Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Rebirth - පෙර භවයේ ගැයූ ගීතය යළි ඉපදී ගායනා කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Rebirth - පෙර භවයේ ගැයූ ගීතය යළි ඉපදී ගායනා කරයි

පෙර භවයේ ගැයූ ගීතය යළි ඉපදී ගායනා කරයි

කොත්මලේ කිරිඳිවෙල පදිංචිව සිටි චාර්ලිස් සහ පොඩි නෝනා යුවලගේ හයවැනි දියණියට චන්ද්රවතී යනුවෙන් නම් තබා තිබිණි. ඉතා කුඩා අවදියේ සිටම මෙම පුංචි දැරිය ගෙදරදොර වැඩ කටයුතුවලට මවට උදව්වීම ද සිරිත විය. කුඩා කල සිටම ඇය නැටුමට මෙන්ම ගී ගැයීමට ද දක්ෂවීම ඇය තුළින් දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් විය.

දෙවැනි ශ්‍රේණියේ ඉගෙනීම ලබමින් සිටියදී ඇගේ ප්‍රියතම ගීතය වූයේ සංදේශය චිත්‍රපටය සඳහා ගායිකා ලතා වල්පොල විසින් ගායනා කළ ගීතයයි. නිතරම ඇගේ මුවග රැව්දුන් එය

“ඒ කන්දත් අපේ තමයි

මේ කන්දත් අපේ තමයි

කඳු යායම අපේ තමයි

අපේ රාජ්ජේ” නම් ගීතය විය. පාසලේදීත් නිවසේදීත් ඇය නිතරම එය ගීතය ගායනා කළේ “මම ඒ සිංදුවට හරිම ආසයි” යනුවෙන් කියමිනි.

වයස අවුරුදු හයහමාරක් වනතුරුත් ඇය ඉතා නීරෝගී දැරියක් වූවාය. දිනක් ඇය සිය මව සමඟ වත්තේ සිටියදී වැටීමක් සිදුවිය. ඇය වැටී තිබුණේ කපන ලද තේ ගසක මුලක් මතුවටය. එයින් ඇගේ සිරුරේ පිටුපසට තුවාල සිදුවිය. එමඟින් ඇතිවූ තුවාලයේ කැළල නොමැකී දර්ශනය විය. ඒ වනවිට ඇය ජලය පිරවූ කලය උකුළේ තබාගෙන නිවසට ගෙන ඒමට ද පුරුදුව සිටියාය. ඔවුන් ස්නානය කිරීම සහ පානය සඳහා ජලය ගෙන එනු ලැබුවේ අසල ජල පීල්ලකිනි. නිතරම ඇය ජල පීල්ල වෙත යාම ද සිරිතය. වරක් ඇය ජල පීල්ල අසලදී බියපත් වීමක් ද සිදුවිය. ඒ වනවිට ඇය කිරිඳවෙල පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියාය.

දිනක් ඇය නිවසේ සිටියදී උදරාබාධයක් ඇතිවිය. අධික උදරාබාධය නිසා ඇයව රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට දෙමාපියෝ කටයුතු කළහ. ප්‍රතිකාර ලබා නිවසට පැමිණි නමුත් ඇගේ උදරාබාධය සුව නොවිනි. ඇයට වැළදී ඇත්තේ කොළරාව යයි වෛද්‍යවරු තීරණය කළහ. ප්‍රතිකාර ලබමින් ඇය නිවසේ සිටියදී දෙමාපියන් සහ සොයුරු සොයුරියන් ඇය අසලම රැඳී සිටියහ. සෙත්ශාන්ති සහ බාරහාරවීම ද සිදු කෙරිණි. කතරගම දේවාලයට ද ඇගේ මව විසින් බාරයක්වීම ද ඇයට අසන්නට ලැබිණි.

ඇය ඉක්මණින් සුවපත් වනු ඇතැයි දෙමාපියෝ ඇතුළු සියලු දෙනාම බලාපොරොත්තුව සිටියහ. එහෙත් ඇගේ ෙරා්ගී තත්ත්වය උත්සන්න විය. රෝගී බවට පත්වී හරියටම සතියක් ගතවූ දිනයේ ඇගේ ඇඳ අසල දෙමාපියෝ සිටියහ. ඇය අවසන් වරට දෙමාපියන් ඇමතුවාය.

“මම නාගෙන එන්නම්?” යයි පැවසූ චන්ද්රවතී එක්වරම ඇඳේ සිටි ඉරියව්ව වෙනස් කර අනෙක් අතට හැරී නින්දට යන බවක් දැන්වීය. එහෙත් එය ඇගේ අවසන් මොහොත වී තිබිණ. වසර හයහමාරක් දෙමාපියන්ගේ ආදරය මැද ජීවත් වූ දැරිය දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන් ශෝකයට පත්කරමින් ජීවිතයෙන් සමුගත්තාය. දැරිය නොහැකි දුක් වේදනාවෙන් මවගේ මුවින් පිටවූ වදනක් වූයේ,

“අනේ! දුවේ ආයෙත් අපි ළඟට එන්න” යනුවෙනි.

කාලය ගෙවී ගියේය. 1966 මැයි 12 වැනිදා චන්ද්‍රාවතීගේ මව පුතකු බිහි කළාය. රම්බොඩ රෝහලේදී උපත ලද එම දරුවාට කුමාරසිරි යනුවෙන් නම් තැබිණි. දියණියගේ වියෝවෙන් පසු ලැබුණු තම පුත්‍රයා දුටු විගස මවට දක්නට ලැබුණු විශේෂ සලකුණක් විය. එනම් තම පුත්‍රයාගේ කන්පෙතිවල කරාබු පැළඳ තිබූ අයුරු සංකේතවත්වන උපන් ලප දක්නට ලැබීමය. ඒ සමඟම සිඟිති දරුවාගේ පිටුපස පැහැදිලි කළු පැහැති උපන් ලපයක් ද විය. මවට එක්වරම සිහිවූයේ මියගිය තම දියණියගෙ පිටුපස පෙදෙසේ සිදුව තිබූ තුවාල කැළලය.

එහෙත් මවට ඒ පිළිබඳව කිසිවක් සිතීමට පවා අපහසුවය. කුමාරසිරි බහ තෝරන අවදියට පත්විය. දෙතොල් මුමුනමින් කිසියම් ප්‍රකාශයක් කිරීමට ඔහු උත්සාහ ගන්නා බවක් මවට දැනුණි. වයස අවුරුදු තුනක් පමණ වනවිට කුමාරසිරිට ඉතා හොඳින් කතා කිරීමට හැකියාව ලැබිණි. දිනක් ඔහුගේ මුවින් ගීත කණ්ඩයක් කියවිනි. එම ගීතය වූයේ මියගිය දියණිය මහත් ආශාවෙන් ගායනා කළ “ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් අපේ තමයි” ගීතය විය.

මියගිය දියණියගේ යළි ඉපදීමක් සිදුවී ඇති දැයි මවට සැක සිතුණි. එහෙත් ඒ පිළිබඳ මව කිසිදු විමසීමක් නොකළාය. කුමාරසිරි නිතර නිතර එම ගීතය ගායනා කරන්නට වූයේ පැහැදිලිව වචන උච්චාරණය කරමිනි. මේ අතර දිනක් මව සමඟ නිවසින් පිට අවට ගම් ප්‍රදේශයකට ගමන් කරමින් සිටි කුමාරසිරි එහි නිවසක් අසල නතරවිය.

“මෙතන තමයි මාව වළ දැම්මේ” යයි එක්වරම පැවසීය. මීට ප්‍රථම කිසි දිනෙක තම පුත්‍රයා නොගිය ප්‍රදේශයේදී ඔහු කරන ප්‍රකාශයෙන් මව විමතියට පත්වූවාය. මියගිය චන්ද්‍රාවතී භූමදානය සිදුකළ ස්ථානය එය විය. නියත වශයෙන්ම මියගිය දියණිය කුමාරසිරි ලෙස යළි ඉපදී ඇතැයි මවට අවබෝධ විය. එහෙත් ඔහුගෙන් ඒ පිළිබඳව ඇය ප්‍රශ්න කිරීමෙන් වැළකී සිටියාය.

පෙර භවයේ මතක සටහන් වරින් වර ඉදිරිපත් කළ කුමාරසිරි “මම ඉස්සර අම්මට කලේ උකුළෙ තියාගෙන වතුර ගෙනත් දෙනවා. අපි වතුර ගේන්න පීල්ලට යනවා” යයි ද ප්‍රකාශ කළේ දෙමාපියන් සහ සොයුරු සොයුරියන් පුදුමයට පත් කරවමිනි.

“මට ඉස්සර සිංදු කියන්නත් පුළුවන්. නටන්නත් පුළුවන්. මගේ කොටු ගවුමක් තියෙනවා. මම එතකොට දෙකේ පන්තියෙ. මට කොළරාව හැදුනා. බෙහෙත් අරන් දුන්නා” යනුවෙන් ද ඔහු මතකයෙන් පෙරභව තොරතුරු හෙළි කළේය. මියයන අවස්ථාවේ මව සහ පියා ඔහු අසල සිටි බවත් අම්මා කතරගමට බාරයක් වූ බවත් කුමාරසිරි හෙළි කළේය.

කුමාරසිරි දරුවා මෙම තොරතුරු හෙළි කරනවිටදී ඔහුගේ තවත් ඉල්ලීමක් විය. එනම් ඇඳීමට ගවුම් ඉල්ලා සිටීමය.

“ඔයා පිරිමි ළමයෙක්. ගවුම් අඳින්නේ ගෑනු ළමයි” යනුවෙන් මව පැවසුව ද කුමාරසිරි ගවුමක් ඉල්ලා සිටීම ද අතිවිශේෂ සිදුවීමක් විය.

මේ අතර දිනක් කුමාරසිරිගේ මව ඔහු සමඟ තේ වත්තට ගොස් සිටියාය. හදිසියේම කුමාරසිරිගේ කකුල ලිස්සා බිම වැටුණි. කුමාරසිරි වැටී තිබුණේ කපා දමන ලද තේ ගසක මුලක් මතටය. එම අනතුරෙන් කුමාසිරිගේ පිටුපස තුවාල විය. උල ඇනුණ වේදනාව මැද කුමාරසිරි මව ඇමතීය.

“මේ විදියටම මාව ඉස්සරත් වැටිලා උලක් ඇනුණා” යයි කීය. මියගිය දියණියට ද ඒ අයුරින්ම තුවාල සිදුවූ අයුරු මවගේ මතකයට නැගුණි. කුමාරසිරි කරනු බලන මෙම ප්‍රකාශ නිසා මියගිය දියණිය යළි උපත ලබා ඇති බවට දෙමාපියෝ සහ සොයුරු සොයුරියෝ ස්ථීර වශයෙන්ම පිළිගනු ලැබූහ.

කුමාරසිරි හෙළි කළ පෙර භවය පිළිබඳ තොරතුරු අතර ඔහු තුළින් දක්නට ලැබූ සුවිශේෂී සිදුවීමක් තිබේ. එනම් වයස අවුරුදු හතක් පමණ වන විටත් ගවුමක් ඉල්ලා සිටීමය. දිනක් ඔහු සිය මවගෙන් ඉල්ලීමක් කළේය.

“අම්ම මට ගවුම් අඳින්න දෙන්නේ නැත්නම් මට ගවුමක් ඇඳලා ඉස්සර හිටියා වගේ අම්මත් එක්ක පොටෝ එකක් අරන් දෙන්න” එම ඉල්ලීම විය. “පිරිමි ළමයි ගවුම් අඳින්නේ නෑ” යැයි මව කොතෙක් කීවත් කුමාරසිරිගෙන් මවට බේරීමක් නොවිණි. අවසානයේ කුමාරසිරිට ගවුමක් ලබා දුන්නේය. එම ගවුම ඇඳගත් කුමාරසිරි මව සමඟ ඡායාරූප ශාලාවකට ගොස් ඡායාරූපයක් ගත්තේය.

එදා පෙරභවය හෙළිකළ කුමාරසිරි අද උපාධිධාරී ගුරුවරයෙකි. පෙරභවය සිහිපත් කරමින් එම ඡායාරූපය අදත් කුමාරසිරි සුරක්ෂිතව තබාගෙන ඇත. පෙරභව සිදුවීම් පිළිබඳ කුමාරසිරිට තවමත් හොඳ මතකයක් තිබේ. ඒ පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා පසුගිය දිනෙක කුමාරසිරිගෙන් විමසීමට අපට අවස්ථාව ලැබුණි.

“පෙර භවයේ ගත කළ ජීවිතය ගැන දැන් ඔබේ මතකයෙ ඇත්තේ මොනවාද?” යයි අපගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් කුමාරසිරි,

“මම පාසල් දැරියක් ලෙස එදා ගත කළ ජීවිතය තවමත් මට හොඳට මතකයි. එදා මාව වළදාපු තැන මම හඳුනාගත්තා. මාව මැරුණේ කොළරාව හැදිලා. මරණාසන්න ඇඳේ සිටියදී අම්මා තාත්තා හැමෝම වගේ ළඟ හිටියා. මට කොටු ගවුමක් තිබුණා. එ්ක නිල් පාටයි. මම එ් ගවුමට හරිම ආසාවෙන් හිටියා. මාව වළදාපු දැන කිට්ටුව ගෙයක් තිබුණා. එ් ගෙදර හිටපු රැවුල තියෙන පුද්ගලයෙක් ගැනත් මම නිවැරදිව කිව්වා.

මම ගෙදරට වතුර ගේන්න පීල්ල ළඟට යනවා. වතුර කළේ අරගෙන එන හැටි මට තාමත් මතකයෙන් පේනවා” යයි ද කුමාරසිරි අප සමඟ කීවේය.

පෙර භවයේදී ඔබ නැටුම්වලටයි ගීත ගායනයට ආසාවක් තිබුණු බව මතකද? යයි නැවත කුමාරසිරිගෙන් අප විමසීමක් කළෙමු.

“ඔව් මම ඉස්සර ගත කළ ජීවිතයේදී හොඳින්ම මතක ගීතයක් තියෙනවා.” යයි පැවසූ කුමාරසිරි,

“ඒ කන්දත් අපේ තමයි

මේ කන්දත් අපේ තමයි”

යන ගීතය පෙර මතකය අවදිකරමින් ගායනා කළේය. මියගිය චන්ද්රවතී කුමාරසිරි ලෙස පිළිගැනීමට හේතුව වූ අනාවරණය කළ තොරතුරු රැසක් ඇත. “මම ඉස්සර අරුංගල් දැම්මා” යයි කුමාරසිරි කුඩා කල සිට හෙළිකිරීම එක් ප්‍රධාන කරුණකි. ඔහුගේ කන්පෙතිවල කරාබු පැළඳි බැව් තහවුරුවන අයුරින් උපතින්ම සලකුණු දෙකක් දක්නට ලැබිණි. තේ මුලක් ඇනී චන්ද්‍රවතීගේ සිරුරේ සිදුවූ තුවාල කැළල එ් අයුරින්ම කුමාරසිරිගේ ද උපන් ලපයක් දක්නට ලැබීම තවත් අතිශය පුදුම උපදවන කරුණකි. මේ හැර පිරිමි දරුවෙකු ලෙස උපත ලබා සිටියදී ගවුම් ඉල්ලා සිටීම ද විශේෂත්වයක් විය. එහි ප්රබලතම සාක්ෂියක් බවට පත්වූයේ ගවුමක් ඇඳ ඡායාරූපයකට පෙනී සිටීමය. චන්ද්රවතී අසාධ්‍යව සිටියදී මව කතරගමට බාරයක් වූ පුවත ද කුමාරසිරි පෙරභව මතකයෙන් හෙළි කළේය. පෙරභවයේදී සිරුර භූමදානය කළ ස්ථානය ද නිවැරදිව පෙන්වාදීමට එදා කුමාරසිරිට හැකි විය. “මගේ අරුංගල් දෙක කෝ” යනුවෙන් කුමාරසිරි මවගෙන් විමසා සිටීම ද තවත් සාක්කියක් විය. එහි හැඩරුව පවා නිවැරදිව කීමට කුමාරසිරිට හැකිවූ බැව් ඒ පිළිබඳ කළ නිරීක්ෂණෙය්දී හෙළිවිය. එහෙත් එය චන්ද්‍රවතීගේ සිරුර සමඟ භූමිදානය කර තිබිණි.

පෙරභවයේ දැනුමෙන් ගීතයක් ගායනා කළ පුනර්භව සාධකයක් මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් ඉන්දියාවේ සිදුකළ පුනර්භව සාධකයකට ද ඇතුළත් වී තිබේ. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දී උපත ලැබූ ස්වර්ණලතා නම් දැරියක් පෙර භවය හෙළි කිරීමෙන් පසු ගීතයක් ගායනා කළාය. එය බෙංගාල ගීතයක් විය. ඇයට එම ගීතය ගායනා කිරීමට හැකිවූයේ කෙසේද යන්න දෙමාපියන්ට බලවත් ප්‍රෙහේළිකාවක් විය. ඒ පිළිබඳව ඇගෙන් විමසීමේදී ඇය කියා සිටියේ පෙරභවයේදී එම ගීතය ගායනා කළ බවකි. මහාචාර්ය ස්ටීවන්සන් විසින් ඇගේ පුනර්භව සාධක විමර්ශනය කර ලියන ලද පර්යේක්ෂණ වාර්තාවේ ඒ බැව් සඳහන් කර ඇත්තේ (Swarnalatha Claimed that she had learned the songs and dances during a previous life in a city of Bengal, now in Bangladesh. She said that she had learned them from her friend of that previous life) යනුවෙනි.

මේ අයුරින් පෙරභව මතකයෙන් ගීත ගායනා කිරීමේ සිදුවීම් පුනර්භව සාධකවලට ප්‍රබල සාක්කි ලෙස පිළිගනු ලැබේ.

සටහන

තිස්ස ජයවර්ධන

[QUOTE="banda065, post: 21787520, member: 27834"] [b]Rebirth - පෙර භවයේ ගැයූ ගීතය යළි ඉපදී ගායනා කරයි[/b] [SIZE="4"][COLOR="Black"]පෙර භවයේ ගැයූ ගීතය යළි ඉපදී ගායනා කරයි කොත්මලේ කිරිඳිවෙල පදිංචිව සිටි චාර්ලිස් සහ පොඩි නෝනා යුවලගේ හයවැනි දියණියට චන්ද්රවතී යනුවෙන් නම් තබා තිබිණි. ඉතා කුඩා අවදියේ සිටම මෙම පුංචි දැරිය ගෙදරදොර වැඩ කටයුතුවලට මවට උදව්වීම ද සිරිත විය. කුඩා කල සිටම ඇය නැටුමට මෙන්ම ගී ගැයීමට ද දක්ෂවීම ඇය තුළින් දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් විය. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_0529f03206.jpg[/IMG] දෙවැනි ශ්‍රේණියේ ඉගෙනීම ලබමින් සිටියදී ඇගේ ප්‍රියතම ගීතය වූයේ සංදේශය චිත්‍රපටය සඳහා ගායිකා ලතා වල්පොල විසින් ගායනා කළ ගීතයයි. නිතරම ඇගේ මුවග රැව්දුන් එය “ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි කඳු යායම අපේ තමයි අපේ රාජ්ජේ” නම් ගීතය විය. පාසලේදීත් නිවසේදීත් ඇය නිතරම එය ගීතය ගායනා කළේ “මම ඒ සිංදුවට හරිම ආසයි” යනුවෙන් කියමිනි. වයස අවුරුදු හයහමාරක් වනතුරුත් ඇය ඉතා නීරෝගී දැරියක් වූවාය. දිනක් ඇය සිය මව සමඟ වත්තේ සිටියදී වැටීමක් සිදුවිය. ඇය වැටී තිබුණේ කපන ලද තේ ගසක මුලක් මතුවටය. එයින් ඇගේ සිරුරේ පිටුපසට තුවාල සිදුවිය. එමඟින් ඇතිවූ තුවාලයේ කැළල නොමැකී දර්ශනය විය. ඒ වනවිට ඇය ජලය පිරවූ කලය උකුළේ තබාගෙන නිවසට ගෙන ඒමට ද පුරුදුව සිටියාය. ඔවුන් ස්නානය කිරීම සහ පානය සඳහා ජලය ගෙන එනු ලැබුවේ අසල ජල පීල්ලකිනි. නිතරම ඇය ජල පීල්ල වෙත යාම ද සිරිතය. වරක් ඇය ජල පීල්ල අසලදී බියපත් වීමක් ද සිදුවිය. ඒ වනවිට ඇය කිරිඳවෙල පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියාය. දිනක් ඇය නිවසේ සිටියදී උදරාබාධයක් ඇතිවිය. අධික උදරාබාධය නිසා ඇයව රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට දෙමාපියෝ කටයුතු කළහ. ප්‍රතිකාර ලබා නිවසට පැමිණි නමුත් ඇගේ උදරාබාධය සුව නොවිනි. ඇයට වැළදී ඇත්තේ කොළරාව යයි වෛද්‍යවරු තීරණය කළහ. ප්‍රතිකාර ලබමින් ඇය නිවසේ සිටියදී දෙමාපියන් සහ සොයුරු සොයුරියන් ඇය අසලම රැඳී සිටියහ. සෙත්ශාන්ති සහ බාරහාරවීම ද සිදු කෙරිණි. කතරගම දේවාලයට ද ඇගේ මව විසින් බාරයක්වීම ද ඇයට අසන්නට ලැබිණි. ඇය ඉක්මණින් සුවපත් වනු ඇතැයි දෙමාපියෝ ඇතුළු සියලු දෙනාම බලාපොරොත්තුව සිටියහ. එහෙත් ඇගේ ෙරා්ගී තත්ත්වය උත්සන්න විය. රෝගී බවට පත්වී හරියටම සතියක් ගතවූ දිනයේ ඇගේ ඇඳ අසල දෙමාපියෝ සිටියහ. ඇය අවසන් වරට දෙමාපියන් ඇමතුවාය. “මම නාගෙන එන්නම්?” යයි පැවසූ චන්ද්රවතී එක්වරම ඇඳේ සිටි ඉරියව්ව වෙනස් කර අනෙක් අතට හැරී නින්දට යන බවක් දැන්වීය. එහෙත් එය ඇගේ අවසන් මොහොත වී තිබිණ. වසර හයහමාරක් දෙමාපියන්ගේ ආදරය මැද ජීවත් වූ දැරිය දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන් ශෝකයට පත්කරමින් ජීවිතයෙන් සමුගත්තාය. දැරිය නොහැකි දුක් වේදනාවෙන් මවගේ මුවින් පිටවූ වදනක් වූයේ, “අනේ! දුවේ ආයෙත් අපි ළඟට එන්න” යනුවෙනි. කාලය ගෙවී ගියේය. 1966 මැයි 12 වැනිදා චන්ද්‍රාවතීගේ මව පුතකු බිහි කළාය. රම්බොඩ රෝහලේදී උපත ලද එම දරුවාට කුමාරසිරි යනුවෙන් නම් තැබිණි. දියණියගේ වියෝවෙන් පසු ලැබුණු තම පුත්‍රයා දුටු විගස මවට දක්නට ලැබුණු විශේෂ සලකුණක් විය. එනම් තම පුත්‍රයාගේ කන්පෙතිවල කරාබු පැළඳ තිබූ අයුරු සංකේතවත්වන උපන් ලප දක්නට ලැබීමය. ඒ සමඟම සිඟිති දරුවාගේ පිටුපස පැහැදිලි කළු පැහැති උපන් ලපයක් ද විය. මවට එක්වරම සිහිවූයේ මියගිය තම දියණියගෙ පිටුපස පෙදෙසේ සිදුව තිබූ තුවාල කැළලය. එහෙත් මවට ඒ පිළිබඳව කිසිවක් සිතීමට පවා අපහසුවය. කුමාරසිරි බහ තෝරන අවදියට පත්විය. දෙතොල් මුමුනමින් කිසියම් ප්‍රකාශයක් කිරීමට ඔහු උත්සාහ ගන්නා බවක් මවට දැනුණි. වයස අවුරුදු තුනක් පමණ වනවිට කුමාරසිරිට ඉතා හොඳින් කතා කිරීමට හැකියාව ලැබිණි. දිනක් ඔහුගේ මුවින් ගීත කණ්ඩයක් කියවිනි. එම ගීතය වූයේ මියගිය දියණිය මහත් ආශාවෙන් ගායනා කළ “ඒ කන්දත් අපේ තමයි, මේ කන්දත් අපේ තමයි” ගීතය විය. මියගිය දියණියගේ යළි ඉපදීමක් සිදුවී ඇති දැයි මවට සැක සිතුණි. එහෙත් ඒ පිළිබඳ මව කිසිදු විමසීමක් නොකළාය. කුමාරසිරි නිතර නිතර එම ගීතය ගායනා කරන්නට වූයේ පැහැදිලිව වචන උච්චාරණය කරමිනි. මේ අතර දිනක් මව සමඟ නිවසින් පිට අවට ගම් ප්‍රදේශයකට ගමන් කරමින් සිටි කුමාරසිරි එහි නිවසක් අසල නතරවිය. “මෙතන තමයි මාව වළ දැම්මේ” යයි එක්වරම පැවසීය. මීට ප්‍රථම කිසි දිනෙක තම පුත්‍රයා නොගිය ප්‍රදේශයේදී ඔහු කරන ප්‍රකාශයෙන් මව විමතියට පත්වූවාය. මියගිය චන්ද්‍රාවතී භූමදානය සිදුකළ ස්ථානය එය විය. නියත වශයෙන්ම මියගිය දියණිය කුමාරසිරි ලෙස යළි ඉපදී ඇතැයි මවට අවබෝධ විය. එහෙත් ඔහුගෙන් ඒ පිළිබඳව ඇය ප්‍රශ්න කිරීමෙන් වැළකී සිටියාය. පෙර භවයේ මතක සටහන් වරින් වර ඉදිරිපත් කළ කුමාරසිරි “මම ඉස්සර අම්මට කලේ උකුළෙ තියාගෙන වතුර ගෙනත් දෙනවා. අපි වතුර ගේන්න පීල්ලට යනවා” යයි ද ප්‍රකාශ කළේ දෙමාපියන් සහ සොයුරු සොයුරියන් පුදුමයට පත් කරවමිනි. “මට ඉස්සර සිංදු කියන්නත් පුළුවන්. නටන්නත් පුළුවන්. මගේ කොටු ගවුමක් තියෙනවා. මම එතකොට දෙකේ පන්තියෙ. මට කොළරාව හැදුනා. බෙහෙත් අරන් දුන්නා” යනුවෙන් ද ඔහු මතකයෙන් පෙරභව තොරතුරු හෙළි කළේය. මියයන අවස්ථාවේ මව සහ පියා ඔහු අසල සිටි බවත් අම්මා කතරගමට බාරයක් වූ බවත් කුමාරසිරි හෙළි කළේය. කුමාරසිරි දරුවා මෙම තොරතුරු හෙළි කරනවිටදී ඔහුගේ තවත් ඉල්ලීමක් විය. එනම් ඇඳීමට ගවුම් ඉල්ලා සිටීමය. “ඔයා පිරිමි ළමයෙක්. ගවුම් අඳින්නේ ගෑනු ළමයි” යනුවෙන් මව පැවසුව ද කුමාරසිරි ගවුමක් ඉල්ලා සිටීම ද අතිවිශේෂ සිදුවීමක් විය. මේ අතර දිනක් කුමාරසිරිගේ මව ඔහු සමඟ තේ වත්තට ගොස් සිටියාය. හදිසියේම කුමාරසිරිගේ කකුල ලිස්සා බිම වැටුණි. කුමාරසිරි වැටී තිබුණේ කපා දමන ලද තේ ගසක මුලක් මතටය. එම අනතුරෙන් කුමාසිරිගේ පිටුපස තුවාල විය. උල ඇනුණ වේදනාව මැද කුමාරසිරි මව ඇමතීය. “මේ විදියටම මාව ඉස්සරත් වැටිලා උලක් ඇනුණා” යයි කීය. මියගිය දියණියට ද ඒ අයුරින්ම තුවාල සිදුවූ අයුරු මවගේ මතකයට නැගුණි. කුමාරසිරි කරනු බලන මෙම ප්‍රකාශ නිසා මියගිය දියණිය යළි උපත ලබා ඇති බවට දෙමාපියෝ සහ සොයුරු සොයුරියෝ ස්ථීර වශයෙන්ම පිළිගනු ලැබූහ. කුමාරසිරි හෙළි කළ පෙර භවය පිළිබඳ තොරතුරු අතර ඔහු තුළින් දක්නට ලැබූ සුවිශේෂී සිදුවීමක් තිබේ. එනම් වයස අවුරුදු හතක් පමණ වන විටත් ගවුමක් ඉල්ලා සිටීමය. දිනක් ඔහු සිය මවගෙන් ඉල්ලීමක් කළේය. “අම්ම මට ගවුම් අඳින්න දෙන්නේ නැත්නම් මට ගවුමක් ඇඳලා ඉස්සර හිටියා වගේ අම්මත් එක්ක පොටෝ එකක් අරන් දෙන්න” එම ඉල්ලීම විය. “පිරිමි ළමයි ගවුම් අඳින්නේ නෑ” යැයි මව කොතෙක් කීවත් කුමාරසිරිගෙන් මවට බේරීමක් නොවිණි. අවසානයේ කුමාරසිරිට ගවුමක් ලබා දුන්නේය. එම ගවුම ඇඳගත් කුමාරසිරි මව සමඟ ඡායාරූප ශාලාවකට ගොස් ඡායාරූපයක් ගත්තේය. එදා පෙරභවය හෙළිකළ කුමාරසිරි අද උපාධිධාරී ගුරුවරයෙකි. පෙරභවය සිහිපත් කරමින් එම ඡායාරූපය අදත් කුමාරසිරි සුරක්ෂිතව තබාගෙන ඇත. පෙරභව සිදුවීම් පිළිබඳ කුමාරසිරිට තවමත් හොඳ මතකයක් තිබේ. ඒ පිළිබඳ විමර්ශනයක් කිරීම සඳහා පසුගිය දිනෙක කුමාරසිරිගෙන් විමසීමට අපට අවස්ථාව ලැබුණි. [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_cfdf77f3d6.jpg[/IMG] “පෙර භවයේ ගත කළ ජීවිතය ගැන දැන් ඔබේ මතකයෙ ඇත්තේ මොනවාද?” යයි අපගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් කුමාරසිරි, “මම පාසල් දැරියක් ලෙස එදා ගත කළ ජීවිතය තවමත් මට හොඳට මතකයි. එදා මාව වළදාපු තැන මම හඳුනාගත්තා. මාව මැරුණේ කොළරාව හැදිලා. මරණාසන්න ඇඳේ සිටියදී අම්මා තාත්තා හැමෝම වගේ ළඟ හිටියා. මට කොටු ගවුමක් තිබුණා. එ්ක නිල් පාටයි. මම එ් ගවුමට හරිම ආසාවෙන් හිටියා. මාව වළදාපු දැන කිට්ටුව ගෙයක් තිබුණා. එ් ගෙදර හිටපු රැවුල තියෙන පුද්ගලයෙක් ගැනත් මම නිවැරදිව කිව්වා. මම ගෙදරට වතුර ගේන්න පීල්ල ළඟට යනවා. වතුර කළේ අරගෙන එන හැටි මට තාමත් මතකයෙන් පේනවා” යයි ද කුමාරසිරි අප සමඟ කීවේය. පෙර භවයේදී ඔබ නැටුම්වලටයි ගීත ගායනයට ආසාවක් තිබුණු බව මතකද? යයි නැවත කුමාරසිරිගෙන් අප විමසීමක් කළෙමු. “ඔව් මම ඉස්සර ගත කළ ජීවිතයේදී හොඳින්ම මතක ගීතයක් තියෙනවා.” යයි පැවසූ කුමාරසිරි, “ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි” යන ගීතය පෙර මතකය අවදිකරමින් ගායනා කළේය. මියගිය චන්ද්රවතී කුමාරසිරි ලෙස පිළිගැනීමට හේතුව වූ අනාවරණය කළ තොරතුරු රැසක් ඇත. “මම ඉස්සර අරුංගල් දැම්මා” යයි කුමාරසිරි කුඩා කල සිට හෙළිකිරීම එක් ප්‍රධාන කරුණකි. ඔහුගේ කන්පෙතිවල කරාබු පැළඳි බැව් තහවුරුවන අයුරින් උපතින්ම සලකුණු දෙකක් දක්නට ලැබිණි. තේ මුලක් ඇනී චන්ද්‍රවතීගේ සිරුරේ සිදුවූ තුවාල කැළල එ් අයුරින්ම කුමාරසිරිගේ ද උපන් ලපයක් දක්නට ලැබීම තවත් අතිශය පුදුම උපදවන කරුණකි. මේ හැර පිරිමි දරුවෙකු ලෙස උපත ලබා සිටියදී ගවුම් ඉල්ලා සිටීම ද විශේෂත්වයක් විය. එහි ප්රබලතම සාක්ෂියක් බවට පත්වූයේ ගවුමක් ඇඳ ඡායාරූපයකට පෙනී සිටීමය. චන්ද්රවතී අසාධ්‍යව සිටියදී මව කතරගමට බාරයක් වූ පුවත ද කුමාරසිරි පෙරභව මතකයෙන් හෙළි කළේය. පෙරභවයේදී සිරුර භූමදානය කළ ස්ථානය ද නිවැරදිව පෙන්වාදීමට එදා කුමාරසිරිට හැකි විය. “මගේ අරුංගල් දෙක කෝ” යනුවෙන් කුමාරසිරි මවගෙන් විමසා සිටීම ද තවත් සාක්කියක් විය. එහි හැඩරුව පවා නිවැරදිව කීමට කුමාරසිරිට හැකිවූ බැව් ඒ පිළිබඳ කළ නිරීක්ෂණෙය්දී හෙළිවිය. එහෙත් එය චන්ද්‍රවතීගේ සිරුර සමඟ භූමිදානය කර තිබිණි. පෙරභවයේ දැනුමෙන් ගීතයක් ගායනා කළ පුනර්භව සාධකයක් මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් ඉන්දියාවේ සිදුකළ පුනර්භව සාධකයකට ද ඇතුළත් වී තිබේ. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දී උපත ලැබූ ස්වර්ණලතා නම් දැරියක් පෙර භවය හෙළි කිරීමෙන් පසු ගීතයක් ගායනා කළාය. එය බෙංගාල ගීතයක් විය. ඇයට එම ගීතය ගායනා කිරීමට හැකිවූයේ කෙසේද යන්න දෙමාපියන්ට බලවත් ප්‍රෙහේළිකාවක් විය. ඒ පිළිබඳව ඇගෙන් විමසීමේදී ඇය කියා සිටියේ පෙරභවයේදී එම ගීතය ගායනා කළ බවකි. මහාචාර්ය ස්ටීවන්සන් විසින් ඇගේ පුනර්භව සාධක විමර්ශනය කර ලියන ලද පර්යේක්ෂණ වාර්තාවේ ඒ බැව් සඳහන් කර ඇත්තේ (Swarnalatha Claimed that she had learned the songs and dances during a previous life in a city of Bengal, now in Bangladesh. She said that she had learned them from her friend of that previous life) යනුවෙනි. මේ අයුරින් පෙරභව මතකයෙන් ගීත ගායනා කිරීමේ සිදුවීම් පුනර්භව සාධකවලට ප්‍රබල සාක්කි ලෙස පිළිගනු ලැබේ. සටහන තිස්ස ජයවර්ධන[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom