MH 17 ගැන නෙැඇසූ කථා(Malaysian Plane Crash)

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH 17 ගැන නෙැඇසූ කථා(Malaysian Plane Crash)

    shuba.ashx


    සිතු දෙය නොම වෙයි නොසිතු දෙයම වෙයි යන වදන් පෙළට අලුත් අර්ථකථනයක් එක් කරමින් මැලේසියානු ගුවන් සේවයේ තවත් යානයක් 2014 වසර තුලදී දෙවන වතාවටත් අනතුරට පත් වී තිබේ. පසුගිය මාර්තු 8 වැනි දින අතුරුදහන් වූ MH 370 යානය නිසාවෙන් කැළඹුන මැලේසියානු ජන ජීවිතය කෙමෙන් කෙමෙන් නිසල වී යන වටපිටාවක සිදු වූ අලුත් ගුවන් අනතුර නිසා එය නැවතත් සසල වී තිබේ. සිරා කොලුවා රැකියාවේ නිරත වන මැලේසියාවේ, කඩ පිලේ, දුම්රියේ, බස් රථයේ මෙන්ම කාර්යාල වලද සාමාන්‍ය කථා බහ වෙනස් වී ඒ තැනට අලුතින් අනතුරට පත් වූ MH 17 යානය මේ වන විට ආදේශ වී තිබේ.
    mh17-plane-route.jpg


    MH 370 යානය සෙවීම සදහා සිදුකල මෙහෙයුම් සදහා අති විශාල ධනස්කන්දයක් වැය කිරීමත්, හානියට පත් පාර්ශව වෙත වන්දි මුදල් ලබා දීමත්, එම ගුවන් යානය පිළිබද අභිරහස තවමත් හෙළිදරව් නොවූ පරිසරයක, ඇතැම් මැලේසියානුවන් පවා ඔවුන්ගේ ජාතික ගුවන් සේවයේ ගමන් කිරීම වර්ජනය කරන වට පිටාවක, ලාභ වෙනුවට පාඩු ලබමින් සිටින වේලාවක මැලේසියානු ගුවන් සේවය වෙත එල්ලවූ මරු පහරක් ලෙස MH 17 ගුවන් අනතුර හදුන්වා දෙන්නට හැකිය.සිය දෙවැනි ගුවන් අනතුරෙන් පසු මැලේසියානු ගුවන් සේවයේ කොටස් මිළ 13% කින් පහත වැටී තිබේ. මේ අනතුරේ බලපෑම අනෙකුත් ගුවන් යානා සමාගම් වල කොටස් මිළ පහත හෙලන්නටද හේතු වී තිබේ. මාර්තු මස සිදුවූ MH 370 අනතුරෙන් පසු චීන ජනතාව මැලේසියානු ගුවන් යානා වල ගමන් කිරීම 60% කින් පහත වැටුනු අතර MH 17 ගුවන් අනතුර සිදුවන අවස්ථාව වන විට එය යථා තත්වයට පැමිණෙමින් තිබුනි. පෙරේදා අනතුරට ලක් වූ ගුවන් යානයේ ආසන සංඛ්‍යාවටත් වඩා වැඩි සංඛ්‍යාවක් ප්‍රවේශ පත්‍ර සදහා ඉල්ලුම් කර තිබීම එයට උදාහරණයකි.

    MH17.jpg


    2014 වර්ෂය යනු මැලේසියානු ගුවන් සේවය පිට පිටම පාඩු ලබන තෙවන වසරයි. 2014 වර්ෂයේ පළමු කාර්තුව තුල පමණක් රිංගිට් මිලියන 443.4 ක පාඩුවක් මැලේසියානු ගුවන් සේවය ලබා තිබේ. එහි ශ්‍රී ලංකා රුපියල් වටිනාකම ගනන් බැලීමට 40 න් ගුණකර බලන්න. ලෝකයේ මින්පෙර ගුවන්යානා අනතුරකට මුහුණ දුන් කිසිදු ගුවන් සේවයක් කෙටි කාලයක් තුල දෙවැනි අනතුරකට මුහුණ දී නැත. එහෙත් මැලේසියානු ගුවන් සේවයේ අභාග්‍ය මේ යැයි කියමින් එකම වර්ෂයක් තුල දෙවැනි ගුවන් යානයත් අහිමි වන අතරේ අනතුරු ද්විත්වය නිසා මගී ජීවිත 537 අහිමි වී තිබේ. මේ තොරතුරු ඔස්සේ දෙවැනි ගුවන් යානා අනතුර පිළිබද අදහස් දක්වන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ “They were the wrong airline in the wrong place at the wrong time.” යනුවෙනි. මැලේසියානු ගුවන් සේවයටත් වඩා වැඩි වාර ගනනක් අනතුර සිදුවූ ගුවන් කලාපය ඔස්සේ ලොව අංක 1 ගුවන් සේවය වන සිංගප්පූරු ගුවන් සේවය පියාසර කර තිබියදී මැලේසියානු ගුවන් යානයක්ම නැවත වතාවක් අනතුරට පත් වීම එම සමාගමේ නොමද කණස්සල්ලට හේතු වනවාට සැක නැත.

    1405725818618_wps_3_Ukraine_MH17_Graphic.jpg


    දැවැන්ත පාඩුවක් ලබන අවස්ථාවක...තම ගුවන් සේවයෙන් ඉවතට ඇදෙන මගි ජනතාව යළි ආකර්ශනය කර ගැනීමට වට්ටම් හා දීමනා ලබා දීමට යාමෙන් මැලේසියානු ගුවන් සේවයේ අර්බුදය තව තවත් උග්‍ර වනු ඇත. දෙවැනි අනතුරෙන් පසු බොහෝ අය මැලේසියානු ගුවන් සේවය සමගින් යාමට සැලසුම් කර තිබූ සංචාර මේ වන විටත් අවලංගු කර තිබේ.

    101847546-mh17_wreck.530x298.jpg


    අපගේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට දිගු දුර ගුමන් ගමන් සදහා සෑහෙන සහයෝගයක් ලබා දෙන ගුවන් සේවයක් ලෙස මැලේසියානු ගුවන් සේවයේ ස්ථාවරත්වය ශ්‍රී ලාංකික ගුවන් මගීන්ටද වැදගත් කාරණයකි. මේ අනතුරු සිදුවීමට කලින් ලොව වඩාත් ආරක්ෂිතම ගුවන් සේවයක් ලෙස මැලේසියානු ගුවන් සේවය සතුව වඩා හොද කීර්තිනාමයක් විය.

    MH17-04.jpg


    බ්‍රහස්පතින්දා දින මැලේසියානු වේලාවෙන් සවස 6.15 ට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර ආසන්නයේ ඇති Schiphol ගුවන් තොටුපලෙන් පිටත් වි මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොට වෙත පියාසර කරමින් තිබූ මේ යානයට ගුවන් ගත වී පැය 4 කට පසු රුසියානු සහ යුක්රේන දේශ සීමාව ආසන්නයේදී එල්ල වූ මිසයිල ප්‍රහාරයක් නිසා මේ විනාශය සිදු වූ බව දැන් තහවුරු වී තිබේ. මැලේසියානු වේලාවෙන් පසුදා උදෑසන 6.10 ට පමණ එය මැලේසියාව ලගා වීමට නියමිත වී තිබුනි.


    1405749215057.jpg-620x349.jpg


    මිසයිල ප්‍රහාරය නිසා උඩුගුවනේදී පුපුරා ගිය යානය රුසියානු දේශසීමාවේ සිට කිලෝ මීටර් 40 ක පමණ දුරින් පිහිටා තිබෙන Rozsypne නැමති ගම්මානයට පතිත වී තිබේ. මේ ගම්මානය අයත් වන්නේ යුක්රේනයේ Donetsk නම් පළාතටයි. මේ පළාතේ බලය මේ වන විට යුක්රේන සටන් කරුවන් අත තිබේ. MH 17 ගුවන් අනතුර සිදු වූ සැනින් බොහෝ ගුවන් යානා සමාගම් තම යානා යුක්රේන ගුවන් කලාපය මගහැර පියාසර කරවා තිබෙන අතර පැරීසියේ සිට මැලේසියාව බලා එමින් තිබූ මැලේසියානු ගුවන් සේවයටම අයත් MH 21 ගුවන් යානයද එලෙස මාර්ගය වෙනස් කරමින් මැලේසියාවට පියාසර කර තිබේ.

    අඩි 33000 ක් ඉහළ අහසේ තිබූ මේ ගුවන් යානාව වෙත ප්‍රහාරය එල්ල කලේ රුසියාවේ පාර්ශවයෙන්ද, නැතිනම් යුක්රේන හමුදා සමග සටන් කරන රුසියානු සහාය ලබන සටන් කාමීන්ද, නැතිනම් යුක්රේන රජයේ හමුදාවද යන සැකය අනතුර සිදු වූ වහාම පැන නැගුනි. නමුත් රුසියානු හමුදාව පසුව නිවේදනය කලේ අනතුර සිදු වූ කාල සීමාව තුල කිසිදු ගුවන් යානයක ඉලක්කයක් තම හමුදාව විසින් ගෙන නැති බවයි.

    මෙම ගුවන් යානා අනතුර සිදුවී විනාඩි 37 කට පසු මේ ගුවන් අවකාශයම උපයෝගී කරගනිමින් බ්‍රසීලයේ සිට රුසියාව බලා ගමන් කල රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් රැගත් යානය විනාශ කර පූටින් ඝාතනය කිරීම පිණිස එවන්නට සූදානම් කර තිබූ මිසයිලයක් අත්වැරදීමක් නිසා රුසියානු ගුවන් යානයේ බාහිර පෙනුමට සමාන මැලේසියානු ගුවන් යානයට එල්ල කර තිබෙන බවට සැකයක් දැන් ඇති වී තිබේ. පූටින් සහභාගි වූ බ්‍රසීලයේ පැවති බ්‍රික් සමුළුවටම සහභාගි වූ අභිනව ඉන්දීය අගමැතිවරයාද අනතුර සිදු වී පැයකට පමණ පසු මෙම ගුවන් කලාපය ඔස්සේම සිය රට ගොස් තිබේ.

    අඩි 30000 හෝ එමෙන් දෙගුණයක් උසින් ගමන් කරනා වස්තුවකට වුවද සාර්ථකව පහර දිය හැකි මේ මිසයිලය රුසියාවේම නිෂ්පාදනයකි. එය Buk යනුවෙන් හැදින්වේ. කිලෝ මීටර් 28 ක් දක්වා ගුවන් ගත කල හැකි, මීටර් 5.5 උස, කිලෝ ග්‍රෑම් 710 ක් බරැති මේ වර්ගයේ මිසයිල රුසියාවේ හමුදාව අත මෙන්ම යුක්රේනයේ සටන්කාමීන් අතද එක සේ තිබෙන බවක් කියවේ. තනි මිසයිලයක් වෙනුවට මිසයිල පද්ධතියක් ලෙස මේවා සැකසී තිබේ. අවශ්‍ය තැනකට පහසුවෙන් ප්‍රවාහනය කල හැකි පරිදි බොහෝ විට වාහනයකට සම්බන්ධ කර මෙම මිසයිල පද්ධති භාවිතා කරයි රුසියානු රජය පවසන්නේ යුක්රේන ගරිල්ලන් අත මෙවැනි පද්ධතියක් තිබෙන්නට හැකියාවක් නැති නමුත් යුක්රේන රජයේ හමුදාව සතුව එවැනි පද්ධතියක් නැගෙනහිර යුක්රේනයේ ස්ථාපනය කර තිබෙන බවකි. මැලේසියානු ගුවන් යානය බිම හෙලුවේ එහි සිට එවන ලද මිසයිලයකින් බව රුසියානු පාර්ශවය චෝදනා කරයි.

    යුක්රේනය තුල කැරලි ගසන, රුසියානු භාෂාව කථාකරන රුසියානු සහාය ලබන කැරලි කරුවන් වෙත මෙවැනි මිසයිල පද්ධතියක් පූටිං ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කල බවක් යුක්රේන රජයේ පාර්ශවයෙන් කියවෙයි. ඔවුන් කියන්නේ මේ ප්‍රහාරය සටන් කාමීන් විසින් සිදු කල එකක් බවයි.

    රුසියාව, යුක්රේන සටන් කරුවන්, යුක්රේන රජයේ හමුදා යන මේ පාර්ශව තුන අතරින් කවුුරු හෝ මේ මහපොළොව නුහුලනා අපරාධය සිදු කල බව ඒකාන්තය. මේ යානය රුසියානු ආයුධ ප්‍රවාහනය කරන යානයක් සේ යුක්රේන රජයේ හමුදා සිතීම, මෙය යුක්රේන හමුදා යානයක් ලෙස රුසියානු හමුදා උපකල්පනය කිරීම, මෙවැනි ප්‍රහාරයක් එල්ලවීමට හේතු ලෙස දැන් කරළියට පැමිණ තිබේ. පසුගිය සති කීපය ඇතුලත MH 17 යානය අනතුරට පත් වූ ගුවන් කලාපය තුලදීම යුක්රේන යුධ ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා කීපයක්ම බිම හෙලන්නට කැරළිකාර හමුදාව සමත් වී තිබේ. යුක්රේන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති වූ බලය බෙදාහැරීම පිළිබද මත ගැටුමක් මත මේ සටන් ඇවිලී තිබේ. මැලේසියානු ගුවන් යානය විනාශ වීම පිළිබද ඇමරිකාව පවසන්නේ ප්‍රහාරය එල්ල කල ආයුධය කුමක්දැයි නිශ්චිතව කිව හැකි වුවත් මිසයිලය ගුවන් ගත වූයේ කොතැනින්ද යන්න පිළිබද නිශ්චිත අදහසක් තමන්ට නැති බවයි.

    යුක්රේනයේ පවතින කලහකාරී තත්වය නිසා බොහෝ ගුවන් සේවා තම ගුවන් මාර්ග යුක්රේනයට පිටතින් පවත්වාගෙන ගොස් තිබේ. මැලේසියානු ගුවන් සේවයද එම පියවරම අනුගමනය කර තිබේ. නමුත් ගුවන් ගමන් පාලක මණ්ඩලය ලබා දුන් වැරදි තොරතුරක් නිසා හෝ යානයේ ගුවන් නියමුවන්ගේ අභිමතය පරිදි සමස්ත ගමනේ දුර අඩුකර ගැනීමට මේ ගුවන් මාර්ගය තෝරාගන්නට ඇතැයි මැලේසියානු පාර්ශවය පවසයි. යුක්රේනයට අයත් ගුවන් කලාපය තුල අඩි 35000 ක උසක් පවත්වාගෙන යන්නට නියමුවන් අවසර ඉල්ලා සිටියත් යුක්රේන ගුවන් යානා පාලක නිලධාරීන් පවසා ඇත්තේ අඩි 33000 ක උසකින් ගමන් කරන ලෙසයි.

    නෙදර්ලන්තයේ සිට ඔස්ට්‍රේලියාව බලා එක එල්ලේ පියාසර කිරීම අපහසු නිසා මැලේසියාව හරහා ඔස්ට්‍රේලියාව බලා යන්නට සිටි නෙදර්ලන්ත ජාතිකයන් යානයේ බහුතර මගීන් කොට්ඨාශයයි. ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ ඒඩ්ස් පිළිබද සමුළුවකට සහභාගි වීම මෙයින් බහුතරයගේ අරමුණ වී තිබේ. ඒඩ්ස් රෝගය පිළිබදව ලෝක මට්ටමේ විශේෂඥයෙකුද මේ ගුවන් යානයේ සිටි බවට විශ්වාස කෙරෙයි.

    අත්වැරදීමකින් මැලේසියානු ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව බොහෝ පාර්ශවයන් පිළිගන්නා කාරණයයි. යානයට ගමන් කරන්නට ඉඩ ලැබී තිබෙන්නේ යුක්රේන ගුවන් සීමාව තුල සුළු දුර ප්‍රමාණයක් බව ඇතැම් වාර්තාවක කියවෙයි. කිසිදු කිසිදිනක නිවැරදි කල නොහැකි මේ අත්වැරදීම නිසා කුඩා දරුවන් 3 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 15 දෙනෙකු ඇතුලුව 298 දෙනෙකු මේ වන විට මරු වසගයට ගොස් තිබේ. කිසිදු කෙනෙකු දිවි ගලවාගැනීමට සමත් වී නැත.

    MH 17 ගුවන් යානයේ පළමු නිලධාරියා ලෙස Wan Amran Wan Hussain කටයුතු කර තිබේ. ගුවන් නියමුවෙකු ලෙස වසර 25 ක අත්දැකීම් ඇති හෙතෙම දෙදරු පියෙකි. වයස අවුරුදු 10 වන ඔහුගේ වැඩිමල් පුත්‍රයා මේ සිදුවීම සැල වූ වේලාවේ සිටම නොනවත්වා හඩන බව අන්තර්ජාලයේ සටහන් වී ඇත.

    මේ ගුවන් යානයේ සහායක නියමුවා ලෙස කටයුතු කොට තිබෙන්නෙ Eugene Choo Jin Leong නැමැති අයයි.

    Mh17-passengers.jpg


    අනතුර සිදු වූ වහාම පාර්ලිමේන්තුවේ හදිසි සැසියක් කැදවා තිබෙන මැලේසියානු අගමැති නජීබ් රසාක් මහතා එහිදී කියා ඇත්තේ 2014 වසර මැලේසියාවට දුක්බර වසරක් බවකි. ඔහුගේ මිත්තනියක්ද (සීයාගේ දෙවැනි විවාහක කාන්තාව) මේ ගුවන් යානයේ ගමන් කර ඇති බවට පුවත් පල වී තිබෙනු දැකිය හැකිය. මීට සමගාමීව අනතුර සිදු වූ දිනට පසු දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සැසි වාරයක්ද පවත්වා ඇති අතර එය කැදවීමට මූලික වී ඇත්තේ එංගලන්තයයි. අනතුරින් මිය ගිය අය අතර ඇමරිකානු සම්භවයක් ඇති නෙදර්ලන්ත පුරවැසියෙකු ඇති අතර, ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් මේ සිද්ධියට වගකිව යුතු වන්නේ රුසියාවට හිතැති කැරලිකරුවන් බවද පවසා තිබේ. මිසයිලයක් නිසි ඉලක්කයකට පතිත කරන්නට නම් ඒ සදහා තාක්ෂණික සහයෝගයක් තිබුය යුතු බවත් ඒ අනුව නිසැකවම මේ සිදුවීම පිටුපස රුසියාවද සිටිය යුතු බත් ඔහු වැඩිදුරටත් කියා සිටියි. එය තවත් සීතල යුද්ධයක ආරම්භයක් වන්නටද බැරි නැත. අඩි 30000 ක පමණ උසකින් ගමන් ගන්නා යානයකට ප්‍රහාර එල්ල කල හැකි ප්‍රබල අවියක් ඇත්තේ යුක්රේනයට නොව රුසියාවට බවද ඇමරිකානු ජනාධිපතිවරයා කියා තිබේ.

    එක්වරම විශාල පිපුරුම් ශබ්දයක් ඇහුනා...ඒ එක්කම ගොඩනැගිලි හෙල්ලුම් කෑවා. ඊටත් පස්සෙ මළ මිනී වැස්සක් වහිනවා වගේ බිමට කඩාගෙන වැටුනා. එක් මළ සිරුරක් තිබුනෙ අපේ නිවසෙ වහලෙ උඩ. ගුවන් යානය කඩා වැටුන Grabovo ගම්මානයේ වෙසෙන Irina Tipunova නැමති යුවතිය එසේ කියා තිබුනා.

    MH17-news.jpg


    අහස මොර ගාන සද්දයක් ටික වෙලාවක් ඇහුනා...ඒ එක්කම ටක ටක ගාලා අහසින් පොළවට මොනවද වැටුනා...හොයලා බලද්දි ඒ මළ සිරුරු, වයස අවුරුදු 65 ක විශ්‍රාමිකයෙකු එහෙම කිව්වෙ කුස්සියෙ කැඩී ගිය සිවිලිම පෙන්වමින්. වහලය කඩාගෙන සිවිලිම හරහා ඔහුගේ නිදන ඇද අසලටත් නිරුවත් කාන්තා සිරුරක් වැටී තිබෙනවා. ඔහුගේ නිවසේ සිට මීටර් 100 ක වපසරිය ඇතුලෙ තිරිගු වගා කරලා තිබුන භූමිය තුලට තවත් සිරුරු දුසිම් ගනනක් පතිත වී තිබෙනවා.

    MH%2017.ashx



    නම සදහන් කරන්න අකමැති තවත් ගැමි කාන්තාවක් තමා දුටු දේ කියලා තියෙන්නෙ මේ විදියට....මට ගුවන් යානය පුපුරන සද්දෙ ඇහුනා....මම ඉක්මනට ඇරලා තිබුන දොර වහන්න ඉස්සරහට දිව්වා. ඒ එක්කම මම දැක්කා අහසින් මිනිස්සු වැටෙන හැටි. මගේ එළවළු පාත්තියටත් එක්කෙනෙක් වැටුනා. ගුවන් යානයේ ඉදිරිපස කොටස වැටුනෙ අපේ ගෙදර ඉදන් කිලෝමීටරයක් විතර කිට්ටුව දුරක තියෙන සූරිය කාන්ත වගාවට. මළ මිනී වලට අමතරව යකඩ කෑලි, ගමන් මළු, සහ අනෙකුත් සුන් බුන් මේ කෘෂිකාර්මික ප්‍රදේශය තුල පතිත වී තිබෙන වග ඇගේ කථාවෙන් හෙළිවෙනවා...

    සමහර සිරුරු හොද තත්වයෙන් තිබුනා. තවත් සමහර ඒවා තැලී පොඩිවී හදුනාගත නොහැකි විදියට තිබුනා. ගුවන් යානයේ පාලක මැදිරිය තුල කාන්තා සහ කුඩා ළමුන් පිරිසකගේ සිරුරු තිබුනා. භූමිය පුරාම සපත්තු, ඇදුම්, හිස් ගමන් මළු, බෙහෙත්, සහන සේවකයො තමන්ගෙ අත්දැකීම් ඒ විදියටයි දක්වා තිබෙන්නෙ.

    Intan Maizura Othman ගෙ සැමියා Mohd Hazrin Hasnan මේ විනාශ වූ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක්. ඇගේ නෙත් අගින් ගලන තවමත් වේලිලා නැති කදුලු දරාගෙන Intan කිව්වෙ මෙහෙම කථාවක්.

    මගේ සැමියා මේ ගුවන් යානයේ සේවය කලා. ගුවන් යානයේ සුන්බුන් රූපවාහිනියෙ දකිද්දි මම ප්‍රාර්ථනා කලේ මේ ගුවන් යානය MH 17 නොවී MH 370 වෙන්න කියලයි. යානයේ සුන්බුන් දකිද්දි මගේ, මගේ දරුවන්ගෙ අනාගතය සුව පහසු එකක් නොවන වග මට වැටහෙනවා.

    මේ අතර නියමිත වේලාවට ගුවන් තොටුපලට පැමිණීමට නොහැකි වීමෙන් මෙම ගුවන් යානය මග ඇරුනු කාන්තාවකද සිටියි. ඇය තම අත දරුවාද සමග මාධ්‍යයට අදහස් දක්වමින් කියා තිබුනේ මේ සිද්ධිය සැල වූ වහාම තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බවත්, දෙවියන් විසින් තම දෙමාපියන් සහ ඥාති හිතමිත්‍රාදීන් සමග තව දුරටත ජීවත් වීමට තමා හට දෙවන වාරයක් උදා කර දී ඇති බවකි.

    ලෝක ඉතිහාසයේ මගී ගුවන් යානාවක් වෙත එල්ලවූ මෙවැනි වර්ගයේ පළමු ප්‍රහාරය මෙය නොවේ.

    මෙහි දක්වා ඇති ගුවන් අනතුරු වලට අමතරව 1998 සැප්තැම්බර් මස 29 වන දින ලයන් එයාර් ගුවන් සේවයට අයත් LN 602 අංකය සහිත ඇන්ටනොව් 24 වර්ගයේ යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කල දෙමළ විමුක්ති කොටි ත්‍රස්තයින් එය බිම හෙළා පුද්ගල ජීවිත 47 ක් විනාශ කළෝය.

    ගුවන් යානයේ ඉරණමත් සමගම ජීවිතයෙන් සමුගත් මගී ජනතාව අතර මැලේසියානු රංගන ශිල්පිනයකද වෙයි. Shuba Jaya නැමති ඇය කුළුදුල් දරු ප්‍රසූතියෙන් පසු තම නෙදර්ලන්ත ජාතික සැමියාගේ පාර්ශවයට දරුවා පෙන්වීමට ඔහු සමග එහි ගොස් ආපසු එන අතරතුර මේ අනතුරට මුහුණ දී තිබේ.

    Sanjid Singh අනතුරට ලක් වූ MH 17 ගුවන් යානයේ සේවකයෙකු ලෙස කටයුතු කල අයෙකි. ඔහුගේ බිරිදද ඔහු මෙන්ම මැලේසියානු ගුවන් සේවයේ ගුවන් සේවිකාවක වූ අතර ඇය MH 370 ගුවන් යානයත් සමග අතුරුදන් වී සිටින තැනැත්තියකි. දෛවයේ සරදමකට මෙන් එක ලග සිදුවූ ගුවන් අනතුරු දෙකකින් එකම පවුලක් වාර දෙකක් විපතට පත් වී තිබේ. පුතා ඕනෑම රටක ඉදන් පිටත් වෙද්දි මට කථා කරලා කියනවා අපි දැන් පිටත් වෙන්න යන්නෙ කියලා...ඒ වගේ නෙදර්ලන්තයෙන් පිටත් වෙද්දිත් මට කිව්වා තාත්තා එක්ක හෙට දවල් කෑමට මම ගෙදර එනවා කියලා, Sanjid ගේ පියා තම පුත්‍රයාගේ සහ ලේලියගේ ඡායාරූපයක් දෙස බලමින් දුක්බරව වචන අමුණයි.

    Angeline Premila Rajendran MH 17 ගුවන් සේවයේ සේවයේ නියුතුව සිටි එක් ගුවන් සේවිකාවක්. ඇය මේ සංචාරය සදහා නිවසින් පිටත් වීමට පෙර තම පවුලේ අයට පවසා ඇත්තේ තමා යළි එන තුරු සුනඛ සුරතලා හොදින් රැක බලාගන්නා ලෙසයි. සතුන් හට මහත් සේ කරුණාව දැක්වූ තැනැත්තියක් වුවද ඇයටද මේ ගුවන් අනතුරින් දිවි රැක ගන්නට හැකියාවක් ලැබුනෙ නෑ.


    MH 17 ගුවන් යානය තුල මෙවැනි කථා අපමණ තිබුනද මෙයින් මතු මම ඒවා කියන්නට නොයමි. නිරායුධ සිවිල් පුද්ගලයින් 298 ක් ගමන් ගත් මේ යානයට මෙවැනි විපතක් කොට, එයට සම්බන්ධ වූ පාර්ශවය අත් කරගත්තේ කුමන ප්‍රතිලාභයක්ද ? මේ යානය තුල සිටි අයගේ යැපෙන්නන් හට මෙන්ම, සමීපතමයන්ටද මේ සිදුවීම රාත්‍රියේ දුටු නරක සිහිනයක් මෙන් ජීවිත කාලය පුරාම සෝ ලතැවුල් ඇති කරනු ඇත.


    අදින් පසු හෝ මෙවැනි විපතක් යලිදු කිසිදිනෙක අසන්නට නොලැබේවා ! මෙවැනි විනාශයන් සිදු කරමින් සුන්දර ලෝකය අසුන්දර කරන උන් හට මෛත්‍රී සිත් ඇතිවේවා !



    මම කාමරේ අරින සිරා කොලුවා.

    ප.ලි

    අද ලිපියට මූලාශ්‍රය Yahoo Malaysia සහ අන්තර්ජාලයෙනි.

    මැලේසියාවේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතනයක සිරා කොලුවා රැකියාව කරන බව සිරාගෙ කාමරේ බොහෝ පාඨකයන් දනිති. මැලේසියානු ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තයේ කටයුතු කරන සමාගම් වෙත මේ අනතුරෙන් පසු මාධ්‍ය නිවේදනයක් එවා තිබුනි. අපේ ආයතනයට ලැබුනු එම නිවේදනය ඔබේ දැන ගැනීම පිණිස මම මෙහි පල කරමි. මේවා මේ ගුවන් අනතුර පිළිබද සිංහලෙන් වාර්තා කල කිසිදු තැනක අඩංගු නොවූ දෑය.


    Thanks to this wonderful letter to Sira
    Source
    Sirage kamare
    http://siragekamare.blogspot.com/2014/07/mh-17.html
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මෙම ගුවන් යානා අනතුර සිදුවී විනාඩි 37 කට පසු මේ ගුවන් අවකාශයම උපයෝගී කරගනිමින් බ්‍රසීලයේ සිට රුසියාව බලා ගමන් කල රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් රැගත් යානය විනාශ කර පූටින් ඝාතනය කිරීම පිණිස එවන්නට සූදානම් කර තිබූ මිසයිලයක් අත්වැරදීමක් නිසා රුසියානු ගුවන් යානයේ බාහිර පෙනුමට සමාන මැලේසියානු ගුවන් යානයට එල්ල කර තිබෙන බවට සැකයක් දැන් ඇති වී තිබේ. පූටින් සහභාගි වූ බ්‍රසීලයේ පැවති බ්‍රික් සමුළුවටම සහභාගි වූ අභිනව ඉන්දීය අගමැතිවරයාද අනතුර සිදු වී පැයකට පමණ පසු මෙම ගුවන් කලාපය ඔස්සේම සිය රට ගොස් තිබේ.

    Boru, Ukraine conflict eka patan gaththata passe putin ukrain udin fly karana eka nawaththala, and he certainly wasn’t flying that flight path Thursday. At the time, Putin was returning to Moscow from Brazil.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ මැලේසියන් ෆ්ලයිට් එකෙත් ලිතියම් බැට්‍රි අරන් ගිහින් නේද ,මුන් මිනිස්සුන්ගේ සේෆ්ටි පැත්ත ගැන හිතන්නෙම නැද්ද...අඩි 30,000ක් උඩදී බ්ලාස්ට් උනා කියන්නේ කිසිම කෙනෙක්ට බේරෙන්න බෑ ඒ පීඩනයෙදි කොහොමත් මොලේට වැඩේ සෙට් වෙනව.ඒක ක්ෂනික මරණයක් උනා නම් ඒ මිනිස්සු වේදනා නොවිඳ මැරුණා කියලා හිත හදා ගමු.මල මිනී වැස්සක් වැ‍ටුණා කියුවම