Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Muay Thai (මු(ආ)යි තායි) – බාහු අටෙහි විද්‍යාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මු(ආ)යි තායි – බාහු අටෙහි විද්‍යාව

ආත්මාරක්ෂාවට පුහුණු වෙන බොක්සිං, වූෂූ, සුමෝ, කරාතේ, ටයිකොන්ඩො, ජූඩෝ, මල්ලව පොර වගේ සටන් ක්‍රම ගැන ඔබ දන්නවා ඇති. ඒ සටන් දැකලත් ඇති. තායිලන්තයේ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් වන තායි බොක්සිං ගැන අහලා තියෙනවද? අද ලිපිය තායිලන්තයේ ජාතික ක්‍රීඩාව වන මු(ආ)යි තායි ගැනයි.

තායිලන්තයේ ජාතික ක්‍රීඩාව වන මු(ආ)යි තායි, “තායි බොක්සිං” ලෙසත් හඳුන්වනවා. මු(ආ)යි (Muay) යන වචනයේ අර්ථය ‘මුෂ්ටි මල්ලව පොර’ (Boxing) වන අතර එය සංස්කෘත භාෂාවේ එන “මාව්යා” යන පදයෙන් බිඳී ආ වචනයක්.

තායිලන්තයේ සංස්කෘතික අංගයක් ලෙසත් සලකන මේ සටන් කලාව “බාහු අටෙහි විද්‍යාව” යන ලෙසත් හඳුන්වනවා. ප්‍රහාරය සඳහා මුළු ශරීරයම ආයුධයක් ලෙස යොදා ගන්නා මෙම ක්‍රමය මීට සියවස් ගණනාවකට පෙර සිට පැවත එන්නක්. තායිලන්තයෙන් පිටත සමාජයට නුපුරුදු සටන් ක්‍රමයක් වුණු මු(ආ)යි තායි පිළිබඳ බොහෝ තොරතුරු 14 වන සියවසේදි බුරුමය විසින් සියමෙ ප්‍රධාන නගරය වන ආයුත්යාව කොල්ලකෑමෙන් පස්සෙ විනාශ වුණා. අද වන විටත් එහි ආරම්භය කොහොම සිදු වුණාද කියන ගැටළුව පිළිබඳ නවීන විද්‍යාර්ථීන් අතර විවාද පවතිනවා.

මු(ආ)යි තායි කලාවේදි ශරීරයේ ස්ථාන 8ක් ආයුධ ලෙස යොදා ගැනෙනවා. අත් මිට මොලවා මුෂ්ටියක් ලෙසත්, ප්‍රතිවාදියා බිම හෙලීමට බරැති මුගුරක් හෝ මිටියක් ලෙස වැලමිටත්, කෙටේරිය සහ යෂ්ටිය ලෙස කකුල් සහ දණහිසත්, වැරෙන් පහර දීමට යටි පතුලත්, කඩුව සහ කිරිච්චිය ලෙස අත් දෙකත් භාවිත වන අතර යටි බාහු වල එකතුව පලිහක් ලෙස ක්‍රියා කරමින් ප්‍රතිවාදී ප්‍රහාර වළක්වා ගන්නවා. මෙහිදී ශරීරාංග ඒකාබද්ධව එකම ඒකකයක් ලෙස ක්‍රියා කරනවා.

පළමු මු(ආ)යි තායි හමුදාව ගොඩනැඟුවෙ බුද්ධ වර්ශ 1238දි සුකෝටායි නගරයේදියි. රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමත්, සුකෝටායි නගරය ආශ්‍රිතව පිහිටි ගම් සහ ඒවායේ ජීවත් වූ ගම් වැසියන් ආරක්ෂා කිරීමත් මොවුන්ට පැවරුණු රාජකාරිය වුණා. ශරීරය යොදාගෙන සිදු කරන සටන් ක්‍රම වගේම ආයුධ භාවිතයත් මොවුන්ගේ යුධ පුහුණුවට අඩංගු වුණා. මු(ආ)යි තායි සහ ක්‍රාබි ක්රාබෝන් නම් සටන් ක්‍රම දෙකේම එකතුවක් ලෙස මෙම පුහුණුව දක්වා තිබෙනවා.

කාලයත් එක්කම රාජකීයයන් සහ සාමාන්‍ය තරුණයන් මේ සටන් කලාව ප්‍රගුණ කරන්නට දක්වන කැමැත්ත වැඩි වෙනවා. මේ හරහා ආත්මාරක්ෂාව, ව්‍යායාම, සංයමය සහ හික්මීම වැනි කාරණා ළඟාකර ගත හැකි වීම මේ ප්‍රසිද්ධියට බලපැවා. බෞද්ධ විහාරස්ථාන වල භික්ෂූන් වහන්සේලාත් මෙම සටන් ක්‍රමය පුහුණු කළ අතර පරම්පරාවෙන් පරම්පරාවට දැනුම ඉදිරියට රැගෙන ඒමටත් එය ඉවහල් වුණා.

ආයුත්යා යුගයේදි බුරුමය සහ කාම්බෝජය සමඟ විටින් විට ඇතිවූ යුද්ධ වල ප්‍රතිඵලයක් විදියට විශාල හමුදාවක අවශ්‍යතාවය තායිලන්තයට තදින්ම දැනුණා. ඉන්පස්සෙ රට පුරා පුහුණු මධ්‍යස්ථාන වලදි තරුණයන්ට මු(ආ)යි තායි යුධ පුහුණුව ලබා දීම ආරම්භ කළා. මු(ආ)යි තායි සටන් කලාවට සහ තායි මල්ලව පොර වලට මහත් කැමැත්තක් දැක්වූ නෙරේසුආන් රජු මේ ක්‍රීඩාවට තව තවත් තරුණයන් යොමු කිරීමට කටයුතු කළා.

පළමු නිල සටන

පළමු මු(ආ)යි තායි නිල සටන පැවැත්වුණෙත් නෙරායි රජ සමයේදියි. සටන්කරුවන් අත් සහ යටිබාහු මතුපිට රළු බවක් ඇති කරගැනීමට ලණු සහ හණ පටි වලින් ආවරණය කර ගැනීම සිදු කළා. සටනකට තරඟකරුවන් දෙදෙනා තෝරා ගන්නා සාධක ලෙස ඔවුන්ගේ බර, උස, අත්දැකීම් හෝ වයස සැසඳුවේ නැහැ. තම දණහිස් හා වැලමිට අධාරයෙන් සතුරාගේ අස්ථි බිඳීමේ අති ප්‍රබල ශිල්ප ක්‍රම අන්තර්ගත මේ ක්‍රමයේදි එක් සටනක් අවසන් කිරීම සඳහා නිශ්චිත කාලයක් තිබුණෙත් නැහැ. ජයග්‍රාහකයා ස්ථිර වෙනකම් හෝ දෙදෙනාගෙන් කෙනෙක් පරාජය පිළිගන්නකම් ඔවුන් සටන් කළා.

ජාතික සටන් කලාවක් බවට පත්වීම

මු(ආ)යි තායි ජාතික සටන් කලාවක් බවට පත් වුණෙත් ඊට අදාල නීති රෙගුලාසි හඳුන්වා දෙනු ලැබුවෙත් රතනකොසින් යුගයේදියි. මේ කාලයෙදි රට පුරා පැවැත්වූ සැමරුම් සහ උත්සව වල ප්‍රධාන අංගයක් බවට පත් වුණු මු(ආ)යි තායි සටන් වාරයක කාලය තීරණය වුණේ වතුරේ පා කල කුඩා සිදුරක් සහිත පොල් කටුවක් මඟින්. පොල් කටුව වතුරෙන් පිරිලා ජලය මත පාවීම ආරම්භ වන මොහොත තරඟයේ අවසානය ලෙස සැලකුවා. නමුත් සටනකට ස්ථිර වාර ගණනක් තිබුණෙ නෑ.

ස්වර්ණමය යුගය

මු(ආ)යි තායි සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස පස්වන රාම රජ සමය සැලකෙනවා. මේ සටන් කලාවේ වටිනාකම තේරුම් ගත් පස්වන රාම රජු 1880 අග භාගයේදී එහි උන්නතිය සඳහා මහත් අනුග්‍රහයක් දැක්වූවා.

තරඟ පවත්වමින් රටපුරා මු(ආ)යි තායි සටන් කලාව ප්‍රගුණ කිරීම සඳහා මධ්‍යස්ථානද ආරම්භ කළා. රාජකීය මු(ආ)යි තායි මධ්‍යස්ථාන වල දක්ෂතම සටන්කරුවන්ට තරඟ, උත්සව සහ ජාත්‍යන්තර හමුවීම් සඳහා සටන් ශිල්ප ඉදිරිපත් කිරීමට රජුගෙන් පෞද්ගලිකව ආරාධනා ලැබුණා.

පළමු ලෝක යුධ කාලයේදී (හයවන රාම රජ සමය) මු(ආ)යි තායි සටන් කලාව යුරෝපයට සහ අනෙක් රටවලට හඳුන්වා දුන් අතර යුද්ධයෙන් පසුව මු(ආ)යි තායි සඳහා පළමු ස්ථිර ක්‍රීඩාංගණය ස්ථාපනය කළා. ක්‍රමයෙන් චීනය, වියට්නාමය, ලාඕසය, බුරුමය, කාම්බෝජය සහ මලයාසියාවට මෙම සටන් පෙළපත පැතිරුණා.

සටන් කලාවේ ප්‍රවීණයන් ඔවුන්ගේ සිසුන්ට සහ පුතුන්ට මෙහි උපායන්, කළ යුතු දෑ සහ නොකළ යුතු දෑ, ශිල්ප ක්‍රම, උචිත ඉරියව් සහ අවධානය පවත්වා ගැනීමේ නිපුණතාවන් උගන්වනු ලැබුවා. මෙම ඉගැන්වීම මු(ආ)යි තායි සටන් කලාව අද මේ තත්ත්වයට ගෙන ඒමට මහත් රුකුලක් වුණා.

මු(ආ)යි තායි සටන් කලාව ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි දෙයක් තමයි සටනට පෙර චාරිත්‍රයක් විදියට සිදු කරන නර්තනයන්. සටන්කරුවන් සටන් වළල්ලට ගෙන ඒමට පෙර සිදු කරන නර්තනය වයි ක්‍රෝ ලෙස හඳුන්වනවා. මෙය සටන්කරුවාගේ ගුරුවරයාට, මු(ආ)යි තායි සටන් කලාවට සහ එය අයත් රටට ගෞරව කිරීම පිණිස පවත්වනවා.

මෙහි අනෙක් නර්තන ක්‍රමය රම් මු(ආ)යි ලෙස හැඳින්වෙනවා. මෙය එක් එක් සටන් ගුරුවරුන්ට විශේෂිත වූ නර්තන ක්‍රමයක්. එය ගුරුවරයා විසින් තම සිසුන්ට උගන්වනු ලබනවා. සටනකට පෙර සිසුවා තම ප්‍රතිමල්ලවයාට සහ පැරණි ආත්මයන්ට තමන්ගේ ඇති ගෞරවය පෙන්වීම සඳහා මෙම නර්තනය ඉදිරිපත් කරනවා

ගෙවුණු වසර 100ක කාලය තුළ මු(ආ)යි තායි සටන් කලාව ක්‍රම ක්‍රමයෙන් ලොව පුරා ප්‍රචලිත වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව විදේශිකයින් මෙය “සියම් බොක්සිං” ලෙස හැඳින්වුවා. ඉන්පසුව මෙහි නීති විධිමත්ව සකස් කළ අතර ක්‍රීඩාවක් ලෙස ස්ථාපිත කළා.

මෙම සටන් ශිල්පය ක්‍රමයෙන් ක්‍රීඩාවක් ලෙස දියුණු වෙත්ම එහි පැරණි සටන් ක්‍රම වල වෙනස්කම්ද සිදු වුණා. මෙහිදී භාවිතා වන අත්මේස් බොක්සිං ක්‍රීඩාවේදි යොදා ගන්නා ඒවාට සමානයි. මු(ආ)යි තායි ක්‍රීඩාවේ නව නීති වලට අනුව එක් තරඟ වටයක් තරඟ වාර පහකට බෙදා තිබෙනවා. එක් එක් තරඟ වාරයකට නියමිත කාලයක්ද තිබෙනවා. වර්තමානයේදී මුආයි තායි ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර එය ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙසත් පිළිගනු ලැබුවා.

"THIS IS A COPIED POST AND ALL CREDIT BELONGS TO THE RESPECTIVE OWNER"

[QUOTE="losh_92, post: 30373309, member: 572184"] [SIZE=7][B][U]මු(ආ)යි තායි – බාහු අටෙහි විද්‍යාව[/U][/B][/SIZE] [IMG]https://i.postimg.cc/wMR4LjMt/469200149-122134848086375568-7290272769287011679-n.jpg[/IMG] ආත්මාරක්ෂාවට පුහුණු වෙන බොක්සිං, වූෂූ, සුමෝ, කරාතේ, ටයිකොන්ඩො, ජූඩෝ, මල්ලව පොර වගේ සටන් ක්‍රම ගැන ඔබ දන්නවා ඇති. ඒ සටන් දැකලත් ඇති. තායිලන්තයේ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් වන තායි බොක්සිං ගැන අහලා තියෙනවද? අද ලිපිය තායිලන්තයේ ජාතික ක්‍රීඩාව වන මු(ආ)යි තායි ගැනයි. තායිලන්තයේ ජාතික ක්‍රීඩාව වන මු(ආ)යි තායි, “තායි බොක්සිං” ලෙසත් හඳුන්වනවා. මු(ආ)යි (Muay) යන වචනයේ අර්ථය ‘මුෂ්ටි මල්ලව පොර’ (Boxing) වන අතර එය සංස්කෘත භාෂාවේ එන “මාව්යා” යන පදයෙන් බිඳී ආ වචනයක්. තායිලන්තයේ සංස්කෘතික අංගයක් ලෙසත් සලකන මේ සටන් කලාව “බාහු අටෙහි විද්‍යාව” යන ලෙසත් හඳුන්වනවා. ප්‍රහාරය සඳහා මුළු ශරීරයම ආයුධයක් ලෙස යොදා ගන්නා මෙම ක්‍රමය මීට සියවස් ගණනාවකට පෙර සිට පැවත එන්නක්. තායිලන්තයෙන් පිටත සමාජයට නුපුරුදු සටන් ක්‍රමයක් වුණු මු(ආ)යි තායි පිළිබඳ බොහෝ තොරතුරු 14 වන සියවසේදි බුරුමය විසින් සියමෙ ප්‍රධාන නගරය වන ආයුත්යාව කොල්ලකෑමෙන් පස්සෙ විනාශ වුණා. අද වන විටත් එහි ආරම්භය කොහොම සිදු වුණාද කියන ගැටළුව පිළිබඳ නවීන විද්‍යාර්ථීන් අතර විවාද පවතිනවා. මු(ආ)යි තායි කලාවේදි ශරීරයේ ස්ථාන 8ක් ආයුධ ලෙස යොදා ගැනෙනවා. අත් මිට මොලවා මුෂ්ටියක් ලෙසත්, ප්‍රතිවාදියා බිම හෙලීමට බරැති මුගුරක් හෝ මිටියක් ලෙස වැලමිටත්, කෙටේරිය සහ යෂ්ටිය ලෙස කකුල් සහ දණහිසත්, වැරෙන් පහර දීමට යටි පතුලත්, කඩුව සහ කිරිච්චිය ලෙස අත් දෙකත් භාවිත වන අතර යටි බාහු වල එකතුව පලිහක් ලෙස ක්‍රියා කරමින් ප්‍රතිවාදී ප්‍රහාර වළක්වා ගන්නවා. මෙහිදී ශරීරාංග ඒකාබද්ධව එකම ඒකකයක් ලෙස ක්‍රියා කරනවා. පළමු මු(ආ)යි තායි හමුදාව ගොඩනැඟුවෙ බුද්ධ වර්ශ 1238දි සුකෝටායි නගරයේදියි. රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමත්, සුකෝටායි නගරය ආශ්‍රිතව පිහිටි ගම් සහ ඒවායේ ජීවත් වූ ගම් වැසියන් ආරක්ෂා කිරීමත් මොවුන්ට පැවරුණු රාජකාරිය වුණා. ශරීරය යොදාගෙන සිදු කරන සටන් ක්‍රම වගේම ආයුධ භාවිතයත් මොවුන්ගේ යුධ පුහුණුවට අඩංගු වුණා. මු(ආ)යි තායි සහ ක්‍රාබි ක්රාබෝන් නම් සටන් ක්‍රම දෙකේම එකතුවක් ලෙස මෙම පුහුණුව දක්වා තිබෙනවා. කාලයත් එක්කම රාජකීයයන් සහ සාමාන්‍ය තරුණයන් මේ සටන් කලාව ප්‍රගුණ කරන්නට දක්වන කැමැත්ත වැඩි වෙනවා. මේ හරහා ආත්මාරක්ෂාව, ව්‍යායාම, සංයමය සහ හික්මීම වැනි කාරණා ළඟාකර ගත හැකි වීම මේ ප්‍රසිද්ධියට බලපැවා. බෞද්ධ විහාරස්ථාන වල භික්ෂූන් වහන්සේලාත් මෙම සටන් ක්‍රමය පුහුණු කළ අතර පරම්පරාවෙන් පරම්පරාවට දැනුම ඉදිරියට රැගෙන ඒමටත් එය ඉවහල් වුණා. ආයුත්යා යුගයේදි බුරුමය සහ කාම්බෝජය සමඟ විටින් විට ඇතිවූ යුද්ධ වල ප්‍රතිඵලයක් විදියට විශාල හමුදාවක අවශ්‍යතාවය තායිලන්තයට තදින්ම දැනුණා. ඉන්පස්සෙ රට පුරා පුහුණු මධ්‍යස්ථාන වලදි තරුණයන්ට මු(ආ)යි තායි යුධ පුහුණුව ලබා දීම ආරම්භ කළා. මු(ආ)යි තායි සටන් කලාවට සහ තායි මල්ලව පොර වලට මහත් කැමැත්තක් දැක්වූ නෙරේසුආන් රජු මේ ක්‍රීඩාවට තව තවත් තරුණයන් යොමු කිරීමට කටයුතු කළා. [B][U]පළමු නිල සටන[/U][/B] පළමු මු(ආ)යි තායි නිල සටන පැවැත්වුණෙත් නෙරායි රජ සමයේදියි. සටන්කරුවන් අත් සහ යටිබාහු මතුපිට රළු බවක් ඇති කරගැනීමට ලණු සහ හණ පටි වලින් ආවරණය කර ගැනීම සිදු කළා. සටනකට තරඟකරුවන් දෙදෙනා තෝරා ගන්නා සාධක ලෙස ඔවුන්ගේ බර, උස, අත්දැකීම් හෝ වයස සැසඳුවේ නැහැ. තම දණහිස් හා වැලමිට අධාරයෙන් සතුරාගේ අස්ථි බිඳීමේ අති ප්‍රබල ශිල්ප ක්‍රම අන්තර්ගත මේ ක්‍රමයේදි එක් සටනක් අවසන් කිරීම සඳහා නිශ්චිත කාලයක් තිබුණෙත් නැහැ. ජයග්‍රාහකයා ස්ථිර වෙනකම් හෝ දෙදෙනාගෙන් කෙනෙක් පරාජය පිළිගන්නකම් ඔවුන් සටන් කළා. [B][U]ජාතික සටන් කලාවක් බවට පත්වීම[/U][/B] මු(ආ)යි තායි ජාතික සටන් කලාවක් බවට පත් වුණෙත් ඊට අදාල නීති රෙගුලාසි හඳුන්වා දෙනු ලැබුවෙත් රතනකොසින් යුගයේදියි. මේ කාලයෙදි රට පුරා පැවැත්වූ සැමරුම් සහ උත්සව වල ප්‍රධාන අංගයක් බවට පත් වුණු මු(ආ)යි තායි සටන් වාරයක කාලය තීරණය වුණේ වතුරේ පා කල කුඩා සිදුරක් සහිත පොල් කටුවක් මඟින්. පොල් කටුව වතුරෙන් පිරිලා ජලය මත පාවීම ආරම්භ වන මොහොත තරඟයේ අවසානය ලෙස සැලකුවා. නමුත් සටනකට ස්ථිර වාර ගණනක් තිබුණෙ නෑ. [B][U]ස්වර්ණමය යුගය[/U][/B] මු(ආ)යි තායි සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස පස්වන රාම රජ සමය සැලකෙනවා. මේ සටන් කලාවේ වටිනාකම තේරුම් ගත් පස්වන රාම රජු 1880 අග භාගයේදී එහි උන්නතිය සඳහා මහත් අනුග්‍රහයක් දැක්වූවා. තරඟ පවත්වමින් රටපුරා මු(ආ)යි තායි සටන් කලාව ප්‍රගුණ කිරීම සඳහා මධ්‍යස්ථානද ආරම්භ කළා. රාජකීය මු(ආ)යි තායි මධ්‍යස්ථාන වල දක්ෂතම සටන්කරුවන්ට තරඟ, උත්සව සහ ජාත්‍යන්තර හමුවීම් සඳහා සටන් ශිල්ප ඉදිරිපත් කිරීමට රජුගෙන් පෞද්ගලිකව ආරාධනා ලැබුණා. පළමු ලෝක යුධ කාලයේදී (හයවන රාම රජ සමය) මු(ආ)යි තායි සටන් කලාව යුරෝපයට සහ අනෙක් රටවලට හඳුන්වා දුන් අතර යුද්ධයෙන් පසුව මු(ආ)යි තායි සඳහා පළමු ස්ථිර ක්‍රීඩාංගණය ස්ථාපනය කළා. ක්‍රමයෙන් චීනය, වියට්නාමය, ලාඕසය, බුරුමය, කාම්බෝජය සහ මලයාසියාවට මෙම සටන් පෙළපත පැතිරුණා. සටන් කලාවේ ප්‍රවීණයන් ඔවුන්ගේ සිසුන්ට සහ පුතුන්ට මෙහි උපායන්, කළ යුතු දෑ සහ නොකළ යුතු දෑ, ශිල්ප ක්‍රම, උචිත ඉරියව් සහ අවධානය පවත්වා ගැනීමේ නිපුණතාවන් උගන්වනු ලැබුවා. මෙම ඉගැන්වීම මු(ආ)යි තායි සටන් කලාව අද මේ තත්ත්වයට ගෙන ඒමට මහත් රුකුලක් වුණා. මු(ආ)යි තායි සටන් කලාව ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි දෙයක් තමයි සටනට පෙර චාරිත්‍රයක් විදියට සිදු කරන නර්තනයන්. සටන්කරුවන් සටන් වළල්ලට ගෙන ඒමට පෙර සිදු කරන නර්තනය වයි ක්‍රෝ ලෙස හඳුන්වනවා. මෙය සටන්කරුවාගේ ගුරුවරයාට, මු(ආ)යි තායි සටන් කලාවට සහ එය අයත් රටට ගෞරව කිරීම පිණිස පවත්වනවා. මෙහි අනෙක් නර්තන ක්‍රමය රම් මු(ආ)යි ලෙස හැඳින්වෙනවා. මෙය එක් එක් සටන් ගුරුවරුන්ට විශේෂිත වූ නර්තන ක්‍රමයක්. එය ගුරුවරයා විසින් තම සිසුන්ට උගන්වනු ලබනවා. සටනකට පෙර සිසුවා තම ප්‍රතිමල්ලවයාට සහ පැරණි ආත්මයන්ට තමන්ගේ ඇති ගෞරවය පෙන්වීම සඳහා මෙම නර්තනය ඉදිරිපත් කරනවා ගෙවුණු වසර 100ක කාලය තුළ මු(ආ)යි තායි සටන් කලාව ක්‍රම ක්‍රමයෙන් ලොව පුරා ප්‍රචලිත වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව විදේශිකයින් මෙය “සියම් බොක්සිං” ලෙස හැඳින්වුවා. ඉන්පසුව මෙහි නීති විධිමත්ව සකස් කළ අතර ක්‍රීඩාවක් ලෙස ස්ථාපිත කළා. මෙම සටන් ශිල්පය ක්‍රමයෙන් ක්‍රීඩාවක් ලෙස දියුණු වෙත්ම එහි පැරණි සටන් ක්‍රම වල වෙනස්කම්ද සිදු වුණා. මෙහිදී භාවිතා වන අත්මේස් බොක්සිං ක්‍රීඩාවේදි යොදා ගන්නා ඒවාට සමානයි. මු(ආ)යි තායි ක්‍රීඩාවේ නව නීති වලට අනුව එක් තරඟ වටයක් තරඟ වාර පහකට බෙදා තිබෙනවා. එක් එක් තරඟ වාරයකට නියමිත කාලයක්ද තිබෙනවා. වර්තමානයේදී මුආයි තායි ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර එය ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙසත් පිළිගනු ලැබුවා. [COLOR=rgb(184, 49, 47)][B][SIZE=3]"THIS IS A COPIED POST AND ALL CREDIT BELONGS TO THE RESPECTIVE OWNER"[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom