Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
No More Jam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=googledrive]1L8sbqNIx44QcBobmBFuk4Dj-6EQEHt_y[/MEDIA]

ඔබ මහ පාරෙ එක පැත්තක ඉඳන් අනිත් පැත්තට මාරුවෙන වෙලාවට ඔබට හදිසි ස්වයං තීරණයක් ගන්න සිද්ධවෙනවා. ඒ පාරෙ ධාවනය කෙරෙන වාහනයක වේගය සහ එයට ඔබ සිටින තැනට පැමිණෙන්නට ගතවෙන කාලයට අනුරූපව ඔබ තරණය කරන පාරේ පළල සහ ඒ සඳහා ඔබ ගතකරන කාලය. මෙතෙන්දි ඔබට නියමිත අණ සහ විනිශ්චය ලබාදෙන්නෙ ඔබේ මොළයෙන් ගණනය කරන මනෝමය මිනිතයක් මගින්. කිසිදු මිනුම් උපකරණයක භාවිතයෙන් තොරව ඔබට නිවැරදි තීරණය ලබා දෙන්නෙ ප්‍රායෝගික අත්දැකීම් වලින් පිරිපුන් චින්තනය. ඔබ ප්‍රායෝගික අත්දැකීම් වලින් වියුක්ත අසමතුලිත සිතන්නෙක් වුණොත් ඒ ඔබේ අවසන් මොහොත වෙන්නත් පුළුවන්. මෙතෙන්දි දෙඅතකට යොමුවන සිදුවන ක්‍රියාවන් දෙකක සමතුලිත භාවය ගණනය කෙරෙන මූලිකම වාහකය තමයි දෘශ්‍ය සන්නිවේදනය. මේ සියලුම දේවල් තීරණය වෙන්නෙ ඔබේ ඇස් ඉදිරිපිට ඔබ දකින දේ මත. දුර සහ වේගය වගේ සාධක භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකූලව සිද්ධ වුණත් අත්දැකීම් බහුල ඔබේ දැකීම මේකෙ ප්‍රධාන කතෘකාරකය බවට පත් වෙනවා. මෙතෙන්දි මූලික වශයෙන්ම සිද්ධ වෙන්නෙ තමන්ගෙ චින්තන ශක්‍යතාවය පිළිබඳව තමන්ටම ඇතිවෙන විශ්වාසය.

මේ විශ්වසනීයත්වය දෘශ්‍ය සන්නිවේදනයටත් හරිම සාධනීය මෙහෙවරක් ඉටු කරනවා. ප්රකාශනයක් විදිහට ඡායාරූපයක් බිහිකරන්නෙ කිසියම්වූ සන්දර්භයක් මත්තෙ. එක තමයි රූපයෙ අරටුව. අද ඡායාරූප බොහොමයක් එළියට එන්නෙ ෆොටෝෂොප් වගේ මෘදුකාංග වල දඬු අඬු වලට අහුවෙලා. මෙහෙම එකක සන්දර්භය, ආකෘතිය සහ අන්තර්ගතය හොයාගන්න ක්‍රමවේදය මොකක්ද කියල හිතාගන්නවත් බැහැ. අනික හැඩ සහ ප්‍රමාණ පිළිබඳ කිසිම අවබෝධයකින් තොරව එකක් මත තව එකක් අතිපිහිත කරවන රූප කිසිම අනුකම්පාවකින් තොරව විශාල හෝ කුඩා බවට පත් කරනවා. මේක නම් හරිම හාස්‍ය ජනක කටයුත්තක්.

ඉංග්‍රීසි භාෂාවේ Jam කියන වචනයෙන් කියැවෙන්නේ තෙරපීම, තදබදය වගේ අර්ථයක්. පාන් වල ගාලා කන Jam ලියවෙන්නෙත් මේ අකුරු තුනෙන්මයි. හොඳටම සෙනඟ පිරිලා, හිරවෙලා තෙරපෙන අවස්ථා වලදි හඳුන්වන්නෙ Jam Packed කියලා. No More Jam කියන්නෙ තවදුරටත් වාහන තදබදයක් නොමැත කියන එකයි. මේ මාතෘකාව මෙතෙන්ට ගොඩවදින්නෙ කොහොමද, ඇත්තටම මේක වෙළඳ ප්‍රචාරණ සංකල්පයක පුංචි රිකිල්ලක්. ලංකාවේ සුපර් මාර්කට් සංස්කෘතිය දියත් වෙන්න පටන්ගත්තෙ 90 දශකයේ මුල් කාර්තුවෙදි වගේ. අද ලංකාවේ දැවැන්ත පර්යන්තයක් බවට පත්වෙලා ඉන්න සුපර් මාර්කට් සන්නාමයක මුලාරම්භයේදී ඒකට අදාළ පාරිභෝගික රථ ගාල ගැන ඔවුන් එතරම් තැකීමක් කළේ නැහැ. ඒ වෙනුවෙන් ප්‍රමාණවත් ඉඩක් වෙන් කළේත් නැහැ. ඒ සුපර් මාර්කට් භූමිය සහ ඒ අවට ප්‍රධාන මාවත් සියල්ලම ඇහිරෙන විදිහෙ දැඩි වාහන තෙරපුමක් මුළු පළාතම ආක්‍රමණය කළා. සිද්ධාන්තමය සහ ප්‍රායෝගික සිතිවිලි එක්තැන් වෙන්න ඕනැ කියන කාරණය මේ කළමනාකාරිත්වය තේරුම් ගත්තෙ ඒ සිද්ධිය නිසා. එසැණින් ක්‍රියාත්මක වුණ ඔවුන් කෙටි කාලයක් ඇතුළත රථ ගාලේ වපසරිය අති විශාල පුළුල් සහ සිත් ගන්නා සුළු එකක් බවට පත් කළා. ඒ නව රථ ගාල විවෘත කරපු දවසේ පිටුවක් පුරා පත්තර වල අරක් ගෙන හිටපු වෙළඳ දැන්වීමෙ හෙඩිම ලොකුවට තිබුණෙ No More Jam කියල. ඒකෙ අන්තර්ගතයෙ තිබුණු ඡායාරූපය තමයි මේක. සිලින්ඩරාකාර වීදුරු භාජනයක් ( Jar එකක් ) ඇතුළට දාල හිර කරලා වහපු කාර් එකක්.

දැන් අපි මේකෙ තාක්ෂණික දොරටුව පැත්තට හැරෙමු. මේක ඡායාරූපගත කරන්නෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකා විද්‍යාත්මකව ගිනි පෑගුවා වගේ වෙළඳ ප්‍රචාරණ ඡායාරූපකරණ චතුරශ්‍රයේ හතර කොණේම කරක් ගහලා විධිමත්ව අත්දැකීම් එකතුකර ගත්තු ප්‍රවීණ ඡායාරූපවේදී සරත් පෙරේරා. එයා මේකට භාවිතා කරන්නෙ RB 67 Medium Format කැමරාව. මම කලින් දවසක ලියවිල්ලකත් මේ කැමරාව ගැන ලිව්වා. මේකෙ දර්ශන තලයෙ දැක්ම සිද්ධවෙන්නෙ ඉහළ කෝණයකින්. අනිත් එක ඡායාරූප ගත කරන රාමුවේ අඩංගුව නිසියාකාරයෙන් ත්‍රිමාණ ස්වරූපයෙන්ම දර්ශන තලයේ පතිතවෙනවා. ඒ කාලෙ ෆොටෝෂොප් නාමකරණය සීමා වුණේ බිත්ති හතරක් සහ වහලයක් සහිත භෞතික ගොඩනැගිලි කාණ්ඩයකට. පරිගණකය කියන්නෙ විද්‍යාත්මක වචන මාලාවක් ඇතුළෙ එහෙන් මෙහෙන් ඇහුණ වචනයක් විතරයි. මෙතෙන්දි එයා මුලින්ම ඡායාරූපගත කරන්නෙ සිලින්ඩරාකාර වීදුරු භාජනය. මේසයක් මත මේක පිහිටුවන්නෙ කලු පැහැති පසුබිමක් මත. ඉන් පස්සෙ අලු පැහැති ආධාරකයකුත් පසුබිමේ කොටසකට ඇතුල් කරනවා. එක සිද්ධවෙන්නෙ හේතු දෙකක් මත්තෙ. එකක් විනිවිද පෙනෙන භාජනයේ හැඩය මතු කරන්න. අනික මතු අරමුණක් ඔහුට පිටිපස්සෙන් ඉඳන් ඔහුව මෙහෙයවීම. වීදුරු භාජන ඡායාරූපගත කරද්දි ඒකට ආලෝක මෙහෙයවීමේ කටයුත්ත මොන තරම් දුෂ්කර එකක් ද කියන එක Commercial Photography කරන උදවිය දන්නව ඇතිනෙ. ඉතින් විධිමත් ආලෝක මෙහෙයුමකින් මේ ත්‍රිමාන භාජනය ද්විමාන තලයක සටහන් කරගත්තට පස්සෙ, කැමරාවෙ කුඩා යතුරක ක්‍රියාකාරිත්වයකින් මේ රාමුව ඉදිරියට නොයවා ඒ මතම තවත් ඡායාරූපයක් සටහන් කරගැනීමේ ශක්‍යතාවයක් තියෙනවා. මේක ඡායාරූප භාෂාවේ වහරන්නෙ Double Exposure කියන නමින්. ඒ කියන්නෙ ද්විත්ව අනාවරණයක්. දෙවතාවක් කැමරාවේ දොර ආලෝකයට විවෘත කරනවා කියන අර්ථය. නමුත් එකම රාමුවක මත්තෙ.

ඉන් පස්සෙ කැමරාව ගමන් කරන්නෙ මීට හාත්පසින්ම වෙනස් චිත්රාගාර පරිශ්රයකට. මෙතෙන්දි සුදු පසුබිමක කොළ පැහැති කාර් එකක් ස්ථානගත කෙරෙනවා. මෙතෙන්දි භාවිතා කරන ආලෝකකරණ ක්‍රමවේදය මුල් එකට වඩා හාත්පසින්ම වෙනස් එකක්. අනිත් එක තමුන් සටහන් කරගන්න සූදානම් වන රාමුවේ අදෘශ්‍යමානව සිලින්ඩරාකාර වීදුරු භාජනයකුත් බලාගෙන ඉන්නවා. දැන් මොහොතක් හිතන්න මේ ඡායාරූප නිර්මාපකයාගේ චින්තන ධාරාව මොන තරම් තියුණු ස්වරූපයකින් පවත්වාගෙන යන්න ඕනෙද කියන කාරණාව. මේ විදිහට එකම රාමුවකට ගොනු කරන්න සූදානම් වන භාණ්ඩ දෙකේ හැඩ සහ ප්‍රමාණ භෞතික ස්වරූපයෙනුත්, සංකල්පීය ස්වරූපයෙනුත් එකිනෙකට පරස්පරයි. ඉතින් සවලක් හෝ හැන්දක් විදිහට කැමරාව කියන මෙවලම විතරක් භාවිතා කරලා ඔහු මේ Car එක Jar එක ඇතුළට දානවා. ඒ යුගයේ සහ වකවානුවේ තිබුණු සම්පත් එක්ක එවකට ඉහළම තාක්ෂණ මෙහෙයුමක ප්‍රතිඵලයක් තමයි මේ. මෙතෙන්දි ද්විමාන තලයක් මත සිදු කරන්නෙ එක රූපයක් මත තවත් රූපයක් අතිපිහිත superimpose කිරීම. නමුත් දෘශ්‍ය රූපණය ත්‍රිමාන එකක්. පියවි ඇහැට සමාන්තර කෝණයකින් පිහිටුවලා තියෙන සිලින්ඩරාකාර වීදුරු භාජනයක් ඇතුළට ඉහළ කෝණයකින් දෘශ්‍යමාන වන ආකාරයෙන් කාර් රථයක් ඇතුල් කිරීම මොනතරම් සුක්ෂම කටයුත්තක්ද?

මෙතෙන්දි සරත් පෙරේරා මහතාගේ ඔලුවෙන් විවිධ දිශාවන්ට විස්ථාපනය වුණු සිතිවිලි වල තෙරපුම සහ පීඩනය ගණනය කරන්න හිටියේ එයාම විතරයි. මේ තමයි තමන්ගෙ සේවා ලාභියාගේ සහ අවසානයේ මේ වෙළඳ දැන්වීමේ සංජානනය ලබාගන්නා ග්රාහකයාගේ සිතුම් පැතුම් අවබෝධ කරගත්තු අත්දැකීම් බහුල ඡායාරූපවේදියෙකුගේ සාධනීය ක්‍රියාකාරිත්වයේ මහිමය. විධිමත් ශිල්පීය ඥාණය, අත්දැකීම් සම්භාරයකින් ලද පිරිපුන් බව, සුපිරි තාක්ෂණික මෙහෙයුම් කර්තව්‍යයන්හි පළපුරුද්ද මේ නිර්මාණයේ සරත් පෙරේරා පිටුපසින් සිටින බව පැහැදිලියි. මම මුලින් සඳහන් කරපු විදිහට පාර පනිනකොට පාරේ තමන් දෙසට එන වාහනයේ වේගයත් - දුරත්, පාරේ පළලත් - පාර තරණය කළ යුතු වේගයත් සරත් පෙරේරා මහතා අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසයි නිතරම වගේ ජ්‍යෙෂ්ඨත්වයේ මෙහෙයුම් දෘශ්‍ය සන්නිවේදනයටත් චරිතවත් බවක් ලබාදෙන්නෙ.

ඡායාරූපය - සරත් පෙරේරා

සටහන - හේමන්ත අරුණසිරි

- උපුටාගැනීමකි

[QUOTE="Bowman, post: 29036058, member: 580038"] [MEDIA=googledrive]1L8sbqNIx44QcBobmBFuk4Dj-6EQEHt_y[/MEDIA] [SIZE=4]ඔබ මහ පාරෙ එක පැත්තක ඉඳන් අනිත් පැත්තට මාරුවෙන වෙලාවට ඔබට හදිසි ස්වයං තීරණයක් ගන්න සිද්ධවෙනවා. ඒ පාරෙ ධාවනය කෙරෙන වාහනයක වේගය සහ එයට ඔබ සිටින තැනට පැමිණෙන්නට ගතවෙන කාලයට අනුරූපව ඔබ තරණය කරන පාරේ පළල සහ ඒ සඳහා ඔබ ගතකරන කාලය. මෙතෙන්දි ඔබට නියමිත අණ සහ විනිශ්චය ලබාදෙන්නෙ ඔබේ මොළයෙන් ගණනය කරන මනෝමය මිනිතයක් මගින්. කිසිදු මිනුම් උපකරණයක භාවිතයෙන් තොරව ඔබට නිවැරදි තීරණය ලබා දෙන්නෙ ප්‍රායෝගික අත්දැකීම් වලින් පිරිපුන් චින්තනය. ඔබ ප්‍රායෝගික අත්දැකීම් වලින් වියුක්ත අසමතුලිත සිතන්නෙක් වුණොත් ඒ ඔබේ අවසන් මොහොත වෙන්නත් පුළුවන්. මෙතෙන්දි දෙඅතකට යොමුවන සිදුවන ක්‍රියාවන් දෙකක සමතුලිත භාවය ගණනය කෙරෙන මූලිකම වාහකය තමයි දෘශ්‍ය සන්නිවේදනය. මේ සියලුම දේවල් තීරණය වෙන්නෙ ඔබේ ඇස් ඉදිරිපිට ඔබ දකින දේ මත. දුර සහ වේගය වගේ සාධක භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුකූලව සිද්ධ වුණත් අත්දැකීම් බහුල ඔබේ දැකීම මේකෙ ප්‍රධාන කතෘකාරකය බවට පත් වෙනවා. මෙතෙන්දි මූලික වශයෙන්ම සිද්ධ වෙන්නෙ තමන්ගෙ චින්තන ශක්‍යතාවය පිළිබඳව තමන්ටම ඇතිවෙන විශ්වාසය. මේ විශ්වසනීයත්වය දෘශ්‍ය සන්නිවේදනයටත් හරිම සාධනීය මෙහෙවරක් ඉටු කරනවා. ප්රකාශනයක් විදිහට ඡායාරූපයක් බිහිකරන්නෙ කිසියම්වූ සන්දර්භයක් මත්තෙ. එක තමයි රූපයෙ අරටුව. අද ඡායාරූප බොහොමයක් එළියට එන්නෙ ෆොටෝෂොප් වගේ මෘදුකාංග වල දඬු අඬු වලට අහුවෙලා. මෙහෙම එකක සන්දර්භය, ආකෘතිය සහ අන්තර්ගතය හොයාගන්න ක්‍රමවේදය මොකක්ද කියල හිතාගන්නවත් බැහැ. අනික හැඩ සහ ප්‍රමාණ පිළිබඳ කිසිම අවබෝධයකින් තොරව එකක් මත තව එකක් අතිපිහිත කරවන රූප කිසිම අනුකම්පාවකින් තොරව විශාල හෝ කුඩා බවට පත් කරනවා. මේක නම් හරිම හාස්‍ය ජනක කටයුත්තක්. ඉංග්‍රීසි භාෂාවේ Jam කියන වචනයෙන් කියැවෙන්නේ තෙරපීම, තදබදය වගේ අර්ථයක්. පාන් වල ගාලා කන Jam ලියවෙන්නෙත් මේ අකුරු තුනෙන්මයි. හොඳටම සෙනඟ පිරිලා, හිරවෙලා තෙරපෙන අවස්ථා වලදි හඳුන්වන්නෙ Jam Packed කියලා. No More Jam කියන්නෙ තවදුරටත් වාහන තදබදයක් නොමැත කියන එකයි. මේ මාතෘකාව මෙතෙන්ට ගොඩවදින්නෙ කොහොමද, ඇත්තටම මේක වෙළඳ ප්‍රචාරණ සංකල්පයක පුංචි රිකිල්ලක්. ලංකාවේ සුපර් මාර්කට් සංස්කෘතිය දියත් වෙන්න පටන්ගත්තෙ 90 දශකයේ මුල් කාර්තුවෙදි වගේ. අද ලංකාවේ දැවැන්ත පර්යන්තයක් බවට පත්වෙලා ඉන්න සුපර් මාර්කට් සන්නාමයක මුලාරම්භයේදී ඒකට අදාළ පාරිභෝගික රථ ගාල ගැන ඔවුන් එතරම් තැකීමක් කළේ නැහැ. ඒ වෙනුවෙන් ප්‍රමාණවත් ඉඩක් වෙන් කළේත් නැහැ. ඒ සුපර් මාර්කට් භූමිය සහ ඒ අවට ප්‍රධාන මාවත් සියල්ලම ඇහිරෙන විදිහෙ දැඩි වාහන තෙරපුමක් මුළු පළාතම ආක්‍රමණය කළා. සිද්ධාන්තමය සහ ප්‍රායෝගික සිතිවිලි එක්තැන් වෙන්න ඕනැ කියන කාරණය මේ කළමනාකාරිත්වය තේරුම් ගත්තෙ ඒ සිද්ධිය නිසා. එසැණින් ක්‍රියාත්මක වුණ ඔවුන් කෙටි කාලයක් ඇතුළත රථ ගාලේ වපසරිය අති විශාල පුළුල් සහ සිත් ගන්නා සුළු එකක් බවට පත් කළා. ඒ නව රථ ගාල විවෘත කරපු දවසේ පිටුවක් පුරා පත්තර වල අරක් ගෙන හිටපු වෙළඳ දැන්වීමෙ හෙඩිම ලොකුවට තිබුණෙ No More Jam කියල. ඒකෙ අන්තර්ගතයෙ තිබුණු ඡායාරූපය තමයි මේක. සිලින්ඩරාකාර වීදුරු භාජනයක් ( Jar එකක් ) ඇතුළට දාල හිර කරලා වහපු කාර් එකක්. දැන් අපි මේකෙ තාක්ෂණික දොරටුව පැත්තට හැරෙමු. මේක ඡායාරූපගත කරන්නෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකා විද්‍යාත්මකව ගිනි පෑගුවා වගේ වෙළඳ ප්‍රචාරණ ඡායාරූපකරණ චතුරශ්‍රයේ හතර කොණේම කරක් ගහලා විධිමත්ව අත්දැකීම් එකතුකර ගත්තු ප්‍රවීණ ඡායාරූපවේදී සරත් පෙරේරා. එයා මේකට භාවිතා කරන්නෙ RB 67 Medium Format කැමරාව. මම කලින් දවසක ලියවිල්ලකත් මේ කැමරාව ගැන ලිව්වා. මේකෙ දර්ශන තලයෙ දැක්ම සිද්ධවෙන්නෙ ඉහළ කෝණයකින්. අනිත් එක ඡායාරූප ගත කරන රාමුවේ අඩංගුව නිසියාකාරයෙන් ත්‍රිමාණ ස්වරූපයෙන්ම දර්ශන තලයේ පතිතවෙනවා. ඒ කාලෙ ෆොටෝෂොප් නාමකරණය සීමා වුණේ බිත්ති හතරක් සහ වහලයක් සහිත භෞතික ගොඩනැගිලි කාණ්ඩයකට. පරිගණකය කියන්නෙ විද්‍යාත්මක වචන මාලාවක් ඇතුළෙ එහෙන් මෙහෙන් ඇහුණ වචනයක් විතරයි. මෙතෙන්දි එයා මුලින්ම ඡායාරූපගත කරන්නෙ සිලින්ඩරාකාර වීදුරු භාජනය. මේසයක් මත මේක පිහිටුවන්නෙ කලු පැහැති පසුබිමක් මත. ඉන් පස්සෙ අලු පැහැති ආධාරකයකුත් පසුබිමේ කොටසකට ඇතුල් කරනවා. එක සිද්ධවෙන්නෙ හේතු දෙකක් මත්තෙ. එකක් විනිවිද පෙනෙන භාජනයේ හැඩය මතු කරන්න. අනික මතු අරමුණක් ඔහුට පිටිපස්සෙන් ඉඳන් ඔහුව මෙහෙයවීම. වීදුරු භාජන ඡායාරූපගත කරද්දි ඒකට ආලෝක මෙහෙයවීමේ කටයුත්ත මොන තරම් දුෂ්කර එකක් ද කියන එක Commercial Photography කරන උදවිය දන්නව ඇතිනෙ. ඉතින් විධිමත් ආලෝක මෙහෙයුමකින් මේ ත්‍රිමාන භාජනය ද්විමාන තලයක සටහන් කරගත්තට පස්සෙ, කැමරාවෙ කුඩා යතුරක ක්‍රියාකාරිත්වයකින් මේ රාමුව ඉදිරියට නොයවා ඒ මතම තවත් ඡායාරූපයක් සටහන් කරගැනීමේ ශක්‍යතාවයක් තියෙනවා. මේක ඡායාරූප භාෂාවේ වහරන්නෙ Double Exposure කියන නමින්. ඒ කියන්නෙ ද්විත්ව අනාවරණයක්. දෙවතාවක් කැමරාවේ දොර ආලෝකයට විවෘත කරනවා කියන අර්ථය. නමුත් එකම රාමුවක මත්තෙ. ඉන් පස්සෙ කැමරාව ගමන් කරන්නෙ මීට හාත්පසින්ම වෙනස් චිත්රාගාර පරිශ්රයකට. මෙතෙන්දි සුදු පසුබිමක කොළ පැහැති කාර් එකක් ස්ථානගත කෙරෙනවා. මෙතෙන්දි භාවිතා කරන ආලෝකකරණ ක්‍රමවේදය මුල් එකට වඩා හාත්පසින්ම වෙනස් එකක්. අනිත් එක තමුන් සටහන් කරගන්න සූදානම් වන රාමුවේ අදෘශ්‍යමානව සිලින්ඩරාකාර වීදුරු භාජනයකුත් බලාගෙන ඉන්නවා. දැන් මොහොතක් හිතන්න මේ ඡායාරූප නිර්මාපකයාගේ චින්තන ධාරාව මොන තරම් තියුණු ස්වරූපයකින් පවත්වාගෙන යන්න ඕනෙද කියන කාරණාව. මේ විදිහට එකම රාමුවකට ගොනු කරන්න සූදානම් වන භාණ්ඩ දෙකේ හැඩ සහ ප්‍රමාණ භෞතික ස්වරූපයෙනුත්, සංකල්පීය ස්වරූපයෙනුත් එකිනෙකට පරස්පරයි. ඉතින් සවලක් හෝ හැන්දක් විදිහට කැමරාව කියන මෙවලම විතරක් භාවිතා කරලා ඔහු මේ Car එක Jar එක ඇතුළට දානවා. ඒ යුගයේ සහ වකවානුවේ තිබුණු සම්පත් එක්ක එවකට ඉහළම තාක්ෂණ මෙහෙයුමක ප්‍රතිඵලයක් තමයි මේ. මෙතෙන්දි ද්විමාන තලයක් මත සිදු කරන්නෙ එක රූපයක් මත තවත් රූපයක් අතිපිහිත superimpose කිරීම. නමුත් දෘශ්‍ය රූපණය ත්‍රිමාන එකක්. පියවි ඇහැට සමාන්තර කෝණයකින් පිහිටුවලා තියෙන සිලින්ඩරාකාර වීදුරු භාජනයක් ඇතුළට ඉහළ කෝණයකින් දෘශ්‍යමාන වන ආකාරයෙන් කාර් රථයක් ඇතුල් කිරීම මොනතරම් සුක්ෂම කටයුත්තක්ද? මෙතෙන්දි සරත් පෙරේරා මහතාගේ ඔලුවෙන් විවිධ දිශාවන්ට විස්ථාපනය වුණු සිතිවිලි වල තෙරපුම සහ පීඩනය ගණනය කරන්න හිටියේ එයාම විතරයි. මේ තමයි තමන්ගෙ සේවා ලාභියාගේ සහ අවසානයේ මේ වෙළඳ දැන්වීමේ සංජානනය ලබාගන්නා ග්රාහකයාගේ සිතුම් පැතුම් අවබෝධ කරගත්තු අත්දැකීම් බහුල ඡායාරූපවේදියෙකුගේ සාධනීය ක්‍රියාකාරිත්වයේ මහිමය. විධිමත් ශිල්පීය ඥාණය, අත්දැකීම් සම්භාරයකින් ලද පිරිපුන් බව, සුපිරි තාක්ෂණික මෙහෙයුම් කර්තව්‍යයන්හි පළපුරුද්ද මේ නිර්මාණයේ සරත් පෙරේරා පිටුපසින් සිටින බව පැහැදිලියි. මම මුලින් සඳහන් කරපු විදිහට පාර පනිනකොට පාරේ තමන් දෙසට එන වාහනයේ වේගයත් - දුරත්, පාරේ පළලත් - පාර තරණය කළ යුතු වේගයත් සරත් පෙරේරා මහතා අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසයි නිතරම වගේ ජ්‍යෙෂ්ඨත්වයේ මෙහෙයුම් දෘශ්‍ය සන්නිවේදනයටත් චරිතවත් බවක් ලබාදෙන්නෙ. ඡායාරූපය - සරත් පෙරේරා සටහන - හේමන්ත අරුණසිරි - උපුටාගැනීමකි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom