Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
S 13 Train.......awa.. awa...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවෙන් ලංකාවට අලුත් දුම්රිය දෙකක්

ඉන්දියාවේ චෙන්නායි නුවර ඉන්ටග්රාල් කෝච් ෆැක්ටරියේ (Integral Couch Factory) නිෂ්පාදිත නවතම බලවේග කට්ටල දෙකක් සහ වරණාසිහි DLW සමාගමේ නිෂ්පාදිත නවතම එන්ජිමත් මේ වන විට ලංකාවේ දුම්රිය අංගණ දෙකකට පැමිණ හමාරය. ඒ මාලිගාවත්ත ජලශක්ති ධාවනාගාරයට හා මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයටය.

ලංකාවට ඒමට පෙරම නම් තබයි.

ලංකාවට ගෙන්වන සෑම දුම්රියක්ම, එන්ජිමක්ම දේශීය අංගණයකට උරුමකම් කියයි. ඒ අනුව මෙම නව බලවේග කට්ටල නම් කෙරී ඇත්තේ S (එස්) 13 ලෙසටය. නව එන්ජිම නම් කර ඇත්තේ M-11 ලෙසිනි.

මෙයට පෙර ලංකාවට අවසන් වරට ගෙන්වන ලද චීන බලවේග කට්ටල නම් කර තිබුණේ S-12 නිසා නව බලවේග කට්ටලය S-13 වන අතර අවසන්වරට ගෙන්වන ලද එන්ජිම M-10 වන නිසා නව එන්ජිම M-11 ලෙස නම් කර තිබේ.

මාසයක් දෙකක් තිස්සේ මෙරට දුම්රිය ලෝලීන් අපේක්ෂා සහගතව බලාසිටියේ මෙම දුම්රිය ආගමනය දෙසයි. ඉකුත් සතියේ කොළඹ වරායට පැමිණි මෙම දුම්රියන් ඉකුත් හය වෙනිදා පෙරවරුවේ වරායේ සිට ඔරුගොඩවත්ත දුම්රිය අංගණයට ඇදගෙන ආවේ වෙනත් දුම්රිය එන්ජිමක ආධාරයෙනි. එයට දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෝ ද සම්බන්ධ වූහ.

පරීක්ෂණ ධාවනයන්ට එක් කරයි.

එදිනම පස්වරුවේ එම බලවේග කට්ටල දෙක මාලිගාවත්ත ජලශක්ති ධාවනාගාරයටත්, එන්ජිම මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයටත් ගෙනියන ලදී. ඉකුත් සිකුරාදා පෙරවරුවේ එක් බලවේග කට්ටලයක් සිය ලංකා සවාරියේ මංගල ගමන රත්මලාන ධාවනාගාරයට ගියේ ඉන්දියානු දුම්රිය විශේෂඥ ශිල්පීන් හා ලාංකීය දුම්රිය විශේෂඥයින් පිරිවරාගෙනය.

ඒ රත්මලාන අංගණයේ දී මුළු දුම්රියම සම්පූර්ණ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතය. ඒ සඳහා මාසයක් දෙකක්වත් ගතවනු ඇත. ඉන් අනතුරුව පරීක්ෂණ ධාවනය සිදු කර මෙය ලංකාවට ගැළපෙන්නේ ද නැද්ද පිළිබඳව තීරණය කෙරේ. එය නව එන්ජිමට ද අදාළය. නමුත් මෙතෙක් ලංකාවට ගෙනා දුම්රියවල පරීක්ෂණ ධාවනයන් අසමත් වී නොමැති නිසා මෙම දුම්රියන් ද එසේ අසමත් නොවනු ඇතැයි දුම්රිය බලධාරීන්ගේ මතයයි.

මක්නිසාද යත් මෙම නව දුම්රිය ඩීසල් එන්ජිම හා බලවේග කට්ටල ලංකාවේ භූගෝලීය සාධක හා දුම්රිය මාර්ගවල තත්ත්වයන් පදනම් කරගෙන හා මූලික පර් යේෂණවලින් අනතුරුව ගැළපෙන පරිද්දෙන් නිපදවා ඇති නිසාය. ඉන්දියානු රාජ්‍ය සමාගම් දෙකක මෙම දුම්රිය නිපදවා තිබීම තවත් සුවිශේෂීය.

මෙම දුම්රිය නිපදවන සමාගම් එරට උසස් කීර්තියක් ඉසිලූ සමාගම් බව ද කියැවේ. කෙසේ වෙතත් ඔවුන්ගේ පළමු විදෙස් සැපයුමට උරුමකම් කියනුයේ ද ශ්‍රී ලංකාවය. ඒ ණය ආධාර ලබාදෙන රටින්ම දුම්රිය මිලට ගත යුතු යැයි කොන්දේසියක් පවතින නිසාය.

කෙසේ වෙතත් මෙම දුම්රියන් වරායේ සිට ඔරුගොඩවත්ත දක්වා ගෙන්වීමට එකී දුම්රිය මාර්ගය නැවත පිළිසකර කිරීමට ද සිදුවිය. 2013 දී S-12 බලවේග කට්ටල ගෙන්වීමෙන් පසු මේ වනතෙක් එම මාර්ගය භාවිත නොකළ නිසා එය බෙහෙවින් විනාශ වී තිබිණි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකාර ටී. මැණික් පුරගේ මහතා පැවසුවේ අනවසර පදිංචිකරුවන් මෙම මාර්ගයට සිදුකර තිබූ අධික හානිය නිසා දෙපාර්තමේන්තුවට දැඩි අලාභයක් සිදු වූ බවකි. කෙසේ වෙතත් මෙම මාර්ගය ඉදිරියේ දී ගෙන්වන දුම්රියන් ධාවනයට වඩා පහසු ආකාරයට නවීකරණය කර තිබේ.

අලුත් සාමාජිකයන්ගේ තතු

එම් - 11 දුම්රිය එන්ජිම මීටර 21ක් එනම් අඩි 72ක් දිගු වන අතර බර ටොන් 120කි. එය මෙරටට ගෙන්වා ඇති අනිකුත් එන්ජිම්වලට වඩා දිගින් හා බරින් වැඩිම දුම්රිය වී තිබේ. එය උඩරට මාර්ගයට නොගැළපේ යැයි ඒ සමගම තවත් අදහසක් මතුව තිබේ.

ද්විත්ව රියැදුරු කුටි සහිත වූ M-11 මාදිලිය අපගේ M-5 එන්ජිමට සමානය.

මෙම නව M-11 එන්ජිමට අඩි 45ක දිගින් යුතු දුම්රිය මැදිරි විශාල ප්‍රමාණයක් ඇදගෙන යා හැකි ආකාරයට නිපදවා තිබේ. ලංකාවේ දුම්රිය මාර්ගවල තත්ත්වය හා ගුණාත්මක බව අනුව ලංකාවේ ඇදගෙන යා හැකි උපරිම මැදිරි ගණන 17කි.

මෙය ද්විත්ව පහරේ එන්ජිමක් වන අතර පෙරදි ගෙන්වන ලද M-6 දුම්රිය මෙන් මෙය ද දෝෂ අඩු එන්ජිමක් යැයි දුම්රිය බලධාරීහු උපකල්පනය කරති. ද්විත්ව පහරේ එන්ජිමක් මෙරටට වසර 25කින් පමණ ගෙන්වා නොමැති බව ද ඒ සමගම කියැවේ. කෙසේ වෙතත් මෙම නව එන්ජිම නවීන තාක්ෂණය ඉතා ඉහළින් භාවිත කරමින් නිපදවා ඇති බව දුම්රිය බලධාරීන්ගේ අදහසය.

නව එස් - 13 බලවේග කට්ටලය නිපදවා ඇති ICF සමාගම ජර්මානු LHB (Link Hofman Busch) සමාගමේ තාක්ෂණය අනුව මුලින්ම සිය නිෂ්පාදනයන් සිදු කර ඇත. දැනට ජර්මානු සමාගම හා සමාන ගුණාත්මක බවින් යුතු දුම්රිය නිපදවන තරමට එම කාර්යයන් දුරදිග ගොස් ඇත.

කෙසේ වෙතත් මෙම නව බලවේග කට්ටල Anti Telescopic තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා අනතුරක දී පෙරළී යෑමේ අවදානමක් නැත. එය ලාංකිකයන්ට නම් සුබ ආරංචියක් වනු ඇත. මන්දයත් මින් පෙර ඉන්දියානු S-11 මොඩලය වේගවත් හා පහසු වුවත් එයට අනතුරක දී සිදුවන හානිය වැඩි නිසා දුම්රිය සේවකයන් පමණක් නොව දුම්රිය මගීන් ද දැක්වූයේ හිතකර ආකල්පයක් නොවේ.

මෙම නව බලවේග කට්ටල ද්විත්වය මැදිරි 13කින් සමන්විතය. ඒ එක් කට්ටලයක මැදිරි 07ක් හා අනික් කට්ටලයේ මැදිරි 06ක් වශයෙනි. මේ එක් කට්ටලයක එන්ජිමක් බැගින් තිබෙන අතර එක් කට්ටලයක ආකෘති (ඩමි) මැදිරියක් ද තිබේ. අධික වේගය හා මළ නොබැඳෙන සුදු යකඩින් මෙය නිපදවා තිබීම ද තවත් සුවිශේෂී තත්ත්වයකි.

තවද S-13 සුවිශේෂී අනික් කාරණය වනුයේ මෙහි වායු සමීකරණ මැදිරිය බැගින් පිහිටීමත්ය. ඒ සෑම මැදිරියකම රූපවාහිනි තිර ද දුරකතන ආරෝපණ පහසුකම් ද තිබීම තවත් සුවිශේෂීය. අනික් සෑම මැදිරියකම නැරඹිය හැකි ඩිජිටල් තිර තිබෙන අතර එය GPS තාක්ෂණයෙන් සමන්විතය. එම නිසා දුම්රිය ගමන් කරන ධාවන වේගය, වේලාව හා සිටින ස්ථානය ද මෙම පුවරුවල සෑම මොහොතකම දර්ශනය වන ආකාරයට සකසා ඇති නිසා දුම්රිය ලෝලීන්ට හා දුම්රිය මගීන්ට එය නව අත්දැකීමක් ද වනු ඇත.

මෙම බලවේග කට්ටලයේ එක් මැදිරියක් අඩි 65ක දිගින් යුතු වන අතර මෙරටට ගෙන්වන ලද දිගින් වැඩිම බලවේග කට්ටලය ලෙස ද මෙය නම් කෙරී ඇත. මෙම බලවේග කට්ටල ද්විත්වයම එක්කර තනි දුම්රියක් ලෙස ධාවනයට එක් කිරීමට ද නියමිතය.

එ් අනුව ඉදිරියේ දී පරීක්ෂණ ධාවන අනුව සාර්ථකම ප්‍රදේශයට මෙම දුම්රිය එක් කරනු ඇත. බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මග දැනට විවෘත කර ඇති නිසා බොහෝදුරට මෙම දුම්රිය මුහුදු බඩ දුම්රිය මාර්ගයට එකතු කිරීමේ සම්භාවිතාවක් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග අනුව කියැවෙයි.

දුම්රිය සේවකයන්ගේ නොසතුට

නව දුම්රියන් නවීන තාක්ෂණයෙන් අනූන වුවත් ඉන්දියාවෙන් එම දුම්රිය ගෙන්වීම පිළිබඳව ඇතැම් දුම්රිය සේවකයන් සිය නොසතුට පළ කර තිබේ. ඒ යුරෝපීය දුම්රියන්ට වඩා ඉන්දියානු දුම්රියන් තත්ත්වයෙන් බාල බව කියමිනි. තවද බටහිර සමාගම්වල නිපද වූ දුම්රියවල අනුකාරක දුම්රියන් නිපදවීමෙන් පැමිණි සමාගම් නිසා ද ඔවුහු දුම්රියවල තත්ත්වය ගැන තවත් සැකපහළ කරති.

M-11 නිපද වූ DLW සමාගමින් මෙයට පෙර ගෙන්වන ලද M-8 හා M-10 ගෙන්වා ඇති බවත් එම දුම්රිය අධික දුමාරයකින් යුක්ත බවත් නැගෙන තවත් චෝදනාවකි.

S-11 දුම්රියවලින් ලත් උගත් පාඩම් අමතක කර නව S-13 ගෙන්වා තිබීම ගැන ද නොසතුට පළ කර තිබේ.

M-11 එන්ජිම හැරවුම් මේසවල හැරවිය නොහැකි නිසාත්, අධික බරින් හා දිගින් යුතුවීම නිසා මෙරට මාර්ග ඔරොත්තු දේවිද යන ප්රශ්නය මතුවිය හැකි බව නැගෙන තවත් චෝදනාවකි.

කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර පෙර දුම්රියවලට සාපේක්ෂව මෙම දුම්රියන් දෝෂ අවම මට්ටමක පවතින බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ද කියයි

නුදුරේදීම මෙම නව දුම්රියවල යෑම් ඊම් කිරීමට දුම්රිය මගීන්ට ලැබෙන අතර එය කවදා සිදුවේදැයි ඔවුන් පුල පුලා බලා සිටින බව නම් නොරහසකි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන විමසීමු.

කලින් ගෙන්වූ දුම්රියන්ට වඩා හොඳ පහසුකම් හා නවීන තාක්ෂණයකින් යුතු දුම්රියන් මෙවර ගෙන්වලා තියෙන්නේ.

කලින් ආව දුම්රියවලට වඩා දැන් එන දුම්රියවල දිරුම් අඩුයි. නව බලවේග කට්ටලවල විශේෂ අවශ්‍යතා ඇති අයට ගමන් කිරීමට පහසු ආකාරයෙන් නිපදවල තියෙනවා. ඔවුන්ට රෝද පුටුවලින්ම යා හැකි වැසිකිළි පද්ධති පවා මෙහි තියෙනවා. රියැදුරු නියාමක මැදිරි පවා වායු සමීකරණය කරල තියෙනවා.

සටහන හා සේයාරූ - පුෂ්පා වීරසේකර

lankadeepa.

[QUOTE="demee, post: 24006013, member: 371755"] [B][SIZE=4]ඉන්දියාවෙන් ලංකාවට අලුත් දුම්රිය දෙකක්[/SIZE][/B] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_90373fbf16.jpg[/IMG] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_90373fbf16.jpg[/IMG][/SIZE] [SIZE=4][B][COLOR=#B22222]ඉන්දියාවේ චෙන්නායි නුවර ඉන්ටග්රාල් කෝච් ෆැක්ටරියේ (Integral Couch Factory) නිෂ්පාදිත නවතම බලවේග කට්ටල දෙකක් සහ වරණාසිහි DLW සමාගමේ නිෂ්පාදිත නවතම එන්ජිමත් මේ වන විට ලංකාවේ දුම්රිය අංගණ දෙකකට පැමිණ හමාරය. ඒ මාලිගාවත්ත ජලශක්ති ධාවනාගාරයට හා මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයටය. [/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ලංකාවට ඒමට පෙරම නම් තබයි.[/B][/SIZE] [SIZE=4] ලංකාවට ගෙන්වන සෑම දුම්රියක්ම, එන්ජිමක්ම දේශීය අංගණයකට උරුමකම් කියයි. ඒ අනුව මෙම නව බලවේග කට්ටල නම් කෙරී ඇත්තේ S (එස්) 13 ලෙසටය. නව එන්ජිම නම් කර ඇත්තේ M-11 ලෙසිනි. [/SIZE] [SIZE=4] මෙයට පෙර ලංකාවට අවසන් වරට ගෙන්වන ලද චීන බලවේග කට්ටල නම් කර තිබුණේ S-12 නිසා නව බලවේග කට්ටලය S-13 වන අතර අවසන්වරට ගෙන්වන ලද එන්ජිම M-10 වන නිසා නව එන්ජිම M-11 ලෙස නම් කර තිබේ. [/SIZE] [SIZE=4] මාසයක් දෙකක් තිස්සේ මෙරට දුම්රිය ලෝලීන් අපේක්ෂා සහගතව බලාසිටියේ මෙම දුම්රිය ආගමනය දෙසයි. ඉකුත් සතියේ කොළඹ වරායට පැමිණි මෙම දුම්රියන් ඉකුත් හය වෙනිදා පෙරවරුවේ වරායේ සිට ඔරුගොඩවත්ත දුම්රිය අංගණයට ඇදගෙන ආවේ වෙනත් දුම්රිය එන්ජිමක ආධාරයෙනි. එයට දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෝ ද සම්බන්ධ වූහ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]පරීක්ෂණ ධාවනයන්ට එක් කරයි. [/B][/SIZE] [SIZE=4] එදිනම පස්වරුවේ එම බලවේග කට්ටල දෙක මාලිගාවත්ත ජලශක්ති ධාවනාගාරයටත්, එන්ජිම මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයටත් ගෙනියන ලදී. ඉකුත් සිකුරාදා පෙරවරුවේ එක් බලවේග කට්ටලයක් සිය ලංකා සවාරියේ මංගල ගමන රත්මලාන ධාවනාගාරයට ගියේ ඉන්දියානු දුම්රිය විශේෂඥ ශිල්පීන් හා ලාංකීය දුම්රිය විශේෂඥයින් පිරිවරාගෙනය. ඒ රත්මලාන අංගණයේ දී මුළු දුම්රියම සම්පූර්ණ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතය. ඒ සඳහා මාසයක් දෙකක්වත් ගතවනු ඇත. ඉන් අනතුරුව පරීක්ෂණ ධාවනය සිදු කර මෙය ලංකාවට ගැළපෙන්නේ ද නැද්ද පිළිබඳව තීරණය කෙරේ. එය නව එන්ජිමට ද අදාළය. නමුත් මෙතෙක් ලංකාවට ගෙනා දුම්රියවල පරීක්ෂණ ධාවනයන් අසමත් වී නොමැති නිසා මෙම දුම්රියන් ද එසේ අසමත් නොවනු ඇතැයි දුම්රිය බලධාරීන්ගේ මතයයි. [/SIZE] [SIZE=4] මක්නිසාද යත් මෙම නව දුම්රිය ඩීසල් එන්ජිම හා බලවේග කට්ටල ලංකාවේ භූගෝලීය සාධක හා දුම්රිය මාර්ගවල තත්ත්වයන් පදනම් කරගෙන හා මූලික පර් යේෂණවලින් අනතුරුව ගැළපෙන පරිද්දෙන් නිපදවා ඇති නිසාය. ඉන්දියානු රාජ්‍ය සමාගම් දෙකක මෙම දුම්රිය නිපදවා තිබීම තවත් සුවිශේෂීය. [/SIZE] [SIZE=4] මෙම දුම්රිය නිපදවන සමාගම් එරට උසස් කීර්තියක් ඉසිලූ සමාගම් බව ද කියැවේ. කෙසේ වෙතත් ඔවුන්ගේ පළමු විදෙස් සැපයුමට උරුමකම් කියනුයේ ද ශ්‍රී ලංකාවය. ඒ ණය ආධාර ලබාදෙන රටින්ම දුම්රිය මිලට ගත යුතු යැයි කොන්දේසියක් පවතින නිසාය. [/SIZE] [SIZE=4] කෙසේ වෙතත් මෙම දුම්රියන් වරායේ සිට ඔරුගොඩවත්ත දක්වා ගෙන්වීමට එකී දුම්රිය මාර්ගය නැවත පිළිසකර කිරීමට ද සිදුවිය. 2013 දී S-12 බලවේග කට්ටල ගෙන්වීමෙන් පසු මේ වනතෙක් එම මාර්ගය භාවිත නොකළ නිසා එය බෙහෙවින් විනාශ වී තිබිණි. [/SIZE] [SIZE=4] දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකාර ටී. මැණික් පුරගේ මහතා පැවසුවේ අනවසර පදිංචිකරුවන් මෙම මාර්ගයට සිදුකර තිබූ අධික හානිය නිසා දෙපාර්තමේන්තුවට දැඩි අලාභයක් සිදු වූ බවකි. කෙසේ වෙතත් මෙම මාර්ගය ඉදිරියේ දී ගෙන්වන දුම්රියන් ධාවනයට වඩා පහසු ආකාරයට නවීකරණය කර තිබේ. [/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_9716427bdb.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]අලුත් සාමාජිකයන්ගේ තතු [/B][/SIZE] [SIZE=4] එම් - 11 දුම්රිය එන්ජිම මීටර 21ක් එනම් අඩි 72ක් දිගු වන අතර බර ටොන් 120කි. එය මෙරටට ගෙන්වා ඇති අනිකුත් එන්ජිම්වලට වඩා දිගින් හා බරින් වැඩිම දුම්රිය වී තිබේ. එය උඩරට මාර්ගයට නොගැළපේ යැයි ඒ සමගම තවත් අදහසක් මතුව තිබේ. [/SIZE] [SIZE=4] ද්විත්ව රියැදුරු කුටි සහිත වූ M-11 මාදිලිය අපගේ M-5 එන්ජිමට සමානය. [/SIZE] [SIZE=4] මෙම නව M-11 එන්ජිමට අඩි 45ක දිගින් යුතු දුම්රිය මැදිරි විශාල ප්‍රමාණයක් ඇදගෙන යා හැකි ආකාරයට නිපදවා තිබේ. ලංකාවේ දුම්රිය මාර්ගවල තත්ත්වය හා ගුණාත්මක බව අනුව ලංකාවේ ඇදගෙන යා හැකි උපරිම මැදිරි ගණන 17කි. [/SIZE] [SIZE=4] මෙය ද්විත්ව පහරේ එන්ජිමක් වන අතර පෙරදි ගෙන්වන ලද M-6 දුම්රිය මෙන් මෙය ද දෝෂ අඩු එන්ජිමක් යැයි දුම්රිය බලධාරීහු උපකල්පනය කරති. ද්විත්ව පහරේ එන්ජිමක් මෙරටට වසර 25කින් පමණ ගෙන්වා නොමැති බව ද ඒ සමගම කියැවේ. කෙසේ වෙතත් මෙම නව එන්ජිම නවීන තාක්ෂණය ඉතා ඉහළින් භාවිත කරමින් නිපදවා ඇති බව දුම්රිය බලධාරීන්ගේ අදහසය. [/SIZE] [SIZE=4] නව එස් - 13 බලවේග කට්ටලය නිපදවා ඇති ICF සමාගම ජර්මානු LHB (Link Hofman Busch) සමාගමේ තාක්ෂණය අනුව මුලින්ම සිය නිෂ්පාදනයන් සිදු කර ඇත. දැනට ජර්මානු සමාගම හා සමාන ගුණාත්මක බවින් යුතු දුම්රිය නිපදවන තරමට එම කාර්යයන් දුරදිග ගොස් ඇත. [/SIZE] [SIZE=4] කෙසේ වෙතත් මෙම නව බලවේග කට්ටල Anti Telescopic තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා අනතුරක දී පෙරළී යෑමේ අවදානමක් නැත. එය ලාංකිකයන්ට නම් සුබ ආරංචියක් වනු ඇත. මන්දයත් මින් පෙර ඉන්දියානු S-11 මොඩලය වේගවත් හා පහසු වුවත් එයට අනතුරක දී සිදුවන හානිය වැඩි නිසා දුම්රිය සේවකයන් පමණක් නොව දුම්රිය මගීන් ද දැක්වූයේ හිතකර ආකල්පයක් නොවේ. [/SIZE] [SIZE=4] මෙම නව බලවේග කට්ටල ද්විත්වය මැදිරි 13කින් සමන්විතය. ඒ එක් කට්ටලයක මැදිරි 07ක් හා අනික් කට්ටලයේ මැදිරි 06ක් වශයෙනි. මේ එක් කට්ටලයක එන්ජිමක් බැගින් තිබෙන අතර එක් කට්ටලයක ආකෘති (ඩමි) මැදිරියක් ද තිබේ. අධික වේගය හා මළ නොබැඳෙන සුදු යකඩින් මෙය නිපදවා තිබීම ද තවත් සුවිශේෂී තත්ත්වයකි. [/SIZE] [SIZE=4] තවද S-13 සුවිශේෂී අනික් කාරණය වනුයේ මෙහි වායු සමීකරණ මැදිරිය බැගින් පිහිටීමත්ය. ඒ සෑම මැදිරියකම රූපවාහිනි තිර ද දුරකතන ආරෝපණ පහසුකම් ද තිබීම තවත් සුවිශේෂීය. අනික් සෑම මැදිරියකම නැරඹිය හැකි ඩිජිටල් තිර තිබෙන අතර එය GPS තාක්ෂණයෙන් සමන්විතය. එම නිසා දුම්රිය ගමන් කරන ධාවන වේගය, වේලාව හා සිටින ස්ථානය ද මෙම පුවරුවල සෑම මොහොතකම දර්ශනය වන ආකාරයට සකසා ඇති නිසා දුම්රිය ලෝලීන්ට හා දුම්රිය මගීන්ට එය නව අත්දැකීමක් ද වනු ඇත. [/SIZE] [SIZE=4] මෙම බලවේග කට්ටලයේ එක් මැදිරියක් අඩි 65ක දිගින් යුතු වන අතර මෙරටට ගෙන්වන ලද දිගින් වැඩිම බලවේග කට්ටලය ලෙස ද මෙය නම් කෙරී ඇත. මෙම බලවේග කට්ටල ද්විත්වයම එක්කර තනි දුම්රියක් ලෙස ධාවනයට එක් කිරීමට ද නියමිතය. [/SIZE] [SIZE=4] එ් අනුව ඉදිරියේ දී පරීක්ෂණ ධාවන අනුව සාර්ථකම ප්‍රදේශයට මෙම දුම්රිය එක් කරනු ඇත. බෙලිඅත්ත දක්වා වූ දුම්රිය මග දැනට විවෘත කර ඇති නිසා බොහෝදුරට මෙම දුම්රිය මුහුදු බඩ දුම්රිය මාර්ගයට එකතු කිරීමේ සම්භාවිතාවක් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග අනුව කියැවෙයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]දුම්රිය සේවකයන්ගේ නොසතුට [/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://www.elakiri.com//static.lankadeepa.lk/assets/uploads/image_fd19d0de18.jpg[/IMG]නව දුම්රියන් නවීන තාක්ෂණයෙන් අනූන වුවත් ඉන්දියාවෙන් එම දුම්රිය ගෙන්වීම පිළිබඳව ඇතැම් දුම්රිය සේවකයන් සිය නොසතුට පළ කර තිබේ. ඒ යුරෝපීය දුම්රියන්ට වඩා ඉන්දියානු දුම්රියන් තත්ත්වයෙන් බාල බව කියමිනි. තවද බටහිර සමාගම්වල නිපද වූ දුම්රියවල අනුකාරක දුම්රියන් නිපදවීමෙන් පැමිණි සමාගම් නිසා ද ඔවුහු දුම්රියවල තත්ත්වය ගැන තවත් සැකපහළ කරති. [/SIZE] [SIZE=4] M-11 නිපද වූ DLW සමාගමින් මෙයට පෙර ගෙන්වන ලද M-8 හා M-10 ගෙන්වා ඇති බවත් එම දුම්රිය අධික දුමාරයකින් යුක්ත බවත් නැගෙන තවත් චෝදනාවකි. [/SIZE] [SIZE=4] S-11 දුම්රියවලින් ලත් උගත් පාඩම් අමතක කර නව S-13 ගෙන්වා තිබීම ගැන ද නොසතුට පළ කර තිබේ. [/SIZE] [SIZE=4] M-11 එන්ජිම හැරවුම් මේසවල හැරවිය නොහැකි නිසාත්, අධික බරින් හා දිගින් යුතුවීම නිසා මෙරට මාර්ග ඔරොත්තු දේවිද යන ප්රශ්නය මතුවිය හැකි බව නැගෙන තවත් චෝදනාවකි. [/SIZE] [SIZE=4] කෙසේ වෙතත් දුම්රිය බලධාරීන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර පෙර දුම්රියවලට සාපේක්ෂව මෙම දුම්රියන් දෝෂ අවම මට්ටමක පවතින බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ද කියයි[/SIZE] [SIZE=4]. නුදුරේදීම මෙම නව දුම්රියවල යෑම් ඊම් කිරීමට දුම්රිය මගීන්ට ලැබෙන අතර එය කවදා සිදුවේදැයි ඔවුන් පුල පුලා බලා සිටින බව නම් නොරහසකි. [/SIZE] [SIZE=4] දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන විමසීමු. [/SIZE] [SIZE=4] කලින් ගෙන්වූ දුම්රියන්ට වඩා හොඳ පහසුකම් හා නවීන තාක්ෂණයකින් යුතු දුම්රියන් මෙවර ගෙන්වලා තියෙන්නේ. [/SIZE] [SIZE=4] කලින් ආව දුම්රියවලට වඩා දැන් එන දුම්රියවල දිරුම් අඩුයි. නව බලවේග කට්ටලවල විශේෂ අවශ්‍යතා ඇති අයට ගමන් කිරීමට පහසු ආකාරයෙන් නිපදවල තියෙනවා. ඔවුන්ට රෝද පුටුවලින්ම යා හැකි වැසිකිළි පද්ධති පවා මෙහි තියෙනවා. රියැදුරු නියාමක මැදිරි පවා වායු සමීකරණය කරල තියෙනවා. [/SIZE] [SIZE=4][B]සටහන හා සේයාරූ - පුෂ්පා වීරසේකර [/B][/SIZE] [SIZE=4][B]lankadeepa. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom