Mark Rutte ?

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    නෙදර්ලන්තයේ අගමැති Mark Rutte එරට පාර්ලිමේන්තුවට ඇතුලු වෙමින් සිටියදී ඔහු රැගෙන එන කෝපි කෝප්පය බිම වැටීම සහ ඔහු විසින්ම එම ස්ථානය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් වූ වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය තුල සීඝ්‍රයෙන් හුවමාරු වෙමින් තිබේ.


    පුහු මාන්නයකින් සහ ආත්මාර්ථකාමිත්වය ආභරණයක් කරගත් අගමැතිවරු, ජනාධිපතිවරු සහ දේශපාලකයින් සිටින අපේ රටට නම් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ එම ක්‍රියාව හරිම පුදුම වැඩක්.

    කවුද මේ Mark Rutte ?
    1967 පෙබරවාරි 14 වනදා නෙදර්ලන්තයේ හේග් නුවරදී උපත ලැබූ Mark Rutte නෙදර්ලන්තයේ Leiden විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනාගනු ලැබුවා. කලක් පෞද්ගලික ආයතනයක සේවය කල ඔහු නෙදර්ලන්තයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතා පක්ෂය (People’s Party for Freedom and Democracy (Volkspartij voor Vrijheid en Democratie – VVD) සමඟ සම්බන්ධ වනවා.

    ක්‍රමානුකූල මහත්මා දේශපාලන ගමනකින් පසු එම පක්ෂයේ නායකත්වයට පත්වන Mark Rutte 2006 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වීමත් සමඟ එරට විපක්ෂ නායකත්වයට පත්වනවා.



    බලය ලබාගැනීමට උපායශිලී නොවී ආණ්ඩුව මහජනයාට එපා වනතෙක් පිස්සු නටන ලොව අන් රටවල පක්ෂ නායකයින් සේ නොසිට ඉතා ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන Mark Rutte 2010 වසරේ ඔක්තෝම්බර් මස පැවති නෙදර්ලන්ත මහමැතිවරණයෙන් සිය පක්ෂයට ජයග්‍රහණය අත්කරදී එරට 50 වන අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනවා.

    එදා සිට අද දක්වාම විවිධ දේශපාලනික හැලහැප්පීම් වලට මුහුණ දෙමින් Mark Rutte අග්‍රාමාත්‍යවරයා වශයෙන් නෙදර්ලන්තයට ලබා දෙන නායකත්වය ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ ප්‍රසාදයට ලක්වී තිබේ.

    ඔහු විශේෂ වන්නේ ඇයි?
    නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා ස්වභාවයෙන්ම ඉතා සරළ ජීවිතයක් ගත කිරීමට කැමති පුද්ගලයෙක්. අවිවාහකයෙකු වන ඔහු එරට ප්‍රොතෙස්තන්ත පල්ලියේ අනුගාමිකයෙක්.

    අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසුව වුවද ඔහු සිය නිවසට ආසන්න විද්‍යාලයේ සතියකට පැය දෙකක කාලයක් ඉගැන්වීමේ කටයුතු සිදුකරන සුන්දර ගුරුවරයෙක්.

    උපතින්ම පියානෝ වාදනයට දක්ෂකම් දක්වන ඔහු අගමැති වුවද උදේ සවස කාර්‍යාලයට පැමිණෙන්නේ පාපැදියෙන්.

    පසුගිය මැයි මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර දර්මෝදාස් මෝදි මහතා නෙදර්ලන්තයේ කල සංචාරය අතරතුරදී අගමැති මාක් විසින් මෝඩිට පාපැදියක් පරිත්‍යාග කිරීම විශේෂ සිදුවීමක් බවට පත්විය.



    ජනතාව කෙතරම් ප්‍රතික්ෂේප කලද බලහත්කාරයෙන් මෙන් ධූරයේ රැදී සිට්න සමහරක් දේශපාලන නායකයින්ට නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගෙන් ඉගෙනගත හැකි දේවල් බොහොයි. සැබෑ නිහතමානීකම සහ තමන් ලද රාජකාරියේ කටයුතු වෙනුවෙන් බොරු ආටෝපයන්ගෙන් තොරව සැබෑ ලෙසම කැපවීම ලොව ඕනෑම රටක දේශපාලකයෙකුට මාර්ක් ලුට් ගෙන් ගත හැකි ආදර්ශයන්ය.


    source -Facebook
     
    • Like
    Reactions: anchor14

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    tfs...
    habai amathka krnna epa kamarwak thaman issarha thiyenwnan hamoma vinadiyakata hari naluwan wena bawa..
     
    • Like
    Reactions: samsri