Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Old Colombo : ඉඟුරු කඩේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැල්කරුවන්ට ඉඟුරුදාලා තේ දුන්න තැන ඉඟුරු කඩේ වුණා

ඈත අතීතයේ සිට ෙකාළඹ නගරයට පිවිසෙන ප්‍රධාන දොරටු අතර තොටළඟ, නාගලගම්වීදිය සහ ඉඟුරු කඩේ හන්දිය එකම පවුලේ සහෝදරයන් තිදෙනකු මෙන් ඉතාම සමීප නාගරික ප්‍රදේශ තුනක් විය.

එක පැත්තකින් නිසොල්මනේ ගලා බසින කැලණි නදිය මහා සමුදුර සිප ගනිද්දී තොටළඟ, නාගලගම්වීදිය, ඉඟුරු කඩේ හන්දියේ සැඟවී ඇති අතීත මතකයන් සොයා යෑම ආරම්භ කළෙමු.

කාර්මික පුනරුදයේ අනුහසින් දියුණු ප්‍රවාහන පහසුකම් බිහිවීමට පෙර වෙළෙඳාම සඳහා භාණ්ඩ ප්‍රවාහනය කළේ ගැල් කරත්ත හා ඔරු පාරු මගින් බව ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අනුව කැලණි ගඟ දිගේ කොළඹට සේන්දු වූ ඔරු පාරු සහ බත්තල් ගැට ගසා තිබූ ස්ථානය ‘‘තොටළඟ’’ වූ බව ගම්වාසී පැරැන්නෝ පවසති.

තොටළඟ බෝධිරාජාරාමාධිපති නිවිතිගල ඥානින්ද හිමියන් ඒ ගැන අපට පැවසුවේ මෙසේය.

අතීතයේ ඉඳලම සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා වෙළඳාමේ නිරත වූ පොදු වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් තොටළඟ ප්‍රසිද්ධියට පත්වුණා. අද ජපන් මිත්‍රත්ව පාලම වශයෙන් හඳුන්වන අලුත් පාලමට පෙර කැලණි ගඟෙන් කොළඹ යා කළ පැරැණි ප්‍රධාන පාලම වික්ටෝරියා පාලම වශයෙන් තමයි හැඳින්වුණේ. එය වික්ටෝරියා රැජිණගේ උපන් දිනය යෙදී තිබුණු 1895 මැයි 24 වැනිදා විවෘත කළ නිසා වික්ටෝරියා පාලම වශයෙන් හඳුන්වන්න පටන්ගත්තා.

තොටළඟ ප්‍රසිද්ධියට පත් වූ තවත් සිදුවීමක් තමයි සෑම වසරකම වෙසක් පෝය නිමිත්තෙන් ඉදිකරන තොටළඟ වෙසක් තොරණ. මේ තොරණ බලන්න සෑම පළාතකින්ම වගේ තොටළඟට විශාල ජනකායක් ඇදෙනවා. පසුගිය වෙසක් පෝයට ඉදිකළ තොරණ 65 වැනි තොරණයි.

සාම විනිසුරු එල්. ගොඩ්වින් මයුරපාල සිල්වා තොටළඟ, නාගලගම්වීදිය, ඉඟුරු කඩේ හන්දිය ගැන තොරතුරු දන්නා මාළු වෙළෙඳාමේ නිරත වූ නගරවැසියෙකි. ඔහු ඒ ස්මරණයන් ගෙනහැර පෑවේ මෙසේය.

ඉඟුරු කඩේ හන්දියේ ඒ කාලේ ගැල්කරුවන්ට හොඳට ඉඟුරු දමා තේ දුන් කඩයක් තිබුණු බවට ජනප්‍රවාදයක් තියෙනවා. එ් කාලේ ඉඟුරු කඩේ හන්දිය කැලෑවෙන් වට වූ වඟුරු බිම්වලින් ගහන ඉතාම සුන්දර පරිසරයක් තමයි තිබුණේ.

හරියට පලතුරු වර්ග මේ අවට තිබුණා. බකිනි ගස් සෑම තැනකම වගේ කැලෑවේ තිබුණා. අපි පුංචි කාලේ ගොට්ටකට ගෙදරින් සීනි ටිකක් දාගෙන බකිනි ගහකට නැගලා බකිනි ගෙඩි කඩලා සීනි මිශ්‍ර කරලා ඇතිවෙන්න ගෙඩි කනවා. මාදං, හිඹුටු, පේර වැනි පලතුරු වර්ගත් මේ කැලෑවේ තිබුණා.

නාගලගම්වීදිය ගැන පුංචි කාලේ අපට වැඩිහිටියෝ කියලා දුන්නේ කැලණියේ විසුවේ යැයි කියන නාගගෝත්රිකයන් නාගලගම්වීදියෙන් ඇතුළු වුණ නිසා ‘‘නාගුළුගම්වීදිය’’ පසුව නාගලගම්වීදිය බවට පත් වූ බවයි.

පෘතුගීසි, ලන්දේසි යුගයේ පාලකයන් ගමනාගමනයට යොදාගෙන ඇත්තේ අශ්වයන් හා අශ්ව කරත්ත තමයි. ඒ අශ්වයන්ට වතුර බොන්න හොඳ පිරිසිදු ළිඳක් නාගලගම්වීදිය කොළඹ දෙසට ආරම්භ වන ස්ථානයේ තිබුණා අපට මතකයි. අද පොදු වැසිකිළි පද්ධතියක් තනා ඇති ස්ථානයට ටිකක් දුරින් ඒ ළිඳ තිබුණා. අශ්වයන්ට හොම්බ දාලා වතුර බොන්න පුළුවන් විදියට තමයි ඒ ළිඳ හදලා තිබුණේ.

ඒ කාලේ වෙළෙඳාමට හා භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත්තේ ගඟ හරහා ඔරු පාරු බත්තල් කියන ඒවා තමයි.

විශේෂයෙන් තොටළඟ ආශ්‍රිතව පාරු සංස්කෘතියක් බිහිවෙලා තිබුණා. මීගමුව හලාවත වැනි ප්‍රදේශවලින් කොළඹට අවශ්‍ය හාල්, සීනි, පිටි, කරවල, ජාඩි, කොප්පරා වැනි එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළේ පාරුවලින් තමයි. හැමිල්ටන් ඇළ දිගේ සේන්දු වන පාරු මෝය කට ළඟින් හැරිලා කැලණි ගඟ හරහා ජාඩි ඇළට ඇතුළු වෙනවා.

ඒ කාලේ ජාඩිවලට තිබුණ ඉල්ලුමත් සමඟ මේ ඇළට ජාඩි ඇළ කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. ජාඩි ඇළ ළඟ ලොකු රේන්ද පොළක් තිබුණා. ඒ කාලේ කොළඹට පාරුවක් ඇතුළු කිරීමට ශත 2ක් හෝ 3ක් වැනි මුදලක් අය කරනවා. මේ රේන්ද පොළෙන් තමයි ඒ මුදල් අය කරගන්නේ. එතැන ඉඳලා බේරේ වැව දක්වා පාරු ගමන් කරමින් රජය හා පෞද්ගලික ආයතනවලට අවශ්‍ය බඩු ප්‍රවාහනය කරනවා.

පාරු මෙහෙයවන භාරකරුවෙක් හිටියා. ඔහුට කියන්නේ ‘‘තණ්ඩලේ’’ කියලා තමයි. ඔහුගේ සහයට තව හතර පස් දෙනෙක් සිටියා.

පාරුව දින ගණනක් ගඟ දිගේ ගමන් කරනවා. ඒ පාරුකරුවන් විසින් උයන බත්වලට පාරු බත් කියලා කියනවා. ඒ පාරු බත් හරිම රසයි. ඒ කාලේ තොටළඟ ගැබිනි කාන්තාවන්ට දොළදුකක් හැදෙනවා. ඒ තමයි පාරු බත් කන්න. පාරු බත් ජාඩි සමඟ කොප්පරා සම්බෝලය මුසුවුණාම දිවපිනා යන රසයක් දැනෙනවා.

මේ පාරුවල එන තණ්ඩලේ ඇතුළු පිරිස බොෙහා්ම උස මහත අතපය ශක්තිමත් ජවසම්පන්න මිනිස්සු තමයි. ඉතින් ඒ කාලේ තොටළඟ හොඳ රා තියෙනවා. රාවලට ෙතාටළඟ ප්‍රසිද්ධයි. අදටත් රා තැබෑරුමක් තොටළඟ තිබෙනවා.

ඒ දවස්වල රා කළවල බැඳගෙන කඳේ තමයි මිනිස්සු අරගෙන එන්නේ.

අරක්කු නම් පීප්පවල ගේනවා. ඉතින් සේදවත්ත වගේ ගම්වලින් හොඳ රා තොටළඟට එනවා. පාරුවල එන තණ්ඩලේ ඇතුළු පිරිස තොටළඟින් හොඳට රා බොනවා.

හලාවත උඩප්පුවේ ඉඳලා තමයි ජාඩි සමඟ කරවල පාරුවලින් රැගෙන එන්නේ. හැමිල්ටන් ඇළේ කොටසකට ජාඩි ඇළ කියලා නම හැදුනෙත් ජාඩි නිසා තමයි. ජාඩි පීප්පවල තමයි එන්නේ.

එබා මාමා, සොබා මාමා, කොරින්ඩි ඇල්බට් මාමා, ජේමිස් මාමා මේ අය තමයි අමුඩ ගහගෙන මේ ජාඩි පීප්ප තල්ලු කරන්නේ බාන්නේ. මට හොඳට මේ අය මතකයි.

තොටළඟ කිව්වාම සිහිපත් වෙන දේශපාලනඥයන් අතර ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයාව අපට අමතක කරන්න බැහැ. මැලේරියා වසංගතය තුරන් කරන්න හතර කෝරලයට හා සත් කෝරලයට පමණක් නොව ශ්‍රී ලංකාවට ඒ මහත්තයා කළ සේවාව අමරණීයයි. ‘‘පරිප්පු මහත්තයා’’ යනුවෙන් ද ඒ කාලයේ මිනිස්සු ‘‘ඇන්.ඇම්.’’ මහත්තයාට කියනවා.

ඇන්.ඇම්. පෙරේරා මහතාගේ පියා තොටළඟ කඩසාප්පු සමඟ කරත්තත් හිමි කරත්තකරුවෙක්. සිය ප්‍රතිවාදීන් ඇන්.ඇම්. පෙරේරා මහත්තයාට ‘‘තොටළඟ මාටියා’’ යනුවෙන් හැඳින් වූ අයුරු මට මතකයි.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා විජයවර්ධන පවුලේ වාසභූමිය වූ සේදවත්ත වලව්වත් කැලණි ගඟ අසබඩ අදටත් අපට දකින්න පුළුවන්. මුලින්ම එජාපයෙන් තොටළඟට තරග කළේ සේරම් කියලා මහත්තයෙක්. ඊළඟට ඉඟුරු කඩේ හන්දියේ එදිරිසිංහ ගරාජයේ හිමිකරු වූ එදිරිසිංහ මහත්තයා සමසමාජයෙන් තරග කළා. චාල්ස් ගන්දර කියලා දකුණේ මහත්තයෙක් ශ්‍රීලනිපයෙන් තරග කළා.

1956දී උතුරු කොළඹ මහවත්ත නාගරික කොට්ඨාසයට ලංකා සමසමාජ පක්ෂයෙන් විවියන් ගුණවර්ධන මහත්මිය තරග කරලා ජය ලබාගත්තා. විවියන් ගුණවර්ධන කියන්නේ බොහෝම එඩිතර කාන්තාවක්. විවියන් ගුණවර්ධන මහත්මිය සමඟ එජාපයෙන් තරග කළේ ෂෙල්ටන් ජේ. අබේරත්න මහත්තයා තමයි. ඒ මහත්තයාත් විවියන් ගුණවර්ධන මහත්මිය පරාද කරලා නාගරික මන්ත්‍රී වුණා.

ඒ කාලේ අපේ තාත්තා ඇතුළු ගමේ පිරිස තොටළඟ සමසමාජ රැලිවලට එන ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයාව පිළිගත්තේ මුද්දරප්පලම්වලින් හදපු මල් මාලා දාලා ඒ තරමට ඉස්සර තොටළඟ හිටපු මිනිස්සු ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයාට ආදරෙයි. ඒ වගේම තමයි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයාටත් තොටළඟ මිනිස්සු හරිම ආදරෙයි.

දේශපාලන වේදිකාවල වචන හරඹ කළාට ඉතාම සාමකාමී දේශපාලනයක් ඒ කාලේ තොටළඟ තිබුණේ. උතුරු කොළඹ තමයි අපේ අාසනය. එම්. වින්සන්ට් පෙරේරා, වී.ඒ. සුගතදාස, ක්‍රිස්ටි පෙරේරා වැනි මහත්වරුන්ගේ මහත්මා දේශපාලනයද අපට අමතක කරන්න බැහැ.

ඉස්සර තොටළඟ ගැරේජ්වත්ත ළඟ නාඩගම් පෙන්වනවා. ‘‘ඔරුසන්-පාලන්තන්’’, ‘‘එළාර-දුටුගැමුණු’’, ‘‘රොඩී කෙල්ල’’ ආදී නාඩගම් බලන්න මිනිස්සු පිරෙනවා.

ඒ නාඩගම්වල රඟපාන්න ඒ කාලේ ඉතාම ප්‍රසිද්ධ නිළියක් වූ රුක්මනී දේවිත් එනවා. ධර්මදාස කල්දේරා වගේම ධර්ම ශ්‍රී කල්දේරාත් තොටළඟ ඉපදුණු කලාකරුවෝ. ‘‘සීතල වතුර’’, ’’රං ඔන්චිල්ලා’’ වැනි චිත්‍රපට හැදුවේ ධර්ම ශ්‍රී කල්දේරා තමයි. ඒ වගේම ඒ කාලේ තොටළඟ වාදබයිලාවලට බොහෝම ප්‍රසිද්ධයි. තොටළඟ කුසුම්පාල කියලා වාදබයිලා ගායකයෙක් හිටියා.

මම ඉපදුණේ 1946. ඒ වෙනකොටත් කොළඹ ට්රෑම් කාර් තිබුණා. තොටළඟ මාර්කට් එක ළඟ ඉඳලා බොරැල්ල හන්දිය දක්වා අවසන් වන ට්රෑම් කාර් සේවයක් තිබුණා. ඊළඟට තොටළඟ මාර්කට් එක ළඟ ඉඳලා කොළඹ කොටුවේ විමලධර්ම සහෝදරයෝ ඔරලෝසු කඩේ ළඟින් අවසන් වන ට්රෑම් කාර් සේවයක් තිබුණා. ඒ කාලේ ට්රෑම් කාර් එකේ කොටුවට ගන්නේ ශත 10යි.

ආමර්වීදියට ශත 5යි. ඊට පස්සේ තමයි ට්‍රොලි බස් ආවේ. ඒ කාලේ තොටළඟ බඩුත් හරිම ලාභයි. ජනාකීර්ණ බවෙන් අඩුවක් තිබුණේ නැහැ. මිනිස්සු රික්ෂෝවලින් පවා ඇවිත් බඩු අරන් යනවා.

වික්ටෝරියා පාලම ඉතාම කලාත්මකව තැනුණු පාලමක්. එදා තිබූ පාරු පාලමට ටිකක් පහළින් තමයි මේ පාලම 1892 ඉදිකිරීම අරඹලා තියෙන්නේ. මංතීරු දෙකක් සමඟ මගී ගමනාගමනයට හොඳ පදික වේදිකාවකුත් තිබුණා. දැන් ඒ පාලම මොරටුව පිළියන්ද පාරේ වේරැස් ගඟ හරහා දාලා තියෙනවා. බොරැල්ල කනත්තට නොදෙවෙනි කනත්තක් මාදම්පිටියේ හදලා තියෙනවා. උතුරු කොළඹ ජනතාවට ඒකත් පහසුවක්. ඒ කාලේ ඉඳලම මේ පොදු සුසාන භූමිය තිබෙනවා.

මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් තමයි 1994 තොටළඟ බෝම්බය පිපිරීමේ සිද්ධිය. ඒක සිදුවුණේ තොටළඟ මාර්කට් එක ඉස්සරහා තමයි. මම ඔසී අබේගුණසේකරගේ කතාව අහන්න තමයි ඒ ස්ථානයට ගියේ.

ඔසී මහත්තයාගේ කතාව අහලා මම ගෙදර ආවා. ගෙදර ඇවිත් ටික වේලාවකට පස්සේ විශාල හඬක් නිකුත්කරමින් බෝම්බය පුපුරණ හඬ මට හොඳටම ඇසුණා. මේ සිද්ධියෙන් ගාමිණී දිසානායක, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි, ඔසී අබේගුණසේකර, ගාමිණි විජේසේකර, ක්‍රිස්ටි පෙරේරා ඇතුළු 79ක ජීවිත අහිමිවීම අමතක කරන්න බැහැ.

එදා කැලණි ගඟ අසබඩ පිහිටි සුන්දර තොටළඟ අද ගොඩාක් අසුන්දර බවට අපේ මිනිස්සු පත්කරගෙන තිබෙනවා. ඒ ගැන කනගාටුයි. නමුත් මගේ නිවස අසල ප්‍රදේශයේ කිසිවකුට මම කුඩු විකුණන්න නම් ඉඩ නොදෙන බව අවසන් වශයෙන් සඳහන් කරන්න කැමැතියි.

මේ අයුරින් අතීතයේ තිබුණු තොටළඟ, නාගලගම්වීදිය හා ඉඟුරු කඩේ හන්දිය ගැන ඉතාම රසවත් තොරතුරු ගෙනහැර පෑ ගොඩ්වින් මයුරපාල සිල්වා මහතාට අපේ ස්තූතිය පුදකරමු.

සටහන :

මහින්ද ආරියවංශ

[QUOTE="banda065, post: 21836435, member: 27834"] [SIZE="4"]ගැල්කරුවන්ට ඉඟුරුදාලා තේ දුන්න තැන ඉඟුරු කඩේ වුණා [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_baa5e3a9c5.jpg[/IMG] ඈත අතීතයේ සිට ෙකාළඹ නගරයට පිවිසෙන ප්‍රධාන දොරටු අතර තොටළඟ, නාගලගම්වීදිය සහ ඉඟුරු කඩේ හන්දිය එකම පවුලේ සහෝදරයන් තිදෙනකු මෙන් ඉතාම සමීප නාගරික ප්‍රදේශ තුනක් විය. එක පැත්තකින් නිසොල්මනේ ගලා බසින කැලණි නදිය මහා සමුදුර සිප ගනිද්දී තොටළඟ, නාගලගම්වීදිය, ඉඟුරු කඩේ හන්දියේ සැඟවී ඇති අතීත මතකයන් සොයා යෑම ආරම්භ කළෙමු. කාර්මික පුනරුදයේ අනුහසින් දියුණු ප්‍රවාහන පහසුකම් බිහිවීමට පෙර වෙළෙඳාම සඳහා භාණ්ඩ ප්‍රවාහනය කළේ ගැල් කරත්ත හා ඔරු පාරු මගින් බව ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අනුව කැලණි ගඟ දිගේ කොළඹට සේන්දු වූ ඔරු පාරු සහ බත්තල් ගැට ගසා තිබූ ස්ථානය ‘‘තොටළඟ’’ වූ බව ගම්වාසී පැරැන්නෝ පවසති. තොටළඟ බෝධිරාජාරාමාධිපති නිවිතිගල ඥානින්ද හිමියන් ඒ ගැන අපට පැවසුවේ මෙසේය. අතීතයේ ඉඳලම සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා වෙළඳාමේ නිරත වූ පොදු වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් තොටළඟ ප්‍රසිද්ධියට පත්වුණා. අද ජපන් මිත්‍රත්ව පාලම වශයෙන් හඳුන්වන අලුත් පාලමට පෙර කැලණි ගඟෙන් කොළඹ යා කළ පැරැණි ප්‍රධාන පාලම වික්ටෝරියා පාලම වශයෙන් තමයි හැඳින්වුණේ. එය වික්ටෝරියා රැජිණගේ උපන් දිනය යෙදී තිබුණු 1895 මැයි 24 වැනිදා විවෘත කළ නිසා වික්ටෝරියා පාලම වශයෙන් හඳුන්වන්න පටන්ගත්තා. තොටළඟ ප්‍රසිද්ධියට පත් වූ තවත් සිදුවීමක් තමයි සෑම වසරකම වෙසක් පෝය නිමිත්තෙන් ඉදිකරන තොටළඟ වෙසක් තොරණ. මේ තොරණ බලන්න සෑම පළාතකින්ම වගේ තොටළඟට විශාල ජනකායක් ඇදෙනවා. පසුගිය වෙසක් පෝයට ඉදිකළ තොරණ 65 වැනි තොරණයි. සාම විනිසුරු එල්. ගොඩ්වින් මයුරපාල සිල්වා තොටළඟ, නාගලගම්වීදිය, ඉඟුරු කඩේ හන්දිය ගැන තොරතුරු දන්නා මාළු වෙළෙඳාමේ නිරත වූ නගරවැසියෙකි. ඔහු ඒ ස්මරණයන් ගෙනහැර පෑවේ මෙසේය. ඉඟුරු කඩේ හන්දියේ ඒ කාලේ ගැල්කරුවන්ට හොඳට ඉඟුරු දමා තේ දුන් කඩයක් තිබුණු බවට ජනප්‍රවාදයක් තියෙනවා. එ් කාලේ ඉඟුරු කඩේ හන්දිය කැලෑවෙන් වට වූ වඟුරු බිම්වලින් ගහන ඉතාම සුන්දර පරිසරයක් තමයි තිබුණේ. හරියට පලතුරු වර්ග මේ අවට තිබුණා. බකිනි ගස් සෑම තැනකම වගේ කැලෑවේ තිබුණා. අපි පුංචි කාලේ ගොට්ටකට ගෙදරින් සීනි ටිකක් දාගෙන බකිනි ගහකට නැගලා බකිනි ගෙඩි කඩලා සීනි මිශ්‍ර කරලා ඇතිවෙන්න ගෙඩි කනවා. මාදං, හිඹුටු, පේර වැනි පලතුරු වර්ගත් මේ කැලෑවේ තිබුණා. නාගලගම්වීදිය ගැන පුංචි කාලේ අපට වැඩිහිටියෝ කියලා දුන්නේ කැලණියේ විසුවේ යැයි කියන නාගගෝත්රිකයන් නාගලගම්වීදියෙන් ඇතුළු වුණ නිසා ‘‘නාගුළුගම්වීදිය’’ පසුව නාගලගම්වීදිය බවට පත් වූ බවයි. පෘතුගීසි, ලන්දේසි යුගයේ පාලකයන් ගමනාගමනයට යොදාගෙන ඇත්තේ අශ්වයන් හා අශ්ව කරත්ත තමයි. ඒ අශ්වයන්ට වතුර බොන්න හොඳ පිරිසිදු ළිඳක් නාගලගම්වීදිය කොළඹ දෙසට ආරම්භ වන ස්ථානයේ තිබුණා අපට මතකයි. අද පොදු වැසිකිළි පද්ධතියක් තනා ඇති ස්ථානයට ටිකක් දුරින් ඒ ළිඳ තිබුණා. අශ්වයන්ට හොම්බ දාලා වතුර බොන්න පුළුවන් විදියට තමයි ඒ ළිඳ හදලා තිබුණේ. ඒ කාලේ වෙළෙඳාමට හා භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත්තේ ගඟ හරහා ඔරු පාරු බත්තල් කියන ඒවා තමයි. විශේෂයෙන් තොටළඟ ආශ්‍රිතව පාරු සංස්කෘතියක් බිහිවෙලා තිබුණා. මීගමුව හලාවත වැනි ප්‍රදේශවලින් කොළඹට අවශ්‍ය හාල්, සීනි, පිටි, කරවල, ජාඩි, කොප්පරා වැනි එදිනෙදා ජන ජීවිතයට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළේ පාරුවලින් තමයි. හැමිල්ටන් ඇළ දිගේ සේන්දු වන පාරු මෝය කට ළඟින් හැරිලා කැලණි ගඟ හරහා ජාඩි ඇළට ඇතුළු වෙනවා. ඒ කාලේ ජාඩිවලට තිබුණ ඉල්ලුමත් සමඟ මේ ඇළට ජාඩි ඇළ කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. ජාඩි ඇළ ළඟ ලොකු රේන්ද පොළක් තිබුණා. ඒ කාලේ කොළඹට පාරුවක් ඇතුළු කිරීමට ශත 2ක් හෝ 3ක් වැනි මුදලක් අය කරනවා. මේ රේන්ද පොළෙන් තමයි ඒ මුදල් අය කරගන්නේ. එතැන ඉඳලා බේරේ වැව දක්වා පාරු ගමන් කරමින් රජය හා පෞද්ගලික ආයතනවලට අවශ්‍ය බඩු ප්‍රවාහනය කරනවා. පාරු මෙහෙයවන භාරකරුවෙක් හිටියා. ඔහුට කියන්නේ ‘‘තණ්ඩලේ’’ කියලා තමයි. ඔහුගේ සහයට තව හතර පස් දෙනෙක් සිටියා. පාරුව දින ගණනක් ගඟ දිගේ ගමන් කරනවා. ඒ පාරුකරුවන් විසින් උයන බත්වලට පාරු බත් කියලා කියනවා. ඒ පාරු බත් හරිම රසයි. ඒ කාලේ තොටළඟ ගැබිනි කාන්තාවන්ට දොළදුකක් හැදෙනවා. ඒ තමයි පාරු බත් කන්න. පාරු බත් ජාඩි සමඟ කොප්පරා සම්බෝලය මුසුවුණාම දිවපිනා යන රසයක් දැනෙනවා. මේ පාරුවල එන තණ්ඩලේ ඇතුළු පිරිස බොෙහා්ම උස මහත අතපය ශක්තිමත් ජවසම්පන්න මිනිස්සු තමයි. ඉතින් ඒ කාලේ තොටළඟ හොඳ රා තියෙනවා. රාවලට ෙතාටළඟ ප්‍රසිද්ධයි. අදටත් රා තැබෑරුමක් තොටළඟ තිබෙනවා. ඒ දවස්වල රා කළවල බැඳගෙන කඳේ තමයි මිනිස්සු අරගෙන එන්නේ. අරක්කු නම් පීප්පවල ගේනවා. ඉතින් සේදවත්ත වගේ ගම්වලින් හොඳ රා තොටළඟට එනවා. පාරුවල එන තණ්ඩලේ ඇතුළු පිරිස තොටළඟින් හොඳට රා බොනවා. හලාවත උඩප්පුවේ ඉඳලා තමයි ජාඩි සමඟ කරවල පාරුවලින් රැගෙන එන්නේ. හැමිල්ටන් ඇළේ කොටසකට ජාඩි ඇළ කියලා නම හැදුනෙත් ජාඩි නිසා තමයි. ජාඩි පීප්පවල තමයි එන්නේ. එබා මාමා, සොබා මාමා, කොරින්ඩි ඇල්බට් මාමා, ජේමිස් මාමා මේ අය තමයි අමුඩ ගහගෙන මේ ජාඩි පීප්ප තල්ලු කරන්නේ බාන්නේ. මට හොඳට මේ අය මතකයි. තොටළඟ කිව්වාම සිහිපත් වෙන දේශපාලනඥයන් අතර ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයාව අපට අමතක කරන්න බැහැ. මැලේරියා වසංගතය තුරන් කරන්න හතර කෝරලයට හා සත් කෝරලයට පමණක් නොව ශ්‍රී ලංකාවට ඒ මහත්තයා කළ සේවාව අමරණීයයි. ‘‘පරිප්පු මහත්තයා’’ යනුවෙන් ද ඒ කාලයේ මිනිස්සු ‘‘ඇන්.ඇම්.’’ මහත්තයාට කියනවා. ඇන්.ඇම්. පෙරේරා මහතාගේ පියා තොටළඟ කඩසාප්පු සමඟ කරත්තත් හිමි කරත්තකරුවෙක්. සිය ප්‍රතිවාදීන් ඇන්.ඇම්. පෙරේරා මහත්තයාට ‘‘තොටළඟ මාටියා’’ යනුවෙන් හැඳින් වූ අයුරු මට මතකයි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හා විජයවර්ධන පවුලේ වාසභූමිය වූ සේදවත්ත වලව්වත් කැලණි ගඟ අසබඩ අදටත් අපට දකින්න පුළුවන්. මුලින්ම එජාපයෙන් තොටළඟට තරග කළේ සේරම් කියලා මහත්තයෙක්. ඊළඟට ඉඟුරු කඩේ හන්දියේ එදිරිසිංහ ගරාජයේ හිමිකරු වූ එදිරිසිංහ මහත්තයා සමසමාජයෙන් තරග කළා. චාල්ස් ගන්දර කියලා දකුණේ මහත්තයෙක් ශ්‍රීලනිපයෙන් තරග කළා. 1956දී උතුරු කොළඹ මහවත්ත නාගරික කොට්ඨාසයට ලංකා සමසමාජ පක්ෂයෙන් විවියන් ගුණවර්ධන මහත්මිය තරග කරලා ජය ලබාගත්තා. විවියන් ගුණවර්ධන කියන්නේ බොහෝම එඩිතර කාන්තාවක්. විවියන් ගුණවර්ධන මහත්මිය සමඟ එජාපයෙන් තරග කළේ ෂෙල්ටන් ජේ. අබේරත්න මහත්තයා තමයි. ඒ මහත්තයාත් විවියන් ගුණවර්ධන මහත්මිය පරාද කරලා නාගරික මන්ත්‍රී වුණා. ඒ කාලේ අපේ තාත්තා ඇතුළු ගමේ පිරිස තොටළඟ සමසමාජ රැලිවලට එන ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයාව පිළිගත්තේ මුද්දරප්පලම්වලින් හදපු මල් මාලා දාලා ඒ තරමට ඉස්සර තොටළඟ හිටපු මිනිස්සු ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහත්තයාට ආදරෙයි. ඒ වගේම තමයි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයාටත් තොටළඟ මිනිස්සු හරිම ආදරෙයි. දේශපාලන වේදිකාවල වචන හරඹ කළාට ඉතාම සාමකාමී දේශපාලනයක් ඒ කාලේ තොටළඟ තිබුණේ. උතුරු කොළඹ තමයි අපේ අාසනය. එම්. වින්සන්ට් පෙරේරා, වී.ඒ. සුගතදාස, ක්‍රිස්ටි පෙරේරා වැනි මහත්වරුන්ගේ මහත්මා දේශපාලනයද අපට අමතක කරන්න බැහැ. ඉස්සර තොටළඟ ගැරේජ්වත්ත ළඟ නාඩගම් පෙන්වනවා. ‘‘ඔරුසන්-පාලන්තන්’’, ‘‘එළාර-දුටුගැමුණු’’, ‘‘රොඩී කෙල්ල’’ ආදී නාඩගම් බලන්න මිනිස්සු පිරෙනවා. ඒ නාඩගම්වල රඟපාන්න ඒ කාලේ ඉතාම ප්‍රසිද්ධ නිළියක් වූ රුක්මනී දේවිත් එනවා. ධර්මදාස කල්දේරා වගේම ධර්ම ශ්‍රී කල්දේරාත් තොටළඟ ඉපදුණු කලාකරුවෝ. ‘‘සීතල වතුර’’, ’’රං ඔන්චිල්ලා’’ වැනි චිත්‍රපට හැදුවේ ධර්ම ශ්‍රී කල්දේරා තමයි. ඒ වගේම ඒ කාලේ තොටළඟ වාදබයිලාවලට බොහෝම ප්‍රසිද්ධයි. තොටළඟ කුසුම්පාල කියලා වාදබයිලා ගායකයෙක් හිටියා. මම ඉපදුණේ 1946. ඒ වෙනකොටත් කොළඹ ට්රෑම් කාර් තිබුණා. තොටළඟ මාර්කට් එක ළඟ ඉඳලා බොරැල්ල හන්දිය දක්වා අවසන් වන ට්රෑම් කාර් සේවයක් තිබුණා. ඊළඟට තොටළඟ මාර්කට් එක ළඟ ඉඳලා කොළඹ කොටුවේ විමලධර්ම සහෝදරයෝ ඔරලෝසු කඩේ ළඟින් අවසන් වන ට්රෑම් කාර් සේවයක් තිබුණා. ඒ කාලේ ට්රෑම් කාර් එකේ කොටුවට ගන්නේ ශත 10යි. ආමර්වීදියට ශත 5යි. ඊට පස්සේ තමයි ට්‍රොලි බස් ආවේ. ඒ කාලේ තොටළඟ බඩුත් හරිම ලාභයි. ජනාකීර්ණ බවෙන් අඩුවක් තිබුණේ නැහැ. මිනිස්සු රික්ෂෝවලින් පවා ඇවිත් බඩු අරන් යනවා. වික්ටෝරියා පාලම ඉතාම කලාත්මකව තැනුණු පාලමක්. එදා තිබූ පාරු පාලමට ටිකක් පහළින් තමයි මේ පාලම 1892 ඉදිකිරීම අරඹලා තියෙන්නේ. මංතීරු දෙකක් සමඟ මගී ගමනාගමනයට හොඳ පදික වේදිකාවකුත් තිබුණා. දැන් ඒ පාලම මොරටුව පිළියන්ද පාරේ වේරැස් ගඟ හරහා දාලා තියෙනවා. බොරැල්ල කනත්තට නොදෙවෙනි කනත්තක් මාදම්පිටියේ හදලා තියෙනවා. උතුරු කොළඹ ජනතාවට ඒකත් පහසුවක්. ඒ කාලේ ඉඳලම මේ පොදු සුසාන භූමිය තිබෙනවා. මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් තමයි 1994 තොටළඟ බෝම්බය පිපිරීමේ සිද්ධිය. ඒක සිදුවුණේ තොටළඟ මාර්කට් එක ඉස්සරහා තමයි. මම ඔසී අබේගුණසේකරගේ කතාව අහන්න තමයි ඒ ස්ථානයට ගියේ. ඔසී මහත්තයාගේ කතාව අහලා මම ගෙදර ආවා. ගෙදර ඇවිත් ටික වේලාවකට පස්සේ විශාල හඬක් නිකුත්කරමින් බෝම්බය පුපුරණ හඬ මට හොඳටම ඇසුණා. මේ සිද්ධියෙන් ගාමිණී දිසානායක, ජී.එම්. ප්‍රේමචන්ද්‍ර, වීරසිංහ මල්ලිමාරච්චි, ඔසී අබේගුණසේකර, ගාමිණි විජේසේකර, ක්‍රිස්ටි පෙරේරා ඇතුළු 79ක ජීවිත අහිමිවීම අමතක කරන්න බැහැ. එදා කැලණි ගඟ අසබඩ පිහිටි සුන්දර තොටළඟ අද ගොඩාක් අසුන්දර බවට අපේ මිනිස්සු පත්කරගෙන තිබෙනවා. ඒ ගැන කනගාටුයි. නමුත් මගේ නිවස අසල ප්‍රදේශයේ කිසිවකුට මම කුඩු විකුණන්න නම් ඉඩ නොදෙන බව අවසන් වශයෙන් සඳහන් කරන්න කැමැතියි. මේ අයුරින් අතීතයේ තිබුණු තොටළඟ, නාගලගම්වීදිය හා ඉඟුරු කඩේ හන්දිය ගැන ඉතාම රසවත් තොරතුරු ගෙනහැර පෑ ගොඩ්වින් මයුරපාල සිල්වා මහතාට අපේ ස්තූතිය පුදකරමු. සටහන : මහින්ද ආරියවංශ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom