Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private Campus vs Government Campus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවක වදය ගැන ආදී සිසුවෙකුගේ අදහස් -->Kasun Chandranath Pathirana

ඒ ලෙවල් පාස් උනාට පස්සේ මම කැම්පස් යන්න තීරණය කරේ පාරේ තොටේදි හම්බෙන එකෙක් "මේ දවස් වල මොනව ද කරන්නේ ?" කියලා ඇහුවොත් දෙන්න හරි හමන් උත්තරයක් ලැබෙන නිසා. ඒ ඇරෙන්න කැම්පස් යෑම ගැන මට අමුතු උත්කර්ශයක් තිබුනේ නෑ. කොහොම නමුත් 2010 දී මම කොළඹ විශ්ව විද්‍යාලයෙන් එලියට බැස්සේ ආපහු කිසිම දවසක ඒ දිහාවත් නොබලන බවට මටම සපථ කරගනිමින්. ඒ නිසාම බැච් ෆොටෝ තියා උපාධි සහතිකේ ගන්න වත් මං ඒ පළාතේ පස් පෑගුවෙ නෑ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය දේශපාලනය (?) සත්තිකුම්භ ජාතකය ඇසුරෙන් ඉතාම සරළව තේරුම් ගන්න පුලුවන්. කැම්පස් එකට තියෙනවා පිරිමි හොස්ටල් දෙකක්. එකක් තෙලවල අනික කිත්‍යාගර. තෙලවල ඉන්නේ ජෙප්පො, කිත්‍යාගරේ අලයෝ. මේ හොස්ටල් දෙකෙන් තමන් වැටෙන්නේ මොන හොස්ටල් එකට ද කියන එක මත ඉතිරි වසර හතරේ උන්ගේ දේශපාලන මතවාදය තීරණය වෙනවා. සමහරක්විට ඒක ඉතාම දෛවෝපගත තෝරාගැනීමක් වෙන්නත් පුලුවන්. ඒක හරියට අර සත්තිකුම්භ ජාතකයේ ගිරා පෝතකයන් දෙන්නගේ කතාව වගේ. දෙගොල්ලොම කරන්නේ තමන්ගේ කූඩුවට උඩින් වැටෙන ගිරා පෝතකයන්ව කූඩු කරගෙන, හිතන හැටි, කතා කරන හැටි පුරුදු කරන එක වුනත් වෙනසකට තියෙන්නේ උන් දෙගොල්ලන්ගෙන් එකෙක් වත් ප්‍රිය වචන නොකියන එකයි.

වාසනාවකට හෝ අවාසනාවකට මම ඇතුලු තවත් කිහිපදෙනෙක් හිටියා ඔය ගොඩවල් දෙකෙන් එකක්වත් නියෝජනය නොකරපු. ඒ අපි හොස්ටල් වල නතර නොවී ගෙවල් වල ඉදන්ම කැම්පස් ආපු නිසා. ජෙප්පොයි අලයොයි වෙන වෙනම බැච් ට්‍රිප්, කලා උළෙලවල් ඕගනයිස් කළා. ජෙප්පො හන්තානෙ යනකොට අලයෝ රිවස්ටන් ගියා. (උන් ශිෂ්‍ය දේශපාලනය කියලා හිතාගෙන හිටියේ ඒවගේ වැඩ වලට). මේ වැඩ වලදී ඔය කියන කණ්ඩායම් දෙකටම අදාල නොවී හිටපු අපි වගේ උන්ගේ වැඩි සහයක් හිමිවෙන්නේ කාට ද කියන එක ටිකක් තීරණාත්මක සාධකයක් බවට පත් වුනා.

ඔය අතරතුරේ තමයි අර ස්වාධීනව හිටපු එවුන් කිහිප දෙනෙක් එකතු වෙලා නොබැදි කියලා ශිෂ්‍ය සංගමයක් පටන් ගන්නේ. නොබැදි එකෙන් අපි උත්සාහ කළා ඒ වෙනකොට ශිෂ්‍ය දේශපාලනය නමින් ඉහත කියපු කණ්ඩායම් කරමින් හිටපු විකාර අභියෝගයට ලක් කරන්න. ලොකු පිරිස් බලයක් නොතිබුනත් මතවාදීමය බලපෑමක් කරන්න දරපු උත්සාහයක් විදිහට බිහිවුනු සංවිධානයක් ඒක. නොබැදි එකෙන් පටන් ගත්ත සගරාව තමයි Counter Punch. ඒ මතවාදී බලපෑමේ ප්‍රතිපලයක් හැටියට ඉතිහාසයේ පළවෙනි වතාවට අලයොයි ජෙප්පොයි දෙගොල්ලොම එකතු වෙලා අපිට ටියුබ් ලයිට්, ගඩොල් ගල්, යකඩ කනු වලින් හොදටම සැළකුවා. අවසානයේ ඉරිච්ච ඇදුම් අතරින් ලේ ගලාගෙන යන තුවාල එක්ක 120 බස් එකක එල්ලිලා ගිහින් කළුබෝවිල ඇඩ්මිට් වුනා.

කැම්පස් එකේ විශිෂ්ඨ වූ අධ්‍යාපන ක්‍රමයට හොද උදාහරණයක් ශ්‍රීනාත් චතුරංග. ඒ ලෙවල් කරන්න ඉස්කෝලෙකටවත් නොගිය ශ්‍රීනාත් චතුරංග මේ වෙන කොට අවසාන උපාධි නිබන්ධන 9ක් කුලියට ලියලා ඒ 9 දෙනාටම උපාධි අරන් දීලා තියෙනවා. ඔය අතරේ විශ්ව විද්‍යාල ආචාර්යලා එක්ක නිදි වැදීමෙන් හෝ කඩේ යෑමෙන් ලැබෙන ෆ්ස්ට් ක්ලාස්, සහය කතිකාචාර්ය තනතුරු වගේ දේවල් මේ වෙන කොට ඉතාම සාමාන්‍යකරනය වුනු හැමෝම දන්න රහස් බවට පත්වෙලා.

මේ ඔක්කොම කතන්දර ටික කියන්න ඕනෙ උනේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයොයි සමාන්‍ය මිනිස්සුයි අතරේ නිර්මාණය කරගෙන තියෙන මහා බෙදුම් කඩනය තනිකරම බයිලාවක් කියලා පෙන්වලා දෙන්න. ඔය මහ ලොකුවට තලු මරණ විශ්ව විද්‍යාලීය උප සංස්කෘතිය වගේ බයිලා ගමේ ගිහිල්ලා නෑදෑයන්ට පඬි ටෝක් දාන්න හදාගත්ත විකාර ටිකක් විතරයි. මට නම් විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න කෙල්ලෙක්ගෙයි ගාමන්ට් එකක වැඩ කරන කෙල්ලෙක්ගෙයි අතර ලොකු සංස්කෘතික හෝ බුද්ධිමය වෙනසක් පේන්නේ නෑ. අවුරුදු ගානක් තිස්සේ කට පාඩම් කර ගත්ත සියවස් ගානක් පරණ සිලබස් තොගයක් ඇරෙන්න. ඕකම අදාල කරගන්න පුලුවන් කැම්පස් කොල්ලෙක්ගෙයි ගරාජ් බාස් කෙනෙක්ගෙයි අතර වෙනසටත්.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය සටන් වලින් දිනා ගත් අරගල, උප සංස්කෘතිය නිසා බිහි වුනු නිර්මාණ නැතුවා නොවේ. නමුත් මේ සියල්ල උත්කර්ශයට නැංවීම සිද්ධවෙන්නෙ ඉතාම ග්‍රාම්‍ය අරමුණු මත. ඒක හරියට බොබ් මාලිගෙන් ගන්ජයි චේගෙන් තොප්පියයි අරගත්තා වගේ. ගන්ජා ගැහුවට බොබ් මාලි වගේ වෙන්නත් තොප්පිය දැම්මට චේ වගේ වෙන්නත් අමාරුයි.

[QUOTE="PMUB, post: 20117855, member: 398311"] [SIZE="4"]නවක වදය ගැන ආදී සිසුවෙකුගේ අදහස් -->Kasun Chandranath Pathirana ඒ ලෙවල් පාස් උනාට පස්සේ මම කැම්පස් යන්න තීරණය කරේ පාරේ තොටේදි හම්බෙන එකෙක් "මේ දවස් වල මොනව ද කරන්නේ ?" කියලා ඇහුවොත් දෙන්න හරි හමන් උත්තරයක් ලැබෙන නිසා. ඒ ඇරෙන්න කැම්පස් යෑම ගැන මට අමුතු උත්කර්ශයක් තිබුනේ නෑ. කොහොම නමුත් 2010 දී මම කොළඹ විශ්ව විද්‍යාලයෙන් එලියට බැස්සේ ආපහු කිසිම දවසක ඒ දිහාවත් නොබලන බවට මටම සපථ කරගනිමින්. ඒ නිසාම බැච් ෆොටෝ තියා උපාධි සහතිකේ ගන්න වත් මං ඒ පළාතේ පස් පෑගුවෙ නෑ. කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය දේශපාලනය (?) සත්තිකුම්භ ජාතකය ඇසුරෙන් ඉතාම සරළව තේරුම් ගන්න පුලුවන්. කැම්පස් එකට තියෙනවා පිරිමි හොස්ටල් දෙකක්. එකක් තෙලවල අනික කිත්‍යාගර. තෙලවල ඉන්නේ ජෙප්පො, කිත්‍යාගරේ අලයෝ. මේ හොස්ටල් දෙකෙන් තමන් වැටෙන්නේ මොන හොස්ටල් එකට ද කියන එක මත ඉතිරි වසර හතරේ උන්ගේ දේශපාලන මතවාදය තීරණය වෙනවා. සමහරක්විට ඒක ඉතාම දෛවෝපගත තෝරාගැනීමක් වෙන්නත් පුලුවන්. ඒක හරියට අර සත්තිකුම්භ ජාතකයේ ගිරා පෝතකයන් දෙන්නගේ කතාව වගේ. දෙගොල්ලොම කරන්නේ තමන්ගේ කූඩුවට උඩින් වැටෙන ගිරා පෝතකයන්ව කූඩු කරගෙන, හිතන හැටි, කතා කරන හැටි පුරුදු කරන එක වුනත් වෙනසකට තියෙන්නේ උන් දෙගොල්ලන්ගෙන් එකෙක් වත් ප්‍රිය වචන නොකියන එකයි. වාසනාවකට හෝ අවාසනාවකට මම ඇතුලු තවත් කිහිපදෙනෙක් හිටියා ඔය ගොඩවල් දෙකෙන් එකක්වත් නියෝජනය නොකරපු. ඒ අපි හොස්ටල් වල නතර නොවී ගෙවල් වල ඉදන්ම කැම්පස් ආපු නිසා. ජෙප්පොයි අලයොයි වෙන වෙනම බැච් ට්‍රිප්, කලා උළෙලවල් ඕගනයිස් කළා. ජෙප්පො හන්තානෙ යනකොට අලයෝ රිවස්ටන් ගියා. (උන් ශිෂ්‍ය දේශපාලනය කියලා හිතාගෙන හිටියේ ඒවගේ වැඩ වලට). මේ වැඩ වලදී ඔය කියන කණ්ඩායම් දෙකටම අදාල නොවී හිටපු අපි වගේ උන්ගේ වැඩි සහයක් හිමිවෙන්නේ කාට ද කියන එක ටිකක් තීරණාත්මක සාධකයක් බවට පත් වුනා. ඔය අතරතුරේ තමයි අර ස්වාධීනව හිටපු එවුන් කිහිප දෙනෙක් එකතු වෙලා නොබැදි කියලා ශිෂ්‍ය සංගමයක් පටන් ගන්නේ. නොබැදි එකෙන් අපි උත්සාහ කළා ඒ වෙනකොට ශිෂ්‍ය දේශපාලනය නමින් ඉහත කියපු කණ්ඩායම් කරමින් හිටපු විකාර අභියෝගයට ලක් කරන්න. ලොකු පිරිස් බලයක් නොතිබුනත් මතවාදීමය බලපෑමක් කරන්න දරපු උත්සාහයක් විදිහට බිහිවුනු සංවිධානයක් ඒක. නොබැදි එකෙන් පටන් ගත්ත සගරාව තමයි Counter Punch. ඒ මතවාදී බලපෑමේ ප්‍රතිපලයක් හැටියට ඉතිහාසයේ පළවෙනි වතාවට අලයොයි ජෙප්පොයි දෙගොල්ලොම එකතු වෙලා අපිට ටියුබ් ලයිට්, ගඩොල් ගල්, යකඩ කනු වලින් හොදටම සැළකුවා. අවසානයේ ඉරිච්ච ඇදුම් අතරින් ලේ ගලාගෙන යන තුවාල එක්ක 120 බස් එකක එල්ලිලා ගිහින් කළුබෝවිල ඇඩ්මිට් වුනා. කැම්පස් එකේ විශිෂ්ඨ වූ අධ්‍යාපන ක්‍රමයට හොද උදාහරණයක් ශ්‍රීනාත් චතුරංග. ඒ ලෙවල් කරන්න ඉස්කෝලෙකටවත් නොගිය ශ්‍රීනාත් චතුරංග මේ වෙන කොට අවසාන උපාධි නිබන්ධන 9ක් කුලියට ලියලා ඒ 9 දෙනාටම උපාධි අරන් දීලා තියෙනවා. ඔය අතරේ විශ්ව විද්‍යාල ආචාර්යලා එක්ක නිදි වැදීමෙන් හෝ කඩේ යෑමෙන් ලැබෙන ෆ්ස්ට් ක්ලාස්, සහය කතිකාචාර්ය තනතුරු වගේ දේවල් මේ වෙන කොට ඉතාම සාමාන්‍යකරනය වුනු හැමෝම දන්න රහස් බවට පත්වෙලා. මේ ඔක්කොම කතන්දර ටික කියන්න ඕනෙ උනේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයොයි සමාන්‍ය මිනිස්සුයි අතරේ නිර්මාණය කරගෙන තියෙන මහා බෙදුම් කඩනය තනිකරම බයිලාවක් කියලා පෙන්වලා දෙන්න. ඔය මහ ලොකුවට තලු මරණ විශ්ව විද්‍යාලීය උප සංස්කෘතිය වගේ බයිලා ගමේ ගිහිල්ලා නෑදෑයන්ට පඬි ටෝක් දාන්න හදාගත්ත විකාර ටිකක් විතරයි. මට නම් විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න කෙල්ලෙක්ගෙයි ගාමන්ට් එකක වැඩ කරන කෙල්ලෙක්ගෙයි අතර ලොකු සංස්කෘතික හෝ බුද්ධිමය වෙනසක් පේන්නේ නෑ. අවුරුදු ගානක් තිස්සේ කට පාඩම් කර ගත්ත සියවස් ගානක් පරණ සිලබස් තොගයක් ඇරෙන්න. ඕකම අදාල කරගන්න පුලුවන් කැම්පස් කොල්ලෙක්ගෙයි ගරාජ් බාස් කෙනෙක්ගෙයි අතර වෙනසටත්. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සටන් වලින් දිනා ගත් අරගල, උප සංස්කෘතිය නිසා බිහි වුනු නිර්මාණ නැතුවා නොවේ. නමුත් මේ සියල්ල උත්කර්ශයට නැංවීම සිද්ධවෙන්නෙ ඉතාම ග්‍රාම්‍ය අරමුණු මත. ඒක හරියට බොබ් මාලිගෙන් ගන්ජයි චේගෙන් තොප්පියයි අරගත්තා වගේ. ගන්ජා ගැහුවට බොබ් මාලි වගේ වෙන්නත් තොප්පිය දැම්මට චේ වගේ වෙන්නත් අමාරුයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom