Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MR විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ෆේල් -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MR විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ෆේල් -

ජිනීවා මානව හිමිකම් අභියෝගයේදී රාජපක්ෂ ආණ්ඩුව කරපු වැරැදි - මහින්දගෙ මානව හිමිකම් විශේෂ නියෝජිතයා මහින්ද සමරසිංහ හෙළි කරයි

පසුගිය ආණ්ඩුවට බැරි වුණාට මේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළෙ යමක්කමක් කරන්න පටන් අරන්. ඒකෙ අංක එක තමයි මේ මාසයේ පැවැත්වෙන සැසියට ඉදිරිපත් කරන්න නියමිතව තිබුණු ලංකාවට එරෙහිව වාර්තාව සැප්තැම්බර් මාසයට කල් දමා ගැනීම. මොකද හිතන්නෙ මේ වෙනස ගැන?

මම හිතන්නෙ ඒක මේ රජයෙ ලොකු ජයග්‍රහණයක්. මොකද එතකොට අපිට කරන්න තියෙන දේ කරන්න තවත් කාලයක් ලැබෙනවා. ඒක තවදුරටත් විග්රහ කරනවා නම් අපිට මේ යෝජනාව ගේන්න මුල්වුණු අය මේ පවතින රජය ගැන අපේ තිබුණු රජයට වඩා යම්කිසි විශ්වාසයක් ඇතිකරගෙන කටයුතු කරන බව පැහැදිලියි. මම මේ බොහොම මධ්‍යස්ථවයි කතා කරන්නෙ. මොකද මානව හිමිකම්වලට දේශපාලනයක් නෑනෙ.

ඔබත් නියෝජනය කරපු පසුගිය ආණ්ඩුවට ඇයි ඒ විශ්වාසය ගොඩනඟාගන්න බැරි වුණේ. කොතැනද ඒ අඩුව තිබුණෙ?

අපි එක කෑම්ප් එකකට වැටුණා. අපි ඉන්දියාවේ විශ්වාසය දිනාගත්තෙ නෑ. යුද්ධයෙදි ඉන්දියාව අපට විශාල වශයෙන් උදවු කළා. යුද්ධෙන් පස්සෙ ඒ සම්බන්ධතාව ක්‍රමානුකූලව අඩු වුණා. ඒක එක හේතුවක්. දෙවැනුව ඇමෙරිකාව තමන්ගේ දේශපාලන න්යායපත්රය ලෝකයේ හැම තැනම ක්‍රියාත්මක කරනවා වගේම දකුණු ආසියානු කලාපය තුළත් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.

2009න් පස්සේ තමයි ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයට ඇතුළත් වුණේ. එතෙක් කල් ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයත් එක්ක ගනුදෙනු කළේ නෑ. මීට පෙර ඇමෙරිකාවෙ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් ජනාධිපතිතුමා මානව හිමිකම් ගැන එතරම් තැකීමක් කළේ නෑ. ඒක රිපබ්ලිකන් පක්ෂයේ ස්ථාවරය. ඒත් ඩිමොක්රටික් පක්ෂය මානව හිමිකම් පැත්තට බරයි. ඔබාමා ජනාධිපතිතුමාගෙ පැමිණීමත් එක්ක තමයි තීරණයක් ගත්තෙ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකාව ඇතුළු වෙලා ඒ අයගෙ දේශපාලන න්යායපත්රය ක්‍රියාත්මක කරන්න. ඒකට යුරෝපය ප්‍රධාන දකුණු ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ රටවල් බහුතරය සුබවාදී ප්‍රතිචාරයක් දැක්වූවා. අපි ඒක හරියට තේරුම් ගත්තේ නෑ.

අද ජාත්‍යන්තරයේ රටකට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් හැකියාව තියෙන්නෙ ඇමෙරිකාවට විතරයි කියන එක අපි අමතක කළා. 2006 ඉඳලා ලංකාවෙ කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කරනකොට මම ඒක හොඳටම දැක්කා.

ඒත් චීනය, රුසියාව වගේ බලවත් රටවල් හිටියෙ අපේ පැත්තෙ. ඔවුන් සමඟ අපි හොඳින් ගනුදෙනු කළා?

ඔව්. චීනය සහ රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉන්න ප්‍රධාන රටවල් පහෙන් දෙකක්. ඒ වගේම ඔවුන් අවංකව අපිට උදවු උපකාර කරන්න ඉදිරිපත් වුණා. ඒ වුණත් මානව හිමිකම් කවුන්සිලයේදී එක ඡන්දයක් මේ පැත්තට හරවන්න ඔවුන්ට බැරි වුණා. ඒක මම පැහැදිලිව දැක්කා. ඒ වගේම හිටපු ජනාධිපතිතුමාට මම ඒක කිව්වා.

අපේ තානාපති ක්ෂේත්රයේ දුර්වලකම් මේ තත්ත්වයට බලපාපු බව විචාරකයන් පැහැදිලි කරලා තිබුණා. ඇයි ඒව එහෙම වුණේ?

තානාපති ක්ෂේත්රයේ දේශපාලන පත්වීම් එන්න එන්නම වැඩි වුණා. ලක්ෂ්මන් කදිරගාමර් හිටපු ඇමැතිතුමාගෙ කාලයත් එක්ක සංසන්දනය කරනකොට ඒක බරපතළ තත්ත්වයක්. එතුමගෙ කාලයේ විදේශ සේවයේ පත්වීම්වලින් සියයට 65කටත් වඩා දුන්නෙ ඒ ක්ෂේත්රයේ විද්වත් පිරිසට. ඒක පසුගිය කාලෙ අනෙක් පැත්තට හැරුණා. ඒකට අපිට ෙදාස් කියන්නත් බෑ. මොකද සමහරු තමන්ගෙ අය ප්‍රධාන රටවලට යවලා ඒ හරහා වැඩි විශ්වාසයකින් වැඩ කරන ස්වරූපයක් තිබුණා. ඒක පස්සෙ කාලෙදි ඕවර් ගියා.

මම කියන්නෙ නෑ හැම දේශපාලන පත්වීමක්ම වැරැදියි කියලා. ඔය තානාපති කාර්යාලවලට සුදුසුකම් තියෙන අයත් පත්කරලා තිබුණා. හැබැයි සමහර පත්වීම් එහෙමපිටින්ම දේශපාලන පත්වීම්. ඒ නිසාම ඔවුන්ට ජාත්‍යන්තරයේ තියෙන විදේශීය නිලධාරීන්ගේ ක්ලබ් එකට ඇතුළු වෙන්නත් අමාරු වුණා. ඒ ක්ලබ් එකේ ඉන්න අතිබහුතරය රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්රයෙන්ම ආ අය. ඒ ක්ෂේත්රයෙ පළපුරුද්ද තියෙන අය ඒගොල්ලො දන්නවා කවුද මේකට සේවයෙන් එන අය, කවුද පිටින් එන අය කියලා. උදාහරණයක් විදියට නෙවිල් කනගරත්නම් වගේ එක්කෙනෙක් ගත්තහම එයාගෙ තිබුණු හැකියාව සහ පළපුරුද්ද නිසා ඒ ක්ලබ් එකෙන් ඔහුව පිළිගත්තා. මේ වගේ හේතු නිසා ඡන්දයක් තියෙන වෙලාවට ඒ ඒ රටවල අපේ තානාපති කාර්යාලවලින් කරන්න පුළුවන් බලපෑම අඩු වුණා කියල අපිට හිතන්න පුළුවන්.

ඇත්තටම ඔබ මේ මානව හිමිකම් ක්ෂේත්රයට එකතු වෙන්නෙ කොහොමද. මොනවද ඔබට තියෙන අත්දැකීම්?

මම 1983දී මේ ක්ෂේත්රයට ඇතුළු වුණේ විදේශ සේවයේ නිලධාරියෙක් විදියට. කළු ජූලියත් එක්ක අපිට ලොකු සටනක් දෙන්න සිද්ධ වුණා. එතකොට මම වැඩ කළේ ජිනීවා තානාපති කාර්යාලයේ දෙවැනියා විදියට. තානාපති විදියට සේවය කළේ ජයන්ත ධනපාල මහත්තයා. දැනට ඇමෙරිකාවේ ඉන්න තානාපති ප්‍රසාද් කාරියවසම් විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම් රොමේෂ් ජයසිංහ, දැන් උතුරේ ආණ්ඩුකාරවරයා විදියට කටයුතු කරන පළිහක්කාර වගේ අයත් එක්ක තමයි අපි 83 කළු ජූලියට මුහුණ දුන්නෙ. එදා ඉඳල අපිට අත්දැකීම් තිබුණා. මේක මම ආණ්ඩුවට සම්බන්ධ වෙලා ගත්ත දෙයක් නෙවෙයි. අද දේශපාලනයේ ඉන්න කිසිම කෙනකුට ඒ අත්දැකීම් නෑ.

යුද්ධෙ කාලෙ ඔබ මානව හිමිකම් ඇමැතිවරයා. ඒ කාලෙයි, යුද්ධෙන් පස්සෙ මානව හිමිකම් අමාත්‍යාංශය අහෝසි කරලා දාපු එකයි ගැන මොකද හිතන්නේ?

යුද්ධෙ කාලෙදි මානව හිමිකම් සම්බන්ධයෙන් එච්චර ප්‍රශ්නයක් මතුවුණේ නෑ. යුද්ධෙන් පස්සෙ කටයුතු කළාට වඩා සමීපව අපි ඒ කාලෙ ඇමෙරිකාව එක්ක පවා වැඩ කළා. යුද්ධෙන් පස්සේ තමයි තවත් පැත්තකට යන්න පටන් ගත්තේ. ඒක නිසා තමයි මේ වගේ අභියෝගවල ජයග්‍රහණය අපෙන් දුරස් වුණේ. මම කලිනුත් කිව්වා වගේ අද ලෝකයේ රටවලට බලපෑමක් කරලා ඒ රටවල් තමන්ගෙ මතය පැත්තට හරවා ගැනීමේ හැකියාව තියෙන්නෙ ඇමෙරිකාවට විතරයි. ඒක විවිධ අවස්ථාවලදි ඒගොල්ලො ඔප්පු කරල තියෙනවා. ඒක අපි හරියට තේරුම්ගත්තෙ නෑ.

ඔබ අහපු ප්‍රශ්නෙට අදාළව විශේෂයෙන් කියන්න ඕන යුද්ධෙන් පස්සෙ කරපු ලොකුම වරද තමයි මානව හිමිකම් අමාත්‍යාංශය අහෝසි කිරීම. ඒකට කිසිම පදනමක් තිබුණෙ නෑ. පශ්චාත් යුද සමයෙදි මානව හිමිකම් අමාත්‍යාංශය තියාගන්නයි තිබුණේ. ඊට පස්සෙ ගැසට් නිවේදනයකින් තොරව ඒ බලතල වගකීම් විදේශ අමාත්‍යාංශයට පැවරුවා. විදේශ අමාත්‍යාංශයට ඒ කටයුතු කරගෙන යන්න යාන්ත්‍රණයක් තිබුණෙ නෑ.

මේ රටේ පළමුවැනි මානව හිමිකම් ඇමැතිවරයා මම. අපි ඒ අමාත්‍යාංශයට වෙනම ව්‍යුහයක් ඇතිකරගෙනයි තිබුණෙ. ඒ කාලෙ විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක ප්‍රශ්නයක් තිබුණෙ නෑ. ජිනීවා සමුළුවට අපේ කණ්ඩායමේ නායකත්වය අරගෙන ගියේ මම. 2009 ඒ අමාත්‍යාංශය අහෝසි කළාට පස්සෙ මට තිබුණු නීතිමය තත්ත්වය නැති වුණා. දිගටම මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කළාට නීතිමය වගකීමක් මට තිබුණෙ නෑ. ඒ නිසා විදේශ අමාත්‍යාංශයයි, මමයි අතරෙ යම් ගැටුමක් ඇතිවුණා.

ජී.එල්. පීරිස් ඇමැතිවරයත් එක්ක යම් සුහද ගනුදෙනුවකට යන්න ඔබ උත්සාහයක් ගත්තෙ නැද්ද?

මට මේකට අදාළව හරියට වගකීමක් දාලා තිබුණේ නෑනෙ. ඒක නිසා එතුමා කොහොමද මට වගකීමක් පවරන්නෙ. එතුමා හිතාගෙන හිටියෙ මානව හිමිකම් අයිති මගේ අමාත්‍යාංශයට, ඒක මම කළ යුතුයි කියලයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයක් එනකොට සතියකට කලින් මට කියනවා ඒකට යන්න ලෑස්ති වෙන්න කියලා. එතකොට හුඟක් ප්‍රමාදයි. අපි එහෙදි යම් යම් ප්‍රකාශ කරලා, පොරොන්දු දීලා මෙහෙට ආවට පස්සේ ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න බැරිනම් ඊට අදාළ බලතල නැතිනම් කරන්නෙ මොකක්ද. අන්තිම සතියෙදි කිසිම සූදානමක් නැතිව මේකට යන්න ලෑස්ති වෙන්න කිව්වහම වෙන්නෙ මගේ විශ්වාසවන්තභාවයත් නැති වෙන එක. මට එතැන්ට ගිහිල්ලා උඩ බලාගෙන කෙළ ගහන්නත් බෑනෙ. එතැනදි පොරොන්දු දීලා ඇවිත් මෙහෙදි ඒවා ක්‍රියාත්මක කරන්න මට නීතිමය බලයක් නැත්නම් කොහොමද මම වැඩ කරන්නෙ. මට බලයක් නෑ. ඒගොල්ලන්ගෙන් අහන්න කියලා මට කියන්න පුළුවන්ද.

ඒ කියන්නෙ ඔබට තිබුණෙ මාසෙකට විතරක් ලැබෙන තාවකාලික බලතල ටිකක් විතරයි?

ඔව්. ඒක සාර්ථක වුණේ නෑ. අපේ විදේශ ප්‍රතිපත්තියේ අඩුපාඩු තිබුණු නිසා යම් වැරැදි මතයක් අන්තර්ජාතික තලයේ ඇතිවෙන්න පටන්ගත්තා. තමිල්නාඩු ප්‍රාන්තයේ බලපෑමත් එක්ක අපේ විදේශ ප්‍රතිපත්තිය යන විදිය ඉන්දියාවට තර්ජනයක් කියලා ඔවුන් හිතන්න පටන්ගත්තා. ඒ වෙනකොටත් චීනෙත් එක්ක අපි සමීප සම්බන්ධකම් පවත්වන්න පටන් අරන් තිබුණෙ.

අපි හරියට තේරුම් ගත්තෙ නෑ ඇමෙරිකාව මේ වෙනකොට ඔවුන්ගේ ආසියාව පුරා බලය පැතිරවීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවට භාරදීලා තියෙනවා කියන එක. චීනෙට ආවරණයක් විදියට ඉන්දියාව භාවිත කරන එකත් ඔවුන්ගෙ උපක්‍රමයක් වුණා. අපි මේ ඇත්ත තේරුම් ගත්තෙ නෑ. ඒක නිසා ඇමෙරිකාවත් අපිට සහයෝගය දුන්නෙ නෑ. ඉන්දියාවත් අපිට සහයෝගය දුන්නෙ නෑ. ඒත් එක්කම යුරෝපයේ, දකුණු ඇමෙරිකාවේ රටවල් අපිත් එක්ක හිටියෙත් නෑ. මැදපෙරදිග රටවල් කලින් හිටියා. ඒත් පස්සෙ සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවල් පවා අපිට නැති වුණා. ඒ වගේම ආසියානු කලාපයේ අපිට එක දිගටම උදවු කරපු රටවල් දෙකක් අවසානෙදි ඡන්දෙ දුන්නෙ නෑ. ඒ ඉන්දුනීසියාවයි, පිලිපීනයයි. ඒ කියන්නෙ අපේ විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ෆේල්.

එතකොට හිටපු ජනාධිපතිවරයද ඔය තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ?

ඒක මම දන්නෙ නෑ. මාත් එක්ක කතා කරලා නෙවෙයි ඔය තීරණ ගත්තෙ.

ඔබ මානව හිමිකම් සම්බන්ධ විශේෂ නියෝජිතයා විදියට කිසිම අවස්ථාවක ඒ තීරණවලට මැදිහත් කරගත්තෙ නැද්ද?

යුද්ධෙ කාලෙදි ඒ කියන්නෙ මම මානව හිමිකම් ඇමැතිවරයා විදියට ඉන්න කාලෙ නම් නිතර නිතර මැදිහත් කරගත්තා. 2009න් පස්සෙ ක්‍රමානුකූලව මාව ඒවට මැදිහත් කර ගැනීම අඩු කළා. යුද්ධෙ කාලෙදි ඔය විදේශ දූත පිරිස් එනකොට මට එන්න කියනවා. අවසාන කාලෙදි මට දැනුම් දුන්නෙවත් නෑ. මොකක්ද ජිනීවාවල වෙන්නෙ කියලා. මුලදි තානාපති කාර්යාලය මට ඒවා දැනුම් දුන්නා. ඒත් අවසාන කාලෙ වෙනකොට සියල්ල කණපිට හැරුණා. මට තේරුණා. මට කිසිවක් කියන්න එපා කියලා ඒගොල්ලන්ට බලපෑමක් ඇවිත් තියෙනවා කියලා. මම දන්නෙ නෑ ඒකට හේතුව මොකක්ද කියලා.

හැබැයි 2014දිත් ඔබ ජිනීවා ගියා?

ඔව්. ඒත් සතියක් ප්‍රමාද වෙලයි මට යන්න කිව්වෙ. එතැන ගිහිල්ලත් අවශ්‍ය කටයුතු කරන්න තානාපති කාර්යාලය මට පහසුකම් සැපයුවෙ නෑ. ඒගොල්ලො මට දැනුම් දුන්නා කලාප රැස්වීම්වල කතා කිරීම පමණක් ඔබතුමාට අයිතියි කියලා අපිට දන්වලා තියෙන බවක්. මම ඉතින් ඒක කළා. අන්තිමට ඡන්දෙදි අපි ෙදාළහකට බැස්සා.

එතැනදි මම දැකපු ලොකු අඩුවක් තමයි අපි උපාය උපක්‍රම භාවිත කළේ නෑ. අපිට විරුද්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෙ කියන ස්ථාවරයෙ ඉන්දියාව හිටියෙ නෑ. ඉන්දියාව දැනගත්තා ලංකාවට එරෙහිව එහෙම පරීක්ෂණයක් ආවොත් ඒක අනාගතයෙදි ඉන්දියාවටත් බලපානවා කියලා. විශේෂයෙන්ම කාශ්මීර් ප්‍රශ්නෙදි.

අපි 2009දී පාවිච්චි කරපු උපක්‍රමයක් තමයි ව්ධ ඒජබඪධද ර්ධබඪධද කියන එක. යුරෝපා හවුල ප්රමුඛ බටහිර රටවල් 2009දි අපේ යෝජනාවට ගෙනාපු සංශෝධන එකවර අයින් කළා. ඒ සංශෝධන වෙන වෙනම ගන්න ගියා නම් ඡන්දෙ අඩු වෙනවා. එතකොට ජිනීවාවල තානාපති හිටියෙ දයාන් ජයතිලක මහත්තයා. අපි දෙන්නා කතා කරලා මේ තීන්දුව ගත්තා. කියුබාවට අපි කිව්වා ව්ධ ඒජබඪධද ර්ධබඪධද එකක් ගෙනැත් ඒ සංශෝධන අයින් කරන්න කියලා. ඒ වෙනකොටත් අපි දැනගෙන හිටියා අපිට දිනන්න පුළුවන් කියලා. කියුබාව ගෙනාපු ව්ධ ඒජබඪධද ර්ධබඪධද එකෙන් අපි ජයග්‍රහණය කළා. ඊළඟට සංශෝධන අයින් කරපු යෝජනාව ගෙනාවා. එතකොට වැට උඩ හිටපු අයත් අපේ පැත්තට හැරුණා. ඡන්ද දෙකක් වැඩි වුණා.

2014දි මේගොල්ලො ව්ධ ඒජබඪධද ර්ධබඪධද එකක් ගෙනාවා. ඒකෙන් අපි පරාජය වුණා. ඒක නිසා වැට උඩ හිටපු අය අනෙක් පැත්තට හැරුණා. ඒකෙන් විනාශයක් කරගත්තෙ. මම හිටිය නම් කොහොමටවත් ඒක කරන්න ඉඩ දෙන්නෙ නෑ. මම දන්නෙ නෑ. ඒ තීරණය ගත්තෙ කවුද කියලා. අවසානෙදි අපි ඉල්ලන් කෑවා.

ඇයි ඔබට බැරි වුණේ දයාන් ජයතිලක, තමාරා කුනනායගම් වගේ අයව මේ ක්ෂේත්රයෙන් ඉවත් කරන එක වළක්වන්න. ඔවුන් වෙනුවෙන් කතා කරන්න?

තමාරා කුනනායගම්ගෙ කාලෙ නම් කිසිවක් සිද්ධ වුණේ නෑ. දයාන් ජයතිලක නම් ලස්සනට වැඩේ කළා. තමාරා කුනනායගම් කියන්නෙ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයෙ පොඩි රස්සාවක් කරපු කෙනෙක්.

ඒත් තමාරාගෙ කාලෙ දකුණු ඇමෙරිකානු රටවල් එක්ක අපේ සම්බන්ධකම් වැඩි කරගත්තා. ඒ වගේම ඇයට ඔබ කියපු අන්තර්ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙ ක්ලබ් එකෙන් පිළිගැනීමක් තියෙනවනෙ?

එයාට කිසිම පසුබිමක් තිබුණෙ නෑ. හිටපු ජනාධිපතිතුමා එයාව තානාපති විදියට පත්කළා. දයාන් එහෙම නෑ. විද්වතුන් එක්ක හොඳට ගනුදෙනු කරන රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්රයේ දක්ෂයෙක්. තමාරා කුනනායගම්ව එතැන්ට පත් කරලා ඇත්තටම අපි ඉල්ලන් කෑවා. ඒවා අසාර්ථක දේශපාලන පත්වීම් විදියටයි මම දකින්නෙ.

එතකොට ඔබ පිළිගත්ත දයාන් ජයතිලකව අයින් කළේ ඇයි?

ඒක ඉතින් විදේශ අමාත්‍යාංශය තමයි කියන්න ඕනෙ. මම දන්නෙ නෑ.

අපි ආපහු වර්තමානයට එමු. අලුත් ආණ්ඩුවට පුළුවන් වෙයිද චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව යන පාර්ශ්වයන් සියල්ල එක්ක එකතු වෙලා ගමනක් යන්න?

අලුත් ආණ්ඩුව දින ගණනක මේ කෙටි කාලය තුළ කරලා තියෙන දේවල් ඉතාම සාර්ථකයි. අනෙක් සියලු ආණ්ඩුවලට වඩා ඒ දේවල් ඉදිරියෙන් තියෙනවා. නමුත් ඔවුන් තවම මේ රටවල් සමඟ සම්බන්ධතා පවත්වන ආකාරය පැහැදිලි නෑ. ඒකෙ සීමාවක් පැහැදිලි නෑ. ඔවුන් මේ සියලු රටවල් එක්ක සමීප සම්බන්ධතා පැවැත්වීම වැදගත්.

ඔබ හිටපු තැනට ඒ කියන්නෙ එක්සත් ජාතික පක්ෂයට හුඟක් කැමැතියි වගේ. ඔවුන්ගෙ වැඩපිළිවෙළට ඉහළම ලකුණු දෙන්නත් පටන් අරන්?

මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ. මගේ දේශපාලනය දිගටම පවතින්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කයි. ඒක බොහොම පැහැදිලියි. නමුත් රටක විදේශ ප්‍රතිපත්තිය කියලා කියන්නෙ ඒ රටේ ජාතික ප්‍රතිරූපය. ඒක නිසා එතැනදි පක්ෂ භේදයකින් තොරව හොඳ දේ අගය කරන්නත් නරක දේ විවේචනය කරන්නත් මම කටයුතු කරනවා.

ශාලික විමලසේන / සාරා ඉමිතියාස්

- http://mawbima.lk/54-81125-news-detail.html

[QUOTE="monson, post: 18008264, member: 30005"] [b]MR විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ෆේල් - [/b] [SIZE="4"][B][SIZE="5"]ජිනීවා මානව හිමිකම් අභියෝගයේදී රාජපක්ෂ ආණ්ඩුව කරපු වැරැදි - මහින්දගෙ මානව හිමිකම් විශේෂ නියෝජිතයා මහින්ද සමරසිංහ හෙළි කරයි[/SIZE][/B] [B]පසුගිය ආණ්ඩුවට බැරි වුණාට මේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළෙ යමක්කමක් කරන්න පටන් අරන්. ඒකෙ අංක එක තමයි මේ මාසයේ පැවැත්වෙන සැසියට ඉදිරිපත් කරන්න නියමිතව තිබුණු ලංකාවට එරෙහිව වාර්තාව සැප්තැම්බර් මාසයට කල් දමා ගැනීම. මොකද හිතන්නෙ මේ වෙනස ගැන?[/B] මම හිතන්නෙ ඒක මේ රජයෙ ලොකු ජයග්‍රහණයක්. මොකද එතකොට අපිට කරන්න තියෙන දේ කරන්න තවත් කාලයක් ලැබෙනවා. ඒක තවදුරටත් විග්රහ කරනවා නම් අපිට මේ යෝජනාව ගේන්න මුල්වුණු අය මේ පවතින රජය ගැන අපේ තිබුණු රජයට වඩා යම්කිසි විශ්වාසයක් ඇතිකරගෙන කටයුතු කරන බව පැහැදිලියි. මම මේ බොහොම මධ්‍යස්ථවයි කතා කරන්නෙ. මොකද මානව හිමිකම්වලට දේශපාලනයක් නෑනෙ. [B]ඔබත් නියෝජනය කරපු පසුගිය ආණ්ඩුවට ඇයි ඒ විශ්වාසය ගොඩනඟාගන්න බැරි වුණේ. කොතැනද ඒ අඩුව තිබුණෙ?[/B] අපි එක කෑම්ප් එකකට වැටුණා. අපි ඉන්දියාවේ විශ්වාසය දිනාගත්තෙ නෑ. යුද්ධයෙදි ඉන්දියාව අපට විශාල වශයෙන් උදවු කළා. යුද්ධෙන් පස්සෙ ඒ සම්බන්ධතාව ක්‍රමානුකූලව අඩු වුණා. ඒක එක හේතුවක්. දෙවැනුව ඇමෙරිකාව තමන්ගේ දේශපාලන න්යායපත්රය ලෝකයේ හැම තැනම ක්‍රියාත්මක කරනවා වගේම දකුණු ආසියානු කලාපය තුළත් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. 2009න් පස්සේ තමයි ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයට ඇතුළත් වුණේ. එතෙක් කල් ඇමෙරිකාව මානව හිමිකම් කවුන්සිලයත් එක්ක ගනුදෙනු කළේ නෑ. මීට පෙර ඇමෙරිකාවෙ හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් ජනාධිපතිතුමා මානව හිමිකම් ගැන එතරම් තැකීමක් කළේ නෑ. ඒක රිපබ්ලිකන් පක්ෂයේ ස්ථාවරය. ඒත් ඩිමොක්රටික් පක්ෂය මානව හිමිකම් පැත්තට බරයි. ඔබාමා ජනාධිපතිතුමාගෙ පැමිණීමත් එක්ක තමයි තීරණයක් ගත්තෙ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකාව ඇතුළු වෙලා ඒ අයගෙ දේශපාලන න්යායපත්රය ක්‍රියාත්මක කරන්න. ඒකට යුරෝපය ප්‍රධාන දකුණු ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ රටවල් බහුතරය සුබවාදී ප්‍රතිචාරයක් දැක්වූවා. අපි ඒක හරියට තේරුම් ගත්තේ නෑ. අද ජාත්‍යන්තරයේ රටකට යම්කිසි බලපෑමක් කරන්න පුළුවන් හැකියාව තියෙන්නෙ ඇමෙරිකාවට විතරයි කියන එක අපි අමතක කළා. 2006 ඉඳලා ලංකාවෙ කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කරනකොට මම ඒක හොඳටම දැක්කා. [B]ඒත් චීනය, රුසියාව වගේ බලවත් රටවල් හිටියෙ අපේ පැත්තෙ. ඔවුන් සමඟ අපි හොඳින් ගනුදෙනු කළා?[/B] ඔව්. චීනය සහ රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉන්න ප්‍රධාන රටවල් පහෙන් දෙකක්. ඒ වගේම ඔවුන් අවංකව අපිට උදවු උපකාර කරන්න ඉදිරිපත් වුණා. ඒ වුණත් මානව හිමිකම් කවුන්සිලයේදී එක ඡන්දයක් මේ පැත්තට හරවන්න ඔවුන්ට බැරි වුණා. ඒක මම පැහැදිලිව දැක්කා. ඒ වගේම හිටපු ජනාධිපතිතුමාට මම ඒක කිව්වා. [B]අපේ තානාපති ක්ෂේත්රයේ දුර්වලකම් මේ තත්ත්වයට බලපාපු බව විචාරකයන් පැහැදිලි කරලා තිබුණා. ඇයි ඒව එහෙම වුණේ?[/B] තානාපති ක්ෂේත්රයේ දේශපාලන පත්වීම් එන්න එන්නම වැඩි වුණා. ලක්ෂ්මන් කදිරගාමර් හිටපු ඇමැතිතුමාගෙ කාලයත් එක්ක සංසන්දනය කරනකොට ඒක බරපතළ තත්ත්වයක්. එතුමගෙ කාලයේ විදේශ සේවයේ පත්වීම්වලින් සියයට 65කටත් වඩා දුන්නෙ ඒ ක්ෂේත්රයේ විද්වත් පිරිසට. ඒක පසුගිය කාලෙ අනෙක් පැත්තට හැරුණා. ඒකට අපිට ෙදාස් කියන්නත් බෑ. මොකද සමහරු තමන්ගෙ අය ප්‍රධාන රටවලට යවලා ඒ හරහා වැඩි විශ්වාසයකින් වැඩ කරන ස්වරූපයක් තිබුණා. ඒක පස්සෙ කාලෙදි ඕවර් ගියා. මම කියන්නෙ නෑ හැම දේශපාලන පත්වීමක්ම වැරැදියි කියලා. ඔය තානාපති කාර්යාලවලට සුදුසුකම් තියෙන අයත් පත්කරලා තිබුණා. හැබැයි සමහර පත්වීම් එහෙමපිටින්ම දේශපාලන පත්වීම්. ඒ නිසාම ඔවුන්ට ජාත්‍යන්තරයේ තියෙන විදේශීය නිලධාරීන්ගේ ක්ලබ් එකට ඇතුළු වෙන්නත් අමාරු වුණා. ඒ ක්ලබ් එකේ ඉන්න අතිබහුතරය රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්රයෙන්ම ආ අය. ඒ ක්ෂේත්රයෙ පළපුරුද්ද තියෙන අය ඒගොල්ලො දන්නවා කවුද මේකට සේවයෙන් එන අය, කවුද පිටින් එන අය කියලා. උදාහරණයක් විදියට නෙවිල් කනගරත්නම් වගේ එක්කෙනෙක් ගත්තහම එයාගෙ තිබුණු හැකියාව සහ පළපුරුද්ද නිසා ඒ ක්ලබ් එකෙන් ඔහුව පිළිගත්තා. මේ වගේ හේතු නිසා ඡන්දයක් තියෙන වෙලාවට ඒ ඒ රටවල අපේ තානාපති කාර්යාලවලින් කරන්න පුළුවන් බලපෑම අඩු වුණා කියල අපිට හිතන්න පුළුවන්. [B]ඇත්තටම ඔබ මේ මානව හිමිකම් ක්ෂේත්රයට එකතු වෙන්නෙ කොහොමද. මොනවද ඔබට තියෙන අත්දැකීම්?[/B] මම 1983දී මේ ක්ෂේත්රයට ඇතුළු වුණේ විදේශ සේවයේ නිලධාරියෙක් විදියට. කළු ජූලියත් එක්ක අපිට ලොකු සටනක් දෙන්න සිද්ධ වුණා. එතකොට මම වැඩ කළේ ජිනීවා තානාපති කාර්යාලයේ දෙවැනියා විදියට. තානාපති විදියට සේවය කළේ ජයන්ත ධනපාල මහත්තයා. දැනට ඇමෙරිකාවේ ඉන්න තානාපති ප්‍රසාද් කාරියවසම් විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම් රොමේෂ් ජයසිංහ, දැන් උතුරේ ආණ්ඩුකාරවරයා විදියට කටයුතු කරන පළිහක්කාර වගේ අයත් එක්ක තමයි අපි 83 කළු ජූලියට මුහුණ දුන්නෙ. එදා ඉඳල අපිට අත්දැකීම් තිබුණා. මේක මම ආණ්ඩුවට සම්බන්ධ වෙලා ගත්ත දෙයක් නෙවෙයි. අද දේශපාලනයේ ඉන්න කිසිම කෙනකුට ඒ අත්දැකීම් නෑ. [B]යුද්ධෙ කාලෙ ඔබ මානව හිමිකම් ඇමැතිවරයා. ඒ කාලෙයි, යුද්ධෙන් පස්සෙ මානව හිමිකම් අමාත්‍යාංශය අහෝසි කරලා දාපු එකයි ගැන මොකද හිතන්නේ?[/B] යුද්ධෙ කාලෙදි මානව හිමිකම් සම්බන්ධයෙන් එච්චර ප්‍රශ්නයක් මතුවුණේ නෑ. යුද්ධෙන් පස්සෙ කටයුතු කළාට වඩා සමීපව අපි ඒ කාලෙ ඇමෙරිකාව එක්ක පවා වැඩ කළා. යුද්ධෙන් පස්සේ තමයි තවත් පැත්තකට යන්න පටන් ගත්තේ. ඒක නිසා තමයි මේ වගේ අභියෝගවල ජයග්‍රහණය අපෙන් දුරස් වුණේ. මම කලිනුත් කිව්වා වගේ අද ලෝකයේ රටවලට බලපෑමක් කරලා ඒ රටවල් තමන්ගෙ මතය පැත්තට හරවා ගැනීමේ හැකියාව තියෙන්නෙ ඇමෙරිකාවට විතරයි. ඒක විවිධ අවස්ථාවලදි ඒගොල්ලො ඔප්පු කරල තියෙනවා. ඒක අපි හරියට තේරුම්ගත්තෙ නෑ. ඔබ අහපු ප්‍රශ්නෙට අදාළව විශේෂයෙන් කියන්න ඕන යුද්ධෙන් පස්සෙ කරපු ලොකුම වරද තමයි මානව හිමිකම් අමාත්‍යාංශය අහෝසි කිරීම. ඒකට කිසිම පදනමක් තිබුණෙ නෑ. පශ්චාත් යුද සමයෙදි මානව හිමිකම් අමාත්‍යාංශය තියාගන්නයි තිබුණේ. ඊට පස්සෙ ගැසට් නිවේදනයකින් තොරව ඒ බලතල වගකීම් විදේශ අමාත්‍යාංශයට පැවරුවා. විදේශ අමාත්‍යාංශයට ඒ කටයුතු කරගෙන යන්න යාන්ත්‍රණයක් තිබුණෙ නෑ. මේ රටේ පළමුවැනි මානව හිමිකම් ඇමැතිවරයා මම. අපි ඒ අමාත්‍යාංශයට වෙනම ව්‍යුහයක් ඇතිකරගෙනයි තිබුණෙ. ඒ කාලෙ විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක ප්‍රශ්නයක් තිබුණෙ නෑ. ජිනීවා සමුළුවට අපේ කණ්ඩායමේ නායකත්වය අරගෙන ගියේ මම. 2009 ඒ අමාත්‍යාංශය අහෝසි කළාට පස්සෙ මට තිබුණු නීතිමය තත්ත්වය නැති වුණා. දිගටම මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කළාට නීතිමය වගකීමක් මට තිබුණෙ නෑ. ඒ නිසා විදේශ අමාත්‍යාංශයයි, මමයි අතරෙ යම් ගැටුමක් ඇතිවුණා. [B]ජී.එල්. පීරිස් ඇමැතිවරයත් එක්ක යම් සුහද ගනුදෙනුවකට යන්න ඔබ උත්සාහයක් ගත්තෙ නැද්ද?[/B] මට මේකට අදාළව හරියට වගකීමක් දාලා තිබුණේ නෑනෙ. ඒක නිසා එතුමා කොහොමද මට වගකීමක් පවරන්නෙ. එතුමා හිතාගෙන හිටියෙ මානව හිමිකම් අයිති මගේ අමාත්‍යාංශයට, ඒක මම කළ යුතුයි කියලයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයක් එනකොට සතියකට කලින් මට කියනවා ඒකට යන්න ලෑස්ති වෙන්න කියලා. එතකොට හුඟක් ප්‍රමාදයි. අපි එහෙදි යම් යම් ප්‍රකාශ කරලා, පොරොන්දු දීලා මෙහෙට ආවට පස්සේ ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න බැරිනම් ඊට අදාළ බලතල නැතිනම් කරන්නෙ මොකක්ද. අන්තිම සතියෙදි කිසිම සූදානමක් නැතිව මේකට යන්න ලෑස්ති වෙන්න කිව්වහම වෙන්නෙ මගේ විශ්වාසවන්තභාවයත් නැති වෙන එක. මට එතැන්ට ගිහිල්ලා උඩ බලාගෙන කෙළ ගහන්නත් බෑනෙ. එතැනදි පොරොන්දු දීලා ඇවිත් මෙහෙදි ඒවා ක්‍රියාත්මක කරන්න මට නීතිමය බලයක් නැත්නම් කොහොමද මම වැඩ කරන්නෙ. මට බලයක් නෑ. ඒගොල්ලන්ගෙන් අහන්න කියලා මට කියන්න පුළුවන්ද. [B] ඒ කියන්නෙ ඔබට තිබුණෙ මාසෙකට විතරක් ලැබෙන තාවකාලික බලතල ටිකක් විතරයි?[/B] ඔව්. ඒක සාර්ථක වුණේ නෑ. අපේ විදේශ ප්‍රතිපත්තියේ අඩුපාඩු තිබුණු නිසා යම් වැරැදි මතයක් අන්තර්ජාතික තලයේ ඇතිවෙන්න පටන්ගත්තා. තමිල්නාඩු ප්‍රාන්තයේ බලපෑමත් එක්ක අපේ විදේශ ප්‍රතිපත්තිය යන විදිය ඉන්දියාවට තර්ජනයක් කියලා ඔවුන් හිතන්න පටන්ගත්තා. ඒ වෙනකොටත් චීනෙත් එක්ක අපි සමීප සම්බන්ධකම් පවත්වන්න පටන් අරන් තිබුණෙ. අපි හරියට තේරුම් ගත්තෙ නෑ ඇමෙරිකාව මේ වෙනකොට ඔවුන්ගේ ආසියාව පුරා බලය පැතිරවීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවට භාරදීලා තියෙනවා කියන එක. චීනෙට ආවරණයක් විදියට ඉන්දියාව භාවිත කරන එකත් ඔවුන්ගෙ උපක්‍රමයක් වුණා. අපි මේ ඇත්ත තේරුම් ගත්තෙ නෑ. ඒක නිසා ඇමෙරිකාවත් අපිට සහයෝගය දුන්නෙ නෑ. ඉන්දියාවත් අපිට සහයෝගය දුන්නෙ නෑ. ඒත් එක්කම යුරෝපයේ, දකුණු ඇමෙරිකාවේ රටවල් අපිත් එක්ක හිටියෙත් නෑ. මැදපෙරදිග රටවල් කලින් හිටියා. ඒත් පස්සෙ සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවල් පවා අපිට නැති වුණා. ඒ වගේම ආසියානු කලාපයේ අපිට එක දිගටම උදවු කරපු රටවල් දෙකක් අවසානෙදි ඡන්දෙ දුන්නෙ නෑ. ඒ ඉන්දුනීසියාවයි, පිලිපීනයයි. [COLOR="Red"]ඒ කියන්නෙ අපේ විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ෆේල්.[/COLOR] [B]එතකොට හිටපු ජනාධිපතිවරයද ඔය තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ?[/B] ඒක මම දන්නෙ නෑ. මාත් එක්ක කතා කරලා නෙවෙයි ඔය තීරණ ගත්තෙ. [B]ඔබ මානව හිමිකම් සම්බන්ධ විශේෂ නියෝජිතයා විදියට කිසිම අවස්ථාවක ඒ තීරණවලට මැදිහත් කරගත්තෙ නැද්ද?[/B] යුද්ධෙ කාලෙදි ඒ කියන්නෙ මම මානව හිමිකම් ඇමැතිවරයා විදියට ඉන්න කාලෙ නම් නිතර නිතර මැදිහත් කරගත්තා. 2009න් පස්සෙ ක්‍රමානුකූලව මාව ඒවට මැදිහත් කර ගැනීම අඩු කළා. යුද්ධෙ කාලෙදි ඔය විදේශ දූත පිරිස් එනකොට මට එන්න කියනවා. අවසාන කාලෙදි මට දැනුම් දුන්නෙවත් නෑ. මොකක්ද ජිනීවාවල වෙන්නෙ කියලා. මුලදි තානාපති කාර්යාලය මට ඒවා දැනුම් දුන්නා. ඒත් අවසාන කාලෙ වෙනකොට සියල්ල කණපිට හැරුණා. මට තේරුණා. මට කිසිවක් කියන්න එපා කියලා ඒගොල්ලන්ට බලපෑමක් ඇවිත් තියෙනවා කියලා. මම දන්නෙ නෑ ඒකට හේතුව මොකක්ද කියලා. [B] හැබැයි 2014දිත් ඔබ ජිනීවා ගියා?[/B] ඔව්. ඒත් සතියක් ප්‍රමාද වෙලයි මට යන්න කිව්වෙ. එතැන ගිහිල්ලත් අවශ්‍ය කටයුතු කරන්න තානාපති කාර්යාලය මට පහසුකම් සැපයුවෙ නෑ. ඒගොල්ලො මට දැනුම් දුන්නා කලාප රැස්වීම්වල කතා කිරීම පමණක් ඔබතුමාට අයිතියි කියලා අපිට දන්වලා තියෙන බවක්. මම ඉතින් ඒක කළා. අන්තිමට ඡන්දෙදි අපි ෙදාළහකට බැස්සා. එතැනදි මම දැකපු ලොකු අඩුවක් තමයි අපි උපාය උපක්‍රම භාවිත කළේ නෑ. අපිට විරුද්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෙ කියන ස්ථාවරයෙ ඉන්දියාව හිටියෙ නෑ. ඉන්දියාව දැනගත්තා ලංකාවට එරෙහිව එහෙම පරීක්ෂණයක් ආවොත් ඒක අනාගතයෙදි ඉන්දියාවටත් බලපානවා කියලා. විශේෂයෙන්ම කාශ්මීර් ප්‍රශ්නෙදි. අපි 2009දී පාවිච්චි කරපු උපක්‍රමයක් තමයි ව්ධ ඒජබඪධද ර්ධබඪධද කියන එක. යුරෝපා හවුල ප්රමුඛ බටහිර රටවල් 2009දි අපේ යෝජනාවට ගෙනාපු සංශෝධන එකවර අයින් කළා. ඒ සංශෝධන වෙන වෙනම ගන්න ගියා නම් ඡන්දෙ අඩු වෙනවා. එතකොට ජිනීවාවල තානාපති හිටියෙ දයාන් ජයතිලක මහත්තයා. අපි දෙන්නා කතා කරලා මේ තීන්දුව ගත්තා. කියුබාවට අපි කිව්වා ව්ධ ඒජබඪධද ර්ධබඪධද එකක් ගෙනැත් ඒ සංශෝධන අයින් කරන්න කියලා. ඒ වෙනකොටත් අපි දැනගෙන හිටියා අපිට දිනන්න පුළුවන් කියලා. කියුබාව ගෙනාපු ව්ධ ඒජබඪධද ර්ධබඪධද එකෙන් අපි ජයග්‍රහණය කළා. ඊළඟට සංශෝධන අයින් කරපු යෝජනාව ගෙනාවා. එතකොට වැට උඩ හිටපු අයත් අපේ පැත්තට හැරුණා. ඡන්ද දෙකක් වැඩි වුණා. 2014දි මේගොල්ලො ව්ධ ඒජබඪධද ර්ධබඪධද එකක් ගෙනාවා. ඒකෙන් අපි පරාජය වුණා. ඒක නිසා වැට උඩ හිටපු අය අනෙක් පැත්තට හැරුණා. ඒකෙන් විනාශයක් කරගත්තෙ. මම හිටිය නම් කොහොමටවත් ඒක කරන්න ඉඩ දෙන්නෙ නෑ. මම දන්නෙ නෑ. ඒ තීරණය ගත්තෙ කවුද කියලා. අවසානෙදි අපි ඉල්ලන් කෑවා. ඇයි ඔබට බැරි වුණේ දයාන් ජයතිලක, තමාරා කුනනායගම් වගේ අයව මේ ක්ෂේත්රයෙන් ඉවත් කරන එක වළක්වන්න. ඔවුන් වෙනුවෙන් කතා කරන්න? තමාරා කුනනායගම්ගෙ කාලෙ නම් කිසිවක් සිද්ධ වුණේ නෑ. දයාන් ජයතිලක නම් ලස්සනට වැඩේ කළා. තමාරා කුනනායගම් කියන්නෙ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයෙ පොඩි රස්සාවක් කරපු කෙනෙක්. [B]ඒත් තමාරාගෙ කාලෙ දකුණු ඇමෙරිකානු රටවල් එක්ක අපේ සම්බන්ධකම් වැඩි කරගත්තා. ඒ වගේම ඇයට ඔබ කියපු අන්තර්ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙ ක්ලබ් එකෙන් පිළිගැනීමක් තියෙනවනෙ?[/B] එයාට කිසිම පසුබිමක් තිබුණෙ නෑ. හිටපු ජනාධිපතිතුමා එයාව තානාපති විදියට පත්කළා. දයාන් එහෙම නෑ. විද්වතුන් එක්ක හොඳට ගනුදෙනු කරන රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්රයේ දක්ෂයෙක්. තමාරා කුනනායගම්ව එතැන්ට පත් කරලා ඇත්තටම අපි ඉල්ලන් කෑවා. ඒවා අසාර්ථක දේශපාලන පත්වීම් විදියටයි මම දකින්නෙ. [B]එතකොට ඔබ පිළිගත්ත දයාන් ජයතිලකව අයින් කළේ ඇයි?[/B] ඒක ඉතින් විදේශ අමාත්‍යාංශය තමයි කියන්න ඕනෙ. මම දන්නෙ නෑ. [B]අපි ආපහු වර්තමානයට එමු. අලුත් ආණ්ඩුවට පුළුවන් වෙයිද චීනය, ඉන්දියාව සහ ඇමෙරිකාව යන පාර්ශ්වයන් සියල්ල එක්ක එකතු වෙලා ගමනක් යන්න?[/B] [COLOR="Red"]අලුත් ආණ්ඩුව දින ගණනක මේ කෙටි කාලය තුළ කරලා තියෙන දේවල් ඉතාම සාර්ථකයි. [/COLOR]අනෙක් සියලු ආණ්ඩුවලට වඩා ඒ දේවල් ඉදිරියෙන් තියෙනවා. නමුත් ඔවුන් තවම මේ රටවල් සමඟ සම්බන්ධතා පවත්වන ආකාරය පැහැදිලි නෑ. ඒකෙ සීමාවක් පැහැදිලි නෑ. ඔවුන් මේ සියලු රටවල් එක්ක සමීප සම්බන්ධතා පැවැත්වීම වැදගත්. [B]ඔබ හිටපු තැනට ඒ කියන්නෙ එක්සත් ජාතික පක්ෂයට හුඟක් කැමැතියි වගේ. ඔවුන්ගෙ වැඩපිළිවෙළට ඉහළම ලකුණු දෙන්නත් පටන් අරන්?[/B] මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ. මගේ දේශපාලනය දිගටම පවතින්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කයි. ඒක බොහොම පැහැදිලියි. නමුත් රටක විදේශ ප්‍රතිපත්තිය කියලා කියන්නෙ ඒ රටේ ජාතික ප්‍රතිරූපය. ඒක නිසා එතැනදි පක්ෂ භේදයකින් තොරව හොඳ දේ අගය කරන්නත් නරක දේ විවේචනය කරන්නත් මම කටයුතු කරනවා. ශාලික විමලසේන / සාරා ඉමිතියාස්[/SIZE] - [url]http://mawbima.lk/54-81125-news-detail.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom