Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Post only Officially Confirmed News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතල බෝම්බ පිපිරීම් මාලාවක් අවම වසයෙන් පුද්ගලයන් 290 ක් ඝාතනය කොට 500 කට පමන තුවාල සිදු කලේ ය. පෙරවරු 8.45 හා 9.00 අතර හටගත් සම්බන්ධීකෘත ප්රහාරයක දී හඳුනා නො ගත් ත්රස්තවාදීන් ක්‍රිස්තියානි පල්ලි තුනකට හා සංචාරකයන් නිතර පැමිනෙන සුඛෝපභෝගී හෝටල් තුනකට පහර දුන්නේ ය. මිය ගිය අය අතරට එක්සත් ජනපදය, යුරෝපීය රටවල්, චීනය හා ජපානයෙන් පැමිනි සංචාරකයන් ඇතුලු විදේශිකයන් 35 ක් පමන අයත් වේ.

කොලඹ සාන්ත අන්තෝනි, කොලඹින් උතුරට වන්නට පිහිටි මීගමුව සාන්ත සෙබස්තියන් හා දිවයිනේ නැගෙනහිර දිග වෙරලේ මඩකලපුවේ සියොන් යන දේවස්ථාන පාස්කු ඉරිදා දේව මෙහෙයයන් සඳහා පිරී ඉතිරී තිබුනි. පිපිරීම් වලින් වහලවල් ඉරා දැමුනු අතර ශරීර කොටස් සුන්බුන් විසරුවා හැරුනි. මරන සංඛ්‍යාව වැඩිම වූ මීගමුව රෝහල ඇතුලු රෝහල් තුවාල ලැබූවන්ගෙන් පිරී ගිය අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල ය.

කටුවාපිටිය දේවස්ථානය තුල තුවාලවූවන් සොයන ජනයා

ෂැංග්‍රි-ලා, සිනමන් ග්රෑන්ඞ් හා කිංග්ස්බරි යන සුඛෝපභෝගී හෝටල් තුන ම කොලඹ පිහිටා තිබේ. පැය කිහිපයකට පසුව සිදු වූ තවත් පිපිරීම් දෙකක් තවත් ජීවිත බිලිගත්තේ ය- දෙහිවල තදාසන්නයේ සිදු වූ පිපිරීමක් පුද්ගලයන් දෙදෙනෙකු මරා දැමූ අතර දෙමටගොඩ සිදු වූ දෙවන පිපිරීම පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද ඇතුලු ව හත්දෙනෙකු මරා දැමී ය.

ලමුන් හා කාන්තාවන් ද ඇතුලු අහිංසක ජනයා මෙසේ ම්ලේච්ඡ ලෙස මරා දැමීම ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය තරයේ හෙලා දකී. මෙම සාහසික අපරාධය සඳහා කවුරුන් වගකිව යුතු වුවත් හා ඔවුන්ගේ අරමුනු කවරක් වුවත් දේශපාලන සංස්ථාපිතය විසින් එය ගසාකනු ඇත්තේ රාජ්‍ය යන්ත්රනය ශක්තිමත් කිරීමට හා මූලික ප්රජාතන්ත්රීය අයිතීන් මත වැඩිදුර ප්‍රහාර එල්ල කිරීමට ය.

මුහුනුපොත, ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ්, ස්නැප්චැට්, වට්ස්ඇප් හා වයිබර් ඇතුලු සමාජ මාධ්‍ය අඩවි දිවයින පුරා අවහිර කිරීමට ආන්ඩුව ක්‍රියා කලේ ඒවා “ව්‍යාජ ප්රවෘත්ති වාර්තා” බෙදාහැරීමට යොදාගනු ලබන බව කියමිනි. මෙම වසා දැමීම තාවකාලික යයි කියන අතර ම, එය වනාහි ආන්ඩුව විසින් අනුමත කල ප්රවෘත්ති පමනක් තිබෙන ආකාරයට ජාත්‍යන්තර ව ආන්ඩු විසින් අන්තර්ජාලය වාරනය කිරීමේ කොටසකි.

මෙම ත්‍රස්තවාදී ප්‍රහාර පිලිබඳ වගකීම කිසිදු සංවිධානයක් හෝ තනි පුද්ගලයෙක් විසින් තවමත් භාරගෙන නැත. ආන්ඩුව “වැරදිකරුවන්ගේ අනන්‍යතාව” දන්නා නමුත් විස්තර නො කරන බව ආරක්ෂක කටයුතු හා මාධ්‍ය රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන කීවේ ය. පොලීසිය පුද්ගලයන් 13 ක් අත්අඩංගුවට ගෙන ඇතත් ඔවුන්ගේ අනන්‍යතාව හෙලිදරවු කර නැත. බෝම්බ ප්‍රහාරවල ස්වභාවය පැහැදිලි නැතත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සම්බන්ධ වූ බවට සමහර සාක්ෂි තිබේ.

ප්රමුඛ පෙලේ දේවස්ථානවලට මරාගෙන මැරෙන ප්‍රහාර සැලසුම් කර ඇති බවට වන අනතුරු ඇඟවීමක් දින 10 කට පෙර ශ්‍රී ලංකාවේ ආන්ඩුවට හා පොලීසියට ලැබුනු බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කර ඇත. ඉහල ම පොලිස් නිලධාරීන්ට ලැබුනු ඔත්තු සේවා අනතුරු ඇඟවීම ප්‍රකාශ කලේ: “එන්ටීජේ (ජාතික තොවුහීත් ජමාත්) සංවිධානය ප්රමුඛ පෙලේ දේවස්ථාන හා කොලඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් ඔත්තු සේවා ඒජන්සියක් දැනුම් දී ඇති” බවයි.

ආසන්න ප්‍රහාරයක් පිලිබඳ ව මහජනයාට අනතුරු ඇඟවීමට පොලීසිය හෝ ආන්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැත. බෝම්බ ප්‍රහාර වැලැක්වීමට පොලීසිය කිසිදු පියවරක් ගත් බවට ද සාක්ෂි නැත. එහෙත් අනතුරු ඇඟවීම නිශ්චිත අතර පාස්කුව වනාහි පැහැදිලි ව ම දේවස්ථාන පිරී යන සමයකි.

නම් සඳහන් නො කල විදෙස් ඔත්තු සේවා ඒජන්සියකින් අනතුරු ඇඟවීමක් තිබුනු බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පිලිගත්තේ ය. එහෙත් ඔහු කියා සිටියේ ඔහු හා ඔහුගේ ඇමතිවරු අනතුරු ඇඟවීම පිලිබඳ නො දැන සිටි බව යි. “තොරතුර වෙත ප්‍රමානවත් අවධානයක් නො දීම” ගැන විමර්ශනයක් පැවැත්වෙනු ඇති බවට ඔහු ඉඟි කලේ ය.

ජාතික තොවුහීත් ජමාත් යනු ජාත්‍යන්තර ඉස්ලාමීය අන්තවාදීන්ට සබඳතා ඇතැයි සැක කරන ශ්‍රී ලංකාවේ පාදක ඉස්ලාමීය සංවිධානයකි. එහෙත් මේ අවස්ථාවේදී අනෙකුත් හැකියාවන් පිලිබඳව කිසිවෙකුට නො තකා සිටිය නො හැක.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කිරීමට දශක තුනක් ඇදී ගිය කෲර යුද්ධයක් දියත් කල කොලඹ දේශපාලන සංස්ථාපිතයට, ක්‍රිස්තියානීන් හා ක්‍රිස්තියානි දේවස්ථාන මෙන් ම දිවයිනේ දෙමල හා මුස්ලිම් සුලුතරයන්ට පහර දීමේ ඉතිහාසයක් සහිත සිංහල බෞද්ධ අධිපතිවාදී කන්ඩායම් සමග සමීප සබඳතා ඇත. බොහෝ අවස්ථාවල දී පොලීසිය එවන් ප්‍රහාර දෙස ඇස්කන් පියාගෙන සිට ඇත.

බෝම්බ ප්‍රහාර කෙරෙහි වැඩෙන කෝපය අපසරනය කිරීමට ආන්ඩුව මංමුලා සහගත ය. වික්‍රමසිංහ තම අදහස් දැක්වීම්වල දී ප්‍රහාරය වැලැක්වීම සඳහා ක්‍රියා නො කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු බවට ඉඟි කලේ ය. පසුගිය දෙසැම්බරයේ සිරිසේන පොලීසිය ද ඇතුලත් නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් යටතට ගත්තේ ඔහු හා අගමැතිවරයා අතර ඇති කටුක ප්රතිමල්ලතාවේ කොටසක් ලෙස ය. ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිට රටෙහි සන්නද්ධ හමුදා තුනේ පාලනය අයත් වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන විපක්ෂය ඊයේ ප්‍රහාරය හෙලා දුටුව නමුදු ආන්ඩුවට වරද පැටවී ය. එල්ටීටීඊයට එරෙහි යුද්ධය කෲර ලෙස අවසන් කිරීම සඳහා අවසාන මිලිටරි මෙහෙයුම් තුල දී සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දැමීමට වගකීම දරන රාජපක්ෂ ආන්ඩුව මිලිටරියට සම්බන්ධ ඝාතක කල්ලි විසින් කල “අතුරුදන් කිරීම්” සිය ගනනකට ද වගකිව යුතු ය.

කවර හෝ යුද අපරාධ චෝදනාවකට එරෙහි ව “රනවිරුවන්” ආරක්ෂා කර ඇති රාජපක්ෂ, යලි බලයට ඒමට දරන උත්සාහයේ දී මිලිටරියේ සහයෝගය අපේක්ෂා කරයි. ප්‍රහාරය “ආන්ඩුව විසින් ඔත්තු සේවා නිලධාරීන් හා සන්නද්ධ හමුදා තුනේ නිලධාරීන් පක්ෂඝාත කර ඇති නිසා අහිංසක ජනයාට මුහුන දීමට සිදු වී ඇති දරුනු විපාකයකි” යි ඊයේ ඔහු ප්‍රකාශ කලේ ය.

දිවයිනේ දෙමල සුලුතරයට එරෙහි ව වාර්ගික යුද්ධය දියත් කිරීමට, මිලිටරි හා රාජ්‍ය යාන්ත්‍රනය විශාල ලෙස විස්තාරනය කිරීමට මෙන් ම පොලිස් රාජ්‍ය බලතල ප්රසාරනය කිරීමට ආන්ඩු කරන හා විපක්ෂ යන දෙවර්ගයේ ම පක්ෂ වගකීම දරයි. කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විස්ථාපනය කොට එහි දුරදිග යන ප්රජාතන්ත්ර-විරෝධී බලතල දිගට ම තබාගන්නා ප්‍රති-ත්‍රස්ත පනත තල්ලු කරගැනීමට ඊයේ බෝම්බ ප්‍රහාර ආන්ඩුව නිසැක ව ම ගසාකනු ඇත.

බෝම්බ ප්‍රහාරවලින් පසුව ආරක්ෂක පියවරයන් බලාත්මක කර ඇති තතු තුල “සන්සුන්” වන ලෙස සිරිසේන හා වික්‍රමසිංහ වෙන් වෙන් ප්‍රකාශ දෙකක් තුල ඉල්ලා සිටිය හ. සමාජ මාධ්‍ය අවහිර කරන අතර ම කොලඹ දුම්රිය ස්ථානය, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල හා අනෙකුත් ස්ථාන ආරක්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවනු ලැබී ය. සොල්දාදුවන් කිහිප සියයක් කොලඹ වීදිවලට දිගේලි කර ඇති අතර ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලීසිය අධිපීඩන ජලප්රහාර යන්ත්‍ර ජාතික රෝහල අසල සූදානම් කොට තිබූ අයුරු

ත්‍රස්තවාදී ප්‍රහාරය හෙලා දැකීම සඳහා ලෝක නායකයෝ හැල්මේ ඉදිරියට ආ හ. “රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාර” හෙලාදුටු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, “හෘදයාංගම කනගාටුව” පලකරමින් එක්සත් ජනපදය “උදවු කිරීමට සූදානම්” බව ප්‍රකාශ කලේ ය. “ප්රචන්ඩත්වය සත්‍ය වසයෙන් ම තැතිගන්වනසුලු” බව කියමින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ද ප්‍රහාර හෙලාදුටුවා ය. “මෙවැනි ම්ලේච්ඡත්වයන් සඳහා අපේ කලාපයේ ඉඩ නැතැ” යි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කලේ ය.

නරුමත්වයට ඉමක් නැත! ඊයේ ප්‍රහාරයට ඉස්ලාමීය ත්රස්තවාදීන් වගකිව යුතු නම්, ඔවුන්ට ඉන්ධන සපයමින් මැද පෙරදිග, මධ්‍යම ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ අපරාධකාරී යුද්ධවල නිරත වීමට එක්සත් ජනපදය හා එහි සහචරයින් වගකීම දරයි. ශ්‍රී ලංකාවේ ප්‍රභූන් දිගට ම අවුලුවාලන හා යොදාගනු ලබන වාර්ගික ආතතීන් නිර්මානය කෙරුනු රුදුරු යුද්ධය දියත් කල අනුප්‍රාප්තික කොලඹ ආන්ඩුවලට වොෂින්ටනය පිටුබලය දුන්නේ ය.

කම්කරු පන්ති අරගලයන්ගේ ඉහල යන රැල්ලක් මධ්‍යයේ, සංක්රමන-විරෝධී භීතිකාව ජාත්‍යන්තර ව අවුලුවාලමින් සිටින පාලක පන්ති ෆැසිස්ට් පක්ෂ හා සංවිධාන පෝෂනය කරමින් සිටී. පසුගිය මාසයේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හා මුස්ලිම් පල්ලියක දී වෙඩි තැබූ ඕස්ට්‍රේලියානු ෆැසිස්ට්වාදියෙක් වන බ්‍රෙන්ටන් ටරන්ට් කාන්තාවන් හා ලමුන් ඇතුලු 50 ක් ඝාතනය කලේ ය. ජාත්‍යන්තර ව අන්ත-දක්ෂිනාංශික කව සමග ටරන්ට් ට සබඳතා තිබුන ද පොලීසිය හා ඔත්තු සේවා කියා සිටියේ ඔවුන්ට පූර්ව අනතුරු ඇඟවීමක් නො ලැබුනු බව යි. මෙයට වෙලින්ටන් ආන්ඩුවේ ප්‍රතිචාරය වන්නේ අන්තර්ජාලයට දොස් පැවරීම හා වෙබ් අඩවි වාරනය කිරීම යි.

ශ්‍රී ලංකාවේ ආන්ඩුව ද එම අභිප්රායයන් සඳහා ම ඊයේ ප්‍රහාර යොදා ගනු ඇත. පසුගිය වසර පුරා ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව කම්කරුවන්ගේ වර්ජන සහ ශිෂ්‍යයන්, ගොවීන් හා දුගීන්ගේ විරෝධතා මාලාවක් පැවතී ඇත. ත්‍රස්තවාදය සමග සටන් වදින්නේ ය යන කඩතුරාව යටතේ ගනු ලබන පොලිස්-රාජ්‍ය පියවරයන් අනිවාර්යයෙන් ම කම්කරු පන්තියට එරෙහි ව යොදා ගනු ඇත.

[QUOTE="සොහොන, post: 24410799, member: 454429"] ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතල බෝම්බ පිපිරීම් මාලාවක් අවම වසයෙන් පුද්ගලයන් 290 ක් ඝාතනය කොට 500 කට පමන තුවාල සිදු කලේ ය. පෙරවරු 8.45 හා 9.00 අතර හටගත් සම්බන්ධීකෘත ප්රහාරයක දී හඳුනා නො ගත් ත්රස්තවාදීන් ක්‍රිස්තියානි පල්ලි තුනකට හා සංචාරකයන් නිතර පැමිනෙන සුඛෝපභෝගී හෝටල් තුනකට පහර දුන්නේ ය. මිය ගිය අය අතරට එක්සත් ජනපදය, යුරෝපීය රටවල්, චීනය හා ජපානයෙන් පැමිනි සංචාරකයන් ඇතුලු විදේශිකයන් 35 ක් පමන අයත් වේ. කොලඹ සාන්ත අන්තෝනි, කොලඹින් උතුරට වන්නට පිහිටි මීගමුව සාන්ත සෙබස්තියන් හා දිවයිනේ නැගෙනහිර දිග වෙරලේ මඩකලපුවේ සියොන් යන දේවස්ථාන පාස්කු ඉරිදා දේව මෙහෙයයන් සඳහා පිරී ඉතිරී තිබුනි. පිපිරීම් වලින් වහලවල් ඉරා දැමුනු අතර ශරීර කොටස් සුන්බුන් විසරුවා හැරුනි. මරන සංඛ්‍යාව වැඩිම වූ මීගමුව රෝහල ඇතුලු රෝහල් තුවාල ලැබූවන්ගෙන් පිරී ගිය අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල ය. කටුවාපිටිය දේවස්ථානය තුල තුවාලවූවන් සොයන ජනයා ෂැංග්‍රි-ලා, සිනමන් ග්රෑන්ඞ් හා කිංග්ස්බරි යන සුඛෝපභෝගී හෝටල් තුන ම කොලඹ පිහිටා තිබේ. පැය කිහිපයකට පසුව සිදු වූ තවත් පිපිරීම් දෙකක් තවත් ජීවිත බිලිගත්තේ ය- දෙහිවල තදාසන්නයේ සිදු වූ පිපිරීමක් පුද්ගලයන් දෙදෙනෙකු මරා දැමූ අතර දෙමටගොඩ සිදු වූ දෙවන පිපිරීම පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද ඇතුලු ව හත්දෙනෙකු මරා දැමී ය. ලමුන් හා කාන්තාවන් ද ඇතුලු අහිංසක ජනයා මෙසේ ම්ලේච්ඡ ලෙස මරා දැමීම ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය තරයේ හෙලා දකී. මෙම සාහසික අපරාධය සඳහා කවුරුන් වගකිව යුතු වුවත් හා ඔවුන්ගේ අරමුනු කවරක් වුවත් දේශපාලන සංස්ථාපිතය විසින් එය ගසාකනු ඇත්තේ රාජ්‍ය යන්ත්රනය ශක්තිමත් කිරීමට හා මූලික ප්රජාතන්ත්රීය අයිතීන් මත වැඩිදුර ප්‍රහාර එල්ල කිරීමට ය. මුහුනුපොත, ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ්, ස්නැප්චැට්, වට්ස්ඇප් හා වයිබර් ඇතුලු සමාජ මාධ්‍ය අඩවි දිවයින පුරා අවහිර කිරීමට ආන්ඩුව ක්‍රියා කලේ ඒවා “ව්‍යාජ ප්රවෘත්ති වාර්තා” බෙදාහැරීමට යොදාගනු ලබන බව කියමිනි. මෙම වසා දැමීම තාවකාලික යයි කියන අතර ම, එය වනාහි ආන්ඩුව විසින් අනුමත කල ප්රවෘත්ති පමනක් තිබෙන ආකාරයට ජාත්‍යන්තර ව ආන්ඩු විසින් අන්තර්ජාලය වාරනය කිරීමේ කොටසකි. මෙම ත්‍රස්තවාදී ප්‍රහාර පිලිබඳ වගකීම කිසිදු සංවිධානයක් හෝ තනි පුද්ගලයෙක් විසින් තවමත් භාරගෙන නැත. ආන්ඩුව “වැරදිකරුවන්ගේ අනන්‍යතාව” දන්නා නමුත් විස්තර නො කරන බව ආරක්ෂක කටයුතු හා මාධ්‍ය රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන කීවේ ය. පොලීසිය පුද්ගලයන් 13 ක් අත්අඩංගුවට ගෙන ඇතත් ඔවුන්ගේ අනන්‍යතාව හෙලිදරවු කර නැත. බෝම්බ ප්‍රහාරවල ස්වභාවය පැහැදිලි නැතත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සම්බන්ධ වූ බවට සමහර සාක්ෂි තිබේ. ප්රමුඛ පෙලේ දේවස්ථානවලට මරාගෙන මැරෙන ප්‍රහාර සැලසුම් කර ඇති බවට වන අනතුරු ඇඟවීමක් දින 10 කට පෙර ශ්‍රී ලංකාවේ ආන්ඩුවට හා පොලීසියට ලැබුනු බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කර ඇත. ඉහල ම පොලිස් නිලධාරීන්ට ලැබුනු ඔත්තු සේවා අනතුරු ඇඟවීම ප්‍රකාශ කලේ: “එන්ටීජේ (ජාතික තොවුහීත් ජමාත්) සංවිධානය ප්රමුඛ පෙලේ දේවස්ථාන හා කොලඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් ඔත්තු සේවා ඒජන්සියක් දැනුම් දී ඇති” බවයි. ආසන්න ප්‍රහාරයක් පිලිබඳ ව මහජනයාට අනතුරු ඇඟවීමට පොලීසිය හෝ ආන්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැත. බෝම්බ ප්‍රහාර වැලැක්වීමට පොලීසිය කිසිදු පියවරක් ගත් බවට ද සාක්ෂි නැත. එහෙත් අනතුරු ඇඟවීම නිශ්චිත අතර පාස්කුව වනාහි පැහැදිලි ව ම දේවස්ථාන පිරී යන සමයකි. නම් සඳහන් නො කල විදෙස් ඔත්තු සේවා ඒජන්සියකින් අනතුරු ඇඟවීමක් තිබුනු බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පිලිගත්තේ ය. එහෙත් ඔහු කියා සිටියේ ඔහු හා ඔහුගේ ඇමතිවරු අනතුරු ඇඟවීම පිලිබඳ නො දැන සිටි බව යි. “තොරතුර වෙත ප්‍රමානවත් අවධානයක් නො දීම” ගැන විමර්ශනයක් පැවැත්වෙනු ඇති බවට ඔහු ඉඟි කලේ ය. ජාතික තොවුහීත් ජමාත් යනු ජාත්‍යන්තර ඉස්ලාමීය අන්තවාදීන්ට සබඳතා ඇතැයි සැක කරන ශ්‍රී ලංකාවේ පාදක ඉස්ලාමීය සංවිධානයකි. එහෙත් මේ අවස්ථාවේදී අනෙකුත් හැකියාවන් පිලිබඳව කිසිවෙකුට නො තකා සිටිය නො හැක. බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය පරාජය කිරීමට දශක තුනක් ඇදී ගිය කෲර යුද්ධයක් දියත් කල කොලඹ දේශපාලන සංස්ථාපිතයට, ක්‍රිස්තියානීන් හා ක්‍රිස්තියානි දේවස්ථාන මෙන් ම දිවයිනේ දෙමල හා මුස්ලිම් සුලුතරයන්ට පහර දීමේ ඉතිහාසයක් සහිත සිංහල බෞද්ධ අධිපතිවාදී කන්ඩායම් සමග සමීප සබඳතා ඇත. බොහෝ අවස්ථාවල දී පොලීසිය එවන් ප්‍රහාර දෙස ඇස්කන් පියාගෙන සිට ඇත. බෝම්බ ප්‍රහාර කෙරෙහි වැඩෙන කෝපය අපසරනය කිරීමට ආන්ඩුව මංමුලා සහගත ය. වික්‍රමසිංහ තම අදහස් දැක්වීම්වල දී ප්‍රහාරය වැලැක්වීම සඳහා ක්‍රියා නො කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු බවට ඉඟි කලේ ය. පසුගිය දෙසැම්බරයේ සිරිසේන පොලීසිය ද ඇතුලත් නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් යටතට ගත්තේ ඔහු හා අගමැතිවරයා අතර ඇති කටුක ප්රතිමල්ලතාවේ කොටසක් ලෙස ය. ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනාධිපතිට රටෙහි සන්නද්ධ හමුදා තුනේ පාලනය අයත් වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන විපක්ෂය ඊයේ ප්‍රහාරය හෙලා දුටුව නමුදු ආන්ඩුවට වරද පැටවී ය. එල්ටීටීඊයට එරෙහි යුද්ධය කෲර ලෙස අවසන් කිරීම සඳහා අවසාන මිලිටරි මෙහෙයුම් තුල දී සිවිල් වැසියන් දසදහස් ගනනක් මරා දැමීමට වගකීම දරන රාජපක්ෂ ආන්ඩුව මිලිටරියට සම්බන්ධ ඝාතක කල්ලි විසින් කල “අතුරුදන් කිරීම්” සිය ගනනකට ද වගකිව යුතු ය. කවර හෝ යුද අපරාධ චෝදනාවකට එරෙහි ව “රනවිරුවන්” ආරක්ෂා කර ඇති රාජපක්ෂ, යලි බලයට ඒමට දරන උත්සාහයේ දී මිලිටරියේ සහයෝගය අපේක්ෂා කරයි. ප්‍රහාරය “ආන්ඩුව විසින් ඔත්තු සේවා නිලධාරීන් හා සන්නද්ධ හමුදා තුනේ නිලධාරීන් පක්ෂඝාත කර ඇති නිසා අහිංසක ජනයාට මුහුන දීමට සිදු වී ඇති දරුනු විපාකයකි” යි ඊයේ ඔහු ප්‍රකාශ කලේ ය. දිවයිනේ දෙමල සුලුතරයට එරෙහි ව වාර්ගික යුද්ධය දියත් කිරීමට, මිලිටරි හා රාජ්‍ය යාන්ත්‍රනය විශාල ලෙස විස්තාරනය කිරීමට මෙන් ම පොලිස් රාජ්‍ය බලතල ප්රසාරනය කිරීමට ආන්ඩු කරන හා විපක්ෂ යන දෙවර්ගයේ ම පක්ෂ වගකීම දරයි. කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විස්ථාපනය කොට එහි දුරදිග යන ප්රජාතන්ත්ර-විරෝධී බලතල දිගට ම තබාගන්නා ප්‍රති-ත්‍රස්ත පනත තල්ලු කරගැනීමට ඊයේ බෝම්බ ප්‍රහාර ආන්ඩුව නිසැක ව ම ගසාකනු ඇත. බෝම්බ ප්‍රහාරවලින් පසුව ආරක්ෂක පියවරයන් බලාත්මක කර ඇති තතු තුල “සන්සුන්” වන ලෙස සිරිසේන හා වික්‍රමසිංහ වෙන් වෙන් ප්‍රකාශ දෙකක් තුල ඉල්ලා සිටිය හ. සමාජ මාධ්‍ය අවහිර කරන අතර ම කොලඹ දුම්රිය ස්ථානය, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල හා අනෙකුත් ස්ථාන ආරක්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවනු ලැබී ය. සොල්දාදුවන් කිහිප සියයක් කොලඹ වීදිවලට දිගේලි කර ඇති අතර ඇඳිරි නීතිය පනවා තිබේ. පොලීසිය අධිපීඩන ජලප්රහාර යන්ත්‍ර ජාතික රෝහල අසල සූදානම් කොට තිබූ අයුරු ත්‍රස්තවාදී ප්‍රහාරය හෙලා දැකීම සඳහා ලෝක නායකයෝ හැල්මේ ඉදිරියට ආ හ. “රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාර” හෙලාදුටු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, “හෘදයාංගම කනගාටුව” පලකරමින් එක්සත් ජනපදය “උදවු කිරීමට සූදානම්” බව ප්‍රකාශ කලේ ය. “ප්රචන්ඩත්වය සත්‍ය වසයෙන් ම තැතිගන්වනසුලු” බව කියමින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ද ප්‍රහාර හෙලාදුටුවා ය. “මෙවැනි ම්ලේච්ඡත්වයන් සඳහා අපේ කලාපයේ ඉඩ නැතැ” යි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කලේ ය. නරුමත්වයට ඉමක් නැත! ඊයේ ප්‍රහාරයට ඉස්ලාමීය ත්රස්තවාදීන් වගකිව යුතු නම්, ඔවුන්ට ඉන්ධන සපයමින් මැද පෙරදිග, මධ්‍යම ආසියාවේ හා උතුරු අප්‍රිකාවේ අපරාධකාරී යුද්ධවල නිරත වීමට එක්සත් ජනපදය හා එහි සහචරයින් වගකීම දරයි. ශ්‍රී ලංකාවේ ප්‍රභූන් දිගට ම අවුලුවාලන හා යොදාගනු ලබන වාර්ගික ආතතීන් නිර්මානය කෙරුනු රුදුරු යුද්ධය දියත් කල අනුප්‍රාප්තික කොලඹ ආන්ඩුවලට වොෂින්ටනය පිටුබලය දුන්නේ ය. කම්කරු පන්ති අරගලයන්ගේ ඉහල යන රැල්ලක් මධ්‍යයේ, සංක්රමන-විරෝධී භීතිකාව ජාත්‍යන්තර ව අවුලුවාලමින් සිටින පාලක පන්ති ෆැසිස්ට් පක්ෂ හා සංවිධාන පෝෂනය කරමින් සිටී. පසුගිය මාසයේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හා මුස්ලිම් පල්ලියක දී වෙඩි තැබූ ඕස්ට්‍රේලියානු ෆැසිස්ට්වාදියෙක් වන බ්‍රෙන්ටන් ටරන්ට් කාන්තාවන් හා ලමුන් ඇතුලු 50 ක් ඝාතනය කලේ ය. ජාත්‍යන්තර ව අන්ත-දක්ෂිනාංශික කව සමග ටරන්ට් ට සබඳතා තිබුන ද පොලීසිය හා ඔත්තු සේවා කියා සිටියේ ඔවුන්ට පූර්ව අනතුරු ඇඟවීමක් නො ලැබුනු බව යි. මෙයට වෙලින්ටන් ආන්ඩුවේ ප්‍රතිචාරය වන්නේ අන්තර්ජාලයට දොස් පැවරීම හා වෙබ් අඩවි වාරනය කිරීම යි. ශ්‍රී ලංකාවේ ආන්ඩුව ද එම අභිප්රායයන් සඳහා ම ඊයේ ප්‍රහාර යොදා ගනු ඇත. පසුගිය වසර පුරා ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි ව කම්කරුවන්ගේ වර්ජන සහ ශිෂ්‍යයන්, ගොවීන් හා දුගීන්ගේ විරෝධතා මාලාවක් පැවතී ඇත. ත්‍රස්තවාදය සමග සටන් වදින්නේ ය යන කඩතුරාව යටතේ ගනු ලබන පොලිස්-රාජ්‍ය පියවරයන් අනිවාර්යයෙන් ම කම්කරු පන්තියට එරෙහි ව යොදා ගනු ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom