Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ranil - millenium city maha pawadima
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිගු දුර විහිදුම් බළකාය පාවාදීම

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ සිටි දිගුදුර විහිදුම් බළකාය මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල විසින් වැටලීමයි.

අතිශයින්ම රහසිගත මෙම දිගුදුර විහිදුම් බළකා කණ්ඩායම උඩුගම්පොල නමැත්තාගේ ක්‍රියාදාමය නිසා මුළුමනින්ම හෙළි විය. මේ සම්බන්ධයෙන් පැවැති ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විමසීම පවා පළ කිරීමෙන් ඇතැම් මාධ්‍ය වැළකී සිටියේය.

එවකට ජනමාධ්‍ය ලේකම්ව සිටි කුමාර් අබේසිංහ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් තමා අතුරුගිරිය සිදුවීම වීඩියෝගත කිරීම සඳහා ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට අමතා යුද හමුදාව ඉදිරියේ එය සිදු කිරීමට අවසරය ගත් බව කියා සිටියේය. එහෙත් මේ කිසිම නිලධාරියකු මෙවන් ප්‍රචාර නිසා ජාතික ආරක්ෂාවට හානි සිදුවන බව අදහස් කළේ නැත.

කුලසිරි උඩුගම්පොලගේ මේ පාවාදීම සාධාරණීයකරණය කිරීමට මෙරට මාධ්‍ය පාර්ශ්වයන් දෙකක් දැඩි ලෙස උත්සාහ කරනු ලැබීය. ඉන් එක් පාර්ශ්වයක් වූයේ රජයේම සති අන්ත පුවත්පතකි. උඩුගම්පොළගේ ඥතියකු අන්වර්ථ නම් භාවිත කරමින් දිගුදුර විහිදුම් බළකාය වැටලීම සාධාරණීයකරණය කරනු ලැබීය. 2002 ජනවාරි 2 වැනිදා රාත්‍රියේ කුලසිරි උඩුගම්පොල අතුරුගිරියට පැමිණියේ එම ප්‍රදේශයේ කිසිම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට නොදන්වමිනි. කපිතාන් නීලම් ඇතුළු කණ්ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්ථානගත වූයේ නීත්‍යනුකූලව යෑයි හමුදා බුද්ධි අංශ නායක කපිල හෙන්දාවිතාරණ හා හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශය ද උඩුගම්පොල පිළිගත්තේ නැත.

අතුරුගිරිය සිද්ධිය පුවත්පත්වලට හෙළි කිරීම සඳහා ඔහු මහනුවර සිට හිටපු උප සේවා පොලිස් කොස්තාපල්වරයකු වූ ප්‍රාදේශීය වාර්තාකරුවකු ද ගෙන ආවේය.

එවකට සිටි පොලිස්පතිවරයා ද උඩුගම්පොලගේ මෙහෙයුම සමයේ අසරණ තත්ත්වයට පත් විය. ඔහු කොළඹ මුත්තයියා පාරේ හමුදා බුද්ධි අංශයට ගොස් ලිපිගොනු ද ලබාගනු ලැබීය. ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තවදුරටත් අනාවරණය වූයේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්, කර්නල්වරයෙක්, මේජර්වරු තිදෙනකු හා කෝප්‍රල්වරයෙක් මෙම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වටලන බව දැන සිටි බවයි.

දිගුදුර විහිදුම් බළකා කණ්ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල නමැත්තා ඔවුන් මහනුවරට ගෙනගොස් කටුගස්තොට පොලිසියේ රඳවනු ලැබීය. එවකට ආරක්ෂක ඇමැතිව සිටි මාරපන මහතා එකී කණ්ඩායම නිදහස් කරන ලෙස කළ නියෝගය ද ක්‍රියාත්මක වූයේ දින කීපයකට පසුවය.

මේ හමුදා කණ්ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල එතැනින් නතර වූයේ නැත. ඔහු හමුදාපති හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනු ලැබීය. මේ සිද්ධිය බලා සිටි කොටි අතිශයින්ම ප්රමෝදයට පත්ව අත්පොළසන් දුන්හ. එකල කොටි වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. ද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත.

මේ අතර නිදහස් වූ දිගුදුර විහිදුම් බළකායේ කණ්ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්වමින් අධිකරණය හමුවට ගියහ. මෙකී මානව හිමිකම් නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස දන්වමින් එකී කණ්ඩායමට දැඩි බලපෑම් එල්ල වුවත් ඔවුහු ඊට එකඟ නොවූහ. 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක් දුන්නේය. දිගුදුර විහිදුම් බළකා කණ්ඩායමේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කළ අධිකරණය සෑම පාර්ශ්වකරුවකුටම රුපියල් 7,50,000 ක් බැගින් ගෙවිය යුතු යෑයි නියම කළේය. උඩුගම්පොල ද රුපියල් 50000 බැගින් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කරනු ලැබීය. මෙහිදී උඩුගම්පොලගේ ක්‍රියාදාමය අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්විය. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස් කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන්නැයි එවකට පොලිස්පතිව සිටි ඉන්ද්‍රා ද සිල්වා වෙත නියෝග කරනු ලැබීය. 2005 මාර්තු 23 වැනිදා කුලසිරි උඩුගම්පොළව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ඇප මත නිදහස් විය.

දැන් රාජ්‍ය රහස් පනත යටතේ උඩුගම්පොළට එරෙහිව නඩු පැවරී තිබේ. "අතුරුගිරිය මිලේනියම් සිටි සිද්ධියේ කනගාටුදායක පැත්ත මෙයයි. මේ විශේෂ කණ්ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊට සහාය වූ බුද්ධි චරපුරුෂයන් කවුරුන්දැයි කොටින්ගේ ටොසී බුද්ධි සේවාවට වාර්තා විය. ඒ අනුව කොටි ගැන තොරතුරු සපයන ද්‍රවිඩ බුද්ධි චරපුරුෂයන් ඝාතනයවීම ආරම්භ විය.

මේ කොටි විසින් ඝාතනය කළ බුද්ධි කණ්ඩායමයි. 2002 ජනවාරි 20 - විද්‍යාදරන් හෙවත් නිති, 2002 පෙබරවාරි 9 - ක්ලාරි හෙවත් ගඩාපි, 2002 ජුලි 22 - අරින්ජාන් හෙවත් සමින්දරාජන්, 2002 දෙසැම්බර් 11 - ගනේෂමූර්ති හෙවත් තිලක රාජා, 2003 ජනවාරි 03 - කැෂියර් හෙවත් පුලේන්ද්රරාසා, 2003 මාර්තු 18 - රගුපති හෙවත් රගු, 2003 අප්‍රේල් 13 - රංජන් හෙවත් වර්ධන්, 2003 අප්‍රේල් 26 - අශෝක් දේවරාජා 2003 මැයි 21 මාස්ටර් හෙවත් කුමාර් පෙරුමාල්, 2002 අගෝස්තු 14 - දේවදාස්, 2002 දෙසැම්බර් 02 - අයිස්, 2003 අප්‍රේල් 23 - යශෝධරන්, 2003 මැයි 19 - සූරියන්, 2003 අගෝස්තු 03 රිල්වාන්, 2003 අගෝස්තු 08 ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 - සබාරත්නම්, 2004 ජනවාරි 31 - යෝගරාසා හෙවත් ප්ලොට් මොහාන්.

දිගුදුර විහිදුම් බළකාය නිදහස් වුවත් සටන් විරාමය නිසා ඔවුන්ට මෙරට රැඳී සිටීම අනතුරුදායක විය. මේ නිසා ඔවුහු විදේශගත වූහ.

මෙම අතිශයින්ම රහසිගත හමුදා බළකාය අල්ලා ගැනීමට නීති විරෝධී මෙහෙයුමක් දියත් කළ කුලසිරි උඩුගම්පොල නමැත්තා එදා සිටි පොලිස්පති, හමුදාපතිටත් ඉහළින් කටයුතු කළ බව මෙහිදී සනාථ විය.

මෙම සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසම පරීක්ෂණ පටන් ගැනීමත් සමගම උඩුගම්පොලට මිලේනියම් සිටි නිවස ගැන තොරතුරු සැපයූ බව කියන පුද්ගලයා ද අබිරහස් ලෙස මියගොස් ඇතැයි අනාවරණය විය.

එසේම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට තමා පැමිණියේ අධිකරණ නියෝගයක් මත යෑයි උඩුගම්පොල පැවසූ නමුත් එම නියෝගය ඔහු කිසිවිටෙක පෙන්නුම් කළේ නැත.

මේ හැර යුද හමුදාව මෙකී කණ්ඩායමේ හා අවි ආයුධවල නීත්‍යනුකූලතාවය ගැනද ලියවිල්ලකින් සනාථ කරන්නේ නම් දිගුදුර විහිදුම් බළකාය නිදහස් කරන බවද උඩුගම්පොල පවසා තිබිණි.

එවැනි ලිපියක් යුද හමුදාව විසින් ගෙනවිත් උඩුගම්පොලට බාරදුන්නත් ඔහු ඒ ගැන තැකීමක් කළේ නැත.

විශේෂ ජනාධිපති කොමිසම හමුවේ හෙළිවූ තවත් කරුණක් නම් ඇතැම් හමුදා නිලධාරීන් සෘජුව සහ වක්‍රව උඩුගම්පොලගේ මේ වැටලීම දැන සිටි බවයි. ඔවුන් නම් ලුතිනන් කර්නල් පත්මසිරි උඩුගම්පොල (උඩුගම්පොලගේ සොහොයුරු), මේජර් ජනරාල් අයිවන් දසනායක, කර්නල් කේ. එච්. ධර්මරත්න, මේජර් ඒ. සී. සොයිසා, මේජර් ඒ.එස්. පොඩිඅප්පුහාමි, මේජර් කේ. යූ. ජයනෙත්ති, මේජර් නජිත් කරුණාරත්න, කෝප්රල් ඡේ. එච්. සිල්වා, කෝප්රල් එම්. වී. පීරිස්.

එදා පැවැති එ.ජා.ප. රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් විසින් දිගුදුර විහිදුම් බළකා කණ්ඩායමේ ප්‍රධානී කපිතන් නීලම් ඇතුළු පිරිසට දැඩි බලපෑම් එල්ල කළත් එකී කණ්ඩායම ඊට හිස නැමුවේ නැත.

විශේෂ ජනාධිපති කොමිසම සිය වාර්තාවේ මෙලෙස ද දක්වා ඇත. 2001 මහා මැතිවරණයට පෙර මෙම රහසිගත නිවසේ ලිපිනය දැනගැනීමට කර්නල් පරාක්‍රම දසනායක උත්සාහ කළ බවට තදබල සාක්ෂි ඇත. දසනායක නමැත්තා මෙහිදී කියා සිටියේ තමා මාලඹේ ඉදිකරන නිවස සඳහා සහාය ලබාගැනීමට කපිතන් නීලම්ට ඇමතීමට අවශ්‍ය බවයි.

මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බළකා සිද්ධිය මෙරට යුද හමුදා ඉතිහාසයේ සිදුවූ ද්‍රොහීමය ක්රියාදාමයකි.

එහිදී දේශපාලන පොලිස් නිලධාරියකු වූ කුලසිරි උඩුගම්පොල ක්‍රියා කළ ආකාරය මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම සිදුවූ අවමානයකි.

උඩුගම්පොල බේරාගැනීම සඳහා හිටපු නෝවීජියානු ආධාරකාරියක් වූ මාධ්‍යවේදිනියක් ද උඩුගම්පොලගේ ඥතියකු වන අයෙක් ද ගත් උත්සාහය අසාර්ථක විය.

කීර්ති වර්ණකුලසූරිය

[QUOTE="sayo, post: 21343929, member: 315422"] දිගු දුර විහිදුම් බළකාය පාවාදීම ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ සිටි දිගුදුර විහිදුම් බළකාය මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල විසින් වැටලීමයි. අතිශයින්ම රහසිගත මෙම දිගුදුර විහිදුම් බළකා කණ්ඩායම උඩුගම්පොල නමැත්තාගේ ක්‍රියාදාමය නිසා මුළුමනින්ම හෙළි විය. මේ සම්බන්ධයෙන් පැවැති ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්ෂි විමසීම පවා පළ කිරීමෙන් ඇතැම් මාධ්‍ය වැළකී සිටියේය. එවකට ජනමාධ්‍ය ලේකම්ව සිටි කුමාර් අබේසිංහ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් තමා අතුරුගිරිය සිදුවීම වීඩියෝගත කිරීම සඳහා ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට අමතා යුද හමුදාව ඉදිරියේ එය සිදු කිරීමට අවසරය ගත් බව කියා සිටියේය. එහෙත් මේ කිසිම නිලධාරියකු මෙවන් ප්‍රචාර නිසා ජාතික ආරක්ෂාවට හානි සිදුවන බව අදහස් කළේ නැත. කුලසිරි උඩුගම්පොලගේ මේ පාවාදීම සාධාරණීයකරණය කිරීමට මෙරට මාධ්‍ය පාර්ශ්වයන් දෙකක් දැඩි ලෙස උත්සාහ කරනු ලැබීය. ඉන් එක් පාර්ශ්වයක් වූයේ රජයේම සති අන්ත පුවත්පතකි. උඩුගම්පොළගේ ඥතියකු අන්වර්ථ නම් භාවිත කරමින් දිගුදුර විහිදුම් බළකාය වැටලීම සාධාරණීයකරණය කරනු ලැබීය. 2002 ජනවාරි 2 වැනිදා රාත්‍රියේ කුලසිරි උඩුගම්පොල අතුරුගිරියට පැමිණියේ එම ප්‍රදේශයේ කිසිම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට නොදන්වමිනි. කපිතාන් නීලම් ඇතුළු කණ්ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්ථානගත වූයේ නීත්‍යනුකූලව යෑයි හමුදා බුද්ධි අංශ නායක කපිල හෙන්දාවිතාරණ හා හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශය ද උඩුගම්පොල පිළිගත්තේ නැත. අතුරුගිරිය සිද්ධිය පුවත්පත්වලට හෙළි කිරීම සඳහා ඔහු මහනුවර සිට හිටපු උප සේවා පොලිස් කොස්තාපල්වරයකු වූ ප්‍රාදේශීය වාර්තාකරුවකු ද ගෙන ආවේය. එවකට සිටි පොලිස්පතිවරයා ද උඩුගම්පොලගේ මෙහෙයුම සමයේ අසරණ තත්ත්වයට පත් විය. ඔහු කොළඹ මුත්තයියා පාරේ හමුදා බුද්ධි අංශයට ගොස් ලිපිගොනු ද ලබාගනු ලැබීය. ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තවදුරටත් අනාවරණය වූයේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්, කර්නල්වරයෙක්, මේජර්වරු තිදෙනකු හා කෝප්‍රල්වරයෙක් මෙම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වටලන බව දැන සිටි බවයි. දිගුදුර විහිදුම් බළකා කණ්ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල නමැත්තා ඔවුන් මහනුවරට ගෙනගොස් කටුගස්තොට පොලිසියේ රඳවනු ලැබීය. එවකට ආරක්ෂක ඇමැතිව සිටි මාරපන මහතා එකී කණ්ඩායම නිදහස් කරන ලෙස කළ නියෝගය ද ක්‍රියාත්මක වූයේ දින කීපයකට පසුවය. මේ හමුදා කණ්ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල එතැනින් නතර වූයේ නැත. ඔහු හමුදාපති හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනු ලැබීය. මේ සිද්ධිය බලා සිටි කොටි අතිශයින්ම ප්රමෝදයට පත්ව අත්පොළසන් දුන්හ. එකල කොටි වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. ද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත. මේ අතර නිදහස් වූ දිගුදුර විහිදුම් බළකායේ කණ්ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්වමින් අධිකරණය හමුවට ගියහ. මෙකී මානව හිමිකම් නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස දන්වමින් එකී කණ්ඩායමට දැඩි බලපෑම් එල්ල වුවත් ඔවුහු ඊට එකඟ නොවූහ. 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක් දුන්නේය. දිගුදුර විහිදුම් බළකා කණ්ඩායමේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කළ අධිකරණය සෑම පාර්ශ්වකරුවකුටම රුපියල් 7,50,000 ක් බැගින් ගෙවිය යුතු යෑයි නියම කළේය. උඩුගම්පොල ද රුපියල් 50000 බැගින් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කරනු ලැබීය. මෙහිදී උඩුගම්පොලගේ ක්‍රියාදාමය අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්විය. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස් කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන්නැයි එවකට පොලිස්පතිව සිටි ඉන්ද්‍රා ද සිල්වා වෙත නියෝග කරනු ලැබීය. 2005 මාර්තු 23 වැනිදා කුලසිරි උඩුගම්පොළව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ඇප මත නිදහස් විය. දැන් රාජ්‍ය රහස් පනත යටතේ උඩුගම්පොළට එරෙහිව නඩු පැවරී තිබේ. "අතුරුගිරිය මිලේනියම් සිටි සිද්ධියේ කනගාටුදායක පැත්ත මෙයයි. මේ විශේෂ කණ්ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊට සහාය වූ බුද්ධි චරපුරුෂයන් කවුරුන්දැයි කොටින්ගේ ටොසී බුද්ධි සේවාවට වාර්තා විය. ඒ අනුව කොටි ගැන තොරතුරු සපයන ද්‍රවිඩ බුද්ධි චරපුරුෂයන් ඝාතනයවීම ආරම්භ විය. මේ කොටි විසින් ඝාතනය කළ බුද්ධි කණ්ඩායමයි. 2002 ජනවාරි 20 - විද්‍යාදරන් හෙවත් නිති, 2002 පෙබරවාරි 9 - ක්ලාරි හෙවත් ගඩාපි, 2002 ජුලි 22 - අරින්ජාන් හෙවත් සමින්දරාජන්, 2002 දෙසැම්බර් 11 - ගනේෂමූර්ති හෙවත් තිලක රාජා, 2003 ජනවාරි 03 - කැෂියර් හෙවත් පුලේන්ද්රරාසා, 2003 මාර්තු 18 - රගුපති හෙවත් රගු, 2003 අප්‍රේල් 13 - රංජන් හෙවත් වර්ධන්, 2003 අප්‍රේල් 26 - අශෝක් දේවරාජා 2003 මැයි 21 මාස්ටර් හෙවත් කුමාර් පෙරුමාල්, 2002 අගෝස්තු 14 - දේවදාස්, 2002 දෙසැම්බර් 02 - අයිස්, 2003 අප්‍රේල් 23 - යශෝධරන්, 2003 මැයි 19 - සූරියන්, 2003 අගෝස්තු 03 රිල්වාන්, 2003 අගෝස්තු 08 ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 - සබාරත්නම්, 2004 ජනවාරි 31 - යෝගරාසා හෙවත් ප්ලොට් මොහාන්. දිගුදුර විහිදුම් බළකාය නිදහස් වුවත් සටන් විරාමය නිසා ඔවුන්ට මෙරට රැඳී සිටීම අනතුරුදායක විය. මේ නිසා ඔවුහු විදේශගත වූහ. මෙම අතිශයින්ම රහසිගත හමුදා බළකාය අල්ලා ගැනීමට නීති විරෝධී මෙහෙයුමක් දියත් කළ කුලසිරි උඩුගම්පොල නමැත්තා එදා සිටි පොලිස්පති, හමුදාපතිටත් ඉහළින් කටයුතු කළ බව මෙහිදී සනාථ විය. මෙම සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසම පරීක්ෂණ පටන් ගැනීමත් සමගම උඩුගම්පොලට මිලේනියම් සිටි නිවස ගැන තොරතුරු සැපයූ බව කියන පුද්ගලයා ද අබිරහස් ලෙස මියගොස් ඇතැයි අනාවරණය විය. එසේම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට තමා පැමිණියේ අධිකරණ නියෝගයක් මත යෑයි උඩුගම්පොල පැවසූ නමුත් එම නියෝගය ඔහු කිසිවිටෙක පෙන්නුම් කළේ නැත. මේ හැර යුද හමුදාව මෙකී කණ්ඩායමේ හා අවි ආයුධවල නීත්‍යනුකූලතාවය ගැනද ලියවිල්ලකින් සනාථ කරන්නේ නම් දිගුදුර විහිදුම් බළකාය නිදහස් කරන බවද උඩුගම්පොල පවසා තිබිණි. එවැනි ලිපියක් යුද හමුදාව විසින් ගෙනවිත් උඩුගම්පොලට බාරදුන්නත් ඔහු ඒ ගැන තැකීමක් කළේ නැත. විශේෂ ජනාධිපති කොමිසම හමුවේ හෙළිවූ තවත් කරුණක් නම් ඇතැම් හමුදා නිලධාරීන් සෘජුව සහ වක්‍රව උඩුගම්පොලගේ මේ වැටලීම දැන සිටි බවයි. ඔවුන් නම් ලුතිනන් කර්නල් පත්මසිරි උඩුගම්පොල (උඩුගම්පොලගේ සොහොයුරු), මේජර් ජනරාල් අයිවන් දසනායක, කර්නල් කේ. එච්. ධර්මරත්න, මේජර් ඒ. සී. සොයිසා, මේජර් ඒ.එස්. පොඩිඅප්පුහාමි, මේජර් කේ. යූ. ජයනෙත්ති, මේජර් නජිත් කරුණාරත්න, කෝප්රල් ඡේ. එච්. සිල්වා, කෝප්රල් එම්. වී. පීරිස්. එදා පැවැති එ.ජා.ප. රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් විසින් දිගුදුර විහිදුම් බළකා කණ්ඩායමේ ප්‍රධානී කපිතන් නීලම් ඇතුළු පිරිසට දැඩි බලපෑම් එල්ල කළත් එකී කණ්ඩායම ඊට හිස නැමුවේ නැත. විශේෂ ජනාධිපති කොමිසම සිය වාර්තාවේ මෙලෙස ද දක්වා ඇත. 2001 මහා මැතිවරණයට පෙර මෙම රහසිගත නිවසේ ලිපිනය දැනගැනීමට කර්නල් පරාක්‍රම දසනායක උත්සාහ කළ බවට තදබල සාක්ෂි ඇත. දසනායක නමැත්තා මෙහිදී කියා සිටියේ තමා මාලඹේ ඉදිකරන නිවස සඳහා සහාය ලබාගැනීමට කපිතන් නීලම්ට ඇමතීමට අවශ්‍ය බවයි. මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බළකා සිද්ධිය මෙරට යුද හමුදා ඉතිහාසයේ සිදුවූ ද්‍රොහීමය ක්රියාදාමයකි. එහිදී දේශපාලන පොලිස් නිලධාරියකු වූ කුලසිරි උඩුගම්පොල ක්‍රියා කළ ආකාරය මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම සිදුවූ අවමානයකි. උඩුගම්පොල බේරාගැනීම සඳහා හිටපු නෝවීජියානු ආධාරකාරියක් වූ මාධ්‍යවේදිනියක් ද උඩුගම්පොලගේ ඥතියකු වන අයෙක් ද ගත් උත්සාහය අසාර්ථක විය. කීර්ති වර්ණකුලසූරිය [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom