PAN ASIA තැන්පත්කරුවන් මුදල් ගැනීම නිසා PAN ASIA සහ LOLC මූ&#351

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    PAN ASIA තැන්පත්කරුවන් මුදල් ගැනීම නිසා PAN ASIA සහ LOLC මූ&#351

    පෑන් ඒෂියා (pan asia) බැංකුව සහ LOLC මුල්‍ය සමාගමේ තැන්පත් ධනය ඒවායේ හිමිකරුවන් අවදානමේ හෙලා ඇතිබව වාර්තා වීමත් සමඟ තැන්පත්කරුවන් එම සමාගම් වලින් මුදල් ඉවත්කර ගනිමින් සිටින බවත් ඒ නිසා එම සමාගම් දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් වාර්තා වෙයි.

    අප වෙත වාර්තා වන අන්දමට පසුගිය දින කිහිපය තුල LOLC සමාගමේ පමණක් තැන්පත් කර තිබු රුපියල් මිලියන 800-1000 ත් අතර මුදලක් තැන්පත්කරුවන් විසින් ඉවත්කර ගන්නට කටයුතු කර ඇත.

    දිගින් දිගටම මුල්‍ය තැම්පතු ඉවත් කර ගැනීම හේතුවෙන් සමගම අර්බුදයට යාම වලක්වා ගැනීම සඳහා LOLC පරිපාලනය සිය ඉහළ පෙලේ කළමනාකරුවන් කොළඹ හෝටලයට නිතිපතා කැඳවමින් සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇත. එහිදී ආයතනයේ මුල්‍ය සුරක්ෂිතතාව මෙන්ම තැම්පත්කරුවන්ගේ විශ්වාසය තහවුරුකර ගැනීම සම්බන්ධව බරපතල ලෙස සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි. එමෙන්ම සෑම තැන්පත් කරුවෙකුටම දුරකථන ඇමැතුම ලබා දී එම තැන්පතු ඉවත් කර නොගන්නා ලෙස ආයාචනයනය කර තිබෙන බවද දැන ගැනීමට තිබේ.

    මේ අයුරින් එම මුල්‍ය සමාගම්වල ආයෝජනය කර සිටි තැම්පත්කරුවන් මුදල් යළිත් ගැනීමට කටයුතු කර ඇත්තේ CSN ආයතනයේ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව මුල්‍ය අපරාධ කොට්ටාශය FCID)සිදුකළ විමර්ශන කටයුතු වලදී හෙළිවූ තොරතුරු පදනම් කරගෙනය.

    එහිදී පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා සහ LOLC හී ඉෂාර නානායක්කාර තම මුල්‍ය සමාගම් සතු තැම්පත්මුදල් රාජපක්ෂ පුත්‍රයින්ගේ මෙන්ම සජින්ද වාස් වැනි හෙන්චයියන්ගේ වංචනික ගනුදෙනු වෙනුවෙන් අවදානම් සහගත ලෙස නිකුත්කර ඇති බව හෙළිවී ඇත. මේ සම්බන්ධව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉහල නිළධාරීන් මෙම ව්‍යාපාරිකයන් සමඟ ගොඩ නඟාගෙන ඇති අලුත් මිත්‍රකම් නිසා නිසිලෙස හෙළිකර නොතිබූ නමුත් මාධ්‍ය කිහිපයක් මේ සම්බන්ධව ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම සිදුකරනු ලැබීය.

    ඊට පසුබිම් වුයේ මෙරට ඇතැම් මාධ්‍ය මෙන්ම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ද පොට වරද්දවා ගත් කාරණයක් වන යෝෂිතට අයත් රුපියල් මිලියන 157.5 මුදලක් රාජසන්තක කළ පුවත ය.

    ඒ මත පදනම්ව මාධ්‍ය සිදුකළ හෙළිදරව්ව අනුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශය විසින් CSN ආයතන සම්බන්ධව සිදුකරණ පරීක්ෂණ වලදී සජින් වාස් ගේ ලිපිගොනු පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන 157.5ක ණයක් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගැනීම වෙනුවෙන් ඇම්ට්‍රැඩ් නම් සමාගමට බැංකු ඇපකරයක් දුන් මුල්‍ය ආයතනයක ලියවිල්ලක් හමුව ඇත. ඇම්ට්‍රැඩ් සමගම වෙනුවෙන් එම ඇපකරය තබා ඇත්තේ LOLC මුල්‍ය සමාගමය.

    මේ පිලිබඳ පසුව සිදුකළ විමර්ශන වලදී හෙළිවී ඇත්තේ පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා විසින් රුපියල් මිලියන 157.5 මුදල තම බැංකුවෙන් ණයක් ලෙස ලබාගෙන පෙරලා එම මුදල තමන්ටම දෙන ලෙස ඇම්ට්‍රැඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රොහාන් ඊරියගොල්ල වෙත යෝජනා කර ඇති බවත් එම ණය මුදල පෙරලා පොලිය සමග නැවත බැංකුවට ගෙවීමටද නිමල් පෙරේරා පොරොන්දුවී ඇති බවත්ය.

    එහිදී රොහාන් තම සමාගමේ ආදායම් අනුව එතරම් ණය මුදලක් බැංකුවකින් ලබාගැනීමට අවස්ථාවක් නොමැති බවත් ඒ වෙනුවෙන් ඇපකරයක් තැබීමට සිදුවනු ඇති බවත් පෙන්වා දී ඇත.

    ඒ අනුව ඇම්ට්‍රැඩ් සමාගම වෙනුවෙන් ඇපකරයක් තැබීම සඳහා LOLC ආයතනය හඳුන්වාදීමට කටයුතු කර ඇත්තේද නිමල් පෙරේරා විසින්ය. LOLC සමාගම මෙම ඇපකරය තැබීම සඳහා ඉදිරිපත්ව තිබෙන්නේ සිංගප්පුරු සමාගමකින් ඇපකරයක් ගැනීමෙන් පසුවය.

    ඒ අනුව අදාළ ණය මුදල ගැනීමට ඇම්ට්‍රැඩ් සමාගමට හැකිවී ඇති අතර පසුව එම මුදල නිමල් පෙරේරා විසින්ම ලබා ගෙන ඇත. නමුත් මාස කිහිපයක් යන විට නිමල් පෙරේරා ඇම්ට්‍රැඩ් සමාගම වෙනුවෙන් ණය වාරික සහ පොලී ගෙවීම පැහැර හැර ඇත. ඒ අවස්තාවේදී පෑන් ඒෂියා බැංකුව, LOLC ඇපකරය හරහා සිය පාඩුව පියවාගෙන ඇත.

    ඒ අනුව මෙම ගනුදෙනුව වෙනුවෙන් නිමල් පෙරේරා මෙන්ම ඉෂාර නානායක්කාර යන අය මැදිහත්ව තිබෙන්නේ තම ආම්මා අප්පාගේ බූදල් වලින් ලද මුදල් රැගෙන නොවේය. ඔවුන් මේ සඳහා මැදිහත්ව තිබෙන්නේ සිය තැන්පත්කරුවන්ගේ මුදල් අවදානමේ හෙළමින්ය.

    අනෙක් අතට අදටත් CSN ආයතනය විසින් මිලියන ගණනක ණයක් LOLC වෙත ගෙවීමට ඇති බවට මුල්‍ය වාර්තා සාක්ෂි දරයි. ඒ මුදල්ද තැන්පත්කරුවන්ගේ වත්කම් හරහා LOLC ය ණය ලෙස නිකුත් කල ඒවාය. ඒ අනුව ආරම්භයේ පටන්ම CSN වැනි දේශපාලන බලපුළුවන්කාරකම් යොදාගෙන ආරම්භ කල වංචනික ව්‍යාපාරයක් වෙනුවෙන් නිමල් මෙන්ම ඉෂාර සිය තැම්පත්කරුවන්ගේ මුදල් නිකුත් කර ඇත.

    එපමණක් නොව නිමල් පෙරේරා රාජපක්ෂ පවුලේ මෙවැනිම සැක සහිත ගනුදෙනු වලට මැදිහත්ව ඇති බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන්ය. ඒ රගර් ක්‍රීඩාව නැංවීමට පවසා ක්‍රිෂ් සමාගම රුපියල් මිලියන ගණනක මුදලක් නාමල් රාජපක්ෂ වෙත එවීමට නිමල් පෙරේරාගේ ගිණුමට බැර කිරීමය.

    එපමණක් නොව එක්සල් ප්‍රොපටි ඩිවෙලප්මන්ට් (Excel Property Development) සමාගම සමාගමක් ලෙස ලියාපදිංචි කර දිනකට පසුව පෑන් ඒෂියා බැංකුවෙන් රුපියල් මිලියන 175 ක ණයක් ලබා දීම සඳහා මැදිහත්ව ඇති බවටද නිමල් පෙරේරාට චෝදනා එල්ලවී ඇත.

    අදාළ සමාගමේ හිමිකාරිණිය වන්නේ සජින් වාස් ගුණවර්ධන මහතාගේ බිරිය වන බවත් එම සමාගම මේ ණය මුදල ලබාගෙන ඇත්තේ ඇස්කොට් හෝල්ඩිංග්ස් සතුව තිබූ රත්මලානේ පිහිටි Asian Cotton Mills Ltd හි ඉඩමෙහි අක්කර එකයි තුන්කාලක් හා පර්චස් 29ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා බවත් එම චෝදනාවේ සඳහන්ව ඇත.

    පැන් ඒෂියා බැංකුවේ සභාපතිවරයා වන නිමල් පෙරේරා මහතා රත්මලානේ පිහිටි Asian Cotton Mills Ltd හි ඉඩමෙහි හිමිකාරිත්වය ඇති ඇස්කොට් හෝල්ඩිංගස් සමාගමේ 15%ක කොටස් හිමිකරුවෙක් බවද මේ වන විට හෙළිව ඇත.

    ඒ අනුව ඔප්පුවී තිබෙන්නේ රාජපක්ෂ වරුන්ගේ හොර ගනු දෙනු සඳාහා සෘජුවම සම්බන්ධව සිටි පැන් ඒෂියා බැංකුවේ සහ එල් ඕ එල් සී සමාගම් වල හිමිකරුවන් සිය මූල්‍ය තැන්පත් කරුවන්ගේ ධනයද පරදුවට තබා රාජපක්ෂවරුන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් නිර්ලජ්ජිත හා ජඩ ආකාරයෙන් කටයුතු කර තිබෙන සත්‍ය ය.

    ඒ සත්‍ය හෙළිකිරීම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය දැනුවත්ව මඟහැර ඇති බවත් ඒ පිලිබඳ මේ වන විට ආණ්ඩුවේ ඉහළම තැන් වෙත පැමිණිලි කිරීමට LOLC සහ පෑන් ඒෂියා බැංකුවේ මුදල් තැන්පත්කරුවන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද අප වෙත වාර්තා වෙයි. තොරතුරු තහවුරු කරගත් සැනින් අප ඒ ගැනද සවිස්තරාත්මකව ඔබවෙත වාර්තා කිරීමට කටයුතු කරන්නෙමු.

    Source: http://lankadaily.com/latestnews/item/9281-pan-asia-lolc
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    Nimal Perera kiyanne nam patta horek.. ishara gana nam danne na... eth me karala tiyena vade nam patta horakamak..
     

    SANJEEWAI

    Junior member
  • Aug 18, 2016
    55
    8
    8
    PAN ASIA තැන්පත්කරුවන්

    උක්ත කී මූල්‍ය ආයතනයක සේවකයෙකු ලෙස මේය බේගලයක් බවත් එවන් මුදල් ඉවත් කරගැනීමි සිදුව නැති බවත් තහවුරු කරමි. ආයතනික සේවකයන් හට එහි තොරතුරු පද්ධතියට ඇතුලත් විය හැකි බැවින් මා වෙත විශ්වාසය රඳවන ලෙසත් මෙවැනි අසත්‍ය පතුරන උන් දෙස සානුකම්පිත වී ෙරපක් වත් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිම්.

    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: kasun88888

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    උක්ත කී මූල්‍ය ආයතනයක සේවකයෙකු ලෙස මේය බේගලයක් බවත් එවන් මුදල් ඉවත් කරගැනීමි සිදුව නැති බවත් තහවුරු කරමි. ආයතනික සේවකයන් හට එහි තොරතුරු පද්ධතියට ඇතුලත් විය හැකි බැවින් මා වෙත විශ්වාසය රඳවන ලෙසත් මෙවැනි අසත්‍ය පතුරන උන් දෙස සානුකම්පිත වී ෙරපක් වත් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිම්.

    :rofl::rofl::rofl::rofl:

    Job ekata kelaweida? :sorry::sorry:
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    උක්ත කී මූල්‍ය ආයතනයක සේවකයෙකු ලෙස මේය බේගලයක් බවත් එවන් මුදල් ඉවත් කරගැනීමි සිදුව නැති බවත් තහවුරු කරමි. ආයතනික සේවකයන් හට එහි තොරතුරු පද්ධතියට ඇතුලත් විය හැකි බැවින් මා වෙත විශ්වාසය රඳවන ලෙසත් මෙවැනි අසත්‍ය පතුරන උන් දෙස සානුකම්පිත වී ෙරපක් වත් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිම්.

    :rofl::rofl::rofl::rofl:

    එතකොට බොලාගේ chairman නිමල් පෙරෙරා තෝ වගේ සෙවකයන්ගෙන් අහල වෙන්නැති ඔක්කොම කරන්නේ.. :P
     

    Samsung1234

    Member
    Jun 3, 2016
    6
    1
    0
    Mamath oya finance company ekaka employee kenek..ehema kisima diposit withdrawal gihilla na...un expected widiyata...normal withdrwals & diposit witharai...internet eke thibba paliyata share karagene modayo wage dangalanne nathiwa hitapalla
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    ඊට පසුබිම් වුයේ මෙරට ඇතැම් මාධ්‍ය මෙන්ම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ද පොට වරද්දවා ගත් කාරණයක් වන යෝෂිතට අයත් රුපියල් මිලියන 157.5 මුදලක් රාජසන්තක කළ පුවත ය.

    :rofl::rofl::rofl:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නාමල් රාජපක්ශව ඇතුලට දාන්ඩ නොකරන දහදුරා වැඩක් නැ fcid ය. පොලිසිය දැන් unp සාඛා සමිතියක් ගානට වැටිල,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඊට පසුබිම් වුයේ මෙරට ඇතැම් මාධ්‍ය මෙන්ම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ද පොට වරද්දවා ගත් කාරණයක් වන යෝෂිතට අයත් රුපියල් මිලියන 157.5 මුදලක් රාජසන්තක කළ පුවත ය.

    :rofl::rofl::rofl:

    :yes::yes: දැන් සතුටු ඇති.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    මංගලගේ පච වෙබ් සයිට් වල එල්ලිලා ඉන්න ටොයි පැටවුන් තවමත් ඉන්නවා දැකීම දුකට කාරණයකි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Pas asia former Chairman was Rohan Perera (chairman of defunct Pramuka Bank). This bank had a troubled history and some capital infusion was done some time ago on the request of Central Bank. Now it may be in worse situation after MR and the lot robbed it daylight. Poor depositors!
     

    Similar threads