Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Phone එකෙන් ඩීල්වෙන කුඩු ගමට එන හැටි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Phone එකෙන් ඩීල්වෙන කුඩු ගමට එන හැටි..

වේලාව සවස හතරට පමණ වන්නට ඇත. තංගල්ල නගරයේ සිට රන්න දෙසට ගමන් කරන මාතර-කතරගම ප්‍රධාන මාර්ගයේ රැකව මංසන්ධියෙන් හැරී රැකව කලපුව හරහා වෙරළ තීරය දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර කිහිපයක් ගමන් කරන විට හමුවන තෙමංසල අසල පොලිස් නිලධාරීන් පිරිසක් අවධානයෙන් සිටිති. හදිසියේ ලැබුණ ඔත්තුවක් අනුව මේ නිලධාරීන් අදාල ප්‍රදේශයට පැමිණෙන්නේ මත්ද්‍රව්‍ය ගණුදෙනුවක් සම්බන්ධව වැටලීමක් වෙනුවෙන්ය. පොලිස් නිලධාරීන් වෙරළ තීරය අසල ගම්මානයේ වනරොද පීරමින් යනවිට සැඟවසිටි තරුණයන් කිහිපදෙනෙක් බේරීමට පලාගිය අතර පොලිස් නිලධාරීන් ඔවුන් පිටුපස ලුහුබැන්ඳේ කුමක් හෝ සැකයක් නිසාවෙන්ය. මෙසේ පලායන පිරිස අතර සිටි එක් තරුණයෙක් තමන්ගේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය දිවයන අතරම තම සාක්කුවෙන් ගෙන කැලයට විසිකරනු එක් පොලිස් නිලධාරීයෙක් දැක ඇත.

අසල නිවසක් තුලට වැදී සැඟවෙන්නට උත්සහකල එක් තරුණයෙක් පොලීස් අත්අඩංගුවට පත්වන අතර ඔහු දෙමළ සම්භවයක් තිබූ තරුණයෙක්ය. ජංගම දුරකතනය විසිකර දමා දිවගියේද ඔහු බැවින් සැකසිතූ පොලීසිය ඔහු විසිකර දැමූ ජංගම දුරකතනය පරික්ෂා කර බලනවිට එහි පසුපස කොටසේ ඉතා සූක්ෂමව ගබඩාකර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් කිහිපයක් සොයාගත හැකිවිය. අවාසනාවකට අදාල තරුණයාත් ලංකාවේ හෙරොයින් ජාවාරමේ උගුලට හසුවූවෙක් පමණක්ය. කුඩු මුදලාලිලා ප්‍රාඩෝවල මොන්ටෙරෝවල ආරක්ෂකයන්ද පෙරටුකරගෙන යද්දී අතේ තිබෙන අන්තිම තුට්ටුව දක්වාම කුඩු මුදලාලිලාට පූජාකර අවසානයේ එල්ලුම්ගස් යන්නේද මේ රටේ දුප්පත් අහිංසක තරුණ පරපුරය. තංගල්ල – රැකව ප්‍රදේශයේදී සිදුවුණ ඒ සිදුවීමෙන් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය උවදුර වේගයෙන් ගම් පළාත් මට්ටමද ආක්‍රමණය කරමින් සිටින බවයි. එපමණක් නොව එය ජාති භේද ද පසෙකලා එකසේ අඩු නැතිවම ව්‍යාප්තවෙමින් පවතින බවයි.

ගම්පිටින් බිලිවෙයි

නුදුරු අතීතයේදී මත්කුඩු හෙවත් හෙරොයින් ව්‍යාප්තව තිබුණේ කොළඹ ඇතුළු තදාසන්න නගර කිහිපයක පමණි. ඒ හැරුණ විට සංචාරක කර්මාන්තයට ප්‍රචලිත ප්රදේශවලද යම්තාක් දුරකට මත්කුඩුවලට ඇබ්බැහිවූවන් සිටියහ. එසේම කුඩු අලෙවිකරන්නන්ද එසේම විය. දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. රටපුරා ගම්මට්ටමින්ද මත්කුඩු ව්‍යාප්තව ඇත්තේ හෙරොයින් මාරයා විසින් රටම ගිලගන්නා තත්ත්වයක් ඉස්මතු කරමින්ය. දේශපාලන හස්ථයන් ඇතුලූ රජයේ ඉහළපෙල නිලධාරීන්ගේ ආනුභාවයද නොඅඩුවම ලැබෙන බැවින් කිසිඳු හානියකින් තොරව මේ මත්ද්‍රව්‍ය ජාලයට ගම්පිටින් ආක්‍රමණය කිරීමට අවස්ථාව ලැබී ඇත.

හෙරොයින්,මත්පෙති,එන්නත් කරගත හැකි මත්ද්‍රව්‍ය,දිවයට තබාගන්නා පෙපර් මින්ට් මාදිලියේ මත්පෙති වැනි විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය වර්ග ගණනාවක් ගම් නියම් ගම් දක්වාම පැතිර ඇත. පොලීසිය ඇතුළු මත්ද්‍රව්‍ය නිවාරණ අංශ කොතරම් සූක්ෂම ලෙස දැල් එලූවද අසුවන්නේ හාල් මැස්සන් පමණකි. තෝරු මෝරුන් සොයාගෙන යන විට අවසානයේ සිටින තල්මසුන්ගේ තරමද පොලීසිය දකින්නට ඇත. ඒ තල්මසුන් සුදු රෙද්ද බැනියම අඳින, ටයි කෝට් දමන දේශාපලනඥයින්,ආයතන ලොක්කන්, ව්‍යාපාරිකයන් බැවින් පොලීසියට අඩි ගණනාවක් පස්සට යන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි.

එහෙත් බරපතලම කරුණ වන්නේ එවැනි වාතාවරණයක ලංකාවේ පළාත් නවයම වසා පැතිරී ඇති මත්ද්‍රව්‍ය උවදුර ගම්වල ජීවත්වන අහිංසක තරුණ ජීවිත අමු අමුවේම ගිලගනිමින් තිබීමය. හම්බන්තොටදී අපට හමුවූ නිලංග නම්වූ අවුරුදු 25ක තරුණයා තමන්ගේ දැනුම තරමට තම ගම්බිම් වලට සිදුවී ඇති නස්පැත්තිය අපට අනාවරණය කරනු ලැබීය.

“ඉස්සර හම්බන්තොට ටවුන් එකේ කුඩු බිස්නස් එක යමරෙට තිබුණා. සුනාමිය නිසා යි, තව ටවුන් එකේ රස්තා ගහන කොල්ලන්ට කුඩු ගන්න සල්ලි නැතිවුණාමයි කුඩු බිස්නස් කරන එවුන් කලේ කුඩු සප්ලයි එක ගමට දීපු එකයි. ගම්වල කුඹුරු කොටාගෙන, වඩුවැඩ, මේසන් වැඩ කරගෙන බොහොම හයි හත්තියට හිටපු කොල්ලෝ කුඩුවලට රහ වැටිලා අන්තිමට දැන් ගම් පුරා කුඩු, අගුණකොළපැලැස්ස පැත්තේ ඉඳන්, යාල පැත්තට වෙනකල්ම අඩුවක් නෑ“

බිස්නස් ජයටම

අනුරාධපුර පූජා නගරය ආසන්නයේ ගසක් යට වාඩිවී සිටින තරුණයන් සහ මැද වයසේ පිරිසක් පෙන්වමින් අපේ හිතවත් ගමන් සගයා කියා සිටියේ “ඔය ඉන්නේ හොඳ කුඩ්ඩෝ ටිකක් තමයි..දැන් ඔය ලේසි කෑෂ් රීලෝඩ් කරලා බඩු ලැබෙන නිව්ස් ඇලර්ට් එක එනකල් තමයි ඉන්නේ“

ඒ වචනවල තිබුණු නන්නාදුනන යෙදුම් බොහොමයක් මෙරට දුරකතන සන්නිවේදන තාක්ෂණයේදී භාවිතාවන දියුණු තාක්ෂණික ක්‍රමවේද සම්බන්ධ යෙදුම් මිස කුඩු බිස්නස්වලට අදාල යෙදුම් නොවීය. ඒ නිසාම අපි අපේ ගමන් සගයාගෙන් ඒ ගැන තව තවත් හාරා අවුස්සන්නට විය.

“දැන් මෙහෙමයි වැඩේ වෙන්නෙ, කුඩු ගහන එකාට අතට සල්ලි ලැබුණට දැන් ඉස්සර වගේ කුඩු විකුණන කෙනා හම්බවෙලා සල්ලි දීලා කුඩු ගන්න බෑ. මොකද පොලීසිය විතරක් නෙවෙයි මිනිස්සුත් දැන් හොඳට ඔත්තු දෙනවා. නිකන් නෙවෙයි පෝන් එකෙන් පොටෝ එහෙමත් එක්කම. ඒක නිසා කුඩු මුදලාලිලාගේ ගෝලයෝ අලුත් ක්‍රම සෙට් කරලා දීලා තියනවා කුඩ්ඩන්ට.

කුඩ්ඩෝ කරන්නේ දැන් අර මොබයිල් පෝන් හරහා තවත් පෝන් එකකට සල්ලි යවන ක්‍රම තියනවනේ..ඔය ලේසි කෑෂ් වගේ..ඔන්න ඔය විදිහට කුඩු විකුණන කෙනාගේ පෝන් එකට සල්ලි යවනවා. ඊට පස්සේ කුඩු විකුණන කෙනා සල්ලි දාපු කෙනාට මැසේජ් එකක් යවලා අහනවා කොතනද බඩු තියන්න ඕන කියලා..ඉතින් සල්ලි දීපු එකා මොකක් හරි තැනක් කියනවා..කුඩු විකුණන කෙනා ඇවිත් අර කියපු තැන තියන ලයිට් කණුවක,පාලමක වගේ එකක චුයිංගම් කෑල්ලක සෙට් කරලා කුඩුටික අලවලා යනවා. ගිහින් මැසේජ් එකක් දානවා තැන හරියටම කියලා. සල්ලි දාපු කෙනා ගිහින් එතනින් බඩු ගන්නවා.. “

අපි නොදත් ඇඟ කිලිපොලා යන කතාවක් අසන්නට ලැබුණ නිසා එක මොහොතකට හදවතත් නතරවිය. මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ කොතරම් සූක්ෂම ලෙස තමන්ගේ ජාලය සකස් කරගෙන තිබේද. එයටම ගැලපෙන ලෙස නව තාක්ෂණයත් යොදාගෙන ඇත. යහපත් දෙයක් වෙනුවෙන් ඒ කැපවීම කලානම් මේ රට කොතරම් දියුණු කල හැකිද යන්න අපට සිතුනි.

තොග පිටින් කුඩු

පසුගිය දිනවල අවස්ථා ගණනාවකදීම මහා පරිමාණ හෙරෝයින් තොග මෙරටින් අත්අඩංගුවට ගන්නට බලධාරීන්ට හැකිවිය. දකුණු ආසියාවේ විශාලතම මත්කුඩු තොගය රේගුවේ කන්ටේනර් තුලින් හමුවන්නේ ලංකාව දකුණු ආසියාවේ පමණක් නොව, ආසියාවේම කුඩු තිප්පොල බවට ලොවම ඉදිරියේ කැළලක් ඉතිරි කරමින්ය. දැනුමේ කේන්ද්‍රස්ථානය, වෙළඳ කේන්ද්‍රස්ථානය වැනි පංචමහා බල කේන්ද්‍රස්ථාන කරන්නට සිහිනමැවූ රටක් පැරණි සේද මාවතේ මත්කුඩු මූලස්ථානය බවට පත්ව ඇත්තේ අභාග්‍යසම්පන්න ලෙසය.

අවිස්සාවේල්ල,තල්දූව ප්‍රදේශයේදී පසුගිය (7) දා සැකකරුවන් දෙදෙනෙක් සමග අත්ඩංගුවට ගත් කොකේන් කිලෝග්රෑමයේ දළ වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වෙතැයි වාර්තාවේ. එසේම පසුගිය (24) දා ඔරුගොඩවත්ත කන්ටේනර් බහාලුම් පර්යන්තයේදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 200 වටිනාකම රුපියල් බිලියන 2ක් යැයි සඳහන් විය. මෙතරම් මහා පරිමාණයෙන් මත්කුඩු මෙරටට එන්නේ මෙරට අලෙවියට පමණක් නොවන බව පැහැදිලිය. නියත වශයෙන්ම මත්කුඩු බෙදාහැරීමේ ජාලය ඉතා දිගුලෙස ලංකාව හරහා ක්‍රියාත්මකවන බව පැහැදිලිය.

ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක්ම ලංකාව පරිද්දෙන්ම මත්කුඩු ජාවාරම්වල අනිටු ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින නිසා ඒ රටවල්වල ආරක්ෂක අංශ නිරතුරුවම සිටින්නේ අවධානයෙන්ය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් සඳහාම විශේෂ ඒකක සහ පොලිස් සුනඛයින් පවා ආනයනය කර තිබියදීත් ඉතා සූක්ෂම සහ සංවිධානාත්මක ලෙස තව තවත් මත්කුඩු ජාවාරම සමස්ත දකුණු ආසියාතික කලාපයම ගිලගනිමින් සිටියි.

සමාජ පරිවර්තනය

මේ සියල්ලම අතරේ සිදුවෙමින් තිබෙන ඛේදජනකම සිදුවීම වන්නේ මත්කුඩු භාවිතය ගල් අරක්කු භාවිතය තරම් සමාජය තුල සාමාන්යකරණයවීමය. නුදුරු අතීතයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක්ට එරෙහිව සමාජයේ තිබුණ පිළිකුල, අප්‍රසන්නභාවය, විරෝධය දැන් සුලභත්වය හමුවේ වේගයෙන් පහළ වැටෙමින් තිබේ. ඒ නිසා ගම්බිම් වලටද වැදී සිටින මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය ගලවා ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් වී නැත. වත්මන් ජනපතිවරයාගේ ප්‍රධානතම ඉලක්ක අතර ඉදිරියෙන්ම තිබෙන මත් උවදුරෙන් මෙරට ගලවා ගැනීමේ ප්‍රතිපත්තියේ දෙනෙතට පෙනෙන්නේ අරක්කු සහ සිගරට් පමණක්ද යන ගැටළුව අප සතුව පවතී. නොඑසේනම් මේ සා වූ විශාල කුඩු තොග අසුවෙද්දීත් ඒවායේ සුළු මුළ සොයාබලා තෝරුන්,මෝරුන්,තල්මසුන් අල්නන්නට කටයුතු නොකරන්නේ බිලී පිත්ත දාද්දී තමන්ගේ සරමේ කොණකුත් එයට අසුවේදෝ යන බියෙන් ද යන සැකය ජනතාව තුල මතුවෙමින් ඇත.

http://struggle.lk/index.php/2016/12/26/drugs-2/

[QUOTE="wijaindu, post: 21065638, member: 421102"] [b]Phone එකෙන් ඩීල්වෙන කුඩු ගමට එන හැටි..[/b] [SIZE="4"]වේලාව සවස හතරට පමණ වන්නට ඇත. තංගල්ල නගරයේ සිට රන්න දෙසට ගමන් කරන මාතර-කතරගම ප්‍රධාන මාර්ගයේ රැකව මංසන්ධියෙන් හැරී රැකව කලපුව හරහා වෙරළ තීරය දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර කිහිපයක් ගමන් කරන විට හමුවන තෙමංසල අසල පොලිස් නිලධාරීන් පිරිසක් අවධානයෙන් සිටිති. හදිසියේ ලැබුණ ඔත්තුවක් අනුව මේ නිලධාරීන් අදාල ප්‍රදේශයට පැමිණෙන්නේ මත්ද්‍රව්‍ය ගණුදෙනුවක් සම්බන්ධව වැටලීමක් වෙනුවෙන්ය. පොලිස් නිලධාරීන් වෙරළ තීරය අසල ගම්මානයේ වනරොද පීරමින් යනවිට සැඟවසිටි තරුණයන් කිහිපදෙනෙක් බේරීමට පලාගිය අතර පොලිස් නිලධාරීන් ඔවුන් පිටුපස ලුහුබැන්ඳේ කුමක් හෝ සැකයක් නිසාවෙන්ය. මෙසේ පලායන පිරිස අතර සිටි එක් තරුණයෙක් තමන්ගේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය දිවයන අතරම තම සාක්කුවෙන් ගෙන කැලයට විසිකරනු එක් පොලිස් නිලධාරීයෙක් දැක ඇත. අසල නිවසක් තුලට වැදී සැඟවෙන්නට උත්සහකල එක් තරුණයෙක් පොලීස් අත්අඩංගුවට පත්වන අතර ඔහු දෙමළ සම්භවයක් තිබූ තරුණයෙක්ය. ජංගම දුරකතනය විසිකර දමා දිවගියේද ඔහු බැවින් සැකසිතූ පොලීසිය ඔහු විසිකර දැමූ ජංගම දුරකතනය පරික්ෂා කර බලනවිට එහි පසුපස කොටසේ ඉතා සූක්ෂමව ගබඩාකර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් කිහිපයක් සොයාගත හැකිවිය. අවාසනාවකට අදාල තරුණයාත් ලංකාවේ හෙරොයින් ජාවාරමේ උගුලට හසුවූවෙක් පමණක්ය. කුඩු මුදලාලිලා ප්‍රාඩෝවල මොන්ටෙරෝවල ආරක්ෂකයන්ද පෙරටුකරගෙන යද්දී අතේ තිබෙන අන්තිම තුට්ටුව දක්වාම කුඩු මුදලාලිලාට පූජාකර අවසානයේ එල්ලුම්ගස් යන්නේද මේ රටේ දුප්පත් අහිංසක තරුණ පරපුරය. තංගල්ල – රැකව ප්‍රදේශයේදී සිදුවුණ ඒ සිදුවීමෙන් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය උවදුර වේගයෙන් ගම් පළාත් මට්ටමද ආක්‍රමණය කරමින් සිටින බවයි. එපමණක් නොව එය ජාති භේද ද පසෙකලා එකසේ අඩු නැතිවම ව්‍යාප්තවෙමින් පවතින බවයි. ගම්පිටින් බිලිවෙයි නුදුරු අතීතයේදී මත්කුඩු හෙවත් හෙරොයින් ව්‍යාප්තව තිබුණේ කොළඹ ඇතුළු තදාසන්න නගර කිහිපයක පමණි. ඒ හැරුණ විට සංචාරක කර්මාන්තයට ප්‍රචලිත ප්රදේශවලද යම්තාක් දුරකට මත්කුඩුවලට ඇබ්බැහිවූවන් සිටියහ. එසේම කුඩු අලෙවිකරන්නන්ද එසේම විය. දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. රටපුරා ගම්මට්ටමින්ද මත්කුඩු ව්‍යාප්තව ඇත්තේ හෙරොයින් මාරයා විසින් රටම ගිලගන්නා තත්ත්වයක් ඉස්මතු කරමින්ය. දේශපාලන හස්ථයන් ඇතුලූ රජයේ ඉහළපෙල නිලධාරීන්ගේ ආනුභාවයද නොඅඩුවම ලැබෙන බැවින් කිසිඳු හානියකින් තොරව මේ මත්ද්‍රව්‍ය ජාලයට ගම්පිටින් ආක්‍රමණය කිරීමට අවස්ථාව ලැබී ඇත. හෙරොයින්,මත්පෙති,එන්නත් කරගත හැකි මත්ද්‍රව්‍ය,දිවයට තබාගන්නා පෙපර් මින්ට් මාදිලියේ මත්පෙති වැනි විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය වර්ග ගණනාවක් ගම් නියම් ගම් දක්වාම පැතිර ඇත. පොලීසිය ඇතුළු මත්ද්‍රව්‍ය නිවාරණ අංශ කොතරම් සූක්ෂම ලෙස දැල් එලූවද අසුවන්නේ හාල් මැස්සන් පමණකි. තෝරු මෝරුන් සොයාගෙන යන විට අවසානයේ සිටින තල්මසුන්ගේ තරමද පොලීසිය දකින්නට ඇත. ඒ තල්මසුන් සුදු රෙද්ද බැනියම අඳින, ටයි කෝට් දමන දේශාපලනඥයින්,ආයතන ලොක්කන්, ව්‍යාපාරිකයන් බැවින් පොලීසියට අඩි ගණනාවක් පස්සට යන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් බරපතලම කරුණ වන්නේ එවැනි වාතාවරණයක ලංකාවේ පළාත් නවයම වසා පැතිරී ඇති මත්ද්‍රව්‍ය උවදුර ගම්වල ජීවත්වන අහිංසක තරුණ ජීවිත අමු අමුවේම ගිලගනිමින් තිබීමය. හම්බන්තොටදී අපට හමුවූ නිලංග නම්වූ අවුරුදු 25ක තරුණයා තමන්ගේ දැනුම තරමට තම ගම්බිම් වලට සිදුවී ඇති නස්පැත්තිය අපට අනාවරණය කරනු ලැබීය. “ඉස්සර හම්බන්තොට ටවුන් එකේ කුඩු බිස්නස් එක යමරෙට තිබුණා. සුනාමිය නිසා යි, තව ටවුන් එකේ රස්තා ගහන කොල්ලන්ට කුඩු ගන්න සල්ලි නැතිවුණාමයි කුඩු බිස්නස් කරන එවුන් කලේ කුඩු සප්ලයි එක ගමට දීපු එකයි. ගම්වල කුඹුරු කොටාගෙන, වඩුවැඩ, මේසන් වැඩ කරගෙන බොහොම හයි හත්තියට හිටපු කොල්ලෝ කුඩුවලට රහ වැටිලා අන්තිමට දැන් ගම් පුරා කුඩු, අගුණකොළපැලැස්ස පැත්තේ ඉඳන්, යාල පැත්තට වෙනකල්ම අඩුවක් නෑ“ බිස්නස් ජයටම අනුරාධපුර පූජා නගරය ආසන්නයේ ගසක් යට වාඩිවී සිටින තරුණයන් සහ මැද වයසේ පිරිසක් පෙන්වමින් අපේ හිතවත් ගමන් සගයා කියා සිටියේ “ඔය ඉන්නේ හොඳ කුඩ්ඩෝ ටිකක් තමයි..දැන් ඔය ලේසි කෑෂ් රීලෝඩ් කරලා බඩු ලැබෙන නිව්ස් ඇලර්ට් එක එනකල් තමයි ඉන්නේ“ ඒ වචනවල තිබුණු නන්නාදුනන යෙදුම් බොහොමයක් මෙරට දුරකතන සන්නිවේදන තාක්ෂණයේදී භාවිතාවන දියුණු තාක්ෂණික ක්‍රමවේද සම්බන්ධ යෙදුම් මිස කුඩු බිස්නස්වලට අදාල යෙදුම් නොවීය. ඒ නිසාම අපි අපේ ගමන් සගයාගෙන් ඒ ගැන තව තවත් හාරා අවුස්සන්නට විය. “දැන් මෙහෙමයි වැඩේ වෙන්නෙ, කුඩු ගහන එකාට අතට සල්ලි ලැබුණට දැන් ඉස්සර වගේ කුඩු විකුණන කෙනා හම්බවෙලා සල්ලි දීලා කුඩු ගන්න බෑ. මොකද පොලීසිය විතරක් නෙවෙයි මිනිස්සුත් දැන් හොඳට ඔත්තු දෙනවා. නිකන් නෙවෙයි පෝන් එකෙන් පොටෝ එහෙමත් එක්කම. ඒක නිසා කුඩු මුදලාලිලාගේ ගෝලයෝ අලුත් ක්‍රම සෙට් කරලා දීලා තියනවා කුඩ්ඩන්ට. කුඩ්ඩෝ කරන්නේ දැන් අර මොබයිල් පෝන් හරහා තවත් පෝන් එකකට සල්ලි යවන ක්‍රම තියනවනේ..ඔය ලේසි කෑෂ් වගේ..ඔන්න ඔය විදිහට කුඩු විකුණන කෙනාගේ පෝන් එකට සල්ලි යවනවා. ඊට පස්සේ කුඩු විකුණන කෙනා සල්ලි දාපු කෙනාට මැසේජ් එකක් යවලා අහනවා කොතනද බඩු තියන්න ඕන කියලා..ඉතින් සල්ලි දීපු එකා මොකක් හරි තැනක් කියනවා..කුඩු විකුණන කෙනා ඇවිත් අර කියපු තැන තියන ලයිට් කණුවක,පාලමක වගේ එකක චුයිංගම් කෑල්ලක සෙට් කරලා කුඩුටික අලවලා යනවා. ගිහින් මැසේජ් එකක් දානවා තැන හරියටම කියලා. සල්ලි දාපු කෙනා ගිහින් එතනින් බඩු ගන්නවා.. “ අපි නොදත් ඇඟ කිලිපොලා යන කතාවක් අසන්නට ලැබුණ නිසා එක මොහොතකට හදවතත් නතරවිය. මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ කොතරම් සූක්ෂම ලෙස තමන්ගේ ජාලය සකස් කරගෙන තිබේද. එයටම ගැලපෙන ලෙස නව තාක්ෂණයත් යොදාගෙන ඇත. යහපත් දෙයක් වෙනුවෙන් ඒ කැපවීම කලානම් මේ රට කොතරම් දියුණු කල හැකිද යන්න අපට සිතුනි. තොග පිටින් කුඩු පසුගිය දිනවල අවස්ථා ගණනාවකදීම මහා පරිමාණ හෙරෝයින් තොග මෙරටින් අත්අඩංගුවට ගන්නට බලධාරීන්ට හැකිවිය. දකුණු ආසියාවේ විශාලතම මත්කුඩු තොගය රේගුවේ කන්ටේනර් තුලින් හමුවන්නේ ලංකාව දකුණු ආසියාවේ පමණක් නොව, ආසියාවේම කුඩු තිප්පොල බවට ලොවම ඉදිරියේ කැළලක් ඉතිරි කරමින්ය. දැනුමේ කේන්ද්‍රස්ථානය, වෙළඳ කේන්ද්‍රස්ථානය වැනි පංචමහා බල කේන්ද්‍රස්ථාන කරන්නට සිහිනමැවූ රටක් පැරණි සේද මාවතේ මත්කුඩු මූලස්ථානය බවට පත්ව ඇත්තේ අභාග්‍යසම්පන්න ලෙසය. අවිස්සාවේල්ල,තල්දූව ප්‍රදේශයේදී පසුගිය (7) දා සැකකරුවන් දෙදෙනෙක් සමග අත්ඩංගුවට ගත් කොකේන් කිලෝග්රෑමයේ දළ වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වෙතැයි වාර්තාවේ. එසේම පසුගිය (24) දා ඔරුගොඩවත්ත කන්ටේනර් බහාලුම් පර්යන්තයේදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 200 වටිනාකම රුපියල් බිලියන 2ක් යැයි සඳහන් විය. මෙතරම් මහා පරිමාණයෙන් මත්කුඩු මෙරටට එන්නේ මෙරට අලෙවියට පමණක් නොවන බව පැහැදිලිය. නියත වශයෙන්ම මත්කුඩු බෙදාහැරීමේ ජාලය ඉතා දිගුලෙස ලංකාව හරහා ක්‍රියාත්මකවන බව පැහැදිලිය. ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක්ම ලංකාව පරිද්දෙන්ම මත්කුඩු ජාවාරම්වල අනිටු ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින නිසා ඒ රටවල්වල ආරක්ෂක අංශ නිරතුරුවම සිටින්නේ අවධානයෙන්ය. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් සඳහාම විශේෂ ඒකක සහ පොලිස් සුනඛයින් පවා ආනයනය කර තිබියදීත් ඉතා සූක්ෂම සහ සංවිධානාත්මක ලෙස තව තවත් මත්කුඩු ජාවාරම සමස්ත දකුණු ආසියාතික කලාපයම ගිලගනිමින් සිටියි. සමාජ පරිවර්තනය මේ සියල්ලම අතරේ සිදුවෙමින් තිබෙන ඛේදජනකම සිදුවීම වන්නේ මත්කුඩු භාවිතය ගල් අරක්කු භාවිතය තරම් සමාජය තුල සාමාන්යකරණයවීමය. නුදුරු අතීතයේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක්ට එරෙහිව සමාජයේ තිබුණ පිළිකුල, අප්‍රසන්නභාවය, විරෝධය දැන් සුලභත්වය හමුවේ වේගයෙන් පහළ වැටෙමින් තිබේ. ඒ නිසා ගම්බිම් වලටද වැදී සිටින මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය ගලවා ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් වී නැත. වත්මන් ජනපතිවරයාගේ ප්‍රධානතම ඉලක්ක අතර ඉදිරියෙන්ම තිබෙන මත් උවදුරෙන් මෙරට ගලවා ගැනීමේ ප්‍රතිපත්තියේ දෙනෙතට පෙනෙන්නේ අරක්කු සහ සිගරට් පමණක්ද යන ගැටළුව අප සතුව පවතී. නොඑසේනම් මේ සා වූ විශාල කුඩු තොග අසුවෙද්දීත් ඒවායේ සුළු මුළ සොයාබලා තෝරුන්,මෝරුන්,තල්මසුන් අල්නන්නට කටයුතු නොකරන්නේ බිලී පිත්ත දාද්දී තමන්ගේ සරමේ කොණකුත් එයට අසුවේදෝ යන බියෙන් ද යන සැකය ජනතාව තුල මතුවෙමින් ඇත.[/SIZE] [url]http://struggle.lk/index.php/2016/12/26/drugs-2/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom