Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mama sinhala nemeyi-උමාරියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“මම සිංහල නෙමෙයි. සිංහවංශ පරම්පරාව එන්නේ ඉන්දුනීසියාවෙන්” – උමාරියා සිංහවංශ

[ATTACH]69072[/ATTACH]

ගෙදරදි Bathroom එකේදිත් මම සින්දු කියනවා…

මගෙ අක්කගෙ පස්සෙන් යන එක පුංචි කාලෙ ඉඳල ම මගෙ පුරුද්දක්….

උමාරියා සිංහවංශ Hiru Megastars වේදිකාවේ සිය නිසඟ ගායන හැකියාවන් විදහා දක්වන තවත් සුපිරි ගායන තරුවක්.

“මහා සුපිරි තරු සංග්‍රාමය” Hiru Megastars සූර්යන්ස් තරු කණ්ඩායම නියෝජනය කරමින් උමාරියා විසින් සිය ගායන හැකියාව හරි අපූරුවට ප්‍රදර්ශනය කළ නිසා විනිශ්චය මණ්ඩලයේ උපරිම ප්‍රසාදය ලබමින් Golden Buzzer අවස්ථාවත් ලැබුවා.

උමාරියා සතුව ඇත්තේ ඉතා විශාල හඬ පරාසයක් තුළ ගීත ගායනා කළ හැකි කටහඬක්. ඒ හඬ සිංහල සංගීත ක්ෂේත්රයට එක්වූ නැවුම් බලාපොරොත්තුවක් ලෙස හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. උමාරියා පුවත්පතක සංවාදයකට එක්ව තිබුනේ මෙලෙසිනි.

ඔබේ නම?

උමාරියා බින්ති අයේෂා සිංහවංශ පෙරේරා

වයස අවුරදු 25 යි.

අම්ම – තාත්තා අම්මා අයේෂා සිංහවංශ, තාත්තා ටෝනි සිංහවංශ. ඔවුන් දෙදෙනාම වෘත්තියෙන් සංගීතඥයින්.

ඔබ සිංහලද?

නැහැ මම සිංහල නෙමෙයි. නමුත් අපි ශ්‍රී ලාංකිකයෝ. මගෙ අම්ම තාත්තගෙ සිංහවංශ පරම්පරාව එන්නේ ඉන්දුනීසියාවෙන්.

කවුද ඔබේ පවුලේ ඉන්නේ?

අම්මයි, තාත්තයි, අයියල දෙන්නයි, අක්කයි. මගෙ තාත්තා බටහිර සංගීතයට යොමුවුණු කෙනෙක්. නමුත් අම්මා විවිධ සංගීත ශෛලීන්ට කැමැති කෙනෙක්. අයියල දෙන්නත් සංගීතයට හොඳ හැකියාවක් තියන අය. අයියලා දැන් ලංකාවේ නෑ. මගෙ අක්ක උමාරාට තමයි හොඳටම සින්දු කියන්න පුලුවන්. පසුගිය අවුරුදු 5ක පමණ කාලයක් අක්ක හිටියේ පිටරට පදිංචි වෙලා. එයා විවාහකයි. දැන් අක්ක ආයෙමත් ලංකාවට ඇවිත් ඉන්නවා. එයාගෙ ලස්සන සිංහල සින්දු කීපයක් ම තියෙනවා. ඉදිරියේදී අක්ක සංගීත ක්ෂේත්රයට වැඩියෙන් යොමුවෙයි.

ඔබත් විවාහකයි?

ඔව් මගෙ සැමියා දෙව්ශාන් පෙරේරා. එයා තොරතුරු තාක්ෂණයත් (IT) සංගීතයත් එක්ක ඉන්නවා. දෙව්ශාන් හරිම කරුණාවන්ත මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. අපි විවාහවෙලා දැන් අවුරුදු 2ක්.

ඔබ පාසල් ගියේ…?

ගේට්වේ ජාත්‍යන්තර පාසලට.

පාසල් යන කාලේ සංගීතයට යොමුවෙලා හිටියද?

ලොකුවට යොමුවෙලා හිටියේ නෑ. නමුත් යම් යම් අවස්ථාවල ගීත ගායනා කළා. ඉස්සර මම සින්දු කිව්වෙ කාටවත් නෑහෙන්න. පාසලේදී මම වැඩියෙන්ම යොමුවෙලා හිටියේ අධ්‍යාපනයට. පාසල් යන කාලේ මට ආශාවන් කීපයක් ම තිබුණා. ව්‍යාපාර පැත්තට යොමුවෙන්න, හෝටල් ක්ෂේත්රයේ රැකියාවක් කරන්න, තාරකා විද්‍යාව හදාරන්න ඒ වගේම ඩොක්ටර් කෙනෙක් වෙන්න. සංගීතය පැත්තට යොමුවෙන්න ආශාවක් මට තිබුණේ නෑ. උසස් පෙළ විභාගය හොඳින් සමත් වුණා. Business studies වලට මට A එකක් ලැබුණා. නමුත් මම සංගීතයට යොමු වුණා.

කොහොමද එහෙම වුණේ?

මම පොඩි කාලෙ මගෙ අම්ම ගෙදරදි හින්දි සින්දුවක් කියනව ඇහිල තමයි මම ගීත ගායනයට විශේෂයෙන් ම හින්දි ගීත ගායනයට ආශා කරන්න පටන් ගත්තේ. පාසල් යන කාලෙ ඉඳලම අක්ක නම් ගීත ගායනා කළා එයාට හොද හැකියාවකුත් තිබුණු නිසා. ගෙදරදි Bathroom එකේදිත් මම සින්දු කියනවා. ඒ වෙලාවට වැරැදියට සින්දුවක් කිව්වොත් තාත්ත වැරැද්ද පෙන්වා දීල හරියට කියන්න කියනවා. පුංචි කාලෙ මම ඉදිරියට ඇවිත් ගීත ගායනා කළේ නෑ. මගෙ අක්කගෙ පස්සෙන් යන එක පුංචි කාලෙ ඉඳල ම මගෙ පුරුද්දක්. අක්කත් මමත් දවසක් භාතිය සන්තුෂ් ගෙ studio එකට ගියා “සාමය” ගැන ගීතයක් ගයන්න. එදා මම පාසල් ඇරිල එන ගමන් පාසල් ඇඳුම පිටින්මයි ගියේ. එතකොට මට අවුරුදු 13 යි. භාතියලට අපිව හඳුන්වා දුන්නේ අරුන්දතී රංගනාදන් මහත්මිය. අක්ක තමයි ගීතය ගයන්න ගියේ. මමත් කාටවත් ඇහෙන්නෙ නැතිවෙන්න සිංදුව මුමුන මුමුන හිටියා. එතකොට භාතියට ඒක ඇහිලා භාතිය මට ගීතයක් ගයන්න ආරාධනය කළා. එහෙමයි මම ගායනයට යොමු වුණේ. හැබැයි මගෙ අක්ක හැම වෙලාවෙම ගීත ගයන්න මාව යොමු කළා. මාව උනන්දු කළා, ඉදිරියට තල්ලු කළා. එහෙම නොකරන්න මම අද ගීත ගයන එකක් නෑ.

ඔබත් අක්කත් ජාත්‍යන්තර ගායනා තරගවලත් ජයග්‍රහණය කරලා තියෙනවා නේද?

ඔව් මගේ පළමු ජාත්‍යන්තර තරගය තමයි චීනයේදී සහභාගි වුණු තරගය. එයට රටවල් 33ක ගායන ශිල්පීන් ශිල්පිනියන් සහභාගි වුණා. එතකොට මට අවුරුදු 19යි. එහිදි මට රිදී පදක්කම හිමිවුණා. පළමු වැනියාට මම දෙවෙනි වුණේ ලකුණු 0.01%කින්. ඉන්පසුව මට තුර්කියේ පැවැත්වුණු ගායනා තරගයකට ඇරයුමක් ලැබුණා. එයට ආසියාව නියෝජනය කළ එකම කෙනා මම. එහිදී මට ලෝකඩ පදක්කම හිමිවුණා. ඊට පසුව ලෝකයේ ලොකු ම සංගීත තරගය වන යුක්රේන් වල පැවැත්වුණු තරගයකට මමයි අක්කයි දෙන්නම සහභාගි වුණා. එහිදී අපි දෙන්නට ලෝකඩ පදක්කම හිමිවුණා. මෙම තරගවලදී ප්‍රධාන වශයෙන් ම ගායනා කළේ ඉංග්‍රීසි ගීත. ඊට අමතරව දේශීය සංගීත රටා ඇසුරින් නිර්මාණය කළ ගීතත් ගායනා කළා. චීනයේදී ලැබුණු ජයග්රහණයෙන් පසුව තමයි මම තීරණය කළේ සංගීතය වෙනුවෙන් කැප වෙන්න. ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය; Turning Point එක. මගේ ඇඟ ඇතුලේ සංගීත හැකියාවක් තිබෙන බව මට අවබෝධ වුණේ එහිදී.

ඔබ සංගීතය කෙතරම් දුරට හදාරලා තියෙනවාද?

පාසල් ගිය කාලයෙන් පසුව විෂයක් විදියට සංගීතය හදරාලා නෑ. මටත් අක්කටත් සංගීතය, ගායනය පිළිබඳව සෑම දැනුමක් ම ලැබුණේ අපේ අම්ම තාත්තගෙන්. සංගීතය විෂයක් විදියට හැදෑරීම ඉතාම හොඳ දෙයක්. නමුත් මම හිතන දෙයක් තමයි එහෙම හැදෑරීමක් කළා නම් මාව එක තැනකට කොටු වෙනවා කියන එක. මගෙ හිතට වදින ගීතයක් ඇහුනොත් දවස් ගණනාවක් පුහුණුවෙලා හරි ඒ ගීතය මම ගායනා කරනවා. කොච්චර අමාරු වුණත් ඒ ගීතය ගායනා කරවා. මගෙ අක්කත් එහෙමයි. අනෙක් කාරණය තමයි ගායනයෙන් ඉහළට ම ගිය ආශා බොන්ස්ලේ ශංකර් මහදේවන් වැනි බොහෝ දනෙක් මට ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ඔවුන් ඇසුරු කිරීමෙන් මම මගේ ජීවිතයට සංගීතය පිළිබඳව ගොඩක් දේවල් එකතු කරගන්නවා. එවැනි අත්දැකීම් මට ගොඩක් වටිනවා. තවත් දෙයක්; දැන් මම මේ ක්ෂේත්රයේ අවුරුදු 13ක් විතර වැඩ කරලා තියෙනවා. මේ කාලය තුළ මම ලැබූ අත්දැකීම් තමයි මාව මෙතැනට ඔසවලා තියෙන්නේ.

සංගීත විශාරද අමරදේවයන් සමඟ යුග ගීයක් ගයන්නත් ඔබට අවස්ථාව ලැබුණා නේද…?

ඔව්, දෙරණ නාළිකාවේ ටෙලිනාට්‍යයක් වෙනුවෙන් තමයි ඒ ගීතය පටිගත වුණේ පසුගිය අවුරුද්දේ. මාත් එක්ක තමයි අමරදේවයන් අවසන් වරට යුග ගීයක් පටිගත කළේ. එවැනි අවස්ථාවක් මට හිමිවීම මගෙ මුළු ජීවිතයට ම ලැබූ විශාල භාග්‍යයක් ලෙසයි මම සලකන්නේ. මම මිය යනතුරු ඒ අවස්ථාව සිහිපත් කරනවා. එදා අමරදේව මාස්ටර් තරමක් අසනීපයෙන් හිටියේ. නමුත් ස්ටුඩියෝ එකට ඇවිත් පටිගත කිරීමට සහභාගි වුනා. මම ඉතාම ආශාවෙන් බලා සිටියා එතුමා ඒ පටිගත කිරීමට සහභාගිවුණු විදිය. සෑම ස්වරයක් ම ඉතාම නිවැරදිව ගායනා කළා. මම එතුමාව හොඳින් නිරීක්ෂණය කළා. ගොඩක් දේවල් එතුමන්ගෙන් ඉගෙන ගත්තා. මගේ ගායන හැකියාව ගැන එදා අමරදේවයන් ප්‍රශංසා කළා. නව පරපුර එක්ක වැඩ කරන්න ලැබීම ගැනත් එදා එතුමන් සතුටු වුණා. ගීතය පටිගත කරන අතරතුරේ ඉඩ ලැබුණු වෙලාවලදී අතීත රසවත් මතකයන් කීපයක් ම අපිත් එක්ක කිව්වා.

ඔබට භාෂා කීයකින් ගීත ගයන්න පුළුවන්ද?

ගණනාවකින් ම පුළුවනි. සිංහල, ඉංග්‍රීසි භාෂාවලට අමතරව ද්‍රවිඩ, හින්දි, චීන, ජපන්, අරාබි වැනි භාෂාවලින්. ඕනෑම ගීතයක් දෙතුන් වරක් පුහුණු වුණොත් මට ගයන්න පුළුවනි. දෙවියන් මට දීල තියෙන තෑග්ග තමයි ඕනෑම භාෂාවක, ඕනෑම ශෛලියක ගීත ගායනා කිරීමේ හැකියාව.

හිරු Mega star වැඩසටහනේ ඔබේ ඉදිරිපත් කිරීම් පිළිබඳව ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ රූපවාහිනී වැඩසටහන මගේ හැකියාවන් සිංහල ගීත රසික රසිකාවියන් වෙත ගෙනියන්න ලොකු අවස්ථාවක් ලබලා දුන්නා. මේ වැඩසටහනේ නටන්න රඟපාන්නත් සිදුවෙනවා. පාසල් යන කාලෙට පසුව නැටුවේ රඟපෑවේ මේ වැඩසටහනේදි. මේ හැමදේම නිසා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර Mega star වැඩසටහනේ මගේ ඉදිරිපත් කිරීම්වලට ලැබෙනවා.

එක් අවස්ථාවක ඔබට ගීත ගයන්න බැරි වුණා.

ඔව් මීට මාසෙකට විතර කලින් මට උගුරේ අමාරුවක් ඇති වුණා. ඒත් මම දිගට ම වැඩ කළා. ඩොක්ටර්ස්ල කිව්වා කතා කරන්නවත් එපා කියලා. කොහොම හරි Mega star වැඩසටහනක් පටිගත කරන විට මට කතාකර ගන්නවත් බැරි වුණා. එදා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න මට ප්‍රංශයට යන්න සිදුවුණා.

මේ වැඩසටහනේදී ඔබ අවස්ථා කීපයකදීම රුක්මණී දේවියගේ ගීත ගැයුවා නේද?

ඔව් ඒ ගායනයට විනිශ්චය මණ්ඩලයේ සහ ප්‍රේක්ෂකයින්ගේ ඉහළ ම ප්‍රතිචාර ලැබුනා. රුක්මණී දේවියට තියෙන්නේ ඕනෑ ම ගීතයක් ගායනා කිරීමේ හැකියාව ඇති කටහඬක්. ඒ හඬට මම ගොඩක් ආදරෙයි. ඒ වගේ ම ඒ හඬ මට තරමක් ගැලපෙනවා කියලා මම හිතනවා. ඒ නිසයි මම රුක්මණී දේවියගේ ගීත ගායනා කරන්නේ. රුක්මණී දේවියව මගෙ ආච්චි රාණි පෙරේරා ඉතාම ලඟින් ඇසුරු කරලා තියෙනවා. මගෙ ආච්චිත් රංගන ශිල්පිනියක්. ප්‍රේම් ජයන්ත් කලාකරුවා මගෙ ආච්චිගෙ ලඟම ඥාතියෙක්.

රුක්මණී දේවියගේ ගීත ඔබ නැවත ගායනා කළොත්..?

එහෙම දේකට ආරාධනයක් ලැබුණොත් මම සූදානම්.

ඔබ භාතිය සන්තුෂ් සමඟ දිගට ම වැඩ කරනවද?

අපොයි ඔව්. භාතිය සන්තුෂ් එක්ක වැඩ කරන අපි හැමෝම තනි තනිව ඉදිරියට යන ගමන් කණ්ඩායමක් ලෙසත් ඉතාම හොඳ සහයෝගයකින් එකට වැඩ කරනවා. ඔවුන් එක්ක වැඩ කරන්න හරිම පහසුයි.

ඔබ කොයි වගේ කෙනෙක්ද?

මම හරිම සංවේදී කෙනෙක්. ඉක්මනට හිත රිදෙනවා. ඉක්මනට කඳුළු එනවා. හැබැයි මම පුංචි කාලෙ ඉඳලම ජීවිතය දිහා සුබවාදීව බලන්න පුරුදු වුණු කෙනෙක්. ජීවිතයේ එන සෑම ගැටලුවකට ම විසඳුමක් තියෙනවා. ධනාත්මකව හිතලා අපි ඒ විසඳුම් සොයා ගත යුතුයි. මට පුංචි කාලෙ ඉඳල ම අරමුණු (goals) තිබුණා. ඒ ඒ කාලවලදී ඒ අරමුණු ජයගන්න මම උත්සාහ කළා. ජයගත්තා. ජීවිතයට අරමුණු තියෙන තරමට හොඳයි. එතකොට තමයි තමන්ට තමන්ව වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ.

මොනවද ඔබට මේ අවුරුද්දේ තියෙන අරමුණු?

මේ අවුරුද්දේ සිංහල ගීත ඇල්බම් එකක් එළි දක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේ ම ගායනයෙන් ජාත්‍යන්තරය ජය ගැනීමයි මගේ ලොකුම අරමුණ. කවුරුත් කරන දේවල් කරන්න, හැමදාම එකම දේ කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. අපි සැම විටම අලුත් දේවල් කළ යුතුයි. ඉදිරියේදී මගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ආශාවක් අරමුණක් මට තියෙනවා.

hirunews

[QUOTE="ROCCO-X, post: 21957675, member: 562642"] [CENTER][SIZE="4"]“මම සිංහල නෙමෙයි. සිංහවංශ පරම්පරාව එන්නේ ඉන්දුනීසියාවෙන්” – උමාරියා සිංහවංශ [/SIZE] [ATTACH]69072._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="3"]ගෙදරදි Bathroom එකේදිත් මම සින්දු කියනවා… මගෙ අක්කගෙ පස්සෙන් යන එක පුංචි කාලෙ ඉඳල ම මගෙ පුරුද්දක්…. උමාරියා සිංහවංශ Hiru Megastars වේදිකාවේ සිය නිසඟ ගායන හැකියාවන් විදහා දක්වන තවත් සුපිරි ගායන තරුවක්. “මහා සුපිරි තරු සංග්‍රාමය” Hiru Megastars සූර්යන්ස් තරු කණ්ඩායම නියෝජනය කරමින් උමාරියා විසින් සිය ගායන හැකියාව හරි අපූරුවට ප්‍රදර්ශනය කළ නිසා විනිශ්චය මණ්ඩලයේ උපරිම ප්‍රසාදය ලබමින් Golden Buzzer අවස්ථාවත් ලැබුවා. උමාරියා සතුව ඇත්තේ ඉතා විශාල හඬ පරාසයක් තුළ ගීත ගායනා කළ හැකි කටහඬක්. ඒ හඬ සිංහල සංගීත ක්ෂේත්රයට එක්වූ නැවුම් බලාපොරොත්තුවක් ලෙස හැදින්වීම අතිශයෝක්තියක් නොවේ. උමාරියා පුවත්පතක සංවාදයකට එක්ව තිබුනේ මෙලෙසිනි. ඔබේ නම? උමාරියා බින්ති අයේෂා සිංහවංශ පෙරේරා වයස අවුරදු 25 යි. අම්ම – තාත්තා අම්මා අයේෂා සිංහවංශ, තාත්තා ටෝනි සිංහවංශ. ඔවුන් දෙදෙනාම වෘත්තියෙන් සංගීතඥයින්. ඔබ සිංහලද? නැහැ මම සිංහල නෙමෙයි. නමුත් අපි ශ්‍රී ලාංකිකයෝ. මගෙ අම්ම තාත්තගෙ සිංහවංශ පරම්පරාව එන්නේ ඉන්දුනීසියාවෙන්. කවුද ඔබේ පවුලේ ඉන්නේ? අම්මයි, තාත්තයි, අයියල දෙන්නයි, අක්කයි. මගෙ තාත්තා බටහිර සංගීතයට යොමුවුණු කෙනෙක්. නමුත් අම්මා විවිධ සංගීත ශෛලීන්ට කැමැති කෙනෙක්. අයියල දෙන්නත් සංගීතයට හොඳ හැකියාවක් තියන අය. අයියලා දැන් ලංකාවේ නෑ. මගෙ අක්ක උමාරාට තමයි හොඳටම සින්දු කියන්න පුලුවන්. පසුගිය අවුරුදු 5ක පමණ කාලයක් අක්ක හිටියේ පිටරට පදිංචි වෙලා. එයා විවාහකයි. දැන් අක්ක ආයෙමත් ලංකාවට ඇවිත් ඉන්නවා. එයාගෙ ලස්සන සිංහල සින්දු කීපයක් ම තියෙනවා. ඉදිරියේදී අක්ක සංගීත ක්ෂේත්රයට වැඩියෙන් යොමුවෙයි. ඔබත් විවාහකයි? ඔව් මගෙ සැමියා දෙව්ශාන් පෙරේරා. එයා තොරතුරු තාක්ෂණයත් (IT) සංගීතයත් එක්ක ඉන්නවා. දෙව්ශාන් හරිම කරුණාවන්ත මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. අපි විවාහවෙලා දැන් අවුරුදු 2ක්. ඔබ පාසල් ගියේ…? ගේට්වේ ජාත්‍යන්තර පාසලට. පාසල් යන කාලේ සංගීතයට යොමුවෙලා හිටියද? ලොකුවට යොමුවෙලා හිටියේ නෑ. නමුත් යම් යම් අවස්ථාවල ගීත ගායනා කළා. ඉස්සර මම සින්දු කිව්වෙ කාටවත් නෑහෙන්න. පාසලේදී මම වැඩියෙන්ම යොමුවෙලා හිටියේ අධ්‍යාපනයට. පාසල් යන කාලේ මට ආශාවන් කීපයක් ම තිබුණා. ව්‍යාපාර පැත්තට යොමුවෙන්න, හෝටල් ක්ෂේත්රයේ රැකියාවක් කරන්න, තාරකා විද්‍යාව හදාරන්න ඒ වගේම ඩොක්ටර් කෙනෙක් වෙන්න. සංගීතය පැත්තට යොමුවෙන්න ආශාවක් මට තිබුණේ නෑ. උසස් පෙළ විභාගය හොඳින් සමත් වුණා. Business studies වලට මට A එකක් ලැබුණා. නමුත් මම සංගීතයට යොමු වුණා. කොහොමද එහෙම වුණේ? මම පොඩි කාලෙ මගෙ අම්ම ගෙදරදි හින්දි සින්දුවක් කියනව ඇහිල තමයි මම ගීත ගායනයට විශේෂයෙන් ම හින්දි ගීත ගායනයට ආශා කරන්න පටන් ගත්තේ. පාසල් යන කාලෙ ඉඳලම අක්ක නම් ගීත ගායනා කළා එයාට හොද හැකියාවකුත් තිබුණු නිසා. ගෙදරදි Bathroom එකේදිත් මම සින්දු කියනවා. ඒ වෙලාවට වැරැදියට සින්දුවක් කිව්වොත් තාත්ත වැරැද්ද පෙන්වා දීල හරියට කියන්න කියනවා. පුංචි කාලෙ මම ඉදිරියට ඇවිත් ගීත ගායනා කළේ නෑ. මගෙ අක්කගෙ පස්සෙන් යන එක පුංචි කාලෙ ඉඳල ම මගෙ පුරුද්දක්. අක්කත් මමත් දවසක් භාතිය සන්තුෂ් ගෙ studio එකට ගියා “සාමය” ගැන ගීතයක් ගයන්න. එදා මම පාසල් ඇරිල එන ගමන් පාසල් ඇඳුම පිටින්මයි ගියේ. එතකොට මට අවුරුදු 13 යි. භාතියලට අපිව හඳුන්වා දුන්නේ අරුන්දතී රංගනාදන් මහත්මිය. අක්ක තමයි ගීතය ගයන්න ගියේ. මමත් කාටවත් ඇහෙන්නෙ නැතිවෙන්න සිංදුව මුමුන මුමුන හිටියා. එතකොට භාතියට ඒක ඇහිලා භාතිය මට ගීතයක් ගයන්න ආරාධනය කළා. එහෙමයි මම ගායනයට යොමු වුණේ. හැබැයි මගෙ අක්ක හැම වෙලාවෙම ගීත ගයන්න මාව යොමු කළා. මාව උනන්දු කළා, ඉදිරියට තල්ලු කළා. එහෙම නොකරන්න මම අද ගීත ගයන එකක් නෑ. ඔබත් අක්කත් ජාත්‍යන්තර ගායනා තරගවලත් ජයග්‍රහණය කරලා තියෙනවා නේද? ඔව් මගේ පළමු ජාත්‍යන්තර තරගය තමයි චීනයේදී සහභාගි වුණු තරගය. එයට රටවල් 33ක ගායන ශිල්පීන් ශිල්පිනියන් සහභාගි වුණා. එතකොට මට අවුරුදු 19යි. එහිදි මට රිදී පදක්කම හිමිවුණා. පළමු වැනියාට මම දෙවෙනි වුණේ ලකුණු 0.01%කින්. ඉන්පසුව මට තුර්කියේ පැවැත්වුණු ගායනා තරගයකට ඇරයුමක් ලැබුණා. එයට ආසියාව නියෝජනය කළ එකම කෙනා මම. එහිදී මට ලෝකඩ පදක්කම හිමිවුණා. ඊට පසුව ලෝකයේ ලොකු ම සංගීත තරගය වන යුක්රේන් වල පැවැත්වුණු තරගයකට මමයි අක්කයි දෙන්නම සහභාගි වුණා. එහිදී අපි දෙන්නට ලෝකඩ පදක්කම හිමිවුණා. මෙම තරගවලදී ප්‍රධාන වශයෙන් ම ගායනා කළේ ඉංග්‍රීසි ගීත. ඊට අමතරව දේශීය සංගීත රටා ඇසුරින් නිර්මාණය කළ ගීතත් ගායනා කළා. චීනයේදී ලැබුණු ජයග්රහණයෙන් පසුව තමයි මම තීරණය කළේ සංගීතය වෙනුවෙන් කැප වෙන්න. ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය; Turning Point එක. මගේ ඇඟ ඇතුලේ සංගීත හැකියාවක් තිබෙන බව මට අවබෝධ වුණේ එහිදී. ඔබ සංගීතය කෙතරම් දුරට හදාරලා තියෙනවාද? පාසල් ගිය කාලයෙන් පසුව විෂයක් විදියට සංගීතය හදරාලා නෑ. මටත් අක්කටත් සංගීතය, ගායනය පිළිබඳව සෑම දැනුමක් ම ලැබුණේ අපේ අම්ම තාත්තගෙන්. සංගීතය විෂයක් විදියට හැදෑරීම ඉතාම හොඳ දෙයක්. නමුත් මම හිතන දෙයක් තමයි එහෙම හැදෑරීමක් කළා නම් මාව එක තැනකට කොටු වෙනවා කියන එක. මගෙ හිතට වදින ගීතයක් ඇහුනොත් දවස් ගණනාවක් පුහුණුවෙලා හරි ඒ ගීතය මම ගායනා කරනවා. කොච්චර අමාරු වුණත් ඒ ගීතය ගායනා කරවා. මගෙ අක්කත් එහෙමයි. අනෙක් කාරණය තමයි ගායනයෙන් ඉහළට ම ගිය ආශා බොන්ස්ලේ ශංකර් මහදේවන් වැනි බොහෝ දනෙක් මට ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ඔවුන් ඇසුරු කිරීමෙන් මම මගේ ජීවිතයට සංගීතය පිළිබඳව ගොඩක් දේවල් එකතු කරගන්නවා. එවැනි අත්දැකීම් මට ගොඩක් වටිනවා. තවත් දෙයක්; දැන් මම මේ ක්ෂේත්රයේ අවුරුදු 13ක් විතර වැඩ කරලා තියෙනවා. මේ කාලය තුළ මම ලැබූ අත්දැකීම් තමයි මාව මෙතැනට ඔසවලා තියෙන්නේ. සංගීත විශාරද අමරදේවයන් සමඟ යුග ගීයක් ගයන්නත් ඔබට අවස්ථාව ලැබුණා නේද…? ඔව්, දෙරණ නාළිකාවේ ටෙලිනාට්‍යයක් වෙනුවෙන් තමයි ඒ ගීතය පටිගත වුණේ පසුගිය අවුරුද්දේ. මාත් එක්ක තමයි අමරදේවයන් අවසන් වරට යුග ගීයක් පටිගත කළේ. එවැනි අවස්ථාවක් මට හිමිවීම මගෙ මුළු ජීවිතයට ම ලැබූ විශාල භාග්‍යයක් ලෙසයි මම සලකන්නේ. මම මිය යනතුරු ඒ අවස්ථාව සිහිපත් කරනවා. එදා අමරදේව මාස්ටර් තරමක් අසනීපයෙන් හිටියේ. නමුත් ස්ටුඩියෝ එකට ඇවිත් පටිගත කිරීමට සහභාගි වුනා. මම ඉතාම ආශාවෙන් බලා සිටියා එතුමා ඒ පටිගත කිරීමට සහභාගිවුණු විදිය. සෑම ස්වරයක් ම ඉතාම නිවැරදිව ගායනා කළා. මම එතුමාව හොඳින් නිරීක්ෂණය කළා. ගොඩක් දේවල් එතුමන්ගෙන් ඉගෙන ගත්තා. මගේ ගායන හැකියාව ගැන එදා අමරදේවයන් ප්‍රශංසා කළා. නව පරපුර එක්ක වැඩ කරන්න ලැබීම ගැනත් එදා එතුමන් සතුටු වුණා. ගීතය පටිගත කරන අතරතුරේ ඉඩ ලැබුණු වෙලාවලදී අතීත රසවත් මතකයන් කීපයක් ම අපිත් එක්ක කිව්වා. ඔබට භාෂා කීයකින් ගීත ගයන්න පුළුවන්ද? ගණනාවකින් ම පුළුවනි. සිංහල, ඉංග්‍රීසි භාෂාවලට අමතරව ද්‍රවිඩ, හින්දි, චීන, ජපන්, අරාබි වැනි භාෂාවලින්. ඕනෑම ගීතයක් දෙතුන් වරක් පුහුණු වුණොත් මට ගයන්න පුළුවනි. දෙවියන් මට දීල තියෙන තෑග්ග තමයි ඕනෑම භාෂාවක, ඕනෑම ශෛලියක ගීත ගායනා කිරීමේ හැකියාව. හිරු Mega star වැඩසටහනේ ඔබේ ඉදිරිපත් කිරීම් පිළිබඳව ලැබෙන ප්‍රතිචාර කොහොමද? මේ රූපවාහිනී වැඩසටහන මගේ හැකියාවන් සිංහල ගීත රසික රසිකාවියන් වෙත ගෙනියන්න ලොකු අවස්ථාවක් ලබලා දුන්නා. මේ වැඩසටහනේ නටන්න රඟපාන්නත් සිදුවෙනවා. පාසල් යන කාලෙට පසුව නැටුවේ රඟපෑවේ මේ වැඩසටහනේදි. මේ හැමදේම නිසා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර Mega star වැඩසටහනේ මගේ ඉදිරිපත් කිරීම්වලට ලැබෙනවා. එක් අවස්ථාවක ඔබට ගීත ගයන්න බැරි වුණා. ඔව් මීට මාසෙකට විතර කලින් මට උගුරේ අමාරුවක් ඇති වුණා. ඒත් මම දිගට ම වැඩ කළා. ඩොක්ටර්ස්ල කිව්වා කතා කරන්නවත් එපා කියලා. කොහොම හරි Mega star වැඩසටහනක් පටිගත කරන විට මට කතාකර ගන්නවත් බැරි වුණා. එදා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න මට ප්‍රංශයට යන්න සිදුවුණා. මේ වැඩසටහනේදී ඔබ අවස්ථා කීපයකදීම රුක්මණී දේවියගේ ගීත ගැයුවා නේද? ඔව් ඒ ගායනයට විනිශ්චය මණ්ඩලයේ සහ ප්‍රේක්ෂකයින්ගේ ඉහළ ම ප්‍රතිචාර ලැබුනා. රුක්මණී දේවියට තියෙන්නේ ඕනෑ ම ගීතයක් ගායනා කිරීමේ හැකියාව ඇති කටහඬක්. ඒ හඬට මම ගොඩක් ආදරෙයි. ඒ වගේ ම ඒ හඬ මට තරමක් ගැලපෙනවා කියලා මම හිතනවා. ඒ නිසයි මම රුක්මණී දේවියගේ ගීත ගායනා කරන්නේ. රුක්මණී දේවියව මගෙ ආච්චි රාණි පෙරේරා ඉතාම ලඟින් ඇසුරු කරලා තියෙනවා. මගෙ ආච්චිත් රංගන ශිල්පිනියක්. ප්‍රේම් ජයන්ත් කලාකරුවා මගෙ ආච්චිගෙ ලඟම ඥාතියෙක්. රුක්මණී දේවියගේ ගීත ඔබ නැවත ගායනා කළොත්..? එහෙම දේකට ආරාධනයක් ලැබුණොත් මම සූදානම්. ඔබ භාතිය සන්තුෂ් සමඟ දිගට ම වැඩ කරනවද? අපොයි ඔව්. භාතිය සන්තුෂ් එක්ක වැඩ කරන අපි හැමෝම තනි තනිව ඉදිරියට යන ගමන් කණ්ඩායමක් ලෙසත් ඉතාම හොඳ සහයෝගයකින් එකට වැඩ කරනවා. ඔවුන් එක්ක වැඩ කරන්න හරිම පහසුයි. ඔබ කොයි වගේ කෙනෙක්ද? මම හරිම සංවේදී කෙනෙක්. ඉක්මනට හිත රිදෙනවා. ඉක්මනට කඳුළු එනවා. හැබැයි මම පුංචි කාලෙ ඉඳලම ජීවිතය දිහා සුබවාදීව බලන්න පුරුදු වුණු කෙනෙක්. ජීවිතයේ එන සෑම ගැටලුවකට ම විසඳුමක් තියෙනවා. ධනාත්මකව හිතලා අපි ඒ විසඳුම් සොයා ගත යුතුයි. මට පුංචි කාලෙ ඉඳල ම අරමුණු (goals) තිබුණා. ඒ ඒ කාලවලදී ඒ අරමුණු ජයගන්න මම උත්සාහ කළා. ජයගත්තා. ජීවිතයට අරමුණු තියෙන තරමට හොඳයි. එතකොට තමයි තමන්ට තමන්ව වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. මොනවද ඔබට මේ අවුරුද්දේ තියෙන අරමුණු? මේ අවුරුද්දේ සිංහල ගීත ඇල්බම් එකක් එළි දක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේ ම ගායනයෙන් ජාත්‍යන්තරය ජය ගැනීමයි මගේ ලොකුම අරමුණ. කවුරුත් කරන දේවල් කරන්න, හැමදාම එකම දේ කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. අපි සැම විටම අලුත් දේවල් කළ යුතුයි. ඉදිරියේදී මගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ආශාවක් අරමුණක් මට තියෙනවා. hirunews [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom