Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NASA_බොරුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘කියුරියොසිටි’ අඟහරුගේ ජීවය සොයා යැවූවක් නෙමෙයි

ලොව සියලු ම දෙනා කුතුහලයෙන් අළලමින් හා අභ්‍යවකාශ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරවමින් ගමනේ යෙදුණු ‘කුතුහලයේ යානය’ සිය ගමනාන්තය කරා ළඟා වී ඇත. එනම් නාසා ආයතනය විසින් අභ්‍යවකාශගත කෙරුණු අති නවීනතම පර්යේෂණ රොබෝව කියුරියොසිටි රෝවරය (Curiosity Rover) අගෝස්තු මස හය වැනි දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ. ව. 11ට පමණ අඟහරු ග්‍රහයා වෙත ළඟා විය.

අභ්‍යවකාශ ඉතිහාසයේ වෙනත් ග්‍රහලෝකයක් වෙත මෙතෙක් යෑවුණු විශාලතම වූ ද, විශාලතම ධනස්කන්ධයක් වැය කොට ඉදි කෙරුණා වූ ද පර්යේෂණ රොබෝව සතු ව ඉලක්ක කිහිපයක් වේ.

අඟහරු ග්‍රහයා ගේ දේශගුණික හා භූගෝලීය තත්ත්වයන් වැඩිදුර හැදැරීම, අනාගතයේ දී මිනිසකු යෑවීම සඳහා ඇති හැකියාවන් පිරික්සීම හා මාධ්‍ය ම`ගින් වාර්තා වී ඇති පරිදි ජීවය ඇති දැයි සොයා බැලීම හැරුණු විට අපේ එනම් පෘථිවියේ පාරම්පරික වංශ කථාවේ අක් මුල් සොයා යැම ද මේ අතරින් ප්‍රධාන කොට සැලකිය හැකි ය.

අප දන්නා තරමින් කවර ම දාක හෝ මිනිසකු ගොඩ නො බට අඟහරු ග්‍රහයා වෙත ගොස්, පාරම්පරික වතගොත සොයනු කෙසේ දැයි දැන් ඔබට සිතෙන්නට බැරි නැත. එසේ සිතුව ද වැරැදි නැත. මන්ද පාසලේ දී පෘථිවිය මත ජීවයේ සම්භවය ඉගෙන ගනිද්දී අප හුදෙක් උගත්තේ ඩාවින් ගේ පරිණාමවාදයයි. එනම් මින් වසර බිලියන හතරකට ඉහත ඈත එපිට දවසක පෘථිවියේ කොහේ හෝ පුංචි ‘උණුසුම් දිය පොකුණක’ තිබුණු රසායන අණු අතර අහම්බයක් ව සිදු වුණු ප්රතික්රියාවලියකින් ජීවය ඇති වුණු බවයි.

එහෙත් ලොව පිළිගැනුණ මේ මතයෙන් බැහැර ව පෘථිවිය මත ජීවය ඇති වීම සම්බන්ධව අභියෝගාත්මක නව මතයක් සාපේක්ෂව මෑතක දී පහළ විය.

පෑන්ස්පර්මියා (Panspermia) නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන මේ මතයට අනුව පෘථිවියට ජීවය ලැබුණේ අභ්‍යවකාශයෙනි. නැත හොත් පිටසක්වළෙනි.

පිටසක්වළින් ජීවය ලැබුණු බවට කෙරුණු මේ මතය සැලකිය යුතු කාලයක් පුරා විවාදාත්මකව පැවතුණක් වන අතර 1970 දශකයේ මුල් අවධියේ දී සුප්‍රකට තාරකා විද්‍යාඥයන් දෙපළක් වන බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ෆෙඩ්රික් හොයිල් සහ ශ්‍රී ලාංකික මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන් විසින් සිදු කරනු ලැබූ දහසකුත් එකක් නිරීක්ෂණයන්, පර්යේෂණයන් හා විග්රහ කිරීම් මෙම මතය ශක්තිමත් කරන්නට ඉමහත් දායකත්වයක් සපයා දුනි.

පසුගිය වසර බිලියන හතරක කාලාන්තරයක් ඇතුළත ජීවය පරිණාමයකට ලක් විය හැකි බව පිළිගන්නා නමුදු ඔවුන් කියා සිටින්නේ අද පවත්නා උසස් ජාන සැලසුම්කරණයකින් යුක්ත වූ ජීවය හුදෙක් අහම්බයක් ව, ඒක සෛලිකව ඇති වුණු ජීව ආකාරයකින් බිහි වූවක් බව පැවසීම නම් අසීරු බව ය.

එසේ ම ශ්‍රීමත් හොයිල් සහ මහාචාර්ය වික්‍රමසිංහයන් විසින් 1970 දශකයේ දී කරන ලද යෝජනාවලින් අයිස් හා ජලයෙන් සුසැදි වල්ගාතරු මගින් නිරන්තරයෙන් ක්ෂුද්‍ර ආකාරයේ ජීවය අභ්‍යවකාශය හරහා ප්‍රවාහනය කෙරෙන බව අවධාණය වී ඇත. මේ අනුව මහාචාර්ය වික්‍රමසිංහයන් කියා සිටින්නේ පළමුවෙන් ම ජීවය පිටසක්වළින් පෘථිවිය වෙත පැමිණියේ නම්, එලෙස ම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝක කරා ද, වෙනත් සෞරග්‍රහ මණ්ඩලවලට අයත් ග්‍රහලෝක කරා ද, වෙනත් චක්‍රාවාට (Galaxy) කරා ද මේ ජීවය ව්‍යාප්ත ව තිබීමේ හැකියාව බැහැර කළ නොහැක්කක් බවය.

මේ අනුව අභ්‍යවකාශ ඉතිහාසයේ මෙතෙක් විසඳාගත නොහැකි ව තිබුණු ප්‍රහේලිකාවක් විසඳීමට කියුරියොසිටි පර්යේෂණ රොබෝව සමත් වේ ද? මෙවිසින් විසඳෙනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි දේවලට ඇති පදනම කුමක් දැයි කිසිවකු ගේ සිතක කුතුහලයක් ඇති වන්නේ නම් එය අසාධාරණ නැත.

එහෙයින් අභ්‍යවකාශ ජීව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් මෙදෙස බලා සිදු කළ හැකි විචාරය විමසා බලනු වස් මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන් හමු වීමට තීරණය කළෙමු. මහාචාර්ය වික්‍රමසිංහ දැනට එක්සත් රාජධානියේ බකිංහැම් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත අභ්‍යවකාශ ජීව විද්‍යාව (Astrobiology) පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ධුරය හොබවයි.

ප්රශ්නය (- මහාචාර්යතුමනි, පළමුවෙන් ම පෘථිවියේ ඇති ජීවය පිටසක්වළින් ආ බවට කෙරී ඇති යෝජනාවට ඇති පදනම කුමක් දැයි විස්තර කළ හැකි ද?

පිළිතුර – මීට වසර බිලියන හතරකට ඉහත දී වල්ගාතරු වැස්සක් පෘථිවිය මත පතිත වූ බව ද, ඒ වල්ගා තරු වර්ෂාවත් සමඟ පොළොවට පතනය වූ ජලය මඟින් පෘථිවිය මත සාගර ඇති වූ බව ද, ක්ෂුද්‍ර ආකාරයේ ජීවය පෘථිවිය මත ඇති වූයේ මේ වකවානුවේ ම බව ද භූ ගර්භ රසායන විද්‍යා අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා.

එම වල්ගාතරු වර්ෂාව අභ්‍යවකාශයේ සිදු වුණු අවස්ථාවේ දී ම එම ක්ෂුද්‍ර ආකාරයේ ජීවය අපේ පෘථිවිය හැරුණු විට අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් අන් ග්‍රහලෝක කරා ද ගමන් කළා විය හැකියි. නමුත් එම ග්‍රහලෝකවල ජීවය පැවතීමේ හිතකර තත්ත්ව නො තිබුණා නම් එලෙස ඇතුළු වුණු ජීවය මිය යන්නට ඇතැයි සිතිය හැකියි.

කෙසේ වුවත් එසේ ඇතුළු වුණු ජීවය කිසියම් ආකාරයක පැවැත්මකට ලක් වූයේ නම් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අන් සියලු ම ග්‍රහලෝක අතරින් ඒ සඳහා සුදුසු ම ග්‍රහලෝකය ලෙස හඳුන්වන්නට හැකි වන්නේ අඟහරු ග්‍රහයායි.

ප්රශ්නය – පසුගිය කාලයේ දී බොහෝ බුද්ධිමත් ජීව ආකාර අඟහරු තුළ ජීවත් විය හැකි බවට විශ්වාස කෙරුණා නේ ද?

පිළිතුර – ඔව්, මෙවන් අනුමාන කිරීම්වලට හේතු වූයේ මීට සියවසකට පමණ ඉහත ගත් ඡායාරූපවලින් පෙන්නුම් කළ දේ. උදාහරණයක් ලෙස එම ඡායාරූපවලින් පෙන්නුම් කළ අඳුරු පැහැති කොටස් තුරුලතා නියෝජනය කරන බවටත්, ඒ හැරුණු විට ඇළ මාර්ග පද්ධතීන් පෙන්නුම් කෙරෙන බවටත් මත ඉදිරිපත් කෙරුණා. නමුත්, වර්ෂ 1962-1973 කාලවකවානුව ඇතුළත දී තාක්ෂණයෙන් වඩාත් දියුණු මැරිනර් (Mariner) පර්යේෂණ යානාව විසින් ගන්නා ලද ඡායාරූප, අඟහරු මත ඇතැයි සිතූ තුරුලතා හා ඇළ මාර්ග පද්ධතීන් පිළිබඳ යෝජනා ප්‍රතික්ෂේප කරමින් අඟහරු ගේ මතුපිට පෘෂ්ඨය ආවාට (Craters)වලින් ආවරණය වී ඇති බව ද, ගිනිකඳුවල ක්‍රියාකාරකම් බහුල අඟහරු මත නිරන්තරයෙන් දූවිලි කුණාටු ඇති බව ද සනාථ කළා. මේ අනුව අභ්‍යවකාශ විද්‍යාඥයන් ගේ සිත් තුළ අඟහරු මත බුද්ධි මට්ටමෙන් බොහෝ ඉහළ තත්ත්වයක සිටින ජීව ආකාර පිළිබඳ සිහිනය බොඳ වී ගිය නමුත් කිසියම් ආකාරයක ජීවයක් නො තිබිය හැකි නො වේ ය යන බලාපොරොත්තුව උපදින්නට වුණා. එනම් බැක්ටීරීයා, ඇල්ගී හා දිලීර ආකාරයේ ජීවයක් පිළිබඳ බලාපොරොත්තු ඇති වුණා.

ප්රශ්නය – එසේ නම් ක්ෂුද්‍ර ආකාරයේ ජීවය පැවතීමට සුදුසු හිතකර තත්ත්වයන් අඟහරු ග්‍රහයා සතු ද?

පිළිතුර – අඟහරු ගේ වායුගෝලය 95%ක් කාබන් ඩයොක්සයිඩ්, 3%ක් ආගන්, 1.5%ක් නයිට්රජන්, 0.15%ක් ඔක්සිජන් යන වායුන්වලින් ද, සුළු ප්‍රමාණයක් ජලයෙන් ද සමන්විත වනවා. සමස්තයක් වශයෙන් මතුපිට වායුගෝලීය පීඩනය පෘථිවියේ මතුපිට වායුගෝලීය පීඩනයෙන් සියයට එකක් පමණ වීම හේතුවෙන් අඟහරු සතු ව ඇත්තේ බොහෝ ම තුනී වායුගෝලයක්. මේ නිසා විකිරණවලින් අඟහරු ලබන ආරක්ෂාව බොහෝ ම දුර්වලයි. මේ අනුව ජීවයක පැවැත්ම උදෙසා පැවතිය යුතු භෞතික හා පාරිසරික සාධක අඟහරු මත සීමා සහිත බවකුයි පෙනී යන්නේ. නමුත් බොහෝ ගැඹුරු සාගර පතුල, සල්ෆියුරික් අම්ලයෙන් ඉතා පොහොසත් උල්පත්, අධි ලවණ සාන්ද්‍රණයෙන් යුතු මළ මුහුද, ඇන්ටාටිකාවේ වියළි නිම්නයන් හා විකිරණශීලී අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථාන ආදී පෘථිවිය මත ක්ෂුද්රජීවී පැවැත්ම සනාථ වී ඇති ස්ථාන සලකා බැලෙන කළ අඟහරු මත දැඩි සූර්ය විකිරණවලට එක එල්ලේ ම නිරාවරණය නො වන ආවරණිත ස්ථානවල ක්ෂුද්‍ර ආකාරයේ ජීවය හමු වීමේ ඉහළ හැකියාවක් පවතින බව කිව හැකියි.

ප්රශ්නය – අඟහරු වෙත මෙතෙක් යෑවුණු පර්යේෂණ යානා මගින් ජීවය ඇති බවට සනාථ වී නැති ද?

පිළිතුර (- වර්ෂ 1976 දී අඟහරු වෙත යෑවුණු වයිකිං 1 හා 2 (Viking) යානාවල ප්‍රධාන ඉලක්කය වූයේ අඟහරු මත ක්ෂුද්‍ර ආකාරයේ ජීවය පිළිබඳ පරීක්ෂා කිරීමයි. අඟහරු ගෙන් ලබා ගැනුණු පස් නියෑදි එහි දී ම පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය අංගෝපාංගවලින් වයිකිං ආම්පන්න ව සිටි අතර අනුමානය වූයේ අඟහරු මත වසන කිසියම් ක්ෂුද්‍ර ජීවී ආකාරයක් සිටී නම් ඔවුන් ගේ පරිවෘත්තීය ක්‍රියාවලි පෘථිවිවාසී ක්ෂුද්රජීවීන් ගේ පරිවෘත්තීය ක්‍රියාවලිවලට ම සමාන වේ ය යන්නයි. මේ අනුව එම පස් නියෑදි විවිධාකාර වූ රසායනික පරීක්ෂාවලට ලක් කෙරුණු අතර පරීක්ෂණවලින් බලාපොරොත්තු වූ ආකාරයට ම අඟහරු පස කාබන් ඩයොක්සයිඩ් පිට කළා. නමුත් පරීක්ෂණවලින් පසුව එම පස් නියෑදිවල දකින්නට බලාපොරොත්තු වූ කාබනික ද්‍රව්‍ය නම් දකින්නට තිබුණේ නැහැ.

මේ අනුව දැක ගත හැකි වූ කාබන්ඩයොක්සයිඩ් වායුවට හේතුව ලෙස නිගමනය වූයේ බලාපොරොත්තු වූ සාමාන්‍ය ජීව ක්‍රියාවලියෙන් බැහැර වූ වෙනත් හේතුවක් නිසා එය සිදු වූ බවයි. එනම් අඟහරු පස, පෘථිවි පසට වඩා වෙනස් වූ ‘සුපිරි ආකාරයේ ඔක්සිකාරකයක්’ (Superoxidant) බවත්, මේ අනුව අඟහරු මත ජීවය ඇති ද යන්න සහතික වශයෙන් කිව නොහැකි බවත් නාසා ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා. නමුත් වර්ෂ 1986 දී නැවත විමසා බැලුණු වයිකිං දත්තවල ද, තවදුරටත් කෙරුණු රසායනාගාර පර්යේෂණවල ද එකතුව විසින් පළමුව කළ නිගමනය වෙනස් කර අඟහරු මත ප්‍රාථමික ආකාරයේ ජීවය ඇති බව ප්‍රකාශ කෙරුණා. තවදුරටත්, මේ ප්‍රාථමික ආකාරයේ ජීව ආකාරවල පැවැත්ම වඩාත් ම බලාපොරොත්තු විය හැක්කේ අඟහරු ගේ මතුපිට පෘෂ්ඨයට වහා ම යටින් පිහිටා ඇති නෙරීම් තුළ විය හැකි බවත් ප්‍රකාශ වුණා.

මෙලෙස, නිගමනය පසුව වෙනස් වීමට හේතුව ලෙස දැක්වූයේ වර්ෂ 1976 වන තුරු ඇන්ටාක්ටිකාවේ වියළි නිම්නවලින් සොයාගැනුණ බැක්ටීරියා වයිකිං තුළ කෙරුණු ආකාරයේ ම පර්යේෂණවලට භාජන කර නො තිබීමයි. එසේ කෙරුණු කල ලැබුණු ප්‍රතිඵල අඟහරු පස පරීක්ෂා කිරීමෙන් ලද ප්‍රතිඵලවලට අතිශයින් ම සමාන වුණා.

ප්රශ්නය – එසේ නම් නාසා ආයතනය අඟහරු මත ක්ෂුද්‍ර ආකාරයේ ජීවය ඇති බවට එදා ලැබුණු සාක්ෂි කිසියම් වසන් කිරීමකට ලක් කර තිබෙනවා ද?

පිළිතුර – ඔව්. එක්තරා ආකාරයකට. වයිකිං ව්‍යාපෘතියේ ප්‍රධාන ගවේශක ගිල් ලෙවින් (Gil Levin) අදටත් කියා සිටින්නේ ක්‍රියාකාරී ජීවය අඟහරු මත පවතින බවට එදා ලැබුණු සාක්ෂි ඉතා ම අවාසනාවන්ත ලෙස බැහැර කෙරුණු බවයි. ඒ වගේ ම අද දක්වා ම අඟහරු වෙත යෑවුණු පර්යේෂණ යානා එකක හෝ අඟහරු මත ජීවය හඳුනා ගැනීමේ පර්යේෂණ සෘජු ව ම ඇතුළත් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් වර්ෂ 1976න් පසුව අඟහරු වෙත යෑවුණු පර්යේෂණ යානාවලින් කෙරුණු පර්යේෂණ මඟින් අඟහරු ගේ මතුපිට පෘෂ්ඨයට යටින් ජලය ඇති බවටත්, වියෑළුණු ගංගා ඇති බවටත්, වායුගෝලයේ ඉහළ කලාපයේ මීතේන් ඇති බවටත් නැත හොත් මේ සියල්ලේ ම එකතුව යනු අඟහරු මත තවමත් ක්ෂුද්‍ර ආකාරයේ ජීවය පැවතිය හැකි බවටත් නිගමනය වී තිබෙනවා.

ප්රශ්නය – මෑතක දී පොළොවට කඩා වැටුණු උල්කාෂ්මයක් (meteorite) ම`ගින් අඟහරු මත ජීවය ඇති බව තහවුරු වුණා නේ ද?

පිළිතුර – ඔව්. පසුගිය වසරේ ජූලි 18 වැනි දා මොරොක්කෝවේ කාන්තාරයකට උල්කාෂ්මයක් කඩා වැටුණා. මොරොක්කෝවේ ටිසින්ට් (Tissint) නමැති ගම්මානය අසලට කඩා වැටීම නිසා එය හඳුන්වනු ලැබුවේ ටිසින්ට් උල්කාෂ්මය (Tissint meteorite)) නමින්. එය ග්රහකයක් (Asteroid) හෝ වල්ගාතරුවක් (Comet) වැදීම නිසා වසර මිලියන ගණනාවකට ඉහත අඟහරු ගෙන් ගැලවී ගිය පාෂාණ කැබැල්ලක්. එම පාෂාණ කැබැල්ල පසුගිය දා මවිසින් මෙහෙයවනු ලැබූ පර්යේෂණ කණ්ඩායමක් විසින් පර්යේෂණයට ලක් කළා. එහි දී එම පාෂාණ කැබැල්ලේ ක්ෂුද්‍ර ආකාරයේ ජීවය ඇති බවට සාක්ෂි පෙන්නුම් වුණා. එය පොළොවට පතනය වු වහා ම අහුලාගත් බැවින් පෘථිවියට වැටුණු පසු ඒ තුළට ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වූවා ද යන සැකය ද බැහැර කරන්නට පුළුවන්.

ප්රශ්නය – හොඳයි. කියුරියොසිටි රෝවරය මගින් ක්ෂුද්‍ර ආකාරයේ හෝ කිසියම් ආකාරයක ජීවය සොයා ගැනුණ හොත්, එම ජීවය කෙතරම් පැරැණි දැයි කීමේ හැකියාවක් කියුරියොසිටි රෝවරය සතු ව පවතිනවා ද?

පිළිතුර – අවාසනාවකට මෙන් නැහැ. කියුරියොසිටි රෝවරය සතු ව ජීව ආකාර සෘජු ව ම හඳුනා ගැනීමේ සෘජු ගවේෂණ හෝ පර්යේෂණ පහසුකම් නැහැ.

නමුත්, අඟහරු පසෙහි සිදු කරනු ලබන රසායනික පර්යේෂණවල ප්‍රතිඵල විග්රහ කිරීම් තුළින් අතීතයේ ජීවය පැවතුණා නම් වක්‍රාකාරව ඒ බවට සාක්ෂි සොයා ගන්නට පුළුවන්. ඒ වගේ ම ටිසින්ට් උල්කාෂ්මයේ හෝ ALH 84001 යනුවෙන් නම් කරනු ලැබූ උල්කාෂ්මයේ හමු වූවාක් වැනි ෆොසිල ආකාරයෙන් වන පුරාතන ක්ෂුද්‍ර ජීවී ආකාර ඇති බවට සාක්ෂි අඟහරු ගේ පාෂාණ අතර හෝ ගල් යට හමු විය හැකියි. නමුත්, කියුරියොසිටි රෝවරය වයිකිං තරමට ම අඟහරු මත ජීවය සොයා ගැනීම සඳහා ම සෘජු ව ම වෙන් වූවක් නො වෙයි.

ප්රශ්නය – නමුත් අඟහරු මත ජීවය සෙවීම කියුරියොසිටි රෝවරය සතු ප්‍රධාන ඉලක්කයක් ලෙස නේ ද ප්‍රචාරය වී තිබෙන්නේ?

පිළිතුර – ඔව්. මේ වන විට ලොවේ ම කුතුහලය, අවධානය ඇද ගැනීමට කියුරියොසිටි රෝවරය සමත් වී තිබෙනවා. කියුරියොසිටි රෝවර පර්යේෂණ රෝබෝවේ ප්‍රධාන ඉලක්කය වන්නේ අඟහරු ගේ දේශගුණය හා පාෂාණ පරීක්ෂා කිරීම යෑයි පැවසුවේ නම් මේ තරම් මහජන අවධානයක් ලැබේ යෑයි මා හිතන්නේ නැහැ.

එක්සත් රාජධානියේ බකිංහැම් තාරකා ජීව විද්‍යා (Astrobiology) මධ්‍යස්ථානයේ අධ්යක්ෂ, බකිංහැම් විශ්වවිද්‍යාලයයේ සහ කාඩිෆ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.

මදාරා සරසි ද සිල්වා / Vidusara

[QUOTE="dxx, post: 13191128, member: 386171"] [COLOR="Black"][SIZE="5"][B]‘කියුරියොසිටි’ අඟහරුගේ ජීවය සොයා යැවූවක් නෙමෙයි[/B][/SIZE][/COLOR] [IMG]http://regmedia.co.uk/2012/08/07/curiosity_nasa.jpg[/IMG] [IMG]http://images.freshnessmag.com/wp-content/uploads//2012/08/nasa-NASA-curiosity-mars-rover-00.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]ලොව සියලු ම දෙනා කුතුහලයෙන් අළලමින් හා අභ්‍යවකාශ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරවමින් ගමනේ යෙදුණු ‘කුතුහලයේ යානය’ සිය ගමනාන්තය කරා ළඟා වී ඇත. එනම් නාසා ආයතනය විසින් අභ්‍යවකාශගත කෙරුණු අති නවීනතම පර්යේෂණ රොබෝව කියුරියොසිටි රෝවරය (Curiosity Rover) අගෝස්තු මස හය වැනි දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ. ව. 11ට පමණ අඟහරු ග්‍රහයා වෙත ළඟා විය. අභ්‍යවකාශ ඉතිහාසයේ වෙනත් ග්‍රහලෝකයක් වෙත මෙතෙක් යෑවුණු විශාලතම වූ ද, විශාලතම ධනස්කන්ධයක් වැය කොට ඉදි කෙරුණා වූ ද පර්යේෂණ රොබෝව සතු ව ඉලක්ක කිහිපයක් වේ. අඟහරු ග්‍රහයා ගේ දේශගුණික හා භූගෝලීය තත්ත්වයන් වැඩිදුර හැදැරීම, අනාගතයේ දී මිනිසකු යෑවීම සඳහා ඇති හැකියාවන් පිරික්සීම හා මාධ්‍ය ම`ගින් වාර්තා වී ඇති පරිදි ජීවය ඇති දැයි සොයා බැලීම හැරුණු විට අපේ එනම් පෘථිවියේ පාරම්පරික වංශ කථාවේ අක් මුල් සොයා යැම ද මේ අතරින් ප්‍රධාන කොට සැලකිය හැකි ය. අප දන්නා තරමින් කවර ම දාක හෝ මිනිසකු ගොඩ නො බට අඟහරු ග්‍රහයා වෙත ගොස්, පාරම්පරික වතගොත සොයනු කෙසේ දැයි දැන් ඔබට සිතෙන්නට බැරි නැත. එසේ සිතුව ද වැරැදි නැත. මන්ද පාසලේ දී පෘථිවිය මත ජීවයේ සම්භවය ඉගෙන ගනිද්දී අප හුදෙක් උගත්තේ ඩාවින් ගේ පරිණාමවාදයයි. එනම් මින් වසර බිලියන හතරකට ඉහත ඈත එපිට දවසක පෘථිවියේ කොහේ හෝ පුංචි ‘උණුසුම් දිය පොකුණක’ තිබුණු රසායන අණු අතර අහම්බයක් ව සිදු වුණු ප්රතික්රියාවලියකින් ජීවය ඇති වුණු බවයි. එහෙත් ලොව පිළිගැනුණ මේ මතයෙන් බැහැර ව පෘථිවිය මත ජීවය ඇති වීම සම්බන්ධව අභියෝගාත්මක නව මතයක් සාපේක්ෂව මෑතක දී පහළ විය. පෑන්ස්පර්මියා (Panspermia) නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන මේ මතයට අනුව පෘථිවියට ජීවය ලැබුණේ අභ්‍යවකාශයෙනි. නැත හොත් පිටසක්වළෙනි. පිටසක්වළින් ජීවය ලැබුණු බවට කෙරුණු මේ මතය සැලකිය යුතු කාලයක් පුරා විවාදාත්මකව පැවතුණක් වන අතර 1970 දශකයේ මුල් අවධියේ දී සුප්‍රකට තාරකා විද්‍යාඥයන් දෙපළක් වන බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ෆෙඩ්රික් හොයිල් සහ ශ්‍රී ලාංකික මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන් විසින් සිදු කරනු ලැබූ දහසකුත් එකක් නිරීක්ෂණයන්, පර්යේෂණයන් හා විග්රහ කිරීම් මෙම මතය ශක්තිමත් කරන්නට ඉමහත් දායකත්වයක් සපයා දුනි. පසුගිය වසර බිලියන හතරක කාලාන්තරයක් ඇතුළත ජීවය පරිණාමයකට ලක් විය හැකි බව පිළිගන්නා නමුදු ඔවුන් කියා සිටින්නේ අද පවත්නා උසස් ජාන සැලසුම්කරණයකින් යුක්ත වූ ජීවය හුදෙක් අහම්බයක් ව, ඒක සෛලිකව ඇති වුණු ජීව ආකාරයකින් බිහි වූවක් බව පැවසීම නම් අසීරු බව ය. එසේ ම ශ්‍රීමත් හොයිල් සහ මහාචාර්ය වික්‍රමසිංහයන් විසින් 1970 දශකයේ දී කරන ලද යෝජනාවලින් අයිස් හා ජලයෙන් සුසැදි වල්ගාතරු මගින් නිරන්තරයෙන් ක්ෂුද්‍ර ආකාරයේ ජීවය අභ්‍යවකාශය හරහා ප්‍රවාහනය කෙරෙන බව අවධාණය වී ඇත. මේ අනුව මහාචාර්ය වික්‍රමසිංහයන් කියා සිටින්නේ පළමුවෙන් ම ජීවය පිටසක්වළින් පෘථිවිය වෙත පැමිණියේ නම්, එලෙස ම අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝක කරා ද, වෙනත් සෞරග්‍රහ මණ්ඩලවලට අයත් ග්‍රහලෝක කරා ද, වෙනත් චක්‍රාවාට (Galaxy) කරා ද මේ ජීවය ව්‍යාප්ත ව තිබීමේ හැකියාව බැහැර කළ නොහැක්කක් බවය. මේ අනුව අභ්‍යවකාශ ඉතිහාසයේ මෙතෙක් විසඳාගත නොහැකි ව තිබුණු ප්‍රහේලිකාවක් විසඳීමට කියුරියොසිටි පර්යේෂණ රොබෝව සමත් වේ ද? මෙවිසින් විසඳෙනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි දේවලට ඇති පදනම කුමක් දැයි කිසිවකු ගේ සිතක කුතුහලයක් ඇති වන්නේ නම් එය අසාධාරණ නැත. එහෙයින් අභ්‍යවකාශ ජීව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් මෙදෙස බලා සිදු කළ හැකි විචාරය විමසා බලනු වස් මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන් හමු වීමට තීරණය කළෙමු. මහාචාර්ය වික්‍රමසිංහ දැනට එක්සත් රාජධානියේ බකිංහැම් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත අභ්‍යවකාශ ජීව විද්‍යාව (Astrobiology) පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ධුරය හොබවයි. ප්රශ්නය (- මහාචාර්යතුමනි, පළමුවෙන් ම පෘථිවියේ ඇති ජීවය පිටසක්වළින් ආ බවට කෙරී ඇති යෝජනාවට ඇති පදනම කුමක් දැයි විස්තර කළ හැකි ද? පිළිතුර – මීට වසර බිලියන හතරකට ඉහත දී වල්ගාතරු වැස්සක් පෘථිවිය මත පතිත වූ බව ද, ඒ වල්ගා තරු වර්ෂාවත් සමඟ පොළොවට පතනය වූ ජලය මඟින් පෘථිවිය මත සාගර ඇති වූ බව ද, ක්ෂුද්‍ර ආකාරයේ ජීවය පෘථිවිය මත ඇති වූයේ මේ වකවානුවේ ම බව ද භූ ගර්භ රසායන විද්‍යා අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා. එම වල්ගාතරු වර්ෂාව අභ්‍යවකාශයේ සිදු වුණු අවස්ථාවේ දී ම එම ක්ෂුද්‍ර ආකාරයේ ජීවය අපේ පෘථිවිය හැරුණු විට අපේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් අන් ග්‍රහලෝක කරා ද ගමන් කළා විය හැකියි. නමුත් එම ග්‍රහලෝකවල ජීවය පැවතීමේ හිතකර තත්ත්ව නො තිබුණා නම් එලෙස ඇතුළු වුණු ජීවය මිය යන්නට ඇතැයි සිතිය හැකියි. කෙසේ වුවත් එසේ ඇතුළු වුණු ජීවය කිසියම් ආකාරයක පැවැත්මකට ලක් වූයේ නම් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අන් සියලු ම ග්‍රහලෝක අතරින් ඒ සඳහා සුදුසු ම ග්‍රහලෝකය ලෙස හඳුන්වන්නට හැකි වන්නේ අඟහරු ග්‍රහයායි. ප්රශ්නය – පසුගිය කාලයේ දී බොහෝ බුද්ධිමත් ජීව ආකාර අඟහරු තුළ ජීවත් විය හැකි බවට විශ්වාස කෙරුණා නේ ද? පිළිතුර – ඔව්, මෙවන් අනුමාන කිරීම්වලට හේතු වූයේ මීට සියවසකට පමණ ඉහත ගත් ඡායාරූපවලින් පෙන්නුම් කළ දේ. උදාහරණයක් ලෙස එම ඡායාරූපවලින් පෙන්නුම් කළ අඳුරු පැහැති කොටස් තුරුලතා නියෝජනය කරන බවටත්, ඒ හැරුණු විට ඇළ මාර්ග පද්ධතීන් පෙන්නුම් කෙරෙන බවටත් මත ඉදිරිපත් කෙරුණා. නමුත්, වර්ෂ 1962-1973 කාලවකවානුව ඇතුළත දී තාක්ෂණයෙන් වඩාත් දියුණු මැරිනර් (Mariner) පර්යේෂණ යානාව විසින් ගන්නා ලද ඡායාරූප, අඟහරු මත ඇතැයි සිතූ තුරුලතා හා ඇළ මාර්ග පද්ධතීන් පිළිබඳ යෝජනා ප්‍රතික්ෂේප කරමින් අඟහරු ගේ මතුපිට පෘෂ්ඨය ආවාට (Craters)වලින් ආවරණය වී ඇති බව ද, ගිනිකඳුවල ක්‍රියාකාරකම් බහුල අඟහරු මත නිරන්තරයෙන් දූවිලි කුණාටු ඇති බව ද සනාථ කළා. මේ අනුව අභ්‍යවකාශ විද්‍යාඥයන් ගේ සිත් තුළ අඟහරු මත බුද්ධි මට්ටමෙන් බොහෝ ඉහළ තත්ත්වයක සිටින ජීව ආකාර පිළිබඳ සිහිනය බොඳ වී ගිය නමුත් කිසියම් ආකාරයක ජීවයක් නො තිබිය හැකි නො වේ ය යන බලාපොරොත්තුව උපදින්නට වුණා. එනම් බැක්ටීරීයා, ඇල්ගී හා දිලීර ආකාරයේ ජීවයක් පිළිබඳ බලාපොරොත්තු ඇති වුණා. ප්රශ්නය – එසේ නම් ක්ෂුද්‍ර ආකාරයේ ජීවය පැවතීමට සුදුසු හිතකර තත්ත්වයන් අඟහරු ග්‍රහයා සතු ද? පිළිතුර – අඟහරු ගේ වායුගෝලය 95%ක් කාබන් ඩයොක්සයිඩ්, 3%ක් ආගන්, 1.5%ක් නයිට්රජන්, 0.15%ක් ඔක්සිජන් යන වායුන්වලින් ද, සුළු ප්‍රමාණයක් ජලයෙන් ද සමන්විත වනවා. සමස්තයක් වශයෙන් මතුපිට වායුගෝලීය පීඩනය පෘථිවියේ මතුපිට වායුගෝලීය පීඩනයෙන් සියයට එකක් පමණ වීම හේතුවෙන් අඟහරු සතු ව ඇත්තේ බොහෝ ම තුනී වායුගෝලයක්. මේ නිසා විකිරණවලින් අඟහරු ලබන ආරක්ෂාව බොහෝ ම දුර්වලයි. මේ අනුව ජීවයක පැවැත්ම උදෙසා පැවතිය යුතු භෞතික හා පාරිසරික සාධක අඟහරු මත සීමා සහිත බවකුයි පෙනී යන්නේ. නමුත් බොහෝ ගැඹුරු සාගර පතුල, සල්ෆියුරික් අම්ලයෙන් ඉතා පොහොසත් උල්පත්, අධි ලවණ සාන්ද්‍රණයෙන් යුතු මළ මුහුද, ඇන්ටාටිකාවේ වියළි නිම්නයන් හා විකිරණශීලී අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථාන ආදී පෘථිවිය මත ක්ෂුද්රජීවී පැවැත්ම සනාථ වී ඇති ස්ථාන සලකා බැලෙන කළ අඟහරු මත දැඩි සූර්ය විකිරණවලට එක එල්ලේ ම නිරාවරණය නො වන ආවරණිත ස්ථානවල ක්ෂුද්‍ර ආකාරයේ ජීවය හමු වීමේ ඉහළ හැකියාවක් පවතින බව කිව හැකියි. ප්රශ්නය – අඟහරු වෙත මෙතෙක් යෑවුණු පර්යේෂණ යානා මගින් ජීවය ඇති බවට සනාථ වී නැති ද? පිළිතුර (- වර්ෂ 1976 දී අඟහරු වෙත යෑවුණු වයිකිං 1 හා 2 (Viking) යානාවල ප්‍රධාන ඉලක්කය වූයේ අඟහරු මත ක්ෂුද්‍ර ආකාරයේ ජීවය පිළිබඳ පරීක්ෂා කිරීමයි. අඟහරු ගෙන් ලබා ගැනුණු පස් නියෑදි එහි දී ම පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය අංගෝපාංගවලින් වයිකිං ආම්පන්න ව සිටි අතර අනුමානය වූයේ අඟහරු මත වසන කිසියම් ක්ෂුද්‍ර ජීවී ආකාරයක් සිටී නම් ඔවුන් ගේ පරිවෘත්තීය ක්‍රියාවලි පෘථිවිවාසී ක්ෂුද්රජීවීන් ගේ පරිවෘත්තීය ක්‍රියාවලිවලට ම සමාන වේ ය යන්නයි. මේ අනුව එම පස් නියෑදි විවිධාකාර වූ රසායනික පරීක්ෂාවලට ලක් කෙරුණු අතර පරීක්ෂණවලින් බලාපොරොත්තු වූ ආකාරයට ම අඟහරු පස කාබන් ඩයොක්සයිඩ් පිට කළා. නමුත් පරීක්ෂණවලින් පසුව එම පස් නියෑදිවල දකින්නට බලාපොරොත්තු වූ කාබනික ද්‍රව්‍ය නම් දකින්නට තිබුණේ නැහැ. මේ අනුව දැක ගත හැකි වූ කාබන්ඩයොක්සයිඩ් වායුවට හේතුව ලෙස නිගමනය වූයේ බලාපොරොත්තු වූ සාමාන්‍ය ජීව ක්‍රියාවලියෙන් බැහැර වූ වෙනත් හේතුවක් නිසා එය සිදු වූ බවයි. එනම් අඟහරු පස, පෘථිවි පසට වඩා වෙනස් වූ ‘සුපිරි ආකාරයේ ඔක්සිකාරකයක්’ (Superoxidant) බවත්, මේ අනුව අඟහරු මත ජීවය ඇති ද යන්න සහතික වශයෙන් කිව නොහැකි බවත් නාසා ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා. නමුත් වර්ෂ 1986 දී නැවත විමසා බැලුණු වයිකිං දත්තවල ද, තවදුරටත් කෙරුණු රසායනාගාර පර්යේෂණවල ද එකතුව විසින් පළමුව කළ නිගමනය වෙනස් කර අඟහරු මත ප්‍රාථමික ආකාරයේ ජීවය ඇති බව ප්‍රකාශ කෙරුණා. තවදුරටත්, මේ ප්‍රාථමික ආකාරයේ ජීව ආකාරවල පැවැත්ම වඩාත් ම බලාපොරොත්තු විය හැක්කේ අඟහරු ගේ මතුපිට පෘෂ්ඨයට වහා ම යටින් පිහිටා ඇති නෙරීම් තුළ විය හැකි බවත් ප්‍රකාශ වුණා. මෙලෙස, නිගමනය පසුව වෙනස් වීමට හේතුව ලෙස දැක්වූයේ වර්ෂ 1976 වන තුරු ඇන්ටාක්ටිකාවේ වියළි නිම්නවලින් සොයාගැනුණ බැක්ටීරියා වයිකිං තුළ කෙරුණු ආකාරයේ ම පර්යේෂණවලට භාජන කර නො තිබීමයි. එසේ කෙරුණු කල ලැබුණු ප්‍රතිඵල අඟහරු පස පරීක්ෂා කිරීමෙන් ලද ප්‍රතිඵලවලට අතිශයින් ම සමාන වුණා. ප්රශ්නය – එසේ නම් නාසා ආයතනය අඟහරු මත ක්ෂුද්‍ර ආකාරයේ ජීවය ඇති බවට එදා ලැබුණු සාක්ෂි කිසියම් වසන් කිරීමකට ලක් කර තිබෙනවා ද? පිළිතුර – ඔව්. එක්තරා ආකාරයකට. වයිකිං ව්‍යාපෘතියේ ප්‍රධාන ගවේශක ගිල් ලෙවින් (Gil Levin) අදටත් කියා සිටින්නේ ක්‍රියාකාරී ජීවය අඟහරු මත පවතින බවට එදා ලැබුණු සාක්ෂි ඉතා ම අවාසනාවන්ත ලෙස බැහැර කෙරුණු බවයි. ඒ වගේ ම අද දක්වා ම අඟහරු වෙත යෑවුණු පර්යේෂණ යානා එකක හෝ අඟහරු මත ජීවය හඳුනා ගැනීමේ පර්යේෂණ සෘජු ව ම ඇතුළත් කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් වර්ෂ 1976න් පසුව අඟහරු වෙත යෑවුණු පර්යේෂණ යානාවලින් කෙරුණු පර්යේෂණ මඟින් අඟහරු ගේ මතුපිට පෘෂ්ඨයට යටින් ජලය ඇති බවටත්, වියෑළුණු ගංගා ඇති බවටත්, වායුගෝලයේ ඉහළ කලාපයේ මීතේන් ඇති බවටත් නැත හොත් මේ සියල්ලේ ම එකතුව යනු අඟහරු මත තවමත් ක්ෂුද්‍ර ආකාරයේ ජීවය පැවතිය හැකි බවටත් නිගමනය වී තිබෙනවා. ප්රශ්නය – මෑතක දී පොළොවට කඩා වැටුණු උල්කාෂ්මයක් (meteorite) ම`ගින් අඟහරු මත ජීවය ඇති බව තහවුරු වුණා නේ ද? පිළිතුර – ඔව්. පසුගිය වසරේ ජූලි 18 වැනි දා මොරොක්කෝවේ කාන්තාරයකට උල්කාෂ්මයක් කඩා වැටුණා. මොරොක්කෝවේ ටිසින්ට් (Tissint) නමැති ගම්මානය අසලට කඩා වැටීම නිසා එය හඳුන්වනු ලැබුවේ ටිසින්ට් උල්කාෂ්මය (Tissint meteorite)) නමින්. එය ග්රහකයක් (Asteroid) හෝ වල්ගාතරුවක් (Comet) වැදීම නිසා වසර මිලියන ගණනාවකට ඉහත අඟහරු ගෙන් ගැලවී ගිය පාෂාණ කැබැල්ලක්. එම පාෂාණ කැබැල්ල පසුගිය දා මවිසින් මෙහෙයවනු ලැබූ පර්යේෂණ කණ්ඩායමක් විසින් පර්යේෂණයට ලක් කළා. එහි දී එම පාෂාණ කැබැල්ලේ ක්ෂුද්‍ර ආකාරයේ ජීවය ඇති බවට සාක්ෂි පෙන්නුම් වුණා. එය පොළොවට පතනය වු වහා ම අහුලාගත් බැවින් පෘථිවියට වැටුණු පසු ඒ තුළට ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වූවා ද යන සැකය ද බැහැර කරන්නට පුළුවන්. ප්රශ්නය – හොඳයි. කියුරියොසිටි රෝවරය මගින් ක්ෂුද්‍ර ආකාරයේ හෝ කිසියම් ආකාරයක ජීවය සොයා ගැනුණ හොත්, එම ජීවය කෙතරම් පැරැණි දැයි කීමේ හැකියාවක් කියුරියොසිටි රෝවරය සතු ව පවතිනවා ද? පිළිතුර – අවාසනාවකට මෙන් නැහැ. කියුරියොසිටි රෝවරය සතු ව ජීව ආකාර සෘජු ව ම හඳුනා ගැනීමේ සෘජු ගවේෂණ හෝ පර්යේෂණ පහසුකම් නැහැ. නමුත්, අඟහරු පසෙහි සිදු කරනු ලබන රසායනික පර්යේෂණවල ප්‍රතිඵල විග්රහ කිරීම් තුළින් අතීතයේ ජීවය පැවතුණා නම් වක්‍රාකාරව ඒ බවට සාක්ෂි සොයා ගන්නට පුළුවන්. ඒ වගේ ම ටිසින්ට් උල්කාෂ්මයේ හෝ ALH 84001 යනුවෙන් නම් කරනු ලැබූ උල්කාෂ්මයේ හමු වූවාක් වැනි ෆොසිල ආකාරයෙන් වන පුරාතන ක්ෂුද්‍ර ජීවී ආකාර ඇති බවට සාක්ෂි අඟහරු ගේ පාෂාණ අතර හෝ ගල් යට හමු විය හැකියි. නමුත්, කියුරියොසිටි රෝවරය වයිකිං තරමට ම අඟහරු මත ජීවය සොයා ගැනීම සඳහා ම සෘජු ව ම වෙන් වූවක් නො වෙයි. ප්රශ්නය – නමුත් අඟහරු මත ජීවය සෙවීම කියුරියොසිටි රෝවරය සතු ප්‍රධාන ඉලක්කයක් ලෙස නේ ද ප්‍රචාරය වී තිබෙන්නේ? පිළිතුර – ඔව්. මේ වන විට ලොවේ ම කුතුහලය, අවධානය ඇද ගැනීමට කියුරියොසිටි රෝවරය සමත් වී තිබෙනවා. කියුරියොසිටි රෝවර පර්යේෂණ රෝබෝවේ ප්‍රධාන ඉලක්කය වන්නේ අඟහරු ගේ දේශගුණය හා පාෂාණ පරීක්ෂා කිරීම යෑයි පැවසුවේ නම් මේ තරම් මහජන අවධානයක් ලැබේ යෑයි මා හිතන්නේ නැහැ. [/SIZE][/COLOR] [COLOR="DarkRed"][B]එක්සත් රාජධානියේ බකිංහැම් තාරකා ජීව විද්‍යා (Astrobiology) මධ්‍යස්ථානයේ අධ්යක්ෂ, බකිංහැම් විශ්වවිද්‍යාලයයේ සහ කාඩිෆ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි. මදාරා සරසි ද සිල්වා / Vidusara[/B][/COLOR] [IMG]http://nationalpostnews.files.wordpress.com/2012/08/curiosity-rover-nasa-mars1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom