Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
S.W.R.D බණ්ඩාරනායක ආදාහනය කරපු තැන 1959.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතුමා 1945 සහ 1947 දී නිදහස් පනත මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා පුරෝගාමීව දායක විය. සභානායක ලෙස ඩි. එස්. සේනානායක මැතිතුමා එවක සෝල්බරි ව්‍යවස්ථාව මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ මොහොතේ, එහි සිටි විශාලතම තනි පක්ෂය වූ සිංහල මහා සභාවේ නායකයා ලෙස එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා එම යෝජනාවට සහාය පළ කරන ලදී.

වර්ෂ 1946 දී ඩි. එස්. සේනානායක මැතිතුමාගේ ආරාධනයකට අනුව ලංකා ජාතික සංගමය සහ සිංහල මහා සභාව ඇතුළු අනෙකුත් සුළු ජන පදනමේ නියුතු පක්ෂ කිහිපයක් ඒකරාශිව එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීම උදෙසා එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා නොමසුරුව තම දායකත්වය සැපයිය. මෙරට යටත්විජිත වාදයෙන් මුදවා ගැනුමට නම් පොදු සතුරා වන බ්‍රිතාන්‍ය පාලනය පරාජය කිරීම උදෙසා ආරම්භය ගැනීමට දේශපාලනික වශයෙන් එකතු වී කටයුතු කිරීමට තිබු අවශ්‍යතාවය ඔහු හට ඉතා දැඩිව අවබෝධ වී තිබුණි.

සෝල්බරි ව්‍යවස්ථා ක්‍රමය යටතේ පැවතී පළමු මැතිවරණයෙන්, අත්තනගල්ල ආසනය වෙත එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදී, එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා එහිදී විශිෂ්ට ජයක් ලබා නව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව වෙත තේරී පත්විය. එම අමාත්‍ය මණ්ඩලයේ ස්වදේශ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම ලබා ගත් එතුමා තම සේවය මැනවින් පිරිනමින් ඉතා ආදර්ශමත් දේශපාලඥයකු ලෙස තම සේවය රට දැයට පිරිනැමිය. එතුමා දේශීය වෛද්‍ය විද්‍යාවේ උන්නතිය උදෙසා ආයුර්වේද රෝහල් ප්‍රචලිත කිරීමට පියවර ගන්නා ලදී. 1950 වසරේ ජිනීවා නුවර පැවති, තුන්වන ලෝකයේ සෞඛ්‍ය සමුළුව සඳහා මෙරට ප්‍රධාන නියෝජිතයා ලෙස එහි සහභාගී වෙමින්, මෙරට සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ලෝක අවධානය යොමු කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් ස්වාධීන වීම උදෙසා නිදහස් කෙටුම්පත සකස් කිරීමේදී එම කාර්ය උදෙසාද එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා තම අසහාය දායකත්වය සැපයීය. එම කෙටුම්පතේ ඇති යම් යම් කරුණු සමඟ ඔහු හදවතින් පුර්ණ ලෙස ඒ මොහොතේ එකඟ නොවුවද, යටත්විජිතවාදී බ්‍රිතාන්‍ය පාලනයෙන් මෙරට මුදවා ගැනීම සඳහා ලැබෙනා යම් ඉඩහසරක් වේද ඒ වෙනුවෙන් ඔහු ඒ සියල්ල යටපත් කර ගැනීමට පෙළඹුණි. 1948 පෙබරවාරි සිවුවැනි දින අප රට නිදහස අත් කරගත් ඒ ඵෙතිහාසික මොහොතේ, එම උත්සව අවස්ථාව අමතා ස්තුති කතාව ඉදිරිපත් කරන ලද්දේද බණ්ඩාරනායක මැතිතුමා විසින්ය.

එවක ඉංග්‍රීසි පාලන සමයේ මෙරටට විවිධ වෘත්තීයන් සඳහා රැගෙන පැමිණි, ඉන්දීය සහ පකිස්ථානු ජාතික පිරිස් මෙරට පුරවැසිභාවය ලබා ගැනුමට උත්සහ දරන අවධියක, එය පාලනය කිරීම උදෙසා ලංකා පුරවැසි පනත සෙනෙට් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී බණ්ඩාරනායක මැතිතුමා ඒ උදෙසා තම සහාය නිරතුරුව පළ කරන ලදී.

නමුත් යුරෝපිය සංස්කෘතික ක්රමයක ස්වරුපය ගත් පාලන ව්‍යුහය තුළ දේශීයත්වය කරා ප්රමුඛත්වයක් නොලැබෙන බව හා එහි කඩිනම් බවක් නොතිබෙන බැව් ඔහු තරයේ විශ්වාස කළේය. කලෙක පටන් තම චිත්ත ප්‍රසාදයට ලක් නොවූ යම් යම් තීරණ හේතුකොටගෙන 1951 වසරේ ජුලි මස ඔහු එම ඵෙතිහාසික තීන්දුව ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් සහ ඔහුගේ අමාත්‍ය ධුරයන්ගෙන් ඉවත්ව විපක්ෂය කරා ගමන් කළේය. සිංහල මහ සභාවේ තම සමීපතමයින් කිහිප දෙනෙකු සමඟ එක්ව ඔහු 1951 සැප්තැම්බර් 02 වැනි දින සිංහල මහ සභාව විසුරුවා හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති අද මහා වෘක්ෂයක් බඳු පක්ෂයේ පැළය රෝපණය කරන ලදී .

1956 වසර එතුමන්ගේ ජිවිතයේ තීරණාත්මක වසරක් විය. ඊට වසර 10 කට පෙරාතුව මියගිය තම පියාගේ අවමංගල්‍ය සඳහා බොහෝ වියදමක් දැරීමට සිදුවූ අතර, කෙතරම් ප්‍රභූ පවුලක් වුවද උද්ගත වූ ආර්ථික අර්බුධ හමුවේ තම දේශපාලනික දිවිය ඉදිරියටම රැගෙන පැමිණියේය. 1956 වසරේ මැතිවරණයට මුහුණ දීම සඳහා තම රොස්මිඩ් පෙදෙසේ තිබු නිවස ලංකා බැංකුව වෙත උකස් කරන ලද්දේ රුපියල් ලක්ෂ දෙකක මුදලකටය. එම මැතිවරණය සඳහා මුහුණ දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් කුඩා කම්කරු කණ්ඩායම් පක්ෂ කිහිපයකින් සුසැදිව මහජන එක්සත් පෙරමුණ බිහි කරන ලදී.

1956 වසර මෙරට දේශපාලන ගමන් මග උඩුයටිකුරු කරමින්, මහජන එක්සත් පෙරමුණ, ඉතා විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරන කොට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගත් හෙයින්, අග්‍රආණ්ඩුකාරවරයා විසින් රජයක් පිහිටුවීමට ආරාධනා කරන ලදී. නිදහස් ලංකාවේ සිවුවන අගමැතිවරයා ලෙස 1956 වසරේ අප්‍රේල් මස 12 වැනි දින එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා දිවුරුම් දුන් අතර, නව යුගයක පෙරළිය අරභයා නව කැබිනට් මඬුල්ලක් එතුමා විසින් පත්කර ගන්නා ලදී.

ස්වදේශික ජාතික ප්‍රතිපත්තිය උදෙසා ප්‍රමුඛත්වය ලබා දීම එතුමාගේ මූලික දේශපාලනික දර්ශනය විය. එතුමා බ්‍රිතාන්‍ය නාමමාත්රික ධුර සහ ගෞරව නම්බු නාම යන සියල්ල අහෝසි කිරීමට පියවර ගන්නා ලදී. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම මඟින් ස්වදේශිකත්වය සඳහා ස්ථාවරයක් නිර්මාණය කිරීම එතුමාගේ අභිලාෂය විය. නමුත් එමගින් නොසිතු විරු ජාතික ගැටලු රැසක ආරම්භය රැගෙන ආ බැව් නැවත ඉතිහාසය දෙස හැරි බලන කළ පෙනී යන්නකි.

එතුමාගේ විදේශ ප්‍රතිපත්තිය වඩාත් නැඹුරු වුයේ, සමාජවාදී බල කඳවුරු වෙතය. ඒ අනුව මහජන චීන සමුහාණ්ඩුව සහ රුසියානු සමුහාණ්ඩුව සමඟ ඉතා යහපත් සහයෝගිතාවයක් එතුමා නිර්මාණය කර ගන්නා ලදී. නිදහස් ලංකාවක් වුවද තවමත් මෙරට රැඳී තිබූ කටුනායක සහ ත්‍රිකුණාමල බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරු ඉවත් කිරීමට එතුමා 1957 දී වහා පියවර ගන්නා ලදී.

මෙරට ආර්ථික ප්‍රතිපත්තිය තුළදී එතුමා විසින් සිදුකළ සුවිශේෂි මෙහෙවර ඉතා අගය කළ යුත්තකි. එතුමා කම්කරු අයිතීන් සුරැකීම උදෙසා නව නීති සම්පාදනය කරමින්, කම්කරු වැටුප් ඉහළ නැංවීමට පියවර ගන්නා ලදී. එමෙන්ම වැඩකරන ජනතාවගේ සුරක්ෂාව උදෙසා සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කිරීම සහ කම්කරු දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ස්ථාපිත කිරීම එතුමා විසින් ගත් උදාර පියවරයන්ය.

ගොවි ජනතාව සහ ඔවුන්ගේ අයිතීන් සුරැකීම උදෙසා කුඹුරු පනත ගෙන එන ලදී. 1958 වසරේදී පොදු ප්‍රවාහනය බලාත්මක කරමින් එය ජනසතු සේවාවක් බවට පත්කළ අතර කොළඹ වරායේ බහාලුම් ඒකකය ඇතුළු එහි මෙහෙයුම් සියල්ල ජනසතු කිරීමටද එතුමා පියවර ගන්නා ලදී. එතුමා ජනසතු කළ ප්‍රථම බස් රථය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ තවමත් ප්‍රදර්ශනයට තබා ඇත.

------ Post added on [DATETIME="UT"]1674575678[/DATETIME]

[QUOTE="neo7x, post: 28543717, member: 231437"] [SIZE=5]එතුමා 1945 සහ 1947 දී නිදහස් පනත මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා පුරෝගාමීව දායක විය. සභානායක ලෙස ඩි. එස්. සේනානායක මැතිතුමා එවක සෝල්බරි ව්‍යවස්ථාව මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ මොහොතේ, එහි සිටි විශාලතම තනි පක්ෂය වූ සිංහල මහා සභාවේ නායකයා ලෙස එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා එම යෝජනාවට සහාය පළ කරන ලදී. වර්ෂ 1946 දී ඩි. එස්. සේනානායක මැතිතුමාගේ ආරාධනයකට අනුව ලංකා ජාතික සංගමය සහ සිංහල මහා සභාව ඇතුළු අනෙකුත් සුළු ජන පදනමේ නියුතු පක්ෂ කිහිපයක් ඒකරාශිව එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීම උදෙසා එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා නොමසුරුව තම දායකත්වය සැපයිය. මෙරට යටත්විජිත වාදයෙන් මුදවා ගැනුමට නම් පොදු සතුරා වන බ්‍රිතාන්‍ය පාලනය පරාජය කිරීම උදෙසා ආරම්භය ගැනීමට දේශපාලනික වශයෙන් එකතු වී කටයුතු කිරීමට තිබු අවශ්‍යතාවය ඔහු හට ඉතා දැඩිව අවබෝධ වී තිබුණි. සෝල්බරි ව්‍යවස්ථා ක්‍රමය යටතේ පැවතී පළමු මැතිවරණයෙන්, අත්තනගල්ල ආසනය වෙත එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදී, එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා එහිදී විශිෂ්ට ජයක් ලබා නව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව වෙත තේරී පත්විය. එම අමාත්‍ය මණ්ඩලයේ ස්වදේශ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම ලබා ගත් එතුමා තම සේවය මැනවින් පිරිනමින් ඉතා ආදර්ශමත් දේශපාලඥයකු ලෙස තම සේවය රට දැයට පිරිනැමිය. එතුමා දේශීය වෛද්‍ය විද්‍යාවේ උන්නතිය උදෙසා ආයුර්වේද රෝහල් ප්‍රචලිත කිරීමට පියවර ගන්නා ලදී. 1950 වසරේ ජිනීවා නුවර පැවති, තුන්වන ලෝකයේ සෞඛ්‍ය සමුළුව සඳහා මෙරට ප්‍රධාන නියෝජිතයා ලෙස එහි සහභාගී වෙමින්, මෙරට සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ලෝක අවධානය යොමු කර ගන්නා ලදී. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් ස්වාධීන වීම උදෙසා නිදහස් කෙටුම්පත සකස් කිරීමේදී එම කාර්ය උදෙසාද එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා තම අසහාය දායකත්වය සැපයීය. එම කෙටුම්පතේ ඇති යම් යම් කරුණු සමඟ ඔහු හදවතින් පුර්ණ ලෙස ඒ මොහොතේ එකඟ නොවුවද, යටත්විජිතවාදී බ්‍රිතාන්‍ය පාලනයෙන් මෙරට මුදවා ගැනීම සඳහා ලැබෙනා යම් ඉඩහසරක් වේද ඒ වෙනුවෙන් ඔහු ඒ සියල්ල යටපත් කර ගැනීමට පෙළඹුණි. 1948 පෙබරවාරි සිවුවැනි දින අප රට නිදහස අත් කරගත් ඒ ඵෙතිහාසික මොහොතේ, එම උත්සව අවස්ථාව අමතා ස්තුති කතාව ඉදිරිපත් කරන ලද්දේද බණ්ඩාරනායක මැතිතුමා විසින්ය. එවක ඉංග්‍රීසි පාලන සමයේ මෙරටට විවිධ වෘත්තීයන් සඳහා රැගෙන පැමිණි, ඉන්දීය සහ පකිස්ථානු ජාතික පිරිස් මෙරට පුරවැසිභාවය ලබා ගැනුමට උත්සහ දරන අවධියක, එය පාලනය කිරීම උදෙසා ලංකා පුරවැසි පනත සෙනෙට් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී බණ්ඩාරනායක මැතිතුමා ඒ උදෙසා තම සහාය නිරතුරුව පළ කරන ලදී. නමුත් යුරෝපිය සංස්කෘතික ක්රමයක ස්වරුපය ගත් පාලන ව්‍යුහය තුළ දේශීයත්වය කරා ප්රමුඛත්වයක් නොලැබෙන බව හා එහි කඩිනම් බවක් නොතිබෙන බැව් ඔහු තරයේ විශ්වාස කළේය. කලෙක පටන් තම චිත්ත ප්‍රසාදයට ලක් නොවූ යම් යම් තීරණ හේතුකොටගෙන 1951 වසරේ ජුලි මස ඔහු එම ඵෙතිහාසික තීන්දුව ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් සහ ඔහුගේ අමාත්‍ය ධුරයන්ගෙන් ඉවත්ව විපක්ෂය කරා ගමන් කළේය. සිංහල මහ සභාවේ තම සමීපතමයින් කිහිප දෙනෙකු සමඟ එක්ව ඔහු 1951 සැප්තැම්බර් 02 වැනි දින සිංහල මහ සභාව විසුරුවා හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති අද මහා වෘක්ෂයක් බඳු පක්ෂයේ පැළය රෝපණය කරන ලදී .[/SIZE] [HR][/HR] [SIZE=5]1956 වසර එතුමන්ගේ ජිවිතයේ තීරණාත්මක වසරක් විය. ඊට වසර 10 කට පෙරාතුව මියගිය තම පියාගේ අවමංගල්‍ය සඳහා බොහෝ වියදමක් දැරීමට සිදුවූ අතර, කෙතරම් ප්‍රභූ පවුලක් වුවද උද්ගත වූ ආර්ථික අර්බුධ හමුවේ තම දේශපාලනික දිවිය ඉදිරියටම රැගෙන පැමිණියේය. 1956 වසරේ මැතිවරණයට මුහුණ දීම සඳහා තම රොස්මිඩ් පෙදෙසේ තිබු නිවස ලංකා බැංකුව වෙත උකස් කරන ලද්දේ රුපියල් ලක්ෂ දෙකක මුදලකටය. එම මැතිවරණය සඳහා මුහුණ දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් කුඩා කම්කරු කණ්ඩායම් පක්ෂ කිහිපයකින් සුසැදිව මහජන එක්සත් පෙරමුණ බිහි කරන ලදී. 1956 වසර මෙරට දේශපාලන ගමන් මග උඩුයටිකුරු කරමින්, මහජන එක්සත් පෙරමුණ, ඉතා විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරන කොට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගත් හෙයින්, අග්‍රආණ්ඩුකාරවරයා විසින් රජයක් පිහිටුවීමට ආරාධනා කරන ලදී. නිදහස් ලංකාවේ සිවුවන අගමැතිවරයා ලෙස 1956 වසරේ අප්‍රේල් මස 12 වැනි දින එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා දිවුරුම් දුන් අතර, නව යුගයක පෙරළිය අරභයා නව කැබිනට් මඬුල්ලක් එතුමා විසින් පත්කර ගන්නා ලදී. [COLOR=rgb(250, 197, 28)]ස්වදේශික ජාතික ප්‍රතිපත්තිය උදෙසා ප්‍රමුඛත්වය ලබා දීම[/COLOR] එතුමාගේ මූලික දේශපාලනික දර්ශනය විය. එතුමා [COLOR=rgb(250, 197, 28)]බ්‍රිතාන්‍ය නාමමාත්රික ධුර සහ ගෞරව නම්බු නාම යන සියල්ල අහෝසි කිරීමට පියවර[/COLOR] ගන්නා ලදී. [COLOR=rgb(250, 197, 28)]සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම[/COLOR] මඟින්[COLOR=rgb(250, 197, 28)] ස්වදේශිකත්වය සඳහා ස්ථාවරයක් නිර්මාණය කිරීම[/COLOR] එතුමාගේ අභිලාෂය විය. නමුත් එමගින් නොසිතු විරු ජාතික ගැටලු රැසක ආරම්භය රැගෙන ආ බැව් නැවත ඉතිහාසය දෙස හැරි බලන කළ පෙනී යන්නකි. එතුමාගේ විදේශ ප්‍රතිපත්තිය වඩාත් නැඹුරු වුයේ, සමාජවාදී බල කඳවුරු වෙතය. ඒ අනුව මහජන චීන සමුහාණ්ඩුව සහ රුසියානු සමුහාණ්ඩුව සමඟ ඉතා යහපත් සහයෝගිතාවයක් එතුමා නිර්මාණය කර ගන්නා ලදී. නිදහස් ලංකාවක් වුවද තවමත් මෙරට රැඳී තිබූ කටුනායක සහ ත්‍රිකුණාමල බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරු ඉවත් කිරීමට එතුමා 1957 දී වහා පියවර ගන්නා ලදී. මෙරට ආර්ථික ප්‍රතිපත්තිය තුළදී එතුමා විසින් සිදුකළ සුවිශේෂි මෙහෙවර ඉතා අගය කළ යුත්තකි. එතුමා [COLOR=rgb(250, 197, 28)]කම්කරු අයිතීන් සුරැකීම උදෙසා[/COLOR] නව නීති සම්පාදනය කරමින්, [COLOR=rgb(250, 197, 28)]කම්කරු වැටුප් ඉහළ නැංවීමට පියවර[/COLOR] ගන්නා ලදී. එමෙන්ම වැඩකරන ජනතාවගේ සුරක්ෂාව උදෙසා [COLOR=rgb(250, 197, 28)]සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කිරීම [/COLOR]සහ [COLOR=rgb(250, 197, 28)]කම්කරු දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ස්ථාපිත කිරීම[/COLOR] එතුමා විසින් ගත් උදාර පියවරයන්ය. ගොවි ජනතාව සහ ඔවුන්ගේ අයිතීන් සුරැකීම උදෙසා [COLOR=rgb(250, 197, 28)]කුඹුරු පනත ගෙන එන ලදී.[/COLOR] 1958 වසරේදී [COLOR=rgb(250, 197, 28)]පොදු ප්‍රවාහනය බලාත්මක කරමින් එය ජනසතු සේවාවක් බවට පත්කළ[/COLOR] අතර [COLOR=rgb(250, 197, 28)]කොළඹ වරායේ බහාලුම් ඒකකය ඇතුළු එහි මෙහෙයුම් සියල්ල ජනසතු කිරීම[/COLOR]ටද එතුමා පියවර ගන්නා ලදී. එතුමා ජනසතු කළ ප්‍රථම බස් රථය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ තවමත් ප්‍රදර්ශනයට තබා ඇත.[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1674575678[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom