං පොරොන්දු වෙනවා.” “දින පහකට පස්සේ ඔහු මියගි යා. එදයි මට තේරුණේ ඔහු කිව්වේ මොකක්ද කියලා.” “තවත් අවුරුදු 4ක් ඔහු ජීවත්ව හිටිය නම් කියලා හිතෙනවා. එහෙනම් ඔහුට බලන්න තිබුණා මං ඇන්ඩර්ලෙක්ට් වලට ක්‍රීඩා කරන හැටි, මං මගෙ පොරොන්දුව ඉටු කළා කියලා දකින්න.” “මම 16 දී කරන බවට අම්මට කියූදේ කරන්න මට දවස් 11ක් ප්‍රමාද වුනා. 2009 මැයි 24, ඇන්ඩර්ලෙක්ට් වලට එරෙහිව ස්ටෑන්ඩර්ඩ් ලීග්.” “ඒක මගෙ ජීවිතේ මාරම දවසක්. තරගවාරය පටන්ගනිද්දී මම ඇතුළට එන්න නියමිතව තිබුණේ බංකුවේ ඉඳලා තරගය මැදදී. ‘මෙහෙම බංකුවෙන් ඇවිත් කොහොමද අවුරුදු 16දී ප්‍රෝ කෙනෙක් වෙන්නේ‘ කියලා මං හිතුවා. මං කෝච් එක්ක ඔට්ටුවක් දැම්මා.” “මට විශ්වාසෙන්ම කියන්න පුළුවන් කෝච්, මාව තරගවලට දැම්මොත් මම දෙසැම්බර් වෙද්දී ගෝල 25ක් ගහනවා.” “ඔහුට හිනා ගියා. ඔහු හයියෙන් හිනා වුනා. ‘හැබැයි ඔබ ගෝල 25ක් නොගැහුවොත් ඉන්න වෙන්නෙ බංකුවේ.‘ ඔහු කිව්වා.” “‘හරි, හැබැයි මං දිනුවොත් ඔබතුමා අපිව ආපහු ගෙනියන මිනි වෑන් සුද්ධ කරන්න ඕන. ආ තව දෙයක්, අපට හැමදාම පෑන් කේක් හදල දෙන්නත් ඕන.‘ මං කිව්වා. කෝච් කිව්වා ‘හා‘ කියලා. ඒක මිනිහෙකුට දාන්න පුළුවන් මෝඩම ඔට්ටුවක්. මට ගෝල 25ක් තිබුණා. අපි නත්තල් වලටත් කලින් පෑන් කේක් කෑවා.” “ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න. ජයග්‍රහණ පිපාසය තියෙන කොලුගැටයෙක් එක්ක සෙල්ලම් දාන්න හොඳ නෑ.” “මැයි 13, මගෙ උපන්දිනය දවසේ මම ඇන්ඩර්ලෙක්ට් ක්‍රීඩා සමාජයත් එක්ක කොන්ත්‍රාත්තු අත්සන් කළා. කෙළින්ම ගිහින් FIFA ගේම් එකයි කේබල් පැකේජ් එකයි ගත්තා. සීසන් එකත් ඉවර වෙන්න ළඟ නිසා මං ගෙදරට වෙලා විනෝදෙන් ඉන්න හිටියේ. ඒත් ඒ අවුරුද්දේ ලීග් එකේ ඇන්ඩලෙක්ට් සහ ස්ටෑන්ඩර්ඩ් ලීග් කියන කණ්ඩායම් දෙකේ ලකුණු සමවුණා. ඒ නිසා අවසන් තරග දෙකක් සෙල්ලම් කරන්න වුනා.” “පළවෙනි එක මම ගෙදර ඉඳන් නරඹන්නෙක් හැටියට බැලුවා. දෙවැනි තරගයට කලින් දවසේ මට දුරකථන ඇමතුමක් ආවා.” “‘හෙලෝ රොම්, මොකද කරන්නේ?'” “‘මම පාක් එකට ගිහින් ෆුට්බෝල් ගහන්නයි යන්නේ.”‘ “‘ නෑ නෑ, බෑග් එක පැක් කරගන්න. දැන්ම!‘” ‘”ඇයි මං කරපු වරද මොකක්ද?”‘ ‘”නෑ, දැන්ම පිට්ටනියට එන්න ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට ඔයාව ඕන.”‘ ”’මොකක්? මම?'” ”’ඔව්, ඔයා තමයි. දැන් එන්න.”‘ “මම තාත්තගෙ කාමරයට විදගෙන ගියා. ‘තාත්තෙ නැගිටින්ඩෝ! අපි යන්න ඕන!‘” ”’ඈ? මොකක්? කොහෙද?’ ඔහු ඇහුවා.” “ඇන්ඩර්ලෙක්ට් තාත්තෙ, ඇන්ඩර්ලෙක්ට්!” “මම ක්‍රීඩාගාරෙ ඇතුළට දුවගෙනයි ගියේ. ‘හොඳයි පුතා, මොන අංකෙ ජර්සිය ද ඕන?’ ක්‍රීඩාගාරයේ ඇඳුම් බලන කෙනා මගෙන් ඇහුවා.” “මං කිව්වා, ‘මට අංක 10 දෙන්න‘. මට ඒ කාලේ කිසිම බයක් තිබුණෙ නෑ.” ”’ඇකඩමියෙන් එන අය අංක 30 ඉඳන් එහාට අංකයක් ගන්න ඕන.‘ ඔහු කිව්වා.” “හරි, තුනයි හයයි එකතුවුණහම 9යි. මට දෙන්න 36.” “එදා රෑ හොටලේ දී ජ්‍යෙෂ්ඨ කණ්ඩායම ඉස්සරහ සිංදුවකුත් කියන්න මට සිද්ධ වුනා. මොකක් කිව්වද කියලවත් මතක නෑ. මගෙ ඔළුව කැරකි කැරකි තිබුණේ.” “ඊළඟ දවසේ අපි මැච් එකට යන්න ටීම් බස් එකෙන් බැස්සා. අනික් හැමෝම ලේසි ඇඳුම් දාගෙන හිටියේ. මං ඇඳගෙන හිටියේ මෝඩ ට්‍රැක් සූට් එකක්. කැමරා ඔක්කොම මගෙ පැත්තට හැරුණා. ක්‍රීඩාගාරෙට එතන ඉඳන් මීටර 300ක් විතර ඇති. මං ඇතුළට අඩිය තියනකොටම මගෙ ෆෝන් එක වදදෙන්න ගත්තා. හැමෝම මාව රූපවාහිනියෙන් දැකලා තිබුණා. මිනිත්තු 3කින් විතර මැසේජස් 25ක් විතර ආවා.” “බ්‍රෝ, ඇයි උඹ තරගෙට යන්නේ?” “රොම්, මොකද වෙන්නේ? ඇයි උඹ ටී.වී. එකේ ඉන්නේ?” “මම රිප්ලයි කරේ මගෙ හොඳම යාළුවට විතරයි. ‘බ්‍රෝ, මං සෙල්ලම් කරයිද කියල නම් දන්නෙ නෑ. මොනවා වෙයිද දන්නෙ නෑ. ඒත් ටී.වී. එක දිහා බලාගෙන ඉඳපන්.‘” “63 වෙනි මිනිත්තුවෙදි මැනේජර් මාව ග්‍රවුන්ඩ් එකට දැම්මා. අවුරුදු 16යි දවස් 11දි මම ඇන්ඩර්ලෙක්ට් වෙනුවෙන් ක්‍රීඩා පිටියට බැස්සා.” “අපි තරගෙ පැරදුනා. ඒත් මං හිටියෙ දිව්‍යලෝකෙ ගියා වගේ. මගෙ අම්මටත් සීයටත් දීපු පොරොන්දුව මං ඉෂ්ඨ කළා. ඒ වෙලාවෙ තමයි මං දැනගත්තේ අපිට හරියනවා කියලා.” “ඊළඟ සීසන් එක එද්දී මං උසස් පන්තිවල ඉන්න ගමන් යුරෝපා ලීග් එකේ සෙල්ලම් කරමින් හිටියේ. මම ඉස්කෝලෙ යනකොට ලොකු බෑග් එකක් අරන් යනවා දවල් ගුවනින් තරගවලට යන්න. අපි ලීග් එක ලොකුවට දිනුවා වගේම මම ‘වසරේ කළු ජාතික ක්‍රීඩකයා‘ කියන ලිස්ට් එකේ දෙවනියට හිටියා. මට නිකන් පිස්සු වගේ.” “ඒ දේවල් බලාපොරොත්තුවෙන් හිටියට එච්චර ඉක්මනින් වෙයි කියලා මං හිතුවේ නෑ. හදිසියේම මාධ්‍ය මාව ඔසවලා තැබුවා. බෙල්ජියම් කණ්ඩායමට එන්න තරම් මං හොඳයි කියලා මං හිතුවේ නෑ. මට 17යි 18යිනෙ වයස.” “වැඩ හොඳට වෙද්දී මං පත්තර වාර්තා කියෙව්වා. ඔවුන් මට කිව්වේ ‘බෙල්ජියානු ප්‍රහාරක රොමේලු ලුකාකු‘!” “වැඩ හොඳට නොවෙනකොට ඔවුන් මට ‘කොන්ගානු සම්භවයක් ඇති බෙල්ජියම් ප්‍රහාරක රොමේලු ලුකාකු‘ කියා කිව්වා.” “ඔබ මා ක්‍රීඩා කරන විදියට අකමැති නම් ඒකට කමක් නැහැ. ඒත් මං උපන්නේ මෙහෙ (බෙල්ජියමේ). හැදුනෙ ඈන්ට්වෝප්, ලීග්, බ්‍රසල්ස් වල. මම ප්‍රංශ භාෂාවෙන් පටන් අරන් ඕලන්ද භාෂාවෙන් ඉවර කරාවි. ස්පාඤ්ඤ, පෘතුගීසි කෑලිත් එහෙන් මෙහෙන් දමාවි, ඒ ඉන්නා ප්‍රදේශය අනුව.” “ඒත් මම බෙල්ජියානුවෙක්.” රොමේලු ලුකාකු නිකන්ම නිකන් බෙල්ජියානුවෙකු නොවේ. සාර්ථක ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් අවසන් කළ සාඩම්බර බෙල්ජියානු කණ්ඩායමක සාමාජිකයෙකි. එමෙන්ම ලොව ධනවත්ම පාපන්දු කණ්ඩායමක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් හි ඉදිරිපෙළ ප්‍රහාරකයෙකි. ගෝලවලින් ක්‍රීඩා සැසි අවසන් කරන්නෙකු ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූවෙකි. “මට අවුරුදු 10ක් චැම්පියන්ස් ලීග් එක බලන්න බැරි වුනා. අපට වත්කමක් නොතිබුණු නිසා. මං පාසලට යද්දී හැම ළමයෙක්ම ඒ තරග ගැන කතා කරමින් ඉද්දී මට මොනවත් තේරුණේ නැහැ. 2002 දී රියාල් මැඩ්රිඩ් – බයර්න් ලෙවර්කුසන් තරගයෙන් පස්සේ හැමෝම “වොලී, ඕ වොලී!” කිය කියා ඉද්දි මටත් සිදු වුනා මමත් ඒක දන්නවා වගේ රඟපාන්න.” “ඊට සති දෙකකට පස්සේ පරිගණක පන්තියේ දී මම යාලුවෙකුගේ වීඩියෝ එකකින් දැක්කා සිනෙඩින් සිඩාන් ගෝල් එකක් ගහනවා. ඒ කාලෙදිම මම රොනාල්ඩෝගේ දස්කම් දකින්න යාළුවගේ ගෙදර ගියා. ආ! මට මතකයි 2002 දී මගේ සපත්තු වල හිල් තිබුණා. ඉන් අවුරුදු 12කින් පස්සේ මම ලෝක කුසලානයකට ක්‍රීඩා කරනවා.” උත්සාහය සහ ධෛර්යය ඇත්නම් කළ හැකි දේ බොහොම ය ලුකාකුගේ කතාව තවමත් නිමාවී නැත. ඔහුගේ නම අද සෑම පාපන්දු ලෝලියෙකුගේම කටට හුරුපුරුදු නමකි. උත්සාහය සහ ධෛර්යය ඇත්නම් කළ හැකි දේ බොහොම ය. පාපන්දු තරගයක් නැරඹීමට පවා වත්කමක් නොතිබූ ලුකාකු අද ලෝක පාපන්දු සලකුණකි. අවසන් වශයෙන් ඔහුගේ සංවේදී රචනය අවසන් වී ඇත්තේ මෙසේයි. “මට හිතෙනවා අද මගෙ සීයට එකම එක දුරකථන ඇමතුමක් ගන්න තිබුණ නම් කියලා. ‘දැක්කද? ඔබේ දුව හොඳින්. අපේ ගෙදර තවදුරටත් මීයන් නැහැ. අපි බිම නිදියන්නෙත් නැහැ. කරදර නැහැ. අපි හොඳින් සීයේ, අපි හොඳින්‘ කියලා ඔහුට දන්වන්න…” (උපුටා ගැනීමකි) මෙහි පරිවර්තනයේ සියලු ගෞරව අසංක හදිරම්පල සහෘදයාට හිමි විය යුතුය (The papare.com )[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom