Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Photo Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*bump

*couldn't find a (decent) high resolution one.

hmmm.............

මරණානුස්සති භාවනාව

අප්රමාදී බව කියන එකම වදන තුළට…

මේ ලෝකයේ හැසිරෙන දෙපා, සිවුපා, බහුපා සියළුම සත්වයන්ගේ පියවර සටහන් ඇතාගේ පියවර සටහන තුළට ඇතුළත් කළ හැකිය. එමෙන්ම යම්තාක් කුසල් දහම් ඇද්ද, ඒ සියල්ලම අප්රමාදී බව කියන එකම එක කරුණ තුළට ඇතුළු කළ හැකි බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.අප්රමාදී බව ගැන කථා කරන විට අපට අමතක කල නොහැකි වචනයක් තමයි මරණානුස්සති ය කියල කියන්නෙ.

පිනට භය වෙන්න එපා !

අප්රමාදී බව ජීවිතයට රැකවරණ සලසා දෙයි. සැප සතුට උදා කර දෙයි. අපි සියලූ දෙනාම කරුණු දෙකක් මුල් කර ගෙන අප්රමාදී විය යුතුය. එකක් නම් ජීවිතයට පින් දහම් එකතු කරගැනීම පිණිස අප්රමාදී විය යුතුය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ පිනට බය වෙන්න එපා කියලයි. (මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ) නිරතුරුවම කුසල් දහම් වඩන්න. (කත්තබ්බං කුසලං බහුං) මේ ජීවිතය තුළ අපි රැස් කරගන්නා කුසල් දහම් අපගේ සංසාරික ජිවිතය සැපවත් කරයි. මේ ජීවිතයේ යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලැබීමට හේතුව අනිකක් නොව සසරදී කරන ලද පින් දහම් ය. දිව්‍ය මනුෂ්‍ය ආදී සුගති ලෝක වල උපත ලබන්නේ පින නිසාමය. ධර්මාවබෝධයට සුදුසු පරිසරයක් සකස් කර දෙන්නේ ද පින් නිසාමය.

එදිනෙදා ජීවිතයට අප්‍රමාදය…

අප අප්රමාදී විය යුතු දෙවන කරුණ නම් මේ සංසාර දුකින් නිදහස් වීමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අසුරු සැණක් ගසන තරම් කාලයක් වත් භවය වර්ණනා නොකරන බවයි. ඒ නිසා ඉතා ඉක්මනින් මේ සංසාර දුකින් නිදහස් වීමට අප වීරිය කළ යුතුය. එදිනෙදා ජීවිතයේ ඇති බොහෝ වැඩ කටයුතු නිසා අපි ධර්මයේ හැසිරීම පසුවට කල් තබමු. බොහෝ විට අපි සිතන්නේ රැකියාවක් ලබාගැනීම, ගෙයක් දොරක් හදා ගැනීම, දරුවන්ට ඉගැන්වීම ආදිය අපට තිබෙන ප්‍රධාන ගැටළු, ප්‍රශ්න විදිහට යි. නමුත් වයසට යාම, ලෙඩ වීම, මරණයට පත්වීම යන කරුණු අපි සෑම දෙනාටම උරුම වී ඇති ඉතාම බරපතල ප්‍රශ්න බව හඳුනාගැනීමට තරම් අපි ඒ ගැන සිතීමට පෙළඹී නැත. ගෙදර දොර කටයුතු වලින් නිදහස් වෙලා ජීවිතයේ අවසාන කාලයේ ධර්මයේ හැසිරීමට බොහෝ දෙනෙකු සිතා සිටිති. එයට හේතුව නම් ඕනෑම මොහොතක අපට මරණයට මුහුණ දීම සිදු වේ යැයි නොසිතීම ය. මේ නිසා ප්රමාදී පුද්ගලයාට අප්රමාදී බව පිණිස නිතර මරණානුස්සති භාවනාව පුරුදු කළ යුතු යැයි බුදු සමිඳාණෝ දේශනා කොට වදාළහ. ඉහලට ගත් ආශ්වාස වාතය පහළට හෙළන තරම් කාලයක් වත් අපට ජීවත් වීමට හැකි වේ දැයි කිසිවෙකුට කිව නොහැක. මේ ජීවිතය ඒ තරමටම අස්ථිර වූ දෙයකි.

එනමුත් බොහෝ විට අපි කරන්නේ අනාගතයේ සිදු කරන්නට බලාපොරොත්තු වන දේවල් පිළිබඳව සැලසුම් කරමින් ඒවටම වෙහෙස වීමයි. බොහෝ විට ඒ සැලසුම් සිත ඇතුලේ තබාගෙනම මිය යන්නට සිදු වේ. මරණානුස්සති භාවනාව පුරුදු කරන කෙනා ඉතා ඉක්මනින් මේ සංසාර දුකින් නිදහස් වීම පිණිස වීරිය කරයි. නිරතුරුවම සමථ විදර්ශනා දියුණු කිරීමට උත්සාහ කරයි. ඒ නිසා ධර්මාවබෝධ කිරීම පසුවට කල් තබා ප්රමාදී වන අය අප්රමාදී බව ඇති කරගැනීම පිණිස නිතර නිතර මරණසතිය වැඞීම පුරුදු කරගත යුතුය.

– මරණානුස්සති භාවනාව –

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය. ඉපදුණා වූ කිසිම සත්වයෙකුට මරණයෙන් ගැලවිය නොහැක. සියලූ දෙනාම මරණයට මුහුණ දිය යුතුය. කුමන මොහොතක කුමන කරුණකින් කෙසේ මරණය සිදුවේදැයි කිසිවෙකුට කිව නොහැක.

මවු කුස තුළදී ද, මවු කුසින් බිහිවන මොහොතේ දී ද, ළදරු කාලයේදී ද, ළමා කාලයේදී ද, තරුණ කාලයේ දී ද, මැදි වයසේදී ද, මහළු වයසේදී ද, ඕනෑම කෙනෙකු මරණයට පත්විය හැකිය. ඉපදුණා වූ කෙනෙකු මේ කාලයේදී මේ අයුරින් මරණයට පත් වේ යැයි කිසිවෙකුට කිව නොහැක. මරණයට පත්වීම කෙරෙහි වයස් භේදයක් නැත.

ධනවත් පුද්ගලයෝ ද, දුප්පත් පුද්ගලයෝ ද, උගත් පුද්ගලයෝ ද, නූගත් පුද්ගලයෝ ද, බලවත් පුද්ගලයෝ ද, දුබල පුද්ගලයෝ ද, කුලවත් පුද්ගලයෝ ද, කුලහීන පුද්ගලයෝ ද, ගුණවත් පුද්ගලයෝ ද, ගුණහීන පුද්ගලයෝ ද, රූපවත් පුද්ගලයෝ ද, විරූපී පුදගලයෝ ද, දක්ෂ පුද්ගලයෝ ද, අදක්ෂ පුද්ගලයෝ ද මරණයට පත්වන්නේ ය. මරණයට පත් වීම කෙරෙහි පුද්ගල භේදයක් නැත.

උදෑසන කාලයේ දී ද, දහවල් කාලයේ දී ද, සැන්දෑ කාලයේ දී ද, රාත්‍රී කාලයේ දී ද, ඕනෑම පිරිමියෙකු හෝ ඕනෑම ස්ත්‍රියක හෝ මරණයට පත් විය හැකිය. මරණයට පත්වීම කෙරෙහි කාල භේදයක් නැත.

දියෙහි ගිලීමෙන් ද, ගින්නට හසු වීමෙන් ද, වස විෂ ශරීර ගත වීමෙන් ද, මරණය සිදුවිය හැකිය. ලෙඩ රෝග නිසා ද, භූමි කම්පා – ජල ගැලීම් ආදී ස්වාභාවික විපත් නිසා ද, හදිසි අනතුරු නිසා ද, විෂ සතුන් දෂ්ඨ කිරීමෙන් ද, අමනුෂ්‍යයන් නිසා ද, වෙනත් අයෙකුගේ උපක්‍රමයක් නිසා ද, ආයුෂ ගෙවී යාමෙන් ද, ආහාර හිරවීමෙන් ද, ජලය හිරවීමෙන්, හුස්ම හිරවීමෙන් ද, පය පැටලී වැටීමෙන් ද මරණයට සිදුවිය හැකිය. මරණයට පත්වීම කෙරෙහි අවස්ථා භේදයක් නැත.

සියලු කෙලෙසුන් නැසූ, බුදුරජාණන් වහන්සේලා ද, පසේ බුදුරජාණන් වහන්සේලා ද, මහ රහතන් උතුමන් වහන්සේලා ද පිරිනිවන් පා වදාළ සේක. මග ඵල ලාභී උතුමෝ ද මරණයට පත්වූහ.

දවල් ගෙවී යන්නේ පුද්ගලයෙකුගේ ජීවිතය මරණය කරා ගෙන යමින් ය. ඉහළට ගත් ආශ්වාස වාතය, පහළට හෙලන කාලය තරම් ඉතා සුළු කාලයක් වත් ජීවත් වීමට හැකි වේ දැයි කිසිවෙකුට කිව නොහැකිය. ඒ අයුරින් ඉතා සුළු කාලයකදී පවා ඕනෑම අයෙකු මරණයට පත් විය හැකිය. ඉපදුණු සියලූ සත්වයන්ට, මරණය උරුම වූ දෙයකි. ජීවත් වන කාලය තුළ කුසල් දහම් දියුණු කළ යුතුය. සමථ විදර්ශනා වැඩිය යුතුය. සංසාර දුකින් මිදීම පිණිසම වෙර වීරිය කළ යුතුය. හිස ගිනිගත් අයෙකු ඒ ගින්න නිවීමට යම් සේ උත්සාහ කරන්නේ ද, වීරිය කරන්නේ ද, ඒ අයුරින්ම සංසාර දුකින් මිදීම පිණිසම නිතර වීරිය කළ යුතුය. අප්රමාදී විය යුතුය.

-පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

[QUOTE="IKL, post: 25974114, member: 567503"] *bump *couldn't find a (decent) high resolution one. hmmm............. [IMG]https://i.imgur.com/Kb9Fomp.jpg[/IMG] මරණානුස්සති භාවනාව අප්රමාදී බව කියන එකම වදන තුළට… මේ ලෝකයේ හැසිරෙන දෙපා, සිවුපා, බහුපා සියළුම සත්වයන්ගේ පියවර සටහන් ඇතාගේ පියවර සටහන තුළට ඇතුළත් කළ හැකිය. එමෙන්ම යම්තාක් කුසල් දහම් ඇද්ද, ඒ සියල්ලම අප්රමාදී බව කියන එකම එක කරුණ තුළට ඇතුළු කළ හැකි බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක.අප්රමාදී බව ගැන කථා කරන විට අපට අමතක කල නොහැකි වචනයක් තමයි මරණානුස්සති ය කියල කියන්නෙ. පිනට භය වෙන්න එපා ! අප්රමාදී බව ජීවිතයට රැකවරණ සලසා දෙයි. සැප සතුට උදා කර දෙයි. අපි සියලූ දෙනාම කරුණු දෙකක් මුල් කර ගෙන අප්රමාදී විය යුතුය. එකක් නම් ජීවිතයට පින් දහම් එකතු කරගැනීම පිණිස අප්රමාදී විය යුතුය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ පිනට බය වෙන්න එපා කියලයි. (මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ) නිරතුරුවම කුසල් දහම් වඩන්න. (කත්තබ්බං කුසලං බහුං) මේ ජීවිතය තුළ අපි රැස් කරගන්නා කුසල් දහම් අපගේ සංසාරික ජිවිතය සැපවත් කරයි. මේ ජීවිතයේ යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලැබීමට හේතුව අනිකක් නොව සසරදී කරන ලද පින් දහම් ය. දිව්‍ය මනුෂ්‍ය ආදී සුගති ලෝක වල උපත ලබන්නේ පින නිසාමය. ධර්මාවබෝධයට සුදුසු පරිසරයක් සකස් කර දෙන්නේ ද පින් නිසාමය. එදිනෙදා ජීවිතයට අප්‍රමාදය… අප අප්රමාදී විය යුතු දෙවන කරුණ නම් මේ සංසාර දුකින් නිදහස් වීමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අසුරු සැණක් ගසන තරම් කාලයක් වත් භවය වර්ණනා නොකරන බවයි. ඒ නිසා ඉතා ඉක්මනින් මේ සංසාර දුකින් නිදහස් වීමට අප වීරිය කළ යුතුය. එදිනෙදා ජීවිතයේ ඇති බොහෝ වැඩ කටයුතු නිසා අපි ධර්මයේ හැසිරීම පසුවට කල් තබමු. බොහෝ විට අපි සිතන්නේ රැකියාවක් ලබාගැනීම, ගෙයක් දොරක් හදා ගැනීම, දරුවන්ට ඉගැන්වීම ආදිය අපට තිබෙන ප්‍රධාන ගැටළු, ප්‍රශ්න විදිහට යි. නමුත් වයසට යාම, ලෙඩ වීම, මරණයට පත්වීම යන කරුණු අපි සෑම දෙනාටම උරුම වී ඇති ඉතාම බරපතල ප්‍රශ්න බව හඳුනාගැනීමට තරම් අපි ඒ ගැන සිතීමට පෙළඹී නැත. ගෙදර දොර කටයුතු වලින් නිදහස් වෙලා ජීවිතයේ අවසාන කාලයේ ධර්මයේ හැසිරීමට බොහෝ දෙනෙකු සිතා සිටිති. එයට හේතුව නම් ඕනෑම මොහොතක අපට මරණයට මුහුණ දීම සිදු වේ යැයි නොසිතීම ය. මේ නිසා ප්රමාදී පුද්ගලයාට අප්රමාදී බව පිණිස නිතර මරණානුස්සති භාවනාව පුරුදු කළ යුතු යැයි බුදු සමිඳාණෝ දේශනා කොට වදාළහ. ඉහලට ගත් ආශ්වාස වාතය පහළට හෙළන තරම් කාලයක් වත් අපට ජීවත් වීමට හැකි වේ දැයි කිසිවෙකුට කිව නොහැක. මේ ජීවිතය ඒ තරමටම අස්ථිර වූ දෙයකි. එනමුත් බොහෝ විට අපි කරන්නේ අනාගතයේ සිදු කරන්නට බලාපොරොත්තු වන දේවල් පිළිබඳව සැලසුම් කරමින් ඒවටම වෙහෙස වීමයි. බොහෝ විට ඒ සැලසුම් සිත ඇතුලේ තබාගෙනම මිය යන්නට සිදු වේ. මරණානුස්සති භාවනාව පුරුදු කරන කෙනා ඉතා ඉක්මනින් මේ සංසාර දුකින් නිදහස් වීම පිණිස වීරිය කරයි. නිරතුරුවම සමථ විදර්ශනා දියුණු කිරීමට උත්සාහ කරයි. ඒ නිසා ධර්මාවබෝධ කිරීම පසුවට කල් තබා ප්රමාදී වන අය අප්රමාදී බව ඇති කරගැනීම පිණිස නිතර නිතර මරණසතිය වැඞීම පුරුදු කරගත යුතුය. – මරණානුස්සති භාවනාව – ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය. ඉපදුණා වූ කිසිම සත්වයෙකුට මරණයෙන් ගැලවිය නොහැක. සියලූ දෙනාම මරණයට මුහුණ දිය යුතුය. කුමන මොහොතක කුමන කරුණකින් කෙසේ මරණය සිදුවේදැයි කිසිවෙකුට කිව නොහැක. මවු කුස තුළදී ද, මවු කුසින් බිහිවන මොහොතේ දී ද, ළදරු කාලයේදී ද, ළමා කාලයේදී ද, තරුණ කාලයේ දී ද, මැදි වයසේදී ද, මහළු වයසේදී ද, ඕනෑම කෙනෙකු මරණයට පත්විය හැකිය. ඉපදුණා වූ කෙනෙකු මේ කාලයේදී මේ අයුරින් මරණයට පත් වේ යැයි කිසිවෙකුට කිව නොහැක. මරණයට පත්වීම කෙරෙහි වයස් භේදයක් නැත. ධනවත් පුද්ගලයෝ ද, දුප්පත් පුද්ගලයෝ ද, උගත් පුද්ගලයෝ ද, නූගත් පුද්ගලයෝ ද, බලවත් පුද්ගලයෝ ද, දුබල පුද්ගලයෝ ද, කුලවත් පුද්ගලයෝ ද, කුලහීන පුද්ගලයෝ ද, ගුණවත් පුද්ගලයෝ ද, ගුණහීන පුද්ගලයෝ ද, රූපවත් පුද්ගලයෝ ද, විරූපී පුදගලයෝ ද, දක්ෂ පුද්ගලයෝ ද, අදක්ෂ පුද්ගලයෝ ද මරණයට පත්වන්නේ ය. මරණයට පත් වීම කෙරෙහි පුද්ගල භේදයක් නැත. උදෑසන කාලයේ දී ද, දහවල් කාලයේ දී ද, සැන්දෑ කාලයේ දී ද, රාත්‍රී කාලයේ දී ද, ඕනෑම පිරිමියෙකු හෝ ඕනෑම ස්ත්‍රියක හෝ මරණයට පත් විය හැකිය. මරණයට පත්වීම කෙරෙහි කාල භේදයක් නැත. දියෙහි ගිලීමෙන් ද, ගින්නට හසු වීමෙන් ද, වස විෂ ශරීර ගත වීමෙන් ද, මරණය සිදුවිය හැකිය. ලෙඩ රෝග නිසා ද, භූමි කම්පා – ජල ගැලීම් ආදී ස්වාභාවික විපත් නිසා ද, හදිසි අනතුරු නිසා ද, විෂ සතුන් දෂ්ඨ කිරීමෙන් ද, අමනුෂ්‍යයන් නිසා ද, වෙනත් අයෙකුගේ උපක්‍රමයක් නිසා ද, ආයුෂ ගෙවී යාමෙන් ද, ආහාර හිරවීමෙන් ද, ජලය හිරවීමෙන්, හුස්ම හිරවීමෙන් ද, පය පැටලී වැටීමෙන් ද මරණයට සිදුවිය හැකිය. මරණයට පත්වීම කෙරෙහි අවස්ථා භේදයක් නැත. සියලු කෙලෙසුන් නැසූ, බුදුරජාණන් වහන්සේලා ද, පසේ බුදුරජාණන් වහන්සේලා ද, මහ රහතන් උතුමන් වහන්සේලා ද පිරිනිවන් පා වදාළ සේක. මග ඵල ලාභී උතුමෝ ද මරණයට පත්වූහ. දවල් ගෙවී යන්නේ පුද්ගලයෙකුගේ ජීවිතය මරණය කරා ගෙන යමින් ය. ඉහළට ගත් ආශ්වාස වාතය, පහළට හෙලන කාලය තරම් ඉතා සුළු කාලයක් වත් ජීවත් වීමට හැකි වේ දැයි කිසිවෙකුට කිව නොහැකිය. ඒ අයුරින් ඉතා සුළු කාලයකදී පවා ඕනෑම අයෙකු මරණයට පත් විය හැකිය. ඉපදුණු සියලූ සත්වයන්ට, මරණය උරුම වූ දෙයකි. ජීවත් වන කාලය තුළ කුසල් දහම් දියුණු කළ යුතුය. සමථ විදර්ශනා වැඩිය යුතුය. සංසාර දුකින් මිදීම පිණිසම වෙර වීරිය කළ යුතුය. හිස ගිනිගත් අයෙකු ඒ ගින්න නිවීමට යම් සේ උත්සාහ කරන්නේ ද, වීරිය කරන්නේ ද, ඒ අයුරින්ම සංසාර දුකින් මිදීම පිණිසම නිතර වීරිය කළ යුතුය. අප්රමාදී විය යුතුය. -පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි [IMG]https://i.imgur.com/QEMxYRi.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom