Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
MOAB ඇමරිකානුවන් සිරියාවට හෙලයි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MOAB ඇමරිකානුවන් සිරියාවට හෙලයි !

By dropping the MOAB, the largest non-nuclear bomb, never before used in combat, the US is declaring that it can and will use any weapon in its arsenal. The next step up is a low-yield tactical nuclear warhead.

https://www.wsws.org/sinhala/2017/2017apr/pers-12a.html

පසුගිය සතියේ සිරියාවට එල්ල කල කෲස් මිසයිල් ප්රහාරයන්ගෙන් ඉක්බිත්තේ, මිලිටරි උත්සන්නිය පිලිබඳ නිර්දය තර්කය මගින් වොෂිංටනය මෙහෙයවෙයි. සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් පෙරලා දැමීමට හා රුසියාව සමග ගැටුම උත්සන්න කිරීම සඳහා “පුලුල් මූලෝපායකින්” මෙහෙයවිය යුතු බව එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍ය කියා සිටිති.

“අපි හිතන ආකාරයට සිදුවීමට යන්නේ, [සිරියාවේ] පාලන තන්ත්ර මාරුව යි”, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිනි නිකී හැලී 9දා කීවා ය. රුසියාව හා ඉරානය සම්බන්ධයෙන් මෙන් ම, “අපි ඔවුන්ට කියන්නේ පිටව යන ලෙසයි. එහෙත් කිසිම දෙයක් මේ මොහොතේ න්‍යාය පත්‍රයෙන් ඉවත්ව ඇතැයි මම හිතන්නේ නෑ... අවශ්‍ය අවස්ථාවේ ඇමරිකා එක්සත් ජනපදය කි‍්‍රයාකරන බව ඔබට දැකගත හැකි වෙනු ඇත.”

රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්රැහැම් සිරියාවට “පන්දහසේ සිට හය දහසක්” දක්වා වන එක්සත් ජනපද හමුදා යොදවන ලෙසත්, රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක පනවන ලෙසත් 9දා ඉල්ලා සිටියේ ය. අසාද්ට සිදුව ඇත්තේ “බරපතල වැරැද්දකි, මන්දයත්, ඔබ ඇමරිකා එක්සත් ජනපදයේ සතුරෙක් නම් (අසාද් මෙන්) සහ දෙන ලද ඕනෑම දිනයකදී ට්‍රම්ප් කරනු ඇති දේ ගැන කරදර නොවන්නේ නම්, ඔබ උමතුවෙනි” ඔහු කීවේ ය.

රුසියානු ආන්ඩුවට එරෙහිව පියවර ගැනීම සඳහා, ඩිමොක්රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙගොල්ලම අත්වැල් අල්ලයි. “ඔවුන් අපරාධයට හවුල් වූවෝය” රිපබ්ලිකන් සෙනෙට් සභික මාර්කෝ රුබිනෝ කීවේ ය. “ව්ලැඩිමීර් පුටින්, තවත් යුද අපරාධකරුවෙකුට සහාය දෙන යුද අපරාධකරුවෙකි.” ඔහුගේ සගයා වන ඩිමොක්රටික් බෙන් කාඩින් කීවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය, අසාද් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන දෙදෙනාට යුද අපරාධ චෝදනා ගෙන ඒම සඳහා අධිකරනයක් පිහිටුවිය යුතු බව යි.

එවැනි පුරසාරම් වනාහී යුද්ධයේ භාෂාව යි. ඒ හෝ මේ විදෙස් රාජ්‍ය නායකයා යුද අපරාධකරුවෙකු ලෙස හෙලා දැකීම මිලිටරි මැදිහත්වීම සඳහා සම්මත පූර්විකාවයි.

ගිනි අවුලුවන ප්රකෝපකරන තුල එක්සත් ජනපදය තනිවී නැත. යුරෝපයේ සියලු අධිරාජ්‍යවාදී බලවතුන්, එක්සත් ජනපද ප්‍රහාරවලට සහාය දීමට පෙල ගැසී ඇත. බි්රතාන්ය ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් 9දා ලීවේ, රුසියාව “පසුගිය සතියේ සිදුවූ සෑම සිවිල් මරනයකටම වක්‍රව වගකිව යුතු” බව යි. එහෙත් පසුගිය මාසයේ ඉරාකයේ මොසූල් ප්‍රදේශය තුල එක්සත් ජනපදය සිදුකල ජන සංහාර සම්බන්ධයෙන් මෙම චෝදනාව නගා නැත.

රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඉතාලියේදී අදින් ඇරඹෙන ජී7 විදෙස් අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වේ. එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයන්, මොස්කෝව සිරියාවේ සිටින තම සියලු හමුදා ඉවත් කල යුතු බවටත්, අසාද් ආන්ඩුවට සහාය දීම නතර කල යුතු බවටත්, අවසාන නිවේදනයක් නිකුත් කිරීම පිලිබඳව මෙහිදී සාකච්ඡා කරයි. වාර්තා වෙන අන්දමට, රුසියානු විදේශ ඇමැති සමග මුහුනට මුහුන කෙරෙන හමුවකදී ටිලර්සන්, “යුද අපරාධවලට” රුසියාව හවුල්ය යන චෝදනාව ද සමග, මෙම ඉල්ලීම යලි ඉදිරිපත් කරනු ඇත.

එවැනි ආස්ථානයන්ගේ ප්‍රතිවිපාක පෙන්වා දෙමින් පලවූ අදහස් කිහිපයකින් එකකදී, ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොලින් කාල් වොෂින්ටන් පෝස්ට් පුවත්පතෙහි 9දා ලියා ඇත්තේ, එක්සත් ජනපදය යුද්ධය උත්සන්න කිරීමේ මාවතේ ඉදිරියට යන්නේ නම්, පාලන තන්ත්ර මාරුව සහ පියාසර තහනම් කලාපයක් සඳහා පියවර ගන්නේ නම්, “මොස්කෝව සමග මිලිටරි ගැටුමක් යථාවක් වනු ඇත.” සමස්ත දේශපාලන සංස්ථාපිතය හා යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය ලබන ට්‍රම්ප් පරිපාලනය, නිසැකවම ගනිමින් තිබෙන මාවත මෙය යි.

සිරියාවෙන් ඉවත්ව යාමට රුසියාවට කෙරෙන අවසන් නිවේදනය එරට ප්‍රතික්ෂේප කරන්නේ නම්, එක්සත් ජනපදය හා එහි සගයන් කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත් ද? ඇමරිකානු පාලක පන්තිය හා මාධ්‍ය වෙලාගෙන ඇති උන්මාදය මධ්‍යයේ, රුසියාව සමග යුද්ධයකදී කෙතරම් මිලියන ගනනක් මිනිසුන් මිය යනු ඇති ද යන්න හෝ න්‍යෂ්ටික වහ්නිජාලාවකට පසුව වාසයට සුදුසු ලෝකයක් ඉතිරිවනු ඇත්ද යන්න ගැන කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත.

මේ සියල්ල සිදුවෙන අතර එක්සත් ජනපදය, ආසියාව තුල ද සිය යුද තර්ජන තීව්ර කර ඇත. ධවල මන්දිරය, උතුරු කොරියානු ආන්ඩුවට එරෙහිව “හිස ගසා දැමීමේ” ප්‍රහාර හා අනෙකුත් පියවර සලකා බලමින් සිටින බවට -මෙය මෙම සතියේ මුලදීම සිදුවිය හැක- පලවන මාධ්‍ය වාර්තාවන් මධ්‍යයේ, ට්‍රම්ප් පරිපාලනය සති අන්තයේ කොරියානු අර්ධද්වීපය ආසන්නයට යුද නැව් මෙහෙයවූයේ ය.

අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තියේ අපරීක්ෂාකාරීත්වයේ මට්ටමට වෛෂයික පදනමක් තිබේ. එය ඉදිරියට ධාවනය කරන අන්‍යෝන්‍ය වසයෙන් එකිනෙකට සම්බන්ධ සාධක දෙකක් පවතී.

පලමුව, මිලිටරියේ බලගතු කොටස් -දැන් ට්‍රම්ප් පරිපාලනයේ පිලිවෙත් සම්බන්ධයෙන් බොහෝ කොටම අන පනවනු ලබන්නේ මොවුන් ය- 2013, සිරියාව තුල රසායනික අවි විනාශය අධීක්ෂනය කිරීම සඳහා රුසියාව සමග ගිවිසුමකට එලැඹීම මගින් සිරියාව තුල යුද්ධයෙන් ඔබාමා පරිපාලනය පසුබා යෑම, ඕනෑම වියදමක් දරා යලි හැරවීමට තීන්දු කර තිබේ. එය, මැද පෙරදිග හා නැගෙනහිර යුරෝපයේ පමනක් නොව, ගෝලීයවම එක්සත් ජනපද ආධිපත්‍ය පවත්වා ගැනීම සඳහා තීරනාත්මක බවට ඔවුහු ගනන් බලති.

ඉරිදා නිව් යෝක් ටයිම්ස් පුවත්පතට ලියමින්, රිපබ්ලිකන් සෙනෙට් සභික ටොම් කොට්න් සඳහන් කලේ, සිරියාව වෙත එල්ල කල ප්‍රහාරය දක්වා, “ලෝකය පුරා දැඩි ලෙස හානියට පත්ව ඇති අපගේ ආනුභාවය යලි දිනා ගැනීමට දිගු ගමනක් ගොස් ඇති” බව යි. කොට්න් මෙසේ ප්‍රකාශ කරයි: “දවසක් ?, ජනාධිපති ට්‍රම්ප් මේසය වෙත ආවා. එක්සත් ජනපදය කරන අනතුරු ඇඟවීම කි‍්‍රයාවට නගා ඇති බව ඔහු ලෝකයට පෙන්වා දුන්නා...යලි ස්ථාපිත කල විශ්වසයෙන් යුතුව, එක්සත් ජනපදයට යලි වතාවක් ලෝකය පුරා ආක්රමනකාරී ගමනක් යන්න පුලුවන්.”

කොට්න්ගේ තර්ක පැහැදිලි කරන්නේ, රසායනික අවි ප්‍රහාරය ආක්රමනයක් සඳහා ගොතන ලද තවත් කඩතුරාවක් බව යි. නැවත නැවතත් යුද අපරාධ සිදු කර ඇති බවට අධිරාජ්‍යවාදීන් නගන චෝදනා, පසුව සනාථවී ඇති පරිදි මුලුමනින්ම ගොතනු ලැබ ඇත්තේ, නව විජිතකරන හා කොල්ලකාරී න්‍යාය පත්‍රයක් යුක්ති සහගත කිරීමට යි.

අසාද්ගේ සිරියානු ආන්ඩුවේ හමුදා ආක්රමනකාරීව ඉදිරියට යමින් සිටින තතු හමුවේ, පසුබසිමින් සිටින ඔහුගේ සතුරන් මත රසායනික ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ලබා ගත හැකි කිසිවක් තිබුනේ නැත. එක්සත් ජනපදයට පැහැදිලි දේශපාලන පේ්රරනයන් පවතී. භූ-මූලෝපායික ගනන් බැලීම් මත පදනම්වී, සිරියානු ආන්ඩුවට එරෙහි ගුවන් ප්‍රහාර දියත් කිරීමට සීඅයිඒ සංවිධානය හා මිලිටරිය යුක්තිකරනයක් සොයමින් සිටියෝ ය.

කොට්න් මෙසේ කයිවාරු ගැසුවේ ය: “එක්සත් ජනපදය සතු අසමසම බලය ගැන පමනක් නොව, අපගේ අවශ්‍යතා, අපේක්ෂා හා මිතුරන් ආරක්ෂා කිරීමේ දී නැවත වරක් අපේ බලය යොදා ගන්නා බවට ද යලි වතාවක් මිතුරන්ට මෙන්ම සතුරන්ට ද සිහිපත් කර දිය යුතුය.” දැන් ඔවුන් එසේ කර ඇත.

හමුදා මෙහෙයුම් උත්සන්න කිරීම සඳහා දෙවන හේතුව, යුරෝපය පුරා හා එක්සත් ජනපදය තුල ගැඹුරුවන අර්බුදය හා අස්ථාවරත්වයට සම්බන්ධිත ය. බ්‍රෙක්සිට්වලට ඉක්බිතිව, ජාතිකවාදී ව්‍යාපාරවල නැගීම මධ්‍යයේ යුරෝපා සංගමය සහ නේටෝව ඉරිතලමින් තිබේ.

රුසියාවට එරෙහි සටන “එක්සත්” තේමාවක් වීමට නියමිත ය. ඩෙලවෙයාර් නියෝජනය කරන ඩිමොක්රටික් සෙනෙට් සභික කි‍්‍රස් කූන්ස්, පසුගිය සතියේ බෲකිංස් ආයතනයේදී මෙය ප්‍රකාශයට පත් කලේ ය. “අපි රුසියාව සමග යුද්ධයක ද?” යන සිරස්තලය යටතේ කතා කරමින් කූන්ස් සඳහන් කලේ, “පටු කල්පනා සහිත ජාතිකවාදයට සහාය දෙන සහ ඒකාබද්ධ යුරෝපයකට හා බලගතු නේටෝවකට එරෙහි විරුද්ධත්වය බෙදා ගන්නා යුරෝපියානු නායකයින්ගේ තේරීපත්වීමෙන් සෘජුවම ප්රතිලාභ ලබන” රුසියාවේ කි‍්‍රයාකාරකම් හේතුවෙන් “ඇමරිකානු නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර පර්යාය”, තර්ජනයට ලක්ව ඇති බව යි.

කූන්ස්ට අනුව, “ව්ලැඩිමීර් පුටින් තන්ත්රය 1950 දී සෝවියට් සංගමය සිදු කිරීමට ගිය දේ අද දිනයේදී අත් කරගනිමින් සිටී... එය බටහිර එකමුතුව විනාශ කරමින්, එක්සත් ජනපදය හුදකලා කරමින් සහ බටහිර මහජනයා අපගේ ආන්ඩුවලින් වියෝ කරමින් කි‍්‍රයාත්මක වෙයි”. එය, “අපගේ ආයතන තුල, එකිනෙකා තුල සහ අපගේ ප්රජාතන්ත්රවාදයේ ඉමහත් විස්වාසනීත්වය කෙරෙහි ඇමරිකානුවන්ගේ විස්වාසයට වල කපා ඇත.”

යුරෝපය හා එක්සත් ජනපදය තුල සමාජ අතෘප්තිය සහ යුරෝපා සංගමයේ බිඳ වැටීම, රුසියාවේ පුටින් ආන්ඩුවේ කි‍්‍රයාවන්ට අරෝපනය කිරීමට කූන්ස් දරන වෑයම නිසැකවම විකාරයකි. කඩා වැටෙන ජීවන තත්වයන්ගෙන් පීඩා විඳින දස මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාවට, තමන් අගාධයට ඇද දමා ඇත්තේ, දේශපාලන හා ආර්ථික පද්ධතිය බව දැන ගැනීමට පුටින් අවශ්‍ය නැත.

ඇමරිකා එක්සත් ජනපදය තුල -මිලිටරිය හා බුද්ධි අංශ හා ගැටගැසුනු- ඩිමොක්රටික් පක්ෂය, යුරෝපය තමන්ගේ පිලිවෙත මත රඳවා තබා ගැනීමටත් එක්සත් ජනපදය තුල අභ්‍යන්තර සමාජ ආතතීන් මිලිටරි ගැටුමක් කරා හරවා යැවීමටත් උත්සහා කරමින්, රුසියානු විරෝධී උමතුව ඇවිස්සීමේ මූලික කාර්ය භාරය ඉෂ්ට කරමින් සිටී. ඩිමොක්රටිකයෝ, ට්‍රම්ප් පාලන තන්ත්රයේ දේශීය පිලිවෙත් පිලිබඳව ඉඳහිට කෙරුනු විවේචන පවා අතහැර දමා ඇත. පසුගිය සතියේ සිරියානු ගුවන් ප්‍රහාර වලින් පසුව ඔවුන්, ඉක්මනින්ම ධවල මන්දිරයට ප්‍රසංශා කිරීම සඳහා හැරුනු අතර ඔවුන්ගේ එකම ඉල්ලීම අසාද් හා රුසියාවට එරෙහිව වඩාත් ආක්රමනකාරී පිලිවෙතකි.

“රුසියාව අපගේ මැතිවරන කි‍්‍රයාවලිය තුල මැදිහත්වූ බව සමස්ත එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රජාව පැහැදිලි කිරීමෙන්” පසුව පවා මෑත මතවිමසුම්වලට අනුව “රුසියාව ඇත්තටම අපේ ජනාධිපති මැතිවරන ව්‍යාපාරය තුල මැදිහත්වී ඇතැයි විශ්වාස කරන්නේ සියලූ ඇමරිකානුවන්ගෙන් අඩක් පමනක්” ය යන කාරනය ගැන කූන් කනස්සල්ලට පත් විය. කොංග්‍රසය, “රුසියාව සමග අපගේ ගැටුමේ ස්වභාවය තේරුම් ගෙන, ඇමරිකානු ජනයා ඒ වැටහීම ලබාගත් බව සහතික කර ගත යුතු ය.”

මහජනයා “එම වැටහීම බෙදා ගත්තේ නැතිනම්” එවිට එය “සතුරු ප්‍රචාරය” හා අවනීතියේ ප්‍රතිපලය වනු ඇති බව මෙයින් පැහැදිලි වේ.

ඇමරිකානු පාලක පන්තිය මහජන විඥානය ගැන සැලකිලිමත් වීම වටහාගත හැකිය. අධිරාජ්‍යවාදී යුද්ධයට තුඩු දෙන ලෝක ධනවාදයේ එම පරස්පර විරෝධයන් ම, ලොව පුරා පන්ති අරගලයේ වර්ධනයෙහි ස්වරූපයෙන්, සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික පදනම සම්පාදනය කරයි. ඇමරිකාව තුල, රුසියාවට එරෙහි යුද ව්‍යායාමයේ ප්‍රතිවිපාක වශයෙන් කම්පනය හා කෝපය පතුරවනු ඇත. කම්කරුවන් හා තරුනයන්ගේ පුලුල් කොටස් අතර දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍ය කෙරෙහි ගැඹුරු හා දීර්ඝකාලීන සැකයක් සහ වෛරයක් පවතී.

කෙසේවෙතත් දැවැන්තම අන්තරාය, එම විරුද්ධත්වය දේශපාලනිකව සංවිධානය වී නොතිබීම යි. ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගැන බෙහෙවින්ම නොදැනුවත් මහජනයාට පිටුපසින් රහසින් තීන්දු ගනිමින් පවතී. මාධ්‍ය, ආන්ඩුවේ ප්‍රචාරනය ගැන විවේචනාත්මක විභාග කිරීමකින් මුලුමනින්ම කර ඇර සිටී. නිල දේශපාලනයේ සියලුම කන්ඩායම්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ව්‍යසනකාරී යුද පිලිවෙත සඳහා සහාය දක්වයි.

සිරියාවට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරවල ක්ෂනික ප්‍රතිපලය කුමක් වුවත්, සිද්ධීන් අනවරතව ගමන් කරමින් තිබෙන්නේ ලෝක යුද්ධයක දිශාවට ය. එම යථාර්ථය, අධිරාජ්‍යවාදය හා ජාතික රාජ්‍ය බෙදීම් අවසන් කොට, සමාජවාදී පදනම් මත සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කම්කරු පන්තියේ දේශපාලනිකව සවිඤ්ඤානික මැදිහත් වීමේ ජාත්‍යන්තර සටන තුල ප්රකාශනය අත්කර ගනු ඇත.

ජෝශප් කිශෝර්

[QUOTE="සොහොන, post: 21461145, member: 454429"] [b]MOAB ඇමරිකානුවන් සිරියාවට හෙලයි ![/b] [B]By dropping the MOAB, the largest non-nuclear bomb, never before used in combat, the US is declaring that it can and will use any weapon in its arsenal. The next step up is a low-yield tactical nuclear warhead. [url]https://www.wsws.org/sinhala/2017/2017apr/pers-12a.html[/url] පසුගිය සතියේ සිරියාවට එල්ල කල කෲස් මිසයිල් ප්රහාරයන්ගෙන් ඉක්බිත්තේ, මිලිටරි උත්සන්නිය පිලිබඳ නිර්දය තර්කය මගින් වොෂිංටනය මෙහෙයවෙයි. සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් පෙරලා දැමීමට හා රුසියාව සමග ගැටුම උත්සන්න කිරීම සඳහා “පුලුල් මූලෝපායකින්” මෙහෙයවිය යුතු බව එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍ය කියා සිටිති. “අපි හිතන ආකාරයට සිදුවීමට යන්නේ, [සිරියාවේ] පාලන තන්ත්ර මාරුව යි”, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපතිනි නිකී හැලී 9දා කීවා ය. රුසියාව හා ඉරානය සම්බන්ධයෙන් මෙන් ම, “අපි ඔවුන්ට කියන්නේ පිටව යන ලෙසයි. එහෙත් කිසිම දෙයක් මේ මොහොතේ න්‍යාය පත්‍රයෙන් ඉවත්ව ඇතැයි මම හිතන්නේ නෑ... අවශ්‍ය අවස්ථාවේ ඇමරිකා එක්සත් ජනපදය කි‍්‍රයාකරන බව ඔබට දැකගත හැකි වෙනු ඇත.” රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්රැහැම් සිරියාවට “පන්දහසේ සිට හය දහසක්” දක්වා වන එක්සත් ජනපද හමුදා යොදවන ලෙසත්, රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක පනවන ලෙසත් 9දා ඉල්ලා සිටියේ ය. අසාද්ට සිදුව ඇත්තේ “බරපතල වැරැද්දකි, මන්දයත්, ඔබ ඇමරිකා එක්සත් ජනපදයේ සතුරෙක් නම් (අසාද් මෙන්) සහ දෙන ලද ඕනෑම දිනයකදී ට්‍රම්ප් කරනු ඇති දේ ගැන කරදර නොවන්නේ නම්, ඔබ උමතුවෙනි” ඔහු කීවේ ය. රුසියානු ආන්ඩුවට එරෙහිව පියවර ගැනීම සඳහා, ඩිමොක්රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙගොල්ලම අත්වැල් අල්ලයි. “ඔවුන් අපරාධයට හවුල් වූවෝය” රිපබ්ලිකන් සෙනෙට් සභික මාර්කෝ රුබිනෝ කීවේ ය. “ව්ලැඩිමීර් පුටින්, තවත් යුද අපරාධකරුවෙකුට සහාය දෙන යුද අපරාධකරුවෙකි.” ඔහුගේ සගයා වන ඩිමොක්රටික් බෙන් කාඩින් කීවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය, අසාද් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන දෙදෙනාට යුද අපරාධ චෝදනා ගෙන ඒම සඳහා අධිකරනයක් පිහිටුවිය යුතු බව යි. එවැනි පුරසාරම් වනාහී යුද්ධයේ භාෂාව යි. ඒ හෝ මේ විදෙස් රාජ්‍ය නායකයා යුද අපරාධකරුවෙකු ලෙස හෙලා දැකීම මිලිටරි මැදිහත්වීම සඳහා සම්මත පූර්විකාවයි. ගිනි අවුලුවන ප්රකෝපකරන තුල එක්සත් ජනපදය තනිවී නැත. යුරෝපයේ සියලු අධිරාජ්‍යවාදී බලවතුන්, එක්සත් ජනපද ප්‍රහාරවලට සහාය දීමට පෙල ගැසී ඇත. බි්රතාන්ය ආරක්ෂක ලේකම් මයිකල් ෆැලන් 9දා ලීවේ, රුසියාව “පසුගිය සතියේ සිදුවූ සෑම සිවිල් මරනයකටම වක්‍රව වගකිව යුතු” බව යි. එහෙත් පසුගිය මාසයේ ඉරාකයේ මොසූල් ප්‍රදේශය තුල එක්සත් ජනපදය සිදුකල ජන සංහාර සම්බන්ධයෙන් මෙම චෝදනාව නගා නැත. රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඉතාලියේදී අදින් ඇරඹෙන ජී7 විදෙස් අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වේ. එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයන්, මොස්කෝව සිරියාවේ සිටින තම සියලු හමුදා ඉවත් කල යුතු බවටත්, අසාද් ආන්ඩුවට සහාය දීම නතර කල යුතු බවටත්, අවසාන නිවේදනයක් නිකුත් කිරීම පිලිබඳව මෙහිදී සාකච්ඡා කරයි. වාර්තා වෙන අන්දමට, රුසියානු විදේශ ඇමැති සමග මුහුනට මුහුන කෙරෙන හමුවකදී ටිලර්සන්, “යුද අපරාධවලට” රුසියාව හවුල්ය යන චෝදනාව ද සමග, මෙම ඉල්ලීම යලි ඉදිරිපත් කරනු ඇත. එවැනි ආස්ථානයන්ගේ ප්‍රතිවිපාක පෙන්වා දෙමින් පලවූ අදහස් කිහිපයකින් එකකදී, ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොලින් කාල් වොෂින්ටන් පෝස්ට් පුවත්පතෙහි 9දා ලියා ඇත්තේ, එක්සත් ජනපදය යුද්ධය උත්සන්න කිරීමේ මාවතේ ඉදිරියට යන්නේ නම්, පාලන තන්ත්ර මාරුව සහ පියාසර තහනම් කලාපයක් සඳහා පියවර ගන්නේ නම්, “මොස්කෝව සමග මිලිටරි ගැටුමක් යථාවක් වනු ඇත.” සමස්ත දේශපාලන සංස්ථාපිතය හා යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පිටුබලය ලබන ට්‍රම්ප් පරිපාලනය, නිසැකවම ගනිමින් තිබෙන මාවත මෙය යි. සිරියාවෙන් ඉවත්ව යාමට රුසියාවට කෙරෙන අවසන් නිවේදනය එරට ප්‍රතික්ෂේප කරන්නේ නම්, එක්සත් ජනපදය හා එහි සගයන් කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත් ද? ඇමරිකානු පාලක පන්තිය හා මාධ්‍ය වෙලාගෙන ඇති උන්මාදය මධ්‍යයේ, රුසියාව සමග යුද්ධයකදී කෙතරම් මිලියන ගනනක් මිනිසුන් මිය යනු ඇති ද යන්න හෝ න්‍යෂ්ටික වහ්නිජාලාවකට පසුව වාසයට සුදුසු ලෝකයක් ඉතිරිවනු ඇත්ද යන්න ගැන කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත. මේ සියල්ල සිදුවෙන අතර එක්සත් ජනපදය, ආසියාව තුල ද සිය යුද තර්ජන තීව්ර කර ඇත. ධවල මන්දිරය, උතුරු කොරියානු ආන්ඩුවට එරෙහිව “හිස ගසා දැමීමේ” ප්‍රහාර හා අනෙකුත් පියවර සලකා බලමින් සිටින බවට -මෙය මෙම සතියේ මුලදීම සිදුවිය හැක- පලවන මාධ්‍ය වාර්තාවන් මධ්‍යයේ, ට්‍රම්ප් පරිපාලනය සති අන්තයේ කොරියානු අර්ධද්වීපය ආසන්නයට යුද නැව් මෙහෙයවූයේ ය. අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තියේ අපරීක්ෂාකාරීත්වයේ මට්ටමට වෛෂයික පදනමක් තිබේ. එය ඉදිරියට ධාවනය කරන අන්‍යෝන්‍ය වසයෙන් එකිනෙකට සම්බන්ධ සාධක දෙකක් පවතී. පලමුව, මිලිටරියේ බලගතු කොටස් -දැන් ට්‍රම්ප් පරිපාලනයේ පිලිවෙත් සම්බන්ධයෙන් බොහෝ කොටම අන පනවනු ලබන්නේ මොවුන් ය- 2013, සිරියාව තුල රසායනික අවි විනාශය අධීක්ෂනය කිරීම සඳහා රුසියාව සමග ගිවිසුමකට එලැඹීම මගින් සිරියාව තුල යුද්ධයෙන් ඔබාමා පරිපාලනය පසුබා යෑම, ඕනෑම වියදමක් දරා යලි හැරවීමට තීන්දු කර තිබේ. එය, මැද පෙරදිග හා නැගෙනහිර යුරෝපයේ පමනක් නොව, ගෝලීයවම එක්සත් ජනපද ආධිපත්‍ය පවත්වා ගැනීම සඳහා තීරනාත්මක බවට ඔවුහු ගනන් බලති. ඉරිදා නිව් යෝක් ටයිම්ස් පුවත්පතට ලියමින්, රිපබ්ලිකන් සෙනෙට් සභික ටොම් කොට්න් සඳහන් කලේ, සිරියාව වෙත එල්ල කල ප්‍රහාරය දක්වා, “ලෝකය පුරා දැඩි ලෙස හානියට පත්ව ඇති අපගේ ආනුභාවය යලි දිනා ගැනීමට දිගු ගමනක් ගොස් ඇති” බව යි. කොට්න් මෙසේ ප්‍රකාශ කරයි: “දවසක් ?, ජනාධිපති ට්‍රම්ප් මේසය වෙත ආවා. එක්සත් ජනපදය කරන අනතුරු ඇඟවීම කි‍්‍රයාවට නගා ඇති බව ඔහු ලෝකයට පෙන්වා දුන්නා...යලි ස්ථාපිත කල විශ්වසයෙන් යුතුව, එක්සත් ජනපදයට යලි වතාවක් ලෝකය පුරා ආක්රමනකාරී ගමනක් යන්න පුලුවන්.” කොට්න්ගේ තර්ක පැහැදිලි කරන්නේ, රසායනික අවි ප්‍රහාරය ආක්රමනයක් සඳහා ගොතන ලද තවත් කඩතුරාවක් බව යි. නැවත නැවතත් යුද අපරාධ සිදු කර ඇති බවට අධිරාජ්‍යවාදීන් නගන චෝදනා, පසුව සනාථවී ඇති පරිදි මුලුමනින්ම ගොතනු ලැබ ඇත්තේ, නව විජිතකරන හා කොල්ලකාරී න්‍යාය පත්‍රයක් යුක්ති සහගත කිරීමට යි. අසාද්ගේ සිරියානු ආන්ඩුවේ හමුදා ආක්රමනකාරීව ඉදිරියට යමින් සිටින තතු හමුවේ, පසුබසිමින් සිටින ඔහුගේ සතුරන් මත රසායනික ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ලබා ගත හැකි කිසිවක් තිබුනේ නැත. එක්සත් ජනපදයට පැහැදිලි දේශපාලන පේ්රරනයන් පවතී. භූ-මූලෝපායික ගනන් බැලීම් මත පදනම්වී, සිරියානු ආන්ඩුවට එරෙහි ගුවන් ප්‍රහාර දියත් කිරීමට සීඅයිඒ සංවිධානය හා මිලිටරිය යුක්තිකරනයක් සොයමින් සිටියෝ ය. කොට්න් මෙසේ කයිවාරු ගැසුවේ ය: “එක්සත් ජනපදය සතු අසමසම බලය ගැන පමනක් නොව, අපගේ අවශ්‍යතා, අපේක්ෂා හා මිතුරන් ආරක්ෂා කිරීමේ දී නැවත වරක් අපේ බලය යොදා ගන්නා බවට ද යලි වතාවක් මිතුරන්ට මෙන්ම සතුරන්ට ද සිහිපත් කර දිය යුතුය.” දැන් ඔවුන් එසේ කර ඇත. හමුදා මෙහෙයුම් උත්සන්න කිරීම සඳහා දෙවන හේතුව, යුරෝපය පුරා හා එක්සත් ජනපදය තුල ගැඹුරුවන අර්බුදය හා අස්ථාවරත්වයට සම්බන්ධිත ය. බ්‍රෙක්සිට්වලට ඉක්බිතිව, ජාතිකවාදී ව්‍යාපාරවල නැගීම මධ්‍යයේ යුරෝපා සංගමය සහ නේටෝව ඉරිතලමින් තිබේ. රුසියාවට එරෙහි සටන “එක්සත්” තේමාවක් වීමට නියමිත ය. ඩෙලවෙයාර් නියෝජනය කරන ඩිමොක්රටික් සෙනෙට් සභික කි‍්‍රස් කූන්ස්, පසුගිය සතියේ බෲකිංස් ආයතනයේදී මෙය ප්‍රකාශයට පත් කලේ ය. “අපි රුසියාව සමග යුද්ධයක ද?” යන සිරස්තලය යටතේ කතා කරමින් කූන්ස් සඳහන් කලේ, “පටු කල්පනා සහිත ජාතිකවාදයට සහාය දෙන සහ ඒකාබද්ධ යුරෝපයකට හා බලගතු නේටෝවකට එරෙහි විරුද්ධත්වය බෙදා ගන්නා යුරෝපියානු නායකයින්ගේ තේරීපත්වීමෙන් සෘජුවම ප්රතිලාභ ලබන” රුසියාවේ කි‍්‍රයාකාරකම් හේතුවෙන් “ඇමරිකානු නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර පර්යාය”, තර්ජනයට ලක්ව ඇති බව යි. කූන්ස්ට අනුව, “ව්ලැඩිමීර් පුටින් තන්ත්රය 1950 දී සෝවියට් සංගමය සිදු කිරීමට ගිය දේ අද දිනයේදී අත් කරගනිමින් සිටී... එය බටහිර එකමුතුව විනාශ කරමින්, එක්සත් ජනපදය හුදකලා කරමින් සහ බටහිර මහජනයා අපගේ ආන්ඩුවලින් වියෝ කරමින් කි‍්‍රයාත්මක වෙයි”. එය, “අපගේ ආයතන තුල, එකිනෙකා තුල සහ අපගේ ප්රජාතන්ත්රවාදයේ ඉමහත් විස්වාසනීත්වය කෙරෙහි ඇමරිකානුවන්ගේ විස්වාසයට වල කපා ඇත.” යුරෝපය හා එක්සත් ජනපදය තුල සමාජ අතෘප්තිය සහ යුරෝපා සංගමයේ බිඳ වැටීම, රුසියාවේ පුටින් ආන්ඩුවේ කි‍්‍රයාවන්ට අරෝපනය කිරීමට කූන්ස් දරන වෑයම නිසැකවම විකාරයකි. කඩා වැටෙන ජීවන තත්වයන්ගෙන් පීඩා විඳින දස මිලියන සංඛ්‍යාත වැඩකරන ජනතාවට, තමන් අගාධයට ඇද දමා ඇත්තේ, දේශපාලන හා ආර්ථික පද්ධතිය බව දැන ගැනීමට පුටින් අවශ්‍ය නැත. ඇමරිකා එක්සත් ජනපදය තුල -මිලිටරිය හා බුද්ධි අංශ හා ගැටගැසුනු- ඩිමොක්රටික් පක්ෂය, යුරෝපය තමන්ගේ පිලිවෙත මත රඳවා තබා ගැනීමටත් එක්සත් ජනපදය තුල අභ්‍යන්තර සමාජ ආතතීන් මිලිටරි ගැටුමක් කරා හරවා යැවීමටත් උත්සහා කරමින්, රුසියානු විරෝධී උමතුව ඇවිස්සීමේ මූලික කාර්ය භාරය ඉෂ්ට කරමින් සිටී. ඩිමොක්රටිකයෝ, ට්‍රම්ප් පාලන තන්ත්රයේ දේශීය පිලිවෙත් පිලිබඳව ඉඳහිට කෙරුනු විවේචන පවා අතහැර දමා ඇත. පසුගිය සතියේ සිරියානු ගුවන් ප්‍රහාර වලින් පසුව ඔවුන්, ඉක්මනින්ම ධවල මන්දිරයට ප්‍රසංශා කිරීම සඳහා හැරුනු අතර ඔවුන්ගේ එකම ඉල්ලීම අසාද් හා රුසියාවට එරෙහිව වඩාත් ආක්රමනකාරී පිලිවෙතකි. “රුසියාව අපගේ මැතිවරන කි‍්‍රයාවලිය තුල මැදිහත්වූ බව සමස්ත එක්සත් ජනපද බුද්ධි අංශ ප්‍රජාව පැහැදිලි කිරීමෙන්” පසුව පවා මෑත මතවිමසුම්වලට අනුව “රුසියාව ඇත්තටම අපේ ජනාධිපති මැතිවරන ව්‍යාපාරය තුල මැදිහත්වී ඇතැයි විශ්වාස කරන්නේ සියලූ ඇමරිකානුවන්ගෙන් අඩක් පමනක්” ය යන කාරනය ගැන කූන් කනස්සල්ලට පත් විය. කොංග්‍රසය, “රුසියාව සමග අපගේ ගැටුමේ ස්වභාවය තේරුම් ගෙන, ඇමරිකානු ජනයා ඒ වැටහීම ලබාගත් බව සහතික කර ගත යුතු ය.” මහජනයා “එම වැටහීම බෙදා ගත්තේ නැතිනම්” එවිට එය “සතුරු ප්‍රචාරය” හා අවනීතියේ ප්‍රතිපලය වනු ඇති බව මෙයින් පැහැදිලි වේ. ඇමරිකානු පාලක පන්තිය මහජන විඥානය ගැන සැලකිලිමත් වීම වටහාගත හැකිය. අධිරාජ්‍යවාදී යුද්ධයට තුඩු දෙන ලෝක ධනවාදයේ එම පරස්පර විරෝධයන් ම, ලොව පුරා පන්ති අරගලයේ වර්ධනයෙහි ස්වරූපයෙන්, සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික පදනම සම්පාදනය කරයි. ඇමරිකාව තුල, රුසියාවට එරෙහි යුද ව්‍යායාමයේ ප්‍රතිවිපාක වශයෙන් කම්පනය හා කෝපය පතුරවනු ඇත. කම්කරුවන් හා තරුනයන්ගේ පුලුල් කොටස් අතර දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍ය කෙරෙහි ගැඹුරු හා දීර්ඝකාලීන සැකයක් සහ වෛරයක් පවතී. කෙසේවෙතත් දැවැන්තම අන්තරාය, එම විරුද්ධත්වය දේශපාලනිකව සංවිධානය වී නොතිබීම යි. ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගැන බෙහෙවින්ම නොදැනුවත් මහජනයාට පිටුපසින් රහසින් තීන්දු ගනිමින් පවතී. මාධ්‍ය, ආන්ඩුවේ ප්‍රචාරනය ගැන විවේචනාත්මක විභාග කිරීමකින් මුලුමනින්ම කර ඇර සිටී. නිල දේශපාලනයේ සියලුම කන්ඩායම්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ව්‍යසනකාරී යුද පිලිවෙත සඳහා සහාය දක්වයි. සිරියාවට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරවල ක්ෂනික ප්‍රතිපලය කුමක් වුවත්, සිද්ධීන් අනවරතව ගමන් කරමින් තිබෙන්නේ ලෝක යුද්ධයක දිශාවට ය. එම යථාර්ථය, අධිරාජ්‍යවාදය හා ජාතික රාජ්‍ය බෙදීම් අවසන් කොට, සමාජවාදී පදනම් මත සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කම්කරු පන්තියේ දේශපාලනිකව සවිඤ්ඤානික මැදිහත් වීමේ ජාත්‍යන්තර සටන තුල ප්රකාශනය අත්කර ගනු ඇත. ජෝශප් කිශෝර්[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom