Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mahela wenuwen Mahinda Abeysundara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද අබේසුන්දර අරුණාචලම් තරමටම අහිංසක හා හොඳ මිනිසකු නොවිය හැකිය. එහෙත් ඔහු පිළිබඳ ලේඛකයාගේ මතකයක් මෙහි සඳහන් කළ මනාය.

ලේඛකයාට මහින්ද අබේසුන්දර හමු වන්නේ ඥාතියකුගේ අවමඟුලකදීය. මියගිය ඥාතියා අබේසුන්දරට වඩා වසර කිහිපයකින් වැඩිමහළු, ඔහුගේ පාසල් සගයෙකි. අබේසුන්දර ගොම්මන් කළුවර වැටී එන මොහොතක තම පැරැණි සගයාට අවසාන ගෞරව දක්වනු සඳහා ඔහුගේ ගෙට ගොඩ වන්නේ අරුණාචලම් සේ මඳ පමණට සප්පායම් වී නොව කෙළින් හිට ගන්ට වත් නොහැකි තරමට දාගෙනය. ඔහු බිව්වේ දුකටද, පුරුද්දටද නොදනිමි.

ලේඛකයාට මහින්ද අබේසුන්දර හා අන්තර්ක්රියාවෙකට ඉඩ ලැබෙන්නේ මිනියට ආචාර කිරීමට වත් ඔහු නිවෙස තුළට යන්ට මැළි වන හෙයිනි. බීමතින් සිටින තමන්ගේ හැසිරීමෙන් තම මිතුරාට අගෞරවයක් විය හැකි බැව් ඔහු බමන මතින් වුව තේරුම් ගනී. මිනියට ආචාර කිරීමට වත් නොගොස් ඔහු හැරී යන්නේ එනිසාය. “ඇතුළට යන්ඩ බෑ පුතා… මං මේම යන එක ……. අයියට හොඳ නෑ. අක්කලාට කියන්ඩකො අපිත් ඇවිත් ගියා කියල. …….අයිය හොඳ මිනිහ. ඒකයි මේම හරි ආවෙ.”

මහින්ද අබේසුන්දර නරකම මිනිසකු නොවේයැයි ලේඛකයා අදත් සිතන්නේ මේ හැසිරීම නිසාය. අඩු තරමින් ඔහු තමන්ගේ ‘නරක’ හැසිරීම පිළිගන්ට කැමැති ‘හොඳ’ මිනිසෙකි.

අබේසුන්දර ලොකු මිනිහෙකු නොවේ. හිටපු ගණිත ගුරුවරයෙකි. උගන්වා ඇත්තේද ලොකු පන්තිවලට නොව පොඩි පන්ති වලටය. අනූවේ දශකය අග හරියේ ඔහු බන්දුල පද්මකුමාරගේ සංස්කාරකත්වයෙන් යුතු ඉරිදා ලක්බිමේ පුවත්පත් කලාවේදියකි. ලියන්නේ ආගිය කතා වැනි හෑලිය. වැඩකට ඇති දෙයක් නොවේ.

බන්දුල පද්මකුමාර ඒ කාලයේ තද යූ එන් පී කාරයෙකි. ලක්බිම හිමිකරු තිලංග සුමතිපාල යූ එන් පියේ අනුරාධපුර සංවිධායකය. අබේසුන්දර වමේය. අබේසුන්දර – පද්මකුමාර ගැටුමට මුල එය හෝ පුද්ගලික හේතුවක් විය හැකිය. අවසාන ප්‍රතිඵලය අබේසුන්දර ලක්බිමින් ඉවත් වන තැනට වැඩ සැලසීමයි. මෙය අසාධාරණයක් වන්නේ අබේසුන්දර තමන්ගේ දේශපාලනය කවරක් වුවද ලක්බිමට සරල පල්හෑලි මිසෙක විවාදාපන්න යමක් නොලී නිසාය. අඩු ගණනේ අබේසුන්දරට තමන්ට වූ අසාධාරණය කියා ගන්ට වත් තැනක් නැත. කර්තෲ සංසදයේ නයුවකු වන පද්මකුමාර සියළු මාධ්‍ය තමන්ට ඕනෑ විදියට පාලනය කරයි. ඔහු හා ගැටුණකුට මේ මාධ්‍යයන්හි කිසිම ඉඩක් නොලැබේ.

අබේසුන්දර එවකට කර්තෲ සංසදයේ සමාජිකත්වය නොදරණ එකම ‘ජාතික පුවත්පත්’ කතුවරයාගේ පිහිට පතයි.

“මහින්ද, මේක ඔයාගෙයි බන්දුලගෙයි පුද්ගලික ප්‍රශ්නයක්නෙ. අපි ඒ පුද්ගලික ප්‍රශ්න වලට අතදාන එක වැරදියිනෙ.” වික්ටර් අයිවනයෝ සීරු මාරුවෙන් ශූර ලෙස අත සෝදා ගනිති.

මේ තත්වයට පත්වූ විට කොයිතරම් හොඳ මිනිසකුට වුව ගත හැකි අන් පියවරක් වේද? පුද්ගලික මාධ්‍ය ඔහුට අත තැබීමට වත් නොකැමැතිය. ඔවුන්ට මේ ‘අපේ-එකකු’ සමඟ වලි දා ගත් කෙනෙකි. ගෝත්‍රයේ එකකුට අභියෝග කළ කැරළිකාරයකුට ගෝත්‍රයේ අනෙක් එවුන්ගෙන් අනුකම්පාවක් නොවේ.

මහින්ද අබේසුන්දරට පෙරළා ගුරු වෘත්තියට පිවිසීමටද නොහැකිය. ඔහු රජයේ මාධ්‍යයකට ඇතුළු වන්නේ ඊට ගෙවිය යුතු රිදී තිහක මිළ ගෙවමිනි.

මේ කතාව තව දීර්ඝ වුවත් මෙතැනින් නතර කළ හැක්කේ එතැන් පටන් සිදුවීම් කිසිවකුටත් රහසක් නොවන නිසාය.

මහින්ද අබේසුන්දරගේ පවුලේ විස්තර ලේඛකයා නොදනී. ඔහුට සවස තාත්තා කඩල ගොට්ටක් ගෙන එන තුරු ‘රුක් අත්තන මල මුදුනේ – බඹරු නටන හැන්දෑවේ’ බලා සිටින පුංචි පුතකු සිටිනවා විය හැකිය. කුසින් අඩක් දළ අහරින් රවටා – කෙසඟ සිරුර රළු යහනේ සතපා – අනියත හෙට ගැන සිතමින් සරසවියේ සිප් සතර හදාරන යොවුන් දියණියක සිටිනවා විය හැකිය. මේ පුතාටත් දුවටත් පොත් අර ගන්ට සල්ලි ඕනෑ වෙනවා විය හැකිය. ගෙදර උයන්ට බිරිඳට ලීක්ස්, කැරට්, ගෝවා අවශ්‍ය වනවා විය හැකිය. මේ කිසිවක් ආරක්ෂක දේවතාවෝ ගෙදරට ගෙනැවිත් නොදෙති. මේ සියල්ලටම මුදල් ඕනෑය. මේ ලෝකයේ හොඳ මිනිසුන් එකතු වී ඔහුගේ හා පවුලේ පැවැත්මට මුදල් එකතු කර දෙන්නේ නැත.

පෑන්ටි, කොන්ඩෝම්, නිල් චිත්‍රපට ගැන ලියන්ට අබේසුන්දරට සිදු වන්නේ ලෝකයේ අනෙක් සියළු දෙනාට සේම ඔහුටද ඔහුගේ පවුලේ ඇත්තන්ටද බඩගිනි වන නිසාය. ඊට ඔහුට පමණක් වැරද්ද පැටවිය යුතු නොවේ. ඔහු ගෙරි කුණු කරේ එල්ලා ගෙන කන බන්දුල පද්මකුමාරලාට, කරුණාදාස සූරියාරච්චිලාට සාපේක්ෂව හොඳ මිනිසෙකි. අඩු තරමින් ඔහු ලියන්නේ තමන් හරිය විශ්වාස කරන දර්ශනයක් වෙනුවෙනි. තමන් අසරණභාවයට පත්වූ මොහොතෙක පිහිටට විත් අසුචි ඇදීමේ කොන්තරාත්තුවක් හෝ ප්රදානය කළ මිනිසකු වෙනුවෙනි.

ලේඛකයා කලින් සිද්ධියෙන් පසුව මහින්ද අබේසුන්දර හා කතා කොට ඇත්තේ එකම වතාවකි. ඒ තිස්සමහාරාමය බලා යන අතරතුර උදෑසන ආහාරය සඳහා අළුත්ගම හරියේදී ගොඩ නැඟුණු අවන්හලෙකදීය. එහිදී අහම්බෙන් හමුවුණු අබේසුන්දරට ඔහු තමා හඳුන්නා දී කෙටි පිළිසඳරෙක යෙදුණේය. (නෑකමත් විශ්ව විද්‍යාලයේ රැකියාවත් හැරෙන්ට අන් කිසිවක් නොකියන්ට ඔහු පරෙස්සම් විය.) උදේ වැඩි නිසාදෝ අබේසුන්දර අනුමත වී නොසිටියේය. ලේඛකයා තමා දන්නා දෙයක් අනෙකාගේ කටින්ම අල්ලා ගන්ට දුඹුල් උත්සාහයක යෙදුණේ මෙසේය.

“දැන් මිස්ට අබේසුන්දර ඔය ලියන දේවල් වලට මිනිස්සු බනින්නෙ හෙම නැද්ද?”

ඔහු බොහෝ කාලයකට ඉහත අප්පච්චිගෙන් මුදලක් ලැබූ අරුණාචලම් සිහි ගන්වන ආකාරයේ සිනාවක් පෑයේය.

“මොනව කරන්ඩද පුතා, අපිත් ජීවත් වෙන්ඩ එපායැ”

ඔහුට ‘අහිංසක කසල භක්ෂකයා’ කියන නම ගැලැපෙන්නේ එහෙයිනි.

[QUOTE="urajdrlk, post: 9534879, member: 1489"] [SIZE="4"]මහින්ද අබේසුන්දර අරුණාචලම් තරමටම අහිංසක හා හොඳ මිනිසකු නොවිය හැකිය. එහෙත් ඔහු පිළිබඳ ලේඛකයාගේ මතකයක් මෙහි සඳහන් කළ මනාය. ලේඛකයාට මහින්ද අබේසුන්දර හමු වන්නේ ඥාතියකුගේ අවමඟුලකදීය. මියගිය ඥාතියා අබේසුන්දරට වඩා වසර කිහිපයකින් වැඩිමහළු, ඔහුගේ පාසල් සගයෙකි. අබේසුන්දර ගොම්මන් කළුවර වැටී එන මොහොතක තම පැරැණි සගයාට අවසාන ගෞරව දක්වනු සඳහා ඔහුගේ ගෙට ගොඩ වන්නේ අරුණාචලම් සේ මඳ පමණට සප්පායම් වී නොව කෙළින් හිට ගන්ට වත් නොහැකි තරමට දාගෙනය. ඔහු බිව්වේ දුකටද, පුරුද්දටද නොදනිමි. ලේඛකයාට මහින්ද අබේසුන්දර හා අන්තර්ක්රියාවෙකට ඉඩ ලැබෙන්නේ මිනියට ආචාර කිරීමට වත් ඔහු නිවෙස තුළට යන්ට මැළි වන හෙයිනි. බීමතින් සිටින තමන්ගේ හැසිරීමෙන් තම මිතුරාට අගෞරවයක් විය හැකි බැව් ඔහු බමන මතින් වුව තේරුම් ගනී. මිනියට ආචාර කිරීමට වත් නොගොස් ඔහු හැරී යන්නේ එනිසාය. “ඇතුළට යන්ඩ බෑ පුතා… මං මේම යන එක ……. අයියට හොඳ නෑ. අක්කලාට කියන්ඩකො අපිත් ඇවිත් ගියා කියල. …….අයිය හොඳ මිනිහ. ඒකයි මේම හරි ආවෙ.” මහින්ද අබේසුන්දර නරකම මිනිසකු නොවේයැයි ලේඛකයා අදත් සිතන්නේ මේ හැසිරීම නිසාය. අඩු තරමින් ඔහු තමන්ගේ ‘නරක’ හැසිරීම පිළිගන්ට කැමැති ‘හොඳ’ මිනිසෙකි. අබේසුන්දර ලොකු මිනිහෙකු නොවේ. හිටපු ගණිත ගුරුවරයෙකි. උගන්වා ඇත්තේද ලොකු පන්තිවලට නොව පොඩි පන්ති වලටය. අනූවේ දශකය අග හරියේ ඔහු බන්දුල පද්මකුමාරගේ සංස්කාරකත්වයෙන් යුතු ඉරිදා ලක්බිමේ පුවත්පත් කලාවේදියකි. ලියන්නේ ආගිය කතා වැනි හෑලිය. වැඩකට ඇති දෙයක් නොවේ. බන්දුල පද්මකුමාර ඒ කාලයේ තද යූ එන් පී කාරයෙකි. ලක්බිම හිමිකරු තිලංග සුමතිපාල යූ එන් පියේ අනුරාධපුර සංවිධායකය. අබේසුන්දර වමේය. අබේසුන්දර – පද්මකුමාර ගැටුමට මුල එය හෝ පුද්ගලික හේතුවක් විය හැකිය. අවසාන ප්‍රතිඵලය අබේසුන්දර ලක්බිමින් ඉවත් වන තැනට වැඩ සැලසීමයි. මෙය අසාධාරණයක් වන්නේ අබේසුන්දර තමන්ගේ දේශපාලනය කවරක් වුවද ලක්බිමට සරල පල්හෑලි මිසෙක විවාදාපන්න යමක් නොලී නිසාය. අඩු ගණනේ අබේසුන්දරට තමන්ට වූ අසාධාරණය කියා ගන්ට වත් තැනක් නැත. කර්තෲ සංසදයේ නයුවකු වන පද්මකුමාර සියළු මාධ්‍ය තමන්ට ඕනෑ විදියට පාලනය කරයි. ඔහු හා ගැටුණකුට මේ මාධ්‍යයන්හි කිසිම ඉඩක් නොලැබේ. අබේසුන්දර එවකට කර්තෲ සංසදයේ සමාජිකත්වය නොදරණ එකම ‘ජාතික පුවත්පත්’ කතුවරයාගේ පිහිට පතයි. “මහින්ද, මේක ඔයාගෙයි බන්දුලගෙයි පුද්ගලික ප්‍රශ්නයක්නෙ. අපි ඒ පුද්ගලික ප්‍රශ්න වලට අතදාන එක වැරදියිනෙ.” වික්ටර් අයිවනයෝ සීරු මාරුවෙන් ශූර ලෙස අත සෝදා ගනිති. මේ තත්වයට පත්වූ විට කොයිතරම් හොඳ මිනිසකුට වුව ගත හැකි අන් පියවරක් වේද? පුද්ගලික මාධ්‍ය ඔහුට අත තැබීමට වත් නොකැමැතිය. ඔවුන්ට මේ ‘අපේ-එකකු’ සමඟ වලි දා ගත් කෙනෙකි. ගෝත්‍රයේ එකකුට අභියෝග කළ කැරළිකාරයකුට ගෝත්‍රයේ අනෙක් එවුන්ගෙන් අනුකම්පාවක් නොවේ. මහින්ද අබේසුන්දරට පෙරළා ගුරු වෘත්තියට පිවිසීමටද නොහැකිය. ඔහු රජයේ මාධ්‍යයකට ඇතුළු වන්නේ ඊට ගෙවිය යුතු රිදී තිහක මිළ ගෙවමිනි. මේ කතාව තව දීර්ඝ වුවත් මෙතැනින් නතර කළ හැක්කේ එතැන් පටන් සිදුවීම් කිසිවකුටත් රහසක් නොවන නිසාය. මහින්ද අබේසුන්දරගේ පවුලේ විස්තර ලේඛකයා නොදනී. ඔහුට සවස තාත්තා කඩල ගොට්ටක් ගෙන එන තුරු ‘රුක් අත්තන මල මුදුනේ – බඹරු නටන හැන්දෑවේ’ බලා සිටින පුංචි පුතකු සිටිනවා විය හැකිය. කුසින් අඩක් දළ අහරින් රවටා – කෙසඟ සිරුර රළු යහනේ සතපා – අනියත හෙට ගැන සිතමින් සරසවියේ සිප් සතර හදාරන යොවුන් දියණියක සිටිනවා විය හැකිය. මේ පුතාටත් දුවටත් පොත් අර ගන්ට සල්ලි ඕනෑ වෙනවා විය හැකිය. ගෙදර උයන්ට බිරිඳට ලීක්ස්, කැරට්, ගෝවා අවශ්‍ය වනවා විය හැකිය. මේ කිසිවක් ආරක්ෂක දේවතාවෝ ගෙදරට ගෙනැවිත් නොදෙති. මේ සියල්ලටම මුදල් ඕනෑය. මේ ලෝකයේ හොඳ මිනිසුන් එකතු වී ඔහුගේ හා පවුලේ පැවැත්මට මුදල් එකතු කර දෙන්නේ නැත. පෑන්ටි, කොන්ඩෝම්, නිල් චිත්‍රපට ගැන ලියන්ට අබේසුන්දරට සිදු වන්නේ ලෝකයේ අනෙක් සියළු දෙනාට සේම ඔහුටද ඔහුගේ පවුලේ ඇත්තන්ටද බඩගිනි වන නිසාය. ඊට ඔහුට පමණක් වැරද්ද පැටවිය යුතු නොවේ. ඔහු ගෙරි කුණු කරේ එල්ලා ගෙන කන බන්දුල පද්මකුමාරලාට, කරුණාදාස සූරියාරච්චිලාට සාපේක්ෂව හොඳ මිනිසෙකි. අඩු තරමින් ඔහු ලියන්නේ තමන් හරිය විශ්වාස කරන දර්ශනයක් වෙනුවෙනි. තමන් අසරණභාවයට පත්වූ මොහොතෙක පිහිටට විත් අසුචි ඇදීමේ කොන්තරාත්තුවක් හෝ ප්රදානය කළ මිනිසකු වෙනුවෙනි. ලේඛකයා කලින් සිද්ධියෙන් පසුව මහින්ද අබේසුන්දර හා කතා කොට ඇත්තේ එකම වතාවකි. ඒ තිස්සමහාරාමය බලා යන අතරතුර උදෑසන ආහාරය සඳහා අළුත්ගම හරියේදී ගොඩ නැඟුණු අවන්හලෙකදීය. එහිදී අහම්බෙන් හමුවුණු අබේසුන්දරට ඔහු තමා හඳුන්නා දී කෙටි පිළිසඳරෙක යෙදුණේය. (නෑකමත් විශ්ව විද්‍යාලයේ රැකියාවත් හැරෙන්ට අන් කිසිවක් නොකියන්ට ඔහු පරෙස්සම් විය.) උදේ වැඩි නිසාදෝ අබේසුන්දර අනුමත වී නොසිටියේය. ලේඛකයා තමා දන්නා දෙයක් අනෙකාගේ කටින්ම අල්ලා ගන්ට දුඹුල් උත්සාහයක යෙදුණේ මෙසේය. “දැන් මිස්ට අබේසුන්දර ඔය ලියන දේවල් වලට මිනිස්සු බනින්නෙ හෙම නැද්ද?” ඔහු බොහෝ කාලයකට ඉහත අප්පච්චිගෙන් මුදලක් ලැබූ අරුණාචලම් සිහි ගන්වන ආකාරයේ සිනාවක් පෑයේය. “මොනව කරන්ඩද පුතා, අපිත් ජීවත් වෙන්ඩ එපායැ” ඔහුට ‘අහිංසක කසල භක්ෂකයා’ කියන නම ගැලැපෙන්නේ එහෙයිනි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom