dog123

Well-known member
  • Sep 25, 2007
    2,791
    3,722
    113
    කේන්දර සටහනේ 9 වැන්න අදාල වන්නේ පෙර පින් සහ වාසනාවටයි.

    12961556_1334169319933477_39110087161203275_n.jpg


    ● රවි 9

    ග්‍රහ ලොව පියා සහ නායකයා වන රවි 9 වැන්නේ සිටින්නේ නම්, ඉහල ඉගෙනීමක් ලබයි.
    උසස්‌ රැකියාවක උරුම වේ.
    පියා බලවත් කෙනෙක්‌ විය යුතුය.
    විදේශගත වීමට හැකියාව ඇත. විදේශීය රැකියා ලැබේ. යහපත් විවාහයක් උරුමය වේ.

    ● සඳු/චන්ද්‍රයා 9

    සෞම්‍ය ග්‍රහයෙකු වන සිතිවිලි වලට අධිපති වන සඳු 9 සිටින විට, පෙර කරන ලද පින් ඇති කෙනෙකි. විදේශ ගමන් මෙන්ම විදේශීයව වාසය කිරීමටද වාසනාව ලැබේ. රූපසම්පන්න වේ. යහපත්, ගුණවත් කෙනෙකු ලෙස අන් අයගේ පිලිගැනීමට, පැසසුමට ලක්වේ.
    මවට ඉතා සෙනෙහවන්ත විය හැක.

    ● කුජ/අඟහරු 9

    ග්‍රහ ලොව සෙන්පති, මුරණ්ඩු ගති ඇති කුජ 9 සිටින අයට හොඳ අධ්‍යාපනයක් ලැබේ. ආරක්ෂක අංශ වල රැකියා වලට සුදුසුය. බැංකු ක්ෂෙත්‍රය ආදි මූල්‍යමය කටයුතු ආශ්‍රිත රැකියාද ලැබේ.
    ඉක්මණ් කෝපයද ආවේගශීලි විමද දැකිය හැක.
    විදේශ රටවල වාසය කිරීමටද හැක.

    ● බුධ 9

    ග්‍රහලොව බුද්ධිමතා වන බුද 9 වැන්නේ සිටින විට බොහෝ හොඳ ඉගෙනීමක් ලබයි. උසස් අධ්‍යාපන වාසනාව ඇත. බුද්ධිමත් වේ. අන් අය අතර බුද්ධිය පෙන්වන හොඳ කතා ඇත. දහමට ගරු කරන කෙනෙකි. විදෙස් ගත විය හැක.
    යහපත් විවාහයක් හිමිය.

    ● ගුරු 9

    ග්‍රහ ලොව සුරගුරු හෙවත් අවවාද දෙන වැඩිහිටියා 9 වැන්නේ සිටින විට පෙර කරන ලද පින් ඇති කෙනෙකි. අධ්‍යාත්ම ශක්තිය දියුණු කරගත හැක.
    සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. වන්දනයට පාත්‍ර වේ. අවවාද දීමට, ගුරුකමට ඉතා හොඳයි. විදේශගත විය හැක. විදේශගතව උසස් රැකියා කල හැක. යහපත් කලණ මිතුරන් ලැබේ. ස්වභාවික ශාන්ත මරණයක් හිමිවේ.

    ● සිකුරු/ශුක්‍ර 9

    ග්‍රහ ලොව හැඩකාරිය සිකුරු 9 සිටින විට, කලා අංශයට දක්ෂ ඒ අංශ වලින් ඉදිරියට යයි. දුර ගමනට බිමනට කැමතිය. දරුවා නිසා දෙමාපියන් දියුණු වේ. විශාල අලංකාර නිවාස වල ජිවත් විය හැක. ඉතාම හොඳ විවාහයක් කරගත හැක. සියලුම ලෞකික සතුට විඳිය හැක.

    ● ශනි/සෙනසුරු 9

    ග්‍රහ ලොව දුක් කරදර ගැන අවබෝධය ලබා දෙන ශනි 9 සිටින විට ආගම දහම පිළිබඳ උසස්‌ දැනුමෙන් යුක්‌තව ලෞකික ජිවිතයට වඩා ලෝකෝත්තර ජිවිතයට කැමති කෙනෙක් වේ. හුදෙකලාව ජිවත් විමට කැමතිය. යහපත් විවාහ දිවියක් උරුමය වේ. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවිය හැක.

    ● රාහු 9

    වේගය ලබාදෙන කටයුතු අවුල් කරන බවට ප්‍රසිද්ධ රාහු 9 සිටින අයට දේපල ලාභ බොහෝ වේ. බොහෝ දේපල ඇති කෙනෙක් විය හැක. එසේ වුවද විදෙස් ගතව හෝ තම උපන් ගෙයින් බැහැරව දිවි ගෙවන කෙනෙකි. අනිකුත් ග්‍රහයන් යහපත්ව ඇත්නම් ඇත් නම් යහපතින් දිවි ගෙවයි.

    ● කේතු 9

    තම කටයුතු කරගන්නා කේතු 9 සිටින විට,
    දේපල ලාභ ලබයි. එසේ වුවද අඩු වයසේ සිටම කරදර වලට මුහුණ පෑ හැක. අධ්‍යාපන කටයුතු වලටද බොහෝ බාධා ඇතිවිය හැක. කෙසේ වුවද අනිකුත් ග්‍රහ පිහිටිම් යහපත් නම් හොඳින් ජිවත් විය හැක.

    9 වැන්න හිස් නම්..?

    කේන්දරයක නව වැන්න කියන්නේ පුණ්‍යස්‌ථානයයි. ... නොලැබෙනකොට මොනවත් නැති හිස්‌ බෝතලේ වගේ තමයි.

    From : http://rivisanda.blogspot.com/
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    "බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

    "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"

    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය."
    උපුටා ගැනීමකි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    kendara aththada boruda kiyanna danne naha. eth kendara wala thiyena dewal thamange uthsahayen kapaweemen wenas karanna puluwan
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    "බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ, ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.

    "නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"

    අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත් ද? නො යොදත් ම ය."
    උපුටා ගැනීමකි.

    :yes: