Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Protect our Snakes | අපේ_සර්පයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැරඬියා | නිර්විෂ

නිර්විෂ සර්පයන් අතුරින් බොහෝ පිරිසක් හඳුනන සර්ප විශේෂය වන්නේ ගැරඬියායි. ශරීර ප්‍රමාණය හේතුවෙන් නාගයෙකු ලෙස වරදවා හඳුනාගත හැකි නමුත් හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පහසුවෙන් හඳුනාගත හැකි සර්පයෙක් වේ. ආසියාවේ බොහෝ රටවල ව්‍යාප්ත වී සිටින ගැරඬියා ශ්‍රී ලංකාවේද සෑම පරිසර පද්ධතියක් පාහේ ව්‍යාප්ත වී සිටින අතර ලක්වාසී සර්පයන්ගෙන් දෙවනුව දිගින් වැඩිම සර්ප විශේෂය වේ. ගැරඬියන් පිලිබඳ ජනවහරේ ඇති මිත්‍යාවන්ගෙන් ප්‍රධාන තැනක් ගන්නේ ගැරඬියා පහත් කුලයේ සර්පයෙකු බැවින් සපාකෑමක් සිදුවුවහොත් අනෙක් සර්පයන් සපා නොකන බවය. මෙහි කිසිම සත්‍යතාවක් නොමැත. පෘෂ්ටිමත් දිගු සිලින්ඩරාකාර සිරුරක් හා ගෙලින් පැහැදිලිව වෙන්වූ හිසක් හිමි මෙම සර්පයා වර්ණ පරාසයකින් හමුවේ. මින් බහුතරයක් කහ පැහැයට හුරු දුඹුරු පැහැයක් පෙන්වයි. "කහ ගැරඬි" ලෙස මොවුන් ඇතැම් ප්‍රදේශ වල හැඳින්වුවත් වෙනස් විශේෂයක් නොවේ. තවද තද දුඹුරු පැහැය හා ඔලිව් පැහැයෙන්ද හමුවේ. වැඩුණු සතුන්ගේ ශරීරයේ පෙර කොටසෙහි කිසිදු සලකුණක් හෝ වෛරම් රටාවක් නොපෙන්වයි. නමුත් අපර කොටසෙහි (නැට්ට) කොරල වටා තද කළු පැහැති මායිමක් පිහිටන හෙයින් ජාලයක (Net Pattern) පෙනුමක් දිස්වේ. කුඩා පැටවුන්ගේ ශරීරයේ ගෙලෙහි සිට නැට්ට ආරම්භ වන ස්ථානයට වන තෙක් සුදු පැහැ තිත් වලින් සෑදුනු හරස් පටි දක්නට ලැබෙන අතර වයසත් සමග ඒවාගේ දීප්තිමත් පැහැය නැති වී යයි. ඇතැම් පිරිස් මෙම හරස් පටි හේතුවෙන් උග්‍ර විෂ කරවැලෙක් ලෙසද නිරවද්‍ය නොවන ලෙස හඳුනාගැනීමට පෙළබේ. උදරීයව පැහැය සුදු හෝ ලා කහ පැහැයක් ගනී. හිසට සාපේක්ෂව විශාල අක්ෂි රව්ම් කණීනිකාවකින් සමන්විත වේ. හිසේ පාර්ශවිකව අධ්‍යධර කොරල හා යටි අධරීය කොරල (උඩු තොල් හා යටි තොල් කොරල) වල සිරස්ව පිහිටන කළු රේඛා මෙම සර්ප විශේෂය හඳුනාගැනීමට භාවිතා කල හැකි ප්‍රධාන සාධකයක් වේ.

දිවාචරව ක්‍රියාකාරී වන ගැරඬියා ප්‍රධාන වශයෙන් භෞමික සර්පයෙක් වුවත් අර්ද රුක්වාසී සර්ප විශේෂයක් ලෙසද සලකයි. ගස් වල සංචරණය සඳහා පහසුවන ලෙස සැකසී ඇති පරිග්රාහක වලිගයක් ගැරඬියා සතුව ඇත. ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තියක් දක්වන ගැරඬියන් ස්වභාවික පරිසර පද්ධති මෙන්ම නාගරික පරිසර වලද දක්නට ලැබේ. බොහෝ විශාලව වැඩෙන සර්පයන් ශීත දේශගුණයක් සහිත ඉහල කඳුකරයේ ව්‍යාප්ත නොවී සිටියත් ගැරඬියන් මුහුදු මට්ටමේ සිට 2100m තරම් වූ ඉහළ කඳුකරයේද හමු වේ. මොවුන්ගේ ප්‍රධාන අහාරය වන්නේ මීයන් වැනි කුඩා ක්ෂීරපායි සතුන් හා ගෙම්බන්, මැඩියන් වැනි උභය ජීවීන්ය. මීට අමතරව කුරුල්ලන්, කටුස්සන් වැනි සතුන්ද කලාතුරකින් කුඩා සර්ප විශේෂ මත යැපෙන අවස්ථාද වාර්තාවී ඇත. ගැරඬියන් තමාට තර්ජනයක් දැනුන විගස පලා යෑමට උත්සාහ කරයි. යම් හෙයකින් එය අසාර්ථක වුවහොත්, දඟරයක් ලෙස ශරීරයේ ඉදිරි පෙදෙස සකසා ගෙල ප්‍රදේශය පුම්බා පිඹීමක් සමග අනතුරු හැඟවීමක් සිදු කරයි. ඉතා ඉක්මනින් කලබල වන මොවුන් නිදහස් අතින් හැසිරවීමේදී සපා කෑමට පෙළබේ. ප්‍රජනන සමය ආරම්භයත් සමගම පිරිමි සතුන් අනෙකුත් පිරිමි සතුන් හා වසම් රැකීමේ සටන් වල නිරතවන අයුරු දැකගත හැක. තම ප්‍රතිවාදියාගේ හිස කෙසේ හෝ බිම ස්පර්ශ කරවීමෙන් ජයග්‍රාහකයා තෝරා ගනී. ප්‍රජනනයේදී අන්ඩජතාව දක්වන ගැරඬියන් වරකට බිත්තර 6-14ත් අතර සංඛ්‍යාවක් මී ගුල්, පස් කන්ඩි වැනි අඳුරු ස්ථානයක බිජුලෑම සිදුකරයි. බිජුලෑමෙන් දින 60කින් පමණ පැටවුන් ඉපදීම සිදුවේ. උපතේදී පැටවෙක් දිගින් 30cm -50cm අතර දිගකින් යුක්ත වන අතර වැඩුන සතෙක් 200cm -250cm තරම් විශාලව වැඩේ. ශරීර ප්‍රමාණයෙන් ලිංගික ද්වීරූපී තාව පෙන්වන ගැරඬියන්ගේ පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා ප්‍රමාණයෙන් විශාලය.

නිතර නිවාස ආශ්‍රිතව දක්නට ලැබෙන සර්පයෙක් නිසා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට මෙම සර්පයාට සිදුවී ඇත. භූමිතෙල් හෝ වෙනත් පෙට්‍රෝලියම් අඩංගු ද්‍රාවන මෙම සතුන් පලවාහැරීමට භාවිතා කිරීම ඉතා වේදනාකාරී මරණයක් ගෙන දෙන ක්‍රියාවකි. වන විනාශයත්, නාගයෙක් යැයි සිතා මරාදැමීම හා මාර්ග අනතුරු මෙම සර්පයාගේ පැවැත්මට ඇති ප්‍රධාන තර්ජන වලින් කිහිපයක්. දිවයින පුරා ව්‍යාප්තවී සිටින සර්පයෙක් හෙයින් ඉතා හොඳ සංරක්ෂණ තත්වයක් ගැරඬියා පෙන්නුම් කරයි. රතු දත්ත වාර්තාවේ Least Concern (LC) කාණ්ඩයට අයත් සර්පයෙක් සේ සලකයි.

ගැරඬියා සම්බන්ද විශේෂ කරුණු

1) 1955 වසරේදී උරග විද්‍යාඥ දැරණියගල මහතා විසින් මෙරට සිටින්නේ Ptyas mucosus maximus නම් උප විශේෂයක් ලෙස හැඳින්වුවත් වර්මාථනයේ එය භාවිතා නොකරයි.

2) Ptyas ඝනයේ හඳුනාගෙන ඇති සර්පයන් අතුරින් වැඩිම භූගෝලීය ව්‍යාප්තියක් දක්වන විශේෂය වීම.

3) ලංකාවේ දෙවනුවට දිගින් වැඩිම සර්ප විශේෂය වීම (දිගින් වැඩිම පිඹුරා)

4) කසළ ශෝධනය සිදුකරන සර්පයෙක් ලෙස සැළකීම

චායාරූප හා සටහන - සංජය කණිෂ්ක

[QUOTE="techytee, post: 21928327, member: 490126"] [SIZE="4"][B]ගැරඬියා | නිර්විෂ[/B] [IMG]https://s20.postimg.org/6y0ax05hp/P.mucosa2.jpg[/IMG] නිර්විෂ සර්පයන් අතුරින් බොහෝ පිරිසක් හඳුනන සර්ප විශේෂය වන්නේ ගැරඬියායි. ශරීර ප්‍රමාණය හේතුවෙන් නාගයෙකු ලෙස වරදවා හඳුනාගත හැකි නමුත් හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පහසුවෙන් හඳුනාගත හැකි සර්පයෙක් වේ. ආසියාවේ බොහෝ රටවල ව්‍යාප්ත වී සිටින ගැරඬියා ශ්‍රී ලංකාවේද සෑම පරිසර පද්ධතියක් පාහේ ව්‍යාප්ත වී සිටින අතර ලක්වාසී සර්පයන්ගෙන් දෙවනුව දිගින් වැඩිම සර්ප විශේෂය වේ. ගැරඬියන් පිලිබඳ ජනවහරේ ඇති මිත්‍යාවන්ගෙන් ප්‍රධාන තැනක් ගන්නේ ගැරඬියා පහත් කුලයේ සර්පයෙකු බැවින් සපාකෑමක් සිදුවුවහොත් අනෙක් සර්පයන් සපා නොකන බවය. මෙහි කිසිම සත්‍යතාවක් නොමැත. පෘෂ්ටිමත් දිගු සිලින්ඩරාකාර සිරුරක් හා ගෙලින් පැහැදිලිව වෙන්වූ හිසක් හිමි මෙම සර්පයා වර්ණ පරාසයකින් හමුවේ. මින් බහුතරයක් කහ පැහැයට හුරු දුඹුරු පැහැයක් පෙන්වයි. "කහ ගැරඬි" ලෙස මොවුන් ඇතැම් ප්‍රදේශ වල හැඳින්වුවත් වෙනස් විශේෂයක් නොවේ. තවද තද දුඹුරු පැහැය හා ඔලිව් පැහැයෙන්ද හමුවේ. වැඩුණු සතුන්ගේ ශරීරයේ පෙර කොටසෙහි කිසිදු සලකුණක් හෝ වෛරම් රටාවක් නොපෙන්වයි. නමුත් අපර කොටසෙහි (නැට්ට) කොරල වටා තද කළු පැහැති මායිමක් පිහිටන හෙයින් ජාලයක (Net Pattern) පෙනුමක් දිස්වේ. කුඩා පැටවුන්ගේ ශරීරයේ ගෙලෙහි සිට නැට්ට ආරම්භ වන ස්ථානයට වන තෙක් සුදු පැහැ තිත් වලින් සෑදුනු හරස් පටි දක්නට ලැබෙන අතර වයසත් සමග ඒවාගේ දීප්තිමත් පැහැය නැති වී යයි. ඇතැම් පිරිස් මෙම හරස් පටි හේතුවෙන් උග්‍ර විෂ කරවැලෙක් ලෙසද නිරවද්‍ය නොවන ලෙස හඳුනාගැනීමට පෙළබේ. උදරීයව පැහැය සුදු හෝ ලා කහ පැහැයක් ගනී. හිසට සාපේක්ෂව විශාල අක්ෂි රව්ම් කණීනිකාවකින් සමන්විත වේ. හිසේ පාර්ශවිකව අධ්‍යධර කොරල හා යටි අධරීය කොරල (උඩු තොල් හා යටි තොල් කොරල) වල සිරස්ව පිහිටන කළු රේඛා මෙම සර්ප විශේෂය හඳුනාගැනීමට භාවිතා කල හැකි ප්‍රධාන සාධකයක් වේ. දිවාචරව ක්‍රියාකාරී වන ගැරඬියා ප්‍රධාන වශයෙන් භෞමික සර්පයෙක් වුවත් අර්ද රුක්වාසී සර්ප විශේෂයක් ලෙසද සලකයි. ගස් වල සංචරණය සඳහා පහසුවන ලෙස සැකසී ඇති පරිග්රාහක වලිගයක් ගැරඬියා සතුව ඇත. ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තියක් දක්වන ගැරඬියන් ස්වභාවික පරිසර පද්ධති මෙන්ම නාගරික පරිසර වලද දක්නට ලැබේ. බොහෝ විශාලව වැඩෙන සර්පයන් ශීත දේශගුණයක් සහිත ඉහල කඳුකරයේ ව්‍යාප්ත නොවී සිටියත් ගැරඬියන් මුහුදු මට්ටමේ සිට 2100m තරම් වූ ඉහළ කඳුකරයේද හමු වේ. මොවුන්ගේ ප්‍රධාන අහාරය වන්නේ මීයන් වැනි කුඩා ක්ෂීරපායි සතුන් හා ගෙම්බන්, මැඩියන් වැනි උභය ජීවීන්ය. මීට අමතරව කුරුල්ලන්, කටුස්සන් වැනි සතුන්ද කලාතුරකින් කුඩා සර්ප විශේෂ මත යැපෙන අවස්ථාද වාර්තාවී ඇත. ගැරඬියන් තමාට තර්ජනයක් දැනුන විගස පලා යෑමට උත්සාහ කරයි. යම් හෙයකින් එය අසාර්ථක වුවහොත්, දඟරයක් ලෙස ශරීරයේ ඉදිරි පෙදෙස සකසා ගෙල ප්‍රදේශය පුම්බා පිඹීමක් සමග අනතුරු හැඟවීමක් සිදු කරයි. ඉතා ඉක්මනින් කලබල වන මොවුන් නිදහස් අතින් හැසිරවීමේදී සපා කෑමට පෙළබේ. ප්‍රජනන සමය ආරම්භයත් සමගම පිරිමි සතුන් අනෙකුත් පිරිමි සතුන් හා වසම් රැකීමේ සටන් වල නිරතවන අයුරු දැකගත හැක. තම ප්‍රතිවාදියාගේ හිස කෙසේ හෝ බිම ස්පර්ශ කරවීමෙන් ජයග්‍රාහකයා තෝරා ගනී. ප්‍රජනනයේදී අන්ඩජතාව දක්වන ගැරඬියන් වරකට බිත්තර 6-14ත් අතර සංඛ්‍යාවක් මී ගුල්, පස් කන්ඩි වැනි අඳුරු ස්ථානයක බිජුලෑම සිදුකරයි. බිජුලෑමෙන් දින 60කින් පමණ පැටවුන් ඉපදීම සිදුවේ. උපතේදී පැටවෙක් දිගින් 30cm -50cm අතර දිගකින් යුක්ත වන අතර වැඩුන සතෙක් 200cm -250cm තරම් විශාලව වැඩේ. ශරීර ප්‍රමාණයෙන් ලිංගික ද්වීරූපී තාව පෙන්වන ගැරඬියන්ගේ පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා ප්‍රමාණයෙන් විශාලය. නිතර නිවාස ආශ්‍රිතව දක්නට ලැබෙන සර්පයෙක් නිසා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට මෙම සර්පයාට සිදුවී ඇත. භූමිතෙල් හෝ වෙනත් පෙට්‍රෝලියම් අඩංගු ද්‍රාවන මෙම සතුන් පලවාහැරීමට භාවිතා කිරීම ඉතා වේදනාකාරී මරණයක් ගෙන දෙන ක්‍රියාවකි. වන විනාශයත්, නාගයෙක් යැයි සිතා මරාදැමීම හා මාර්ග අනතුරු මෙම සර්පයාගේ පැවැත්මට ඇති ප්‍රධාන තර්ජන වලින් කිහිපයක්. දිවයින පුරා ව්‍යාප්තවී සිටින සර්පයෙක් හෙයින් ඉතා හොඳ සංරක්ෂණ තත්වයක් ගැරඬියා පෙන්නුම් කරයි. රතු දත්ත වාර්තාවේ Least Concern (LC) කාණ්ඩයට අයත් සර්පයෙක් සේ සලකයි. ගැරඬියා සම්බන්ද විශේෂ කරුණු 1) 1955 වසරේදී උරග විද්‍යාඥ දැරණියගල මහතා විසින් මෙරට සිටින්නේ Ptyas mucosus maximus නම් උප විශේෂයක් ලෙස හැඳින්වුවත් වර්මාථනයේ එය භාවිතා නොකරයි. 2) Ptyas ඝනයේ හඳුනාගෙන ඇති සර්පයන් අතුරින් වැඩිම භූගෝලීය ව්‍යාප්තියක් දක්වන විශේෂය වීම. 3) ලංකාවේ දෙවනුවට දිගින් වැඩිම සර්ප විශේෂය වීම (දිගින් වැඩිම පිඹුරා) 4) කසළ ශෝධනය සිදුකරන සර්පයෙක් ලෙස සැළකීම චායාරූප හා සටහන - සංජය කණිෂ්ක[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom