Pakistan_මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් ව

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Pakistan_මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් ව

    ඡන්ද විමසීමෙන් දින 3කට පසු පකිස්ථාන මහ මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් වෙයි



    GettyImages-453899600-e1532595317529-324x160.jpg


    COLOMBO (News 1st) – පකිස්ථාන මහ මැතිවරණයේ නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර තිබේ.
    ඒ, මහ මැතිවරණය පවත්වා දින තුනකට පසුවයි.

    ආසන 270 කින් සමන්විත පකිස්ථාන පාර්ලිමේන්තුවේ ආසන 115 ක සරල බහුතරයක් දිනා ගැනීමට ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් තරික් ඊ ඉන්සාෆ් පක්ෂය සමත් විය.

    සිරගතව සිටින පකිස්ථාන හිටපු අගමැති නවාස් ශරීෆ්ගේ සොහොයුරු ශබාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් ලීගය දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 64 කි.

    පකිස්ථාන හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ සහ හිටපු ජනපති අසීෆ් අල් සල්දාරිගේ පුත් බිලාවල් භූතෝ සල්දාරීගේ නායකත්වයෙන් යුත් ජනතා පක්ෂය ආසන 43 ක ජය හිමිකර ගත්තේය.

    කෙසේ වෙතත් ආණ්ඩුවක් පිහිටුවීමට නම් ආසන 137 ක බහුතරයක් ලබාගත යුතුයි.

    ආසන 115 ක් සමඟින් මැතිවරණය ජයගත් ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීමට නම් සන්ධාන ගතවීමට සිදුවේ.

    ඔහු, මේ වන විටත් සෙසු පක්ෂ සමඟ ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර අවසන් ය.

    කෙසේ වෙතත් පකිස්ථාන මැතිවරණ කොමිසම නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඉම්රාන් ඛාන් සිය පාක්ෂිකයින් සමඟ වීදී බැස ප්‍රීති ඝෝෂාවල නිරත විය.

    මේ වන විට 65 වන වියෙහි පසුවන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ලැබූ ජයග්‍රහණයත් සමගින් පකිස්ථානයට නව යුගයක් උදාවනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.

    ඉම්රාන් ඛාන් 1992 ක්‍රිකට් ලෝක කුසලානය දිනු පකිස්තාන කණ්ඩායමේ නායකයා ද වේ.

    1996 වසරේ සිට සක්‍රීයව දේශපාලන කටයුතු වල නිරත වන ඔහු පැමිණි ගමන් මග මල් යහනාවක් වූයේ නැහැ.

    ඇතැම් අවස්ථාවන්වල සිය දේශපාලන මතවාද හේතුවෙන් සිරගත වන්නට පවා ඔහුට සිදුවිය.

    පරාජිත ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් මෙම මැතිවරණය දුෂිත යැයි චෝදනා නැගුවද ඉම්රාන් ඛාන් පවසන්නේ මෙය පකිස්ථානයේ පැවැත්වූ පිරිසිදුම මැතිවරණය බව ය.

    පකිස්ථානයේ බලය, ඉම්රාන් ඛාන්ගේ සියතට පත්වීමත් සමග ත්‍රස්තවාදය මෙන්ම වාර්ගික ගැටුම් ද අවසන් වනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පල කරනු ලැබේ.

    උදාවන හෙට දිනයේ, යුධ භීතිය වෙනුවට, සාමයේ සොම්නසින් පකිස්ථානුවන්ගේ හදවත් පිරි යනු ඇති බව දේශපාලන විචාරකයින් වැඩි දුරට ත් සඳහන් කළේය.