Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Nymphomaniac [2013-2014] - කාමෝන්මාදය. (වින්දනය උදෙසා නැරඹීමෙන් වලකින්න)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Nymphomaniac [2013-2014] - කාමෝන්මාදය.

(වින්දනය උදෙසා නැරඹීමෙන් වලකින්න)

Nymphomania? කාමෝන්මාදය? මෙය හුදෙක් ගැඹුරු මනෝවිද්‍යාත්මක විෂයක් වුවත් කෙටියෙන්ම Sex Addict (ලිංගිකත්වයට ඇබ්බැහි වීම) කියලා හදුන්වන්න පුළුවන්. ඔව්, Nymphomania කියන්නේ එක්තරා මානසික රෝගයක්. අපි දන්නා මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්, ඇල්කොහොල් වලට ඇබ්බැහිවීම්,වෙනත් අස්වාභාවික ආශාවලට ඇබ්බැහි වීම් අතරේ nymphomania කියන්නෙත් පුද්ගලයන් 100ක් අතරින් 1 අයෙකුට බලපෑ හැකි මානසික රෝගයක්. ගැහැණු පිරිමි භේදයක් නොමැති මේ රෝගයට ගොදුරු වූවන්ගෙන් 80%ක් පිරිමි බවටයි සදහන් වෙන්නේ.

චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස Lars Von Trier ගැන කතා නොකරම බෑ. Von Trier කියන්නේ Danish ජාතික තිර රචකයෙක් හා අධ්‍යක්ෂක වරයෙක්. ඔහුගේ නිර්මාණ තුලින් ඔහු බොහෝ විට දේශපාලනික ගැටළු, සමාජීය ගැටළු මෙන්ම මනෝවිද්‍යාත්මක ගැටළු පිළිබද විවෘතව කතා කරනවා. Nymphomaniac චිත්‍රපටය ගැන කතා කරන නිසා Lars Von Trier ගේ Depression Trilogy (සිනමාපට ත්‍රිත්වය)එක ගැන කතා නොකරම බෑ. මේ trilogy එකේ එන එක් චිත්‍රපටයක් තමයි Nymphomaniac කියන්නේ. ඒ සමගම Melancholia සහ Antichrist චිත්‍රපට මේ trilogy එකට එකතු වෙනවා. Depression නැත්නම් විෂාදය කියන්නේ නිතරම කතා බහට ලක් වෙන මාතෘකාවක්. ඉතිං Von Trier ඔහුගේ නිර්මාණයේ චරිත තුල ඇති විෂාදය පෙන්වනවාට වඩා, ඒ තුලින් නරඹන්නාට මානසික අවපීඩනයක් දනවන්න සාර්ථකව උත්සහ කරලා තියෙනවා කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්.

Nymphomaniac අපට කොටස් දෙකක් වශයෙනුයි තිලිණ වන්නේ. ඒ Vol 1 සහ Vol 2 ලෙසින්. මම නිර්දේශ කරන්නේ Director's cut පිටපත. කාල පරාසය ගත්තම චිත්‍රපට 2ම බලන්න පැය 6කට ආසන්න කාලයක් ගත වෙනවා. හොදම දේ තමයි පළමු කොටස එක දවසකත් අනෙක් කොටස ඊළග දවසෙත් බලන එක. කුතුහලය පැත්තක දාන්න. සාමාන්‍ය පැය 2ක චිත්‍රපටයක් බලලා ඉවර වුණාමත් අපිට මහන්සියක් දැනෙනවා.මේක මහන්සියකට එහා ගිය හැගීමකින් නතර වෙන්නේ. Depression Trilogy එකේ චිත්‍රපටයක් කිව්වමම තේරෙනවානේ. මානසික මට්ටම සෑහෙන පහළට අරගෙන යන්න පුළුවන් අනෙක් චිත්‍රපට අතරින් මේකනම් ඉහලින්ම තියෙන එකක්. එකිනෙකාගේ හැගීම් අනුව එහෙම නොවෙන්නත් පුළුවන් නමුත් කවුරු හරි මේ චිත්‍රපටය sex නිසා නිර්දේශ කළොත් ඒ කෙනා මේක skip කර කර ඒ කොටස් ටික එහෙන් මෙහෙන් බැලුව කෙනෙක්, නැත්නම් දෙබස් මුකුත්ම තේරුනේ නැති කෙනෙක් හෝ po*n site එකකින් චිත්‍රපටයේ කොටස් බලපු කෙනෙක් විය යුතුයි.

චිත්‍රපටය රිලීස් වෙන්න කලින්ම නිළ පෝස්ටර් කිහිපය නිසා ප්‍රේක්ෂකයන් අතර විශාල අන්දෝලනයක් ඇතිවුනා. ඇයි කිව්වොත්, ප්‍රධාන නළු, නිළියන් සියල්ලම නිරුවත්ව මෙන්ම සුරතාන්තයට පත් වන අවස්ථාවක හැගීමක් මුහුණෙන් නිරූපණය කරලා තියෙන ඡායාරූප සමූහයක් තමයි මේකේ නිළ පෝස්ටරය වුණේ. ඒ නිසා බැලු බැල්මට මම හිතුවෙත් මේක මරු erotic එකක් කියලා.. erotic තමයි. ඒ අතින් ගත්තොත් මේක NC-17, R-Rated චිත්‍රපටයක්. Sex Scenes අමුවෙන්ම තියෙනවා කිව්වොත් නිවැරදියි. නළු, නිළියන් ඒ දර්ශන සදහා ඇත්තටම සංසර්ගයේ යෙදිලා කියලමයි පේන්නේ. කුතුහලය නිසාම ඒ ගැන හොයලා බැලුවා.

ප්‍රධාන චරිතය Joe ගේ මැදි වියට පණ පොවන Charlotte Gainsbourgh පවසා තිබුනේ, අධ්‍යක්ෂක වරයා ලිංගික දර්ශන සදහා double stunt ලෙස නිල් චිත්‍රපට නළු නිළියන් භාවිතා කළ බවයි. Von Trier සිය නිර්මාණ තුලදී රංගන ශිල්පිනියන් නොයෙකුත් අභියෝග හරහා රැගෙන යන අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් ප්රකටයි. Selingman චරිතයට පණ පොවන Stellan Skarsgard පවසා තිබුනේ නිළියන් Lars Von Trier සමග වැඩ කිරීමට ප්‍රිය බවයි.

එමෙන්ම ප්‍රධාන චරිතයේ තරුණ වියට පණ පෙවූ, ඒ වන විට 23න් වන වියේ පසු වූ බ්‍රිතාන්‍ය නිළි Stacy Martin ගෙන් රූගත කිරීම් පිළිබදව මාධ්‍ය සාකච්චාවකදි විමසු විට ඇය පැවසුයේ, "ලිංගික දර්ශන සදහා CGI තාක්ෂනය භාවිතා කරන්න අපි එකග වූනත්, එහෙනම් අපේ මුළු සිරුරේම කලු පාට ඩොට් තියන්න සිද්ද වෙනවා. එහෙම කරලත් ඒ දර්ශනවල කාමුකත්වයක් නෑ, තාක්ෂණිකයි, p*rn stars ලා එක්ක එතකොට ඒ දර්ශනේම නැවත නැවත රූගත කරන්න වෙනවා, නමුත් P*rn stars ලා ඇත්තටම සෙක්ස් කරනවා. කාර්ය මණ්ඩලේට තියෙන්නේ දෙක එකතු කරන්න විතරයි" යනුවෙන්.

කතාව ගැන සරලවම කිව්වොත්, Nymphomania තත්වය නිසා ලිංගිකත්වයට ඇබ්බැහි වුණු මැදි වියේ කාන්තාවක් සිය ජීවිත කතාව නාදුනන මහළු පුද්ගලයෙක් හා බෙදා හදා ගන්න අවස්ථාව තමයි මුළු චිත්‍රපට දෙකේම යන්නේ. රාත්‍රිය පහන් වී එළිය වැටෙනකම් ඇගේ දීර්ඝ කතාව ඇය ඔහු සමග බෙදාගන්නවා.

ඉතිං මේ කතාව ගොඩක් සාහිත්යයාත්මකයි.

හේතුව චිත්‍රපටයත්, ඇය පවසන ජීවිත කතාවත් පරිච්ඡේද 8කට බෙදෙනවා. හරියට පොතක් වගේ. හැම පරිච්ඡේදයකම මාතෘකාව ඇගේ කතාවට හරි අපූරුවට සමාන වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය නරඹනකොට හොද අවධානයක් දිය යුත්තේ ලිංගික දර්ශන වලට නොවේ Joe සහ Selingman (නාදුනන මහළු පිරිමි පුද්ගලයා) ගේ දෙබස් වලටයි. ඒ දෙබස් මහා ගැඹුරුයි. Joe දක්වන සෘනාත්මක අදහස් සියල්ලම Selingman ධනාත්මක පැත්තකට හරවනවා.

සෑහෙන දුරකට යනකම් Joe තමන් 'පවුකාරියක්' යැයි කියන තර්කය Selingman ආගමික මුලාශ්‍ර, සාහිත්‍ය කෘති, ජීව විද්‍යාත්මක හා භෞතික විද්‍යාත්මක සිද්ධාන්ත උදාහරණයට අරගෙන බිඳ දමන්න හරි අපූරුවට උත්සහ කරනවා. මේ දේවල් තමයි චිත්‍රපටයේ ගන්න තියෙන ආදර්ශමත් පණිවිඩ.

අවසානයේ කාමයෙන් උමතු වූ, nymphomaniac කාන්තාවක් කෙරෙහි අනුකම්පාසහගත හැගීමක් ඔබට ඇති වූයේ නැත්නම් ඔබ චිත්‍රපටය හරියට අවධාරනය කරගෙන නෑ. අනුකම්පාවට ප්‍රථම ඇය ගැන ලිංගික උත්දිපනයක්, ක්රෝදයක් ඇති වුවත් ඉදිරියට යන්න අනුකම්පාවක්, වේදනාවක් දැනෙන්න ගන්නවා. ඒ වගේම මූලිකවම Nymphomaniac චිත්‍රපටය තුලින් එවැනි කාමෝන්මාන්තික මානසික තත්වයට ලක් වුණු කාන්තාවකට සමාජයේ ඇති සැලකිල්ලත්, එවැනිම පිරිමියෙක්ට ඇති සැලකිල්ලත් හරි ලස්සනට සමහර තැන් වලින් මතු කරලා දීලත් තියෙනවා. සමානාත්මතාවය, ලිංග භේදය, ස්ත්‍රීවාදය, දරු දෙමාපි බැඳීම, ආදරය, මනුෂ්‍ය ස්වභාවය, විශ්වාසය වගේ විෂයන්ද මේ තුළ ඇතුලත්ව තිබෙනවා.

ප.ලි. : සිංහල උපසිරැසි නම් තියෙනවද කියන්න දන්නේ නැහැ. English sub එක්ක පහසුවෙන්ම බලන්න පුළුවන්. Dictionary එකත් on කරලා තියාගන්න. කොච්චර කඩ්ඩෙන් වැඩ දැම්මත් සාහිත්‍යමය වචන ආවම කොර වෙන්න පුළුවන්.

Cemre Clementine

(ක්ලෙමන්ටයින්)

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 27276724, member: 575597"] [SIZE=5]Nymphomaniac [2013-2014] - කාමෝන්මාදය. (වින්දනය උදෙසා නැරඹීමෙන් වලකින්න) [IMG width="450px"]https://scontent-sin6-3.xx.fbcdn.net/v/t39.30808-6/p526x296/271658434_328776552447027_2082751813090420217_n.jpg?_nc_cat=106&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_eui2=AeE1GPUR5C12rM3mPKRc6oOiI_S6VYkbLnMj9LpViRsuc_l7nxgpaRx0ZUUlRcX7J1dUxgpQA1j00PbsIHP78W3y&_nc_ohc=dYS75i4DbhkAX-6NNal&tn=FJ4rCIslCz0V-olx&_nc_ht=scontent-sin6-3.xx&oh=00_AT8TLSF9en4iBIuot1-btNG3Z-ViotmLvqs1tLwIxNEZ0Q&oe=61E4EC72[/IMG][/SIZE] Nymphomania? කාමෝන්මාදය? මෙය හුදෙක් ගැඹුරු මනෝවිද්‍යාත්මක විෂයක් වුවත් කෙටියෙන්ම Sex Addict (ලිංගිකත්වයට ඇබ්බැහි වීම) කියලා හදුන්වන්න පුළුවන්. ඔව්, Nymphomania කියන්නේ එක්තරා මානසික රෝගයක්. අපි දන්නා මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්, ඇල්කොහොල් වලට ඇබ්බැහිවීම්,වෙනත් අස්වාභාවික ආශාවලට ඇබ්බැහි වීම් අතරේ nymphomania කියන්නෙත් පුද්ගලයන් 100ක් අතරින් 1 අයෙකුට බලපෑ හැකි මානසික රෝගයක්. ගැහැණු පිරිමි භේදයක් නොමැති මේ රෝගයට ගොදුරු වූවන්ගෙන් 80%ක් පිරිමි බවටයි සදහන් වෙන්නේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස Lars Von Trier ගැන කතා නොකරම බෑ. Von Trier කියන්නේ Danish ජාතික තිර රචකයෙක් හා අධ්‍යක්ෂක වරයෙක්. ඔහුගේ නිර්මාණ තුලින් ඔහු බොහෝ විට දේශපාලනික ගැටළු, සමාජීය ගැටළු මෙන්ම මනෝවිද්‍යාත්මක ගැටළු පිළිබද විවෘතව කතා කරනවා. Nymphomaniac චිත්‍රපටය ගැන කතා කරන නිසා Lars Von Trier ගේ Depression Trilogy (සිනමාපට ත්‍රිත්වය)එක ගැන කතා නොකරම බෑ. මේ trilogy එකේ එන එක් චිත්‍රපටයක් තමයි Nymphomaniac කියන්නේ. ඒ සමගම Melancholia සහ Antichrist චිත්‍රපට මේ trilogy එකට එකතු වෙනවා. Depression නැත්නම් විෂාදය කියන්නේ නිතරම කතා බහට ලක් වෙන මාතෘකාවක්. ඉතිං Von Trier ඔහුගේ නිර්මාණයේ චරිත තුල ඇති විෂාදය පෙන්වනවාට වඩා, ඒ තුලින් නරඹන්නාට මානසික අවපීඩනයක් දනවන්න සාර්ථකව උත්සහ කරලා තියෙනවා කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්. Nymphomaniac අපට කොටස් දෙකක් වශයෙනුයි තිලිණ වන්නේ. ඒ Vol 1 සහ Vol 2 ලෙසින්. මම නිර්දේශ කරන්නේ Director's cut පිටපත. කාල පරාසය ගත්තම චිත්‍රපට 2ම බලන්න පැය 6කට ආසන්න කාලයක් ගත වෙනවා. හොදම දේ තමයි පළමු කොටස එක දවසකත් අනෙක් කොටස ඊළග දවසෙත් බලන එක. කුතුහලය පැත්තක දාන්න. සාමාන්‍ය පැය 2ක චිත්‍රපටයක් බලලා ඉවර වුණාමත් අපිට මහන්සියක් දැනෙනවා.මේක මහන්සියකට එහා ගිය හැගීමකින් නතර වෙන්නේ. Depression Trilogy එකේ චිත්‍රපටයක් කිව්වමම තේරෙනවානේ. මානසික මට්ටම සෑහෙන පහළට අරගෙන යන්න පුළුවන් අනෙක් චිත්‍රපට අතරින් මේකනම් ඉහලින්ම තියෙන එකක්. එකිනෙකාගේ හැගීම් අනුව එහෙම නොවෙන්නත් පුළුවන් නමුත් කවුරු හරි මේ චිත්‍රපටය sex නිසා නිර්දේශ කළොත් ඒ කෙනා මේක skip කර කර ඒ කොටස් ටික එහෙන් මෙහෙන් බැලුව කෙනෙක්, නැත්නම් දෙබස් මුකුත්ම තේරුනේ නැති කෙනෙක් හෝ po*n site එකකින් චිත්‍රපටයේ කොටස් බලපු කෙනෙක් විය යුතුයි. චිත්‍රපටය රිලීස් වෙන්න කලින්ම නිළ පෝස්ටර් කිහිපය නිසා ප්‍රේක්ෂකයන් අතර විශාල අන්දෝලනයක් ඇතිවුනා. ඇයි කිව්වොත්, ප්‍රධාන නළු, නිළියන් සියල්ලම නිරුවත්ව මෙන්ම සුරතාන්තයට පත් වන අවස්ථාවක හැගීමක් මුහුණෙන් නිරූපණය කරලා තියෙන ඡායාරූප සමූහයක් තමයි මේකේ නිළ පෝස්ටරය වුණේ. ඒ නිසා බැලු බැල්මට මම හිතුවෙත් මේක මරු erotic එකක් කියලා.. erotic තමයි. ඒ අතින් ගත්තොත් මේක NC-17, R-Rated චිත්‍රපටයක්. Sex Scenes අමුවෙන්ම තියෙනවා කිව්වොත් නිවැරදියි. නළු, නිළියන් ඒ දර්ශන සදහා ඇත්තටම සංසර්ගයේ යෙදිලා කියලමයි පේන්නේ. කුතුහලය නිසාම ඒ ගැන හොයලා බැලුවා. ප්‍රධාන චරිතය Joe ගේ මැදි වියට පණ පොවන Charlotte Gainsbourgh පවසා තිබුනේ, අධ්‍යක්ෂක වරයා ලිංගික දර්ශන සදහා double stunt ලෙස නිල් චිත්‍රපට නළු නිළියන් භාවිතා කළ බවයි. Von Trier සිය නිර්මාණ තුලදී රංගන ශිල්පිනියන් නොයෙකුත් අභියෝග හරහා රැගෙන යන අධ්‍යක්ෂක වරයෙක් වශයෙන් ප්රකටයි. Selingman චරිතයට පණ පොවන Stellan Skarsgard පවසා තිබුනේ නිළියන් Lars Von Trier සමග වැඩ කිරීමට ප්‍රිය බවයි. එමෙන්ම ප්‍රධාන චරිතයේ තරුණ වියට පණ පෙවූ, ඒ වන විට 23න් වන වියේ පසු වූ බ්‍රිතාන්‍ය නිළි Stacy Martin ගෙන් රූගත කිරීම් පිළිබදව මාධ්‍ය සාකච්චාවකදි විමසු විට ඇය පැවසුයේ, "ලිංගික දර්ශන සදහා CGI තාක්ෂනය භාවිතා කරන්න අපි එකග වූනත්, එහෙනම් අපේ මුළු සිරුරේම කලු පාට ඩොට් තියන්න සිද්ද වෙනවා. එහෙම කරලත් ඒ දර්ශනවල කාමුකත්වයක් නෑ, තාක්ෂණිකයි, p*rn stars ලා එක්ක එතකොට ඒ දර්ශනේම නැවත නැවත රූගත කරන්න වෙනවා, නමුත් P*rn stars ලා ඇත්තටම සෙක්ස් කරනවා. කාර්ය මණ්ඩලේට තියෙන්නේ දෙක එකතු කරන්න විතරයි" යනුවෙන්. කතාව ගැන සරලවම කිව්වොත්, Nymphomania තත්වය නිසා ලිංගිකත්වයට ඇබ්බැහි වුණු මැදි වියේ කාන්තාවක් සිය ජීවිත කතාව නාදුනන මහළු පුද්ගලයෙක් හා බෙදා හදා ගන්න අවස්ථාව තමයි මුළු චිත්‍රපට දෙකේම යන්නේ. රාත්‍රිය පහන් වී එළිය වැටෙනකම් ඇගේ දීර්ඝ කතාව ඇය ඔහු සමග බෙදාගන්නවා. ඉතිං මේ කතාව ගොඩක් සාහිත්යයාත්මකයි. හේතුව චිත්‍රපටයත්, ඇය පවසන ජීවිත කතාවත් පරිච්ඡේද 8කට බෙදෙනවා. හරියට පොතක් වගේ. හැම පරිච්ඡේදයකම මාතෘකාව ඇගේ කතාවට හරි අපූරුවට සමාන වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය නරඹනකොට හොද අවධානයක් දිය යුත්තේ ලිංගික දර්ශන වලට නොවේ Joe සහ Selingman (නාදුනන මහළු පිරිමි පුද්ගලයා) ගේ දෙබස් වලටයි. ඒ දෙබස් මහා ගැඹුරුයි. Joe දක්වන සෘනාත්මක අදහස් සියල්ලම Selingman ධනාත්මක පැත්තකට හරවනවා. සෑහෙන දුරකට යනකම් Joe තමන් 'පවුකාරියක්' යැයි කියන තර්කය Selingman ආගමික මුලාශ්‍ර, සාහිත්‍ය කෘති, ජීව විද්‍යාත්මක හා භෞතික විද්‍යාත්මක සිද්ධාන්ත උදාහරණයට අරගෙන බිඳ දමන්න හරි අපූරුවට උත්සහ කරනවා. මේ දේවල් තමයි චිත්‍රපටයේ ගන්න තියෙන ආදර්ශමත් පණිවිඩ. අවසානයේ කාමයෙන් උමතු වූ, nymphomaniac කාන්තාවක් කෙරෙහි අනුකම්පාසහගත හැගීමක් ඔබට ඇති වූයේ නැත්නම් ඔබ චිත්‍රපටය හරියට අවධාරනය කරගෙන නෑ. අනුකම්පාවට ප්‍රථම ඇය ගැන ලිංගික උත්දිපනයක්, ක්රෝදයක් ඇති වුවත් ඉදිරියට යන්න අනුකම්පාවක්, වේදනාවක් දැනෙන්න ගන්නවා. ඒ වගේම මූලිකවම Nymphomaniac චිත්‍රපටය තුලින් එවැනි කාමෝන්මාන්තික මානසික තත්වයට ලක් වුණු කාන්තාවකට සමාජයේ ඇති සැලකිල්ලත්, එවැනිම පිරිමියෙක්ට ඇති සැලකිල්ලත් හරි ලස්සනට සමහර තැන් වලින් මතු කරලා දීලත් තියෙනවා. සමානාත්මතාවය, ලිංග භේදය, ස්ත්‍රීවාදය, දරු දෙමාපි බැඳීම, ආදරය, මනුෂ්‍ය ස්වභාවය, විශ්වාසය වගේ විෂයන්ද මේ තුළ ඇතුලත්ව තිබෙනවා. ප.ලි. : සිංහල උපසිරැසි නම් තියෙනවද කියන්න දන්නේ නැහැ. English sub එක්ක පහසුවෙන්ම බලන්න පුළුවන්. Dictionary එකත් on කරලා තියාගන්න. කොච්චර කඩ්ඩෙන් වැඩ දැම්මත් සාහිත්‍යමය වචන ආවම කොර වෙන්න පුළුවන්. Cemre Clementine (ක්ලෙමන්ටයින්🍊) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom