Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිදුවීම 2005 හෝ ඊට ආසන්න වසරක ගම්පොල ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීමකි.නිශාන්ත වයස අවුරුදු 25ක පමන වයසැති තරුණයෙක්.ගැටවර වයසේ සිටි ඔහුට හරි හමන් උගත් කම නැති නිසාත්,පියා නොමැති පවුලේ මවත්,එකම බාල සහෝදරයා ගේ පාසැල් ගමනට අවශ්‍ය විය හියදම් සපුරා දීම සදහා නිශාන්ත ට මහත් වෑයමක් දරන්නට විය.ඒ සදහා ඔහුටරැකියාවක් කිරීමට සිදුවිය.නමුත් ඔහුට රැකියාව වශයෙන් කිරීමට සිදුවූයේ එකල පවා නොව මෙකලත් තරුණයෙක් කිරීමට තරමක් අකමැති අපූරු රැකියාවකි.ඒ හන්දියේ මිනී පෙට්ටි සාප්පුවේ හර්ස් එක පැදවීමටයි.

එම අවමංගල්‍ය මල් ශාලාවේ හිමිකරු පීටර් මහතා හැරුනු විට,නිශාන්තද තවත් තරුණයෙක් ද සේවයේ යෙදුනි.ඔහු නමින් රුවන් නම් විය.නිශාන්ත සහ රුවන් ඉතා සමීපතම මිතුරන් වූ අතර ඔවුන්ගේ කාර්ය වූයේ පීටර් විසින් එම්බාම් කර නිසි ලෙස සකස් කර දෙනු ලබන දේහය මල ගෙදර වෙත ප්‍රවාහනය කරීමයි.

මේ අතර රුවන් මිනී එම්බාම් කිරීම් පිලිබඳ ඒ වන විටත් පීටර් ගෙන් හදාරමින් සිටි අතර නිශාන්ත එම්බාම් කාමරේ පැත්ත පලාතකින් යාම පවා ප්‍රතික්ෂේප කර තිබුනි.ඒ බයකට නොව එම කාර්ය දෙස බලා සිටීම ඔහුට අප්‍රිය උපදවන කාර්ය ක් වූ නිසාය.

එදිනද සවස් යාමයේ නිශාන්ත මිනී පෙට්ටි සාප්පුව වෙත තම ෆුට් සයිකලයේන් ලගා වූයේ රාත්රියේදී මියගිය කෙනෙකුගේ දේහයක් බාර දීමට තිබූ නිසාය.ඒ වන විටත් රුවන් පැමින සිටියේ නැති බැවින් ඔහු රුවන් ගේ ජංගම දුරකථනය වෙත ඇමතුමක් ලබා ගන්නා ලදි

"කොයි මගුලෙද බං ඉන්නේ..කීයටද එන්නේ..මේ උබලගේ ගමේ බොඩියක්.."

"ආ..නිශාන්ත සහෝ..ඇයි බන් මන් ඊයේ කිව්වෙ.. අද මන් නාවලපිටියේ යනවා කියලා ඩිලානි එක්ක??"රුවන් කී කාරනාව එවේලේ නිශාන්ත ට මතක් විය.ඩිලානි යනු රුවන් ගේ පෙම්වතිය

"හම්මේ උබ ෆිල්ම් එකක් බලන්න ගිය දුර..දැං කොහේද ඉන්නෙ..කීයටද එන්නේ"

"උබ ඕක පටවන් වරෙන්..මන් හතේ කනුව ලග ඉන්නම්..මේ... පීටරයට නම් කියන්න එපා හොදේ "රුවන් පිලිතුරු දුනි.

"හරි හරි.මන් 10 වෙද්දි එනවා..එතනම හිටපන්."

රාත්‍රි 9ට පමන නිශාන්ත පීටර් ගේද උදව් ඇතිව පෙට්ටිය පටවන් ගමන පිටත් විය.නගරයෙන් ඈත්ව රථය කෙමින් කෙමින් ඉදිරියට ඇදෙන්නට විය.වසර 2ක පමණ කාලයක් මේ රැකියාව කරන නිසා නිශාන්ත ට රාත්‍රි ගමන් එතරම්ම ගානක් නොවීය.මෙසේ පෙට්ටියක් සමග තනිවම යන ප්‍රථම වතාවද මෙය නොවේ.එවැනි අවස්තාවල ඔහු තනිවම ගීතයක් මුමුනයි නැත්නම් හුරුවම් බායි.ඒකත් එපා වූ විට මිනිය සමග හෝ තනිවම කියවයි.මේ අවස්තාවදීත් ඔහු ගේ තනියට සිටියේ මියගිය කෙනා පමනි.

"මොකටද හලෝ වහ බිවුවේ..ජීවිතේම කියන්නේ ප්‍රශ්න පත්තරයක් ලොක්කා..ඒත් ඉතින් මං දන්නව යෑ ඔහේ වහ බීපු සීන් එක..දැන් ඉතින් ප්‍රශ්නෙ විසදුනාද ලොක්කා"..පාලුව නිසා මෙසේ තනිවම නන් දොඩවමින් නිශාන්ත සහ රථය ඉදිරියට ඇදෙයි.පැයකට පමණ පසු රථය හතේ කනුව ලගට පැමිනියේය.නමුත් රුවන් කියූ පරිදි එම ස්තානයේ නොසිටි බැවින් නිශාන්ත රුවන්ගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට උත්සහ කලේය.නමුත් එහි ප්‍රතිචාරයක් නොවීය.'මේකා කොහේ ගිහින්ද..දැං මොකො කරන්නේ..ජීවිතේට මේ පාරේ ගිහිල්ලත් නෑ..හ්ම්ම්ම්..අවුලක් නෑ..ඇඩ්රස් එක තියෙනවනේ..රුවා ශුවර් එකටම මල ගෙදර ඇති..ගෙවල් ලග මල ගෙයක් නේ..බලන් ඉදලා තේරුමක් නෑ..යන්න ඕනේ."

මෙසේ සිතමින් නිශාන්ත හතේ කනුව ලගින් වැටී තිබූ තරමක් පටු පාරක් දිගේ රථය පදවන්නන්ට විය.ටිකක් දුර යන විට පාර ඉතා අබලන් දුශ්කර මාර්ගයක් බව නිශාන්තට ඒත්තු ගියේය.එවිට රාත්‍රි 11 ත් පසුවී ඇති බව නිශාන්ත දුටුවේ තමන්ගේ ජංගම දුරකථනයෙනි.පාරේ විදුලි ආලෝකයද තැනින් තැනට පමනක් සීමා විය.රථයේ ගොර ගොර හඩත්,වලවල් තුලින් රෝද ගමන් කරද්දී මිනී පෙට්ටිය සහ අනිකුත් කොටස් එකිනෙක වැදී නැගෙන දඩ දඩ හඩත් හැරුනු කොට මුලු ප්‍රදේශයම මහ මූසල බවක් ඉසිලීය.දැං දැං එන්න එන්නම නිශාන්ත ගේ සිතට සියුම් ලෙස චකිතයක් ඇති විය.ඒ අවට පරිසරයේ ඇති මූසල බව නිශාන්ත ගේ සිතට දැඩි ලෙස දැනෙන්නට වූ නිසාවෙනි.රථයේ විදුලී ආලෝකයද අඩ පනය.අවට මාර්ගය කදුකර මාර්ගයක් වූ නිසාවෙන් දැඩි මීදුම් සහිත තත්වයක් උත්ගත්වී තිබුනී.මෙසේ ඉදිරියට යන විට ඈතින් එන ටෝච් එලියක් නිශාන්තගේ නෙත ගැටුනි.කවුරුන් හෝ ඈත තියාම රථය නවත්වන ලෙස අත වනන බව ඔහු දුටුවේය.

"කවුද යකෝ මේ...හ්ම්ම්."රථය නැවත්තුවේය."ඒයි මේ මං බං"

"අප්පටසිරි රුවා"..ඒ අත වනා ඇත්තේ රුවන් බව දැන ගත් නිශාන්ට කියා නිම කල නොහැකි සතුටක් ඇතිවිය.

"මොන මගුලෙද බං යන්නේ..පීටර් දැන ගත්තොත් මාත් ඉවරයි..නැගපිය ඉතින්..හොදටම පරක්කුයි.."රුවන් වරදි වූ නිසාවෙන් ඔහු නිහඩවම රථට ගොඩ විය.

"ඩිලාව නැන්දලගේ ගෙදරට ඇරලවන්න කිවුව බන්..එකයි ලේට් උනේ..සොරි වෙන්න ඕනේ"..රුවන් පැවසීය.

රුවන් ගේ මුහුනින් ඔහු ඉතා වෙහෙසකර වී ඇති බව නිශාන්ත දුටුවේය.

"උබට මහන්සිනම් ඇල වෙයන් සීට් එකේ..මොකෝ බන් මූනත් සුදුමැලි වෙලා..උබ මොකෙක්ට හරි බය වුනාද?.."නිශාන්ත ඇසුවේ රුවන් ගේ කට හඩ අවදි කරනු රිසියෙන්.

"පිස්සුද බං..365 ම මිනී එක්ක හැප්පෙන මාව කවුරු බය කරන්නද බං.."රුවන් හිනාවී පවසා නැවතත් නිහඩ විය.මොකක් නමුත් රුවන් ගේ වෙනසක් නිශාන්ත දුටුවේය.

"ඒයි රුවා..කියපන්කෝ මොනා හරි.කවුද බන් මේ මැරිලා ඉන්නේ?උබලගේ ගෙවල් ලග කිවුව නේ..වහ බීල නෙ?? අ ඇයි බන් ඒ"......??.නිශාන්ත මෙසේ ඇසූ විට රුවන් නිශාන්ත දෙස බලා කට කොනින් මද සිනහවක් ද පා මෙසේ කීය.

""මේ මැරිලා ඉන්නේ අපේ ගමේ හිටපු හොදටම හිත හොද මහත්තයෙක් බං.පවු..අපේ ගමේ ඉස්කෝලේ සර් කෙනෙක්.මෙයාගේ පවුල මීට කාලෙකට කලින් මෙයාගේ මල්ලී එක්ක සෙට් වෙලා ඉදලා සර්ට අතේ මාට්ටු වෙලා.ඊට පස්සේ මල්ලී ගමෙන් පැන්නා....ඒත් දැන් ටික කාලෙකට කලින් මල්ලිව කවුරු හරි මරලා දාල ගගේ පාවෙද්දී මිනිය හොයා ගෙන.ඒකට ගම්මු සැක කලේ සර්ව බන්.ඒත් ඉර හද වගේ විශ්වාසයි බන්.සර් ඒක කලේ නෑ.සර් ඒම කෙනෙක් නෙවෙයි.දවසින් දවස සර්ට එක එකා එක එක දේවල් කියන්න ගත්තා.ගෑනිත් ගමෙන් ගියා.ඒවා දරා ගන්න බැරුව සර් වහ බිවුවා බන්..."

""ඉතින් උබ කොහොමද හරියටම කියන්නේ සර් මේකට සම්බන්ධ නෑ කියල..?""නිශාන්ත ඇසූ විට රුවන් මෙසේ පැවසීය.

""ඒ ගැන මන් තරම් දන්න වෙන කවුරුත් නෑ පුතා....ඔන්න අපි දැං ගේ ලගටම ආවා.උබ තරහා නැතිව මාව මෙතනින් ටිකක් දාපන්..මන් ගෙදරට ගිහින් සුටුස් ගාල ඇදුමක් දාන් එන්නම්.උදේ ඉදන් මේ කිට් එක පිටින් බන්.."""

නිශාන්ත රථය නැවැත්විය."යකෝ මං තනියෙන් කොහොමද මේක බා ගන්නේ".නිශාන්ත කලබලයෙන් මෙන් ඇසූහ.

"හප්පෝ බය වෙන්න එපා.මගේ ගෝලයෝ එතන ඉන්නවා.උන් උදවු කරයි".මෙසේ පවසා රුවන් මගින් බැස යන්නට ගියේය.

කෙසේ වෙතත් රුවන්ගේ හැසිරීම් රටාවේ වෙනසක් ඇතිබව නිශාන්තට වැටහුනත් ඔහු එතරම්ම එය ගානක් ගත්තේ නැත.""සමහරවිට මහන්සියට වෙන්න ඇති..නැත්නම් කෙල්ල එක්ක මොකක් හරි කේස් එකක් දාගෙන වෙන්න ඇති.."" මෙසේ සිතමින් නිශාන්ත රථය මල ගෙදර වෙත ගෙන ආවෙය.

මල ගෙදර ට බොහෝ ලෙස පිරිස පැමින තිබුනි.හර්ස් රථය වත්තට දමනවාත් සමග බොහෝ දෙනෙකු ඒ වටා රොක් විය.රුවන් කියූ පරිදී ඔහුගේ සගයින් නිශාන්ත ට උදවු කලේය.දේහය විවෘත කර අවසන් වූ විට නිශාන්තට කවුදෝ පිටට තට්ටු කරනවා දැනුනි.පිටුපස හැරී බැලූ විට ඒ රුවන්ය.

""අඩේ බනින්න එපා ...සමාවෙන්න නිශාන්ත අයියා.මට එන්න බැරි වුනා බන්..නින්ද ගියා මහන්සියට..පීටරයට නම් කියන්න එපා..ජොබ් එකත් ගහලා යයි බන්...""රුවන් කියවන් කියවන් ගියේය.නිශාන්ත තුශ්නිම්බූත ව රුවන් දෙස බලා සිටියේය.

""පොඩ්ඩක් හිටපන්...උබ හොදින් ද කියපන්....උබ දැං මාත් එක්කම ඇවිත් කිට් එක මාරු කරන් එන්නම් කියලා මගින් බැහැලා ගියේ???""නිශාන්ත කී විට රුවන් නිශාන්ත දෙස මහත් පුදුමයට පත්වී බැලුවේය .

"""යකෝ මං ආව උබත් එක්ක??පිස්සුද නිශාන්ත අයියේ..මන් හවස ගෙදර ඇවිත් වොශ් එකක් දාල කාලා පුටුවෙ ඇලවුනා විතරයි මතක.නින්ද ගිහින්.පෝන් එකත් ඕෆ් වෙලා...""

"අම්මපා කියපන්"""??? නිශාන්ත ඇසූ විට රුවන් දිවුරා කීවේ සවස සිට මේ දක්වා තම සිටියේ නිවසේ බවය.බොරුනම් තම මවගෙන් අසන ලෙසත්ය.නිශාන්ත ගේ දෙපතුල් වෙවුලන්නට විය.රුවන් ගෙදර සිටියානම් තමා කතා කර කර ආවේ කා සමගද?යන්න නිශාන්තට අදටද ප්‍රෙහෙලිකාවක් විය.

***********************************************මියගිය පුද්ගලයා රුවන්ගේ වේශෙන් ඔහුගේ නිර්දෝශී බව ඔප්පු කිරීමයි පැමිනි බවට නිශාන්ත ට ඉන් පසුව තේරුම් ගියේය.රුවන්ගේ වේශයෙන් ඒ පැමිනියේ මියගිය ගුරුවරයාගේ ආත්මය බව නිශාන්ත ට තවත් තේරුම් ගියේ ඔහු සමග ඇතිවූ සංවාදයේ සමහර තැන් වලදී ඔහු පැවසූ කරුනුම තුලින්.

මිනී මැරුම සම්බන්ධයෙන් රුවන් එක හෙලා ප්‍රකාශ කලේ සර් විසින් එ මිනී මැරුමට සම්බන්ධයක් නොමැති බවත්.,ඒ ගැන ඔහු තරම් වෙන කවුරුත් නොදන්නා බවට එක හෙලා ප්‍රකාශ කිරීම සහ එහිදී රුවන් විසින් නිශාන්ත ට පුතා කියා ඇමතීම හා දේහය නිවස ආසන්නයට ගෙන ආ අවස්තාවේ රුවන් මගින් බැස යාමට සැරසුනු වේලේ මිනිය බා ගන්න තමන්ගේ ගෝලයෝ සිටින බව ප්‍රකාශ කිරීමත් යන කාරනා තුලින් මේ පිලිබඳ යම්කිසි නිගමනයකට ඒමට පිලිවන.

Chamantha Wijesinghe

[QUOTE="බෙන් 10, post: 23362430, member: 512836"] [B][COLOR="Blue"][SIZE="4"]මේ සිදුවීම 2005 හෝ ඊට ආසන්න වසරක ගම්පොල ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීමකි.නිශාන්ත වයස අවුරුදු 25ක පමන වයසැති තරුණයෙක්.ගැටවර වයසේ සිටි ඔහුට හරි හමන් උගත් කම නැති නිසාත්,පියා නොමැති පවුලේ මවත්,එකම බාල සහෝදරයා ගේ පාසැල් ගමනට අවශ්‍ය විය හියදම් සපුරා දීම සදහා නිශාන්ත ට මහත් වෑයමක් දරන්නට විය.ඒ සදහා ඔහුටරැකියාවක් කිරීමට සිදුවිය.නමුත් ඔහුට රැකියාව වශයෙන් කිරීමට සිදුවූයේ එකල පවා නොව මෙකලත් තරුණයෙක් කිරීමට තරමක් අකමැති අපූරු රැකියාවකි.ඒ හන්දියේ මිනී පෙට්ටි සාප්පුවේ හර්ස් එක පැදවීමටයි. එම අවමංගල්‍ය මල් ශාලාවේ හිමිකරු පීටර් මහතා හැරුනු විට,නිශාන්තද තවත් තරුණයෙක් ද සේවයේ යෙදුනි.ඔහු නමින් රුවන් නම් විය.නිශාන්ත සහ රුවන් ඉතා සමීපතම මිතුරන් වූ අතර ඔවුන්ගේ කාර්ය වූයේ පීටර් විසින් එම්බාම් කර නිසි ලෙස සකස් කර දෙනු ලබන දේහය මල ගෙදර වෙත ප්‍රවාහනය කරීමයි. මේ අතර රුවන් මිනී එම්බාම් කිරීම් පිලිබඳ ඒ වන විටත් පීටර් ගෙන් හදාරමින් සිටි අතර නිශාන්ත එම්බාම් කාමරේ පැත්ත පලාතකින් යාම පවා ප්‍රතික්ෂේප කර තිබුනි.ඒ බයකට නොව එම කාර්ය දෙස බලා සිටීම ඔහුට අප්‍රිය උපදවන කාර්ය ක් වූ නිසාය. එදිනද සවස් යාමයේ නිශාන්ත මිනී පෙට්ටි සාප්පුව වෙත තම ෆුට් සයිකලයේන් ලගා වූයේ රාත්රියේදී මියගිය කෙනෙකුගේ දේහයක් බාර දීමට තිබූ නිසාය.ඒ වන විටත් රුවන් පැමින සිටියේ නැති බැවින් ඔහු රුවන් ගේ ජංගම දුරකථනය වෙත ඇමතුමක් ලබා ගන්නා ලදි "කොයි මගුලෙද බං ඉන්නේ..කීයටද එන්නේ..මේ උබලගේ ගමේ බොඩියක්.." "ආ..නිශාන්ත සහෝ..ඇයි බන් මන් ඊයේ කිව්වෙ.. අද මන් නාවලපිටියේ යනවා කියලා ඩිලානි එක්ක??"රුවන් කී කාරනාව එවේලේ නිශාන්ත ට මතක් විය.ඩිලානි යනු රුවන් ගේ පෙම්වතිය "හම්මේ උබ ෆිල්ම් එකක් බලන්න ගිය දුර..දැං කොහේද ඉන්නෙ..කීයටද එන්නේ" "උබ ඕක පටවන් වරෙන්..මන් හතේ කනුව ලග ඉන්නම්..මේ... පීටරයට නම් කියන්න එපා හොදේ "රුවන් පිලිතුරු දුනි. "හරි හරි.මන් 10 වෙද්දි එනවා..එතනම හිටපන්." රාත්‍රි 9ට පමන නිශාන්ත පීටර් ගේද උදව් ඇතිව පෙට්ටිය පටවන් ගමන පිටත් විය.නගරයෙන් ඈත්ව රථය කෙමින් කෙමින් ඉදිරියට ඇදෙන්නට විය.වසර 2ක පමණ කාලයක් මේ රැකියාව කරන නිසා නිශාන්ත ට රාත්‍රි ගමන් එතරම්ම ගානක් නොවීය.මෙසේ පෙට්ටියක් සමග තනිවම යන ප්‍රථම වතාවද මෙය නොවේ.එවැනි අවස්තාවල ඔහු තනිවම ගීතයක් මුමුනයි නැත්නම් හුරුවම් බායි.ඒකත් එපා වූ විට මිනිය සමග හෝ තනිවම කියවයි.මේ අවස්තාවදීත් ඔහු ගේ තනියට සිටියේ මියගිය කෙනා පමනි. "මොකටද හලෝ වහ බිවුවේ..ජීවිතේම කියන්නේ ප්‍රශ්න පත්තරයක් ලොක්කා..ඒත් ඉතින් මං දන්නව යෑ ඔහේ වහ බීපු සීන් එක..දැන් ඉතින් ප්‍රශ්නෙ විසදුනාද ලොක්කා"..පාලුව නිසා මෙසේ තනිවම නන් දොඩවමින් නිශාන්ත සහ රථය ඉදිරියට ඇදෙයි.පැයකට පමණ පසු රථය හතේ කනුව ලගට පැමිනියේය.නමුත් රුවන් කියූ පරිදි එම ස්තානයේ නොසිටි බැවින් නිශාන්ත රුවන්ගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමට උත්සහ කලේය.නමුත් එහි ප්‍රතිචාරයක් නොවීය.'මේකා කොහේ ගිහින්ද..දැං මොකො කරන්නේ..ජීවිතේට මේ පාරේ ගිහිල්ලත් නෑ..හ්ම්ම්ම්..අවුලක් නෑ..ඇඩ්රස් එක තියෙනවනේ..රුවා ශුවර් එකටම මල ගෙදර ඇති..ගෙවල් ලග මල ගෙයක් නේ..බලන් ඉදලා තේරුමක් නෑ..යන්න ඕනේ." මෙසේ සිතමින් නිශාන්ත හතේ කනුව ලගින් වැටී තිබූ තරමක් පටු පාරක් දිගේ රථය පදවන්නන්ට විය.ටිකක් දුර යන විට පාර ඉතා අබලන් දුශ්කර මාර්ගයක් බව නිශාන්තට ඒත්තු ගියේය.එවිට රාත්‍රි 11 ත් පසුවී ඇති බව නිශාන්ත දුටුවේ තමන්ගේ ජංගම දුරකථනයෙනි.පාරේ විදුලි ආලෝකයද තැනින් තැනට පමනක් සීමා විය.රථයේ ගොර ගොර හඩත්,වලවල් තුලින් රෝද ගමන් කරද්දී මිනී පෙට්ටිය සහ අනිකුත් කොටස් එකිනෙක වැදී නැගෙන දඩ දඩ හඩත් හැරුනු කොට මුලු ප්‍රදේශයම මහ මූසල බවක් ඉසිලීය.දැං දැං එන්න එන්නම නිශාන්ත ගේ සිතට සියුම් ලෙස චකිතයක් ඇති විය.ඒ අවට පරිසරයේ ඇති මූසල බව නිශාන්ත ගේ සිතට දැඩි ලෙස දැනෙන්නට වූ නිසාවෙනි.රථයේ විදුලී ආලෝකයද අඩ පනය.අවට මාර්ගය කදුකර මාර්ගයක් වූ නිසාවෙන් දැඩි මීදුම් සහිත තත්වයක් උත්ගත්වී තිබුනී.මෙසේ ඉදිරියට යන විට ඈතින් එන ටෝච් එලියක් නිශාන්තගේ නෙත ගැටුනි.කවුරුන් හෝ ඈත තියාම රථය නවත්වන ලෙස අත වනන බව ඔහු දුටුවේය.📦 📦 "කවුද යකෝ මේ...හ්ම්ම්."රථය නැවත්තුවේය."ඒයි මේ මං බං" "අප්පටසිරි රුවා"..ඒ අත වනා ඇත්තේ රුවන් බව දැන ගත් නිශාන්ට කියා නිම කල නොහැකි සතුටක් ඇතිවිය. "මොන මගුලෙද බං යන්නේ..පීටර් දැන ගත්තොත් මාත් ඉවරයි..නැගපිය ඉතින්..හොදටම පරක්කුයි.."රුවන් වරදි වූ නිසාවෙන් ඔහු නිහඩවම රථට ගොඩ විය. "ඩිලාව නැන්දලගේ ගෙදරට ඇරලවන්න කිවුව බන්..එකයි ලේට් උනේ..සොරි වෙන්න ඕනේ"..රුවන් පැවසීය. රුවන් ගේ මුහුනින් ඔහු ඉතා වෙහෙසකර වී ඇති බව නිශාන්ත දුටුවේය. "උබට මහන්සිනම් ඇල වෙයන් සීට් එකේ..මොකෝ බන් මූනත් සුදුමැලි වෙලා..උබ මොකෙක්ට හරි බය වුනාද?.."නිශාන්ත ඇසුවේ රුවන් ගේ කට හඩ අවදි කරනු රිසියෙන්. "පිස්සුද බං..365 ම මිනී එක්ක හැප්පෙන මාව කවුරු බය කරන්නද බං.."රුවන් හිනාවී පවසා නැවතත් නිහඩ විය.මොකක් නමුත් රුවන් ගේ වෙනසක් නිශාන්ත දුටුවේය. "ඒයි රුවා..කියපන්කෝ මොනා හරි.කවුද බන් මේ මැරිලා ඉන්නේ?උබලගේ ගෙවල් ලග කිවුව නේ..වහ බීල නෙ?? අ ඇයි බන් ඒ"......??.නිශාන්ත මෙසේ ඇසූ විට රුවන් නිශාන්ත දෙස බලා කට කොනින් මද සිනහවක් ද පා මෙසේ කීය. ""මේ මැරිලා ඉන්නේ අපේ ගමේ හිටපු හොදටම හිත හොද මහත්තයෙක් බං.පවු..අපේ ගමේ ඉස්කෝලේ සර් කෙනෙක්.මෙයාගේ පවුල මීට කාලෙකට කලින් මෙයාගේ මල්ලී එක්ක සෙට් වෙලා ඉදලා සර්ට අතේ මාට්ටු වෙලා.ඊට පස්සේ මල්ලී ගමෙන් පැන්නා....ඒත් දැන් ටික කාලෙකට කලින් මල්ලිව කවුරු හරි මරලා දාල ගගේ පාවෙද්දී මිනිය හොයා ගෙන.ඒකට ගම්මු සැක කලේ සර්ව බන්.ඒත් ඉර හද වගේ විශ්වාසයි බන්.සර් ඒක කලේ නෑ.සර් ඒම කෙනෙක් නෙවෙයි.දවසින් දවස සර්ට එක එකා එක එක දේවල් කියන්න ගත්තා.ගෑනිත් ගමෙන් ගියා.ඒවා දරා ගන්න බැරුව සර් වහ බිවුවා බන්..." ""ඉතින් උබ කොහොමද හරියටම කියන්නේ සර් මේකට සම්බන්ධ නෑ කියල..?""නිශාන්ත ඇසූ විට රුවන් මෙසේ පැවසීය. ""ඒ ගැන මන් තරම් දන්න වෙන කවුරුත් නෑ පුතා....ඔන්න අපි දැං ගේ ලගටම ආවා.උබ තරහා නැතිව මාව මෙතනින් ටිකක් දාපන්..මන් ගෙදරට ගිහින් සුටුස් ගාල ඇදුමක් දාන් එන්නම්.උදේ ඉදන් මේ කිට් එක පිටින් බන්..""" නිශාන්ත රථය නැවැත්විය."යකෝ මං තනියෙන් කොහොමද මේක බා ගන්නේ".නිශාන්ත කලබලයෙන් මෙන් ඇසූහ. "හප්පෝ බය වෙන්න එපා.මගේ ගෝලයෝ එතන ඉන්නවා.උන් උදවු කරයි".මෙසේ පවසා රුවන් මගින් බැස යන්නට ගියේය. කෙසේ වෙතත් රුවන්ගේ හැසිරීම් රටාවේ වෙනසක් ඇතිබව නිශාන්තට වැටහුනත් ඔහු එතරම්ම එය ගානක් ගත්තේ නැත.""සමහරවිට මහන්සියට වෙන්න ඇති..නැත්නම් කෙල්ල එක්ක මොකක් හරි කේස් එකක් දාගෙන වෙන්න ඇති.."" මෙසේ සිතමින් නිශාන්ත රථය මල ගෙදර වෙත ගෙන ආවෙය. මල ගෙදර ට බොහෝ ලෙස පිරිස පැමින තිබුනි.හර්ස් රථය වත්තට දමනවාත් සමග බොහෝ දෙනෙකු ඒ වටා රොක් විය.රුවන් කියූ පරිදී ඔහුගේ සගයින් නිශාන්ත ට උදවු කලේය.දේහය විවෘත කර අවසන් වූ විට නිශාන්තට කවුදෝ පිටට තට්ටු කරනවා දැනුනි.පිටුපස හැරී බැලූ විට ඒ රුවන්ය. ""අඩේ බනින්න එපා ...සමාවෙන්න නිශාන්ත අයියා.මට එන්න බැරි වුනා බන්..නින්ද ගියා මහන්සියට..පීටරයට නම් කියන්න එපා..ජොබ් එකත් ගහලා යයි බන්...""රුවන් කියවන් කියවන් ගියේය.නිශාන්ත තුශ්නිම්බූත ව රුවන් දෙස බලා සිටියේය. ""පොඩ්ඩක් හිටපන්...උබ හොදින් ද කියපන්....උබ දැං මාත් එක්කම ඇවිත් කිට් එක මාරු කරන් එන්නම් කියලා මගින් බැහැලා ගියේ???""නිශාන්ත කී විට රුවන් නිශාන්ත දෙස මහත් පුදුමයට පත්වී බැලුවේය . """යකෝ මං ආව උබත් එක්ක??පිස්සුද නිශාන්ත අයියේ..මන් හවස ගෙදර ඇවිත් වොශ් එකක් දාල කාලා පුටුවෙ ඇලවුනා විතරයි මතක.නින්ද ගිහින්.පෝන් එකත් ඕෆ් වෙලා..."" "අම්මපා කියපන්"""??? නිශාන්ත ඇසූ විට රුවන් දිවුරා කීවේ සවස සිට මේ දක්වා තම සිටියේ නිවසේ බවය.බොරුනම් තම මවගෙන් අසන ලෙසත්ය.නිශාන්ත ගේ දෙපතුල් වෙවුලන්නට විය.රුවන් ගෙදර සිටියානම් තමා කතා කර කර ආවේ කා සමගද?යන්න නිශාන්තට අදටද ප්‍රෙහෙලිකාවක් විය. ***********************************************මියගිය පුද්ගලයා රුවන්ගේ වේශෙන් ඔහුගේ නිර්දෝශී බව ඔප්පු කිරීමයි පැමිනි බවට නිශාන්ත ට ඉන් පසුව තේරුම් ගියේය.රුවන්ගේ වේශයෙන් ඒ පැමිනියේ මියගිය ගුරුවරයාගේ ආත්මය බව නිශාන්ත ට තවත් තේරුම් ගියේ ඔහු සමග ඇතිවූ සංවාදයේ සමහර තැන් වලදී ඔහු පැවසූ කරුනුම තුලින්. මිනී මැරුම සම්බන්ධයෙන් රුවන් එක හෙලා ප්‍රකාශ කලේ සර් විසින් එ මිනී මැරුමට සම්බන්ධයක් නොමැති බවත්.,ඒ ගැන ඔහු තරම් වෙන කවුරුත් නොදන්නා බවට එක හෙලා ප්‍රකාශ කිරීම සහ එහිදී රුවන් විසින් නිශාන්ත ට පුතා කියා ඇමතීම හා දේහය නිවස ආසන්නයට ගෙන ආ අවස්තාවේ රුවන් මගින් බැස යාමට සැරසුනු වේලේ මිනිය බා ගන්න තමන්ගේ ගෝලයෝ සිටින බව ප්‍රකාශ කිරීමත් යන කාරනා තුලින් මේ පිලිබඳ යම්කිසි නිගමනයකට ඒමට පිලිවන.[/SIZE][/COLOR][/B] [B][COLOR="DarkRed"]Chamantha Wijesinghe[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom