Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Rent a House.............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Rent a House in colombo

ලංකාවෙ ජනතාවගෙන් බහුතරයකට තමන්ගෙම කියල ගෙයක් දොරක් තිබ්බට දත්ත වලට අනුව ශ්‍රී ලාංකීය ජනගහනයෙන් 6%කට කිට්ටු ප්‍රමාණයක් ඉන්නෙ කුලී පදනම් නිවාස වල. තමන්ටම කියල ඉන්න ගෙයක් දොරක් තිබුණත් රාජකාරි කටයුතු, ව්‍යාපාර සහ අධ්‍යාපනික කටයුතු වගේ නොයෙක් හේතු නිසා කුලී නිවාස වල ඉන්න පිරිසකුත් නැතුවා නෙවෙයි. එකී මෙකී නොකී හේතු බෝහෝමයක් නිසා නිවාස කුලියට ගැනීමට සහ කුලියට දීමට සැලකිය යුතු මට්ටමක පිරිසක් ඉන්නව. ඉරිදා පත්තරයක් අරගත්තොත් රටේම විවිධ පළාත් වල කුලියට දීමට ඇති නිවාස වල දැන්වීම් ඕනෑ තරම් දැකගන්න පුළුවන්. ඒත් ඉතින් දැන් තියෙන කාර්ය බහුල රටාවත් එක්ක පත්තර පෙරලන් ගෙවල් හොයන්න තරම් කාලයක් බොහෝ දෙනෙක්ට නෑනෙ. එහෙම අයට ලංකා ප්‍රොපටි වෙබ් (www.LankaPropertyWeb.com) වගේ වෙබ් අඩවි වලින් පහසුවෙන්ම තමන්ගෙ අවශ්‍යතාවය පරිදි නිවසක් කුලියට හොයාගන්න පුළුවන්. මේ තියෙන්නෙ සියලු පහසුකම් ඇති නගර කීපෙකින් සාධාරණ මුදලකට ඔබට කුලියට ගන්න පුලුවන් කුඩා පවුලකට ගැලපෙන කාමර දෙකක් ඇති කුලී නිවාස වල මිලගණන්.

1. කොට්ටාව

කොළඹට ඇති දුර – 19 Km

කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 27,167

කාලෙකට කලින් ටිකක් ගම්බද පළාතක් උනාට දැන් නම් හැම අතින්ම පහසුකම් තියෙන නගරයක් කොට්ටාව කියන්නෙ. කොට්ටාව නගරය ආසන්නයේම උසස්පෙල දක්වා පන්ති පැවැත්වෙන පාසල් තුනකුත් ප්‍රාථමික පාසලුත් තියෙනව. අතුරුගිරිය, කටුබැද්ද, බොරැල්ල, පිටකොටුව සහ අවිස්සාවේල්ල යන පැති වලට එක බස් ගමනකින් ලඟාවෙන්නත් පුළුවන්. නගරය හරහා දිවෙන හයිලෙවල් මාර්ගයට සම්බන්ධ ඉහල මට්ටමේ මාර්ග පද්ධතියක් කොට්ටාව නගරය සතුයි. දුම්රියෙන් ගමන් යන ඔබට පුංචි කෝච්චිය යන්නෙ කොට්ටාව හරහා නිසා දුම්රිය පහසුකමුත් තියෙනව. දකුණු අධිවේගී පිවිසුම තියෙන්නෙ ටවුන් එකේ ඉඳන් විනාඩි පහක දුරින්. පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, තොග සහ සිල්ලර කඩ සාප්පු, හෝටල් සහ ලාෆ්, ෆුඩ්සිටී, කීල්ස් සහ ආර්පිකෝ ඇතුලු සුපිරි වෙලඳ සැල් සහ ප්‍රධාන පෙලේ බැංකු හැම එකකම පාහේ ශාඛා කොට්ටාව නගරයෙන් නිවසක් කුලියට ගන්න ඔබට ලැබෙන පහසුකම් කියල කියන්න පුළුවන්. කාර්යබහුල නගරයක් උනාට කොට්ටාව ටවුමෙන් ටිකක් ඇතුලට වෙන්න නිස්කලංක පරිසරයක නිවසක් ඔබට සොයාගන්න අපහසු නැහැ.

2. නුවර

කොළඹට ඇති දුර – 114 Km

කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 22,357

ප්‍රේමණීය නුවර නගරයෙන් නිවසක් කුලියට ගන්න ඔබට නුවර තියෙන පහසුකම් මෙන්න මෙහෙමයි. කොළඹ – නුවර මාර්ගයත්, නුවර – යාපනය මාර්ගයත්, මහියංගනය හරහා පදියතලාව මාර්ගයත්, කටුගස්තොට – කුරුණෑගල හරහා පුත්තලම් මාර්ගයත් නුවර නගරය හරා දිවයනව. නුදුරේදීම නුවර – කොළඹ අධිවේගී මාර්ගයකුත් නිමවීමට නියමිතයි. උසස් පාසල් ගණනාවක්ද, කැන්ඩි සිටි සෙන්ටර් එක සහ කඩ සාප්පු බොහෝමයකින්ද නුවර නගරය සන්නද්ධයි. බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේත් තවත් පූජනීය ස්ථාන බොහොමයකුත් ඇති නුවර නගරය පෙරට වඩා නාගරීකරණයට ලක් වී තිබුණත් සොභාව සෞන්දර්යයෙන් අඩුවක් නැති නගරයක්. නුවරින් නිවසක් කුලියට ගැනීමට සිතන ඔබට අවශ්‍ය දුම්රිය පහසුකම්, බැංකු, රෝහල්, පාසල්, පොලිසියක්, ක්‍රීඩා පිට්ටනි කීපයක් සහ සුපිරි වෙලඳසැල් ආදී සියළුම පහසුකම් නුවර නගරය ඔබට සපයා දෙනව. සති අන්තයක චිත්‍රපටියක් නරඹන්නත් සිනමා ශාලා දෙක තුනක්ම නුවර නගරාසන්නයේම තියෙනව.

3. කොළඹ 7 කුරුඳුවත්ත

කොළඹට ඇති දුර – 5.8 Km

කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 148,500

කුරුඳුවත්තෙන් නිවසක් කුලියට ගන්න ඔබට ලබාගන්න පුළුවන් පහසුකම් බොහොමයි. රටේ ප්‍රධානම පෙලේ පාසල් දහයකට පමණ පහසුවෙන්ම ලඟාවෙන්න පුළුවන්. කුරුඳුවත්තේ සිට කිලෝමීටර් තුන හතරක දුරින් කොළඹ කොටුව ප්‍රධාන දුම්රියපලද, ප්‍රධාන බස් නැවතුම්පලද පිහිටි නිසා ලංකාවේ ඕනෑම පළාතකට යෑමේ පහසුකම තියෙනව. කඩුවෙල, මට්ටකුලිය, අඟුලාන සහ පිලියන්දල නගර දක්වා කොළඹ කොටුවෙන් පිටත් වෙන බස් මාර්ගය කුරුඳුවත්ත හරහා වැටී තිබෙනව. පූජනීය ස්ථාන, පොලිසියක්, බැංකු ශාඛා සහ ප්‍රධාන කාර්යාලද, ආපන ශාලා සහ තරු පන්තියේ හෝටල්, ක්රීඩාගාර සහ සුපිරි වෙළඳ සැල් එකී මෙකී නොකී සියළුම පහසුකම් කොළඹ 7 කුරුඳුවත්තෙන් නිවසක් කුලියට ගන්න හිතන ඔබට ලැබෙනව.

4. බත්තරමුල්ල

කොළඹට ඇති දුර – 10 Km

කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 42,467

රාජගිරිය, පැලවත්ත, බොරැල්ල, මීගොඩ, අතුරුගිරිය, කොට්ටාව සහ කඩුවෙල නගර වලට ප්‍රවාහන පහසුකම් තියෙන බත්තරමුල්ල නගරය පහසුකම් රැසක් සපිරි කාර්යබහුල නමුත් නිස්කලංක නගරයක්. ප්‍රධාන බස් සේවා කීපයට අමතරව කාර්යාල වේලාවන් වලට පමණක් ක්‍රියාත්මක වන විශේෂ බස් සේවාවන් කීපයක්ද බත්තරමුල්ල නගරයට පැමිණෙනව. සුපිරි වෙළඳසැල්, සහ පුද්ගලික පාසල් බත්තරමුල්ල නගරයේ සහ අවට තිබෙන අතර පහසුවෙන් ලඟාවිය හැකි ජනප්‍රිය පාසල් බොහොමයක්ද තියෙනව. රජයේ අමාත්‍යාංශ කීපයක් බත්තරමුල්ල නගරයේ ස්ථාපිතයි. ප්‍රධාන පෙලේ බැංකුද ආපනශාලා සහ කඩ සාප්පු ගණනාවක්ම සහිත බත්තරමුල්ල නගරය සියළු පහසුකම් වලින් සමන්විතයි කිව්වොත් නිවැරදියි.

5. පිළියන්දල

කොළඹට ඇති දුර – 22 Km

කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 23,000

පිළියන්දල නගරයේ සිට මොරටුව, හොරණ, මහරගම, කොළඹ සහ කොට්ටාව යන නගර වලට එක බස් ගමනින්ම ලඟාවෙන්න පුළුවන්. ප්‍රධාන පාසල් කීපයක්, පුස්ථකාලයක්, ක්‍රීඩාංගනයක්, වෛද්‍ය මධ්‍යස්ථාන, පොලිසියක්, ආපන ශාලා, රෙදිපිලි, සුපිරි වෙලඳ සැල්, තොග සහ සිල්ලර බඩු කඩ සාප්පු ගණනාවක්ද, ප්‍රධාන වෙළඳපලක් සහ සති පොලක්ද පිළියන්දල නගරයෙන් ඔබට ලැබෙන පහසුකම් වලට එකතු වෙනව. ටික කලකට පෙර අර්ධ නාගරික නගරයක් වූ පිළියන්දල දිනෙන් දිනම දියුණු වූ නාගරික පරිසරයක් දැකගන්න පුළුවන් උනත්, සියළු පහසුකම් සහිත නිස්කලංක පරිසරයක ජීවත් වෙන්න කැමති ඔබට පිළියන්දලින් නිසංසල වටපිටාවක නිවසක කුලියට ගන්න අපහසුවක් නැහැ.

6. රත්මලාන

කොළඹට ඇති දුර – 17 Km

කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 31,333

ගාලු පාර ප්‍රධාන කොට ඇති මාර්ග පද්ධතිය නිසා ගාලු පාරෙන් කොළඹ දෙසටත් මොරටුව කළුතර දෙසටත් ගමනාගමන පහසුකම් රත්මලානට පදිංචියට එන ඔබට ලැබෙනව. මීට අමතරව නුගේගොඩ, කොට්ටාව, පිළියන්දල සහ මහරගම නගර වලට එක බස් ගමනින් ලඟාවෙන්නත් පුළුවන්. ප්‍රධාන පාසල් කීපෙකටමත් ඉතාම පහසුවෙන් ලඟාවෙන්න පුළුවන්. ආර්ථික මධ්‍යස්ථානයක්ද, සුපිරි වෙළඳ සැල් හැම එකක්ම පාහේද, විවිධත්වයකින් යුත් ආපනශාලාද, ප්‍රධාන පෙලේ බැංකු සියල්ලකම වාගේ ශාඛාද, ක්‍රීඩාංගන දෙකක් සහ පාක් එකක්, සිල්ලර සහ තොග කඩ සාප්පු, වෛද්‍ය මධ්‍යස්ථාන ආදියද මෙහිදී ලැබෙන පහසුකම් වලට අයත්. අර්ධ නාගරික පරිසරක් නිසා රත්මලානෙන් සියළුම පහසුකම් සමඟ නිස්කලංක වටපිටාවක නිවසක් කුලියට ගන්න ඔබට හැකියාව ලැබෙනව.

7. මහරගම

කොළඹට ඇති දුර – 16 Km

කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 35,038

හයිලෙවල් මාර්ගය මැදි කොටගත් තවත් ප්‍රධාන සහ කාර්යබහුල නගරයක්. පිටකොටුව සහ අවිස්සාවේල්ල දක්වාද, දෙහිවල, මොරටුව, ජයවර්ධනපුර, පිලියන්දල සහ බෝකුන්දර නගර වලටද, කොට්ටාව හරහා අධිවේගී මාර්ගයෙන් ගාල්ල මාතර දක්වාද ඔබට ඕනෑම වේලාවක එක බස් ගමනින් යන්නට පුළුවන්. උසස්පෙල දක්වා පන්ති පැවැත්වෙන පාසල්ද, ප්‍රාථමික පාසල්ද, පුද්ගලික පාසල්ද ඇතුලුව ආසන්න වශයෙන් පාසල් 7ක් මහරගම නගරය තුල තියෙනව. රෙදිපිලි වලට කවදත් ප්‍රසිද්ධ පමුණුව තියෙන්නෙත් මහරගම කියල හැමෝම දන්න කරුණක්නෙ. මීට අමතරව චිත්‍රපට ශාලා තුනක්, ලාෆ්, කීල්ස්, ආර්පිකෝ සහ කාගිල්ස් ෆුඩ් සිටි ඇතුලු සුපිරි වෙලඳ සැල්ද, පොලිසියක්, දුම්රිය පහසුකම්, මහරගම මාකට් එක සහ සති පොලද පුද්ගලික රෝහලක්ද මහරගමට කුලියට එන ඔබට ලබාගන්න පුළුවන් පහසුකම් වලින් ටිකක්. ටවුන් එකේ කලබල පරිසරයෙන් ටිකක් මිදිල නිසංසලේ ඉන්න කැමති කෙනෙක්ට උනත් කාර්යබහුල මහරගමින් නිවසක් කුලියට ගන්න අමාරු නෑ.

ISSUWE : http://www.aniwa.lk

[QUOTE="The Jilmart, post: 21804042, member: 557958"] [b]Rent a House in colombo[/b] [SIZE="5"]ලංකාවෙ ජනතාවගෙන් බහුතරයකට තමන්ගෙම කියල ගෙයක් දොරක් තිබ්බට දත්ත වලට අනුව ශ්‍රී ලාංකීය ජනගහනයෙන් 6%කට කිට්ටු ප්‍රමාණයක් ඉන්නෙ කුලී පදනම් නිවාස වල. තමන්ටම කියල ඉන්න ගෙයක් දොරක් තිබුණත් රාජකාරි කටයුතු, ව්‍යාපාර සහ අධ්‍යාපනික කටයුතු වගේ නොයෙක් හේතු නිසා කුලී නිවාස වල ඉන්න පිරිසකුත් නැතුවා නෙවෙයි. එකී මෙකී නොකී හේතු බෝහෝමයක් නිසා නිවාස කුලියට ගැනීමට සහ කුලියට දීමට සැලකිය යුතු මට්ටමක පිරිසක් ඉන්නව. ඉරිදා පත්තරයක් අරගත්තොත් රටේම විවිධ පළාත් වල කුලියට දීමට ඇති නිවාස වල දැන්වීම් ඕනෑ තරම් දැකගන්න පුළුවන්. ඒත් ඉතින් දැන් තියෙන කාර්ය බහුල රටාවත් එක්ක පත්තර පෙරලන් ගෙවල් හොයන්න තරම් කාලයක් බොහෝ දෙනෙක්ට නෑනෙ. එහෙම අයට ලංකා ප්‍රොපටි වෙබ් ([url]www.LankaPropertyWeb.com[/url]) වගේ වෙබ් අඩවි වලින් පහසුවෙන්ම තමන්ගෙ අවශ්‍යතාවය පරිදි නිවසක් කුලියට හොයාගන්න පුළුවන්. මේ තියෙන්නෙ සියලු පහසුකම් ඇති නගර කීපෙකින් සාධාරණ මුදලකට ඔබට කුලියට ගන්න පුලුවන් කුඩා පවුලකට ගැලපෙන කාමර දෙකක් ඇති කුලී නිවාස වල මිලගණන්. 1. කොට්ටාව [IMG]http://s29.postimg.org/tc8dytk1j/Lanka_Property_Web2_aniwa_01.jpg[/IMG] කොළඹට ඇති දුර – 19 Km කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 27,167 කාලෙකට කලින් ටිකක් ගම්බද පළාතක් උනාට දැන් නම් හැම අතින්ම පහසුකම් තියෙන නගරයක් කොට්ටාව කියන්නෙ. කොට්ටාව නගරය ආසන්නයේම උසස්පෙල දක්වා පන්ති පැවැත්වෙන පාසල් තුනකුත් ප්‍රාථමික පාසලුත් තියෙනව. අතුරුගිරිය, කටුබැද්ද, බොරැල්ල, පිටකොටුව සහ අවිස්සාවේල්ල යන පැති වලට එක බස් ගමනකින් ලඟාවෙන්නත් පුළුවන්. නගරය හරහා දිවෙන හයිලෙවල් මාර්ගයට සම්බන්ධ ඉහල මට්ටමේ මාර්ග පද්ධතියක් කොට්ටාව නගරය සතුයි. දුම්රියෙන් ගමන් යන ඔබට පුංචි කෝච්චිය යන්නෙ කොට්ටාව හරහා නිසා දුම්රිය පහසුකමුත් තියෙනව. දකුණු අධිවේගී පිවිසුම තියෙන්නෙ ටවුන් එකේ ඉඳන් විනාඩි පහක දුරින්. පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, තොග සහ සිල්ලර කඩ සාප්පු, හෝටල් සහ ලාෆ්, ෆුඩ්සිටී, කීල්ස් සහ ආර්පිකෝ ඇතුලු සුපිරි වෙලඳ සැල් සහ ප්‍රධාන පෙලේ බැංකු හැම එකකම පාහේ ශාඛා කොට්ටාව නගරයෙන් නිවසක් කුලියට ගන්න ඔබට ලැබෙන පහසුකම් කියල කියන්න පුළුවන්. කාර්යබහුල නගරයක් උනාට කොට්ටාව ටවුමෙන් ටිකක් ඇතුලට වෙන්න නිස්කලංක පරිසරයක නිවසක් ඔබට සොයාගන්න අපහසු නැහැ. 2. නුවර [IMG]http://s29.postimg.org/ve8vd2i0n/Lanka_Property_Web2_aniwa_02.jpg[/IMG] කොළඹට ඇති දුර – 114 Km කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 22,357 ප්‍රේමණීය නුවර නගරයෙන් නිවසක් කුලියට ගන්න ඔබට නුවර තියෙන පහසුකම් මෙන්න මෙහෙමයි. කොළඹ – නුවර මාර්ගයත්, නුවර – යාපනය මාර්ගයත්, මහියංගනය හරහා පදියතලාව මාර්ගයත්, කටුගස්තොට – කුරුණෑගල හරහා පුත්තලම් මාර්ගයත් නුවර නගරය හරා දිවයනව. නුදුරේදීම නුවර – කොළඹ අධිවේගී මාර්ගයකුත් නිමවීමට නියමිතයි. උසස් පාසල් ගණනාවක්ද, කැන්ඩි සිටි සෙන්ටර් එක සහ කඩ සාප්පු බොහෝමයකින්ද නුවර නගරය සන්නද්ධයි. බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ දළදා වහන්සේත් තවත් පූජනීය ස්ථාන බොහොමයකුත් ඇති නුවර නගරය පෙරට වඩා නාගරීකරණයට ලක් වී තිබුණත් සොභාව සෞන්දර්යයෙන් අඩුවක් නැති නගරයක්. නුවරින් නිවසක් කුලියට ගැනීමට සිතන ඔබට අවශ්‍ය දුම්රිය පහසුකම්, බැංකු, රෝහල්, පාසල්, පොලිසියක්, ක්‍රීඩා පිට්ටනි කීපයක් සහ සුපිරි වෙලඳසැල් ආදී සියළුම පහසුකම් නුවර නගරය ඔබට සපයා දෙනව. සති අන්තයක චිත්‍රපටියක් නරඹන්නත් සිනමා ශාලා දෙක තුනක්ම නුවර නගරාසන්නයේම තියෙනව. 3. කොළඹ 7 කුරුඳුවත්ත [IMG]http://s29.postimg.org/aqa7ybws7/Lanka_Property_Web2_aniwa_03.jpg[/IMG] කොළඹට ඇති දුර – 5.8 Km කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 148,500 කුරුඳුවත්තෙන් නිවසක් කුලියට ගන්න ඔබට ලබාගන්න පුළුවන් පහසුකම් බොහොමයි. රටේ ප්‍රධානම පෙලේ පාසල් දහයකට පමණ පහසුවෙන්ම ලඟාවෙන්න පුළුවන්. කුරුඳුවත්තේ සිට කිලෝමීටර් තුන හතරක දුරින් කොළඹ කොටුව ප්‍රධාන දුම්රියපලද, ප්‍රධාන බස් නැවතුම්පලද පිහිටි නිසා ලංකාවේ ඕනෑම පළාතකට යෑමේ පහසුකම තියෙනව. කඩුවෙල, මට්ටකුලිය, අඟුලාන සහ පිලියන්දල නගර දක්වා කොළඹ කොටුවෙන් පිටත් වෙන බස් මාර්ගය කුරුඳුවත්ත හරහා වැටී තිබෙනව. පූජනීය ස්ථාන, පොලිසියක්, බැංකු ශාඛා සහ ප්‍රධාන කාර්යාලද, ආපන ශාලා සහ තරු පන්තියේ හෝටල්, ක්රීඩාගාර සහ සුපිරි වෙළඳ සැල් එකී මෙකී නොකී සියළුම පහසුකම් කොළඹ 7 කුරුඳුවත්තෙන් නිවසක් කුලියට ගන්න හිතන ඔබට ලැබෙනව. 4. බත්තරමුල්ල [IMG]http://s29.postimg.org/g4905vmif/Lanka_Property_Web2_aniwa_04.jpg[/IMG] කොළඹට ඇති දුර – 10 Km කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 42,467 රාජගිරිය, පැලවත්ත, බොරැල්ල, මීගොඩ, අතුරුගිරිය, කොට්ටාව සහ කඩුවෙල නගර වලට ප්‍රවාහන පහසුකම් තියෙන බත්තරමුල්ල නගරය පහසුකම් රැසක් සපිරි කාර්යබහුල නමුත් නිස්කලංක නගරයක්. ප්‍රධාන බස් සේවා කීපයට අමතරව කාර්යාල වේලාවන් වලට පමණක් ක්‍රියාත්මක වන විශේෂ බස් සේවාවන් කීපයක්ද බත්තරමුල්ල නගරයට පැමිණෙනව. සුපිරි වෙළඳසැල්, සහ පුද්ගලික පාසල් බත්තරමුල්ල නගරයේ සහ අවට තිබෙන අතර පහසුවෙන් ලඟාවිය හැකි ජනප්‍රිය පාසල් බොහොමයක්ද තියෙනව. රජයේ අමාත්‍යාංශ කීපයක් බත්තරමුල්ල නගරයේ ස්ථාපිතයි. ප්‍රධාන පෙලේ බැංකුද ආපනශාලා සහ කඩ සාප්පු ගණනාවක්ම සහිත බත්තරමුල්ල නගරය සියළු පහසුකම් වලින් සමන්විතයි කිව්වොත් නිවැරදියි. 5. පිළියන්දල [IMG]http://s29.postimg.org/6345wk9fb/Lanka_Property_Web2_aniwa_05.jpg[/IMG] කොළඹට ඇති දුර – 22 Km කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 23,000 පිළියන්දල නගරයේ සිට මොරටුව, හොරණ, මහරගම, කොළඹ සහ කොට්ටාව යන නගර වලට එක බස් ගමනින්ම ලඟාවෙන්න පුළුවන්. ප්‍රධාන පාසල් කීපයක්, පුස්ථකාලයක්, ක්‍රීඩාංගනයක්, වෛද්‍ය මධ්‍යස්ථාන, පොලිසියක්, ආපන ශාලා, රෙදිපිලි, සුපිරි වෙලඳ සැල්, තොග සහ සිල්ලර බඩු කඩ සාප්පු ගණනාවක්ද, ප්‍රධාන වෙළඳපලක් සහ සති පොලක්ද පිළියන්දල නගරයෙන් ඔබට ලැබෙන පහසුකම් වලට එකතු වෙනව. ටික කලකට පෙර අර්ධ නාගරික නගරයක් වූ පිළියන්දල දිනෙන් දිනම දියුණු වූ නාගරික පරිසරයක් දැකගන්න පුළුවන් උනත්, සියළු පහසුකම් සහිත නිස්කලංක පරිසරයක ජීවත් වෙන්න කැමති ඔබට පිළියන්දලින් නිසංසල වටපිටාවක නිවසක කුලියට ගන්න අපහසුවක් නැහැ. 6. රත්මලාන [IMG]http://s29.postimg.org/7kpm84e5z/Lanka_Property_Web2_aniwa_06.jpg[/IMG] කොළඹට ඇති දුර – 17 Km කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 31,333 ගාලු පාර ප්‍රධාන කොට ඇති මාර්ග පද්ධතිය නිසා ගාලු පාරෙන් කොළඹ දෙසටත් මොරටුව කළුතර දෙසටත් ගමනාගමන පහසුකම් රත්මලානට පදිංචියට එන ඔබට ලැබෙනව. මීට අමතරව නුගේගොඩ, කොට්ටාව, පිළියන්දල සහ මහරගම නගර වලට එක බස් ගමනින් ලඟාවෙන්නත් පුළුවන්. ප්‍රධාන පාසල් කීපෙකටමත් ඉතාම පහසුවෙන් ලඟාවෙන්න පුළුවන්. ආර්ථික මධ්‍යස්ථානයක්ද, සුපිරි වෙළඳ සැල් හැම එකක්ම පාහේද, විවිධත්වයකින් යුත් ආපනශාලාද, ප්‍රධාන පෙලේ බැංකු සියල්ලකම වාගේ ශාඛාද, ක්‍රීඩාංගන දෙකක් සහ පාක් එකක්, සිල්ලර සහ තොග කඩ සාප්පු, වෛද්‍ය මධ්‍යස්ථාන ආදියද මෙහිදී ලැබෙන පහසුකම් වලට අයත්. අර්ධ නාගරික පරිසරක් නිසා රත්මලානෙන් සියළුම පහසුකම් සමඟ නිස්කලංක වටපිටාවක නිවසක් කුලියට ගන්න ඔබට හැකියාව ලැබෙනව. 7. මහරගම [IMG]http://s29.postimg.org/9gceja307/Lanka_Property_Web2_aniwa_07.jpg[/IMG] කොළඹට ඇති දුර – 16 Km කාමර දෙකක් සහිත කුලී නිවසක මිල – රු. 35,038 හයිලෙවල් මාර්ගය මැදි කොටගත් තවත් ප්‍රධාන සහ කාර්යබහුල නගරයක්. පිටකොටුව සහ අවිස්සාවේල්ල දක්වාද, දෙහිවල, මොරටුව, ජයවර්ධනපුර, පිලියන්දල සහ බෝකුන්දර නගර වලටද, කොට්ටාව හරහා අධිවේගී මාර්ගයෙන් ගාල්ල මාතර දක්වාද ඔබට ඕනෑම වේලාවක එක බස් ගමනින් යන්නට පුළුවන්. උසස්පෙල දක්වා පන්ති පැවැත්වෙන පාසල්ද, ප්‍රාථමික පාසල්ද, පුද්ගලික පාසල්ද ඇතුලුව ආසන්න වශයෙන් පාසල් 7ක් මහරගම නගරය තුල තියෙනව. රෙදිපිලි වලට කවදත් ප්‍රසිද්ධ පමුණුව තියෙන්නෙත් මහරගම කියල හැමෝම දන්න කරුණක්නෙ. මීට අමතරව චිත්‍රපට ශාලා තුනක්, ලාෆ්, කීල්ස්, ආර්පිකෝ සහ කාගිල්ස් ෆුඩ් සිටි ඇතුලු සුපිරි වෙලඳ සැල්ද, පොලිසියක්, දුම්රිය පහසුකම්, මහරගම මාකට් එක සහ සති පොලද පුද්ගලික රෝහලක්ද මහරගමට කුලියට එන ඔබට ලබාගන්න පුළුවන් පහසුකම් වලින් ටිකක්. ටවුන් එකේ කලබල පරිසරයෙන් ටිකක් මිදිල නිසංසලේ ඉන්න කැමති කෙනෙක්ට උනත් කාර්යබහුල මහරගමින් නිවසක් කුලියට ගන්න අමාරු නෑ. ISSUWE : [url]http://www.aniwa.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom